Saturday, December 16, 2017

අඳ ගායකයා


ඉතාලියේ එක්තරා පවුලකට දාව දරුවෙක් ලැබෙන්නට සිටියේය. එහෙත් එම දරුවා ඉපදීමට පෙරම වෛද්‍යවරු පවසා සිටියේ දරුවා විවිධ වූ ආබාධ සහිතව උපත ලබන බවයි. එහෙයින් කලලය ගබ්සා කරන ලෙස වෛද්‍යවරු දෙමව්පියන්ට දැනුම් දුන්හ. එහෙත් දෙමව්පියන් එයට කැමති වූයේ නැත. ඒ අනුව උපතින්ම දෘෂ්‍යාබාධ ඇතුලු ආබාධ රැසක් සමඟින් මෙම දරුවා මෙලොව එළිය දිටීය. වර්තමානය වන විට දැනට ජීවත්වන විශිෂ්ටතම ටෙනර් ගායකයා ලෙස හේ අවිවාදයෙන් පිලිගනියි. සිංහල නොවන ගායකයන් අතුරින් මාගේ ප්‍රියතම ගායකයා ද මොහුයි. මොහු නමින් ඇන්ඩ්‍රෙයා බොචෙලි.

වයස අවුරුදු 12 දී මොහුගේ පෙනීම සම්පූර්ණයෙන්ම නැති විය. එසේ වූයේ පාපන්දු ක්‍රීඩාවේ යෙදෙන විට වූ අනතුරක් නිසාවෙනි.

මොහු තමන්ගේ ඒක පුද්ගල ගී ඇතුලත් ඇල්බම් 15ක් ද විශිෂ්ටතම ගී එකතු ඇල්බම් 3ක් ද ඔපෙරා 9ක් ද සම්පාදනය කරන ලදි. ලොව පුරා මෙම තැටි මිලියන 80කට අධික ප්‍රමාණයක විකිණුම් ලැබුණි. ක්ලැසිකල් සංගීතය ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ඉහලින් තැබීමට මොහුට හැකියාව ලැබුණි.

1998 වසරේදී ලොව හොදම පුද්ගලයන් පනස් දෙනා අතරටද බොචෙලි එක්විය. 1999 වසරේදී හොදම නව නිර්මාපකයා සදහා වූ ග්‍රැමී සම්මානය සදහා නිර්දේශ විය. බොචෙලි සෙලීන් ඩියෝන් සමග එක්ව ගැයූ 'The Prayer' ගීතය සදහා ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය හිමිවූ අතර එය ඇකඩමි සම්මානය සදහා ද නිර්දේශ විය.

මොහු Sacred Arias නම් තම ඇල්බමය එලිදැක්වීමත් සමග ගිනස් ලෝක වාර්තා පොතටද තම නම ඇතුලත් කරගැනීමට සමත් විය. එනම්, ඇමරිකානු ක්ලැසිකල් ඇල්බම් ශ්‍රේණිගත කිරීම්වල එකම අවස්ථාවකදී මුල් ස්ථාන ත්‍රිත්වයම හිමි කර ගැනීමෙනි. ඔහුගේ ඇල්බම් හතක්ම බිල්බෝඩ් ශ්‍රේණිගත කිරීම්වල පලමු 10 අතරට පැමිණ තිබේ.

Sacred Arias නම් මොහුගේ ක්ලැසිකල් ඇල්බමය මෙතෙක් වැඩිම විකිණුම් ලැබූ ක්ලැසිකල් ඇල්බමය යි. එමෙන්ම Romanza නම් පොප් ඇල්බමය ඉතාලියේ සියලුම සංගීත අංශ වලින් වැඩිම විකිණුම් ලැබූ ඇල්බමය බවට පත්වූ අතර යුරෝපයේ හා බොහෝ ලතින් ඇමරිකානු රටවල්වල විදේශ සංගීතඥයෙකු ලද වැඩිම විකිණුම් ඇල්බමය බවටද පත් විය.

මෙසේ තව තවත් වාර්තා බොහොමයකට හිමිකම් කියන මොහුට සම්මානද එලෙසම බොහෝ හිමිවිය. මා ක්ලැසිකල් සංගීතය කෙරෙහි වඩාත්ම ඇලුම් කිරීමට පටන් ගත්තේ මොහු නිසා බැවින් මෙම කුඩා සටහන ලිවීමි.

යූ ටියුබ් චැනල් - https://www.youtube.com/user/AndreaBocelliVEVO


7 comments:

  1. නොදන්න දේවල් කියා දෙන ඔබට තුති...

    ReplyDelete
  2. ඉතා සංවේදී සටහනක්. ඔබේ තොරතුරු ගවේෂණය අති විශිෂ්ටයි
    විචාරක දියණිය

    ReplyDelete
  3. තම දක්ෂතා පෙන්වන සැබෑම දක්ෂයන් ලොව පුරා වෙසේ.. නමුත් ලංකාව තුළ වෙසෙන මෙවන් දක්ෂයන්ට නිසි ඇගයීමක් නොලැබීම ගැන මෙවන් සටහන් දකිනකොට කනගාටුයි...

    මේ සටහනත් එකතු කළාට ඔබට ස්තුතී..

    ReplyDelete
  4. ගොඩක් දවසකින් මේ පැත්තේ ආවේ...නොදැන හිටපු කෙනෙක් ගැන දැනගත්තා

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...