tag:blogger.com,1999:blog-8647620651413048892024-03-13T15:33:34.124+05:30වාසිතයදැනුම නැමැති සාගරයෙන් දිය දෝතක් හෝ හැකි අයුරින් ඔබ හමුවේ තැබීමට දරණ වෑයමකි මේ...වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )http://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comBlogger390125tag:blogger.com,1999:blog-864762065141304889.post-10451906881341882742023-12-03T01:12:00.002+05:302023-12-03T01:12:46.332+05:30විවාද තරඟය (ශනිදා දහයට)
මම ඉස්කෝලේ යන කාලේ අපේ පන්තියේ තිබුනා සිංහල සාහිත්‍ය සමිතියක්. සතියට දවසක් සිංහල පීරියඩ් දෙකක් තියෙන වෙලාවට අපි සමිතිය පැවැත්වුවා. මේ සමිතියේ දී නොසෑහෙන්න දේවල් අපි කරා. ගොඩක් ඒවා සිංහලට අදාළ නෑ. චිත්‍ර ඇන්දා. සිංදු කිව්වා. ඒවත් සිංහලයි ඉංග්‍රීසියි දෙමළයි තුනෙන්ම. දෙමළ සිංදු නම් අපි අලුත් වචන හැදුවා සිංදු කියනකොට. සමහර දවස් වලට හෑන්ඩ් ෆයිට් තිබුනා. තවත් දවසක නාට්‍යයක්. විහිළු කතා එකී මෙකී සෑහෙන දේවල් කරා.
මේ විශේෂාංග අතරින් මම කැමතිම විවාද තරඟ වලට. මුලින්ම කියන්න ඕනේ අපේ පන්තියේ එවුන් විවාද තරඟයක් කියලා කිව්වම හිතන්නේ රෙස්ලිං වළල්ලක් මැද්දේ ගහගන්නවා වගේ දේකට. විවාද කරන්නේ මොන මාතෘකාව යටතේ ද කියලා සමහරු දන්නෙත් නෑ. මම මේ කියන්නේ අහගෙන ඉන්න මිනිස්සු විතරක් නෙමේ කතා කරන අය හිටං මොනාද කතාකරන්නේ කියලා දන්නේ නෑ. ඇරත් විවාද කරන හැටි ගැන ලොකු දැනුමක් තිබ්බෙත් නෑ. ඉතින් ඔහොම පන්තියේ විවාද කරපු කාලයේ නිවාසාන්තර විවාද තරඟයක් සිංහල ලොකු සමිතියෙන් පවත්වන්න යෝජනා වුනා.
ඒ කාලේ මාත් එක්ක එකට හිටපු අඹ යාලුවෝ තව දෙන්නෙක් හිටියා. අපි තුන් දෙනාට ඉංග්‍රීසි සර් කිව්වේ නම් ‘ත්‍රී මස්කටියර්ස්’ කියලා. ඒකත් අපිට ඉංග්‍රීසි සාහිත්‍යට උගන්නපු කතා පොතකින්. අපි තුන්දෙනා නිවාස තුනක උන්නේ. විවාද කරන්න ලොකුවට දන්නේ නැති වුනත් කෑමක් ගැන හරි විවාද කරන්න කැමති නිසා අපිත් එකතු වුනා කණ්ඩායමට. දැන් ඔන්න විවාද තරඟයට හැමදේම ලෑස්තියි. අපේ සිංහල සර් වෙන ඉස්කෝල දෙකකින් තවත් සර් කෙනෙක්වයි මිස් කෙනෙක්වයිත් ගෙන්නලා. අපි මුලදි සර්ට කිව්වේ නම් ඕවට ලොකුවට වද වෙන්න ඕන නෑ විනිශ්චයට සර් විතරක් හිටියම ඇති කියලා. එහෙම කිව්වේ ඇත්තටම සර් ගැන හිතලා නෙමේ. පිට මිනිස්සු ඉස්සරහා ලැජ්ජා වෙන්න බැරි නිසා.
දැන් තරඟය තියෙන්නේ ඉස්කෝලේ ඉවර වෙලා විනාඩි පහළොවකින්. කේක් බිස්කට් එහෙමත් ගෙනල්ලා තිබ්බේ බලන්න එන අයට කන්න දෙන්න. පිට ඉස්කෝල වලට කිව්වේ නෑ ඉතින් අපේ පන්ති වලම අයට කන්න බොන්න ගෙනාවේ. තරඟය පටන් ගන්නත් ඔන්න මෙන්න තියෙද්දි මහ හෝල් එකේ අත පයේ අලුහං දාලා වගේ තැන තැන ටික දෙනයි ඉන්නේ. අපි ග්‍රවුන්ඩ් එකටත් ගිහිල්ලා ක්‍රිකට් ගන්න ඉන්න මල්ලිලා ගාවට ගිහින්;
“කේක් කන්න ආසද? එන්න මෙහෙන්” කියලා හෝල් එකට දැක්කුවා.
දෙමළ ළමයිවත් ගෙනාව තේරෙන්නේ නැති වුනත් අහන් ඉන්න කියලා. අපි එයාලට කිව්වේ නාට්‍යයක් පෙන්නනවා කියලා.
දැන් ඔන්න විවාද තරඟය පටන් ගත්තා. මමයි මගේ මිත්‍රයයි දෙපැත්තේ. මම නැගිට්ටා. සභාවෙන් අවසර ගත්තා. කලින් ලියාගෙන ආපු පොඩි කවි කෑල්ලකුත් කිව්වා. ඊට පස්සේ අරෙහෙමයි මෙහෙමයි කියලා අත පය එහෙට්ට මෙහෙට්ට කරලා කතාවත් කරා. බලන්න ආපු අය අත්පුඩිත් ගැහුවා. ඇත්තටම කියනවා නම් අපි කෙනෙක්ව දාලා තිබ්බේ අත්පුඩි ගහන්න ඕන වෙනකොට සිග්නල් එක දෙන්න කියලා. මේ මොහොත වෙනකන් හැමදේම සාමකාමී යි. විවාදය ලස්සනට යනවා. ඊළඟ කතාව තිබ්බේ මගේ මිත්‍රයට.
ඌ නැගිට්ටා. සභාවෙන් ඇමතිලි මුකුත් නෑ. “උඹ මට කලින් කිව්වා නම් ඔයිට වඩා ලස්සන කවියක් ලියලා දෙනවනේ” කියලා කිව්වා. ඊට පස්සේ මතක් වුනා සභාවක් තියෙනවා අවසර ගන්න කියලා.
“අපේ සර්ගෙන් ද අනිත් සර්ගෙන් ද අනිත් මිස්ගෙන් ද අපේ සෙට් එකෙන් ද අවසරයි” කියලා කතාව පටන් ගත්තා. පටන් ගත්තු වෙලේ ඉඳන් මාවම කපපු එක කලේ.
අපිට මාතෘකාව ලැබුනේ මොකක්හරි සෞඛ්‍ය අංශයේ දෙයක්. ඒ නිසා මම වතාවක් සික් රූම් එකේ මිස්ගේ සෙරප්පුව ඇඳේ මෙට්ටේ අස්සේ හංගපු එකකුත් කිව්වා. ඒකත් මම කරේ තනියම නෙමේ මගේ මිත්‍රයත් එක්ක. එයාට ඔලුව කැක්කුමයි කිව්ව නිසා පැනඩෝල් දෙකක් ගන්න එයාව සික් රූම් අරගෙන ගියා. හෙව්වා හෙව්වා මිස් හිටියේ නෑ. සෙරෙප්පු දෙක තිබ්බා හැබැයි. මට ආපු කේන්තියට සෙරප්පු ඇඳේ මෙට්ටේ අස්සේ ගැහුවා. ඕවා අහගෙන මම දහ අතේ කල්පනා කරා ‘දෙයියනේ මොකක්ද මුට වෙලා තියෙන්නේ’ කියලා.
මගේ මිත්‍රයා එතනින් නැවතුනේ නෑ. එයාගේ මේසය උඩ තිබ්බා ගහලා මරන්න පුලුවන් සයිස් පත්තර මිටියක්. මූ ඒක ගත්තා අතට. ආවා වේදිකාව මැද්දට. විවාද තරඟයක දි නාට්‍යක වගේ එහෙට මෙහෙට ඇවිද ඇවිද නටන්න බෑ. ඉන්න තැන ඉඳන් කතාව කරන්න ඕනේ. මගේ මිත්‍රයට ඒවා අදාලම නෑ. වේදිකාව මැදට ඇවිදින් එක අතක පත්තර මිටියක් තියාගෙන අනිත් අතේ ඇඟිල්ලක් සභාවට දික් කරගෙන “ඔයාලා හැමෝටම මම පෙන්නන්නම් මම මේ කියපු දේවල් වලට සාක්ෂි” කියලා පත්තර මිටිය අත් දෙකෙන්ම අරගෙන උස්සලා පෙන්නුවා.
“හැමෝටම කලින් මම මගේ මිත්‍රයාට මේ සාක්ෂි පෙන්නන්නම්” කියලා මගේ දිහා බලලා මා ගාවට එන්න පටන් ගත්තා. මම ඔලුවෙන් සංඥා කරා එපා එපා ඕකනම් කරන්න එපා කියලා.
මගේ මේසය හෙලවි හෙලවි තිබ්බේ. ඔංචිල්ලාවක් වගේ පැද්දෙනවා පොඩි තට්ටුවකින්.
මගේ මිත්‍රයා මගේ ළඟට ආවා. මම එයා දිහා බැලුවා අහිංසක විදිහට. ඌ හිනාවුනා. “මෙන්න බලාගන්න සාක්ෂි” කියලා අර කිලෝ එකක් විතර බර පත්තර මිටිය මගේ මේසෙට දමලා ගැහුවා. එක සැරේම ‘දඩ බඩාස්’ ගාගෙන මුලු මේසෙම ෆ්ලැට්. පත්තර වේදිකාව පුරා සීසීකඩ. මගේ මිත්‍රයාට දැන් හිතාගන්න බෑ මොකක්ද වුනේ කියලා. සභාවේ හැමෝම හිනාවෙන අතරේ මිත්‍රයා මගේ දිහා පුදුම වෙලා බලාගෙන හිටියා තත්පර පහක් විතර.
ඊට පස්සේ මගේ මිත්‍රයා එයාගේ තැනට ගිහින් කියනවා “ඔය පත්තර කියවලා බලන්න ඔයාලා වැරදියි කියලයි ඒ ඔක්කොගෙම තියෙන්නේ’ කියලා. එහෙම කියනකොට මම වේදිකාව මැද්දේ දණ ගහගෙන මේසය උඩ තිබිලා වැටුනු මගේ පෑනයි කොලයයි හොයන්න අර පත්තර අවුස්ස අවුස්ස හිටියේ. අපි අමතර මේසයක් ලෑස්ති කරෙත් නැති නිසා මුලු විවාදය පුරාවටම මට මේසයක් තිබ්බේ නෑ. කුකුල් මඩුව වගේ පත්තර ගොඩක් මැද්දේ මම පුටුවක් තියාගෙන මොකද මේ වුනේ කියලා කල්පනා කරමින් හිටියා.
මම පස්සේ දැනගත්තා මගේ මිත්‍රයා මේ පත්තර අරගෙන තියෙන්නේ බෝතල් පත්තර කාරයෙක්ගෙන් මිසක් පරීක්ශන කරලා නෙමේ කියලා.
මගේ මිත්‍රයා ඉදායින් පස්සේ විවාද තරඟයක නීති රීති එහෙම ඉගෙන ගත්තා. අපි උසස් පෙළ ලියනකොටත් එකට විවාද කරා. ඒවයෙත් රසබර කතා තියෙනවා. වර්තමානයේ දී නම් මගේ මිත්‍රයා ප්‍රකට රූපවාහිනී නාළිකාවක ප්රවෘත්ති නිවේදකයෙක් විදිහටයි වැඩ කරන්නේ. නිව්ස් වල හරි ලස්සනට නිව්ස් කියනවා දකින හැම වෙලාවකම වගේ මතක් වෙනවා මූ පත්තර මිටියකින් මගේ මේසය සමතලා කරපු විදිහ.
වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )http://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.com29tag:blogger.com,1999:blog-864762065141304889.post-17356054632519589772023-11-29T22:30:00.000+05:302023-11-29T22:30:01.233+05:30කේක් කෑල්ල කා දැවිල්ල නිසා තොවිලයක් නැටීම
ඔයාලා කනකොට දැවිල්ල දෙයක් කැවුනොත් ඒ දැවිල්ල ඉක්මනින් නැති කරගන්න කරන්නේ මොකක් ද?
මම නම් හොදවැයින් උණු වතුර එකක් බොනවා. බොහෝ දෙනෙක් ඔය ක්‍රමය යි අනුගමනය කරන්නේ. ඒ ක්‍රමය බැලූ බැල්මට සාර්ථක ක්‍රමයක් බවට සිතෙන්නේ නැති වෙන්න පුලුවන්. මොකද කියනවා නම් කටේ දැවිල්ල තියෙද්දී උණු වතුර බිව්වම ඒ දැවිල්ල තව වැඩි වෙන නිසා.
නමුත් උණු වතුර එක බිව්වම එක සැරේ දැවිල්ල වැඩි වුනත් මුලු දැවිල්ල ඉතා ඉක්මනින් අඩු වෙනවා. මට පොඩි කාලේ මේක හරි ලොකු ප්‍රශ්නයක්. මේක වෙන හැටි දැනගන්න දැඩි උවමනාවක් තිබ්බා. ඒක හරි සරල සිද්ධාන්තයක්.
අපි දැවිල්ල දෙයක් කනකොට අපේ දිවට ඔරොත්තු දෙන්න පුලුවන් එවෙලෙට අපි කන දේ තියෙන දැවිල්ල විතරයි. ඒ මොහොතේ දී අපි කන දේ තමා උපරිම දැවිල්ල වෙන්නේ. ඒ නිසයි අපිට ඉන්න අපහසු. උණු වතුර බිව්වම අපේ දැවිල්ල තව වැඩිවෙනවා. එතකොට දිව දරාගන්න උපරිම දැවිල්ල කලින් මට්ටම නෙමේ. දැන් මට්ටම ඊට වඩා ඉහළින් තියෙන්නේ. උණු වතුර බිව්වම උණු වතුර නිසා දැනෙන රස්නය වැඩි වෙලා යන්න කලින් නැතිවෙනවා. නමුත් දැන් දිව දන්න දැවිල්ලේ උපරිම මට්ටම වෙනස් වෙලා තියෙන්නේ. ඒ නිසයි අපි කාපු කෑමේ දැවිල්ල අපිට දැනෙන්නේ නැත්තේ. දැවිල්ල කට ඇතුලේ තිබ්බත් අපිට ඒක දැනෙන්නේ නැහැ උණු වතුර බිව්වට පස්සේ දැවිල්ලේ උපරිම මට්ටම වෙනස් වුන නිසා. ඒත් එක්කම උණු වතුර නිසා කටේ තියෙන මිරිස් වල සංඝටක හොඳින් ඉවත් වෙන නිසාත් දැවිල්ල ඉක්මනින් අඩු වෙනවා.
ඔය වගේ ම තමා කේක් කෑල්ලක් එක්ක තේ බොනකොට. මම සාමාන්‍යයෙන් තේ එක්ක කේක් කෑල්ලක් පිළිගැන්වුවොත් කේක් කෑල්ල මුලින් කන්නේ නැහැ. කලින් කෑවොතින් පස්සේ බොන තේ එකේ සීනි අඩුයි වගේ තේරෙනවා.
ඒක වෙන්නේ මෙහෙමයි. අපි කේක් කෑල්ල කනකොට අපේ දිවට ඒ මොහොතේ දැනෙන පැණි රසේ උපරිම මට්ටම වෙනස් වෙනවා. උපරිමය තමා කේක් කෑල්ලේ පැණි රස. නමුත් අපි බොන තේ එකේ තියෙන සීනි වල පැණි රස කේක් කෑල්ලේ පැණි රස තරම් නැහැ. මේ නිසා කේක් කෑල්ල ඇති කරපු පැණි රසේ උපරිම මට්ටමට තේ එකේ සීනි වලට යන්න බැහැ. ඒ හේතුවෙනුයි අපිට කේක් කෑල්ලක් කාලා තේ එකක් බොනකොට සීනි මදි වගේ තේරෙන්නේ. ඇත්තට ම සීනි මදි නැහැ. අපිට ඒක දැනෙන්නේ නැහැ.
ඉස්සර ගම් වල කාන්තාවකට එහෙම යකෙක් වැහුනම ගමේ තොවිලයක් තියෙනවා. තොවිල් විවිධ හේතු උදෙසා පවත්වනවා. දරුවන් නැති අම්මලාට දරුවන් ලැබෙන්න, ලෙඩ රෝග හොඳ කරගන්න සහ යක්කු වැහීම ආදී දේවල් වලට තොවිලය භාවිතා වෙනවා.
යකෙක් වැහෙනවා කියන්නේ මානසික රෝගයක්. ඒ කාන්තාව බොහෝ විට යම්කිසි දෙයකට බය වෙලා ඉන්නේ. ඒ වගේ කාන්තාවක් සුව කරන තොවිලයේ මුලින් ම කරන්නේ කාන්තාව ඉස්සරහා තියාගෙන යක්කු විදිහට වෙස්මුහුණු දාගෙන ඇඳගත්තු මිනිස්සු ඇවිත් ඒ කාන්තාව තව තවත් බය කරන එක. දැන් මේ කාන්තාව බය වෙලා ඉන්නේ තමන් තොවිලයට එන්න හේතු කාරණා වුන දේ නිසා නෙමේ තොවිලයේ ම ඉන්න යක්කු විදිහට ඇඳගත්තු මිනිස්සුන්ට.
දැන් රෝගී කාන්තාවට පැරණි බිය නැතිවෙලා අලුත් බියක් හටගෙන තියෙන්නේ. තොවිලය ක්‍රම ක්‍රමයෙන් ඉදිරියට ඇදෙද්දී තොවිලය තුලින් ම ඒ ඉන්න යක්කුන්ගේ බය ක්‍රමක්‍රමයෙන් අඩු කරලා නැති කරලා ම දානවා. දැන් කාන්තාවට අලුතින් හටගත් බියත් නැහැ. මෙතන දී ක්‍රියාත්මක වෙන්නෙත් කේක් කෑල්ලක් එක්ක තේ බොනකොට සහ දැවිල්ල දැනුනම උණු වතුර බොන සිද්ධාන්තයම තරමක් වෙනස් ස්වරූපයකින්.
ලංකාවේ තොවිලය සහ ශාන්තිකර්ම සැඟවුනු විද්‍යාව ගැන මීට වඩා සොයා බැලිය යුතුයි. මේවා ගමේ ගොඩේ උන්දැලාගේ පලක් නැති දේවල් නම් වසර සිය ගණනක් තිස්සේ නොනැසී පවතීවි ද?
වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )http://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.com23tag:blogger.com,1999:blog-864762065141304889.post-51015028936988454312023-11-26T21:45:00.006+05:302023-11-27T00:40:33.563+05:30සදාචාර නියෝජිතයෝ (කෙටි කතාව)
ඇන්තනි මේසය මත තිබූ පත්තරය තම කබාය තුලට දමාගත්තේ කිසිවෙකුත් එය දැකීමට පෙර ය. පත්තරයේ පිටු අතර තමන් ඝාතනය කල යුතු පුද්ගලයාගේ තොරතුරු සඳහන්ව තිබුණි.
“ඇන්තනි, ඔයාට හොඳටම විශ්වාස ද ඔයා සූදානම් කියලා?” ඔහුගේ මේසයේ ඔහුට පිටුපා සිටි ඇය ඇසීය. ඇගේ හඬ අවටින් ඇසෙන බිත්තර බැදෙන හඬටත් මිනිසුන්ගේ කතාබස් හඬටත් රූපවාහිනී හඬටත් වඩා අඩු සියුම් හඬක් විය. “අන්තිම වතාවේ සිද්ද්වෙච්ච දේ ඔයාගේ වරදක් නෙමේ.”
ඇය පැමිණීමට වරු දෙකකට පමණ පෙරාතුව ඇන්තනි පැමිණ අවන්හලේ ප්‍රධාන දොරට ඈතින් ම පිහිටි අසුනක් තෝරා ගත්තේ අවන්හලට පැමිණෙන සියලුම දෙනා ගැන හොඳින් ඇස් යොමා සිටීමට හැකි වන ලෙසටයි. අසුනක් තෝරා ගත් පසු ඔහු තම රිවෝල්වරය කබාය යට උකුලේ තබාගත්තා.
“ඔයා අපෙන් සෑහෙන්න කාලයක් ඈත් වෙලා හිටියා. ආපහු එන්න හිතුනේ ඇයි?” ඇය තම කෝපි කෝපයෙන් උගුරක් බොමින් ඇසුවා.
“මට සල්ලි උවමනා කරලා තියෙනවා. නැත්නම් මම ආපහු එන්නේ නැහැ කවදාවත්”
ඇන්තනි පවසන්නේ ඇත්තක් බව ඇයට වැටහී ගියා. අවසන් වතාවේ සිදුවුනු අනතුරෙන් පසු ඇන්තනී කුඩා කුඩා රැකියා කලින් කලට කරමින් සිටියේ තමන්ගේ පෙර රැකියාවේ මිතුරන්ගේ උදව් ද ප්‍රතික්ෂේප කරමින්. මේ මොහොත වනතෙක් ඔහු කාමර මාරු කරමින් රැකියා මාරු කරමින් ගතකලේ සැඟවුනු ජීවිතයක්.
දැන් සියල්ල වෙනස්.
ඇය ඇයගේ අවධානය ඇන්තනී කෙරෙන් වෙන් කලේ නැත. “ඇයි ඔයා අපෙන් ඈත් වෙලා හිටියේ ඇන්තනි? අපි ඔයාව නිතරමට හොඳින් බලාගත්තා නේ” ඇයගේ හඬෙහි හැඟීමක් තිබුනේ නැත.
ආයතනය කොතරම් ඔහුත් සමඟ කොතරම් සම්බන්ධ වීමට උත්සහ කලත් ඒ සියල්ල මග හැරියා. “ඔයාලා හොඳ මිනිස්සුන්ට කරදරයක් කරන්නේ නැහැ. ඒත් අන්තිම වුන දෙයින්.....” ඔහු වාක්‍ය අවසන් කලේ නැත. අහිංසක පාසල් දැරියගේ ලේ වලින් පුරුණු සිරුර ඔහුගේ මතකයට නැගුනා. ඔහුට තවදුරටත් කතා කිරීමට ශක්තියක් නැතිව ගියා. ඔහුගේ අත් උකුල මත වෙව්ලන්නට පටන් ගත්තා.
ඔහු තමන්ගේ පැත්තකින් තිබුනු රූපවාහිනී යන්ත්‍රය දෙස බැලුවේ ඔහුගේ අවධානය වෙනතකට යොමු කිරීමට සිතාගෙන. එහි පොඩි ළමුන්ගේ සංගීත වැඩසටහනක්. කොතරම් අහිංසක ජීවිත ද? ඔහුට සිතුනා. “දෙවියනේ ආපහු ඒක වෙන්න පටන් ගත්තා” ඔහු ඔහුටම කියාගත්තා. ඔහුට හුස්ම ගැනීමට අපහසු වෙනවා දැනෙනවාත් සමඟ උකුල මත තිබූ වෙව්ලන දෑතින් තම මුහුණ වසාගත්තේ ඔහුගේ මනසෙහි මැවෙන රූප නැති කර ගැනීමට සිතාගෙනයි. පසුගිය මාස කිහිපය තිස්සේ ඇන්තනීට මෙසේ සිදුවුනු වාර නිමක් තිබුනේ නැත. සැනසිල්ලේ නිදාගත් රැයක් තිබුනේ නැත. “හුස්ම ගන්න, ඇන්තනි. හුස්ම ගන්න” මේ ඇසෙන්නේ ඔහුගේ මනස තුලින් ද නැතිනම් තමන් ඉදිරියේ සිටින කාන්තාවගෙන් දැයි ඔහුට වැටහීමක් තිබුනේ නැත. ඔහු තම හිස මේසය මතට පහත් කලේ ආතතිය පහ වී යන බලාපොරොත්තුවෙනුයි.
එසැනින් ම කාන්තාව සේවකයෙක්ට කතා කර රූපවාහිනියේ වෙනත් යමක් දමන්නැයි කීවා. ඇය වහා ගොස් වතුර කෝප්පයක් රැගෙන ඇන්තනී වෙතට දුන්නා. ඔහු තම කබාය ඇතුලතින් බෙහෙත් පෙති කිහිපයක් රැගෙන එකවර ඒවා උගුරට දමාගෙන වතුර කෝප්පය එක හුස්මට බිව්වා. “සමාවෙන්න, දැන් ටික කාලයක් තිස්සේ මට මෙහෙම වෙනවා. මම බෙහෙත් අරගන්නවා. ඉක්මනට හොඳ වෙයි” ඇය ඔහුදෙස බලා හිස වැනුවා. තවමත් ඇයගේ අවධානය ඔහු වෙතයි.
පුවත්පත තුල පිටු අතර පින්තූරයක් නමක් සහ ලිපිනයක් හැර වෙනත් යමක් තිබුනේ නැත. ආයතනයේ නීති වලට අනුව ඊට වඩා යම් තොරතුරක් ඔවුන්ට දිය නොහැකියි. නමුත් ඇන්තනීට ඊට වඩා දෙයක් දැන ගැනීමට උවමනා වුනා. අවසන් වතාවේ සිදුවුනු අනතුරෙන් පසු ඔහුට තවත් කෙනෙකු ඝාතනය කිරීමට කිසිදු කැමැත්තක් තිබුනේ නැහැ. එදායින් පසු තමන් අතින් සිදුවුනු වැරැද්ද ගැන ආයතනයෙන් කිසිදු ලියමනක් ඔහුට ලැබුනේ නැත. ඒ වෙනුවට ඔහුට ලැබුනේ තවත් කොන්ත්‍රාත් කිහිපයක් ගැන විස්තර පමණි. ඒ ලියුම් සියල්ල තමන්ගේ පැරණි නිවසට ලැබුනු අතර බැලූ බැල්මට ඔහුට සෑම සතියකට අවම එක් ලියමනක් ඔවුන්ගෙන් පැමිණ තිබුනි. ඇන්තනී ඔවුන්ට තවදුරටත් වැඩ කිරීමට සිතා සිටිනවා නම් ඔහුට තවත් විස්තර අවශ්‍යයි.
“ඇයි?”
ඇය ඔහු දෙස බලා සියුම් සුසුමක් හෙළුවා. ඇය මොහොතකට ඇන්තනී වෙතින් අවධානය පිටතට යවා රූපවාහිනිය දෙස බලාගෙන සිටියා. තවත් ගායනා තරඟයක්. සුළු මොහොතකින් ඇය ඇන්තනි දෙස බලා “ඔයා දන්නවනේ අපේ ආයතනයේ, සදාචාරයේ නියෝජිතනගේ තියෙන නීති මාලාව. ඒකේ හැටියට අපිට ඔයාට මීට වඩා දෙයක් කියන්න බැහැ. නැමුත් ඔයා අපේ විශ්වාසය දිනාගෙන සෑහෙන කාලයක් වැඩ කරපු කෙනෙක් නිසා මම ඔයාට පොඩි විශේෂයක් කරන්නම්” කීය. ඇය සීතල වූ කෝපි කෝප්පයෙන් තවත් එක් උගුරක් බී නැවත් ඇන්තනි දෙස බැලුවා. “මේ මනුස්සයා මහ නරුමයෙක්. නරුමයෙන්ගෙත් නරුමයෙක්. මේ නරුමයා වැඩියෙන් ම කැමති ළමයි එක්ක ඉන්න.”
ඇන්තනි පත්තර පිටු අතර තිබූ පින්තූරය අධ්‍යනය කිරීමට පටන් ගත්තා. අහිංසක ඇස් තිබුනු මුහුණක් ඔහු දුටුවේ. මෙවන් අයෙක් ළමා අපචාරයේ යෙදෙයි කියා කවුරුවත් සිහිනෙකින්වත් සිතන්නේ නැහැ. ළමුන් වුනත් මේ පුද්ගලයාව විශ්වාස කරන්නේ මේ අහිංසක පාටින් පෙනෙන නිසා විය යුතු යැයි ඔහු සිතුවා. නීතියෙන් බේරී සිටින මෙවන් පුද්ගලයන්ට නිසි දඬුවම දීමයි සදාචාර නියෝජිතයෝ සිදු කරන්නේ.
පත්තර තුල තුබූ දෙවෙනි පින්තූරය දෙස ඔහු බැලුවා. එහි සිටියේ මවක්. ඇයටයි මේ ඝාතනය සිදු කිරීමට උවමනා වී තිබෙන්නේ. ඇන්තනී නැවතත් කබාය තුලට අත දමා තම රිවෝල්වරය පරීක්ෂා කරා. මේසයෙන් නැගිට ඔහු කිසිවක් නොකියා පාර දිගේ ඉදිරියට ඇදුනේ පත්තර පිටු අතර තිබූ ලිපිනය මුමුණමින්. වීදිය දිගේ ඔහු තරමක් දුර ඇවිද ගිය පසු නිවාස පේළියක් ඔහු දුටුවා. එහි දෙවන නිවසෙයි ඔහු සිටින්නේ. ඇන්තනි නිවස තුලට යාමට පෙර එහි ඉදිරිපස ඇති ළමුන්ගේ සෙල්ලම් පිට්ටනියක තිබූ බංකුවක් මත අසුන්ගෙන් වරුවක් පමණ නිවස දෙස බලා සිටියා.
‘මොන හයියකින් ද ළමා අපචාරකයෙක් මෙච්චර ළමයි ගැවසෙන තැනක ජීවත්වෙන්නේ’ ඇන්තනී තමන්ටම කියා ගත්තේ ඔහුගේ කේන්තිය වැඩි කරමින්. තව දුරටත් ඔහුට ඉවසා සිටිය නොහැකියි. ඔහු නිවස ඉදිරිපසටගොස් දොර අසල සිටගත්තා. ඔහුට ජනෙල් වීදුරු තුලින් රූපවාහිනියක එළියක් පෙනුනා. වීදියේ එතරම් පිරිසක් සිටියේ නැහැ. ඔහු පිටුපස හැරී බැලුවා. අයිස්ක්‍රීම් වෙළෙන්දෙක් අසල සිටි මවක් හා කුඩා දරුවෙක් දෙසට ඔහුගේ නෙත් යොමු වුනා. නැවත හැරීමක් නැහැ.
ඔහු සිතට ධෛර්යය ගෙන දොරට එක් වරක් තට්ටු කරා. කිසිවෙකුගෙන්වත් පිළිතුරක් නිවස ඇතුලතින් පැමිණියේ නැහැ. ඔහු නැවත තුන් වතාවක් දොරට තට්ටු කරා. ඔහුගේ අතෙහි ඇති සෑම මාංෂපේෂියකටම රුධිරය වහනය වනවා ඔහුට දැනුනා. පඩිපෙළක් බැස යමෙක් ඇතුලෙන් පැමිණෙන සද්දය ඔහුට ඇසුනා. “ටිකක් ඉන්න මම එනවා” ඒ පිරිමි කෙනෙක්. ඇන්තනී තම අතෙහි තිබූ රිවෝල්වරය තද කරගත්තා. වෙඩි තැබීමට පෙර මේ හරිම කෙනා දැයි දැනගත යුතුයි. කිසිවක් මේ වතාවේ වරදින්න බැහැ. ඔහු තමන්ටම කියා ගත්තා.
දොර නිවස තුලට විවෘත වුනා.
ඇන්තනීට කෑගසනවා හැර වෙන කරන්න දෙයක් තිබුනේ නැහැ. ඔහුගේ මුවින් වචන පිටුනේ නැහැ. මේ සිදුවන දෙය ඔහුට අදහාගත නොහැකියි. පිට්ටනියේ අයිස්ක්‍රීම් අතැතිව සිටි ළමයාගේ අතින් අයිස්ක්‍රීම් බිම වැටුනු අතර ඔහු මවගේ කකුල බදාගත්තා. වීදියේ බයිසිකල් පදිමින් සිටි අය වහා නිවස දෙස බැලුවා. ගත වූයේ මොහොතයි. නිවස සිට් පුද්ගලයාගේ ග්රහණයෙන් ගැලවීමට නොහැකිව සිටි ඇන්තනීව ඔහු නිවසට ඇදගෙන ගියා.
ඇන්තනීගේ උදරයෙන් ලේ වහනය වුවත් ඔහුට කල යුත්තේ කුමක්දැයි වැටහෙන්නේ නැහැ. සියල්ල සිදු වීමට ගත වූයේ මොහොතයි. ඔහුට නිවසේ දොර වසා අගුලු දමන සද්දයක් ඇසුනා. ඇන්තනී බිම දිගේ ඉදිරියට ඇදෙත්ම පුද්ගලයෙක් ඔහු දෙසට පැමිණෙනවා පෙනුනත් ඔහුට සියල්ල අපැහැහැදිලිවයි පෙනෙන්නේ.
ඇන්තනී බිම දිගේ ඇදි ඇදී පසුපසට යනවාත් සමඟ ඔහුගෙන් ප්‍රශ්නයක් ඇසුවා. “ඇයි?”
ඇන්තනීට තම ජීවිතයේ අවසන් වතාවට ඇසුනේ ඔහු කී දෙයයි. “අපි සදාචාර නියෝජිතයෝ”
වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )http://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.com26tag:blogger.com,1999:blog-864762065141304889.post-77812360420879607312022-03-01T22:49:00.001+05:302022-03-01T22:49:06.020+05:30සතියට දවස් හතක් ආවේ කොහොම ද?
කාලය මැනීමේ දී අපි භාවිතා කරන ඒකක ඒ ආකාරයෙන් යොදාගන්න හේතු තියෙනවා. අවුරුද්දක් කියන්නේ ආසන්න වශයෙන් පෘතුවිය සූර්යයා වටා ගමන් කරන්න ගත වන කාලය. මාසයක් කියන්නේ ආසන්න වශයෙන් අපිට චන්ද්‍රයාගේ සම්පූර්ණ මුහුණතක් පෙනෙන්න ගතවන කාලය. දවසක් කියන්නේ ආසන්න වශයෙන් පෘතුවිය තමන්ගේ අක්ෂය වටා එක් වටයක් කරකැවීමට ගත වන කාලය. නමුත් අපි සතියට දින හතක් කියන්නේ ඇයි? ඒකට විශේෂ හේතුවක් තියෙනවා ද? දවස් හයක් හෝ අටක් හෝ නොගෙන දවස් හතක් ම සතියට අරගත්තේ ඇයි? ඇරත් ලෝකයේ බොහෝ ශිෂ්ටාචාර වල සතිය මැනීමේ දී භාවිතා කළේ දවස් හතක්. මේ සතියට දවස් හත ආවේ කොහොම ද? අද අපි හොයලා බලමු ඒ ගැන.
අවුරුද්දක තියෙන දවස් 365 හරියට ම හතෙන් බෙදෙන්නේ නැහැ. දශම ගණන් දිගට දිගට ඇදීගෙන යනවා. මාසයක දින තිහත් අවුරුද්දේ මාස දොළහත් හතෙන් බෙදෙන්නේ නැහැ. මේ නිසා සතියට දින හත අවුරුදු මාස ඔස්සේ ගත් අංකයක් කියලා සිතන්න අපහසුයි.
හත යන ඉලක්කම ලෝකයේ දුරාතීතයේ පටන් මිනිසුන්ගේ සාහිත්‍යයන් තුල තිබුනා. අද අපිට ඒවා සාහිත්‍යයන් වුනාට ඒවා ඇත්ත කියලා හිතපු කාලයකුත් තිබුනා. බයිබලයේ තියෙනවා දවස් හතෙන් ලෝකය මැවීමේ සිද්ධියක්. ලෝකයේ පළමු ශිෂ්ටාචාරය වන මෙසපොතේමියාවේත් දවස් හතෙන් ලෝකය මැවීමේ සිදුවීමක් සඳහන් වෙනවා. මරණීය පාප හතක්, සත්ගුණවත් ගුණාංග හතක්, සමුරායිවරු හත් දෙනෙක්, චීන සාහිත්‍යයේ එන වාසනාවන්ත දෙවිවරු හත් දෙනෙක් සහ මර්කියුරි හත ව්‍යාපෘති යනා දී වශයෙන් හත මිනිසුන්ට විශේෂ වුනා.
මර්කියුරි හත ව්‍යාපෘතිය නාසා ආයතනයෙන් පටන් ගත්තේ මිනිසුන් යොදාගෙන කරනු ලබන පලමු අභ්‍යවකාශයානා අභ්‍යවකාශගත කිරීම උදෙසා. මේ ව්‍යාපෘතිය තුල යානා හතක් අභ්‍යවකාශගත කරනවා. හැම යානයක ම නම අවසන් වෙන්නේ හත ඉල්ලක්කමෙන්. මේ ව්‍යාපෘතියට පලමුව තෝරා ගත්තෙත් හත් දෙනෙක්. මර්කියුරි ව්‍යාපෘතියේ සාර්ථක ප්‍රථිපල නිසයි මිනිසුන්ට හඳ මත පා තබන්න හැකියාව ලැබුනේ. නාසා ආයතනය හඳ මත පා තබන්න ඇපලෝ ව්‍යාපෘති හතක් දියත් කරනවා.
ඈත අතීතයේ ඉඳන් ම මිනිස්සු කාලය මැන්නේ අහසේ තියෙන ග්‍රහවස්තූන්ගේ චලනයක් බලලා. මේ ජනයා හඳුනාගත් ග්‍රහවස්තු හතක් තිබුනා. හඳ, බුද, සිකුරු, අඟහරු, සෙනසුරු, බ්‍රහස්පති සහ සූර්යයා. මුල් කාලයේ මිනිස්සු හිතුවේ පෘතුවිය මධ්‍යයේ තියලා අනෙක් ග්‍රහවස්තු පෘතුවිය වටේ යනවා කියලයි. මේකට අපිට ඒ කාලයේ මිනිස්සුන්ට වරදක් කියන්නත් බැහැ. මොකද ඒ අය නිගමන වලට එලබුනේ තම තමන්ගේ දැනුම් තේරුමේ හැටියට දකින නිරීක්ෂණ මත. ඒකත් හරියට වසර දහස් ගණනකට පෙර මෙසපොතේමියාවේ මිනිස්සු තමන් දැනගෙන හිටපු ප්‍රදේශ බොහොමයක් යට වෙන්න ගංවතුර දාපු නිසා ලෝකය ම යට වුනු මහා ජල ගැල්මක් ඇති වුනා කිව්වා හා සමාන යි. මේ වගේ මිනිස්සු දැක්කා පෘතුවිය වටේ ග්‍රහවස්තු හතක් චලනය වෙනවා. මේ ග්‍රහවස්තු කාලය මැනීමට උචිතයි කියලා හිතාගෙන ඒවා භාවිතයට අරගත්තා.
ආසියාව, යුරෝපය සහ අප්‍රිකාව වගේ ප්‍රදේශවල පැතිරිලා තිබුනු ශිෂ්ටාචාරවල මිනිස්සු විශ්වාස කරා එක් එක් ග්‍රහවස්තුවකට හිමිකම් කියූ දෙවි කෙනෙක් සිටිනවා කියලා. ක්‍රි.පූ. තුන්වෙනි සියවසේ දී ග්‍රීක ජෝතීර්වේදීන් කිව්වා ග්‍රහවස්තු හතට අරක්ගත් දෙවිවරු හත් දෙනාට පෘතුවිය එක් වරකට පාලනය කරන්න පුලුවන් පැයක කාලයක ට විතරයි කියලා. මේ නිසා සෙනසුරු ග්‍රහයා පැයක් පාලනය කරලා ඊළඟ පැය සූර්යයා පාලනය කරනවා. ඊට පස්සේ සඳු පාලනය කරනවා. ඔහොම පැය විසි හතරක් ගිය තැන ඊළඟ දවස පටන් ගන්නේ කලින් දවසේ පටන් ගත්ත ග්‍රහ වස්තුවෙන් (සෙනසුරු ග්‍රහයාගෙන්) නෙමේ. නැවත සෙනසුරු ග්‍රහයා දවසේ මුල් පැයට පැමිණෙන්නේ අටවෙනි දිනයේ. මේකට තමා සතිය කිව්වේ !
ඒ වගේ ම හැම දවසක ම මුල් පැය පාලනය කරන ග්‍රහවස්තුවේ නමින් එම දිනය නම් කරා. සෙනසුරු පාලනය කල දින සෙනසුරාදා, හිරු (ඉර) පාලනය කල දින ඉරිදා සහ සඳු පාලනය කල දිනය සඳුදා යනා දී වශයෙන්. සමහර ග්‍රහවස්තු වල නම් වලට කාලයත් සමඟ ලතින් භාෂාවෙන් වදන් භාවිතා වුනා. ඒ අනුව යි වර්තමාන සතියේ ඉංග්‍රීසි නම් හැදුනේ.
යුරෝපයේ ක්‍රිස්තියානි ආගම පැතිරෙනවාත් එක්ක ඉරිදා දවස සබත් දවස කියලා ඔවුන් නම් කරා විතරක් නෙමේ වැඩ කරන පලමු දවස විදිහට සඳුදා තෝරාගත්තා.
ලෝකයේ සෑම ශිෂ්ටාචාරයක ම පාහේ සතියේ දින නම් කරන්න මේ ක්‍රමය භාවිතා කරලා තියෙනවා. එකිනෙකට මුණ නොගැසුනු ශිෂ්ටාචාර පවා. බොහෝ ශිෂ්ටාචාර සතියේ දින ග්‍රහවස්තූන්ට අදාළ දෙවිවරුන් භාවිතා කරලා නිමවාගත්තත් එයින් එපිට ට ගිහින් දින හතකින් සතියක් නිර්මාණය කල කොට්ඨාසයක් ඉන්නවා. ඒ තමා හෙබ්‍රෙව් ජනයා. අද දකින්න ලැබෙන ජුදෙව් වරුන්ගේ ආදිතමයෝ.
මොවුන් සතියට දින හත යොදාගත්තේ තමන්ගේ ආගමික ග්රන්ථ වූ ටෝරාවේ සඳහන් දින හතේ මැවීමක් ගැන සඳහන් වන නිසා. ඒ ක්‍රි.පූ. පස්වන සියවස වගේ කාලයක දී. ග්‍රීකවරු ග්‍රහවස්තු ඔස්සේ සතියේ දින හත හදන්නත් කලින්. මම කලිනුත් කිව්වා වගේ මේ දින හතේ මැවීම එන්නේ ලෝකයේ පලමු ශිෂ්ටාචාරයෙන්. අතිශය පැරණි සංකල්පයක් මේක. මොවුන් දින හත නම් කලේ පලමු දිනය, දෙවන දිනය හා තෙවන දිනය යනා දී වශයෙන්. හත්වන දිනය ඔවුන් නම් කාඅ සබත් දිනය කියලා. වර්තමාන සබත් වචනයේ මූලය එන්නේ ශබාට්ටූ යන මෙසපොතේමියානුවන්ගේ උත්සවයෙන්. ඒ උත්සවයෙන් ඔවුන් සැමරුවේ පූර්ණ චන්ද්‍රයා පෙනීම නිමිත්තෙන් !
අපි අද මේ දකින චන්ද්‍රයා ම තමා ජේසුස්වහන්සේ බුදුන්වහන්සේ වගේ ම නියැන්ඩර්තාල් මානවයා හෝමෝ ඉරෙක්ටස් මානවයා පවා දැකලා තියෙන්නේ. දවස ගානේ පෙනිලා නැවතත් නොපෙනිලා යන මේ මහා වස්තුවේ හැඩය දවසින් දවස වෙනස් වෙලා නැවත මුල් පිහිටීමට එනවා කියලා වසර දහස් ගණනක ඉඳන් මිනිස්සු ඇස් දෙකෙන් ම දැක්කා. මේ නිසයි කාලය මැනීමේ පැරණිතම උපකරණය විදිහට චන්ද්‍රයා භාවිතා කළේ.
වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )http://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.com14tag:blogger.com,1999:blog-864762065141304889.post-35007457431362703292022-03-01T22:42:00.004+05:302022-03-01T22:42:58.006+05:30පැරිස්ගේ තේරීම
පහත තියෙනවා විශේෂ ඡායාරූප තුනක්. එකක් මම අරගත්තේ ලන්ඩන් වල බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ දී. අනෙක් දෙක ලන්ඩන් වලම National Gallery එකේ දී. මේ ඡායාරූප වල තියෙන දේවල් එකිනෙකට සම්බන්ධයි. ඒ සම්බන්ධය එන්නේ මම කැමතිම මාතෘකාවක් වන ග්‍රීක මිත්‍යා කතා තුලින්.
මේ කතාව පටන් ගන්නේ තීටිස් සහ පේලියස් නම් දෙදෙනාගේ විවාහ මංගල්‍යයෙන්. මේ විවාහ උත්සවයට ඒරීස් හැර ඔලිම්පස්හි හැම දෙවි දේවතාවුන් කෙනෙක්ටම ආරාධානා කරලා තිබුනා. ඒරීස් කියන්නේ 'අසමගිය' ඇතිකරන දේවතාවිය. විවාහ උත්සවයකට ඒ වගේ කෙනෙක් සම්බන්ධ වෙන එක හොඳ නැති නිසයි එයාට ආරාධනා නොකළේ.
හැමෝටම ආරාධනා කරපු විවාහ උත්සවයට තමන්ට ආරාධනා නොකරපු එක ගැන ඒරීස් තරහෙන් හිටියේ. මේ නිසා ඒරීස් මේ විවාහ උත්සවයට පැමිණියේ නැතත් උත්සව ශාලාවේ මේසයක් මත රත්තරන් ඇපල් ගෙඩියක් තියෙන්න සලස්වනවා. ඒ රත්තරන් ඇපල් ගෙඩියේ ලියලා තිබුනා 'ලෝකයේ පියකරු ම කාන්තාවට' කියලා.
මේ උත්සවයේ හිටපු කාන්තාවන් තුන් දෙනෙක්ට මේ ඇපල් ගෙඩිය ලබාගන්න ආශාවක් ඇති වුනා. එක් කෙනෙක් සියුස්ගේ බිරිඳ හේරා. අනෙක් කෙනා යුද්ධයට අධිපති දෙවඟන ඇතීනා. අවසාන වශයෙන් අලංකාරයට සහ ආදරයට අධිපති දෙවඟ වූ ඇෆ්‍රොඩයිට් හිටියා. මේ තුන් දෙනා අතරින් වඩාත් ම පියකරු කව් ද කියලා තෝරගන්න අපහසු නිසා එයාලා ගියා සියුස් ගාවට.
දැන් සියුස් ඉන්නේ ලොකු ප්‍රශ්නයක. තමන්ගේ බිරිඳ සහ දුවලා අතරින් කෙනෙක්ව තෝරාගන්න අවශ්‍යයි. සියුස් කියන්නේ දෙවියන්ගේ දෙවි වුනාට මේ ප්රශ්නයේ දී සියුස්ට තීරණයක් දෙන්න නොහැකි වුනා. මේ නිසා තුන් දෙනා අතරින් වඩාත් පියකරු කව් ද කියලා තෝරන්න සියුස් පත් කරනවා සාමාන්‍ය මිනිසෙක්ව.
ඒ පුද්ගලයාගේ නම තමා 'පැරිස්' කියන්නේ.
ක්‍රි.ව. දෙවන සියවසට අයත් පැරිස්ගේ පිළිරුවක්.
හේරා පැරිස් ගාවට ගිහිල්ලා කියනවා "මම තමා සියුස්ගේ බිරිඳ හේරා. වඩාත් ප්‍රියමනාප කාන්තාව විදිහට මාව තෝරගත්තොත් මම ඔයාව ලෝකයේ ධනවත් ම රජතුමා බවට පත් කරන්නම්. ඔලිම්පස් වගේ අනර්ඝ මාළිගාවක් හදලා දෙන්නම්." කියලා.
ඒත් එක්කම ඇතීනා පැරිස් වෙතට ඇවිත්;
"මම තමා යුද්ධයට හා දැනුමට අධිපති දෙවඟන ඇතීනා. මෙතෙක් සිටි අනර්ඝතම සෙන්පතියා බවට මම ඔබව පත් කරන්නම්. මිනිසුන් දහස් ගණනක් මෙහෙයවා අධිරාජ්‍යයන් ඔබ යටතට ගන්න ඔබට හැකියාවක් ලබා දෙන්නම්" කියලා කිව්වා.
අවසාන වශයෙන් ඇෆ්‍රොඩයිට් පැරිස් වෙතට ආවා.
"මම ආදරයට හා අලංකාරයට අධිපති දෙවඟන ඇෆ්‍රොඩයිට්. මම ඔයාට මං වගේ ම පියකරු කාන්තාවක් ව විවාහ කරලා දෙන්නම්."
වරයන් තුනක් තමා ඉදිරියෙන් තියෙද්දී පැරිස් තෝරගන්නේ ඇෆ්‍රොඩයිට් ව. නමුත් ඇෆ්‍රොඩයිට් මෙතන දී නොකීව දෙයක් තියෙනවා. ඒ තමා පැරිස් හට ලබා දෙන්නට පොරොන්දු වූ කාන්තාව මේ වෙනකොටත් විවාහ වෙලයි හිටියේ. ඒ ස්පාර්ටා වල මෙනලේයස් රජතුමා සමඟ.
මේ කාන්තාවගේ නම තමා ට්‍රෝයි හි හෙලන්.
මෙනලේයස් රජතුමාගේ බිරිඳ වන හෙලන්ව පැරිස් පසුකාලීනව පැහැරගෙන යාම නිසා තමා ග්‍රීක සාහිත්‍යයේ ප්‍රකට ට්‍රොජන් යුද්ධය ඇති වුනේ.
පැරිස් විසින් ඇෆ්‍රොඩයිට් ,ඇතීනා සහ හේරා අතරින් අයෙක්ව තෝරාගන්නා අවස්ථාව. Peter Paul Rubens (1597)
පැරිස් විසින් ඇෆ්‍රොඩයිට්ව තෝරාගත් අවස්ථාව.
වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )http://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.com1tag:blogger.com,1999:blog-864762065141304889.post-90123492456585735152021-12-25T16:00:00.003+05:302021-12-25T16:00:44.922+05:30දුටුගැමුණු හා නාගයෝ
ලංකාවේ ඕනම කෙනෙක් නම කිව්වත් අඳුනන රජ කෙනෙක් තමා ‘දුටුගැමුණු’ කියන්නේ. මහාවංශ කතුවරයා මහාවංශයේ වීරයා කරන්නෙත් මේ දුටුගැමුණු රජතුමාව. දුටුගැමුණු ගැන මහාවංශය තුල පරිච්ඡේද කිහිපයකින් ම විස්තර කරලා තියෙනවා. හැම කුඩා සිද්ධියක් ගැන ම විස්තරයක් තියෙනවා. නමුත් එක දෙයක් හැර.
රුවන්වැලි මහා සෑය දුටුගැමුණු රජතුමාගේ ප්‍රකට නිර්මාණයක්. මේ නිර්මාණය කරන අතරතුර රජතුමා හදිසියේ අසනීප වෙනවා. අසනීප වෙලා රුවන්වැලි මහා සෑය හදලා ඉවර වෙන්න කලින් මිය යනවා. රජතුමා අසනීප වුන බවක් ලියලා තිබුනත් එහෙම අසනීප වෙන්න හේතුව මොකක් ද? ලෙඩේ මොකක් ද? බෙහෙත් කලේ කව් ද? කියලා කිසි දෙයක් සඳහන් වෙන්නේ නැහැ. අච්චර ලොකුවට දුටුගැමුණුව විස්තර කරලා අන්තිමට මැරෙන්න හේතුව නොදාපු එක නම් ගැටලුවක්.
දුටුගැමුණුගේ මේ මරණය ගැන ජනකතාවක් නම් තියෙනවා. ඒ කතාව මේකයි. රුවන්වැලි මහා සෑය හදමින් ඉන්න අතරතුර මේ මහා සෑය වන්දනා කරන්න එනවා රූමත් නාග කන්‍යාවෝ කිහිප දෙනෙක්. ඔතනදි නාග කන්‍යාවෝ කියන්නේ ඉතින් රූපකයක්. නයි නෙමේ. නාග ගෝත්‍රයේ රූමත් මනුෂ්‍ය කාන්තාවෝ කියලා කියමුකෝ. මේ රූමත් කාන්තාවෝ මහා සෑය වඳින්න ආපු බව රාජපුරුෂයෝ රජතුමාව දැනුවත් කරනවා.
මේ තොරතුර දැනගත්තු රජතුමා වහාම යනවා මේ රූමත් කාන්තාවෝ බලන්න. බලලා නතර වෙන්නේ නැහැ. රජතුමා එක් කාන්තාවකගේ අතින් අල්ලලා යන්න දෙන්නේ නැතුව අල්ලගන්නවා.
“රජතුමනි, මාව අතාරින්න. මම නාග කන්‍යාවක්. මගේ ස්වාමිපුර්ෂයා නාග රාජයෙක්.” නාග කන්‍යාව රජතුමාට කිව්වා.
“නාග රාජයාට මම මොකටද බය වෙන්නේ, එනවා මෙහෙන්” කියලා රජතුමා මේ නාග කන්‍යාවව මාළිගාවට අරගෙන යනවා. ගිහින් මේ නාග කන්‍යාවත් එක්ක එකතුවෙනවා.
මේ එකතුවීමෙන් පස්සේ නාග කන්‍යාව රජතුමාට මෙහෙම කියනවා; “රජතුමනි මේ කිසිම දෙයක් කාටවත් දැනගන්න තියන්න එපා. මගේ ස්වාමිපුර්ෂයා දැනගත්තොත් මහා විනාශයක් වෙන්නේ.”
මෙහෙම කියලා මේ කාන්තාව යන්න කලින් කවදාවත් තිසා වැවට බහින්න එපා කියලා රජතුමාට එක් උපදෙසක් දෙනවා. මේ නාග කන්‍යාව ගෙදර ගියත් එයාගේ අමුතු හැසිරීම ගැන සැක හිතුනු නාග රාජයා දවසක් මේ ගැන ප්‍රශ්න කරනවා. එතනදී හැම දේම මේ නාග කන්‍යාව තමන්ගේ ස්වාමිපුර්ෂයාට කියනවා. මේ නිසා මේ නාග රාජයා දුටුගැමුණු රජතුමාත් එක්ක හිටියේ බොහොම කේන්තියෙන්.
මේ අතර රජතුමා මුලදි බය නැතුව කතා කරත් තිසා වැවේ නාන එක නතර කරනවා. නමුත් ටික කාලයකින් මේ අනතුරු ඇඟවීම ගැන රජතුමාට අමතක වෙලා තිසා වැවේ නාන්න යනවා. අවසානයේ මේ වැවේ හිටපු නයෙක් දෂ්ට කරලයි රජතුමා අසනීප වෙන්නේ.
ඒ තමා ජන කතාව.
නාග ගෝත්‍රිකයෝ මේ නාග කන්‍යාවගේ සිදුවීමට පෙර ඉඳන් ම දුටුගැමුණු රජතුමා සමඟ අමනාපයෙන් හිටියේ. ඒ තමන් වැඳපුදාගත් ධාතූන් වහන්සේලා රවට්ටලා අරගෙන රුවන්වැලි මහා සෑයේ තැන්පත් කරපු නිසා. මේ බව මහාවංශයේ තිස් එක්වෙනි පරිච්ඡේදයේ අපූරුවට තියෙනවා. රුවන්වැලිසෑයේ තැන්පත් කිරීමට නාග රජ්ජුරුවන්ගෙන් ධාතූන් ඉල්ලපු සෝණුත්තර තෙරුන්වහන්සේට නාගරජ්ජුරුවෝ මෙහෙම කියනවා;
“භික්ෂුව, බලනු මැන. නොයෙක් ආකාරයෙන්, නොයෙක් රන් රුවන්වලින් ඉතා සුන්දර ලෙස මනාකොට නිර්මාණය කරලා තියෙන මේ චේතියඝරය. තමුන්නාන්සේගේ ලංකාද්වීපයේ සියලු රන් රුවන් එකතු කළත් මෙහි පඩිපෙළ පාමුල ඇති සඳකඩපහණක් තරම්වත් වටිනාකමක් නෑ. මේ චේතියඝර ආදියේ ඇති මුතු මැණික්වල වටිනාකම ගැන කවර කතාද! ඒ නිසා භික්ෂුව, මහා සත්කාර ලැබෙන තැනකින් අල්ප සත්කාර ලැබෙන තැනකට ධාතූන් වහන්සේලා ගෙනියනවා යන මෙය තොපට ගැලපෙන දෙයක් නොවේ.”
නාගයෝ සහ දුටුගැමුණු රජ අතර තිබුණු අමනාපකම ඒ කාලයේ සමාජය දැනගෙන හිටියා. දුටුගැමුණු රජතුමාගේ මරණයට නාගයෝ සම්බන්ධ කතාවක් කාලයත් සමඟ පැටලුනේ ඒ නිසා විය යුතුයි.
[ඡායාරූපය - බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න]
වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )http://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.com6tag:blogger.com,1999:blog-864762065141304889.post-50474511163221036392021-12-20T18:57:00.008+05:302021-12-20T18:57:54.802+05:30අපි වයසට යන්නේ ඇයි?
ඔබ වසර 10,000කට පෙර ජීවත් වූ අයෙක් නම් ඔබගේ ආයු අපේක්ෂාව වසර තිහකට නොවැඩියි. ඔබ වසර 100කට පෙර ජීවත් වූ අයෙක් නම් ඔබගේ ආයු අපේක්ෂාව වසර 50කට නොවැඩියි. ඔබ මීට දශක කිහිපයකට පෙර ඉපදුනු අයෙක් නම් ඔබගේ ආයු අපේක්ෂාව වසර 80ක් දක්වා යා හැකියි.
තාක්ෂණයේ දියුණුවත් සමඟ මිනිසුන්ගේ ආයු අපේක්ෂාවත් ක්‍රමක්‍රමයෙන් වැඩි වුනා. කුඩා අවධියේ පටන් මැදි වියට එනතෙක් ම වයස්ගත වීම අපේ ශාරීරික වර්ධනයට බලපෑවා. වයසත් එක්ක ඇවිදින්න, දුවන්න වගේම නව ක්‍රියාකාරකම් රැසක් අපිට කිරීමට හැකියාව ලැබුනා. නමුත් අපගේ එක්තරා වයසක ඉඳන් මේ හැකියාවන් හීන වෙන්න පටන් ගන්නවා. අපි 'වයසට යනවා' කියලා කටවහරේ කියන්නේ ඒ කාලෙදි යි. නමුත් ඇයි අපි වයසට යන්නේ? තරුණ අවධියේ දී වයස්ගත වීම ශාරීරික වර්ධනයට හේතු වෙලා තවත් කාලයක දී වයස්ගත වීම ශරීරයේ දුබලතාවට හේතු වුනේ කොහොම ද? අපි අද සොයා බලමු ඒ ගැන.
වයස්ගත වීම කියන්නේ රෝගයක් නෙමේ. දියවැඩියාව, ඇල්සයිමර් සහ ක්ෂයරෝගය ආදී දේවල් රෝග. වයස්ගත වීම මේ සමහර රෝග වලට හේතු වෙන්න පුලුවන් වුනත් වයස්ගත වීම රෝගයක් ලෙසින් සැලකෙන්නේ නැහැ.
අපි වර්ධනය වෙන්නේ සෛල බෙදීමෙන්. එකෙන් දෙකක් දෙකෙන් හතරක් ආදී විදිහටත් තවත් ආකාර වලටත් අපේ ශරීරයේ සෛල බෙදෙනවා. මේ බෙදීමේ දී අපේ සෛල වල තියෙන වර්ණදේහත් ඒ එක්කම බෙදෙනවා. පාරම්පරික ලක්ෂණ ඉදිරි පරපුර අරගෙන යන්නේ මේ වර්ණදේහ තුලින්. මේ සෛල බෙදීම සම්බන්ධයෙන් හෙෆ්රික් නම් වූ විද්‍යාඥයෙක් විශේෂ සොයා ගැනීමක් සිදු කරනවා. ඔහු පවසනවා අපේ ශරීරයේ සෛල වලට බෙදීමට හැකියාවක් ලැබෙන්නේ නිශ්චිත ප්‍රමාණයක් දක්වා පමණයි කියලා.
වර්ණ දේහ වල කෙලවර සෑදී ඇත්තේ 'ටිලමියර්' නම් වූ ද්‍රව්‍යයකින්. මේ ටිලමියර් වර්ණ දේහ තුල තිබෙන්නේ වර්ණ දේහ වලට සිදුවන හානි වලින් ආරක්ෂා කරගන්න. නමුත් සෛල බෙදීමේ ක්‍රියාවලියේ දී මේ ටිලමියර් ටිකෙන් ටික කොට වෙනවා. ටිලමියර් කොට වෙලා කොට වෙලා අන්තිමේ දි නැති වුනාම යි සෛලයේ බෙදීම අවසන් වෙලා සෛලය මිය යන්නේ. අපි වයසට ගිහින් මිය යන්නෙත් මේ හේතුව නිසා.
ටිලමියර් කොට නොවෙන එක් සත්වයෙක් ඉන්නවා. ඒ තමා පොකිරිස්සා. පොකිරිස්සන්ගේ ශරීරයේ සෛල වර්ධනය වෙනකොට ඒවායේ ටිලමියර් කොට වෙන්නේ නැහැ. ඒ ටිලමොරේස් නම් එන්සයිමය නිසා. මේ නිසා පොකිරිස්සන් දිනෙන් දින ශක්තිමත් වෙනවා මිසක් මොන මොහොතකදිවත් වයසට යන්නේ නැහැ. ඒ සත්තු මිය යන්නේ මිනිස්සු වගේ තවත් සතෙක් උන්ව කෑවොත් විතරයි.
දැන් කෙනෙක්ට හිතෙන්න පුලුවන් අපිටත් පොකිරිස්සගේ වගේ ටිලමියර් කොට වෙන්නේ නැතිව තිබ්බනම් හොඳයිනේ කියලා. නමුත් ඒක හිතන තරම් හොඳ දෙයක් නම් නෙමේ.
අපේ ශරීරයේ පිළිකා සෛලත් ක්‍රමක්‍රමයෙන් ගුණනය වෙනවා. මේවායේ වර්ණදේහ වල තියෙන ටිලමියර් කොට වෙන්නේ නැහැ. මේ නිසයි පිළිකාවක් පැතිරීම වළක්වන්න අපහසු. සාමාන්‍ය විදිහට සෛල බෙදිලා ටිලමියර් කොට වෙලා සෛල මිය යනවා නම් පිළිකා සෛලත් කාලයකින් අපේ ශරීරයෙන් තුරන් වෙන්න තිබ්බා. නමුත් එහෙම වෙන්නේ නැහැ.
මේ හේතුව නිසාමයි අපේ ශරීරයේ අනෙකුත් සෛල වල ටිලමියර් කොට වෙන්නේ. එහෙම නොවුනා නම් ඒවායේ රෝග කාරකයක් තිබුනොතින් ඒ රෝග කාරකයත් නොනවත්වා ගුණ වෙන්න තිබුනා.
එහෙම බැලුවොත් අපේ වයසට යෑමත් එක්තරා ආකාරයක අපිව ආරක්ෂා කරගන්න ශරීරය යොදන උපක්‍රමයක්.
වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )http://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.com5tag:blogger.com,1999:blog-864762065141304889.post-32209237910548164472021-12-16T11:37:00.005+05:302021-12-16T11:37:48.958+05:30මළ පොතේ අකුර දැකලා තියෙනවා ද?
අතීතයේ දී ගැමි ගෙදරක මරණයක් සිදු වුනාම ඒ මරණය ඍජුව පැවසීම අසුබ යැයි සිතූ නිසා ගම්මුන් විශේෂ අක්ෂරයක් සහිත තල්පතක් ගම වටා රැගෙන ගියා. ඒ අකුර දුටු පමණින් යනෙකුගේ මරණයක් හැඟවෙන බවත් මෙයට මළපොතේ අකුර යැයි කියැවෙන බවටත් කතාවක් මම අහලා තියෙනවා. සමාජ ජාලා තුල පමණක් නොව අන්තර්ජාලයේ ඔබ මෙම මළ පොතේ අකුර කුමක්දැ යි සෙව්වොත් පහත පින්තූරයේ දැක්වෙන අක්ෂරය පැමිණෙනවා.
නමුත් සැබවින් ම මේ මළපොතේ අකුර ද? මළ පොතේ අකුර මෙය යැයි කීවත් එය සනාථ කිරීමට කිසිදු සාධකයක් මට හමුවූයේ නැහැ. මළ පොතේ අකුර මෙය යැයි කියන කිසිවෙකුටවත් මේ මළ පොතේ අකුර යැයි සනාථ කල හැකි යැයි මම සිතන්නෙත් නැහැ.
එසේ නම් මළපොතේ අකුර කියන්නේ මොකක් ද?
මළ පොතේ 'අකුර' නමින් යෙදුමක් බහුලව භාවිතා වුනත් මළ පොතේ 'අකුරු' නමින් බහු වචන පදයකුයි ගැමියෝ භාවිතා කළේ. මාලනී බුලත්සිංහල මහත්මිය වුනත් කියන්නේ මළ පොතේ 'අකුරු' බෑ කී මිනිහා ඉංගිරීසි පත්තරේ මුල ඉඳන් අගට බලනවා මිසක් මළ පොතේ 'අකුර' බැරි මිනිහා එහෙම කරනවා කියලා නෙමෙයිනේ.
සමහරු ඉස්පිළි පාපිළි නැති නිසා 'ඉ' ස්වරයට මළ පොතේ අකුර යැයි හඳුන්වනවා. නමුත් ඉස්පිළි පාපිළි යෙදෙන්නේ නැති තවත් අක්ෂර තියෙන නිසා 'ඉ' අක්ෂරයට මළ පොතේ අකුර කීමත් පිළිගන්න අපහසුයි.
ගැමි පුද්ගලයෙක් මියගියා ම අක්ෂරයක් අඩංගු තල්පතක් ගම වටා රැගෙන යන කතාවත් තරමක් පිළිගන්න අපහසුයි. එහෙම දෙයක් කිසිම ඓතිහාසික මූලාශ්‍රයක සඳහන් වෙන්නේ නැහැ. ඒ නිසා මේ අදහස පසු කාලීනව ඇතිවූ අදහසක් වෙන්න ඕන. ඇරත් ගැමියෙක් මැරුණම ඒක කටින් කියන්න බැරි ඇයි? කෙනෙක්ගේ මරණයක් වචනයෙන් පැවසීම අසුබ යැයි සඳහන් තැනකුත් නැහැ. මේ හේතු කාරණා නිසා අතීත ගැමියෙක් මිය ගියාම අක්ෂරයක් ලියූ තල්පතක් ගම වටේ රැගෙන යන කතාව අපිට බැහැර කරන්න වෙනවා.
ගැමි සංස්කෘතිය තුල සෑදෙන මිත්‍යාවක් පිටිපස්සේ සැඟවුනු සත්‍යයක් තියෙන්න පුලුවන්. මළ පොතේ අකුරු වල කතාවත් ඒ වගේ.
වර්තමානයේ දී නම් මළ ගෙදරක දී සතිපට්ඨාන සූත්‍රය සඡ්ඣායනා කරනවා. අතීතයේ දී සඡ්ඣායනා කල ජාතක කාව්‍යයක් තිබුනා.
ඒ වෙස්සන්තර ජාතක කාව්‍යය.
වෙස්සන්තර කාව්‍යයයේ (වෙසතුරු දා කව) දරුවන් දන් දෙනකොට මහ පොළොව කම්පා වුන විදිහ ඇහෙනකොට මළ ගෙදරක තියෙන ශෝකය තුනී වෙනවා කියලා අතීත ගැමියෝ විශ්වාස කළා. මේ නිසා හැම මළ ගෙදරක ම වෙස්සන්තර ජාතක කාව්‍යය සඡ්ඣායනා කළා.
අතීත ගැමියෝ මළ පොත කීවේ ඒ වෙස්සන්තර ජාතක කාව්‍යය ලියූ තල්පතට. මේ තල්පත කියවන්න පුලුවන් වෙන්නේ අකුරු සාස්තරේ දන්න අයට විතරයි. ගමේ බොහෝ දෙනෙක් අකුරු සාස්තරේ දන්නේ නැති නිසා මේ මළ පොත, එහෙමත් නැතිනම් වෙස්සන්තර ජාතක කාව්‍යය කියවන්න පුලුවන් වුනේ කිහිප දෙනෙක්ට විතරයි.
ටික කාලයක් යනකොට මිනිස්සුන්ට මේ ජාතක කාව්‍යයේ කවි ටික ඇහිලා ඇහිලම කට පාඩම් වෙනවා. අකුරු සාස්තරේ නොදන්න කෙනෙක් වුනත් තල් පත අතේ තියාගෙන කටපාඩමින් කවි ටික කියන්න පුලුවන් වුනා.
ඒත් සමහරු ජාතක කාව්‍යය නිතර ඇහිලත් කටපාඩම් කරගත්තේ නැහැ. මේ අයට තමා ගම්මු කීවේ 'මළ පොතේ අකුරුවත් බැරි මිනිහෙක්' කියලා.
වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )http://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.com6tag:blogger.com,1999:blog-864762065141304889.post-21434721482450608602021-12-14T21:25:00.004+05:302021-12-14T21:25:27.370+05:30දෙවියන් සහ මිනිස් මොළය
යුරෝපයේ පුනරුද සමයේ සිටි කලාකරුවෝ තම කලා නිර්මාණ වල සියුම් තැන් පිළිබඳව ඉතා ඕනෑකමින් සොයා බැලුවා. එවන් ශිල්පීන් අතර මයිකල් ඇන්ජලෝ නම කලා ශිල්පියා ඉතා විශේෂ යි. ඔහු නිමවූ මෝසෙස්ගේ පිළිමයේ මෝසෙස් දකුණු අතෙහි උඩ කොටසේ නහරයක් සමෙන් ඉලිප්පී පෙනෙයි. වර්තමාන වෛද්‍ය විද්‍යාත්මක සොයා ගැනීම් වලට අනුව නම් එම නහරය පිටතට පෙනෙන්නේ අපගේ අතේ සුළු ඇඟිල්ල ඉහලට එසෙව්වොත් පමණි. මයිකල් නිමවූ මෝසෙස්ගේ පිළිමයේ මෝසෙස් තම සුළු ඇඟිල්ල ඉහලට ඔසවාගෙන සිටියි.
අපගේ ගෙල ප්‍රදේශයේ ඇති කණ්ඩරික ශිරාව පිටතට පෙනෙන්නේ අප කලබලයෙන් තිගැස්සී සිටින විට යි. මයිකල් ඇන්ජලෝ නිපදවූ දාවිත්ගේ පිළිරුවේ ඉතා සියුම් ව එම ශිරාව පෙනෙයි. දාවිත්ගේ පිළිමයේ නිරූපණය වන්නේ ඔහු ගොලායත් නම් පිළිස්ති යෝධයාත් සමඟ සටනට මොහොතකට පෙර අවස්ථාවකි. එමනිසා එම මොහොතේ දාවිත් තිගැස්සී සිටි බව හොඳාකාරවම කිව හැකියි. මෙම වෛද්‍ය විද්‍යාත්මක සොයා ගැනීම් මයිකල් ඇන්ජලෝගේ අවධියේ දී සිදු වූ දේවල් නොවේ. සමහර සොයා ගැනීම් මයිකල්ගෙන් වසර සියයකටත් පසු සොයාගත් ඒවා ය. එම නිසා එකල කලා ශිල්පීන්ට සිතුවම් ඇඳීමට අමතරව මළ සිරුරු විච්ඡේදනයෙන් ලත් විශාල දැනුමකුත් තිබුනු බව අප මතකයේ තබා ගත යුතුයි.
මයිකල් තමන්ගේ කලා නිර්මාණ වලට මෙවන් වෛද්‍ය විද්‍යාත්මක කරුණු ඇතුලත් කල අවස්ථා වලට ඇත්තේ උක්ත සඳහන් කල ඒවා පමණක් ම නොවේ. එවන් ආකාරයේ සිතුවම් අතරින් මගේ ප්‍රියතම සිතුවමක් ඇත්තේ වතිකානයේ සිස්ටයින් දේවස්ථානයේ සිවිලිමේ ය. මයිකල්ට ස්වර්ගය හා දෙවියන් සම්බන්ධ කරමින් සිස්ටයින් දේවස්ථානයේ සිතුවම් කිරීමට අවසර දෙන්නේ එකල සිටි පාප්වහන්සේ විසින්. මයිකල් එහි සිතුවම්කරණයේ නියැලෙන්නේ එම සිතුවම් එකල මෙන් ම වර්තමානයේ සිතුවම් වලට ද අභියෝගයක් එක් කරමින්.
ක්‍රිස්තියානි ආගමේ ලෙසට ලොව පලමු මිනිසා වන ‘ආදම්’ දෙවියන්වහන්සේ විසින් දූවිල්ලෙන් මවයි. මයිකල් ඇන්ජලෝ විසින් එම ආදම්ව මැවීම සිස්ටයින් දේවස්ථානයේ සිතුවම් කරන්නේ සිවිලිමේ. මෙහි දී වම් ආදම් සිටින අතර දකුණු පස දෙවියන් සිටියි. මයිකල්ට පෙර දෙවියන් නිරූපණයට අලෝකයක් වැනි දේ යොදා ගත්තත් ඔහු දෙවියන්ව නිරූපණය කලේ වයෝවෘධ පුද්ගලයෙක් ලෙසින්. එය එකල සම්ප්‍රදායට පිටින් යෑමකි. දෙදෙනාගේ ඇඟිලි ගෑවී නොගෑවී තිබේ. දෙවියන් වටා කුඩා දරුවෝ ද දෙවියන් කරට අත දා සිටින තම ඉපදුනේ නැති පලමු කාන්තාව ලෙසින් හැඳින්වෙන 'ඒව' ද සිටින අතර සියලු දෙනා වටා රතු පැහැති රෙදි කඩක් තිබේ.
සාමාන්‍ය නරඹන්නෙක්ට නම් මෙය අලංකාර සිතුවමක් පමණයි. නමුත් 1990 වසරේ දී මෙම සිතුවම දුටු වෛද්‍ය ෆ්රෑන්ක් ලින්ක් මේ ගැන ඉදිරිපත් කළේ වෙනත් ම අදහසක්. ඔහු පැවසුවේ දෙවියන්ව නිරූපිත කොටස හුදෙක් සිතුවමක් පමණක් නොව එහි ඇත්තේ මිනිස් මොළයක හරස්කඩක් බවයි. දෙවියන්ගේ හැඩයෙන්, දරුවන්ගේ ගෙල හැරවී ඇති ආකාරයෙන්, කකුල් පිහිටලා තිබෙන ආකාරයෙන් මොළයේ කොටස් නිරූපණය වන බව කියා ෆ්රෑන්ක් පර්යේෂණ පත්‍රිකාවක් එම වසරේ ඉදිරිපත් කරා. මෙම සිතුවමේ මොළය සබ බෙල්ල සම්බන්ධ කරන නහරයකුත් කොල පැහැයෙන් මයිකල් සිතුවම් කර තිබෙනවා. මේවායේ ඉතා නිරවද්‍යතාව නිසා මෙම සිතුවම මොළයට සමාන වීම අහම්බයක් ලෙසින් කිසිසේත් ම හඳුන්වාදිය නොහැකියි.
මයිකල් ඇන්ජලෝ විසින් වසර ගනනාවක් වෙහෙස මහන්සි වී සිරුරු විච්ඡේදනය කිරීමෙන් ලත් වෛද්‍ය දැනුම තම සිතුවම් වලට භාවිතා කිරීම ගැන වසර පන්සීයකට පසු අදත් කතාබහට ලක් වීම ඉතා පුදුම දනවන සුළුයි. මයිකල් ඇන්ජලෝ විශේෂ වන්නේ ඒ නිසා පමණක් ම නොවේ. ආගමික පැලැන්තිය ඉතා බලවත්ව සිටි අවධියක දී දෙවියන් යනු මිනිස් මොළයේ නිර්මාණයක් බව අදටත් පාප්වහන්සේව තෝරාපත්කරගන්නා ස්ථානයේ සිතුවම් කිරීමට තරම් එඩිතර වූ පුද්ගලයා ද මයිකල් ඇන්ජලෝ වන නිසාය.
වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )http://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.com18tag:blogger.com,1999:blog-864762065141304889.post-40010458070506641192021-12-12T21:50:00.001+05:302021-12-12T21:50:48.236+05:30පරම්පරාව, චෙස් සහ රෝමියෝ ජුලියට්
මගේ නම අවසන් වෙන්නේ ‘ප්‍රනාන්දු’ යන නමෙන්. මට මේ නම ලැබුනේ මගේ පියාගෙන්. තුෂාර ප්‍රනාන්දු තාත්තාගෙ නම. අපේ සීයගේ නම ඇලන් ප්‍රනාන්දු. අපි නම් කිව්වේ පප්පා කියලා මිසක් සීයා කියලා නෙමේ. පප්පාගෙත් තාත්තාගේ නම පීටර් ප්‍රනාන්දු. මගේ අම්මාගේ නම මිහිරි පෙරේරා. අම්මාගේ තාත්තාගේ නම මර්වින් පෙරේරා. ඔයාලා දන්න ගායකයා නම් නෙමේ. සීයගේ සම්පූර්ණ නම මහරගේ ක්ලැරන්ස් මර්වින් පෙරේරා. ගායකයෝ දෙන්නෙක්ගෙම නම් තියෙනවා එතන. සීයගේ තාත්තගේ නම අන්තෝනියෝ පෙරේරා.
මට මගේ පරම්පරාවේ සුළු හෝ කරුණක් දන්න උපරිමයට ම කියන්න පුලුවන් ඔච්චරයි.
මම මගේ සහෘද පාඨකයන්ගෙන් අහන්න කැමතියි ඔයාලට ඔයාගේ පරම්පරාවේ සීයලා කී දෙනෙක් නම් කරන්න පුලුවන් ද කියලා. අඩුම තරමේ වලව් පෙළපතකින් පැවත එන කෙනෙක්ට වුනත් තමන්ගේ සීයලා අට දෙනෙක්ව ආපස්සට කියන්න බැහැ මතකයෙන්. අපේ මතකයේ තියෙන්නේ අපේ පරම්පරාවේ සුළු කොටසක් විතරයි. අපෙන් පස්සේ පරම්පරා තුලින් අපිව මතකයෙන් ගිලිහිලා යනවා මහ කාලයක් යන්න කලින්.
එහෙම බලනකොට අපි මේ රකින්න උත්සහ කරන ‘ජාතිය’ කියන එක ගැනත් ඇත්තට ම අපි මොනව ද දන්නේ? මම ක්‍රිස්තියානි වුනාට මගේ පරම්පරාවේ ආදිතමයන් බෞද්ධ අය වෙන්න ඇති. ඒ බෞද්ධ අයගේ පරම්පරා වල ආදිතමයන් යක්ෂ නාග ගෝත්‍රිකයන් වෙන්න ඇති. ඔවුන්ගෙනුත් ආදිතමයන් හිරු සඳු අදහපු පූර්ව ඓතිහාසික යුගයේ අය වෙන්න ඇති. ඔහොම දිගින් දිගට ම යනකොට අද වෙන් වෙන්ව තියෙන හැම ජාතියක ම ආගමකම අයට පැවත එන්නේ එක ම කොට්ඨාශයකින් කියලා නිගමනයට එන්න පුලුවනි.
අපි ඉස්කෝලේ යන කාලයේ තිබුනා රෝමියෝ සහ ජුලියට් කියලා ශේක්ස්පියර්ගේ කතාවක්. මේ කතාවේ රෝමියෝ සහ ජුලියට් හිටපු පවුල් දෙක ජන්මාන්තර වෛරක්කාරයෝ. මේ වෛරය කොතරම් පරන ද කියනවා නම් පවුල් දෙක තුල වෛරය පටන් ගන්න හේතුවක් කතාවේ කියන්නේ නැහැ. ඒ ඇයි කියනවා නම් කතාවේ වර්තමානයේ ජීවත් වුනු එක චරිතයක්වත් ඒ වෛරයට හේතුව දැනගෙන හිටපු නැති නිසා.
අපිත් මේ වගේ තමා විවිධ ජාතීන් අතර ගැටුම් ඇතිවෙනකොට අපිට පරම්පරාවෙන් දායාද වුනු දේවල් ඉදිරියට අරගෙන යනවා විතරයි ඒවා දායාද වුනේ කොහොමද කියලා හොයලා බලන්නේ නැහැ. පරම්පරා ගැන කියනකොට මට මතකෙට එන්නේ ‘චෙස්’ ක්‍රිඩාව.
චෙස් ක්‍රීඩාව සංස්කෘතීන් කිහිපයක එකතුවකින් සෑදුනු ක්‍රීඩාවක්. ඉන්දියාවේ රජ කෙනෙක්ට අවශ්‍ය වුනා වාසනාව උරගා නොබලන ක්‍රීඩාවක් නිර්මාණය කරන්න. මොකද ඒ කාලයේ තිබුනු හැම ක්‍රීඩාවක් ම පාහේ කාසියක් දාදු කැටයක් උඩ දමා වාසනාව උරගා බැලුවා. ඒ අනුවයි චෙස් ක්‍රීඩාව උපත ලබන්නේ ඉන්දියාවේ. මේ ක්‍රීඩාවේ ඇත් අස් රිය පාබල කොටස් හතර ම තිබුනු නිසා ෂත්රන්ජ් නොහොත් චතුරංගනී කියලයි කිව්වේ. සිරසට හා තිරසට කොටු අට බැගින් තිබුනු ලෑල්ලකයි ක්‍රීඩාව කලේ.
මේ ක්‍රීඩාවට පර්සියාවෙනුත් කොටස් එකතු වුනා. පර්සියාවේ රජතුමාට පොදුවේ කිව්වේ ‘ෂාහ්’ කියලා. ඒ රජතුමා මැරුණම කිව්වේ ‘ෂාහ් මාත්’ කියලයි. චෙස් ක්‍රීඩාවේ ‘චෙක් මේට්’ වදන හැදුනේ ‘ෂහ් මාත්’ වදනින්. චෙස් ක්‍රීඩාව කාලයත් එක්ක විවිධ සංස්කෘතීන්ගෙන් පෝෂණය වුනා.
වාසනාව උරගා නොබලන ක්‍රීඩාවක් තමන්ගේ යටත් වැසියෙක්ට හදන්න පුලුවන්කම ලැබුන නිසා ඉන්දියාවේ රජතුමා හිටියේ බොහොම සතුටින්.
“මට හරිම සතුටු යි ඔබගේ මේ නිර්මාණය ගැන. ඔබ කැමති ත්‍යාගයක් ඉල්ලන්න, මම ඔබට ඒ දේ ලබා දෙන්නම්” රජතුමා කිව්වා.
“රජතුමනි මම හරි ම සරල පුද්ගලයෙක්, ඒ නිසා ඔබතුමා මේ ක්‍රීඩාවේ දී එක් කොටුවකට ඉත්තෙක් දැම්මොත් මට හාල් ඇටයක් දෙන්න. ඊලඟ කොටුවට ඉත්තෙක් දැම්මම හාල් ඇට දෙකක් දෙන්න. ඊටත් පස්සේ කොටුවට ඉත්තෙක් දැම්මම හාල් ඇට හතරක් දෙන්න.” යටත් වැසියා කිව්වා.
රජතුමා හිතුවා මේක හරිම සරල සුළු දෙයක්නේ කියලා. රජතුමා ක්‍රීඩාව කරන්න කලින් ගාල් මළුවක් අරගෙන එන්න කියලා රාජ පුරුෂයින්ට කිව්වා. ඒත් එක්ක ම රජතුමාගේ පුරෝහිත කෙනෙක් ගණන් හදලා බැලුවා ඇත්තට ම රජතුමා මේ යටත් වැසියාට කොතරම් හාල් ඇට ප්‍රමාණයක් දෙන්න ඉන්නවද කියලා.
පළමු කොටුවට එක හාල් ඇටයයි. දෙවන කොටුවට දෙකයි. තුන්වන කොටුවට හතරයි. හතරවන කොටුවට අටයි. පස්වන කොටුවට දහසයයි. හයවන කොටුවට තිස් දෙකයි. හත්වන කොටුවට හැට හතරයි. අටවන කොටුවට එකසිය විසි අටයි. අටවන කොටුවට දෙසිය පනස් හයයි. නමවන කොටුවට පන්සිය දොළහයි. දහවන කොටුවට එක්දාස් විසි හතරයි.
දහවන කොටුවෙ දි විතරක් සහල් ඇට දාහක් ලැබෙනවා මේ යටත් වැසියාට. ඒ විතරක් නෙමේ දහවන කොටුවට කලින් තිබුනු කොටුවල දි ලැබුනු සහල් ඇටත් මේ යටත් වැසියා ලඟ තියෙනවා.
“රජතුමනි, මේ යටත් වැසියා මොහොතකට කලින් ඔබතුමාගෙන් ඉල්ලුව සහල් ප්‍රමාණය පෘතුවියේ මෙතෙක් පැවති සහල් ප්‍රමාණයටත් වඩා වැඩියි” පුරෝහිත රජතුමාට කිව්වා.
අවසානයේ දී රජතුමා යටත් වැසියාගේ හිස ගසා මරා දැමුවා. බොහෝ කතා අවසන් වෙන්නේ එහෙමයි.
චෙස් ක්‍රීඩාවේ කොටු කිහිපයක් ඉදිරියට යනකොට මුළු ලෝකය ම මෙතෙක් පරිභෝජනය කල සහල් ප්‍රමාණය ලැබෙනවා වගේ තමා අපේ පරම්පරා ත්. අපි පරම්පරා කිහිපයක් ආපස්සට ගියාම අපි හැමෝම එකම තැනක දී එකතු වෙනවා.
අපි මේ සරල දේ දේරුම් ගත්තේ නැත්නම් අපිට වෙන්නේ පවුල් දෙකක හේතුවක් නොදන්නා වෛරයක් නිසා රෝමියෝ ජුලියට් මැරුණා වගේ ම මැරෙන්න.
වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )http://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.com12tag:blogger.com,1999:blog-864762065141304889.post-87419558463768914962021-11-15T22:04:00.002+05:302021-11-15T22:04:22.643+05:30රතු හැට්ටකාරියගේ නොදත් කතාව
දවසක් පිටිසර ගමක ඉන්න අම්මා කෙනෙක් තමන්ගේ දුවට කියනවා කැලයේ මැදක රෝගාතුරව ඉන්න දුවගේ අත්තම්මාට කෑම ටිකක් ගිහින් දෙන්න කියලා. කේක් එකකුයි වයින් බෝතලයකුයි දුවගේ අතට දීලා කියනවා අත්තම්මාගේ ගෙදරට යන පාරෙන් ඉවතට යන්නේ නැතුව මගදි හමුවෙන කාත් එක්කවත් කතා කරන්නේ නැතුව කෙලින් ම අත්තමාගේ ගෙදරට යන්න කියලා. මේ දුව අවුරුදු හතක් වගේ වයස කුඩා දරුවෙක්. මේ පොඩි ළමයා කෑම ටිකත් අරගෙන අත්තම්මාව බලන්න කැලය මැද්දෙන් යනවා.
ඒ යන අතරතුර දී මේ කුඩා ළමයට හමුවෙනවා වෘකයෙක්ව. වෘකයා මේ දරුවත් එක්ක කතා කරනවා. වෘකයා ප්‍රශ්න අහනවා කොහේ ද යන්නේ? කෑම පෙට්ටියේ මොනවා ද තියෙන්නේ? කියලා. මේ අහිංසක ළමයත් හැම දේම කියනවා. අත්තම්මාගේ ගෙදරට යන පාරත් හරියට ම කියනවා. මේ වෘකයා තීරණය කරනවා ළමයාට කලින් අත්තමාගේ ගෙදරට යන්න.
“මේ කැලයේ තියෙනවා හරිම ලස්සන මල් විශාල ප්‍රමාණයක්. ගිහින් ඒවා බලන්න” වෘකයා ළමයාට කියනවා.
ළමයත් අත්තමාගේ ගෙදරට යන පාරෙන් ඉවතට ගිහින් මලක් අතට අරගන්නවා. ඊට පස්සේ දකිනවා ඊටත් වඩා ලස්සන තවත් මලක්. ළමයා මේ මල අරගන්නත් යනවා. ඔහොම ඔහොම ගිහින් ළමයා අත්තම්මාගේ ගෙදරට එනකොට හවස් වෙලා තිබුනේ. අත්තම්මා සාමාන්‍යයෙන් දොර වහලා තියෙන්නේ නිතරම. නමුත් දැන් දොර විවෘත වෙලා තියෙන්නේ. කුඩා ළමයා නිවසට ඇතුල් වෙලා අත්තමාගේ කාමරයට යනවා.
මේ වෙනකොට වෘකයා අත්තමාව ආහාරයට අරගෙන අත්තමාගේ ඇඳුම් ඇඳගෙන ඇඳට වෙලා හිටියේ ළමයවත් රවට්ටන්න. දුව ඇඳ ගාවට ගියාම දකිනවා අත්තම්මා වෙනදට වඩා සෑහෙන වෙනස් කියලා.
“අත්තම්මේ ඔයාට විශාල කන් තියෙන්නේ ඇයි” කුඩා ළමයා ඇහුවා.
“ඒවා තියෙන්නේ ඔයා කියන දේවල් හොඳට අහන්න දරුවෝ” වෘකයා පිළිතුරු දුන්නා.
“අත්තම්මේ ඔයාට විශාල ඇස් තියෙන්නේ ඇයි?”
“ඒවා තියෙන්නේ ඔයාව හොඳට බලන්න දරුවෝ”
“අත්තම්මේ ඔයාට විශාල දත් තියෙන්නේ ඇයි?”
“ඒවා තියෙන්නේ ඔයාව කන්න දරුවෝ” කියනවාත් එක්කම මේ මහා නරක වෘකයා කුඩා ළමයව ගිලිනවා.
මේ අතරතුර දී අත්තම්මාගේ නිවස අසලින් දර කපන්නෙක් ගමන් කළා. මේ දර කපන්නා දැක්කා අත්තම්මාගේ නිවසේ දොර විවෘත වෙලා තියෙනවා. මේක අමුත්තක් නිසා දර කපන්නා අත්තමාගේ නිවස ඇතුලට ගියාම දැක්කේ විශාල වෘකයෙක්ව. සිදුවෙලා තියෙන දේ තේරුම්ගත්ත දර කපන්නා කතුරක් අරගෙන වෘකයාගේ බඩ කපලා කුඩා ළමයවයි අත්තම්මාවයි එළියට අරගෙන බේරගත්තා.
මේ කතාව ඔයාලා එක එක විදිහට අහලා ඇති. මම මුලින් ම මේ කතාව ඇහුවේ මගේ ආච්චිගෙන්. ඉස්සර ආච්චි අපිව නිදිකරවද්දී හැමදාම කියන්නේ මේ ‘රතු හැට්ටකාරි’ කතාව. වර්තමානයේ දී විවිධ මාධ්‍යයන්ගේ පලවෙන මේ කතාවේ ගලාගෙන යෑම එකම විදිහට තියෙන්නේ නැහැ.
අපිට හුරු පුරුදු මේ කථාන්දරය රචනා කරන්නේ ග්‍රීම් සොහොයුරෝ විසින්. ඒ 1856 වසරේ දී. කෙනෙක්ට හිතෙන්න පුලුවන් මේ කතාව සෑහෙන පරණයිනේ කියලා. ඇත්තට ම ගත්තොත් මේ කතාව ඔයාලා හිතනවට වඩා පරණයි. ග්‍රීම් සොහොයුරෝ මේ කතාව රචනා කරන්නේ ඔවුන්ටත් වසර දෙසීයකට වඩා පැරණි රචකයෙක් ලියූ කතාවක් පදනම් කරගෙන යි. ප්‍රංශ ජාතික චාල්ස් පෙරෝල්ට් 1697 වසරේ දී ‘රතු හැට්ටකාරි’ කතාව රචනා කරන්නේ පැරණි ජනකතා පදනම් කරගෙන. පෙරෝල්ගේ කතාව ග්‍රීම් සොහොයුරන්ගේ කතාවෙන් තරමක් වෙනස් වෙනවා.
පෙරෝල්ටේ කතාවේ රතු හැට්ටකාරියගේ අම්මා තමන්ගේ දුවට අත්තමාගේ නිවසට යන පාර හරියට කියන්නේ නැහැ. මේ දරුවා පාර හොයාගෙන යනකොට වෘකයාව දකිනවා. ග්‍රීම් සොහොයුරන්ගේ කතාවේ විදිහට ම වෘකයා ළමයාව රවට්ටනවා. ළමයා අත්තමාගේ නිවසට ගියාම ඇඳේ ඉන්න වෘකයාව ළමයට කියනවා ඇඳුම් ඉවත් කරන්න කියලා. ඊට පස්සේ සුප්‍රකට සංවාදය කරනවා. ළමයා වෘකයාගෙන් අහනවා විශාල කන් ඇස් සහ දත් තියෙන්නේ ඇයි කියලා. විදාල දත් තියෙන්නේ ඔයාව කන්න කියලා වෘකයා රතු හැට්ටකාරිව ආහාරයට ගන්නවා. කතාව එතනින් අවසන් වෙනවා පෙරෝල්ට්ගේ පොතේ හැටියට. අත්තම්මාව තියා රතු හැට්ටකාරියටවත් ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ. මේ කතාව තරමක් දරුණු නිසා වෙන්න ඕන ග්‍රීම් සොහොයුරෝ කතාව වෙනස් කරලා නැවත රචනා කළේ.
මීට සමාන තවත් කතාවක් චීනයේ කිං රාජවංශයෙන් අහන්න ලැබෙනවා. ඒ 17 වන සියවසේ දී. මේ කතාවේ වෘකයෙක් වෙනුවට ඉන්නේ කොටියෙක්.
රතු හැට්ටකාරිගේ කතාවේ ඉතිහාසට එතනින් නතර වෙන්නේ නැහැ. කලින් සඳහන් කල පෙරෝල්ට් තමන්ගේ කෘතියේ කියනවා තමන් මේ ලියන්නේ ජනකතා කියලා. රතු හැට්ටකාරිගේ කතාවට සමාන ජනකතාවක් ප්‍රංශයෙන් ක්‍රි.ව. 900 - 1000 අතර කාලයේ දී හමුවෙනවා. ඒ අදින් වසර දහසකට පෙර.
මේ ජනකතාවේ හැටියට වෘකයා අත්තම්මාව ආහාරයට අරගෙන අත්තමාගේ ශරීරයෙන් කොටස් කිහිපයක් කුස්සියෙන් තියෙනවා. අත්තමාගේ ලේ බෝතලයකට දාලා ඒත් එක්කම තියෙනවා. කුඩා ළමයා අත්තමාගේ ගෙදරට ආවම තමන් ගෙනාපු කෑම ටික කුස්සියෙන් තියලා කුස්සියේ තිබුනු අත්තම්මාගේ ශරීරයේ කොටස් ආහාරයට ගන්නවා ඒ තමන්ගේ අත්තම්මා කියලා නොදැන ! එක තැනක දී කුඩා ළමයා වෘකයාගෙන් අහනවා ඇයි මේ මාංශ හපන්න හරිම අමාරු කියලත්.
ඊට පස්සේ මේ වෘකයා ළමයට කියනවා එයා ඇඳන් ඉන්න ඇඳුම් එකින් එක ඉවත් කරන්න කියලා. ඊට පස්සේ තමන් එක්ක නිදාගන්න ඇඳට එන්න කියලා වෘකයා කියනවා. මෙන්න මෙතන දී නැවතත් සුප්‍රකට සංවාදය ඇතිවෙනවා. ළමයා අහනවා ඇයි විශාල කන් , ඇස් සහ දත් තියෙන්නේ කියලා. මේ සංවාදය අතරතුර දී ළමයා දකිනවා ඇඳෙන් එළියට ඇවිල්ලා තියෙන වෘකයාගේ වලිගය. මේ නිසා ළමයා ඇත්ත දැනගන්නවා.
“මට දැන්ම ම ඇඳට එන්න බැහැ. මම ඉක්මනට මූණ කට හෝදගෙන එන්නම්” ළමයා වෘකයාට කියන්නේ එතනින් පැනලා යන අදහසින්.
වෘකයා ළමයා පසුපස ආවොත් තමන් කවුද කියලා දැනගන්නවා කියලා හිතුන නිසා වෘකයා ළමයට කියනවා ළණුවකින් තමන්ව බැඳගෙන අනික් කොන අතට දෙන්න කියලා. ළමයත් එහෙම කරලා නිවසින් එළියට යනවා හෝදගෙන එන්න කියලා. නිවසින් එළියට ගිය හැටියේ ළමයා ළණුව ගලවා අසල ගහක ගැටගහලා දුවගෙන යනවා. වෘකයා මේ බව දැනගෙන ළමයා පසුපස්සේ හඹාගෙන ගියත් ළමයව අල්ලගන්න ලැබෙන්නේ නැහැ.
වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )http://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.com5tag:blogger.com,1999:blog-864762065141304889.post-16696295592896628012021-10-21T22:52:00.002+05:302021-10-21T22:52:45.837+05:30නමසිය අනූවේ පැය තුනේ ගුවන් ගමන අද පැය හය වුණේ ඇයි?
වසරෙන් වසර විද්‍යාව හා තාක්ෂණය දියුණු වනවාත් සමඟ අප අවට ලෝකය වඩාත් සුවපහසු වඩාත් කාර්යක්ෂම පද්ධති වලින් යුත් එකක් වන බවට පෙනෙන්නට තිබේ. දශකයෙන් දශකය සමාජය පැවතුනු ස්වභාවය සැලකීමේ දී ඒ බව වඩාත් කැපී පෙනේ. උදාහරණයක් ලෙස අසූව අනූව දශක වල පැවති දුම්රිය වලට වඩා ලෝකයේ අද භාවිතා වන දුම්රිය අධිවේගයෙන් ගමන් කරයි. නමුත් සෑම කරුනක් සම්බන්ධයෙන් ම මෙවන් ප්‍රගතියක් නිරීක්ෂණය කළ හැකි ද? අසූව අනූව දශකයේ තිබූ ගුවන් යානා වලට සාපේක්ෂව අද දකින්නට ඇති ගුවන් යානා ගමන් කරන්නේ ඉතා මන්දගාමී ව බව සමහරවිට ඔබ අසා නැතුවා විය හැකියි. විශ්වාස කිරීමට අපහසු වුවත් සත්‍ය එය යි.
1996 වසරේ දී බ්‍රිටිෂ් එයාවේස් සමාගමට අයත් ගුවන් යානයක් ඇමරිකාවේ නිව් යෝර්ක් නගරයේ සිට එංගලන්තයේ ලන්ඩන් නගරය දක්වා යෑමට ගතකලේ පැය දෙකයි මිනිත්තු පනස් තුනක කාලයකි. වර්තමානයේ දී මෙම නගර දෙක අතර ගුවන් ගමනාගමන සඳහා පැය හයකට ආසන්න කාලයක් ගත වේ. එය 1996 දී ගත වූ කාලය මෙන් ආසන්න වශයෙන් දෙගුණයකි. තාක්ෂණය අතින් දිනෙන් දින දියුණු වන ලෝකයක සෑම දෙයක් ම ඉක්මනින් සිදු කිරීමට තාක්ෂණ සොයා ගන්නා කාලයක මෙසේ ගුවන් ගමනාගමනයට එකලට සාපේක්ෂව වැඩි කාලයක් ගත වන්නේ ඇයි? මේ සටහන ඒ ගැන සොයා බැලීමට යි.
උත්ස්වනික වේගය
යම්කිසි වස්තුවක් වාතය තුලින් ශබ්දයේ වේගයට වඩා වැඩි වේගයකින් ගමන් කලහොත් එම වේගයන්ට උත්ස්වනික වේග (Supersonic speeds) යැයි කියනු ලැබේ. වාතය තුලින් ශබ්දයේ වේගය ආසන්න වශයෙන් පැයට කිලෝමීටර් 1235ක් වැනි අගයක් ගනියි. 1970 අවධියේ දී මගී ප්‍රවාහනයට භාවිතා කල කොන්කෝර්ඩ් ගුවන් යානා වල වේගය ආසන්න වශයෙන් පැයට කිලෝමීටර් 2000ක අගයක් ගත් අතර එය ශබ්දයේ වේගයට වඩා පැයට කිලෝමීටර් 800කට ආසන්න ප්‍රමාණයකින් වැඩිය. එමනිසා එකල මගී ගුවන් යානා ගමන් කලේ උත්ස්වනික වේගයකිනි.
උත්ස්වනික වේගයෙන් ගමන් කල පැරණි මගී ප්‍රවාහන කොන්කෝඩ් යානයක්
උත්ස්වනික වේගයේ ගැටලුව
වේගයෙන් ගමන් කලහොත් ඉතා ඉක්මනින් ගමනාන්තයට ළඟා විය හැකි බව සැබෑය. නමුත් ශබ්දයේ වේගයට වඩා වැඩි වේගයකින් ගමන් කරන විට යානය අවට වායු පීඩයේ ක්ෂණික ඉහළ හා පහළ යාම් ඇති වේ. මේ නිසා එම පෘෂ්ඨයේ පීඩන තරංගයක් (shock wave) ඇතිවේ. මෙම පීඩන තරංගය නිසා අධික ගිගිරුමක් වැනි ශබ්දයක් ඇසෙන අතර එම ගිගිරුම වැනි ශබ්දය උත්ස්වනික ගිගිරුම් (sonic boom) ලෙසින් හැඳින්වේ.
ගුවන් යානයේ අධික වේගය නිසා ඇතිවන පීඩන වෙනස හේතුවෙන් වාතයේ ජල අංශු ඝනීභවනයට ලක්වේ. මේ නිසා යානයේ පිටුපස මීදුමක් වැනි සුදු පැහැති ජල වාෂ්ප වලාවක් සකස් වේ. පොළොව මත සිටින්නෙකුට එය පැහැදිලිව දැකගත හැකියි. නමුත් මගී ගුවන්යානයක මෙම වේගය නිසා ඇතිවන ගැටලුව එය නොවේ. ගැටලුව එමගින් ඇතිවන අධික ගිගිරුම් ශබ්දය යි. මෙය පොළොව මත සිටින කෙනෙකුට වුවද ශ්‍රවණය කල හැකියි.
මෙවන් වේගයකින් ගුවන් යානයක් ගමන් කරන විට පොළොව මත ගුවන් යානයේ සිට කිලෝමීටර් 80ක පරිධියකින් පහල සිටින මිනිසුන්ට මෙම ගිගිරුම් ශබ්දය ඇසීම නිසා ඔවුන් මහා පරිමාණයෙන් මේ ගැන පැමිණිලි කරන්නට පටන් ගත්තා. මේ හේතුවෙන් මුල දී එයට විසඳුමක් ලෙස ගුවන් යානා ගොඩබිම මතින් යෑම අවම කර සාගරය මතින් යෑමට යෝජනා වී එය ක්‍රියාත්මක විය. නමුත් එය සාර්ථක විසඳුමක් වූයේ නැත. අත්ලාන්තික් සාගරය හරහා එක් ගමනක් සඳහා වර්තමාන මුදලින් ඩොලර් 10,000කට ආසන්න මුදලක් වැය වූ නිසා එවන් ගමනක් මිල අධික විය. එමනිසා ගුවන් ගමනේ මාර්ගය වෙනස් වෙනස් කිරීම අසාර්ථක විසඳුමක් බවට පත් විය.
උත්ස්වනික වේගය නිසා යානය පිටුපස ඇතිවන ජල වාෂ්ප වලාව
ගුවන් යානයේ වේගය සහ ඉන්ධන
තාක්ෂණයේ දියුණුවත් සමඟ ගුවන්යානා වල එංජිමේ කාර්යක්ෂමතාවයත් ක්‍රමක්‍රමයෙන් වර්ධනය විය. මෙය තවත් ලෙසකින් කිවහොත් වසරින් වසර ඉන්ධන ලීටරයකින් ගමන් කල හැකි දුර ප්‍රමාණය වැඩි විය. නමුත් මෙම කාර්යක්ෂමතාව අත්කරගත හැක්කේ ගුවන්යානයේ වේගය පැයට කිලෝමීටර් 900ක වේගයක් අත්කරගන්නා තෙක් පමණි. ගුවන්යානය ඊට වඩා වේගයක් අත්කරගතහොත් වාතයෙන් එන ප්‍රථිරෝධය වැඩි වීම නිසා ඉන්ධන පරිභෝජනය ද වැඩි වේ.
අත්ලාන්තික් සාගරය හරහා යන ගමනකට සාමාන්‍යයෙන් ඉන්ධන ලීටර් 150,000ක් පමණ වැය වේ. ඉන්ධන වල පිරිවැය සමස්ථ ගුවන් යානා ගමනක පිරිවැයෙන් 20%කටත් වැඩි අගයකි. පැයට කිලෝ මීටර් 900ක වේගය ඉක්මවා ගමන් කලහොත් ඉන්ධන වැඩිපුර වැය වේ. ඉන්ධන වැඩිපුර වැය වීම නිසා ගුවන් ගමනක පිරිවැය වැඩි වේ. නැවතත් ගුවන් ටිකට් පතක මිල වැඩිවේ. මේ නිසා පැයට කිලෝමීටර් 2000කට ආසන්න වේගයෙන් ගමන් කල කොන්කෝඩ් යානා වලට 2003 වසරේ දී මගී ප්‍රවාහනයෙන් විශ්‍රාම ගැනීමට සිදු විය. එතැන් පටන් ක්‍රියාත්මක වූයේ ඊට වඩා අඩු වේගයකින් ගමන් කල ගුවන් යානා ය.
ඉන්ධන වල කාර්යක්ෂමතාව නැංවීමට යෝජනාවක්
වැඩියෙන් ඉන්ධන වැය නොකර ගුවන් යානා වේගයෙන් ගමන් කරවීමට ගුවන් යානයේ හැඩය වෙනස් කිරීමෙන් හැකි දැයි මුල් කාලයේ විද්‍යාඥයෝ සොයා බැලුවා. ගුවන් යානයේ තට්ට ගුවන් යානයේ බඳත් සමඟ තිබෙන ආනතිය වැඩි කිරීමෙන් වැඩි ඉන්ධන පිරිවැයක් නොමැතිව යානයේ වේගය වැඩි කල හැකි බවට සොයාගනු ලැබුවා.
නමුත් එසේ කිරීමට නම් ගුවන් යානයේ තට්ටේ දිග පෙරදීට වඩා වැඩි කල යුතුයි. මෙසේ දිග වැඩි කිරීමේ දී ගුවන් යානය නිපදවීමට වැයවන අමුද්‍රව්‍ය ප්‍රමාණය වැඩි වේ. නැවතත් ගුවන් ගමනක පිරිවැය වැඩි වේ. මේ නිසා ගුවන් යානයක් නමසිය හැත්තෑව අසූව වැනි අවධි වල මෙන් අධික වේගයෙන් ගමන් කරවීම මූල්‍ය පිරිවැයත් සමඟ සසදන විට අසාර්ථක උත්සහයක් විය.
වර්තමානය
වර්තමානයේ දී ගුවන් හමුදා තුල අධික වේගයෙන් ගමන් කරන ගුවන් යානා භාවිතා වුව ද සාමාන්‍ය මගී ප්‍රවාහනයේ දී අධික වේගය, අධික වියදමක් හා අධික ශබ්දයක් ඇතිකරන නිසා එවන් වේගයකින් ගමන් කරන යානා භාවිතා වන්නේ නැහැ.
නමුත් මෑත කාලයේ දී සිදු කරන ලද පර්යේෂණ වලින් ශබ්දයේ වේගයට වඩා ගමන් කරන විට ඇතිවන ගිගිරුම් හඬ අවම කරගත හැකි බව සොයාගෙන තිබේ. ගුවන් යානයේ හැඩය වෙනස් කිරීමෙන් මෙය සිදු කල හැකියි. ගුවන් යානයේ මුහුණත උල් ස්වරූපයෙන් තැනීමෙන් වාතය කපාගෙන යා හැකි අතර එමගින් ඇතිවන උත්ස්වනික තරංග වල ප්‍රමාණය අඩු කරගත හැකියි. එවිට ශබ්දය අඩු වේ. එපමණක් නොව ගුවන් යානයකට තටු යුගලක් වෙනුවට යුගල් දෙකක් ම යොදා ගැනීමෙන් ඇතිවන උත්ස්වනික තරංග කපා හැරිය හැකි බව ද සොයාගෙන තිබේ.
කෙසේ නමුත් මෙම ක්රමයන්ගෙන් ගුවන් යානයේ හැඩය වෙනස් කරත් ඒත් සමඟම ගුවන් යානයේ අමුද්‍රව්‍ය සඳහා වන වියඳම වැඩි වන බැවින් ගුවන් ටිකට් පතක වියදම අවම කිරීමට එම නිර්දේශ සමත් නොවේ. මේ නිසා කල හැකි එකම සාර්ථක විසඳුම වන්නේ ගුවන් යානයේ වේගය අඩු කිරීම යි. ඒ නිසයි 1996 දී පැය තුනකින් ගිය ගුවන් ගමන යාමට අද පැය හයක් ගත වන්නේ.
[සැප්තැම්බර් මස 21 වන දින විදුසර සඟරාවට ලියූ ලිපියකි.]
අතිධ්වනි තරංග නිසා ඇතිවන ශබ්දය අවම කල හැකි ගුවන් යානා ආකෘති
වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )http://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.com8tag:blogger.com,1999:blog-864762065141304889.post-79040398105059045372021-10-06T19:33:00.003+05:302021-10-06T19:33:33.126+05:30විශ්වයේ ආරම්භය කියා දුන් පූජකයා
මිනිස්සු දුරාතීතයේ සිටම ලෝකයේ ආරම්භය සිදු වුනේ කොහොමද කියලා හොයන්න වෙහෙසුනා. තමන් දකින නිරීක්ෂණ වලට පැහැදිලි හේතුවක් හොයාගන්න බැරි තැන ඔවුන් අලංකාර කතාවක් ගෙතුවා. ශිෂ්ටාචාරගත ජනයාත් ලෝකයේ ආරම්භය ගැන විවිධ කතා ගෙතුවා. වර්තමානයේ දී බොහෝ විද්‍යාඥයෝ ලෝකයේ ආරම්භය විදිහට පිළිගන්නේ පිපිරුමකින් ලෝකය ආරම්භ වුනා කියලා. ‘මහා පිපිරුම් වාදය’ කියන්නේ ඒකට. මහා පිපිරුම් වාදය ගැන ඔබ අහලා තිබුනත් මේ සංකල්පය ඉදිරිපත් කල විද්‍යාඥයා ගැන අහලා තියෙනව ද? ඔහු කතෝලික පූජකයෙක්. අද කතාව ඔහු ගැන.
ජෝර්ජ් හෙන්රි ලෙමෙත් නමින් වූ මේ බෙල්ජියම් පූජකයා ගැන බොහෝ දෙනෙක් අසා නැත්තේ සුදුස්සාට සුදුසු තැන නොලැබීමේ තවත් දිගුවක් විදිහටයි. කුඩා ලෙමෙත් ඉපදෙන්නේ කතෝලික පවුලකට. මේ දරුවාට වයස අවුරුදු නමය වෙද්දී ආශාවක් ඇති වෙනවා පූජකයෙක් වෙන්න. ඒ විතරක් නෙමේ විද්‍යාඥයෙක් වීමේ ආශාවකුත් ඔහුට ඒ කාලයේ දීම ඇතිවෙනවා. මේ නිසා පූජකයෙක් ලෙස කටයුතු කරමින් හිටපු අවධියේ දීම ලෙමෙත් විද්‍යාව ඉගෙනීමේ කටයුතු කරනවා.
නමුත් දෙවන ලෝක යුද්ධ අවධියේ දී හිට්ලර් බෙල්ජියම ආක්‍රමණය කල නිසා ලෙමෙත්ට ඉගෙනීමේ කටයුතු අතරමග නතර කරන්න සිදු වෙනවා. මේ නිසා 1940 දී ලෙමෙත් බෙල්ජියම් හමුදාවට බැඳෙන්න සිදුවෙනවා. ඔහු හමුදාවෙන් ඉවත් වෙන්නේ යුධ වීර පදක්කමක් සහිතවයි. විශ්වය ආරම්භ වුනේ මොන විදිහකින් ද කියලා ලෙමෙත් හිතන්න ගන්නේ මේ කාලයේ දී. තමන් කතෝලික පූජකයෙක් වෙන නිසා තමන්ට උගන්වලා තියෙන ලෝකයේ ආරම්භ කතාව ගැන ජෝර්ජ් හිතන්න පටන් ගන්නවා.
‘දෙවියන්වහන්සේ එළිය වේවයි කීසේක; එවිට එළිය විය’.
බයිබලයේ උප්පත්ති පොතේ තමන් ඉගෙන ගත් මේ කතාවෙන් ලෙමෙත් සෑහීමකට පත් වුනේ නැහැ. තමන් රැකීමට බැඳුනු දෙයක අඩුවක් දකින්න පුලුවන් වෙන්නේ විරල මිනිස්සුන්ට විතරයි. මේ නිසා ලෙමෙත් දිගින් දිගටම ලෝකයේ ආරම්භය ගැන අධ්‍යනය කරන්න ගත්තා. මේ අතර එඩ්වින් හබල් නම් විද්‍යාඥයා තමන්ගේ දුරේක්ෂයෙන් හොයාගන්නවා අපි ඉන්න කිරි සයුර නම් මන්දාකිණියට අමතරව තවත් මන්දාකිණි විශාල ප්‍රමාණයක් තියෙනවා කියලා.
ඒ වගේම මේ මන්දාකිණි එක තැන ඉන්නේ නැතිව ගමන් කරනවා කියලත් හබල් කියනවා. තවත් විද්‍යාඥයෙක් වුනු වෙස්ටස් ස්ලයිෆර් හොයාගත්තා මේ මන්දාකිණි වලින් එකක් වන ඇන්ඩ්‍රොමීඩා චක්‍රාවාටය නිල් පැහැතියි කියලා. අනෙක් චක්‍රාවාට රතු පැහැතියි. ඒ වගේම ඔහු තවදුරටත් කිව්වා ඇන්ඩ්‍රොමීඩා චක්‍රාවාටය අපේ චක්‍රාවාටය දෙසට පැමිණෙනවා කියලා. ඔහු මේ නිගමනයට එලබුනේ හරි අපූරු ක්‍රමයකින්. යම් කිසි වස්තුවකින් ආලෝක තරංගයක් ළඟ ඉඳන් නම් එන්නේ ඒ ආලෝක තරංග ඇකිලිලා නිල් පැහැයක් ගන්නවා. දුර ඉඳන් නම් ආලෝක තරංගය එන්නේ ඒ තරංගය ඇදිලා රතු පැහැයක් ගන්නවා. ඇන්ඩ්‍රොමීඩා චක්‍රාවාටයේ පැහැය ක්‍රමක්‍රමයෙන් නිල් පැහැය ගන්න නිසා ඒ චක්‍රාවාටය එන්නේ අපේ දිහාවට කියලා ස්ලයිෆර් කිව්වා. අනෙක්වා රතු පැහැයක් ගන්නේ ඒ චක්‍රාවාට අපෙන් ඉවතට යන නිසා.
අපගේ කතා නායකයා වුනු ලෙමෙත් පූජකතුමා මේ නිරීක්ෂණ වලින් නිගමය කලේ වෙනත් දෙයක්. ඔහු කිව්වා චක්‍රාවාට ගමන් කරන්නේ නැහැ. නමුත් විශ්වය ප්‍රසාරණය වෙනවා කියලා. චක්‍රාවාට තියෙන තැන වෙනස් වෙනවා කියලා අපට හිතෙන්නේ විශ්වය ප්‍රසාරණය වෙන නිසා කියලයි ඔහු කිව්වේ.
ලෙමෙත් මෙම සංකල්පය ඉදිරිපත් කරාම ඒ කාලයේ ගොඩක් විද්‍යාඥයින් මේක විශ්වාස කලේ නැහැ. ඇල්බර්ට් අයින්ස්ටයින් පවා විශ්වය ප්‍රසාරණය වෙනවා කියලා විශ්වාස කලේ නැහැ. 1927 වසරේ දී ජෝර්ජ් ප්‍රංශ භාෂාවෙන් තමන්ගේ මෙම සොයාගැනීම් ගැන සඳහන් කරලා පර්යේෂණ පත්‍රිකාවක් එළිදැක්වුවා. නමුත් කවුරුත් ඒක ගණනකට ගත්තේ නැහැ. ප්‍රංශ භාෂාවෙන් ලිව්ව නිසා ගොඩ දෙනෙක් කියෙව්වෙත් නැහැ.
වසර දෙකකට පස්සේ එඩ්වින් හබල් පර්යේෂන පත්‍රිකාවක් නිකුත් කරනවා විශ්වයේ ප්‍රසාරණය සම්බන්ධව. මේ සොයාගැනීමට ලෝකයම කලබන්න හැකියාව ලැබෙනවා. අවසානයේ දී විශ්වයේ ප්රසාරණයට අදාල නියමය නම් කරන්නේ ‘හබල්ගේ නියමය’ කියලා.
හබල් තමන්ගේ පර්යේෂණ පත්‍රිකාව නිකුත් කරලා තවත් වසර දෙකකට පස්සේ ලෙමෙත් 1927 දී එළිදක්වපු තමන්ගේ පර්යේෂණ පත්‍රිකාව ඉංග්‍රීසියෙන් එළිදක්වනවා. විශ්වයේ ප්‍රසාරණ සංකල්පය තමන් මුලින් හොයාගත්තත් ඒකට ගෞරව හබල්ට ලැබුන එක ගැන ලෙමෙත් දුක් වුනේ නැහැ. නඩු දාන්න ගියෙත් නැහැ. තමන්ගේ සගයෙක්ට ලැබුනු ගෞරවය ගැන ඔහු අවංකව සතුටු වුනා.
ලෙමෙත් එතනින් නතර වෙන්නේ නැතුව තමන්ගේ පර්යේෂන කටයුතු දිගටම කරගෙන ගියා. විශ්වය ප්‍රසාරණය වෙනවා නම් විශ්වයට ආරම්භයක් තියෙන්න ඕන කියලා ලෙමෙත් කල්පනා කරා. විශ්වය පටන් ගත්තේ අංශුවක ගැබ් වී තිබුනු ශක්තියක් පුපුරා යාම නිසා කියලා ඔහු කිව්වා. ඔහු මේ සංකල්පය නම් කලේ ආදි කල්පික පරමාණුව නමින්. මේ සංකල්පයටයි පසු කාලයේ මහා පිපිරුම් වාදය කිව්වේ.
මේ ඉදිරිපත් කිරීමෙන් පස්සේ තමන්ගේ මේ සොයාගැනීම් ගැන බොහෝ තැන්වලදී ලෙමෙත් පූජකතුමා දේශනා කරන්න පටන් ගන්නවා. මේ දේශනා අහපු අයින්ස්ටයින් “විශ්වයේ මැවීම ගැන මම මෙතෙක් අහලා තියෙන ලස්සනම සහ වඩාත් සතුටුදායකම පැහැදිලි කිරීම මෙයයි” කියලා කිව්වා.
ලෙමෙත් 1954 වසරේ දී විශ්වයේ ප්‍රසාරණය සොයාගැනීම නිසාත් 1956 වසරේ දී විශ්වයේ ආරම්භ සංකල්පය ඉදිරිපත් කිරීම නිසාත් නොබෙල් ත්‍යාගයට නම් කරනු ලැබුවත් එය දෙවතාවෙම හිමි වුනේ නැහැ. ලෙමෙත් මියයන්නේ 1966 වසරේ වයස අවු. 71 දී ලියුකේමියා රෝගය වැලදීම නිසා.
හබල් නියමය 2018 වසරේ දී වෙනස් කරනවා හබල් - ලෙමෙත් නියමය කියලා. ලෙමෙත් සමඟ කරට කර වැඩ කල විද්‍යාඥයින්ගේ නම් තරම් ලෙමෙත්ගේ නම ඇහෙන්නේ නැති තරම්. ඔහු තමන්ගේ සොයාගැනීම් ගැන සෙව්වා මිස ප්‍රසිද්ධිය පස්සේ නොයෑම ඒකට හේතුවක් වෙන්න පුලුවන්.
ලෙමෙත් මහා පිපිරුම් වදය ඉදිරිපත් කරාම ඒ කාලයේ පාප්වහන්සේ ඒ සංකල්පය දෙවියන් හා සම්බන්ධ කරන්න උත්සහ ගත්තා. තමන් පූජකයෙක් වුනත් තමන්ගේ මේ විද්‍යාත්මක සොයාගැනීම් ආගමික සංකල්ප සමඟ පටලවන්න එපා කියලා ලෙමෙත් පූජක විද්‍යාඥයා පාප්වහන්සේට කිව්වා.
ලෙමෙත් පාප්වහන්සේට මහා පිපිරුම් වාදය විස්තර කරමින්
වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )http://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.com13tag:blogger.com,1999:blog-864762065141304889.post-78919745585074673922021-09-10T20:25:00.001+05:302021-09-10T20:25:53.496+05:30රජතුමා හා චාරිත්‍ර
රොබට් නොක්ස්ගේ එදා හෙළදිව කෘතියේ එක් තැනක සිංහල මිනිස්සු අතර තිබුනු එක් ආප්තෝපදේශයක් ගැන සඳහන් වෙනවා. ‘මහරජුටත්, හිඟන්නාටත් දොස් කියන්නට කිසිවෙක් නැත්තේ ය. කිසිම දෙයකට බිය නොවිමෙන් මහරජු උසස් වෙයි. කිසිම දෙයකට දොස් නොකිය හැකි තරමට අනිකා පහත් වෙයි’ මේ වගේ කියමන් වලින් තේරෙන්නේ ලංකාවේ ඒකාධිපති පාලකයෝ පාලනය කරා කියලා. නමුත් හැම තිස්සෙම ඒක සත්‍ය වෙන්නේ නැහැ.
ලෝක ඉතිහාසයේ විවිධ කාලවල විවිධ රටවල් තුල ඒකාධිපති රජවරු හමුවෙනවා. ඒ මිම්මෙන් ම ලංකාවේ රජවරු මැනීම සාර්ථක නැහැ. රජතුමා අරගත්තු තීන්දු තීරණ වලට විරුද්ධ වෙන්න හැකියාවක් සමහර කාල තුල ලංකාවේ රාජ සභාවල තිබුනා. මම පොඩි උදාහරණයක් කියන්නම්.
සිංහල ව්‍යවස්ථාවේ රජතුමාට වඩා ඉහළින් තිබුනේ පැවති චාරිත්‍ර. රජතුමා වුනත් ඒ ඒ චාරිත්‍ර වලට යටත් වෙන්න ඕන. ලංකාවේ අවසන් සිංහල රජතුමා විදිහට සැලකෙන්නේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා. මේ නරේන්ද්‍රසිංහ රජතුමා දවසක් විසුවේ පනික්කියා නම් බෙරවායෙක්ට කබායක් ලබා දෙනවා. ලංකාවේ කුල ක්‍රමය අනුව බෙරවා කුලය සැලකෙන්නේ පහත් කුලයක් විදිහට. ඒ නිසා බෙරවා කුලයේ අයට උඩුකය වහගන්න ඇඳුම් ඇඳීම තහනම්.
නමුත් තමන්ට මේ කබාය ලබාදුන්නේ රටේ රජතුමා නිසා බෙරවා කුලයේ පනික්කියා බය නැතුව මේ කබාය ඇඳගන්නවා. තමන්ගේ කුලයේ අයට උඩුකය වැසීම තහනම් වුනත් රජතුමා ම මේ කබාය ලබාදුන්නු නිසා මොකට බයවෙනවද කියලා හිතෙන්න ඇති. නමුත් අවාසනාවකට මේ පනික්කියා කබාය පැළඳගෙන ඉන්නවා දකිනවා රම්මොලක මහ නිලමේ. මේ මහ නිලමේ පනික්කියාගේ මේ කබාය ඇඳගෙන ඉද්දිම ඉරා දානවා. ඊට පස්සේ ඔහුව සිරගත කරනවා.
ඊට පස්සේ එතැනින් නතර වෙන්නේ නැහැ. මුලින් ම උඩරට චාරිත්‍ර කඩ කරලා බෙරවා කුලයේ පනික්කියාට කබාය ලබාදුන්නේ රජතුමා. මේ නිසා මහ අදිකාරම් ඇතුලු අනෙක් ප්‍රධානීන් රජතුමාට දඬුවමක් දෙන්න තීරණය කරනවා. ඒක දඩයක්. රජතුමා රාජ්‍ය භාණ්ඩාගාරයෙන් මුදල් අරගෙන නැවතත් ඒ මුදල් ම රාජ්‍ය භාණ්ඩාගාරයට දැම්මා නම් ඒක දඩයක් වෙන්නෙත් නෑනේ. මේ නිසා ඒ දඩය මහ දේවාලයට ගෙවිය යුතුයි කියලා තීන්දු වෙනවා.
රජතුමාට වඩා රටේ චාරිත්‍ර උසස් වූ බව කියන තවත් උදාහරණයක් තියෙනවා. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා රජකමට පත්වෙනකොට ඔහු කුඩා අවධියේ හිටියේ. ඒ නිසා රාජ්‍ය පාලන කටයුතු වලට ඔහුගේ පියා වන නරේනප්පා ඇඟිලි ගැසීම් කරලා තියෙනවා. රාජ නියෝගයකින් උඩරටින් එළවපු මිෂනාරින්ව නැවත උඩරටට ගෙන ඒම සහ එවකට මහ අදිකාරම්ට බැන වැදීම වගේ කාරණා නිසා උඩරට ප්‍රධානීන් මේ නරේනප්පා ගැන බොහොම කේන්තියෙන් හිටියේ.
දවසක් ඇසල පෙරහැර ඉවරවෙලා මේ ප්‍රධානීන් කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා ගාවට ගිහින් කියනවා රටේ චාරිත්‍ර රකින්න බැරිනම් ඒවා රකින්න පුලුවන් වෙන රජකෙනෙක් පත් කරගන්නම් කියලා. මේක එක්තරා ආකාරයක තර්ජනයක්. මේ තර්ජනය නිසා කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා තමන්ගේ තාත්තට අවවාද කරා කියලා කියනවා.
මේවා අපි වර්තමානයට ඈඳන්න පුලුවන්. ජනාධිපති කියලා තනතුරක් තිබුනත් ඒ තනතුර ලංකාවේ ව්‍යවස්ථාවට යටයි. ඒ වගේම තමා ඉස්සර රජ තනතුරටත් ඉහළින් රටේ චාරිත්‍ර තිබුනා.
රජකෙනෙක් තමන්ගේ රාජ සභාව කියන දේට ඇහුම්කන් දෙන්න අවශ්‍යයි. මේ රාජ සභාවේ තීරණ නොසලකා හරින්නත් රජතුමාට හැකියාවක් තියෙනවා. නැතුව නෙමේ. නමුත් උඩරට නීති වලට අනුව නම් රාජ සභාවේ ඇමතිවරු ඒකමතිකව ගත්ත තීරණයට විරුද්ධ නොවීම රජතුමාගේත් වගකීමක්.
[ T.F. Simon නම් චිත්‍ර ශිල්පියා විසින් 1920 අවධියේ දී 'බෞද්ධ සිද්ධස්ථායක් ඇතුලත' ලෙසින් එළිදැක්වූ සිතුවම පහත දැක්වේ . ]
වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )http://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.com13tag:blogger.com,1999:blog-864762065141304889.post-37750330228073161832021-09-04T12:51:00.002+05:302021-09-04T12:51:41.588+05:30ඉපදීම (කෙටි කතාව)
මොර සූරන වැස්ස යැයි කුඩා කල සිංහල පොතේ කියෙව්වද එය දැක්කේ අද ය. අධික වර්ෂාව නිසා ලඟ සිටින පුද්ගලයාවත් පෙනෙන්නේ නැත. එතරම් ධාරානිපාත වර්ෂාවක් අප හමුවේ තිබේ. මම පාසල් ශාලාවට වී වැස්ස පහව යන තුරු බලා සිටියේ ය. ඒ අතර කවුරුන් හෝ මහ වැස්සේ ම ගස් අතරින් මේ දෙසට එන බව මට දකින්නට ලැබුණි. ඒ කවුරුන් දැයි හරිහැටි කිව නොහැකි වුවත් මේ වැස්සේ ම කුඩයක්වත් නොමැතිව මේ දෙසට එන්නේ කුමක් හෝ වැදගත් කාරණාවක් නිසා විය යුතුයි.
“අනේ පුතේ විගහට එන්නකෝ දුවට අමාරුයි. දැන්ම ම ඉස්පිරිතාලේ අරගෙන යන්න වෙයි” යැයි කීවේ ආයා අත්තම්මා ය. මේ ගමේ සිටින පවුල් දහය පහළොවෙන් කාගෙත් කරදරයක් වූ විට පළමුවෙන් ම එළිබහින්නේ ඇය යි. ඇයගේ ලේලිය ගැබිණි මවක් වන නිසා ඇය පැමිණි කාරණය මම වහා තේරුම් ගත්තෙමි.
“කලබල වෙන්න එපා අත්තම්මේ මම එන්නන්. මම සිරිල්වත් කතා කරගෙන එන්නන්. අපිට තනියම කන්දෙන් පහල බහින්න බැහැනේ”
“බුදු බව අත්වෙනවා පුතේ.. මගේ දුවට බොහොම අමාරුයි අනේ ඉක්මනට එන්න”
වර්ෂාව නිසා මුහුණ වැසි ජලයෙන් තෙමී ගිය ද ඇයගේ කඳුළු හැංගුනේ නැත.
“අත්තම්මේ මේ කුඩෙත් අරගෙන දුව ගාවට යන්න. මම එන්නන්”
අත්තම්මා කුඩෙත් රැගෙන කලබලයෙන් දිව ගිය ද ඇයට කුඩය ඉහළ ගැනීමට නිච්චියක් වූයේ නැත. ඇයට දැන් අවශ්‍ය වන්නේ හැකි ඉක්මනින් තම දුවව ඉස්පිරිතාලයට රැගෙන යාම යි. දුව හත් මසක දරු ගැබක් ඇති ගැබිණියකි. ඇයව කන්දෙන් පහල පිහිටි ඉස්පිරිතාලයේ නැවැත්වීම ගැන ගිය සුමානේ අත්තම්මා අපත් සමඟ කතා කල ද මේ වර්ෂාව නිසා එය කල් ගියේ ය. මේ ගමේ ඉස්පිරිතාලයක් තියා හදිස්සියකට තුවාලයක් වූ විට බෙහෙත් දමන්නටත් තැනක් නැත. දැන් අවශ්‍යතාව ගිනි පෙත්තටම නැග අවසන් ය.
මම සිරිල්වත් තව කොල්ලෝ දෙදෙනෙක්වත් කතා කරගෙන ආයා අත්තම්මාගේ නිවසට දිව ගියෙමි. ඇය අප එනතුරු කටු මැටි නිවසේ කකුලේ ඇඟිලි වලින් ඉස්සි ඉස්සී බලා සිටියා ය.
“මහත්තයෝ දුවට ඇවිදගන්න අමාරුයි.. දැන් මොකද කරන්නේ?” අප නිවසට ඇතුලු වත්ම අත්තම්මා පවසා සිටියා ය. ඒ අතර මහ වැස්සේ ශබ්දය පරයා යමින් නිවස තුලින් දුව වේදනාවෙන් කෑ ගසන ශබ්දය අපට ඇසේ.
“තවත් බලන් ඉන්න බෑනේ. අපි මෙයාව උස්සගෙන යන්නම්. දුවව රෙද්දකින් හොඳට පොරවන්න” යැයි කී සිරිල් අපව කැඳවගෙන නිවස තුලට ගොස් ඇයව ඔසවා ගත්තේ ය.
ඇයවත් රැගෙන අපි මහ වැස්සේ කන්දෙන් පහලට යාමට පිටත් වුනෙමු. දුෂ්කර ම කාර්යය එය යි. අප දැන් සිටින්නේ උඩගල දෙබොක්ක ග්‍රාමයේ ය. පහල ඇති උඩත්තව ගමට යාමට නම් කැලයක් මැද්දෙන් කිලෝමීටර් හතක පමණ කන්දකින් පහලට යා යුතු වේ. දැන් අපට එය සිදු කිරීමට ඇත්තේ මහ වැස්සක් අතරතුර යි. ඇරත් දැන් දැන් අඳුරත් වැටීගෙන එයි. අලින් නිතර නිතර ගැවසෙන ප්‍රදේශයක් බැවින් හවය හය පසු වූ විට කිසිවෙක් නිවසින් බැහැර වන්නේ නැත.
අත්තම්මාගේ පුතත් නැති වූයේ රෑක කන්ද පහලට යෑමට ගොස් අලියෙක්ගේ පහර කෑමට ලක් වීමෙනි. ඒ මාස හතරකට පමණ පෙර ය.
“පරිස්සමෙන් ඔතන බෑවුමක් තියෙන්නේ” ඇයව ඔසවාගෙන සිටි සිරිල් කීය. සතිපතා කන්දෙන් එහාට මෙහාට ගොස් සිරිල් හොඳ පුරුදුකාරයෙක් වුවත් අඳුරත් වැස්සත් ඔසවාගෙන සිටි ගැබිණියත් නිසා මෙය අතිෂය අපහසු දෙයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.
ගමනේ ටික දොහක් ගිය විට අත්තම්මා මට කතා කරමින් “පුතේ මට රිපෝට් කාඩ් ටික ගේන්න අමතක වුනානේ. මම ගිහින් ඉක්මනට අරගෙන එන්නන්” යැයි කීවා ය.
“ඕක ඕන්නෑ අත්තම්මේ දැන් ඔයා තනියෙන් යන්න එපා”
“නෑ නෑ මම විගහට ගිහින් එන්නන් ඔයාලා යන්න”
“එක්කෝ මට කියන්න තියෙන තැන මම යන්නන්”
“ඔයා මගේ දුව ගාවින් ඉන්න. සිරිල්ටත් අමාරු ඇතිනේ. ඔයාලා මාරුවෙන් මාරුවට උස්සගෙන යන්න. මම ගිහින් එන්නන්” යැයි කියූ ඈ මට කිසිවක් කීමට ඉඩ නොදී නැවත කන්ද නැග අපට නොපෙනී ගියා ය.
වැස්ස නිසා අඩි පාර ලිස්සෙන සුළු ය. අප පස් දෙනා හීන් සීරුවෙන් අඩිය තබා කන්ද පහලට ගියේ අයියානායක දෙවියන්ට කන්නලව් කරමින් ය. ඒ අතර විටින් විට අලින්ගේ කුංචනාදය ද අපට ඇසෙයි.
අඳුර විසින් කැලෑව වසා ගනිද්දිම අපිට නිරුපද්‍රිතව පහල ගමට ඒමට හැකියාව ලැබුනෙමු. ගමේ ත්‍රීවීල් එකක සිරිල් ඇයව ඉස්පිරිතාලය එක්කරගෙන ගියේ ය.
මම ඉස්පිරිතාලයට යන විට එළිය වැටී තිබුණි. ඉතා සතුටින් අලුත උපන් දරුවාටයි අම්මාටයි අවශ්‍ය කලමනා රැගෙන මම වාට්ටුව දෙසට ගියෙමි. වාට්ටුව ඉදිරියේ පුටුවක ඉඳගෙන ඔලුව නමාගෙන සිටි සිරිල් මා එනවා දැක නැගිට්ටේ ය.
“ළමයා හම්බුනාද මාමේ?” මම සිනාමුසු මුහුණින් ඔහු වෙත දිව යමින් අසා සිටියෙමි.
“ළමයා හම්බුනා. පුතෙක්. නිලේකා නැතිවුනා බං.” සිරිල් මගේ පිටට තට්ටුවක් දමා වාට්ටුවෙන් එළියට ගියේ ය.
කරන්නේ කුමක් දැයි කියන්නේ කුමක් දැයි නොතේරුනු මම එතැනම ඉඳ ගත්තෙමි. ඒ අතර නිලේකාව බලන්නටැයි කියා උඩහා ගමේ දෙදෙනෙක් පැමිණියේ ය.
“ඊයේ රෑ ආයා අත්තම්මා ඇවිත් කිව්වා දුවට අමාරුවෙලා මෙහාට ගෙනාවා කියලා. දුවට කොහොම ද?”
“නැන්දා නැතිවුනා මාමේ. පුතෙක් ලැබුනා.”
“දෙයියනේ මොන වින්නැහියක්ද මේ. ආයා අත්තම්මා දුකින් ඇත්තේ. කෝ එයා?”
“ඇයි අත්තම්මා ඔයාලත් එක්ක ආවේ නැද්ද?”
“නැහැ, අපිත් එක්ක ආවේ නැහැ. අපි ඊයේ රෑ එපා කියද්දිමයි කඩදහි වගයක් පපුවට තුරුල් කරගෙන අර මහ වැස්සේ කන්ද පහලට බැස්සේ”
වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )http://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.com3tag:blogger.com,1999:blog-864762065141304889.post-17355768668248692322021-08-31T19:47:00.003+05:302021-08-31T19:47:34.758+05:30මෙතෙක් බිහිවූ සාර්ථකම මුහුදු මංකොල්ලකරුවා
ඔබ පයිරට්ස් ඔෆ් ද කැරබියන් චිත්‍රපටය නරඹා තිබෙනවා ද? එසේ නම් පහත පින්තූරයේ සිටින චීන කාන්තාව දැක ඇතුවාට සැක නැත. මෙම චිත්‍රපටය ලෝක ඉතිහාසය පුරා විවිධ කාලවල දී සිටි සැබෑ චරිත යොදා නිමවා ඇති අතර පහත පින්තූරයේ සිටින චීන මුහුදු මංකොල්ලකාරියත් ලෝක ඉතිහාසයේ සැබෑවට හමුවන චරිතයක්. ඇය එසේ මෙසේ චරිතයක් නම් නොවේ.
බ්ලැක් බියර්ඩ් සහ හෙන්රි මෝගන් වැනි ප්‍රකට මුහුදු මංකොල්ලකරුවෝ තම උච්චතම අවස්ථාවේ දී නැව් දහයක් හා මිනිසුන් සියගණනක් පාලනය කල බව සඳහන් වේ. නමුත් ඇය තම උච්චතම අවස්ථාවේ දී නැව් 1800ක සංවිධානයකට නායකත්වය ලබා දුන්නා. ඇයව සැලකෙන්නේ එතෙක් මෙතෙක් බිහිවූ සාර්ථක ම මුහුදු කොල්ලකාරිය ලෙසට යි.
චීනයේ මුහුදු මංකොල්ලකරුවෝ අතර සංවිධානයක් තිබුනා. මෙහි ආරම්භක නායකයා වූයේ චෙන්ග්. මුහුදු මංකොල්ලකරුවන් 70,000ක් හා නැව් 1,200ක් සහිත වූ මෙම සංවිධානය එකල ආසියාවේ තිබූ විශාලත ම මුහුදු මංකොල්ලකරුවන්ගේ සංවිධානය බවට පත් වුනා. මෙම මංකොල්ලකරුවන්ගේ සංවිධානය ඉතා සාර්ථකව ගම් බිම් බිය වද්දමින් රජයේ නැව් වලට පහර දෙමින් මුදල් රැස් කිරීමේ කටයුත්තේ නියැලුනා. නමුත් 1803 වසරේ දී මුහුදේ යාත්‍රා කරමින් සිටිය දී සුළි සුළඟකට හසු වී මෙම සංවිධානයේ නායකයා වූ චෙන්ග් මිය යනවා.
‘මෙතරම් විශාල සංවිධානයක ඊළඟ ප්‍රධාන නායකයා වන්නේ කව් ද?’ යන්න මෙම සංවිධානයේ සිටි අනෙකුත් නායකයෝ හය දෙනාට ප්‍රශ්නයක් වුනා.
ඊළඟ නායකයා කව්දැ යි යන්න සාකච්ඡා අතරතුර දී පළමුවෙන් ඒ සඳහා ඉදිරිපත් වූයේ කාන්තාවක්. ඇයව චෙන්ග් යට් සාඕ ලෙසත් සමහර තැන් වල ඇයව චින්ග් ෂී ලෙසිනුත් හදුන්වනවා. ඇය කලින් නායකයා වූ චෙන්ග්ගේ බිරිඳ. චෙන්ග් මුහුදු මංකොල්ලකාරයෙක් ලෙසින් මුදල් රැස් කිරීමේ කටයුත්තේ නියැලුනු අතරතුර ඔහුගේ මුදල් පරිපාලනය හා ව්‍යාපාර කටයුතු පාලනය කලේ ඔහුගේ බිරිඳ යි.
කෙසේ හෝ තියුණු උණුසුම් සාකච්ඡා වල අතුරු ඵලයක් ලෙසට චින්ග් ෂී මුහුදු මංකොල්ලකරුවන්ගේ සංගමයේ ප්‍රධාන නායිකාව ලෙසින් පත් වෙනවා. සංගමයේ සිටි එකම කාන්තා නායිකාව ඇය යි. තම ස්වාමියාගේ මරණයත් සමඟ මංකොල්ලකරුවන් අතර විසිරී තිබූ පාලනය සංවිධානාත්මක පාලනයක් බවට පත් කිරීමට ඇයට හැකි වෙනවා. තමන් සංගමයේ ප්‍රධානියා බවට ඒත්තු ගැන්වීමට ඇය නිවුනු හා දරුණු ක්‍රම බොහොමයක් භාවිතා කරා.
සංවිධානයේ නමින් මුහුදු මංකොල්ලකරණයේ යෙදෙන සෑම නැවකින් ම ලැබෙන ආදායම සංවිධානයේ පොදු විශ්වාසවන්ත අරමුදලකට ලබා දිය යුතු බව ඇය කියා සිටියා. මෙම ආදායමෙන් 20%ක් නැවේ කපිතාන්ට ලැබෙන අතර ඉතිරි 80% සංවිධානයේ පොදු අරමුදලට ලබා දිය යුතු වුනා. එම 80%න් නැව් නඩත්තුවත් අනෙකුත් මංකොල්ලකරුවන්ට පඩි ගෙවීමත් සිදු කෙරුණා. මුල දී නම් මෙම යෝජනාවට බොහෝ දෙනෙක් අකමැති වූ නමුත් විරුද්ධ වූවන් සංවිධානයෙන් නෙරපීමෙන් හා මරණ දඬුවම ලබා දීම නිසා මෙම නීතියට විරුද්ධ වීම කෙටි කලකින් නැවතුනා.
චින්ග් ෂී එතැනින් නැවතුනේ නැහැ. ඇය සංවිධානයට අලුතින් නීති පද්ධතියක් සැකසුවා. එම නීති අතර අල්ලාගත් සිරකරුවෙක් දූෂනය කිරීම, පොදු අරමුදලින් සොරකම් කිරීම හා අවසරයක් නොමැතිව ගොඩබිමට යෑමට දඬුවම මරණය බව එහි සඳහන්ව තිබුනා. මෙම නීති රීතී නිසා තනි සංවිධානයක් ලෙසින් මුහුදු මංකොල්ලකරනයේ යෙදීම ඔවුනට වඩා ඵලදායී බව වැටහී ගියා.
එපමණක් නොව ඇය විවිධ නගර වල හා ගම් වල මූල්‍යමය ආයතන පිහිටුවීමට කටයුතු කරා. මෙම මූල්‍යමය ආයතන වලින් ඇයගේ සංවිධානයේ සිටින ඕනෑ ම සාමාජිකයෙක්ට ගොඩබිම තුල දී මූල්‍යමය ආරක්ෂාවක් ලැබුනා. මෙය එක්තරා ආකාරයක රාජ්‍යයක් තුල පැවති රාජ්‍යයක් ලෙසින් ද අර්ථ දැක්වීමට පුළුවන්.
ඇය කෙතරම් දක්ෂ නායිකාවක් ද පවසනවා නම් වරායක් බේරා ගැනීමට ඇමරිකානු නැව් පහක් පරාජයට පත් කිරීමත්, පෘතුගීසි නැවක් අල්ලා ගැනීමත් තායිලන්තයෙන් වූ ආක්‍රමණයක් වැලැක්වීමටත් ඇයට හැකියාව ලැබුනා එක් දිනක් තුල.
වැඩි කලක් යාමට පෙර ඇයට සංවිධානයේ අභන්තර ආරවුලක් හේතුවෙන් ඇයගේ සංවිධානයේ සිටි තවත් නාවික කණ්ඩායමක් සමඟ සටන් වැදීමට සිදුවුනා. මේ හේතුවෙන් එම කලාපයේ ඇතිවූ නිරන්තර ගැටුම් නිසා වෙහෙසට පත් වූ ඇය එමගින් සිදුවූ විනාශය දුටු නිසා චීන රජයට යටත් වීමට තීරණය කරා. ඒ 1810 වසරේ. නමුත් ඒ ඇයගේ ම කොන්දේසි මත. සංවිධානයේ සාමාජිකයන්ට සමාව දිය යුතු බවත් මුදල් රාජ සන්තක නොකල යුතු බවත් ඇය කියා සිටියා. ඇයත් සමග සටන් කර කෙදිනකවත් ඇයව අල්ලාගත නොහැකි බව තේරුම් ගත් චීන රජය ඇයගේ කොන්දේසි වලට එකඟ වී ඇයගේ යටත් භාවය පිළිගත්තා.
ඇය තම ඉතිරි කාලය තමන් උපයාගත් ධනය භාවිතා කර සතුටින් කාලය ගත කරා. අවසානයේ දී වයස අවුරුදු 69 දී මෙතෙක් සිටි සාර්ථකම මුහුදු මංකොල්ලකාරිය වෙමින් ඇය සාමකාමීව මියගියේ සාමාන්‍ය මුහුදු මංකොල්ලකරුවෙක්ට හිමි පොදු අවසානය ප්‍රථික්ෂේප කරමින්.
වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )http://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.com3tag:blogger.com,1999:blog-864762065141304889.post-17960455837072377062021-08-27T01:35:00.001+05:302021-08-27T01:35:05.816+05:30හේඩ්‍රියන්ගේ ආදරය
පහත දැක්වෙන්නේ 1894 වසරේ දී ග්‍රීසියේ දී ගන්නා ලද වර්ණ ගැන්වූ ඡායාරූපයකි. මෙහි තිබෙන්නේ කලක් රෝම වැසියන්ගේ ගෞරවයටත් තවත් කලක ගැරහීමටත් ලක්වූ රෝම දෙවි කෙනෙක්ගේ පිළිමයකි. මෙම දෙවියා නමින් ‘ඇන්ටින්‍යුස්’ ලෙසින් හැදින්වේ.
දෙවි කෙනෙක් ලෙසින් හැදින්වුව ද මොහු දෙවි කෙනෙක් වීමට ප්‍රථම රෝම ශිෂ්ටාචාරයේ සිටි සාමාන්‍ය මනුෂ්‍යයෙකි. මොහුගේ කතාව කරලියට එන්නේ රෝමයේ පාලකයෙක්ව සිටි හේඩ්රියන් අධිරාජ්‍යයාගේ පෙම්වතා ලෙසිනු යි. දෙදෙනාගේ මෙම පෙම් සබදතාව අවසන් වන්නේ ඇන්ටින්‍යුස් නයිල් ගඟේ ගිලී මරණයට පත් වීමෙනු යි. ඔහු එසේ ගිලුනේ ඇයි දැයි හරිහැටි සඳහනක් නැතත් ඔහුට අධිරාජ්‍යයා සමඟ තිබූ සම්බන්ධයට අකුල් හෙලූ බොහෝ දෙනා එකල සිටි නිසා මෙය ඝාතනයක් බවටත් සැක පහල වේ.
තම පෙම්වතාගේ මරණය පිළිබඳ පුවත දැනගත් පසු හේඩ්රියන් අධිරාජ්‍යා ශෝක වූ ආකාරය වෙනත් කිසිදු රෝම අධිරාජ්‍යයෙක් තම හිතවතුන් මිය ගිය පසු ශෝක වූ ආකාරයට දෙවෙනි නොවන බවට ඉතිහාස පොත පතේ ලියැවී තිබේ. හේඩ්රියන් අධිරාජ්‍යයා තම පෙම්වතාගේ පිළිම නිර්මාණය කර රෝමය පුරා දේවස්ථාන කරා යැව්වේ සැමටම තම පෙම්වතා ගැන කීමට යි. හේඩ්රියන්ට ඇන්ටින්‍යුස් කෙරේ වූ ආශාව හංගාගෙන සිටීමට අවශ්‍ය වූයේ නැහැ.
හේඩ්රියන් එතනින් නවතින්නේ නැත. තම පෙම්වතා මියගිය ඊජිප්තුවේ ඔහුගේ නමින් නගරයක් ද තනවයි. එය ‘ඇන්ටිනෝපොලිස්’ නමින් හැඳින්වෙන අතර රෝම අධිරාජ්‍යයෙක් ඊජිප්තුවේ තැනූ එකම නගරය මෙය යි. පුදුමය දනවන කරුණ නම් ඇන්ටින්‍යුස් නම් තරුණයාට රෝමයේ බොහෝ දෙනා ආදරය හා ගෞරව කිරීම යි. එහි ප්‍රථිපලයක් ලෙසට මොහු රෝම දෙවි කෙනෙක් බවට කලක් ගත වන විට පත් විය. හේඩ්රියන් අධිරාජ්‍යයා තම පෙම්වතාගේ පිළිම තනා රෝමය පුරා යැව්වේ තම පෙම්වතාව රෝමයේ මිනිසුන් දෙවි කෙනෙක් ලෙසින් ගෞරව කරනු දැකීමේ ආශාවක් ද නිසාවෙනි.
කලක් ගත වන විට රෝමය පුරා ක්‍රිස්තියානි ආගම පැතිරෙත් ම ඔවුහු පේගන් ඇදහිලි (ක්‍රිස්තියානි නොවන ඇදහිලි) අතුගා දැමීමේ අරමුණින් එම ඇදහිලි වලට අදාල දේවස්ථාන හා පිළිම විනාශ කරන්නට පටන් ගත්තෝ ය. ඔවුන්ට හේන්ඩ්රියන් අධිරාජ්‍යයා විසින් නිමවන ලද තම පෙම්වතාගේ අගනා පිළිමයත් හමුවිය. ඇන්ටින්‍යුස් මේ වන විට රෝමවරුන්ට දෙවි කෙනෙක් වී හමාර යි. ඒ හේතුවෙන් කැරලි කරුවෝ මෙම පිළිමයේ අත් දෙක කපා දමයි.
නමුත් ඇන්ටින්යුස්ගේ බැතිමත්හු එම පිළිමය සම්පූර්ණයෙන් විනාශ වන්නට නොදී ආරක්ෂා කර ගැනීමට පොළොව යට විශාල වලක් හාර වළලයි. අදට මෙම පිළිමයට වයස එක්දාස් නමසියයකට ආසන්න වන අතර 1894 දී ගවේෂකයෝ එම පිළිමය සොයා ගත් අවස්ථාව යි පහත දැක්වෙන්නේ.
ආදරය ගැන ඔබට මට විවිධ මතිමතාන්තර තිබෙනවාට සැක නැත. නමුත් වසර එක්දහස් නමසියයකට එපිට සිටි පුද්ගලයෙක්ගේ දැඩි ආදරයක් මෙම පිළිමයෙන් කියාපාන බවට ඔබට අවංකව ප්‍රථික්ෂේප කිරීමට නොහැකියි.
වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )http://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.com1tag:blogger.com,1999:blog-864762065141304889.post-68260535255568561552021-08-25T21:06:00.002+05:302021-08-25T21:06:33.696+05:30අවසන් රාත්‍රී භෝජනය (කෙටි කතාව)
මම මගේ රෝගය ගැන කිසිවෙකුටත් නොකීමට ඉටා ගත්තෙමි.
මගේ මවටවත් නංගිටවත් නොකියමි. සුමුදුට නම් කොහෙත්ම කියන්නේ නැත. සමහර විට කමල්ටත් නොකියා සිටීමට ඉඩ තිබේ.
මම පෙර දී සිටියාටත් වඩා බොහෝ සෙයින් කෘෂ වී ඇති බව කණ්නාඩියෙන් මා දෙස බැලූ විට මට සිහිවන්නට විය. තරුණ කාලයේ දී පිරිපුන් ශරීරයකට හිමිකම් කියූ මගේ අතීතය ගැන කණ්නාඩියෙන් පෙනෙන පුද්ගලයාට කීමට මම උත්සහ කළෙමි.
‘ඉස්කෝලේ කාලේ ඔයා දිහා තමයි හැමෝම බැලුවේ. දිග කොණ්ඩය, පිරිපුන් ශරීරය සහ ලස්සන හිනාව නිසා ඔයාට හැමෝම ආදරය කරා’
මගේ අතීතය සිහිවූයේ ස්වල්ප වේලාවකට පමණි. මට මා ගැන සිතීමට තරම් දැන් කල්වේලා නැත. වෛද්‍යවරයා නම් මාස තුනකට පෙර කීවේ තවත් ඇත්තේ මාස හතරක් කියා ය. මට මා ගැන සිතන්න තරම් කාලයක් නැත. අද මගේ පවුලේ සියලු දෙනා රාත්‍රී කෑමට පැමිණෙයි. අපි සියලුම දෙනා මසකට වරක් මෙසේ හමු වී එකට රාත්‍රී ආහාර වේලක් ගැනීමේ සම්මුතියකට පැමිණ ඇත්තෙමු. අද ඒ දවසයි.
මම නාන කාමරයට ගොස් නෑමට පටන් ගත්තෙමි. මගේ හිසට වැටෙන ජල බිංදු හිසෙන් පොලා පැන ජනෙල් වීදුරුව වෙත විසි වේ. එසේ විසිවන ජල බිංදු වීදුරුව දිගේ පහලට අනෙක් ජල බිංදු පරයා වැටීමට උත්සහ දරයි. ජල බිංදුවක් තවත් ජල බිංදුවක් ඉක්මවා යෑමට උත්සහ දරන්නේ ඇයි? ඒවා යන්නේ එකම තැනකට නම්. මම කෙතරම් වේලා ස්නානය කරාද කීවොත් මගේ ඇඟිලි තෙතමනය නිසා රැලි වැටී තිබුණි. මතක ඇති කාලයකින් මෙතරම් වේලාවක් ස්නානය කලේ අද යි.
මම අල්මාරිය වෙත ගොස් අද රාත්‍රී ආහාරය වෙලාවේ අඳින්නට සුදුසු ගවුමක් තිබෙනවාදැයි සොයා බැලුවෙමි. මගේ විසි අටවෙනි උපන්දිනයට ලැබුනු රතු පාට ගවුමක් මගේ ඇස ගැටුනි. ලේ රතු පාට ගවුමක්. ඒත් සමගම කලකින් භාවිතා නොකල සුවඳ විලවුන් බෝතලයක් අල්මාරිය අස්සේ තිබී මට සොයා ගන්නට හැකිවිය. මම එයින් ස්වල්පයක් මගේ අතට දමා ඉඹ බැලුවෙමි. තවමත් අතීත සුවඳ ඒ අයුරින් ම පවතියි. සුවඳ විලවුන් බෝතලය අසලම තිබූ පුයර බඳුනත් අතට ගත් මා කණ්නාඩිය ඉදිරිපිටට ගොස් මාව හැඩගන්වා ගැනීමට උත්සහ කළෙමි.
සියල්ලෙන් සැරසුනු මා සාලයේ සිට වැසී ඇති දොර දෙස මගේ පවුලේ අය පැමිණෙන තුරු බලා සිටියෙමි. පලමුව පැමිණියේ සුමුදු ය. ඔහුගේ යතුරු පැදියේ ශබ්දය කන වැකෙනවාත් සමග මම ඔහුව හඳුනාගත්තෙමි. ඔහු යතුරු පැදිය නිවස ඉදිරිපිට නවත්වනවාත් සමඟ ඔහුව පිළිගැනීමට සිනාමුසු මුහුණින් මම ඔහු වෙත ගියෙමි. ඔහු මගේ පුතා. තමන්ගේ පුතා දකිනවා තරම් අම්මා කෙනෙක්ට ඇති සතුට කුමක් ද?
“අද තාත්තා එන්න පරක්කු වෙනවා කිව්ව ද?” මම ඔහුගේ අතෙහි වූ මළුව ගන්නා ගමන් ඇසුවෙමි. “තාත්තට වැඩ වගයක් තියෙනවා කිව්වා. එද්දි ටිකක් පරක්කු වෙයි.”
සුමුදුගේ සිනහව මුළු නිවසම ආලෝකමත් කරවන්නක් විය. ඔහුට මිතුරන් සමග වූ රසබර සිදුවීම් මට කියත්ම ඔහු තව තවත් හයියෙන් සිනාසෙයි. මමත් ඔහුත් සමග සිනාසුනේ ඔහු කී දේවල් නිසා නොව ඔහුගේ සිනාව මට සිනාවක් ගෙන දුන් බැවිනි.
සුමුදු බීම බෝතලයක් ගැනීමට ශීතකරනය වෙත ගියේ ය. ඔහු එහි පියන විවෘත කර බීම බෝතලය සොයමින් සිටියි.
“කැම්පස් එකේ වැඩකටයුතු කොහොම ද?” මම කෑම මේසය පිළියෙල කරමින් ඔහුගෙන් ඇසුවෙමි.
සුමුදු ඔහුට අවශ්‍ය බීම බෝතලය තෝරාගෙන, ශීතකරනයේ දොර වසා මා දෙසට හැරුණි.
“කැම්පස් එක තමා කැම්පස් එක. අසයිමන්ට් වැහි වැහැලා.” ඔහු බීම බෝතලය විවෘත කර නැවතත් ශීතරණය දෙසට හැරුණි.
“ඒවා හොඳින් කරගෙන යනවනේ” මම සාලයේ මේසය අසල සිටගෙන ඔහු දෙස නොසෙල්වී බලාගෙන ඇසුවෙමි. මම ඔහුගේ කමිසයේ පිටුපස ලියා ඇති දේ කියවමින් මතකයේ ධාරණය කිරීමට උත්සහ කළෙමි. හරිහැටි නොකැපූ කොණ්ඩය ඔහුගේ ගෙලෙහි වූ කුඩා අකුරින් ලියූ වදන් වැල මම හොදින් නිරීක්ෂණය කළෙමි.
ඔහු බීම බෝතලයෙන් බාගයක්ම එක උගුරට බොන්නට පටන් ගත්තේ ය. ඔහුගෙන් පිළිතුරක් එකවර නොලැබුනත් මම ඔහු දෙස බලාගෙන ඔහුව තව තවත් මගේ මතකයේ සිතුවම් කරන්නට ගත්තෙමි.
“හොදින් යනවා” මගේ දෙසට හැරෙමින් සුමුදු කිව්වේ ය.
“මම හිතනවා කැම්පස් ජීවිතේ ලස්සන ඇති කියලා” මම කිව්වෙමි.
ඔහු මා දෙස හැරී අනෙක් පැත්තක් බලා ගත්තේ ය. ඔහුගේ ඒ බැල්ම මම හොදින් හඳුනමි. ‘අම්මා දන්නවද මගේ ජීවිතය මගේ ආසාවන් ගැන. මේ ජීවිතය මොන වගේද කියලා එයා දන්නව ද?’ යන්න ඒ බැල්මේ තේරුමයි.
“ඔයා නෙතූට කතා කරාද?”
සුමුදු තවමත් කුස්සියේ මට පිටුපස හරවාගෙන සිටි ඉරියව්වෙන්ම සිට “ඔව්. ඊයේ රෑ" ඔහු හැරීගත් වනම කිව්වේ ය.
“ඉතින්?”
ඔහු කිසිවක් නොකියා හැඟීමක් නොමැති මුහුණකින් යුතුව කුස්සියේ දී සාදා ගත් පාන් පෙත්තක් සමග සාලයට විත් ඉඳගත්තේ ය.
“එයා දන්නේ නැහැ එයාට මොනවද ඕනේ කියලා.” ඔහු පාන් පෙත්තෙන් කොටසක් කමින් කීවේ ය. “මම කිව්වා මම හැමදාටම බලාගෙන ඉන්නේ නැහැ කියලා”
මම ඔහුට ලබාදුන් අත්තම්මාගේ මුද්ද ගැන කල්පනා කළෙමි. ඔහු නෙතූට වරක් එම මුදුව ලබාදුන්නා. ඒ බොහොම කාලයකට පෙර. ඇයගේ අතෙහි ඒ මුදුව තිබෙන ආකාරය මම සිහියට නගන්නට උත්සහ කළෙමි. නමුත් මට කිසිවක් මතකයට එන්නේ නැත. ඇය කවදා හෝ මගේ අත්තම්මාගේ මුදුව පැළඳ සිටියි ද?
විවාහ උත්සවයේ දී මට මවගේ සහ පුතාගේ නර්තනයට සහභාගි වෙන්නට හැකි වේද? මුණුබුරු මිණිබිරියන්.
මගේ දරුවා සතුටින් ඉඳියි ද?
“හොඳයි. මුලින්ම ඔයා ඔයා ගැන හිතන්න ඕන. අනිත් අය ගැන හිතන්න කලින්” මම මගේ සිතිවිලි දාමය ගිලගෙන සුමුදුට පැවසුවෙමි.
“ඔව්.” ඔහු සිනාසුනේවත් කිසිදු හැඟීමක් ප්‍රකාශ වූයේ නැත.
“සතුටින් ඉන්න” මම කිව්වෙමි. “ජීවිතේ, ආදරේ, ඕනම දෙයක්. සතුටින් ආරක්ෂාවෙන් ඉන්න”
සුමුදු කෑම මේසයට පැමිණ මා අසලින් ඉඳගෙන පාන් පෙත්ත කෑම අවසන් කළේ ය. “ඔයා හොඳින් ද? මූණ සුදුමැලි වෙලා.” මා දෙස බලමින් ඔහු කීවේ ය.
“මම හොඳින්” යැයි කියමින් මේසයේ වූ අත් පිස්නය මම අතට ගත්තෙමි.
“නෑ ඇත්තට. ඔයාට දාඩිය දාලා. මට පේනවා. මෙතන හොඳටම සීතලයි.”
බොරු සිනහවකුත් සමග මම “මම හොඳින් සුමුදු” යැයි කිව්වෙමි.
“ඔයාලා නිවාඩුවට කොහේ හරි යන්න.” නැවතත් බොරු සිනහවක්.
ඒත් සමගම දෙවියන්ට ස්තූතිවන්ත වෙන්න නිවසේ සීනුව නාද වන්නට විය.
“මම ගිහින් බලන්නම්” මම එතැනින් පැන ගියෙමි.
මගේ මවත් නංගීත් පැමිණ ඇත. දොර අසලට යන විටත් ඔවුන් දෙදෙනාගේ කච බචේ ඇසෙන්නට විය. ඔවුන් දෙදෙනාවත් පිළිඅරගෙන ඔවුන්ගේ අතෙහි වූ මළුත් ගෙන මම කුස්සියට ගියෙමි.
“මට මේ බඩු ටික ලැබුනේ සෑහෙන ලාබෙට. හාස්කමක් වගේ” නංගී ඇය ගෙනා ආහාර පාන ගැන කියන්නට විය.
හාස්කමක්. මටත් දැන් අවශ්‍යව ඇත්තේ එයයි.
“මෙතනින් හොඳ සුවඳක් එනවා” මගේ මව කුස්සිය දෙසට පිය නගමින් කියා සිටියා ය. ඇය කුස්සියට ගොස් පිසීමට අවශ්‍ය අඩුම කුඩුම ගෙන ඉතිරි කෑම පිසීමට පටන් ගත්තා ය. ඇය කඩිසර ය. මා මෙන් නොව ඇයට එක දිගට සෑහෙන වේලාවක් වැඩ කටයුතු කිරීමට හැකියාවක් ඇත.
“කමල් කොහේද?” අම්මා කෑම පිසින ගමන් ඇසුවා ය.
“ආච්චී, තාත්තා දැන් එයි. මෙසේජ් එකක් දැම්මා මේ ළඟ කියලා” සුමුදු කෑ ගසමින් කියා සිටියේ ය.
“කමල් සෑහෙන්න මහන්සියෙන් වැඩ කරනවා. දවසක්වත් නිවාඩු ගන්නේ නැහැනේ” නංගී තම මළුව තුලට එබෙමින් කියා සිටියා ය. ඇය එසේ කියනවාත් සමග ඇය මළුවෙන් මිදි වයින් බෝතලයක් එළියට ගත්තා ය.
“කට්ටියම දැක්කද මේක” ඇය සිනාසෙමින් වයින් බෝතලය එහළට ඔසවමින් පැවසුවා ය. “හැමෝම ගන්න කෝප්පයක් අතට. අක්කේ මෙන්න ඔයාට. මේ වයින් හරිම රහයි. ඔයා අද මේ වයින් බොන්න ඕන”
ඇය මගේ අතට වීදුරුවක් දුන්නා ය. “හරි එහෙනන් මම බොන්නම්කෝ” මම සිනාමුසු මුහුණින් ඈ වෙත වීදුරුව දික් කළා ය. ලේ රතු පැහැති වයින් මගේ වීදුරුව දිගේ පිරුණි.
ඉන්පසු සුමුදුත් වීදුරුවක් ගෙන තම නැන්දා වෙත පිය නැගුවා ය.
“ආච්චී ඔයත් වයින් ටිකක් බොන්න”
මගෙ මවත් සිනා වෙමින් “එහෙනන් ටිකක් දාන්නකෝ. ටිකයි හැබැයි.” යැයි කියා සාලෙට පැමිණියා ය.
අප සියලුදෙනා වයින් වීදුරුව තොල කට ගාමින් සිනා සාගරයේ ගිලුනි.
“හෝ... හෝ... මොකද මේ” කමල් සිනාවෙමින් නිවස තුලට ඇතුලු වුනේ ය. ඔහු එනවා මට දැනුනේවත් නැත. එතරම්ම අපි සිනා වෙමින් සිටියෙමු. කමල් සුමුදු වෙත ගොස් තරුණ මිතුරන් දෙදෙනෙක් විලාසයෙන් වැලඳ ගෙන වීදුරුවක් අතට ගත්තේ ය.
“අපි මොනවද මේ සමරන්නේ” කමල් මා දෙස බලා වීදුරුව ඉහළට ඔසවමින් කියා සිටියේ ය.
මම අතෙහි තිබූ ලේන්සුවෙන් කම්මුල් පිස දමා සියලු දෙනා දෙස බැලුවෙමි. සැවොම සතුටින් සිනාමුසු මුහුණින් මා දෙස බලා සිටියි.
“අපි සමරන්නේ.... අපි දැන් ඉන්න... මේ මොහොත"
වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )http://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.com5tag:blogger.com,1999:blog-864762065141304889.post-13729179279268506002021-08-20T16:31:00.004+05:302021-08-20T16:40:19.424+05:30අලෙක්සැන්ඩ්‍රියාවේ ශ්‍රේෂ්ඨතම විද්වතාගේ ඝාතනය
නගරයේ ආණ්ඩුකාරවරයා හා කතෝලික පූජකයෝ අතර වාචික හා භෞතික ගැටුම් උග්‍ර වූ වසරකි. ගැටුම්
කෙතරම් උග්‍ර වූවා ද කිවහොත් කැරලි ඇති කල කතෝලික පූජකයන්ගේ නායකයෙක් ආණ්ඩුකාරවරයාගේ
අණ පරිදි ඝාතනය වේ. මෙම ඝාතනයට කතෝලික ප්‍රජාව දෝෂාරෝපණය කරන්නේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ
සිටි කාන්තාවකට. එහි ප්‍රථිපලයක් ලෙස ඒ වසරේ දිනක ඇය ඇලෙක්සැන්ඩ්‍රියාවේ මහ පාරේ ගමන්
කරමින් සිටි අතරතුර මෙම කැරලිකරුවන් විසින් ඇයව ඝාතනය කරයි.
කාන්තාවක් නොවේ. ඇය පුරාණ රෝම අධිරාජ්‍යයේ දැනුමේ කේන්ද්‍රස්ථානය ලෙස සැලකූ ඇලෙක්සැන්ඩ්‍රියාවේ
සිටි ශ්‍රේෂ්ඨතම විද්වතා ය. ලොව විශාලතම පුස්තකාය ඇලෙක්සැන්ඩ්‍රියාවේ තිබූ නිසා මෙය
සැලකුනේ දැනුමේ කේන්ද්‍රස්ථානයක් ලෙස යි. හිපේෂියා උපත ලබන්නේ ක්‍රි.ව. 355 දී ඇලෙක්සැන්ඩ්‍රියාවේ.
ඇයගේ පියා නමින් තියොන් වන අතර ඔහු ගණිතඥයෙක් හා තාරකා විද්‍යාඥයෙකි. කුඩා කල පටන්
හිපේෂියාට ඇයගේ පියා ග්‍රහලෝකවල ගමනාගමනය, තාරකා වල පිහිටීම, ආකිමිඩිස් නියමය හා පයිතගරස්
ප්‍රමේයය ආදී නොයෙකුත් සංකල්ප ඉගැන්වීම සිදුකලා.<o:p></o:p>
ඇය තම පියාගේ දැනුම පසුකොට අවසන් ය. ඇය ගණිතය, තාරකා විද්‍යාවට අමතරව දර්ශනය ද ඉගෙන
ගත්තා. ඉන්පසු ඇලෙක්සැන්ඩ්‍රියාවේ පිහිටි ප්ලුටෝනියානු පාසලේ ප්‍රධානියා බවට පත් විය.
මෙය වර්තමානය හා සැසදීමේ දී නම් විශ්ව විද්‍යාලයක කුලපති තනතුර පත් වූවා හා සමාන ය.
එකල කාන්තාවන්ට සමාජයේ හිමිව තිබූ ස්ථානය හා සැසැදීමේ දී මෙය විප්ලවීය අවස්ථාවකි.
ලෝකයේ දෙවෙනියට පැරණිතම විශ්ව විද්‍යාලය වන ඔක්ස්වර්ඩ් විශ්ව විද්‍යාලයේ කුලපති තනතුර
ප්‍රථම වරට කාන්තාවක් කුලපති තනතුර පත්වූයේ 2015 වසරේ දී. තත්ත්වය එසේ තිබිය දී මීට
වසර හත්සියයකට එපිට සිටි හිපේෂියාගේ මෙම පත්වීම කෙතරම් වැදගත් එකක් දැයි ඔබ ම සිතා
බලන්න.<o:p></o:p>
උපකරණ ගැන මුල සිට අගට සටහන් ඇතුලත් කෘති ලිවීම, ගණිතය පෙළපොත් ලිවීම හා නව ගණිත
ක්‍රම (දීර්ඝ බෙදීමේ කෙටි ක්‍රම ආදිය) සොයා ගැනීම සිදු කලා ය. ගණිතය සම්බන්ධව පොතපත ලියූ ප්‍රථම කාන්තාව ඇය යි. ඇය බෙහෙවින් ප්‍රකට
ප්ලෝටිනස් හා පයිතගරස් නම් දාර්ශනිකයන්ගේ ඉගැන්වීම් මුල් කරගෙන යි.<o:p></o:p>
හා සංගීතය යන කොටස් හතර ප්‍රයෝජනයට ගත්තා. එහි දී මේවා අතර ඇති සම්බන්ධතාවය සෙවීමට
ඇය උත්සහ ගත්තා. ඇය ගණිතය ඉගෙනගත්තේ ඇති කුතුහලය නිසාම නොවේ. ඇය විශ්වාස කලා අංක යනු
විශ්වයේ පවතින පූජනීය භාෂාව කියා. තාරකා විද්‍යාව පිලිබඳ දැනුමත් ගණිතය පිළිබඳ දැනුමත්
මේ සඳහා ඇයට ඉවහල් වුනා.<o:p></o:p>
දහම යි. එම දහම අදහන්නේ නැති අයව හැදින්වූයේ පේගන්වරු ලෙසයි. හිපේෂියාත් එම සමාජයේ
කතෝලිකයෝ සැලකුවේ පේගන්වරියන් ලෙසයි. නමුත් හිපේෂියා කතෝලික ආගමට පෙර රෝමයේ පැවති
කිසිදු ආගමක් හෝ දෙවි කෙනෙක් ඇදහූ අයෙක් නොවේ. ඇයට නිශ්චිත ආගමක් තිබුනේ නැත. ඒ වෙනුවට
ඇය කලේ තමන්ට හැකි ආකාරයට විවිධ ආගම් ඉගෙනගෙන ප්‍රශ්න හා ගැටලු දෙස ඒ ඒ ආගම් තුලින්
බලා විමසීමයි.<o:p></o:p>
රාජ්‍ය ආගම හෝ වෙනයම් ආගමක් අදහන්නේ නැති කෙනෙක් වූ නිසා රෝම අධිරාජ්‍ය කෙලවරේ සිට
පවා තරුන තරුණියෝ මෙන්ම වැඩිහිටියෝ හිපේෂියාගේ ගුරුහරුකම් ලබා ගැනීමට ඇලෙක්සැන්ඩ්‍රියාවට
පැමිණීමට පටන් ගත්තා. එසේ ඉගෙන ගැනීමට තම ආගම නිසා ඉගෙනීමට බාධා වූ අය බොහෝ සිටියා.
මේ සියලුම දෙනාම හිපේෂියා බාරගත්තේ ඉතාමත් ලෙන්ගතුකමකින්.<o:p></o:p>
සිටි පේගන්වරු ඉවත් කිරීමට අවශ්‍යතාවයක් පැන නැගුනා. මේ සඳහා ඔහු එකල කතෝලික පූජකයන්
තුලින් කැරලි ඇතිකල අතර එම ආගම අදහන්නේ නැති බොහෝ දෙනෙක්ට ඒ තුලින් කරදර විඳීමට සිදුවූ
අතර ඔවුන්ගේ පූජා ස්ථාන විනාශ කිරීමටත් කටයුතු කලා. <o:p></o:p>
බිෂොප්වරයා එකල ආණ්ඩුකාරවරයා වූ එරස්ටීස්ගේන් අවසර පැතුවා. එරස්ටීන් මෙම ඉල්ලීමට
එකවර කැමති වූයේ නැහැ. ඔහු ඇලෙක්සැන්ඩ්‍රියාවේ වඩාත් දැනුමැති තැනැත්තා ලෙසින් ප්‍රකට
වූ හිපේෂියා හමු වී මේ සඳහා කුමක් කල යුතු දැයි විමසුවා. එහි දී හිපේෂියා පැන නැගී
ඇති ගැටලුවේ ස්වභාවය ආණ්ඩුකාරවරයාට කියා දුන් අතර ගන්නා තීන්දු තීරණ සාධාරණව අරගන්නා
ලෙසත් පැවසුවා.<o:p></o:p>
නීත්‍යානුකූල අවසරය බිෂොප්වරයාට ලබා දුන්නේ නැහැ. මර්ධනය වෙනුවට පේගන්වරුන්ට ආරක්ෂාව
ආණ්ඩුකාරවරයා ලබා දීමට කටයුතු කරනවා. ඒ නිසා තත්ත්වය තවත් දරුණු අතට හැරුනා. කෙතරම්
දරුණු වූවා ද කිවහොත් ඇතිවූ ගැටුමකින් ආණ්ඩුකාරවරයාගේ පක්ෂයෙන් කැරලිකරුවන්ගේ නායකයා
ඝාතනයට පවා ලක්වෙනවා. මෙම ඝාතනයට බිෂොප්වරයා චෝදනා කරන්නේ හිපේෂියා ට. එමෙන් ම ඇය ඉගැන්වූ
ගණිතය හා තාරකා විද්‍යාව නිසා ඇයව මායාකාරියක් ලෙසින් හංවඩු ගසනවා.<o:p></o:p>
ගමන් කරමින් සිටි විට කැරලි කරුවන් ඇයව වට කර ඉතා ක්‍රෑර ලෙස ඝාතනය කරනු ලබනවා. ඒ
වන විට ඇයගේ වයස අවුරුදු 60ක්.<o:p></o:p>
තුල අධ්‍යාපනය වෙනස් කිරීමට සමත් වෙනවා. එකල බොහෝ විද්‍යාර්ථීන් සිටියේ ඇලෙක්සැන්ඩ්‍රියාව
තුලයි. නමුත් දැන් ඔවුන්ගේ නායිකාව දරුණු ලෙස ඝාතනය වී ඇත. මේ නිසා ඇලෙක්සැන්ඩ්‍රියාවේ
සිටි ගුරුවරු ඇතුලු බොහෝ විද්‍යාර්ථීන් ඇලෙක්සැන්ඩ්‍රියාව අතහැර වෙනත් දේශයන් කරා
සංක්‍රමණය වීමට පටන් ගත්තා. විවිධ ආගම් අදහන විවිධ ජාතීන්ට හිපේෂියා යටතේ ආරක්ෂාව
පැවතුනත් දැන් ඇය ජීවතුන් අතර නැහැ. ඒ නිසා එම එම පුද්ගලයෝ ඉගෙනගැනීම සඳහා ඇලෙක්සැන්ඩ්‍රියාව
අතහැර යෑමට පටන් ගත්තා.<o:p></o:p>
කේන්ද්‍රස්ථානය ලෙස පැවතීමත් මිය ගියා.<o:p></o:p>
වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )http://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.com6tag:blogger.com,1999:blog-864762065141304889.post-18648008133022777512021-08-18T23:16:00.004+05:302021-08-18T23:16:32.791+05:30වංකගිරියක සිර වූ මිනටෝර්
මිත්‍යාවක් හා විද්‍යාවක් අතර කිසිම සම්බන්ධයක් නැහැ කියලා කෙනෙක්ට හිතෙන්න පුලුවන්. නමුත් ලෝකයේ විවිධ ශිෂ්ටාචාර වල මිත්‍යා කතා හොදින් කියෙව්වොතින් බොහෝ මිත්‍යා කතා සහ විද්‍යාව අතර සම්බන්ධතාවයක් දැකගන්න පුලුවන්.
මම හරිම කැමතියි ග්‍රීක ශිෂ්ටාචාරයේ කතා වලට. මිත්‍යා කතාවලට අනුව ග්‍රීසියේ ක්‍රීටය නම් වූ පුර රාජ්‍යයේ හිටියා ‘ඩෙඩලස්’ නම් අති දක්ෂ නිමැවුම්කරුවෙක්. වර්තමාන ව්‍යවහාරයේ නම් ඉංජිනේරුවෙක් කියලා කියතැහැකි. ක්‍රීටයේ රජතුමා වුනු ‘මීනෝස්’ දවසක් ඩෙඩලස් හමුවෙලා ඔහුට නියෝග කරනවා ක්‍රීටයේ පොළොව යට වංකගිරියක් හදන්න කියලා. ඔයාලා වංකගිරි ගැන අහලා ඇතිනේ. ඇතුල් වුනාට පස්සේ නැවත එළියට එන්න පාර හොයා ගන්න බැරි නිර්මාණයට තමා වංකගිරිය කියන්නේ.
ඩෙඩලස්, රජතුමාගේ නියෝගය ඉෂ්ට කරනවා. ක්‍රීටයේ පොළොව යට අති විශාල වංකගිරියක් නිර්මාණය කරන්න ඩෙඩලස්ට හැකියාව ලැබෙනවා. මේ වංකගිරිය නිර්මාණය කරන්නේ දරුණු සත්වයෙක්ව සිර කරන්න. සත්වයාගේ නම ‘මිනටෝර්’. මිනටෝර් අර්ධ මිනිස් සිරුරක් හා ගවයෙක්ගේ හිසක් සහිත දරුණු සත්වයෙක්. මේ සත්වයා පොළොව යට වංකගිරියක ඉන්න නිසා එළියට ඇවිදින් මිනිස්සුන්ට හානියක් කරන්න බැහැ. නමුත් මේ සත්වයා කෑ ගහනකොට මුලු ක්‍රීටයම හෙල්ලෙන්න පටන් ගන්නවා. ගොඩනැගිලි කඩාගෙන වැටෙනවා. මුහුද ගොඩ ගලනවා. පොළොව දෙදරන්න පටන් ගන්නවා. මේ නිසා මිනටෝර් සත්වයා කෑ ගහනකොට ක්‍රීටයේ මිනිස්සු සෑහෙන්න ප්‍රමාණයක් මිය යනවා.
වර්තමානගේ බොහෝ චිත්‍රපට වලට මේ මිනටෝර් සත්වයා භාවිතා කරලා තියෙනවා. බැලූ බැල්මට ම කෙනෙක්ට තේරෙනවා මෙහෙම සත්වයෙක් ඇත්තට ම නැති විත්තිය. නමුත් අතීතයේ මිනිස්සු මිත්‍යා කතාවක මේ වගේ සත්වයෙක්ව නිර්මාණය කලේ ඇයි?
අතීතයේ මිනිස්සු සංචාරක ජීවිතයක් ගත කරනකොට රාත්‍රියේ දී ගිනි මැලයක් අසල රැස්වෙලා තමන්ගේ දවස ගැන කතා බහ කරනවා. ඒ කතා බස් වල දී තමන්ට තේරුම් බේරුම් කරගන්න තරම් දැනුමක් නැති සිදුවීම් ඔස්සේ කතාවක් ගොතන්න පටන් ගන්නවා. අසාමාන්‍ය විදිහට මුහුද චණ්ඩ වෙනකොට මුහුද පාලනය කරන දෙවි කෙනෙක් ඉන්නවා කිව්වා. අධික රස්නයක් ලබා දෙන්නේ හිරු දෙවියා කියලා සමහරු කිව්වා. උදේට ඉර එක තැනකින් පටන් අරගෙන සවස් යාමයේ දී තවත් පැත්තකින් ගිලෙනකොට අපි ඉන්නේ පැතලි ලෝකයක කියලා තවත් සමහරු කිව්වා. මෙහෙම අදහස් නිර්මාණය වීම ගැන අපිට කාටවත් වරදක් පටවන්න බැහැ. ඒ මිනිස්සුන්ට තමන් අවට වෙන දේවල් තේරුම් ගන්න බැරි නිසා තේරුම් ගන්න හැකි ආකාරයට කතන්දරයක් ගෙතුවා.
ක්‍රීටයේ පොළොව යට හිටියා යි කියන මිනටෝර් සත්වයාගේ කතාවත් ඒ වගේ. ග්‍රීක ඉතිහාසයේ මිත්‍යා කතා අඩංගු පැරණිතම ලේඛන වල මේ මිනටෝර් සත්වයාගේ රූපය ගැන සඳහනක් නැහැ. ඒ වෙනුවට සත්වයා පොළොව යට ඉඳන් කෑ ගහනකොට පොළොව උඩ වෙන විනාශය ගැන සඳහන් වෙනවා.
පෘථිවිය මත භූ තැටි තියෙනවා. මේ භූ තැටි නිතර චලනය වෙමින් තියෙන්නේ. මේ චලනය නිසා තමයි වසර මිලියන ගණනාවකට උඩ දී ලෝක සිතියම වර්තමාන ලෝක සිතියමින් බෙහෙවින් ම වෙනස් වෙන්නේ. මේ භූ තැටි දෙකක් අතර ප්‍රදේශ නිරන්තරයෙන් භූමි කම්පා වලට ලක් වෙනවා. ඒ භූ තැටි දෙක එකට ගැටෙන නිසා. ක්‍රීටය කියන්නේ දූපතක්. මේ ක්රීට දූපත පිහිටන්නේ ඒජියන් සහ නුබියන් භූ තැටි දෙක අතරමැද. සාමාන්‍යයෙන් භූ තැටි දෙකක් අතර තෙරපීමේ දී ඇතිවෙන භූමි කම්පා වලට වඩා ක්රීට දූපතේ භූ තැටි චලනයෙන් ඇති වන භූමි කම්පා භයානකයි. මේකට හේතු වෙන්නේ නුබියන් භූ තැටිය අප්‍රිකා මහද්වීපයට සම්බන්ධ වෙලා තියෙන නිසා.
2014 වසරේ දී ක්‍රීටයේ රිච්ටර් පරිමාණයේ ඒකක 2ට වඩා වැඩි භූමි කම්පා 1,300කට අධික ප්‍රමාණයක් හටගෙන තියෙනවා. මධ්‍යධරණී මුහුදෙන් වට වෙලා තියෙන නිසා මේ භූමි කම්පා වලින් මුහුද ගොඩ ගැලීම සිදු වෙනවා වගේ ම ක්‍රීටය භූගෝලීයවත් වෙනස් වෙනවා. මීනොස් රජතුමාගේ කාලයේ ක්‍රීටයේ භූමි කම්පා ගැන අද වගේ දත්ත වාර්තා හොයාගන්න නැතත් ක්‍රීටයේ ඈත අතීතයේ පටන් ම භූගෝලීයව වෙනස් වූ බවට සාධක තියෙනවා. සමහර කාල වල දී ක්‍රීටය එකවර අඩි තිහකින් එසවී තිබෙනවා. එසේ වන්නේ පෙර කී ආකාරයේ භූ තැටි ගැටීමේ දී.
අතීතයේ ග්‍රීසියේ හිටපු මිනිස්සුන්ට ක්‍රීටයේ නිතර සිදුවෙන භූමි කම්පා සිදුවෙන්නේ කොහොමද කියලා පැහැදිලි අදහසක් තිබුනේ නැහැ. ඒ නිසා පොළොව යට ‘මිනටෝර්’ නමින් සත්වයෙක් සිටින බවට කතාවක් ගෙතුනා. කාලයත් සමඟ ග්‍රීක පරම්පරා තුලින් මිනටෝර් සත්වයාගේ කතාව පෝෂණය කලේ ඒ සත්වයා සම්බන්ධ තවත් කතා ගොතමින්.
භූමිකම්පාවක් ගිය දුරක්!
වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )http://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.com3tag:blogger.com,1999:blog-864762065141304889.post-83728086456782941152021-07-28T18:17:00.006+05:302021-07-28T18:17:57.043+05:30සක් දෙවිඳුගේ අඳෝනව (කෙටි කතාව)
අපේ ගමේ පැරණිතම වෙළඳසැල හිමිව තිබුනේ පිට ගමකින් පැමිණි මදාන් නම් වූ මුදලාලි හට යි. ඔහු ගමේ සිටි පොහොසත් ම ව්‍යාපාරිකයා විය. ඔහුගේ වෙළඳසැලේ තිබෙන සමහර බඩු බාහිරාදිය අහල ගම් හතකවත් දක්නට ලැබුනේ නැත. මේ නිසා ඔහු ඒවා අධික මිලකට ලකුණු කළේ ය. භාණ්ඩ අධික මිලකින් යුක්ත වූවත් ගමේ උදවියට මදාන්ගේ වෙළඳසැලෙන් එම භාණ්ඩ මිලදී ගන්නවා විනා වෙන තැනකින් ඒවා ගන්නට තැනක් තිබුනේ නැත. එම නිසා ඔහු දිනෙන් දින පොහොසත් විය.
ඔහු තම වෙලඳසැලේ විදේශීය භාණ්ඩ විකිණීමට පටන් ගත්තේ මුල් කාලයේ පටන්ම ය. ඔහුගේ නෑදෑ හිතවතුන් බොහොමයක් විදේශගතව සිටින බැවින් ඔවුන් ලවා විදේශීය භාණ්ඩ බොහොමයක් ලංකාවට ගෙන්වා ගත්තේ කුණු කොල්ලයට ය. ඉන්පසු මදාන් ඒවා රන් මෙන් විකුණ යි. ඔහු මෙම භාණ්ඩ වලින් අසාධාරණ ලාභයක් අත්කරගන්නා බව ගමේ ඈයෝ නොදන්නවා නොවේ. නමුත් ඔවුන්ට ඒ සදහා කරන්නට දෙයක් නැත.
කාලයක් ගත වූ පසු මදාන් හදිසියේ රෝගාතුර විය. එසේ රෝගාතුර වී සුමාන තුන හතරකින් ඔහු මළේ ය. මළගෙදරත් ජයටම සිදු විය. මළගෙදරින් පසු ඔහුගේ නිවස අස් පස් කරමින් සිටි අතරතුර මදාන්ගේ දිනපොතක් හමුවිය. මදාන් ව්‍යාපාරිකයෙක් නිසා ඔහු සෑම දෙයක් ම ලියා තබා ගැනීම සිරිතක් කොට ගත් අයෙකි. මෙම දිනපොතේ එක් තැනක මෙසේ සදහන් වී තිබුණි.
‘මේ සතියේ මගේ ලාභය රුපියල් විසි දාහයි. මේ හැම සල්ලියක් ම බැංකුවේ දාන්නත් බැහැ. මෙච්චර හම්බකරලා අන්තිමට මට ආදායම් බදු ගෙවන්න උනොත්. ඇරත් ගෙදර මිනිස්සු මම මෙච්චර හම්බකරනවා කියලා දැනගත්තොත් විසුමක් වෙන්නේ නෑ. අරවා ගමු; මේවා ගමු කියලා සල්ලි ටික ඉවර වෙනකන් මතුරන්න ගනියි. ඒ නිසා මේ සල්ලි මම ගෙදර හංගනවා.’
සුමාන දෙක තුනකින් පසු දිනපොතේ මෙසේ සටහන් විය.
‘මම හංගපු සල්ලි වලින් රුපියල් දහදාහක් නැති වෙලා තියෙනවා. මම මේ සල්ලි හංගන බවක් කාටවත් කිව්වේ නෑ. අනිවාර්යෙන් මගේ ගෑනි මේ සල්ලි අරගන්න ඇත්තේ. ගිය සතියේ අලුත් සාරියක් අරන් ඕනේ කිව්වම මම බෑ කිව්වනේ. ඒකටත් එක්ක තරහෙන් ගන්න ඇත්තේ. එක්කෝ ගෙදර වැඩකාරයෝ ගත්තා වෙන්න බැරි නෑ. මට ඔය මිනිස්සුන්ව නම් සතේකට විශ්වාසයක් නෑ. අපේ ගෙදර අවුරුදු නමයක් තිස්සේ වැඩ කරන සිරිදාසව වත් මට විශ්වාස නෑ. මගේ ලොකු ළමයි දෙන්නත් විනෝද ගමනක් යන්න කියලා සල්ලි ඉල්ල ඉල්ල හිටියා. උන් දෙන්න ගත්තා වෙන්නත් පුලුවන්’
තවත් දින දෙකකින් පසු මදාන්ගේ දිනපොතේ කලබල අකුරින් මෙසේ සටහන් විය.
‘ඕකා තමා ගන්න ඇත්තේ. තව ටිකක් ගැහුවා නම් සිරිදාස ගත්තු සල්ලි නිකන්ම වමාරන්න තිබ්බා. කොහෙද අපේ ගෙදර එවුන් මට ගහන්න දුන්නේ නෑනේ. මම සිරිදාසව රස්සාවෙන් අස් කරා.’
සුමානයක් ගත විය. මදාන්ගේ දිනපොතේ මදාන් මෙම සොරකම ගැන ඊළඟට සිදු කිරීමට යන දේ ගැන එහි සදහන් විය.
‘මම යනවා සාස්තරයක් අහන්න. හොද ගුරුන්නාන්සේ කෙනෙක් ඉන්නවා කියලා මට ආරංචි වුනා. ටිකක් දුර වුනාට මම යනවා එයාගෙන් සාස්තරයක් අහගන්න.’
මදාන් රුපියල් පන්දහසක් ගෙවාගෙන වාහනයක් ගෙන දුර බැහැර සිටි සාස්තර ගුරුන්නාන්සේ හමුවට ගියේ ය. එහි දී ගුරුන්නන්සේ දේවාරූඩ වී මදාන් හට සිදු වී ඇති දේ පවසා සිටියේ ය.
“රුපියල් දහදාහා නැතිවෙලා තියෙන්නේ පහුගිය මාසේ පෝය දවසට කලින් දවසේ.” දේවාරූඩ වූ ගුරුන්නාන්සේ කියා සිටියේ ය.
“ඔය දහදාහා නැති වුන දවසේ සුර ලෝකයේත් ලොකු කැලඹීමක් වෙලා තියෙනවා.”
“මොකක්ද ගුරුන්නාන්සේ වෙලා තියෙන්නේ?” මදාන් අත් දෙක වැඳ ගනිමින් කියා සිටියේ ය. ගුරුන්නාන්සේ සිදුවී ඇති දේ විස්තර කළේ ය.
පොහොය දිනයේ දී සක්‍ර දේවේන්ද්රයාගේ හිතවතෙක් වූ විශ්ණු දේව රාජයා සක්‍රයා හමුවට ඔහුගේ වාස භවනට ගියේ ය. එහි යන විටත් එහි වූ සේවිකාවන් පවසුවේ සක්‍රයා දිනකින් තම නිවසින් බහැරට නොගිය බවයි. විශ්ණු එහි යන විට සක්‍රයා ඇඳ මත එක් පැත්තකට ඇලවෙමින් වැතිරී උන්නේ ය.
“ඔයා දවස තිස්සෙම මේ වාස භවනෙන් එළියට ආවේ නැහැ කියන්නේ ඇයි? ඔයා බොහොම වේදනාවකින් වගේ ඉන්නේ” විශ්ණු ඇඳේ වැතිරී සිටි සක්‍රයාගෙන් අසා සිටියේ ය.
“බලන්නකෝ මට වෙච්ච දේ. මගේ පශ්චාත් භාගය හොදටම පිච්චිලා.” සක්‍රයා දුක්මුසු මුහුණින් කියා සිටියේ ය. සක්රයාගේ අසුන හදුන්වන්නේ පඬුපුල් අසුන ලෙසයි. පෘතුවියේ සිටින මිනිසුන් වැරදි ක්‍රියා වල නිරත වන විට සක්රයාගේ මෙම පඬුපුල් අසුන රත් වේ. එවිට සක්‍රයාට එහි අසුන් ගෙන සිටිය නොහැකි යි. පඬුපුල් අසුනේ රස්නය නිවීමට නම් වැරදි කල වුන්ට සක්‍රයා දඬුවම් ලබා දිය යුතු වේ.
“පහුගිය කාලෙම මට හරියට මගේ ආසනේ ඉඳගෙන්න ඉන්න ලැබුනේ නැහැ. මගේ ආසනේ හොදටම රත් වෙලා.”
“ඉතින් ඔයාට තියෙන්නේ වැරදි කරන මිනිස්සුන්ට දඬුවම් දෙන්න නේ. ඕක මහ දෙයක් ද?” විශ්ණු තම මිත්‍රයාගෙන් අසා සිටියේ ය.
“මේ අපි ආරක්ෂා කරන්න පොරොන්දු වෙච්ච ලංකාවේ මිනිස්සු. මේ වැරදි කරන මිනිස්සු ම මට උදේ හවා පූජා වතාවත් කරනවා. එහෙව් එකේ මම කොහොම ද ඒ මිනිස්සුන්ට ම දඬුවම් කරන්නේ? ඒ නිසයි මගේ පශ්චාත් භාගය පිච්චෙනකන් ම මම ඉවසගෙන හිටියේ. ඒ විතරක් යැ; හින්දු ආගමිකයාට, ක්‍රිස්තියානි ආගමිකයාට විතරක් දඬුවම් දෙන්න ගත්තොත් සුළු ජාතීන්ට විතරක් දඬුවම් කරනවා කියලා මට බනීවි. ඕවා අහන් ඉන්න පුලුවන් කතා ද?” සක්‍රයා තම දුක විශ්ණු හට කියා සිටියේ ය.
“මගේ පුටුව රත්කරන්න සෑහෙන කාලෙක ඉදන් දායක වෙච්ච කෙනෙක් ඉන්නවා මදාන් කියලා. එයා පිටරට ඉන්න නාදෑයෝ සහ හිතවතුන්ගෙන් කුණු කොල්ලෙට භාණ්ඩ ගෙන්නගෙන ගමේ මිනිස්සුන්ට අසාධාරණ ලාභයක් තියාගෙන විකුණනවා. සමහර ඒවා මේ මදාන්ට ලැබෙන්නේ නොමිලේ. ලංකාවේ ඉන්න අසරණ දුප්පත් අයට පිහිට වෙන්න කියලා පිටරට එකතු කරගන්න ආධාරත් එවනවා මේ මදාන්ට. අසරණ මිනිස්සුන්ට නොමිලේ බෙදන්න තියෙන එකත් ලොකු මුදලකට විකුණලා ලාභ ගන්නවා.” සක්‍රයා තවදුරටත් කියා සිටියේ ය.
“මේක කවදාහරි නවතින්න එපැයි. අපි ලංකාවේ මිනිස්සුන්ව ආරක්ෂා කරන්න පොරොන්දු වුනේ ඒ මිනිස්සු යහපත් ජීවිතයක් ගත කරනකන් විතරයි. යහපත් ජීවිතයෙන් බහැර වුනොත් අපි අනිවාර්යෙන්ම දඬුවම් කරන්න ඕනේ. අපිට දවස ගානේ පූජා කරන අයට පවා.” විශ්ණු සක්‍රයා අස්වසමින් උපදෙස් දුන්නේ ය.
මේ අතර දේවාරූඩව සිදු වී අති දෙය විස්තර කල ගුරුන්නාන්සේ දේවාරූඩය එකවර සිරුරෙන් ඉවත්ව ගියේ ය. ඉන්පසු සිදු වී ඇත්තේ කුමක් දැයි ගුරුන්නාන්සේ මදාන්ගෙන් නැවත අසා සිටියේ ය. පුපුරන්න තිබෙන බෝම්බයක් මෙන් බලාගෙන සිටි ගුරුන්නාන්සේ මදාන් තම කතාව කියූ විගස “බැහපිය දොට්ට” කියමින් මදාන්ගේ කන හරහා පහරක් ගසා සිටියේ ය.
එදින රාත්‍රියේ මදාන්ගේ දිනපොතෙ හි මෙසේ සටහන් විය.
‘අද ගුරුන්නාන්සේ හමුවෙලා ආපු වෙලාවේ ඉදන් හොදටම අඟපතට මහන්සියි. ඇඟත් රත් වෙලා. උණ වගේ.’
[මෙම කෙටි කතාව ප්රබන්ධයකි.]
වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )http://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.com4tag:blogger.com,1999:blog-864762065141304889.post-33022782577858821902021-07-25T10:59:00.006+05:302021-07-25T12:49:51.574+05:30ෆෙන්සිං
මේ දවස්වල ඔලිම්පික් තරඟාවලිය පැවැත්වෙන නිසා සමහරවිට මම වගේ ඔයාලත් ඒ ඒ තරඟ නරඹනවා ඇති කියලා හිතනවා. මේ තරඟ අතරේ ලාංකිකයන්ට එක් නුහුරු තරඟයක් තියෙනවා. ඒ තමයි ෆෙන්සිං. සරලව ගත්තොත් කඩු ෆයිට්. මැන්ඩියට ඉන්න දෙන්නෙක් දෙපැත්තේ ඉන්නවා. එක්කෙනෙක් ඉස්සරහට එනවා. අනිකා පස්සට යනවා. පොඩි තට්ටුවක් දාපු හැටියේ ලයිට් එකක් පත්තු වෙනවා. චිත්‍රපට වල තියෙනවා වගේ මරාගන්න විදිහට කඩු ෆයිට් එක වෙන්නේ නැති නිසා ලංකාවේ ප්‍රේක්ෂකයන්ට මේ තරඟය තරමක් නුහුරුයි.
ඔය ෆෙන්සිං ක්‍රීඩාව ලංකාවට හදුන්වාදෙන්නේ 2008 වගේ මෑත කාලයේ. ලංකාවට මෑත කාලයේ හදුන්වලා දුන්නට ඔලිම්පික් තරඟවල පැරණිතම තරඟ පහෙන් එකක් තමා ඔය ෆෙන්සිං කියන්නේ. මුල් කාලයේ මේ ක්‍රීඩාව පැවතුනේ ක්‍රීඩා සමාජ වල විතරයි. පාසලක මේ ක්‍රීඩාව පලමුවෙන් ම පටන් ගන්නේ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ. මේ ක්‍රීඩාව හදුන්වලා දෙනකොට මම ඒ පාසලේ උසස් පෙළ කරපු සිසුවෙක්. අපිට දැනගන්න ලැබුනා ඉස්කෝලේ ඉවර වුනාට පස්සේ අලුත් ක්‍රීඩාවක් හදුන්වාදීමේ වැඩසටහනක් ඉස්කෝලේ ජිම් එකේ තියෙනවා කියලා. ඉතින් අපිත් ගියා බලන්න.
එතනදි තමා මම පලවෙනි වතාවට දෙන්නෙක් ෆෙන්සිං කරනවා සජීවීව දැක්කේ. වඩසටහන අවසන් වුනාට පස්සේ කිව්වා මේ ක්‍රීඩාවට කැමති අය නම් ලබාදෙන්න කියලා. ඒ වෙනකොට මම ක්‍රීඩා කිහිපයක් ම කරා. චෙස්, රයිෆල් ෂූටිං (වෙඩි තැබීම) සහ ආචරි (දුන්නෙන් විදීම). නමුත් මේ අලුත් ක්‍රීඩාවත් කරලා බලන්න ඕනේ කියලා හිතුන නිසා මම ෆෙන්සිං වලට බැඳුනා. ගෙදර ආවට පස්සේ අම්මා ඇහුවා යුද්ධෙටවත් යන්න හිතන් ඉන්නවද කියලා.
මේ ක්‍රීඩාවෙදී කඩු වර්ග තුනක් තියෙනවා. අපි තෝරගන්න කඩු වර්ගය අනුව තමා දිගටම සෙල්ලම් කරන්න වෙන්නේ. තරඟාවලියක් වුනත් තියන්නේ ඒ ඒ කඩු වර්ග අනුව. තරඟයක් සිදු වෙන්නේ එකම කඩු වර්ගය තියෙන දෙන්නෙක් අතර. ෆොයිල්, එපී සහ සේබර් තමා කඩු වර්ග තුන. ඒ ඒ කඩුව අනුව තරඟයේ නීති වෙනස්. මේ කඩු වර්ග තුන අල්ලන විදිහ වුනත් එකිනෙක වෙනස්.
ෆොයිල් කඩුවට ග්‍රෑම් 500ක විතර ස්කන්ධයක් තියෙනවා. මේ කඩුව කෙරවලේ පොඩි බොත්තමක් තියෙනවා. ඒ බොත්තම ග්‍රෑම් 5ක විතර ස්කන්ධයකට එබෙනවා. ෆොයිල් කඩුවෙදී පහර දෙන්න පුලුවන් තුනටියෙන් උඩ සහ බෙල්ලෙන් පහල කොටසට විතරයි. පහර දෙනකොට කඩුවේ පැත්තක් වදින්න බැහැ. අර කිව්ව බොත්තම එබෙන්න ඕනේ. මොකද කඩුවට සම්බන්ධ කරපු වයර් එකක් අපේ අත දිගේ යනවා. ඒක සම්බන්ධ වෙනවා ලකුණු පුවරුවට.බොත්තම එබුන හැටියේ ලයිට් එකක් දැල්වෙනවා. ෆොයිල් වලදි නම් එක් ක්‍රීඩකයෙක් පහර දෙනකොට අනික් ක්‍රීඩකයා ඒ පහර වලක්වන්න ඕනේ. දෙදෙනාට ම එකවර පහර දෙන්න බැහැ.
සේබර් කඩුවටත් ග්‍රෑම් 500ක විතර ස්කන්ධයක් තියෙනවා. මේ කඩුවෙන් පහර දෙන්න පුලුවන් තුනටියෙන් උඩ කොටසට විතරයි. හිසත් ඇතුලුව. මේ කඩුවේ බොත්තමක් නෑ කඩුව අග. කඩුවේ පැත්තක් වැදුනත් ළකුණු ලැබෙනවා.
අනිත් කඩුව තමා එපී. මේ කඩුව අනික්වට වඩා ස්කන්ධය වැඩියි. ඒකට තියෙන්නේ ග්‍රෑම් 775ක සකන්ධයක්. මේ කඩුවේ නම් හිසේ සිට දෙපතුල දක්වා සරුවාංගේ ඕනම තැනකට පහර දෙන්න පුලුවන්. ක්‍රීඩකයන් දෙදෙනාටම එකවර පහර දෙන්නත් පුලුවන්. ඉතින් මම තෝරගත්තේ එපී.
මේ ක්‍රීඩාව කරද්දී අඳින ඇඳුම ඇන්දම පෝරණුවක් අස්සේ ඉන්නවා වගේ. පුදුම රස්නයක් තියෙන්නේ. ඇඳුමට යටින් තවත් ආවරණයක් පලදින නිසා ආරක්ෂාවත් තියෙනවා. කලින් කිව්වා වගේ පාසලක ෆෙන්සිං පලමුවෙන් පටන් ගත්ත පාසලේ පලමු ෆෙන්සිං කණ්ඩායමට ඇතුලත් වෙන්න මටත් හැකියාව ලැබුනා. ක්‍රීඩාවලින් ඉදිරියට යන්න මගේ උවමනාවක් තිබ්බේ නැති නිසා උසස් පෙළින් පස්සේ ඒ ක්‍රීඩාව අත හැරියා. මේ සටහන කියවපු ඔයාට මෙවර ඔලිම්පික් ෆෙන්සිං ක්‍රීඩාව නරඹනකොට පැහැදිලි අදහසක් ඇතිව නරඹන්න පුලුවන් වේවි කියලා හිතනවා.
වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )http://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.com4tag:blogger.com,1999:blog-864762065141304889.post-66779491726374206902021-07-22T23:47:00.007+05:302021-07-22T23:47:55.736+05:30සීගිරියේ ශෝකාලාපය (කෙටි කතාව)
පියදාස කහටගමගේ මැදි වියේ වූ ලේඛකයෙකි. තම තුරුණු වියේ පටන් කෙටි කතා නවකතා රචනා කරමින් ඉමහත් පාඨක ප්‍රතිචාරයක් දිනා ගත් රචකයෙක් වූ නිසා ඔහු තම පත්තර කන්තෝරු රස්සාව අතහැර වෘත්තීය ලේඛකයෙක් බවට පත් විය. දිනක් පුවත්පත අතට ගෙන බැලූ විට ඔහුගේ ඇස ගියේ සාහිත්‍ය අතිරේකයේ ලොකු අකුරින් වූ දැන්වීම වෙතට යි.
‘...වසරේ හොදම නවකතාව සඳහා වූ තරඟයට අත් පිටපත් බාරගන්නා අවසන් දිනය අගෝස්තු මාස 15 වන දිනෙන් අවසන් වේ…’
කලක පටන් නවකතාවකට උචිත කතාන්දරයක් පියදාසගේ සිතේ සක්මන් කරමින් තිබුණි. අත් පිටපත් බාරගැනීමටත් තව මාස දෙකක පමණ කාලයක් තිබෙන බැවින් ඔහුට මෙම කාලය සම්පූර්ණයෙන් තම පොත සදහා වෙන් කලහොත් නියමිත කාලයට කතාව ලියා බාරදිය හැකියි. ඔහු ලිවීමට සිතා සිටියේ සීගිරියේ කාශ්‍යප රජතුමා ගැන ප්‍රබන්ධ කතාවකි. පියා මැරූ රජෙක් අලලා කතාව ගෙන යෑම ඔහුගේ අරමුණ විය.
නවකතාව ලිවීම සදහා මානසිකත්වය සාදා ගැනීමටත් නිදහසේ ලිවීමටත් නිසා පියදාස නවකතාව ලිවීමට සීගිරියට යාමට තීරණය කළේ ය. කොළඹ නගරයේ පදිංචිව සිටි තනිකඩයෙක් වූ මොහු පුවත්පත් දැන්වීම කියවූ පසු දින ම තම මල්ලට ඇදුම් කිහිපයක් දමාගෙන සීගිරිය කරා යෑමට පිටත් වුනේ ය.
ඔහු සීගිරියේ නවාතැන් ගත්තේ සීගිරිය පෙනන මානයේ තිබූ හෝටලයක යි. එම හෝටලයේ සීගිරිය පෙනෙන අන්දමට නිවිහැනහිල්ලේ සිටිය හැකි අන්තයක් සාදා තිබුනු බැවින් පියදාසට කලබලයකින් තොරව නවකතාව ලිවීමට එතැන සුසුසු ස්ථානයක් විය.
පළමු දින ඔහු ගතකලේ සීගිරිය නැරඹීමෙනි. කැටපත් පවුර, සීගිරි සිතුවම් ඇතුලු අනෙකුත් ස්තාන* සියල්ල ඔහු ඉතා ආසාවෙන් නැරඹීමෙහි නිරත වූයේ ය. ඔහු මීට පෙර සීගිරිය නැරඹීමට පැමිණියේ වසර පහළොවකට ඉහතදී යි. එතරම් කාලයක පසු පැමිණි නිසා පියදාසට සීගිරිය ගැන දැනුනේ පෙර දී නොදැනුනු හැඟීමකි. ඔහු සීගිරියේ සක්මන් කරමින් සිටි අතරතුර සීගිරි සිතුවම් දෙස සෑහෙන වේලාවක් බලාගෙන සිටි කාන්තාවක් දුටුවේ ය. එතරම් වෙලාවක් ඒ දෙස බලාගෙන සිටි නිසා ඇයත් සමග කතාබහ කල යුතු යැයි ඔහුට හැගුණි.
පියදාස ඈ වෙත ගොස් “මේ කාන්තාවෝ දෙන්නට කිව්වේ මේඝලතා සහ විජ්ජුලතා කියලා” යැයි කීවේ ය.
එකවර පැමිණි මේ අමුත්තා දෙස සිනාමුසු මුහුණින් බැලූ ඈ “එහෙම කිව්වේ කව් ද?”
“පරණවිතාන මහත්තයා තමා කියලා තියෙන්නේ.” පියදාස කීය. “මම පියදාස, සීගිරිය ගැන ප්‍රබන්ධ කතාවක් ලියන්න කියලයි සීගිරියට ආවේ.”
“ඒ කියන්නේ මෙහෙ නැවතිලද ඉන්නේ” ඇය පියදාසගෙන් අසා සිටියා ය.
“ඔව් මම මේ කිට්ටු හෝටලේක නැවතිලා ඉන්නේ”
දෙදෙනාගේ කතාබහ එතරම් දුරට ඇදී ගියේ නැත. චිත්‍ර ගැන මිනිත්තු කිහිපයක් කතා කර පියදාස එතැනින් නික්ම ගියේ ය. ඔහු නික්ම ගිය විටත් ඇය නැවතත් චිත්‍ර දෙස පෙර පරිදි ම සීගිරි චිත්‍ර දෙස බලා සිටියා ය.
පියදාස පසු දින උදයේ නැගිට නවකතාව ලිවීම ආරම්භ කළේ ය. ඔහු ලිවීම සඳහා සීගිරිය පෙනෙන ආකාරයට සාදා තිබූ නැරඹුම් මැදිරියේ මේසයක් වෙත ගොස් ලිවීමේ කටයුත්ත ආරම්භ කළේ ය. පැය කිහිපයක් ගතවිය. දැන් සවස හතරට පමණ ය. පියදාස ලියමින් සිටි අතරතුර කවුරුන් හෝ තමන් දෙස බලාගෙන සිටිනවා යැයි ඔහුට හැඟුණි. ඔහු තම හිස ඉහළට ඔසවමින් දෙපස බැලීය.
ඒ පෙර දින සීගිරියේ දී පියදාසට හමු වූ කාන්තාව යි. පියදාස තමන් ව දුටු බව දැනගත් ඒ කාන්තාව සිනාවෙමින් ඔහු වෙත පැමිණ, “මම එනකොට ඔයා ලිය ලිය හිටියේ. ඉතින් ඔයාට කරදර කරන්න හොද නෑ කියලා හිතලා පැත්තකට වෙලා හිටියා” යැයි කීවා ය.
“මොන කරදරයක් ද අනේ, මම මේ කතාව ගොතන ගමන් ඉන්නේ”
“මමත් උදව්වක් කරන්න ද?” ඇය පියදාස සිටි මේසයට පුටුවක් ඈඳමින් කියා සිටියා ය.
“ඒකනම් ලොකු උදව්වක්.”
“හරි එහෙනම් අපි මෙහෙම ගමුකෝ. ඔයා හිතන්නේ සීගිරිය කාශ්‍යප හැදුවා කියල ද?”
“පොත් වල තියෙන්නේ නම් කාශ්‍යප කියලනේ. රාවණා කතාත් තියෙනවා ඉතින්. ඒවට නම් මම අමුතුවෙන් ගොතන්න කතාවක් නෑ. ගෙතිලනේ තියෙන්නේ.” පියදාස සිනාසෙමින් කියා සිටියේ ය.
“අපි කතාවට කාශ්‍යප රජතුමාගේ සහෝදරියව සම්බන්ධ කරමු.”
“කාශ්‍යපගේ සහෝදරිය?” පියදාස පුදුමයෙන් ඇසී ය.
“ඔව් ධාතුසේන රජතුමාට දුවෙක් හිටියා. අපි එයා ගැන කතාවක් ගොතමු.”
“ඒක හොදයි. දැන් කොහොමද එයාව සීගිරියට සම්බන්ධ කරන්නේ”
“අපි කියමු සීගිරිය හැදුවේ කාශ්‍යප නෙමේ කියලා. කාශ්‍යපට කලින් ධාතුසේනගේ දුව නිසා සීගිරිය හැදුව යි කියමු.”
“හේතුව?”
“ධාතුසේන රජතුමාගේ දුව හරි දක්ෂ කෙනෙක්. එයා නව නිපැයුම් කරපු කෙනෙක්. දවසක් මේ දුව හදනවා විශාල යානාවක්. මේකෙන් එකපාරට නගරයක් වුනත් ගිනිතියන්න පුලුවන් යානයක්. ඒ යානයට අහසින් වුනත් යන්න පුලුවන්. මේ තරම් භයානක යානයක් නිපදවපු නිසයි ධාතුසේන සීගිරි බලකොටුව හදලා තමන්ගේ දුවව එතන හිර කරන්නේ.”
“ඒක ලස්සන කතාවකට හොද ආරම්භයක් වේවි.”
“අනිවාර්යෙන් ම. කතාවේ ඊලඟ කොටසටත් මට හොද අදහසක් තියෙනවා.”
“ඉතින් කියමුකෝ.” පියදාස ඉතා ඕනෑකමින් කතාවේ ඉතිරි කොටසත් ඇයගෙන් අසා සිටියේ ය.
“සීගිරියේ ඉන්නකොට ධාතුසේනගේ දුවගේ හිතවත් සේවිකාවන් දෙන්නෙක්ව තමා සීගිරි චිත්‍ර වල ඇඳලා තියෙන්නේ.”
“සීගිරි චිත්‍රත් කතාවට ගාවත්ත එක නම් සෑහෙන්න හොදයි. ප්‍රබන්ධ කතාවට ඒක ලස්සන අංගයක් වේවි.”
“දවසක් ධාතුසේනගේ දුවට පුලුවන් වෙනවා අර සේවිකාවන්ගේ උදව්වෙන් බලකොටුවෙන් පැනලා යන්න. පැනලා ගිහින් කෙලින් ම යන්නේ තමන් හදපු යානයට. එතනට ගිහින් තනියම ඒක පදවනවා.”
“එතකොට අර උදව්කරපු සේවිකාවෝ දෙන්නා”
“ඒ දෙන්නා ධාතුසේනගේ දුවව බේරන්න ගිහින් මියයනවා.”
“ඒක ගැනත් ලස්සනට ලියතැහැකි. ඉතින් ඊට පස්සේ..”
“කොහොමහරි යානය පදවලා වැඩි වෙලා යන්නේ නැහැ, ධාතුසේනගේ හමුදාවට ඒ යානය බිම වට්ටන්න. කැලෑවේ තිබුනු ඒ යානය නගරයට යන්න නොදෙන්න සිය ගණනක් මිනිස්සු මැරුණා.”
“අච්චර දෙයක් කරන්න පුලුවන් කිව්ව යානට එහෙම බිම වැටුනේ කොහොමද?”
“ධාතුසේනගේ දුව එවෙලේ හොදට ම තුවාල වෙලා හිටියේ කියමු. ඒ යානය තනි කෙනෙක්ට පදවන්න පුලුවන් එකක් නෙමේ කියලත් දාමු.”
“දැන් අර යානය බිම වැටුනට පස්සේ මොකද වුනේ?”
“යානයට පහර දුන්නු නිසා ධාතුසේනගේ දුවත් මියයනවා ඒ යානය ඇතුලේම. ඒ යානය ඇතුලෙන් ලොක් වෙන නිසා කාටවත් ම ඒ යානයෙන් දුවව එළියට ගන්න බැරි වෙනවා. ඉතින් ධාතුසේන නියෝග කරනවා මේ යානය හංගන්න.”
“කොහෙද හංගන්නේ?”
“කලා වැව පතුලේ.”
මේ වන විට අඳුර වැටීගෙන එමින් තිබුනි. බැසගෙන යන ඉර දෙස බලාගෙන සිටි මේ අමුත්තිය “මම දැන් යන්න ඕනේ මට පරක්කු වෙනවා. මම ඔයාව හෙට හමුවෙන්නම්.” කියා විගහට නැගිට එතැනින් පිටවී ගියා ය.
පියදාස එතැන් පටන් කල්පනා කලේ තමන් ඇසූ මේ කතාන්දරය ගැන යි. නවකතාවකට නම් ඉතාම උචිත කතාවක් නිසා ඔහු මෙම කතාවේ ඉතිරිය එදින නොනිදාම ගොතන්නට විය.
පසු දිනයේ දී පියදාස නැරඹුම් මැදිරියට වී ඇය එනතුර බලා සිටියේ ය. පැයක් ගත විය. දෙකක් ගතවිය. අවසානයේ දී සවස් විය. ඇය දැන් නම් පැමිණෙන්නේ නැත. පියදාස කතාවේ ඉතිරිය ගොතමින් ඇය ගැනත් සිතමින් දිනයේ ඉතිරිය ගෙවා දැමුවේ ය.
පසු දිනයේ දී පියදාස නරඹුම් මැදිරියට ගියේ ඇය පැමිනෙතැයි බලාපොරොත්තු රහිතවයි. නමුත් සවස තුන පමණ වන විට ඇය නැවතත් පැමිණියා ය.
“මම ඔයා එනකන් ඊයේ බලාගෙන හිටියා.”
“ඊයේ මට පොඩි වැඩක් තිබුනා. ඒකයි ආවේ නැත්තේ.”
“මම කතාවේ ඉතුරු ටික මෙහෙම ගෙතුවා. කාශ්‍යප රජ්ජුරුවෝ, තමන්ගේ සහෝදරිය මරාපු නිසා තමන්ගේ තාත්තා ධාතුසේනව මරනවා කලා වැවේ මැටි ගහලා.”
“අපි ඕකට මෙහෙම දෙයකුත් එකතු කරමු ද?”
“මොකක්ද?”
“ධාතුසේන රජ්ජුරුවන්ගේ දුව ඒ වෙනකොට බැඳලා හිටියේ. එයා බැන්දෙත් ධාතුසේනගේ සෙන්පති කෙනෙක්ව. තමන්ගේ බිරිඳව මරාපු කේන්තියට කාශ්‍යපගේ හිත ධාතුසේනව මරන්න වෙනස් කලේ ඒ සෙන්පති.”
“ඒක හොද කොටසක්. ඊට පස්සේ තමා ධනය දෙන්න කියනකොට ධාතුසේන කලා වැවේ දිය දෝතක් අරන් ‘මේ තමයි මගේ ධනය’ කියන්නේ” යැයි පියදාස කතාවේ ඉතිරිය ඒ අයුරින් කියා සිටියේ ය.
“අපි ඒක මෙහෙම කියමු. කාශ්‍යපට උවමනා වෙනවා ධාතුසේනගේ වස්තුව හොයාගන්න. ධාතුසේන තමන්ගේ දුවට ගොඩක් ආදරය කරපු කෙනෙක්. ඒ නිසා තමා කලා වැව ගාවට ගිහිල්ලා ඒකෙන් වතුර දෝතක් අරගෙන ‘මේ තමයි මගේ වස්තුව’ කියලා කිව්වේ. ධාතුසේන වස්තුව කීව්වේ කලාවැවට නෙමේ කලා වැව පතුලේ ඉන්න තමන්ගේ දුවට.”
පියදාස ඇයත් සමග තවත් බොහෝ වේලා කතා කරමින් කතාවේ අඩුපාඩු සකසමින් සිටියේ ය. ඔහු කතාවේ සදහන් යානයේ හඩහුරුව ද ඇයගෙන් ම අසා සිටියේ ය. මෙසේ දින කිහිපයක් ගත විය. දිනයක් හැර දිනයක් ඇය පියදාස හමුවට පැමිණ කතාබස් කරමින් ඉර බැස යත්ම හෝටලයෙන් පිට වී ගියා ය.
මාස එකහමාරකට පමණ පසු පියදාස තම කෘතිය ලියා නිම කළේ ය. තම පොතෙහි සදහන් දෑ ගැන පාඨකයෝ කෙසේ බාර ගනිති දැයි සැක කල ඔහු අත් පිටපත් බාරගන්නා දිනයට පෙර දිනයේ දී තම අත් පිටපත බාර දුන්නේ ය.
එතැන් පටන් තවත් මාස කිහිපයක් ගත විය. පියදාස සුපුරු පරිදි උදයේ පුවත්පත ගෙන පලමුවෙන් සාහිත්‍ය අතිරේකය පෙරළා ගත්තේ ය. එහි වූයේ අත් පිටපත් තරඟයේ ජයග්‍රාහකයන්ගේ නම් ය. එහි පලමු ස්ථානය දිනා ඇත්තේ පියදාස ය. දැඩි සතුටකින් පිනා ගිය ඔහු මේ බව දන්වීමට ඔහු තමන්ගේ නවකතාවට කතාව කියූ අමුත්තියට දුරකථන අමතුමක් ලබා දුන්නේ ය. නමුත් එයින් ප්‍රථිචාරයක් නොවීය.
මෙසේ තවත් මාස කිහිපයක් ගත විය. පියදාස තම නෑදෑයින් හමුවට ගොස් සවස් යාමයේ නිවස වෙත පැමිණෙන විට එහි පොලිස් ජීප් රථ කිහිපයක් නවත්වා තිබෙනු දුටුවේ ය. ඒ කුමක් සඳහා දැයි සොයා බැලීමට ඔහු ඒ වෙත පිය මැන්නේ ය.
“අර ඉන්නේ මනුස්සයා.. අල්ලගන්න” එක් පොලිස් නිලධාරියෙක් පියදාස වෙත ඇඟිල්ල දික් කරමින් කෑ ගැසුවේ ය. ඒත් සමගම පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් පියදාසව වටකරගෙන ඔහුව අල්ලාගෙන ජීප් රථයට දමා ගත්තේ ය.
“අනේ මහත්තයෝ මොකද මේ මාව අල්ලගෙන යන්නේ? මම කරපු වැරැද්ද මොකක් ද?” කිසිවක් සිතාගත නොහැකිව තෘෂ්නිම්භූත වී සිටි පියදාස අසා සිටියේ ය.
“හරියට නොදන්නවා වගේ කතා කරන හැටි. ඔයා අර ලියලා තියෙන පොතේ තියෙන විදිහටම යානයක් ඊයේ රෑ කලා වැවෙන් උඩට මතුවෙලා ගිහින් තියෙනවා. නිකන් නෙමේ සීගිරිය වටේ ඉන්න මිනිස්සු සිය ගණනක් මරාගෙන”
“මොකක්..! ඒක වෙන්නේ කොහොමද? ඒක ගොතපු කතාවක් විතරයි. අනික ඒ කතාව මගේ අදහසකුත් නෙමේ මම හෝටලයේ ඉන්නකොට එහෙ හිටපු ගෑනු කෙනෙක් මට ඔය කතාව ලියමු කිව්වේ. එයත් ගොතපු කතාවක් ඒක.” පියදාස බියෙන් ගහෙමින් කියා සිටියේ ය.
“හරි අපි ඒක හොයලා බලන්නම්කෝ. එතකන් ඔයාට පොලිස් කූඩුවේ ඉන්න වෙනවා.”
කිසිවක් නොදන්නා පියදාස කූඩුවට වී තම නිර්දෝෂීභාවයේ සාක්ෂි පැමිණෙනතුරු බලාගෙන සිටියේ ය. තමන් නැවතී සිටි හෝටලයට ඇතුල් වන සෑම කෙනෙක්ගේ ම විස්තර එම හෝටල් කලමනාකාරීත්වය අරගන්නා අතර යන එන සෑම අයෙක් ගැන සොයා බැලීමට සීසී ටීවී පද්ධතියක් ද එම හෝටලය සතුයි. මේ නිසා බලාපොරොත්තු සහිතව පියදාස සිර මැදිරියට වී සිටියේ ය.
පසු දින සවස් යාමයේ එම හෝටලයට ගිය පොලිස් නිලධාරියා නැවත පොලිස් ස්ථානයට පැමිණියේ ය. ඒ දුටු පියදාස “මහත්තයෝ ඔයාලා හොයාගත්තනේ ඒ ගෑනු කෙනාව?”
“අපි සීසී ටීවී බැලුවා, වටේ පිටේ මිනිස්සුත් එක්ක කතා කරා එහෙම කෙනෙක් හෝටලයට ඇවිල්ලත් නෑ ඉඳලත් නෑ.”
[මෙය ප්‍රබන්ධ කතාවක් වන අතර කතාව තුල ඇති ප්‍රබන්ධය ද ප්රබන්ධයකි]
වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )http://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.com6tag:blogger.com,1999:blog-864762065141304889.post-42832800432108959602021-07-08T15:15:00.004+05:302021-07-08T19:36:41.917+05:30මානුෂ ගුණාංග වල ආරම්භය
තම පණ නල රැක රැනීමට වෙහෙසුනු මානවයෝ තව මිනිසෙක් වෙනුවෙන් වැය වීම පටන් ගත් අවධිය මානුෂ ගුණාංග වල ආරම්භය ලෙස දැක්විය හැකියි. මිනිසෙක් තවත් අයෙක් වෙනුවෙන් වැය වීම ආරම්භ වූයේ කොතැනකින් ද යන වග මිනිසුන්ට වඩාත් කිට්ටු මානවයා වූ නියැන්ඩර්තාල් මානවයාගෙන් සොයාගත හැකියි.
මීට වසර පනස් දහසකට පමණ පෙර සිටි මානවයන්ට යම්කිසි බරපතල තුවාලයක් සිදු වීම සාමාන්‍ය දෙයකි. සතුන් දඩයම් කිරීමේ දී හා ගිරි දුර්ග ජල දුර්ග ආදිය තරණය කිරීමේ දී එවන් විපත් සිදුවීම නිසා එම පුද්ගලයෝ වැඩිකල් නොගොස් මිය යයි. මන්ද බරපතල තුවාලයක් තබාගෙන එවන් සමයක වැඩි කල් ජීවත්විය නොහැකියි. සංචාරක දිවි පෙවතක් ගත කල නිසා කණ්ඩායමේ අනෙක් සාමාජිකයෝ සමග එකට ගමන් කල නොහැකි නිසාත් තනි වී සතෙකුගේ පහර කෑමට ලක්ව එම පුද්ගලයා මිය යයි.
නමුත් කුතුහලය දනවන දෙයක් ඉරාකය දෙසින් වූ ගුහාවකින් සොයාගැනීමට හැකි විය. එහි නියැන්ඩර්තාල් මානවයින්ගේ ඇටසැකිලි කිහිපයක් සොයා ගත් අතර එම ගුහාවට ෂැනිඩාර් ගුහාව යැයි කියයි. එහි වූ එක් මානවයෙක් වූ ෂැනිඩාර් 1 වූ මානවයාගේ ඇටසැකිලි පරීක්ෂා කල විට ඔහුගේ හිස්කබලේ ඇසට කිට්ටු ප්‍රදේශයට තදින් පහරක් වැදී ඇති බවත්, දකුණු අත වෙන් වී ඇති බවත්, සිරුරේ හන්දි වල ශක්තිමත්බව අඩු කිරීමට සමත් රෝගයක් පැතිරී ගොස් ඇති බවත් පුරාවිද්‍යාඥයෝ සොයාගත්තෝ ය.
හිසෙහි වම් පෙදෙසට පහරක් එල්ල වී ඇති නිසා මෙම මානවයාගේ වම් ඇස අන්ධ වී, වම් කනේ ශ්‍රවණාබාධයක් ද තිබී ඇත. එපමණක් නොව දකුණු අතත් නොමැතිව හන්දි රෝගයකිනුත් පෙළුනු නිසා මොහු නිසැකයෙන් ම ඇවිදීමට අපහසුතාවයෙන් පෙළුණු අයෙකි. මොහු සිටි කාලයේ තත්ත්වය සැලකිල්ලට ගත් විට මොහුගේ කණ්ඩායමේ මිනිසුන් මොහුව පැත්තකට දමා මියයන්නට හැර යා යුතුයි.
නමුත් පුදුමයට කාරණය නම් මෙම ෂැනිඩාර් 1 වූ මානවයාගේ කණ්ඩායමේ අනෙක් අය මොහුව අතහැර දා නොයාම යි. ඒ බව සනාථ වූයේ මොහුගේ ඇටසැකිලි තවත් පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව යි. පුරාවිද්‍යාඥයන් සොයාගත් ආකාරයට මොහුගේ තුවාල බොහොමයක් සුව අතට හැරී තිබුණි. එසේ වීමට නම් තවත් අයෙකුගේ සත්කාරයක් තිබිය යුතුයි. මෙම අරුම පුදුම සොයාගැනීම යම් කිසි මානවයෙක් තවත් අයෙක් වෙනුවෙන් වැය වීම ගැන කියැවෙන පලමු අවස්ථාව යි.
පෙර දී පැවසූ ඉරාකයේ ෂැනිඩාර් ගුහාවෙන් ඇටසැකිලි 9ක් සොයාගත් අතර එයින් 7ක් වැඩිහිටි නියැන්ඩර්තාල් මානවයන්ගේ වූ අතර ඉතිරි ඇටසැකිළි ළදරුවන්ගේ විය. වැඩිහිටි සත් දෙනාගෙන් පස් දෙනෙක් ම අස්ථි රෝග ඇතුලු තවත් රෝගාබාධ වලින් පෙළුනු අය බව සොයාගත් අතර ඉන් පැහැදිලි වන්නේ ඔවුන්වත් කවුරුන් හෝ රැකබලාගෙන ඇති බවයි.
මේ අතර ෂැනිඩාර් 3 නම් වූ තවත් නියැන්ඩර්තාල් මානවයෙක් සිටියේ ය. මොහුගේ උකුලේ අස්ථි බිඳීමකට ලක් වී තිබුනු අතර එවන් තුවාලයක් ඇති වූ විට තනිවම ඇවිදීමට නොහැකියි. නමුත් පුරාවිද්‍යාඥයෝ සොයාගත්තේ ඔහුගේ උකුල සුව අතට හැරී ඇති බවයි. එවන් තුවාලයක් සුව අතට හරවා ගැනීමට නම් අනිවාර්යෙන් ම තවත් අයෙක්ගේ උපකාරය අවශ්‍යයි. එමෙන් ම මොහුගේ උකුලේ තුවාලය සුව අතට හැරෙමින් පවතින විට වම් පැත්තේ ඉළ ඇට වලට හානියක් සිදු වී තිබේ. මෙම හානිය නිසා වම් පෙනහළුව අක්‍රිය වීමට පවා ඉඩකඩ තිබුනු නමුත් මොහු මියගොස් ඇත්තේ එම තුවාලය සිදු වී මාස දෙකකටත් පසුවයි. එනම් මරණ මොහොතේ දීත් ඔහුව අතහැර දා යාමට කවරෙකු හෝ ප්‍රථික්ෂේප කර තිබේ.
පෙර පැවසූ පරිදි මීට වසර පනස්දහසකට පමණ අතීතයේ දී ඇවිදීමට නොහැකි, ඇස් නොපෙනෙන, කන් නොඇසෙන හා විවිධ රෝගාබාධ වලින් පෙලෙන අයෙක්ට රෝගාබාධ සමග වැඩි කලක් නිරුපද්‍රිතව ජීවත් විය නොහැකියි. නමුත් නියැන්ඩර්තාල් මානවයින්ගේ මෙම සොයාගැනීමත් සමග මානවයෝ තම චර්යාව වෙනස් කරගත් අවධි දැකගත හැකියි.
එවන් තුවාල ලත් අයෙක් සිටින විට ඔහුව වන සතුන්ගෙන් ආරක්ෂා කරගත යුතුයි. දත් නොමැති නම් මොහුට කෑමට පහසු වන ආකාරයට ආහාර සකස් කල යුතුයි. ඇවිදීමට නොහැකි විට ඇවිදීමට උදව් කල යුතුයි. සංචාරක ජීවිතයක් මෙම නියැන්ඩර්තාල් මානවයෝ ගත කල නිසා මොවුන් දිනපතා තම ගමනේ යෙදිය යුතුයි. මෙම රෝගී මිනිසුන් නිසා ගමන අතරමග නතර කිරීමටත් වේගය අඩාල වීමත් සිදු වූ බවට සිතිය හැකියි. ඒ කෙසේ වුවත් ඔවුන් රෝගී වූ පලියට ඔවුන්ව අතහැර දමා ගියේ නැත.
මීට වසර හතලිස් දහසකට ප්‍රථම නියැන්ඩර්තාල් මානවයෝ මිහිමතින් වඳවී ගියෝ ය. දැනට සිටින එකම මානව විශේෂය අප වුවත් මෙම සොයාගැනීම් වලින් නිගමනය වන්නේ මිනිසෙක් වීමට තිබිය යුතු මානුෂ ගුණාංග අපගේ නිර්මාණයක් නොවන බවයි.
වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )http://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.com10tag:blogger.com,1999:blog-864762065141304889.post-72686411905390952732021-07-06T00:19:00.002+05:302021-07-06T00:19:14.941+05:30මෙතෙක් සොයාගත් ලොව පලමු කිරි බෝතල්
කුඩා අත දරුවෙක්ව සෞඛ්‍යාරක්ෂිතව ඇති දැඩි කිරීම සුළුපටු කරුණක් නොවේ. මීට වසර දහස් ගණනකට උඩ දී එනම් ප්රාග් ඓතිහාසික යුගයේ දී කුඩා දරුවෙක් ඇති දැඩි කිරීම ලේසි පහසු කරුණක් නොවන්නට ඇත. හිසට හරිහමං නිවහනක් නොමැතිව තැනින් තැන ඇවිද යමින් සතුන් සමග කරට කර සටන් කර පොර බැදූ ජීවිතයක් හිමි වූ ඔවුන්ට දරුවෙක් රැකබලා ගැනීම නිසැකයෙන් ම අසීරු කර්තව්‍යයක් වන්නට ඇත.
පුරාවිද්‍යාඥයෝ ඒ ගැනත් සිතේ තබාගෙන කැණීම් කරනා අතරතුර විශේෂ යමක් සොයාගන්නට හැකි විය. ඒ කුඩා බඳුන් විශේෂයක්. එය කෙසේ ද කීවොත් මිත්‍යා සතෙකුගේ මෙන් හැරහුරුවට නිමවා ඇති එක් කෙළවරක කුඩා කටක් ඇති බඳුන් කිහිපයක්. මෙම සුවිශේෂී සොයාගැනීම සිදුකලේ ජර්මනියේ දී. බැලූ බැල්මට නම් මේවා කුඩා ළමුන්ට කිරි පෙවීමට භාවිතා කල බඳුන්.
අදත් අම්මලා ළමුන්ට කිරිපෙවීමට කුඩා පොරොප්පයක් ගසා කුඩා කිරි බෝතලයක් ළමයින්ට දෙති. ඉහත කී සොයාගැනීමේ හැටියට නම් එවන් ආකාරයේ දෙයක් අද අම්මලා පමණක් නොව මීට වසර 5000කට එපිටින් සිටි අම්මලා ද සිදුකර ඇත.
මීට පෙරත් කැණීම් වල දී ළමා සිරුරු වලින් සොයාගත් දත්ත වලට අනුව එකල කුඩා ළමයෙක් මව්කිරි වෙනුවට වෙනත් කිරි වර්ග බීම මාස හයේ දී ආරම්භ වී එය වයස දෙක හෝ තුන වනතෙක් තිබෙන බව සොයාගෙන තිබේ. මෙවන් ආකාරයේ කුඩා කිරි බඳුන් පළමුව සොයාගත්තේ ජර්මනියෙන් ම නොවේ. නමුත් මේ ජර්මනියේ සොයාගැනීම විශේෂ කාරණා දෙකක් නිසා වැදගත් වෙනවා.
ජර්මනියෙන් හමු වූ මෙම කුඩා කිරි බඳුන් සියල්ල කැඩී බිඳී නොතිබූ අතර ඒවා හොද තත්ත්වයේ පැවතුනා. එනම් වසර පන්දහසකට පෙර සිටි මවක් තම දරුවාට කිරි බීමට ලබාදුන් බඳුන ඒ ආකාරයෙන් ම සොයාගැනීමට පුරාවිද්‍යාඥයන්ට හැකියාව ලැබුනා.
මෙම බඳුන් තව පරීක්ෂා කල විට ඔවුන් සොයාගත්තේ ඒවා තුල බැටළුවන් සහ එළදෙනුන්ගේ කිරි අඩංගු වූ බවයි. සතෙකුගේ කිරි හොදින් උතුරවා නොගතහොත් එම කිරි තුලින් බැක්ටීරියා වැනි දෑ දරුවාගේ ශරීරයට ගොස් දරුවා ආසාදනය විය හැකියි. මෙම කිරි බී එකල ළමුන් මියගියා වන්නට ද හැකියාව තිබේ.
නමුත් මවිසින් ඉහත කී විශේෂ හේතුව එය නොවේ. එය නම් මෙම බඳුන් අයත් වන කාල වකවානුව. බැටළුවන් හා එළදෙන්නු මිනිසුන් සමග එකට ජීවත් වූයේ මිනිසුන් සංචාරක ජීවිතය අතහැර වගා කිරීම් පටන් ගත් අවධියේ දී. නමුත් මෙම බඳුන් අයත් වන්නේ ඊටත් පෙර ප්රාග් ඓතිහාසික අවධියට.
මිනිස්සු සංචාරක ජීවිතයෙන් එඬේර ජීවිතයට සංක්‍රමණය වූයේ එකවර නොවේ. මෙය ක්රමික විකාශනයක ඵලයක්. සංචාරක ජීවිතයත් එඬේර ජීවිතයත් අතර කාල පරාසයක් ද පවතියි. එනම් මිනිස්සු එඬේර ජීවිතයට හුරු වන අවධිය යි. මෙම අවධි වල සාක්ෂි සොයා ගැනීම ඉතාමත් දුලබ සිදුවීමක්. මිනිස්සු එළදෙන්නු හා බැටළුවන් සමග සමීප වූ මුල් වකවානු වල දී එම සතුන්ගෙන් කිරි ලබාගත් බඳුන් සොයාගැනීමත් ඉතා දුලබ සිදුවීමක්. එවන් සොයාගැනීම් ගැන නිතර අසන්න ලැබෙන්නේ නැහැ.
ළමුයින්ගේ ඇඬීම නවත්වා සන්සුන් කිරීමට මිත්‍යා සතුන්ගේ මෙන් මැටි බඳුන් සකසා ඔවුන්ගේ බඩගින්න නිවා දැමීමට ඒ තුලට සත්ව කිරි දමා කුඩා හොටක් එහි සෑදු වසර පන්දහසකට එහා පවුලෙන් අපට කියාපාන තවත් දෙයක් ඇත. වසර පන්දහසක් ගෙවුන ද දෙමව්පියන් දරුවන් කෙරේ වූ රැකවරණය වෙනස් වී නැත.
වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )http://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.com2