Wednesday, June 29, 2016

රතු මුහුද දෙබෑවීමේ ඇත්ත නැත්ත



  මෝසෙස් රතු මුහුද දෙබෑ කෙරුවා කියනවනේ.. පින්තූරවල එහෙම දැකල ඇතිනේ. ඒත් මෙතනදි උනේ වෙනම දෙයක්. රතු මුහුද සාමාන්‍යයෙණ් සැරයි ( මෝසෙස් හිටපු පෙදෙසේ). එකල හිටපු මිනිස්සු මේ රතු මුහුද තරණය කරන්න බය උනා. වතුර එච්චර උසකට තිබ්බෙ නැතත් කොයි වෙලාවෙ වැඩි වෙයිද කියන්න බෑ. යනවනම් යන්න ඕනෙ වටෙන්. ඒකට ගොඩක් වෙලාව යනවා. ඒ කාලෙ හිටපු වෙළදුන්නම් රතු මුහුද ඕනතරම් තරණය කරල තියෙනවා. මොකද වටෙන් ගිහින් අනවශ්‍ය විදිහට ආහාර හා කාලය නාස්ති කරගන්න ඕනෙ නැති නිසා.

 මෝසෙස් මෙතනට එද්දි හේවායෝ පස්සෙන් ආවා. මිනිස්සු දන්නවා රතු මුහුදෙ හැටි. කොයි වෙලාවෙ වතුර නගියිද දන්නෙ නෑ. මනුස්සයෙක්ගේ විශ්වාසයට කටෙන් කියන වචනෙ විතරක් මදි. මොකක්හරි බාහිර දෙයක් තියෙන්න ඕනෙ. ඒ නිසා තමා මෝසෙස් සැරයටියක් අතට ගත්තෙ. ඒක අතට අරන් මුහුද දෙසට දික්කරා. ඊට පස්සෙ මිනිස්සුන්ට කිව්වා රතු මුහුද තරනය කරමු කියලා. මිනිස්සු එතකොට මෝසෙස් කිව්ව දේ විශ්වාස කලා. වහල් ජනතාව එගොඩට යනකන් රතු මුහුද කැලබුනේ නෑ. ඒත් හේවායෝ රතු මුහුද තරනය කරද්දි රතු මුහුදෙ වතුර වැඩිවුනා...

මේකයි ඇත්තටම උනේ. නැතුව පින්තූරවල තියෙන විදිහෙ මුහුද දෙබෑවීමක් උනේ නෑ. දහම් පාසල් වල පවා මේ දේ නිවැරදිව කියා දෙන්නෙ නැති නිසා බොහෝ දෙනා මේවා මැජික් කියල හිතනවා. ඊටත් වඩා ගොඩක් අය මේ වගේ දෙයක් ගැන ප්‍රශ්නකරන්නෙත් නෑ. තවත් මෙවැනිම දෑ තිබෙනවා සැබෑ අදහස විකෘති කර තිබෙන. ඉදිරියෙදී මම ඒවා ලියන්න බලාපොරොත්තු වෙමි.  මෙම ලිපිය ගැන ඔබේ අදහස දක්වනවානම් එය මා ඉතා අගේකොට සලකමි.

-මිතිල ප්‍රනාන්දු

Sunday, June 19, 2016

පොසොන් පොහොය


ලිපිය සැකසුම-සංජු දිල්ශාන්
සිංහල බෞද්ධ රාජ්‍ය  තුල දෙවෙනි වෙසක් පොහොය ලෙසින් හදුන්වන පොසොන් පොහොය  ලක්දිව සසුන ස්ථාපිත වූ පෝයයි.මිහින්තලලයේ අසිරිමත් දහම් දෙසමින් ප්‍රතම දූත කණ්ඩායමක් වැඩම කර ඉතා සැලසුම්සහගතව ධර්මදූත මෙහෙවර ඉටු කලාය.මෙහි ප්‍රථිපලයක් ලෙසින් බුදු දහම මෙරට ස්ථාපිත විය.එකල රජු වූ දෙව්පියතිස්ස රාජ්‍ය සමයේදි ඉන්දියානු රාජ්‍යයේ රජු වූ ධර්මාශෝක රජුගේ පුතනුවන් වන මිහිදු හිමියන් සහ  දේවානම්පියතිස්ස රජු සමග ප්‍රබල සංවාදයක්ද මෙවිට විය.මෙලෙසින් ලංකාවේ පලමු බොදු රජු වූ දෙවනපෑතිස් රජුට චුල්ලහස්තිපදෝපම සූත්‍රය උන්වහන්සේ දේශනා කලා.
#ලක්දිව_මහණ_උපසම්පදා_පොහොය
මිහිදු හිමියන් විසින් භන්ඩුක කුමරු පැවිදි කර එදිනම උපසම්පදා කරමින් පළමු වරට උපසම්පදාව කල පොහොය මෙයයි.තවද එදිනම දෙවියන් උදෙසා සමචිත්ත පරියාය සුතුර දෙසූහ.
#පන්සීයක්_කතුන්_අනාගාමි_පොහොය
රජමාළිගයට වැඩි මිහිදු හිමි  විමානත්තු,පේතවත්තු යන දේශණාවලින් පසුව එය වටහාගත් අනුලා දේවිය සහ පන්සීයක් කතුන් අනාගාමි වූහ.මොවුන්ද උපසම්පදාව ඉල්ලූ නිසා තම නැගනිය වූ සගමිත් තෙරණිය ගෙන්වා කිරීමට තීරණය කලා.
#ඇත්හලේ_බණ_දෙසූ_පෝය
රටවැසියාට දහම් ඇසීම උදෙසා රජයේ ඇත්හල පිරිසිදු කර සූදානම් කලා.එහිදී දේවදූත සූත්‍රය අසා දහසක් දෙනා සෝවාන් වූහ.එලෙසින්ම බාලපඹ්ඩිත සුතුර මගින්ද දහසක් කතුන් රහත් වූහ.තවද දෙව්පිය රජු සසුනට මහමෙව්නාව පූජා කල පොහොයද මෙයයි.එවිට පොලොව කම්පා වුව බව සාසන ඉතිහාසය දක්වයි.අටමස්ථාන වන්දනාවද අරබන්නේ මිහින්තල වැදීමෙනි.
සුබ පොසොන් ම\ම්ගල්යක් වේවා!
සංජු දිල්ශාන්
(මහින්ද කුමාර දලුපොත මහතාගේ පෝය පොත ඇසුරු කරමින් )

Saturday, June 18, 2016

රැවුල ගැන කරුණු 10ක්.


*ස්පාටන්වරු රැවුල කැපීම තමන්ට අගෞරවයක් ලෙස සැලකුවේය.

*රැවුල කැපීම ප්‍රසිද්ධ වූයේ ඇලෙක්සැන්ඩර් රජු රැවුල කැපීමට පටන් ගත් පසුවයි.

* ඇලෙක්සැන්ඩර් රජු තම හමුදාවේ අයටත් රැවුල කැපීමට අණ කලේය. මන්ද එවිට යුද්ධ වලදී සතුරාට රැවුලෙන් ඇදීමට නොහැකි වන නිසාය.

*Sideburns නම් මෙම රැවුල් මෝස්තරයට නම ලැබුනේ Ambrose Burnside නම් හමුදා සෙන්පති නිසාය.

*මධ්‍යතන යුගයේදී සමහර සංස්කෘතික අංග වල තිබූ දෙයක් නම් , කෙනෙක් තව කෙනෙකුගේ රැවුල ඇල්ලුවහොත් එය ඉතා අගෞරවනීය ක්‍රියාවක් ලෙසයි.

*මුල්ම කාලයේදී මිනිසුන් රැවුල කපා ඇත්තේ සිප්පි කටු වලිනි.

*පුරාණ ඊජිප්තු වැසියන් කොපර් වලින් සාදන ලද රේසර් භාවිතා කරන ලදි.

*වසර 10000ක් පමණ පැරණි ලෙන් වල ඇති සිතුවම් වලද රැවුල කපන ලද මිනිසුන්ගේ රෑප තිබී ඇත.

*රුසියාවේ මහා පීටර් රජු රැවුලට බද්දක් ගැසුවේය.

*Gillette රේසර් පලමු ලෝක යුද්ධ කාලයේදී ඇමරිකානු හමුදාවන්ට බෙදා හරින ලදි.

-මිතිල ප්‍රනාන්දු

Friday, June 17, 2016

ඇස්ටෙක්වරු ගැන මේ දේවල් ඔබ දැන සිටියා ද?


*ඇස්ටෙක් යන නම ලබා දී තිබෙන්නේ යුරෝපීය ජාතිකයන්‍ ය. මෙම ජාතිකයන් ඔවුන්ව හදුන්වාගෙන ඇත්තේ මෙක්සිකා ලෙසය.

*ඔවුන් මියගිය අයගේ සිරුරු නිවෙස් යට වලලා දමා ඇත.


*කෙනෙකු මියගිය පසු ඔවුන් මියගිය පුද්ගලයාගේ බල්ලාවත් මරණයට පත් කරයි. මරණයෙන් පසු එම බල්ලා මියගිය පුද්ගලයාට උදව් කරයි යැයි ඔවුන් විශ්වාස කලේය.

*ණය පියවීම සඳහා ඔවුන් ඔවුන්වම හෝ ඔවුන්ගේ ලමයින්ව වහල් කමට විකුණන ලදි.

*මෙම සමාජයේ වහලුන්ට ඔවුන්ගේ නිදහස සල්ලි දී ලබාගත හැක.

*ඇස්ටෙක් හි අගනගරය වන Tenochtitlan පිහිටා ඇත්තේ විලක් මැදය. වර්තමානයේ මෙක්සිකෝ නගරය පිහිටා තිබෙන්නේ මෙතැනයි. විල මේ වන විට සිඳී ගිස් ඇත.

*Tenochtitlan හි පිරිසිදුකම ඉතා ඉහල මට්ටමක තිබුනි. මෙම නගරය පිරිසිදු කිරීමට වෙනම මිනිසුන් කොටසක් සිටියේය.

*යුරෝපීයන් මෙම ශිෂ්ඨාචාරය අනාවරණය කර ගත් කාලය වන විට යුරෝපයේ කිසිදු නගරයක් Tenochtitlan නගරය තරම් විශාල වූයේ නැත.

*ඇස්ටෙක්වරු රෝදය සොයා ගත්තා යැයි පැවසුවද ඔවුන් එය සොයා ගත්තේ නැත.

*ඔවුන්ට යකඩ හෝ වානේ තිබුනෙත් නැත.

*තරඟයකින් පසු බිලි පූජාව ඉතා ගෞරවනීය එකක් ලෙස මොවුන් පිලිගත්තේය. නමුත් ඉතිහාසඥයන් පවසන්නේ ක්‍රීඩාවකින් අනතුරුව බිලි පූජාවට ගෙන ගියේ ජයග්‍රාහකයාද නැතිනම් පරාජිතයාද යන්න සැක සහිත බවයි.

*යුරෝපීයන්ට චොක්ලට් හදුන්වා දුන්නේ ඇස්ටෙක් වරුන්‍ වේ.

*චොක්ලට් යන වදනත් ඇස්ටෙක්වරුන්ගෙන් පැමිණි වදනකි.

* cacao චොක්ලට් නිපදවීමට පමණක් නොව මිල මුදල් වශයෙන්ද එකල මෙහි භාවිතා විය. මේවා දෙවියන්ගෙන් ලද තෑග්ගක් ලෙස මොවුන් විශ්වාස කලේය.

*tenochtitlan හි අවසාන සටනේදී මිලියනයෙන් හතරෙන් පංගුවක් ජනතාව මියයන ලදි. මෙම ශිෂ්ඨාචාරයේ අවසානය ස්වදේශික ඇමරිකානු ශිෂ්ඨාචාරවල අවසානය විය.

බල ලෝභී මිනිසුන් නිසා වර්තමානයේ පවතින දෑත් විනාශවනු නොඅනුමානයි.

-මිතිල ප්‍රනාන්දු

Wednesday, June 15, 2016

ඒබ්‍රහම් ලින්කන් ගැන නොදත් කතා


*ලින්කන් මල්ලවපොර සදහා අති දක්ෂයෙක්. ඇමරිකාවේ මල්ලවපොර ශූර තරඟ වලට ඔහු සහභාගි වී ඇති අතර, ඔහු සහභාගි වූ තරඟ 300න් ඔහු පරාජය වී ඇත්තේ එක් තරඟයක් පමණි.

*1876 දී සොර කණ්ඩායමක් විසින් ලින්කන්ගේ මළසිරුර සොරා ගැනීමට තැත් කල අතර, ඔවුන් ඒ සදහා ඩොලර් 200 000ක මුදලක කප්පමක් ගැනීමටද බලාපොරොත්තු විය.

*ලින්කන්ව ඝාතනය කල John Wilkes Booth ජනප්‍රිය නළුවෙකි. එහි හොදම කොටස නම් ලින්කන් ඔහුගේ රසිකයෙක් වීමයි.


*ලින්කන්ගේ සුරතල් බල්ලා වන Fido ද ලින්කන් මියගොස් වසරකට පසු බීමත් පුද්ගලයෙක් අතින් ඝාතනය විය.

*ලින්කන් පිහි වලට බියක් දැක්වූයේය.

*ලින්කන්ගේ පරම්පරාවෙන් පැවත එන්නෙක් දැන් නැත. අවසාන පුරුක 1985දී මිය ගියේය.


*බොහෝ දෙනා මොහුට "Abe" ලෙස කතා කර ඇති අතර, මොහු එයට ඉතා අකමැති විය.

*මොහුගේ උස අඩි 6 අඟල් 4ක් වූ අතර, ඇමරිකවේ මෙතෙක් පහලවූ උසම ජනපති මොහුයි.

*ලින්කන් ඝාතකයාගේ සහෝදරයා වරක් ලින්කන්ගේ පුතාව කෝච්චි අනතුරකින් බේරා ගන්නා ලදි.

*ලින්කන් ඔහුගේ අත්‍යවශ්‍ය ලිපි තොප්පිය අස්සේ තබා ගන්නා ලදි.

*පේටන්ට් බලපත්‍රයක් හිමි එකම ජනපති.

*ලින්කන් ඔහුගේ පියාගේ අවමංගල්‍යයට යෑමට ප්‍රතික්ෂේප කරන ලදි.

*ලින්කන් කිසි දිනක මත්පැන් හෝ සිගරට් භාවිතා කලේ නැත.

*ලින්කන් ඝාතනයට දින තුනකට පෙර ඔහු ඝාතනය සිහිනෙන් දැක ඇති අතර, රඟහලේ මුරකරු ලින්කන්ට ඝාතනය දා හවස එම රඟහලට යාමට එපා කීවේය.

*ලින්කන් රැවුල වැව්වේ වයස 11ක දැරියකගේ කීම අසාය.

-මිතිල ප්‍රනාන්දු

Tuesday, June 14, 2016

මායාවරුන් ගැන නොදත් කතා


*මෙක්සිකෝවේ හා ගෝතමාලාවේ දුෂ්කර ප්‍රදේශ වල මායාවරුන්ගේ භාෂාව හා සංස්කෘතිය දැනටත් සුරැකිව පවතියි.

*Yucatan peninsula අවට මිලියන 7කට ආසන්න මායාවරුන් දැනට සිටියි.


*"Shark" යන වදන මායාවරුන්ගෙන් පැමිණි වදනකි.

*මොවුන් දරුවන්ට නම් තබන ලද්දේ දරුවන් උපදින දිනය අනුවයි.

*මායාවරුන්ගේ බිලි පූජා අදටත් පවතියි. නමුත් අද වන විට එයට මිනිසුන් යොදා නොගන්නා අතර ඒ සදහා යොදාගන්නේ කුකුළන්‍ ය.

*මායාවරු අද ජීව්ත් වුවද ඔවුන් පාලනය කල අවසන් පෙදෙස ස්පාඤ්ඤ ජාතිකයින් විසින් 1697 දී අල්ලා ගන්නා ලදි.

*මෙක්සිකෝවේ මායාවරුන්ගේ විශාල නගරයක පිහිටි චිචන් ඉට්සා පිරමීඩය ඔබ දැක ඇතුවාට සැක නැත. මෑතක් වන තුරුම එය අයිතිව තිබුනේ පෞද්ගලික හිමිකරුවෙක් සතුවයි. ඉන්පසුයි එය රජයට පවරා ගන්නා ලද්දේ.

*මායාවරුන්ට දින දර්ශන එකකට වඩා ඇත.

*මායාවරුන්ගේ දින දර්ශනයක වසරකට දින 365ක් ඇති අතර එය වර්තමාන ග්‍රෙගෝරියන් දින දර්ශනයට සමානයි.

*රටාවක් ලෙස යන දින දර්ශනයක්ද මොවුන් සතුව ඇත. එයට දින 2880000 ඇති අතර 2012 දී නැවත අලුත් වේ.

*මායාවරුන්ගේ අක්ෂර කලාව ඉතා ඉහළ මට්ටමක එකල තිබුනි. ඔවුන් ලිවිය හැකි සෑම දෙයකම ලියා ඇති බවට සාධක හමු වී ඇත. ගොඩනැගිලි , පර්වත වල පවා ලියා ඇත.


*ස්පාඤ්ඤ ආක්‍රමණ වලදී මොවුන්ගේ ලියවිලි අතිවිශාල ප්‍රමාණයක් විනාශ වූ අතර 20 සහ 21 වන සියවස් වලදී ඉතිරි වූ ලියවිලි ආරක්ෂා කර ගැනීමට පියවර ගන්නා ලදි.

*ඇස්ටෙක්වරුන් මෙන් මායාවරුන්ද යකඩ භාවිතා කලේ නැත. ඔවුන් ඒ වෙනුවට භාවිතා කලේ ගිනි කදු වලින් ලද ශක්තිමත් පාෂාණය.

*ධනවත් කාන්තාවන් පහත ආකාරයට දත් සකසා ගන්නා ලදි.


Sunday, June 5, 2016

කිතුනු සභාව හා දේව රාජ්‍යය



 කිතුනු සභාව කියන්නෙ මොකක් ද? ඇන්ග්ලිකානු සභාව ද? රෝමානු කතෝලික සභාව ද? මෙතෝදිස්ත සභාව ද? පෙන්තකොස්ත සභාව ද? AOG සභාව ද?... ආදී වශයෙන්... පිලිතුර.. නැත! නැත! නැත....! ක්‍රිස්තියානි යන්නෙහි තේරුම ක්‍රිස්තුස් අනුව යන්නෝ යනුයි. ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන් සියලු දෙනා අයිති වෙන්නේ ක්‍රිස්තුස්වහන්සේගේ සභාවටයි.

 ක්‍රිස්තුස්ගේ සභාවවෙන් වෙන්නේ මොනා ද? උදාහරණයක් ලෙස මෙය ගන්න. විශාල ගොඩනැගිල්ලක් සෑදීමේ දී කුඩා මඩුවක් ගසයි. ගොඩනැගිල්ල සෑදීමට අවශ්‍ය බඩුබාහිරාදිය ආදිය තබන්නේ එම මඩුවේය. ගොඩනැගිල්ල නම් දේව රාජ්‍යයයි. මඩුව නම් මම පෙර සදහන් කල ක්‍රිස්තුස්ගේ සභාවයි. ගොඩනැගිල්ලේ වැඩකටයුතු අවසන් වූ විට මඩුවෙන් වැඩක් නැත. දේව රාජ්‍යය ගොඩනැගුනු විට ක්‍රිස්තුස්ගේ සභාවෙන් වැඩක් නැත.

දේව රාජ්‍යය යනු කුමක් ද? ජේසුස්වහන්සේ පැවසුවේ දේව රාජ්‍යය අප අතරයි කියාය. දේව රාජ්‍යය යනු අහසේ ඇති දෙයක් නොවේ. දේව රාජ්‍යයය ගොඩනැගීමට නම් දේව රාජ්‍යයේ ගුණාංග වලින් අප පෝෂණය විය යුතුය. දේව රාජ්‍යයේ ගුණාංග යනු මොනවා ද? සමානාත්මතාව, සාදාරණය, යුක්තිය, සමාව, ප්‍රේමය... ආදී වශයෙන්. ජේසුස්වහන්සේ වරෙක මෙසේ පවසයි : ඔබ ඔබට මෙන්ම ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න. මීට ඉහළින් අන් කිසි අණක් නැත!  දේව රාජ්‍යයේ ගුණාංග ඇති තැන දේව රාජ්‍යය ඇත. එනම් දේව රාජ්‍යයේ සාමාජිකයන් වන්නේ බෞද්ධයන් ඉස්ලාම් භක්තිකයන් හින්දු භක්තිකයන් වුවද විය හැක.

 කිසිදු පදනමකින් තොරව වර්තමානය වන විට නානාප්‍රකාර සභා ඇත. එයින් කිසිදු පලක් නැත! ශුද්ධවූ ත්‍රිත්වය යන සංකල්පයක් ඇත. එනම් පියාණන් , පුත්‍රයාණන් , ශුද්ධාත්මයානන් ලෙසයි. මෙහිදී මෙම සංකල්පය ගැන විග්‍රහ කිරීමට අනවශ්‍ය යැයි සිතමි. ( පසුව එය විග්‍රහ කොට ලියමි) කතෝලික සභාව පියාණන් වහන්සේවත් ඇන්ග්ලිකානු සභාව පුත්‍රයාණන් නොහොත් ජේසුස්වත් පෙන්තකොස්ත සභාව ශුද්ධාත්මයාණන්වත් තබාගෙන සිටියි. මෙය විය යුතුද? මෙය සම්පූර්ණයෙන්ම ජේසුස්ගේ වදනට පටහැනියි.

 එකා මෙන් ජීවත් විය යුතු කාලයක මෙසේ කිසිදු පදනමකින් තොරව වෙන් වන්නේ ඇයි? කිතුනු සභාව සහ දේව රාජ්‍යය ගැන ඉතාම කෙටියෙන් හැදින්වීමක් මෙම ලිපියේ ඇත. ඉදිරියේදී ( වෙලාවක් තිබුනහොත්) වර්තමාන කිතුනුවන් සිදු කරන පිලිම වන්දනාවේ ආදීනව ගැන ලිවීමට අදහසක් තිබේ. ඉතාමත් කෙටියෙන් ලියන ලද ලිපියක් බැවින් ඕනෑම පැනයක් අසන්න. ඔබගේ අදහස් පවසන්න.

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...