Wednesday, June 28, 2017

මගේ හූන් යාලුවා...


 පනින්න පෙර සිතා බලන්න කියලා කියමනකුත් තියෙනවනේ... ඉතින් මේක කියන්න කලින් මම සැරයක් දෙසැරයක් නෙමේ තුන් හතර පාරක්ම හිතුවා... මොකද මේක කියවලා සමහරු මාව පිස්සෙක් විදිහට ගනන් ගන්න පුලුවන් නිසා...

 අපේ ගෙදර සාම්ජිකයෝ හතර දෙනෙක් ඉන්නවා... අම්මා තාත්තා නංගි සහ මම... දැන් මාසෙකට විතර උඩදී අපේ ගෙදරට අලුත් සාමාජිකයෙක් එක්වුනා... එයාගේ අම්මයි තාත්තයි මැරිලා... [මම හිතන්නෙ එහෙම තමා... මොකද මම තාම ඒ දෙන්නව ඇහැකට දැක්කෙ නෑ...]

 මෙයා පැටියා කාලෙ ඉදන් හැමදාම ඉන්නේ මගෙ මේසෙ උඩ... සාලෙදි ස්ටූල් එක උඩ... ඔය තැන් දෙක තමා මෙයාගෙ වාසස්ථාන උනේ... මෙයා කවමදාකවත් බිත්ති වල බඩගානවා දැක්කෙම නෑ... මෙයාගෙ නෑදෑ වෙන කිහිප දෙනෙක් අපේ ගෙදර හිටියත් මෙයා ගාවට එනවා මම පහුගිය මාසෙ පුරාවටම දැක්කෙත් නෑ... මොනා කරන්නද ඉතින් පව් අහිංසකයා...

 සමහර දවස් වලට එයා මගේ කකුල ගාවට ඇවිල්ලා පොඩ්ඩක් ගෑවිලා ආයෙ ඈතට දූවගෙන යනවා... හරියට මාත් එක්ක සෙල්ලන් කරනවා වගේ...

 අපේ නංගිගෙයි සත්තුන්ගෙයි ඒ හැටි වෙනසක් නැති උනත් එයා සත්තුන්ට ප්‍රාණ බයක් තියෙන්නේ... මගෙ මේ යාලුවා කොයි වෙලෙත් අපේ ගෙදර අයත් එක්ක ඉන්න නිසාත් නංගි ගාවට මෙයා නිතරම එන නිසාත් නංගි පුදුම බයකින් හිටියේ... මේ හේතු නිසාම අපේ නංගි මෙයාව ඝාතනය් කරන්න සැලසුම් කිහිපයක්ම ක්‍රියාත්මක කරා... ඒත් දෙයියන්ගෙ පිහිටෙන් ඒ එකක්වත් සාර්ථක උනේ නෑ... මේ සිද්ධිය දකිද්දි මට මතක් උනේ රස්පුටින්ව... මොකද එයාවත් මරන්න ලේසි උනේ නෑනේ... ඒ නිසා මම මගේ මේ යාලුවට රස්පුටින් කියලා නම දැම්මා...

  මම මෙයාට කන්න බත් ඇට දැම්මා... තාම පොඩි එකා හන්දා මැස්සො කන්න දන්නෙ නැද්ද කියලා කව්ද දන්නෙ... ඒත් මූ යස වැඩකාරයා... දැන් මට පේන්නමද කොහෙද මෙයා මගෙ ඉස්සරහම මැස්සො අල්ලන් කනවා...

  ඔයාලා කිව්වට විශ්වාස කරයිද දන්නෑ... මම මේ පෝස්ට් එක ලියද්දිත් මෙයා මගෙ ඉස්සරහා හිටියේ... සැපේදි ඉන්න දුකේදි උන්නද මලාද කියලවත් බලන්නෙ නැති යාලුවන්ට වඩා මගේ මේ හූන් යාලුවා දාහෙන් සම්පතක්... මොකද එයාව දකිද්දිත් හිතට සතුටක් දැනෙන නිසා...

මගෙ හූන් යාලුවට ජයවේවා... !!!



22 comments:

  1. ගෙදර පුසෝ ඉන්නවානම් යාළුවා පරිස්සම්කරගන්න.

    ReplyDelete
  2. ඉරට්ටක ගහලා බත් ඇට උන්ට කවන්න පුළුවනි.

    ඔවෑක්කා !!!

    ReplyDelete
  3. ඇත්ත වශයෙන්ම මිතිල මහත්මයා හරිම කණගාටුවක් දැනෙනවා ඔබතුමා වගේ ඉතාම ගුණයහපත් භක්තිමත් ක්‍රිස්තියානිකරුවෙක්ට මෙවැනි බරපතල මානසික ව්‍යාධියක්‌ වැළදීම සම්බන්දව. සෑම ආගමකම, යුදෙව්වන් උනත්, මගමදාමිකයන් උනත්, මිත්‍යා දුෂ්ඨිකයන් උනත් ඒ අතර හොද මිනිස්සු ඉන්නට පුළුවන්, ඔවුන් හොද භක්තිමත් මිනිස්සු වේවි. ඒත් ඒ අය ක්‍රිස්තියානිකාරයන් නෙමෙයි.

    මිතිල ප්‍රනාන්දු මැතිතුමා කියන්නේ ගුණයහපත් කමින් සපිරුණු භක්තිමත් ක්‍රිස්තියානිකාරයෙක්. ඉතිං ක්‍රිස්තියානිකාරයන් වන අපට කණගාටුවක් දැන්ම පුදුමයක් නොවේ නේද? ඒත් මහත්මයා අප දෙවියන් වහන්සේගේ අපරිමිත කරුණාව කෙරෙහි විශ්වාශය තබන්න ඕනි. යම් යම් වේලාවන්හිදී අපට දුක් කරදර, ලෙඩ රෝග පැමිණෙනවා. ඒවා පැමිණෙන්නේ දෙවියන්වහන්සේ අපව පරික්ෂා කරන විටදීයි. උන් වහන්සේගේ කැමැත්ත ඒක නම් අපි කංකෙදිරි ගාන්න ඕනා නැහැ. සර්වබලධාරි දෙවියන් වහන්සේගේ බලයත් යහපත් කමත් සිහියේ තියා ගන්නට ඕනි.

    ගැලවීම සදහා ඥානය ලබා ගැනීමට නම් මිතිල මහත්මයා, අපෝස්තළුවරයා කිව්වා වගේ නොපෙනී තියෙන දේවල් කෙරෙහි විශ්වාශය ඇති කර ගන්න ඕනි. අපගේ ඉන්ද්‍රියන්ට ප්‍රත්‍යක්ෂ දේවල් පිළිගැනීමෙන් පින් ලැබෙන්නේ නෑ. භක්තිමත් ක්‍රිස්තියානීන් වන අපගෙන් බලාපොරොත්තු වන විශ්වාශය නම්, ඒ වගේම සුභාරංචියේ ශ්‍රේෂ්ඨ පොරොන්දු හා බැදී ඇති විශ්වාශය නම්, පරමෝත්කෘෂ්ට දෙහි ඇති විශ්වාශයයි.

    අපට වටහාගන්න බැරි අබිරහසක් වන, දෙවියන්වහන්සේගේ පුත්‍රයාගේ පහල වීමයි-පොලොවට බැහැලා මනුෂ්‍ය වේශයක් අරගෙන අපගේ ගැලවීම සදහා ඇත්ත වශයෙන්ම අප්‍රමාණ දුක් වින්දා වූ දෙවියන්වහන්සේගේ පුත්‍රයාගේ පහල වීමයි. ඒ දිව්‍යමය ආශිර්වාදයෙන් , ක්‍රිස්තියානීන් නොවන අයද කල්යාමේදී ක්‍රිස්තියානීන් බවට හැරවීමේ බලයක් ඇති බවත් කියන්න ඕනි. එවැනි බලයක් ඇති දෙවියන් වහන්සේ කෙරෙහි සම්පුර්ණ විශ්වාශය දැන් තවත් තැබිය යුතුකාලය ඉදිරියේ පැමිණ ඇත්තේ මහත්මයා.

    අපෝස්තුළුවරයා මොකක්ද කියන්නේ? 'ප්‍රේමය මෙහි වෙයි, අපි දෙවියන්වහන්සේට ප්‍රේම කළෝ නොවෙමු, උන්වහන්සේ අපට ප්‍රේම කල සේක. අපගේ පාපයන් සමා කරවීම සදහා උන්වහන්සේගේ පුත්‍රයා එචු සේක'

    බලන්න මිතිල මහත්මයා කොයිතරම් අපුරු දෙයක්ද? ඒ නිසා දෙවියන් කෙරෙහි ඔබතුමාගේ අචල විශ්වාශය තබාගන්න. සුභාරංචි පණිවිඩය බෙදාහැරීම සදහා ඉදිරියටත් ලියන්න. යක්ෂයා තමයි මේ හූනෙක් ලෙසින් ඇවිත් තිබෙන්නේ ඔබතුමාගේ ආත්මය අඳුරට යොමු කිරීමට. යක්ෂයාගේ ශාපලත් අඳුරට අසුවෙන්න එපා. හිත ශක්තිමත් කරගන්න. ඔබතුමාට ඒ සදහා ශක්තිය ලැබේවා කියා මා අද සවස දිව්‍ය යාඥඥා මෙහෙයේදී ඉල්ලා සිටින්නම්.

    දෙවියන්වහන්සෙගෙන් ප්‍රඥාව ඉල්ලා සිටින්න (යාකොබ් 1:5). මක්නිසාද ඔබ බෙදාගන්නේ දෙවියන්වහන්සේගේ ගැළවීමේ පණිවුඩයයි. එම නිසා ඔබට වඩා ඒ ගැන දන්නේ උන්වහන්සේය . ශුභාරංචිය එළිදරව් වූයේ මිනිසාගේ ප්‍රඥාවෙන් නොව දෙවියන්වහන්සේගේ බලයෙනි (1 කොරින්ති 2:5)

    ReplyDelete
  4. උබේ ඔය කතාව එෆ්.බබී එකෙත් දැක්කා බන්. ඒත් ඊට ආතල් බන් කමෙන්ට් ටික

    ReplyDelete
    Replies
    1. හ්ම්....
      රෝමා අත්දැකීමෙන් කියන්නේ....:)

      Delete
    2. ඔව් බං... ඒ කමෙන්ට් කියවද්දි මටත් හිනා... බැලින්නන් මට විතරක් නෙමේ හූන් යාලුවෝ ඉදලා තියෙන්නේ...

      Delete
  5. ඊක්... මට පෙන්නනම බැරි සතෙක්

    ReplyDelete
  6. ඕන් මමත් ආවේ මේ වෙලාවට
    මේන් මිතිල ලියලා ලිපි රසයකට
    පාන් දිදී රැකගනු හුරතලයකට
    හූන් යාලුවා කදිමයි හැබෑවට......

    ජයවේවා!!!

    ReplyDelete
  7. උඹ මෙහෙම කරපන්. ඉස්සල්ලම ලිතේ හූණු පලාපල බලපන්. පස්සේ ඔය වැටුනහම හොඳයි කියලා තියන තැන්වලට ඕකව වට්ටගනින්. ජය නියතයි

    ReplyDelete
  8. රතු වයින් බෝතලයක් අරන් ඒකෙන් ටිකක් වීදුරුවකට වත්කර ගන්න. ඊට පස්සේ ඒ ටික කටට හලාගෙන, ඒත් එක්කම හුනාවත් අල්ලාගෙන කටට දාගන්න. ඊට පස්සේ වයින් ටිකත් එක්කම හුනා ගිලල දාන්න. හුනා දගල දගල උගුරේ වැදී වැදී බඩට යනකොට නියම සැප. සමහර රටවල නං හුනෝ වෙනුවට දිනක් වයසැති මී පැටව් ගන්නේ.

    ReplyDelete
  9. හූනට කථා කරන්න පුළුවන් නම් මිතිල ගැන හොඳ දේවල් කියයි

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම... කන්න බොන්න දීලා... අල්ලපුගෙදර පූසගෙන් මූව ආරක්ෂා කරගෙන ඉන්නවනෙ ඉතින්...

      Delete
  10. Niyamai ane eya Nam, shoi, aluthma surathala-hoona🙆

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...