Sunday, October 15, 2017

උඩරට ගිවිසුම ප්‍රතික්ෂේප කල නුවරවැවේ දිසාව

1815 වසරේ මාර්තු මස 2 වන දින මහනුවර රජවාසලේ මඟුල් මඩුවේදී උඩරට ගිවිසුම අත්සන් කිරීම ලංකා ඉතිහාසයේ වැදගත් සිද්ධියක් විය. මන්ද එමගින් ලංකාව බ්‍රිතාන්‍යයේ කිරීටය යටතට පත් වීමයි.

 ගිවිසුම අත්සන් තබන දිනයේ මගුල් මඩුව සිංහල හා ඉංග්‍රීසි ඉහළ ම ප්‍රභූවරුන්ගෙන් පිරී පැවතුණි. සිංහල ප්‍රභූවරුන් තම අගනා ඇදුම් ආයිත්තම් වලින් සැරසී එක් පැත්තක අසුන් ගෙන සිටි අතර රොබට් බ්‍රවුන්රිග් ඇතුලු අනෙක් ඉංග්‍රීසි ප්‍රධානීන් අනෙක් පස අසුන් ගෙන සිටියහ.

 මෙම ගිවිසුම වගන්ති 12කින් සමන්විත වූ අතර එය ප්‍රථමයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් කියවන ලදි. දෙවනුව එය සිංහල භාෂාවෙන් පවසන ලද්දේ මිල්ලව දිසාව විසිනි. මෙම ගිවිසුම අත්සන් කිරීමට එක් අයෙකු හැර අනෙක් සියලුම දෙනා සහභාගි වී සිටියෝය. ගිවිසුම අත්සන් කිරීමට නුවරවැවේ දිසාව උත්සව සභාවේ සිටියේ නැත. මෙය පුදුමයටත් , රදළවරුන්ගේ දෝෂාරෝපණයටත් ලක් විය.

 ගිවිසුම සම්පූර්ණ වීමට නම් නුවරවැවේ දිසාවගේ අත්සන අත්‍යවශ්‍ය විය. නැතහොත් එය සම්පූර්ණ නොවේ.[ගිවිසුම මාර්තු 2 දින අත්සන් නොකල අතර එදින සිදුකලේ ගිවිසුම කියවීම පමණි. පලමු හත් දෙනා අත්සන් කලේ මාර්තු 10 වනදා ය.] මේ හේතුවෙන් රොබට් බ්‍රවුන්රිග් ඉතා කෝප වූ අතර තමන්ට නියමිත බලතල ලැබීමට පෙර බලතල ක්‍රියාත්මක කළේ ය. ඔහු විශේෂ රාජ ආඥාවක් නිකුත් කරමින් නුවරවැවේ දිසාව ව අල්ලා ගැනීමට හමුදාව නුවර කලාවියට පිටත් කර හැරීය.

 ඔහුගේ අත්සන නොමැතිව ගිවිසුම සම්පූර්ණ නොවන නිසා මහ අදිකාරම් ඇහැලේපොළගේ අදහස් මත ගලගොඩ විජේසුන්දර රාජපක්ෂ මුදියන්සේ ව නුවර කලාවියේ දිසාවේ බවට පත් කර ගිවිසුමට ඔහුගේ අත්සන ලබා ගත්තේය. ජෝන් ඩොයිලිගේ නිර්දේශ මත 1818 වසරේ සැප්තැම්බර් මස 25 වන දින විශේෂ රාජ ආඥාවක් මගින් නුවරවැවේ දිසාවගේ බලතල හා තනතුරු අහෝසි කරන ලදි.

 නුවර කලාවිය උඩරට රාජධානියේ ආරක්ෂක කලාපයක් වූ අතර එහි ගිය ඉංග්‍රීසි හමුදාවන්ට නුවරවැවේ දිසාව ව අල්ලා ගැනීමට නොහැකි විය. මන්ද එම ප්‍රදේශයේ සිටි ජනතාව ඉංග්‍රීසීන්ට උදව් නොකල බැවිනි.

 ඉංග්‍රීසීන් යටතේ මුහන්දිරම් තනතුරක් දැරූ කොරනේලිස් ආබෲ නැමැති පහතරට සිංහල පුද්ගලයෙකු විසින් හොර රහසේ සංවිධානය කල ජා සේනාංකයක් විසින් 1819 වසරේ මාර්තු මස 15 වන දින නුවරවැවේ වලව්වේදී නුවරවැවේ දිසාව ව අතඩංගුවට ගන්නා ලදි. තමන්ට වල කපන්නේ පිට අයම නොව තමන් අසලම සිටින අයයි.

20 comments:

  1. ඔය යටින්ම තියෙන පින්තූරේ ඒ වෙලාවෙ ගත්ත ෆොටෝ එකක්ද?

    ReplyDelete
  2. එක අතකට උඩරට රාජ්‍යය යටත් වුන එක හොඳයි.
    නැතිනම් අදවනවිට පහතරට වෙනම රාජ්‍යයක් වී පවතියි.
    පහතරට රාජ්‍යය සිලෝන් යනුවෙන් හඳුන්වයි
    එහි සිංගප්පූරුවේ වගේ සිංහල දෙමළ චීන මැලේ ශීක් ජනවර්ග සම සමව සිටියි.
    එහි ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතිය ප්‍රධාන සංස්කෘතිය වෙයි.
    උඩරට රරාජ්‍යය සිංහලය ලෙස හඳුන්වයි.
    එය මුහුදු තීරයක් නැති,භූතානය වැනි දුප්පත් රටක් වෙයි.

    ReplyDelete
    Replies
    1. ඔබේ දැක්ම අති විශිෂ්ටයි

      Delete
    2. මේ රටේ සංස්කෘතියෙහි අගය දන්නෙ නැති සිංහලයාගේ අභිමානය දන්නෙ නැති පරගැතියෙක්.

      Delete
    3. @ Anonymous October 15, 2017 at 6:00 PM අභිමානවත් සිංහලයා වරකෝ ප්‍රොෆයිල් එකෙන්

      Delete
  3. සිංහලයේ මහා පාවාදීම කියල ඉතිහාසඥයන් පවසන උඩරට ගිවිසුම ඉතිහාසයේ වැදගත් ලියවිල්ලකි. දළදා මාලිගාවේ මගුල් මඩුවට අදත් වැදගත් කමක් එක්කරන්නේ මේ ලියවිල්ල අත්සන් තැබූ ස්ථානය එය වන නිසාය. මේ වගන්ති 12 සහිත ලියවිල්ලත් දෙපාර්ශවයේ අත්සන් කල අයගේ නම් සහිත පුවරුවකුත් වර්තමානයේ මහනුවර පුරාවිද්‍යා ෙකෟතුකාගාරයේ තැන්පත් කර ඇත.
    විචාරක දියණිය

    ReplyDelete
  4. සිංහලයාගේ අභිමානය සංස්කෘතිය සියල්ලම විනාශ කල කාලකණ්නි ගිවිසුම.

    ReplyDelete
  5. මට මේක කියවද්දි ආයෙ ආයෙ මතක් වුනේ ගනනාථ ඔබේසේකරයන්නෙ පොත එය කෙසේ හෝ සොයා ගත යතුයි
    තෙන්නකෝන් විමලානන්ද සූරින්නේ උඩරට රාජධානිය මා සතුව තියෙයි නමුතු එය හුදු වාර්තා කථනයක් පමණයි

    කාලය වෙනස් කරන්න බෑ නෙව මිථිල.. නේද.. සමහර දේවල් වෙන්නෙ හොදටද නරකටද කියල හිතන්න වත් බෑ
    ඔබ කියල තියෙන සිදුවීමත් ඒ වගේ එකක්

    ReplyDelete
    Replies
    1. ගනනාත් ඔබේසේකර මහතාගේ පොත කොහොමහරි හොයාගෙන කියවන්න... හරිම වටින පොතක්...

      Delete
    2. මොකද්ද ඔබ ඔය කියන මහාචාර්ය ගනනාථ ඔබේසේකරයන්ගේ පොත? මෑතකදී පලවූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පිළිබද පොතද නැත්නම් වෙනත් එකක්ද? ඒ පොත නම් විජිත යාපා එකේ තියනවා.

      Delete
  6. නුවර වැවේ දිසාවද නුවර කලාවියේ දිසාවද ?

    ReplyDelete
  7. සිංහලයා දැනටත් කරන්නේ පාවා දෙන එක තමයි..

    ReplyDelete
  8. මේ දවස්වල විකාශය වන මුතුකුඩ නාට්‍යයේ තියෙන්නෙ මේ කතාව. ආබෲ එහෙම ඉන්නව. වෙල්ලස්ස කැරැල්ල මෙහෙයවීම තමා මේ දවස්වල යන්නෙ

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...