Sunday, May 28, 2017

බයිබලයෙන් එහා -6 කොටස [කතෝලික පල්ලිය පරිහානියට පත් වීම]


  16 වෙනි සියවස තුල සිදුවූ ආගමික ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය නිසා එතෙක් පැවති කතෝලික පල්ලිය බෙදී විවිධ නිකායන්වලට වෙන් විය. මෙම ප්‍රතිසංස්කරණ ව්‍යාපාර වල අරමුණ වූයේ කතෝලික පල්ලිය විවිධ සංශෝදනයන්ට භාජනය කිරීමය. මෙම අවධිය වන විට කතෝලික පල්ලිය විවිධ දෝෂාරෝපණයන්ට ලක් වූ අතර පාප්තුමා අතින් වරදක් නොවන බව පිලිගනු ලැබීය. එම නිසා රජයත් මහ ජනතාවත් පාප්තුමාට අවනතව කටයුතු කල යුතුව තිබූ අතර පාප්තුමාට විරුද්ධව වචනයක්වත් පැවසිය නොහැකි විය. එසේ පැවසුවහොත් එය පාපයක් ලෙස සලකනු ලැබීය. රජයේ ඒකාධිකාරීත්වයට පාප්තුමා ඍජුව මැදිහත් වූ නිසා එකල රජවරුන් මහත් අසීරුතාවයකට පත්ව සිටියේය. මෙතරම් බලවත්ව සිටි කතෝලික පල්ලිය දෙදරා යාමට හේතු සොයා බැලීම වටී. මෙම ලිපියෙන් ඒ පිලිබඳ සාකච්ඡා කෙරේ.

  එක්තරා අවධියකදී පාප් ධූරය හෙබවූ සියලු දෙනා ප්‍රංශ ජාතිකයන් විය. 1309 දී පස් වන ක්ලෙමන්ට් පාප්තුමාට රෝමය අතහැර ප්‍රංශයේ ඇවිග්නොන් නගරයේ පදිංචි වන ලෙස ප්‍රංශ රජු බල කලේය. 1377 තෙක් පත්වූ පාප්වරුන් ජීවත් වුයේ මෙම නගරයෙහිය.
V වන ක්ලෙමන්ට්
මෙම කාල වකවානුව බැබිලෝනියන් අත්තඩංගුව යැයි හදුන්වනු ලැබේ. කෙසේවෙතත් 1377 දී XI වන ග්‍රෙගරි පාප්තුමා රෝමයේ වාසයට පැමිණේ. ඉන් වසරකට පසු එ 1378 දී ඔහු මියයයි. ඉන්පසු රෝමය මුල් කරගෙන නව පාප්තුමෙකු පත්කරගත් අතර ඔහු VI වන අර්බන් නම් විය. මේ වන විට පාප් ධූරය සදහා තිබූ ප්‍රංශ ආධිපත්‍ය අවම කිරීමට VI වන අර්බන් පාප්තුමා ක්‍රියාකල අතර සමහර කාදිනල් වරු මෙයට විරුද්ධ විය. එහි ප්‍රතිපලය වූයේ VI වන අර්බන් පාප් ධූරයේ සිටියදීම VII වන ක්ලෙමන්ට් නමින් නව පාප්වරයෙක් පත් වීමයි. ඔහු ඇවිග්නොන් නගරය මුල් කරගෙන පාප් ධූරය හෙබවීය.

 1389 දී VI වන අර්බන් පාප්තුමා මියගියායින් පසු IX වන බොනිෆස් පාප්තුමා පත්විය. 1394 දී VII වන ක්ලෙමන්ට් පාප්තුමා මියගියායින් පසු XIII වන බෙනඩික්ට් පාප්තුමා පත් විය. 1404 දී IX වන බොනිෆස් පාප්තුමා මියගියායින් පසු VII වන ඉනසන්ට් පාප්තුමා පත් විය. 1406 දී ඔහු මියගිය පසු XII වන ග්‍රෙගරි පාප්තුමා පත් විය.
XIII වන බෙනඩික්ට් 

  මේ වන විට කතෝලික සභාව ඇද වැටී තිබෙන ආගාධයෙන් බේරීමට ක්‍රියාමාර්ග ගැනීමට 1409 දී ඉතාලියේ පීසා හිදී සමුළුවක් පැවැත්විනි. මෙහිදී නව පාප්තුමෙකු පත් කල අතර V වන ඇලෙක්සැන්ඩර් විය. එනමුත් මේ තීරණයට අනෙක් පාප්වරුන් දෙදෙනා වන XII වන ග්‍රෙගරි සහ XIII වන බෙනඩික්ට් පිලි නොගත්තේය. මේ හේතුවෙන් එකම කාලයකදී පාප්වරු තිදෙනෙක් ජනතාව පාලනය කලේය.

මෙසේ පාප්වරුන් තිදෙනෙක් එකවර පත් වී ක්‍රිස්තු භක්තිකයන්ගේ පක්ෂපාතීත්වය තමන්ට ලබා දෙන ලෙස ඉල්ලා සිටීම නිසා පාප්ධූරයේ ගෞරවනීයත්වය දෙදරා ගියේය. කෙසේ නමුත් 1417 වන විට රෝමය මුල්
XII වන ග්‍රෙගරි
කරගෙන එක් පාප්වරයෙක් පත් කර ගත්තද පාප්ධූරයට සිදුවූ හානිය පිලිසකර කරගත නොහැකි විය.

 මධ්‍යකාලීන අවධිය වන විට කතෝලික පල්ලියට විශාල වශයෙන් වස්තුව හා දේපළ අයිතිව තිබුනේය. ඔවුන් එය තවදුරටත් වැඩි දියුණු කරගනිමින් සිටියේය. සෑම කිතුනු පවුලකින්ම පීටර්ස් පෙන්ස් නම් වූ බද්දක් සහ පවුලේ ආදායමින් 1/10 ක ටයිත් නම් වූ බද්ධක් අය කරන ලදි. පාප්වරුන් ඉතා සුඛෝපභෝගී ජීවිතයක් ගත කල අතර ඔවුන්ගෙන් ඉටු විය යුතු සේවාවන් කිසිවක් සිදු නොවීය.

  යුරෝපයේ සිටි පාලකයෝ පල්ලිය තුල වර්ධනය වෙමින් තිබූ ධනය ගැන ඉතා අවධානයෙන් බලා සිටියේය. ඔවුන්ට එම ධනයට බද්දක් අය කිරීමට නොහැකි විය. ආගමික වශයෙන් වැරදි කල අයට වෙනමම උසාවියක් කතෝලික පල්ලිය විසින් පවත්වාගෙන ගියේය. පල්ලිය ක්‍රියාකාරීත්වය පිලිබඳ දොස් පැවරූ අයව කනුවක ගැට ගසා පුළුස්සන ලදි.
ශාන්ත පීතර දෙව්මැදුර 

 එංගලන්තය, ප්‍රංශය, ස්පාඤ්ඤය වැනි බලවත් ජාතික රාජ්‍ය නැග ඒමත් සමඟ ප්‍රථම වරට කතෝලික පල්ලියට එරෙහිව අභියෝග එල්ල කල හැකි ප්‍රබල සතුරෙකු බිහි විය. එම රටවල්වල ක්‍රියාත්මක වූ කතෝලික පල්ලියේ ආධිපත්‍යට එම රාජ්‍ය පාලකයෝ විරුද්ධ වූයේ එවැන්නක් පැවතීම තම රාජ්‍යයේ අභිවෘද්ධියට හානියක් වන බව පසක් කරගත් නිසාය. මෙම පාලකයෝ විවිධ ක්ෂේත්‍ර තුලින් පල්ලියේ බලතල අඩු කිරීමට සමත් විය.
 
 රෙපරමාදු ව්‍යාපාරය ආරම්භ වීමට ආසන්න කාලයේදී කතෝලික පල්ලිය ලෞකිකත්වයට නැඹුරු වීම දක්නට ලැබුණි. ජනතාව මෙයට වඩාත් නැඹුරු වූයේ වෙළඳ කටයුතු වර්ධනය වීම නිසාවෙනි. කතෝලික පල්ලියද ධනය රැස් කිරීමේ කටයුතු වල නිරත විය. පල්ලියෙන් අය කරන ලද බදු දෙස සාමාන්‍ය ජනතාව බැලුවේ අවඥා සහගතවය. පල්ලියේ යම් ප්‍රතිසංස්කරණයක් සිදු වුවහොත් පල්ලියට අයිතිව තිබූ ඉඩම් වලින් කොටසක් තමන්ටත් ලබා ගත හැකි වනු ඇති බව ජනතාව විශ්වාස කලේය.

 12 වන සියවස මුල් කාලයේ සිටම පල්ලි සංවිධානයයට එරෙහිව ව්‍යාපාර සංවිධානය විය. මොවුන් සක්‍රමේන්තු චාරිත්‍රවලට හා පූජක පන්තියට තදබල ලෙස පහර ගැසූහ. මේවා මැඩපැවැත්වීම සඳහා පාප්වරු විවිධාකාර වූ පියවරවල් අනුගමනය කරන ලදි. 1328 සිට 1384 අතර
ජෝන් වයික්ලීෆ්
ජීවත් වූ ජෝන් වෛක්ලීෆ් පූජක පන්තිය ඇතුලු පල්ලියේ ක්‍රියාකාරකම් බොහොමයක් විවේචනය කලේය.
 
  ජෝන් වයික්ලීෆ්ගේ අනුගාමිකයන් ලොලාඩ්වරු ලෙස හැදින්වීය. ජෝන් වයික්ලීෆ් විසින් බයිබලය ඉංග්‍රීසියට පරිවර්තනය කරන ලදි. මෙයටද බොහෝ දෙනා විරුද්ධ විය. පූජක පන්තිය විසින් බයිබලයේ කොටස් තම තමන්ගේ වාසියට අර්ථකතනය කර ජනතාවට ප්‍රකාශ කලේය. මෙසේ බයිබලය පරිවර්තනය වීමට ප්‍රථම සාමාන්‍ය ජනතාවට බයිබලයේ අඩංගු දෑ ගැන දැනගැනීමට සිටියේ පූජක පන්තිය පමණක් වූ බැවින් පූජක පන්තිය මෙයින් බොහෝ ප්‍රයෝජන ලබා ගත්තේය. බයිබලය ඉංග්‍රීසියට පරිවර්තනය වී සාමාන්‍ය ජනතාව අතට පත්වීම එකල පූජක පන්තියට බලවත් පහරක් වීය. පූජකවරයෙකු හා විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙකු වූ ජෝන් හස් [ 1369 - 1415 ]ව හා සවනරෝලා [1452 - 98 ] පුළුස්සා මරා දමන ලද්දේ පල්ලියේ වැරදි මැඩලීමට උත්සහ ගත් නිසාවෙනි.

  පල්ලියේ කටයුතුවල වූ දූෂිත තත්වය හෙලා දකිමින් විවේචනය කල ශ්‍රේෂ්ඨතම මානවවාදී විද්වතා වූයේ ඉරාස්ටස්ය. ඔහු පල්ලියට විරුද්ධව එළිපිට කැරළි ඇති කලේ නැත. ඔහුට උවමනා වූයේ පල්ලිය තුලින්ම මෙයට විරුද්ධව යම් බලවේගයක් ඇති කිරීමය.

  19 වන ලියෝ පාප්තුමා විසින් ශාන්ත පීතර දෙව්මැදුරේ විශාල ශාලාවක් ඉදි කිරීම සඳහා මුදල් එකතු කිරීමේ ව්‍යාපාරයක් දියත් කලේය. මෙහිදී ඔවුන් පුණ්‍යපල පත්‍රිකා විකිණීමට පටන්ගත්තේය. එම පුණ්‍යපල පත්‍රිකා මිලදී ගන්නා අයෙකුගේ සියලු පව් කමා වන බව පවසන ලදි. ජර්මනියේ පුණ්‍යපල පත්‍රිකා විකිණූ මෙට්සල් හා මාටින් ලූතර් අතර ඇතිවූ සංවාද නිසා 1517 දී ආගමික විප්ලවයක් ඇති විය.

 මාටින් ලූතර් විසින් නායකත්වය ලබා දුන් ජර්මනියේ ප්‍රොතෙස්තන්තවාදී ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය පිලිබඳ ඊලඟ ලිපියෙන් සාකච්ඡා කෙරේ.

මූලාශ්‍ර :

1)ලෝක ඉතිහාසය -බී.වී.රාවෝ

2) http://aagiyakatha.blogspot.com/2013/03/blog-post_24.html?m=1

3) https://www.britannica.com/topic/Roman-Catholicism/The-age-of-Reformation-and-Counter-Reformation

4) https://en.m.wikipedia.org/wiki/Christianity_in_the_16th_century

5) http://m.christianity.com/church/church-history/centuries/16th-century-11631975.html

මේවටත් උත්තර දුන්නනන්;

1) " මගේ සීයා ඔටුවෙක් පිටේ ගියේ , මගේ තාත්තත් ඔටුවෙක් පිටේ ගියේ, මම පදින්නේ Mercedes රථයක්, මගේ පුතා පදින්නේ Land Rover රථයක්, එයාගේ පුතාත් Land Rover රථයක් පදීවි, හැබැයි එයාගෙත් පුතා ඔටුවෙක් පිටේ යාවි." මෙහෙම කිව්වේ කව්ද?

2) 14 වන සියවසේ මහාමාරිය රෝගය ව්‍යාප්තියට පාප්වහන්සේ කෙනෙක්ගේ ක්‍රියාපිලිවෙතක් හේතු වුනා... මේ ක්‍රියා පිලිවෙත මොකක්ද? පාප්වහන්සේ කව්ද?

3) මයිකල් ජැක්සන්ගේ Black or White ගීතයේ ඉන්න කාන්තාව නර්තනයේ යෙදෙන්නේ කිනම් නැටුම් වර්ගයකින්ද?

37 comments:

  1. පේනවනේ ! මේ ඔක්කොම බොරුකාරයෝ.. දෙවියන්ව ඉස්සරහට දාගෙන තමන්ගෙ බඩගෝස්තරේ හදා ගන්න බිහිවෙච්ච සංවිධාන මේවා. එක එකා මරාගෙන උඩට මතුවෙන්න දගලන්නේ ඒකයි. වර්තමාන පාප්ධූරයනම් අපිට පෙන්වන්නේ දෙවියන් එක්ක ( එහෙම කෙනෙක් ඉන්නවනම්) ඔහොම මෙහෙම, ඔහොම මෙහෙම ඉන්න, දෙවියන්ගේ මේ ලෝකේ නියෝජිතයා වගේ. පාපුන්නන්සෙත් අහිංසක, කරුණාබර මූන දාගෙන ලස්සනට රඟපානවා..

    "පාප්තුමාට විරුද්ධව වචනයක්වත් පැවසිය නොහැකි විය. එසේ පැවසුවහොත් එය පාපයක් ලෙස සලකනු ලැබීය. "
    "එම පුණ්‍යපල පත්‍රිකා මිලදී ගන්නා අයෙකුගේ සියලු පව් කමා වන බව පවසන ලදි."

    මේවා තමා මිනිස්සුන්ව මුලා කරන්න දාගන්න ප්‍රයෝග. පාපය, අපාය, මරණීය දඬුවම්.. ඔය ඔක්කොම උන්ගේ පැවත්මට හදාගත්තු විකාර. බුද්ධාගමෙත් එහෙමයි. පටන් ගන්නෙම අපාය, නිරය, ලෝදිය හැලිය, ක‍ටු ඉඹුල පෙන්නලා.. තෙරුවන් අති පූජනීයයි. වචනයක්වත් කිව්වොත් විනාසයි. ඒගොල්ලො කියන ඔක්කොම ඇත්ත. තෙරුවනට දානෙ දෙන එක තමා උතුම්ම පින් කම.. තමන්ගෙ පැවත්ම හැමෝම ලස්සනට සහතික කරගෙන තියනවා...

    ReplyDelete
    Replies
    1. ලස්සනම කතාව හාමුදුරුවරුන්ට විරුද්ධව මොනවහරි කිව්වොත් පවු කියන එක. මොන බලු වැඩ කරන කෙනෙකුට විරුද්ධව වුනත් යමක් කියන්න බෑ කහපාට යුනිෆෝම් එක නිසා. මේව ඔක්කොම තක්කඩිකමට හදාගත්ත තර්ක. කවුරු කිව්වත් මොන පොතේ තිබුනත් මේව උන් උන්ගෙ වාසියට ගොතපු බොරු. කොයි ආගමේ වුනත් පූජකය කියන්නෙ හොරා.

      Delete
  2. නිදහස් ආගමික පරිසරයක් තිබුන යුරෝපයෙ මේ තරම් ප්‍රතිගාමී ආගමික අධිකාරයක් බිහිවූ හැටි අරුමයි. මෙහෙම කියනකොට කෙනෙක් කියාවි නිදහස් නම් කිතුනුවන් මර්ධනය කලේ කොහොමද කියා. නීරෝ වැනි යුගවල කිතුනුවන් මුහුන දුන් මර්ධනය වෙන ආගමිකයන් වින්දෙ නෑ.හේතුව කිතුනුවන්ගෙ නොපනත්කම් කියලයි මට හිතෙන්නෙ.
    කිතුනුවන්ගෙ අන්තවාදී ආගමික භක්තිය යුරෝපය කැළැඹුවා. මේ අන්තවාදය යුරෝපීයයා මුලින්ම දුටුවෙ යුදෙව්වන්ගෙන්. යුදෙව්වන්ට පීඩා කලෙත් ඔවුන්ගෙ දේවාලය වැනසුවෙත් ඒකයි.
    නමුත් අන්තිමේදි යුරෝපීයයාත් ඔවුන් පිලිකුල් කල අන්තවාදයෙම ගොදුරක් වුනා.
    එහි ප්‍රතිපලය මධ්‍යතන අන්ධකාරය. මට හිතෙන්නෙ යුරෝපයෙ පල්ලියෙ ජයග්‍රහනය මානව සංහතියෙ පරාජයක් කියල.

    ReplyDelete
    Replies
    1. ක්‍රිස්තුස් වහන්සේගේ මරණයෙන් පසුව මුල් සියවස් කිහිපය කිතුනු සභාව හරි මාර්ගයේ ගමන් කරා. ඒ කාලයේ සභාව තුල සමාජවාදී ලක්ෂණ තිබුනා. නමුත් ඉන් පසුව ක්‍රිස්තියානියට රාජ්‍ය අනුග්‍රහය ලැබුනා.එය තමයි සභාවේ අවසානය. පිළිම වන්දනාව සභාව තුලට පැමිණියේ ඉන් පසුවයි. පසු කලෙක ධනය මුල් කර ගත් රාජ්‍යයක මට්ටමට ක්‍රිස්තියානි සභාව පිරිහුණා.

      Delete
  3. 1. Rashid bin Saeed Al Maktoum
    2. සාතන්ගේ මීඩියම් එකක් කියලා බළලුන් මැරීමෙන් මීයන් බෝවෙලා බ්ලැක් ඩෙත් හෝ බියුබොනික් ප්ලේග් වසංගත පැතිරුනා කියලා මතයක් තියනවා

    කියවන්නම ඕනෙ පොතක් - https://www.goodreads.com/book/show/638250.The_Bad_Popes

    ReplyDelete
  4. ඉතිහාසය පිළිබද පර්යේෂණ ලිපියක්.

    ReplyDelete
  5. ඉස්සර ක්‍රිස්තියානි විශ්වාසයක් තිබුනද, නෑම පාපයක් කියලා.
    රොබින්හුඩ් ටෙලි නාට්‍යයේ විලියම් කුමාරයගේ ලේකම් වරයා කියනවා,
    "රිචඩ් කුමාරයගේ සමහර පුරුදු ඉතා අසාමාන්‍යයි. ඒත් ඒවා ප්‍රශ්නකරන්න එපා.
    උදාහරනයක් හැටියට එතුමා සතියට දෙපාරක්ම නානවා"
    ඒක අහලා ගිස්බන් බයවුනා

    ReplyDelete
  6. උත්තර ටිකත් දියන්කො
    කතක් වගේ නැටුමක්ද 3 නටන්නෙ

    ReplyDelete
  7. Machan Dyone Mithila,

    1) " මගේ සීයා ඔටුවෙක් පිටේ ගියේ , මගේ තාත්තත් ඔටුවෙක් පිටේ ගියේ, මම පදින්නේ Mercedes රථයක්, මගේ පුතා පදින්නේ Land Rover රථයක්, එයාගේ පුතාත් Land Rover රථයක් පදීවි, හැබැයි එයාගෙත් පුතා ඔටුවෙක් පිටේ යාවි." මෙහෙම කිව්වේ කව්ද?

    Answer;

    :Sheikh Rasheedh Ibn Sa'eedh Al Maktoum", the father of the development of state of Dubai.

    His famous line, "My grandfather rode a camel, my father rode a camel, I drive a Mercedes, my son drives a Land Rover, his son will drive a Land Rover, but his son will ride a camel", reflected his concern that Dubai's oil, which was discovered in 1966 and which began production in 1969, would run out within a few generations. He therefore worked to develop the economy of Dubai so that it could survive after the end of oil production, and was a driving force behind a number of major infrastructure projects to promote Dubai as a regional hub for trade. If you visit Dubai, you could see how his dreams come true. What a brilliant visionary leader? Compare Dubai with Saudi Arabia etc. You'll see the difference. Sri Lanka hardly needs such visionary & capable leader.

    ReplyDelete
  8. මට මතකයි පණ්ඩිත් ෙන්රු ඉන්දිරාට ලියපු ලිපිවල ෙම් ඉතිහාසය සඳහන් වනවා - ෙන්රු නම් ඒය ලියන්ෙන් තම නිර්අාගමික දෘෂ්ඨිෙය් පිහිටායි

    ReplyDelete
  9. තුන්වන ප්‍රශ්නයට පිලිතුර ඔඩිස්සි. මෙය ඔරිස්සා ලෙසද හදුන්වයි. ඔරිස්සා ප්‍රාන්තයට අනන්‍ය වූ නර්තන ක්‍රමයකි.

    ReplyDelete
  10. Weradda agame Neme, minisunge aakalpa,thamange waasiya venuwen aagama ho darshanaye karunu vikurthi krana ekai me naayakain kyna aya krnne,
    Wedagat lipiyak tawat
    👌👌

    ReplyDelete

  11. morphvox-pro-crack
    can be just really a robust Voice changer program. It's a complex and renowned voice switching application. It's a tool that may transform your music online.
    new crack

    ReplyDelete

  12. pixellu-smartalbums-crack is a simple and intuitive album design software for photographers. SmartAlbums puts thousands of professionally designed templates at your fingertips while giving you full creative freedom.
    freeprokeys

    ReplyDelete
  13. Thanks for this post, I really found this very helpful. And blog about best time to post on cuber law is very useful. anymp4-video-converter-ultimate-crack

    ReplyDelete

  14. Thanks for sharing such great information, I highly appreciate your hard-working skills which are quite beneficial for me. tunepat-inc-amazon-video-downloader

    ReplyDelete
  15. Wow, this is a fantastic blog layout! How long are they allowed to remain in their current state?
    Have you ever kept a blog of your own? You made it simple to blog.
    Everything about your website is fantastic, not to mention the content.
    rocket league pc crack
    windows 10 home crack
    guitar pro crack

    ReplyDelete
  16. Your writing and structure have greatly impressed me.
    blog Was this something you purchased, or did you make the changes yourself?
    Whatever the situation may be, the most important thing is to listen to new music with high-quality lyrics.
    It's rare to come across a blog of this calibre today.
    synthesia crack
    pinnacle studio 24 crack
    easeus mobisaver crack
    sidify music converter crack

    ReplyDelete
  17. MyDraw 5.0.2 Crack is a program that assists individuals with further developing their composing abilities. It has been generally welcomed by PC clients who have viewed it as a compelling instrument in further developing exactness and speed.

    ReplyDelete
  18. I have joined your RSS feed and look forward to some of your best posts.
    Also, I have shared your site on my social network. Wow, amazing blog design! How long have you been blogging?
    you make blogging easier. The subject matter is something that few men and women talk about logically.
    seo powersuite crack
    windows movie maker crack

    ReplyDelete
  19. Fortunately, I stumbled upon your site (crashed).
    I ordered the latest book! I have visited various blogs, but music videos are available on this very good site. Your style is very different from my other people's style.
    english short stories with moral value english stories

    ReplyDelete
  20. Hello friends, your wonderful article on the subject of learning and well explained, keep up the good work. Hello friends a good and offensive note is mentioned here for me
    I love it. Surprised, I have to admit. Rarely do I find a blog that is similarly informative and entertaining, and
    Sure enough you hit a nail in the head.
    ashampoo anti virus crack
    winzip pro crack
    iskysoft imedia converter deluxe crack
    mixpad crack

    ReplyDelete
  21. https://diethack.net/inbar-lavi-weight-loss/
    https://diethack.net/a-nashville-weight-loss-solutions/
    https://diethack.net/sophie-turner-weight-loss/
    https://diethack.net/doja-cat-weight-loss/
    https://diethack.net/kathryn-dennis-weight-loss/

    ReplyDelete
  22. I am very thankful for the effort put on by you, to help us, Thank you so much for the post it is very helpful, keep posting such type of Article.
    Glary Utilities PRO Crack
    Wondershare Filmora Pro Crack

    ReplyDelete
  23. Good day! This post could not be written any better! Reading this post reminds me of my previous room mate! He always kept chatting about this. I will forward this write-up to him. Fairly certain he will have a good read. Thanks for sharing! Paneer Paratha Recipe in Hindi

    ReplyDelete
  24. doha festival Do you mind if I quote a couple of your posts as long as I provide credit and sources back to your website? My blog is in the very same niche as yours and my visitors would genuinely benefit from a lot of the information you provide here. Please let me know if this okay with you. Thank you! doha festival

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...