Thursday, May 25, 2017

බයිබලයෙන් එහා - 5කොටස [දික්කසාදයක් නිසා උපන් ඇංග්ලිකානු සභාව]


  එංගලන්තයේ කතෝලික පල්ලියට සහ එය දෙසූ දහමට විරුද්ධ ව්‍යාපාරයෙහි මුල් තැන ගත්තේ ජෝන් වෛක්ලීෆ්ගේ අනුගාමිකයන් විසින් සංවිධානය කෙරුණු ලොලාඩ් ව්‍යාපාරයයි. පුනරුද සමයේ ව්‍යාප්ත වූ මානවවාදී අදහස් සහ පල්ලිය තුල ප්‍රචලිතව පැවති දූෂණද එංගලන්තයේ ආගමික ප්‍රතිසංස්කරණයක් සිදු කිරීමේ අවශ්‍යතාව තීව්‍ර කරනු ලැබීය.

  එසේ වුවද එම කතෝලික පල්ලි විරෝධී ව්‍යාපාරයට විධිමත් සැලසුම් සහගත වැඩපිලිවෙලක් හෝ නායකත්වයක් නොවීය. එහෙයින් එංගලන්තයේ පැවතියේ රෙපරමාදු ව්‍යාපාරය ආරම්භවේදෝ නොවේදෝ යන සැකමුසු තත්වයකි. එසේ වුවද අන්තිමට එහි රෙපරමාදු ව්‍යාපාරය ආරම්භ වූයේ එයටම විශේෂිත වූ පසුබිමක් මුල් කොටගෙනය.

  එංගලන්තයේ කතෝලික පල්ලිය බිඳී යාමට හේතු වූයේ අට වන හෙන්රි රජු [1509 - 47] සහ ඔහුගේ පලමු බිසව වන ඇරගන් කැතරින් අතර වූ විවාහය පිලිබඳ මතුවූ ප්‍රශ්නයයි. රාජ්‍ය උරුමය ලබා දීම සඳහා කැතරින් කුමරියගෙන් පිරිමි දරුවෙකු නොලැබුනු අතර , හෙන්රි රජු ඈන් බොලීම් නම් කාන්තාව විවාහ කර ගැනීමට පාප්තුමාගේ අවසරය ඉල්ලා යැවීය. එහෙත් එයට සතුටුදායක පිලිතුරක් නොලැබුණි. තම කරදර කාලයේදී පාප්ගේ ලඟම හිතවතා වශයෙන් සිටි පස් වන චාල්ස් අධිරාජ්‍යයාගේ නැන්දනිය වූ කැතරින් දික්කසාද කිරීමට හෙන්රි රජුට ඉඩ දීම පාප්තුමාට කල නොහැකි විය.
අටවන හෙන්රි රජු. හෑන්ස් හොල්බෙයින් නම් පුද්ගලයා විසින් 1540 දී අඳිනා ලද චිත්‍රයකි.

  එයින් කුපිත වූ රජු එවක් පටන් එංගලන්තයේ රෙපරමාදු ව්‍යාපාරයට නායකත්වය දීමට ඉදිරිපත් විය. එවකට රජුට අවනතව කටයුතු කරන තත්වයක සිටි පාර්ලිමෙන්තුව කැඳවූ හෙන්රි රජු 'ආධිපත්‍ය' පිලිබඳ පනත සම්මත කරවාගෙන එංගලන්තයේ පල්ලි සංවිධාන කෙරෙහි පාප්ට තිබූ අධිකාරී බලය අවලංගු කලේය. තවද එංගලන්ත පල්ලියේ හා පූජකවරුන්ගේ අද්විතීය ප්‍රධානිය හා ආරක්ෂකයා ලෙස රජු පත් කිරීම එම පනත මගින් සිදු කෙරිණි. එසේ වුවද ඇංග්ලිකානු පල්ලියේ ආගමික වත් පිලිවෙත් හා දර්ශනයෙහි වෙනස්කම් සිදු වූයේ ස්වල්ප වශයෙනි.

 සෑම පල්ලියකම බයිබලයේ ඉංග්‍රීසි පිටපතක් තැන්පත් කල අතර එතෙක් භාවිතා කල ලතින් බයිබලය ඉවත් කරන ලදි. අට වන හෙන්රි රජුගේ අනුප්‍රාප්තිකයා වූ හය වන එඩ්වඩ් රජුගේ කාලයේදී ඇංග්ලිකානු පල්ලිය ප්‍රොතෙස්තන්ත ධර්මය දෙසට වඩාත් නැඹුරුවීමක් දක්නට ලැබුණි. එහෙත් උග්‍ර කතෝලිකවාදී මේරි කුමරිය රජවීමත් සමඟ [1553 - 58] ප්‍රොතෙස්තන්තවාදීන් විනාශ කිරීමේ ප්‍රතිපත්තියක් ඉතා දැඩි ලෙස ක්‍රියාත්මක කලේය. ප්‍රොතෙස්තන්තවාදීන් විශාල ප්‍රමාණයක් රටින් පිටුවහල් කල අතර 300ක් පමණ දෙනා පුළුස්සා මරා දමන ලදි.
පලමු එලිසබෙත් රැජිණ 
මේරි රැජිණගේ අනුප්‍රාප්තිකයා වූ පලමුවන එළිසබෙත් රැජිණ අන්තවාදී ප්‍රතිපත්ති අතහැර මැදි පිලිවෙතක් අනුගමනය කල අතර එමගින් ඇංග්ලිකානු පල්ලිය නව මගකට යොමු කලාය. ආගමික වශයෙන් යුරෝපයේ බොහෝ අර්බුධ පැවතියද එංගලන්තයේ අතිශය බිහිසුණු තත්වයක් පැවති වාතාවරණයක වුවද රජ වූ එළිසබෙත් රැජිණ ආගමික සහනශිලී තත්වයක් ඇති කිරීමට සමත් වූවාය.

මූලාශ්‍ර:
ලෝක ඉතිහාසය - බී.වී. රාවෝ
https://en.m.wikipedia.org/wiki/History_of_the_Church_of_England

අද ප්‍රශ්න විදිහට අහන්නේ තුන් තේරවිලි... මේ තුන් තේරවිලි තෝරන්න...

1)පලතුරු තවාන
2)බුදු කුස්සිය
3)තියුනු යහන
4)වී වේලුනා
5)පනහයි දහයයි ඔලුව තියන එකයි
6)පිලිකුල් කකුල
7)කුපාඩියයි පහයි දෙකයි
8)මහත්තයා වහලේ
9)අහස් කෝට්ට
10)නාකි තුහ්
11)අයිස් මිටි
12)සප්ත ස්ථාන

32 comments:

  1. මේකේ කොටස් මුල ඉදලා කියවගෙන එන්න ඕනේ.මේ කොටස තේරුනේ නෑ එච්චර. හප්පා අද තේරවිලි ගොඩයි.දැනටනම් එකකටවත් උත්තර දන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. මේ ලිපි මලාව පිලිවෙලකට නෙමේ ලිව්වේ... විශේෂ තැන් අරගෙන ලිව්වේ... ඊළඟ කොටස් දෙක හෝ තුන කියෙව්වම මේක හරියටම තේරේවි... ඒවයේ තියෙන්නේ ආගමික ප්‍රතිසංස්කරණ ව්‍යාපාර ගැන... ඒ කිව්වේ කතෝලික සභාව කොටස් වලට කැඩුන විදිහ... මේ ලිපියේ තියෙන්නෙත් එහෙම කැඩුන අවස්ථාවක් ගැන...

      Delete
  2. Anglican Gena visthara tawa issarahata liyanwada? Theruna madi matat, reparamadu protestant kyana dekama ekakda mithila?

    ReplyDelete
    Replies
    1. ඊලඟ කොටසෙ පැහැදිලි කරලා ලියන්නම්... එකක් නෙමේ දෙකක්...

      Delete
  3. Pentecostal church genat liyanna mithila

    ReplyDelete
  4. ලංකාවෙ ගෑනු ගෙවල්වල කිස්සි මුල්ලට වෙලා ඉන්න කාලෙ එංගලන්තෙ ගෑනු රට පාලනය කරල.

    ReplyDelete
    Replies
    1. ලංකාව පාලනය කරපු ගෑනු අය නොහිටියාම නෙමේ ඇනෝ...

      Delete
    2. https://si.m.wikipedia.org/wiki/අනුලා_රැජිණ

      Delete
  5. Wolf Hall & Bring up the bodies
    By Hillary Mantel

    ReplyDelete
  6. ඔය වගේ බෙදිලා බෙදිලා ගිහින් අද වෙනකොට ක්‍රිස්තියානි නිකායවල් 30000 කට වැඩිය තියනවා කියනවා..
    සවර්ගීය තානාපති කාර්යාලය තියෙන්නෙ කඳානෙ. ස්වර්ගෙ යන්න වීසා ගන්න බලාපොරොත්තු වෙන අය එහෙට යන්න...

    ReplyDelete
    Replies
    1. නිකායවල්නන් අම්බානෙකට තියෙනවා දැන්... ඒත් ඔය එකකින්වත් හරිහමං විදිහට ආගම උගන්නන්නෑ... කඳානෙ කොහෙ වගේද තියෙන්නේ... මමත් ඔය කිට්ටුව හන්දා තැන ගැන දන්නවා ඇති...

      Delete
    2. Nsb එකට එහා පැත්තෙ වගේ මතක. මිථිල ඒ කිට්ටුවෙද? මම තුඩැල්ලෙ..

      Delete
    3. මමත් තුඩැල්ලෙ ඉන්නෙ... ben food එක ඉස්සරහා පාරෙන් එහා පැත්තෙ පාරක් තියෙනවනේ ඇතුලට... ඒ පාරෙ...

      Delete
    4. හැක්....බලාගෙන යනකොට නේර්බර්ස්ලනේ..හෙහ් හෙහ්..බොහොම සන්තෝශයි...බොහොම සන්තෝශයි... :D

      Delete
  7. එල
    මේ ඉතිහාස කතාවන් එක්ක පුලුවන්ද ෆ්‍රීමේසන්ලගේ තියෙන සම්බන්ධය පැහැදිලි කරන්න
    කිතුනු පල්ලිය හෝ කිතුසනු සම්ප්‍රධාය එක්ක ඔවුන් ගේ සම්බන්ධයක් තියේද මිතිල

    ReplyDelete
    Replies
    1. මේ කතාකරන්නේ 16 වන ශතවර්ෂයේ සිද්ධවුන ප්‍රතිසංස්කරණ ව්‍යාපාර ගැන... ෆ්‍රීමේසන්ලට ඔයිට වඩා ඉතිහාසයක් තියෙනවා... මෙයාලා ඇතිවුනේ මෙහෙමයි...පලමු කුරුස යුද්ධයට සහභාගි උනා හෙන්රි සින්ක්ලෙයාර් හා පයෑන් කියන රජවරු දෙන්නෙක්... මෙයාලා ආපහු එද්දි වෙනස් කලින් හිටියට වඩා වෙනස් වෙලා හිටියා කියලා කියනවා... මෙයාලා හදාගන්නවා නයිට්ස් ටෙම්ප්ලර්ස් කියන සංවිධානයක්... මේක මුදල් යහමින් තිබ්බා... මේක තමා කාලයක් යද්දි ෆ්‍රීමේසන් උනේ... 17 වෙනි ශතවර්ෂය වෙද්දි මේක තහනමට ලක්වුනා... දැන් රහසින් තමා මේවා කෙරීගෙන යන්නේ... මේකත් අර් ඉලුමිනාටි වගේ සීන් එකක්... උඩ ලියලා තියෙන ප්‍රතිසංස්කරණ ව්‍යාපාරත් එක්ක මේකට සම්බන්ධයක් නෑ...

      Delete
    2. කිතුනු සම්ප්‍රදායත් එක්ක නෑකමක් නන් තියෙනවා... ලුසිෆර්ව අදහන කට්ටියක්... මෙයාලගේ බයිබලයේ විදිහට තියෙන්නේ මොරාල්ස් ඇන්ඩ් ඩොග්මා කියන පොත... මෙයලට වෙනම හස්ත සංඤා එහෙම් තියෙනවා...

      Delete
    3. ෆ්‍රී-මේසන් යනු අඩු ආදායම් ලබන ජනතාවගේ නිවාස නොමිලයේ තනාදීම සඳහා ස්වේච්චාවෙන් ඉදිරිපත් වන මේසන් බාස් වරු ලියාපදිංචි කිරීම සහ සැපයීම කරන රාජ්‍ය නොවන සංවිධානයකි. එය සහ කිතුනු පල්ලිය අතර කිසිදු සම්බන්ධයක් නැත.

      Delete
    4. Dear All

      මා දන්නා පරිදි ෆ්‍රී මේසන් ලා සර්වබලදාරී දෙවියන් කෙනෙකු විශ්වාස කලද, පල්ලි වල සියලු මූර්ති කලද, ඔවුන් ක්‍රිස්තියානි පල්ලියට ඒ තරම් සම්බන්දයක් හෝ යාලුකමක් නැත.

      - සරස

      Delete
    5. @ Thinkspace (සිතුම් අවකාශය) /
      වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )

      ඇනෝලා වැරදියි, ඩියෝන් මිතිල/ සරස හරි මචන්ලා....

      ෆ්‍රී මේසන්රි කියන්නේ ආචාර ධර්මවලින් සපිරි මනුෂ්‍යයන්ගෙන් සමන්විත සංගමයක්. මේකේ සාමාජිකයෝ විශ්වාස කරන්නේ සම්මා දිට්ඨිය මගින් මනුෂ්‍යයා යහපත් ගති පැවතුම් ඇත්තෙක් බවට පත්වෙන බවයි. ෆ්‍රී මේසන්ස්ලාගේ පරමාදර්ශ වන්නේ නිදහස, සමානාත්මතාව, සහෝදරත්වය, ඉවසිලිවන්තභාවය සහ දයානුකම්පාභාවය.

      ෆ්‍රී මේසන්ලා එක් රැස් වෙන්නේ 'ලොජ්' යනුවෙන් හැඳින්වෙන ශාලාවකයි. ඒ සෑම ලොජ් එකකටම නමක් තියනවා. මම අයිති වන්නේ ටිල්බරි ලොජ් එකට.

      අජිත්,
      මිඩ්ල්සෙක්ස්, ග්‍රේටර් ලන්ඩන්.

      Delete
  8. රෙපරමාදු ව්‍යාපාරයයි ඇන්ග්ලිකන් පල්ලියයි වෙනස් නේද? කොහොමද ඇන්ග්ලිකන් පල්ලිය මුලින්ම බිහි වුනේ? මම තේරුම් ගත්තා වැරදිද මන්දා

    ReplyDelete
    Replies
    1. රෙපරමාදු ව්‍යාපාරය නිසා තමා ඇංග්ලිකානු සභාව ඇතිවුනේ...

      Delete
  9. ලිපියට ස්තූතියි.
    පිළිතුරු.
    2. පැණිමුල
    5. කොට හැට්ටය
    7. හලාවත
    8. පාර්සලේ
    10.කෙහෙල්මල

    ජයවේවා!!!

    ReplyDelete
  10. අදවනවිට මේ ලෝකයේ පවතින දරුණුම විදියට අන්‍ය සංස්කෘති මර්ධනය කරන සංස්කෘතිය වන්නේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියයි.
    බලන්න උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය දෙස, ඇය තම ලමාවිය ගතකලේ මුස්ලිම් රටක නමුත් ඇය මුස්ලිම් සංස්කෘතියට යටවුනේ නෑ. ඇය 100% සිංහල කාන්තාවක්.
    ප්‍රංශය ඉතාලිය වැනි අනෙකුත් ක්‍රිස්තියානි රටවල වසන්නන්ටත් තම සංස්කෘතිය යම් තරමකට රැකගන්න අවස්ථාව පවතිනවා.
    නමුත්,
    බිරිතානිය, ඔස්ට්‍රේලියාව, ඇමරිකා එක්සත් රාජ්‍යය වැනි ඇංග්ලිකන් සංස්කෘතික ආධිපත්‍යය ඇති රටක වසන සිංහලයෙක්ට තම දරුවන් තම වාර්ගික අනන්‍යතාවයන්ට අනුව හදාගැනීමට ඉතා දුෂ්කරයි.
    ලංකාවෙත් පවතින්නේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යයක්.
    ලංකාවේ සිංහලබෞද්ධ සංස්කෘතියේ ඇති සුවිශේෂී භාවය නොපිළිගන්නා සෑම පුද්ගලයෙක්ම ඇංග්ලිකන් සංස්කෘතියේ ගැත්තන් ලෙස සැලකිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. අනේ බූරුවො දන්න දෙයක් කියපන්. ඕස්ට්‍රලියාව ඇමරිකාව කියන්නෙ ආගම් ඕන කෙනෙක්ට තමන්ට ඕන විදිහට ජීවත් වෙන්න පුලුවන් රටවල්. එයාල විරුද්ධ මුස්ලිම් අන්තවාදින්ට විතරයි. එහෙ තමන්ට ඕන ආගමක් අදහන්න නිදහස තියනව. අනිත් කාරණේ එහෙ මිනිස්සු ඔය කියන අන්තවාදි කතෝලිකයො නෙමේ. කතෝලික ආගම අදහන්නෙත් එහෙ රටවල සුලු පිරිසක්. හුගක් අය නිරාගමිකයි. එහෙ ඉස්කෝලවල කිසිම ආගමක් උගන්නන්නෙ නෑ. උඹල මෙහෙ ඉදන් හීන දකිනව. දන්නෙ නැත්තන් අහපන් ඕස්ට්‍රලියාවල ඉන්න එකෙක්ගෙන්.

      Delete
    2. Jagath Pathirana is correct. I lived (studied) in Australia couple of years ago & this Anglican cultural terrorism is a headache.

      Ano 8.40 AM

      Jagath is mentioning about the cultural influence, not merely religious beliefs. Even that Atheism/ irreligionism (irreligious belief) also part of Anglican cultural heritage. (ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතිය - not ආගම)

      Delete
    3. @පලවෙනි ඇනෝ... ජගත් කියලා තියෙන්නේ ආගමේ තියෙන වරදක් ගැන නෙමේ... ඇංග්ලිකානු සභාවත් එක්ක ඇතිවුන සංස්කෘතිය ගැන... ඇංග්ලිකානු සභා සංස්කෘතිය විසින් අන්‍ය සංස්කෘති මර්ධනයක් කරනවා තමා... ඒක මමත් අත්දැකීමෙන්ම දන්නවා... ඒත් අමතක කරන්න හොදනෑ මේවට විරුද්ධව කතා කරපු හා කතා කරන පියතුමන්ලා ඇංග්ලිකානු සභාව තුල ඉන්නවා කියන එක...

      Delete
    4. "වාර්ගික අනන්‍යතාවය"

      මේ කතා කරන්නේ බොහොම භයානක විෂ භීජයක් ගැන. එහෙව් විෂ භීජයක් ‍රැකගන්නෙ මොන කෙහෙම්මලකටද?

      Delete
  11. "හිටපු" ඇංග්ලිකානුවෙක් ලෙස පැවසිය යුත්තේ වර්තමාන ඇංග්ලිකානු සභා‍වේ වත් පිළිවෙත් කතෝලික සභාවෙන් වෙනස් වන්නේ මඳ වශයෙන් බවයි. අනෙකුත් රෙපරමාදු නිකායන් හා සසඳන විට කතෝලික වත් පිලිවෙත්වලට වඩාත්ම සමානතාවක් දක්වන්නේ ඇංග්ලිකානු සභාව විය හැකියි.

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...