Thursday, December 29, 2016

සංචාරක සටහන් - 1

 සංචාරක සටහන් නම් මෙම ලිපි මාලාවේ අරමුණ නම් මා ආ ගිය විශේෂ ස්ථානවල තොරතුරු ඔබ හමුවේ තැබීමයි. වාර්ෂිකව දෙසැම්බර් මාසයේ මඩු දේවස්ථානය වෙත යාම අප පවුලේ සියලු දෙනා චාරිත්‍රයක් කොට ගත් දෙයකි. එමනිසා දෙසැම්බර් 26 දින පලමුව තලවිල ශු. ආනා මුනිෂ්වරියගේ දේවස්ථානයටත් ඉන්පසු මඩු දේවස්ථානයටත් යෑම ආරම්භ කලේ ය. එයින් අප පිටත්ව එනවිට අනුරාධපුරයේ ඓතිහාසික ස්ථාන රැසක්ද නැරඹුවේ ය. එයින් එක් ස්ථානයකි තන්තිරිමලේ ඓතිහාසික පුදබිම. මේ ඒ ගැනයි.

අනුරාධපුර සිට විලච්චිය දක්වා යන මාර්ගයේ 14km පමණ දුරින් ගමන් කර තන්තිරිමලේට හැරෙන හංදියෙන් දකුණු අතට හැරී එම පාර දිගේ 12km පමණ ගිය විට මෙම ස්ථානය හමුවේ. අතීතයේ මෙම ස්ථානය "තිවක්ක බමුණුගම" නමින් හඳුන්වා ඇත. මෙම ස්ථානය පූජනීයත්වයට පත්වීමට බලපෑ හේතුවක් වූයේ දඹකොළපටුනේ සිට ශ්‍රී මහා බෝධිය අනුරාධපුරය දක්වා වැඩම කරවන අතරතුර එම පිරිස මඳක් මෙම ස්ථානයේ නැවතී සිට ආ බැවිනි.


 දැනටමත් මෙහි අෂ්ඨඵල බෝධියක් රෝපණය කර ඇත. මෙහි අලංකාර චෛත්‍යයකි. අඩක් නිම කරන ලද ගලින් නෙළූ පිළිම රාශියකි.

 ඒ අතර සැතපෙන බුද්ධ ප්‍රතිමාවක්ද, හිඳි පිළිම කිහිපයක්ම දැකිය හැකිය. මෙහි දක්නට ඇති බෝධිවෘක්ෂය පිහිටා ඇති ස්ථානය මුහුදු මට්ටමේ සිට අඩි 282කි. ගල්තලාව මත මෙම බෝධීන්වහන්සේ පිහිටා ඇත.




 බෝධියට පහළින් දකුණු පැත්තේ ගල් කුළෙහි කුඩා ගුහාවක් තුල සමාධි බුදු පිළිමයක් නෙළා ඇත. බෝධියට උතුරු පැත්තේ බෑවුමේ ගලින් නෙළන ලද සැතපෙන බුදු පිළිමය දක්නට ලැබේ. අඩි 45ක් දිග මෙම ප්‍රථිමාව මෙම ස්ථානයේ සුවිශේෂී නිර්මාණයකි.


 තන්තිරිමලේ විහාර භූමියට එපිටින් කැලය තුලට ගමන් කරන විට ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් ලෙන් දැකිය හැකිය. ගල්ලෙන්වල විසූ ආදි මානවයන් තම වාසස්ථානවල සිතුවම් නිර්මාණය කිරීමට පෙළඹී ඇත. ලංකාව පුරා ව්‍යාප්තව ඇති ලෙන්වලින් ස්ථාන කිහිපයක මෙම ප්‍රාථමික සිතුවම් දක්නට ලැබේ. මෙම සිතුවම් හා සංකේත පිළිඹදව පළවී ඇති විද්වත් මත අනුව ගල්ලෙන් වාසීන්  ඇසූ දුටු දේ යම් ආකාරයකින් ඉදිරිපත් කිරීමට ඔවුන් තුල තිබූ ආශාව, ස්වභාවික ලෝකයේ සතුන් හා ගහකොළ ආදිය දැකීම නිසා හටගත් උද්දාමය , තම වාසස්ථාන අලංකාර කර ගැනීමට තිබූ කැමැත්ත, කාලය විනෝදයෙන් ගත කිරීමට තිබූ අවශ්‍යතාව, ආහාර සපයා ගැනීම සදහ දඩයම් අරගලය හා බැඳුනු ගුප්ත අදහස් දැක්වීම සහ තමන් අවට විසූ සත්වයින් දඩයම් කර ගැනීමේ කැමැත්ත යනාදිය මෙම සිතුවම්කරනය සදහා බලපා ඇත.

රූපාක්ෂර ( පිංතූරය ලබාදුන් නිම්මි රණවීර සොයුරියට බොහොම ස්තූතියි.)

  ප්‍රාථමික ලෙන් සිතුවම්වලින් වැඩියෙන්ම නිරූපණය වන්නේ මානව රෑප හා සත්ව රූපයි. එනම් ඔවුන්ගේ කිට්ටුම හිතවතා හා තම ජීවන අරගලය සදහා වූ දඩයම් හා සම්බන්ධ සත්වයි ය. මෙම සිතුවම් නිර්මාණය සදහා සතුන්ගේ ලේ, ශාක පත්‍ර යුෂ , අලු , වර්ණ පාෂාණ ආදිය භාවිතා කර ඇත.

 කෙසේ වුවද ප්‍රාථමික ලෙන් සිතුවම් මගින් එකල විසූ මානවයාගේ අපූර්ව නිර්මාණ ශක්තිය පිළිබිඹු වන බව පැහැදිලිය. එසේම ඔවුන් එදිනෙදා දුටු දේ තමන්ට රිසි පරිදි මෙන්ම තාත්විකව ඉදිරිපත් කිරීමේ ලක්ෂණ  ලෙන් සිතුවම්වලින් පෙනෙන අතර ආදී මානවීය ඇදහීම් හා විශ්වාස ද ඊට පසුබිම් වූ බව සරලව අවබෝධ කරගත හැකිය.

ඡායාරූප එකතුව :



ප්‍රධාන සංඝාරාම ගොඩනැගිල්ල : සක්ක ගලින් නිමවන ලද පාදම පමණක් ශේෂ වී ඇති ගොඩනැගිල්ල ප්‍රධාන සංඝාරාම වශයෙන් විශ්වාස කෙරේ. ගොඩනැගිල්ල මැද ගලින් කරවන ලද
පොකුණක් වැනි ඉදිකිරීමකි. එහි උපයෝගීතාවය හදුනාගෙන ඇත. (කාලය ක්‍රි.ව. 8-9 වන සියවස)












තන්තිරිමලේ කෞතුකාගාරයේ ඡායාරූප ගැනීම සපුරා තහනම් ය. එනමුත් විශේෂ අවසරයකින් මම පහත ඡයාරූප ලබා ගත්තෙමි.












තන්තිරිමලේ ලෙන් වල පහත ඡායාරූප ලබාදුන් හසිත චාමිකර ගුණසිංහ සහෝදරයාට බොහොම ස්තූතියි .
















මූලාශ්‍ර :

තන්තිරිමලේ කෞතුකාගාරය තුල පැවති බිත්ති පුවත්පත් ඇසුරෙන්

කෞතුකාගාරයෙන් ලද තන්තිරිමලේ ගැන විස්තර පත්‍රිකා

Saturday, December 24, 2016

තූතන්කාමන්ගේ සොහොන සොයා ගැනීම


 ඊජිප්තුවේ විසූ පාරාවෝ රජවරුන් අතරින් තූතන්කාමන් ලොව වඩාත් ජනප්‍රියත්වයට පත්ව ඇති පාරාවෝ රජු ලෙස සැලකේ. අදින් වසර 3300 කටබ්පමණ පෙර ජීවත් වූ ඔහු පාරාවෝ රජ කෙනෙකු බවට පත්වූ ලාබාලතමයා වීමද ඊට එක් හේතුවක්. කෙටි කාලයක් පමණක් රජකම් දැරූ ඔහු හදිස්සියේම මියගිය බවට ඊජිප්තු පුරාවෘත වල සදහන් වේ. රජකම ලබා ගැනීම සදහා තූතන්කාමන් එසේ ඝාතනය කල බවත් ඔහුගේ සිරුර සොහොන් බිමක ආරක්ෂිතව තැන්පත් කර ඇති බවත් ඒවායේ සදහන් වේ.


මේ විස්තර ඔස්සේ යමින් 19 වැනි සියවසේ අගදී සහ 20 වන සියවස මුලදී තූර්හන්කාමන්ගේ සිරුර නුදන් කර ඇති ස්ථානය සෙවීම ඉතා ඉහළින් සිදු කෙරිණි. ඉන් ප්‍රධානත්වය ගත් පුද්ගලයෙකු වූයේ හොවාඩ් කාටර් ය. වසර ගණනාවක් ඔහු විසින් සිදුකල කැණීම් වලින් පසුව 1922 නොවැම්බර් 4 වැනිදා තූතන්කාමන්ගේ සොහොන් බිම තිබෙන ස්ථානය නිවැරදිව හදුනාගන්නට හැකියාව ලැබුණි. එලෙස මතුකරගත් තූතන්කාමන්ගේ සිරුරද ආරක්ෂිතව පැවතු අතර පසුකාලීනව එය බොහෝ පරීක්ෂණවලට භාජනය කෙරිණි. ඒ ඔහුගේ මරණය සිදුවූ ආකාරය නිවැරදිව දැන ගැනීමටය.


ක්‍රි.පූ. 1343 - තූතන්කාටෙන් නමින් අමර්නාවේදී උපත ලැබීය. පියා අබෙනාටෙන් පාරාවෝ විය. මව බියා නම් වූවාය. අබෙනාටෙන් තෙබෙස්වල සිට පැමිණ පිහිටුවාගත් නව නගරය අමර්නාව හැදින්වේ.

ක්‍රි.පූ. 1337 - පියා වූ අබෙනාටෙන් වසර 17 කට පමණ පසුව රජකම අතහැර දැම්මේය. පසුව ජීවිතක්ෂයට පත් විය.

ක්‍රි.පූ. 1334 - වයස අවුරුදු නමයේදී ඊජිප්තුවේ පාරාවෝ බවට පත් විය. අර්ධ සොහොයුරියක වූ අන්බෙසේපාටෙන් සමඟින් විවාහ විය. ඔවුන්ට ඉපැදීමට සිටි දරුවන් දෙදෙනාම උපතට පෙර මරණයට පත් විට.


ක්‍රි.පූ. 1331 - තූතන්කාටෙන් ලෙස පැවති නම තූතන්කාමන් ලෙස වෙනස් කලේය. පැරණි අගනුවර වූ තෙබෙස් වෙත පැමිණියේ ය.

ක්‍රි.පූ. 1330 - ඊජිප්තුව නුබියාව සහ සිරියාවේ යුධ ගැටුමකට මැදිහත් විය. තූතන්කාමන්ද අශ්වකරත්තයක නැගී එයට සහභාගි වූ බව නිල නොලත් සදහනක් පවතියි.

ක්‍රි.පූ. 1326 - කාර්නෙක් සහ තෙබෙස් හි පිහිටි පූජනීය ස්ථාන ප්‍රථිසංස්කරණය ඇතුලුව ගොඩනැගිලි රැසක්ද ඉදි කලේ ය.

ක්‍රි.පූ. 1325- අවු. 18දී අකාලයේ මිය ගියේ ය. එය අභිරහසක් බවටද පත් විය. මරණයෙන් දින 70 කට පසුව ඊජිප්තුවේ පාරම්පරික අවමංගල්‍ය චාරිත්‍ර අනුව රජවරුන්ගේ නිම්නයේදී ඉදි කල සොහොන් ගැබක සිරුර තැන්පත් කෙරිණි.

ක්‍රි.පූ. 1133 - හයවැනි රැම්සෙස්ගේ සොහොන් ගැබ ඉදි කිරීමේදී තූතන්කාමන්ගේ සොහොන් ගැබේ පිවොසුම පස් වලින් යට වී ගියේ ය.

ක්‍රි ව. 1891 - ඊජිප්තු පුරාවස්තු සේවාවේ ආරාධනය මත බ්‍රිතාන්‍යෙ ජාතික පුරාවිද්‍යාඥයෙකු වූ හොවාඩ් කාටර් ඊජිප්තුවේ ගවේෂණය සදහා පිටත්ව ගියේ ය.

ක්‍රි.ව. 1907 - ඊජිප්තු පුරාවිද්‍යා සේවාව්ව්ව් ප්‍රධානියාගේ මැදිහත්වීම මත කාර්නාර්වොන් සාමිවරයා හදුනාගැනීමට කාටර්ට හැකි විය.


ක්‍රිව. 1914 - කාටර් සහ කාර්නාර්වොන් සාමිවරයා හට ඊජිප්තුවේ කැණීම් කිරීමට අවසරය හිමිවිය. එහෙත් ලෝක යුද්ධය නිසා කල් ගියේ ය.

ක්‍රිව. 1917 - 1922 - කාටර් සහ කාර්නාර්වොන් සාමිවරයා එක්ව තූතන්කාමන්ගේ සොහොන සොයා රහවරුන්ගේ නිම්නයේ කැණීම් සිදු කළේ ය. එහෙත් එය අසාර්ථක විය.

ක්‍රිව. 1922 - නොවැම්බර් 4 වැනිදා තූතන්කාමන්ගේ සොහොන් ගැබෙහි පිවිසුම සොයා ගැනීමට කාටර්ට හැකිවිය.


ක්‍රි.ව. 1923 - පෙබරවාරි භූමිදාන කුටීරය නිල වශයෙන් විවෘත කෙරිණි. මදුරු දශ්ටනයක් නිසා කාර්නාර්වොන් සාමිවරයා හදිස්සියේම මිය ගියේ ය. මෙය සාපයක් නිසා සිදු වූ බවට මතයක් ප්‍රචලිත විය.

ක්‍රි.ව. 1932 - තූතන්කාමන්ගේ සිරුර සොහොන් ගැබෙන් සොයාගත් පුරාවස්තු සියල්ලම ඊජිප්තුවේ කයුරෝ නුවර කෞතුකාගාරයේ තැන්පත් කෙරිණි.


ක්‍රි.ව. 2005 - තූතන්කාමන්ගේ මරණය සිදුවූ ආකාරය විමසා බැලීමට සිරුර සී.ටී. ස්කෑන් පරීක්ෂණයකට භාජනය කෙරිණි.

 තූතන්කාමන්ගේ මරණය පිලිබද සිදුකල පරීක්ෂණවලින් අනතුරුව ඔහුගේ මරණයට ජාන විකෘතිතාවක් හේතු වූ බව සොයා ගැනුනි. ඒ අනුව ඔහුගේ සිරුරේ තැන් රැසක් විකෘති වී ඇති බව අනාවරණය කර ගන්නා ලදි.


  • උකුල් ප්‍රදේශය තරුණියකගේ ආකාරය ගත් බව
  • මුඛයේ දත්වල විකෘතිතාවක් තිබූ බව
  • උරහිසෙහි විකෘතියක් තිබූ බව
  • වම්පාදයේ විකෘතියක් නිසා හැරමිටියක් භාවිතා කලබව අනාවරණය විය. මෙමගින් ඔහුගේ මරණය අශ්වකරත්තයක් පැදීමේදී සිදුවූ බවට තිබෙන මතයත් ප්‍රථික්ෂේප වී යයි.  

 තූතන්කාමන්ගේ සොහොන් ගැබෙහි තිබූ බඳුන් වල මී පැණි ඇති බව හොවාඩ් කාටර්ට දැක ගන්නට ලැබිණි. එම මී පැණි ඉතා හොද තත්වයේ තිබිණි. මී පැණි කෙතරම් කල් ගබඩා කර තැබුවත් නරක් වන්නේ නැති බව පැවසීමට හේතුව මෙයයි. 

තූතන්කාමන්ගේ ජීවිත කතාව අලලා නිමැවුණු රෑපවාහිනි වැඩසටහන් සහ සිනමාපටද බොහොමයකි. 


තූතන්කාමන්ගේ සොහොන් ගැබෙහි තිබූ භාණ්ඩ සමහරක් :














මූලාශ්‍ර : විකිපීඩියා නිදහස් විශ්වකෝෂය
            පුවත්පත්
            National Geographic History                     Magazine