Saturday, April 1, 2017

අනන්තය දැන සිටි මිනිසා

ගණිත ඉතිහාසයේ 1913 දී වඩා විචිත්‍රවත් සිදුවීමක් සිදුවිය. ඉංග්‍රීසි ගණිතඥ එච්. හාඩි වෙත ඉන්දියාවේ මැඩ්රාස් නුවර සිට නොදන්නා කෙනෙකුගෙන් අරුම පුදුම ලිපියක් ලැබුණි. පිටු 10කින් සෑදුණු මෙම ලිපියෙහි ශ්‍රේණි, තාත්වික සංඛ්‍යා පිළිබඳ ප්‍රකාශ හා ප්‍රමේයයන් 120කින්ද උදාහරණ වලින්ද සමන්විත විය.


සෑම ප්‍රසිද්ධ ගණිතඥයෙකුටම මෙහි පිටපත බැගින් ලැබුණි. නමුත් එච්. හාඩි ක්ෂණිකවම මේ පිළිබඳව ක්‍රියාත්මක විය. ඇතැම් සූත්‍ර දෙස දෙවන වරටත් බැලූ මොහුගේ සහයකයා වන ජේ. ඊ. ලිට්ල්වෝ සමඟද මේ පිළිබඳව අධ්‍යනය කලේ ය. පැය කිහිපයකින් ඔහුගේ අදහස වූයේ මෙය නිවැරදි බවයි. ඒවා නිවැරදි නොවුනහොත් එහි නිරවද්‍යතාවය සනාථ කිරීමට තරම් සමතෙකු එකල නොවීය. ශ්‍රී නිවාස රාමානුජාන් ගණිත ලෝකයට මෙලෙස ප්‍රවිෂ්ඨ විය.

හාඩි සහ රාමානුජාන් 

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රදේශයේ ඉරෝඩි ග්‍රාමයේ1887.12.22 උපත ලැබූ රාමානුජාන් විධිමත් අධ්‍යාපනයක් නොලද විශිෂ්ට ගණිතඥයෙකි. නමුත් ඔහු ගණිතය පිළිබඳ අන්තර් ඥාණයක් ඇති පුද්ගලයෙක් ලෙස හැදින්වේ. ඔහු ස අවු. 10 පටන් ගණිත සූත්‍ර පිළිබඳ අනාවැකි කියන්නට විය. ඉතා දිළිදු පවුලක උපන් රාමානුජාන්ට උසස් අධ්‍යාපනයක් ලබන්නටවත් හැකියාවක් ලැබුනේ නැත.


වයස අවු. 10 දී ලෝනිගේ ත්‍රිකෝණමිතිය පොත තනිවම අධ්‍යනය කල ඔහු වයස අවු. 17 දී සංඛ්‍යා පිළිබඳ පොතක් ගණිත ලෝකයට දායාද කලේ ය. 1912 දී එංගලන්තයෙන් ඔහුට ශිෂත්වයක් පිරිනැමුවද ඔහුගේ දැනුම ගණිත විෂයට පමණක් සීමා වූ බැවින් එම අවස්ථාව අහිමි විය.


1913 දී හාඩි නම් ගණිතඥයා රාමානුජාන්ගේ ගණිත සූත්‍ර අධ්‍යනය කර ඔහුව එංගලන්තයට ගෙන්වා ගත්තාය. කිසිම සාධනයකින් තොරව ගණිත සූත්‍ර 3900 ක් පමණ ලියූ මේ මහා ගණිතඥයාගේ සූත්‍ර දැනට උසස් අධ්‍යාපනයේදී මෙන්ම විශ්ව විද්‍යාලයේදී ද භාවිතා කරන අතර එම සූත්‍ර අඩංගු පොත් කිහිපයක්ද පල වී තිබේ. අවු.32 ක් තරම් කෙටි කාලයක් ජීවත් වූ ගණිත ක්ෂේත්‍රයට අනර්ඝ සේවාවක් සපයමින් ඔහු 1920.4.26 වැනි දින අපගෙන් සමුගත්තේ ය.
 
මූලාශ්‍ර :

Series and Mathematical Induction - Prince Maldeniya


මෙවටත් උත්තර දුන්නනන්...

1) පිරමීඩ වැඩියෙන්ම තියෙන රට මොකක් ද?

2)මමීකරණය ආරම්භ වූයේ කොහේදී ද?

3)පිරිමින්ට වඩා කාන්තාවන් සියදිවි නසා ගන්නා ප්‍රථිශතය වැඩි රටවල් ගනන කීයද? එම රටවල් මොනවාද?

27 comments:

  1. https://www.youtube.com/watch?v=oXGm9Vlfx4w

    ReplyDelete
  2. 1.-2. පේරු
    3. ලංකාව, ඇෆ්ගනිස්ථානය

    ReplyDelete
  3. Replies
    1. අයියගේ ලිපියේ සවිස්තරව මේ ගැන තියෙනවනේ... මම සාරාංශයක් විතරයි ලිව්වේ... ස්තූතියි ...

      Delete
    2. මට ගණිතය උගන්වන ගුරුවරයා මේ කතාව ගැන කියද්දි මෙහෙම දෙයක් කිව්වා... මහාචාර්ය නලින් ද සිල්වා කියලා තියෙනවලු රාමානුජාන් මෙහෙම ගණිත සූත්‍ර ලිව්වේ කාලි අම්මට යාඥා කරලා කියලා... ඒත් මම නම් විශ්වාස කරන්නේ රාමානුජාන් ස්ව අධ්‍යනයෙන් මේ දේවල් ඉගෙනගත්තා කියලා...

      Delete
  4. දැන් දැන් ලිපි තවත් වටිනවා මිතිල.

    ජයවේවා!!!

    ReplyDelete
  5. බොහොම වටිනා ලිපියක් වාසිතිය.

    ReplyDelete
  6. මේ තරමටම නුවුනත්, සංකීර්ණ ගණිත ගැටළු වල විසඳුම් 'දකින්න' පුළුවන් ලංකාවේ කෙනෙක් ගැන රූපවාහිනි වැඩසටහනක දැක්කා මතකයි.

    ReplyDelete
    Replies
    1. දකින්න පුලුවන් කිව්වේ, ගාණ දැක්ක හැටියෙ උත්තරේ ඔලුවට එන ජාතියෙ කෙනෙක්ද?

      Delete
    2. ඔව් එ් වගේ අදහසක් තමයි. සමහර විට උත්තරයට යන මාර්ගය පවා වැඩිදුර කල්පනා නොකර දැකීමක්. මේ සංසිද්ධිය අලුත් අදහස් ඉදිරිපත් කල බොහෝ අය නා නා පමණින් විග්‍රහකර තිබෙනවා මට මතක හැටියට. බෙන්සීන් වලල්ලේ හැඩය හීනෙන් දැකපු කෙකුලේ ගේ කතාව නම් ඉතා ප්‍රසිද්ධයි.

      Delete
    3. කෙකුලේගේ එකනන් ප්‍රසිද්ධයි තමා... නයි වගයක් එකට එතිලා හිටපු කතාවනේ...

      Delete
  7. Ko bole mama ude dapu comment එක..
    1. Egipt
    2. Peru
    3 japan

    හරිද මන්ද

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ... මේ පෝස්ට් එකට කලින් කමෙන්ට් එකක් දැම්මෙ නෑ බං... මේකට කලින් එකටයි දාලා තිබ්බේ...

      Delete
  8. වටිනා ලිපියක් මිතිල...

    1. ඊජිප්තුව
    2. ඊජිප්තුව
    3. ඉන්දියාව

    හරිඩ මන්ඩා.. 1 2 නම් කාටුන් බලලා දැනගත්තු ඒවා

    ReplyDelete
    Replies
    1. 1, 2 වැරදියි... 3 ඉන්දියාව අයත් නෑ... හැබැයි ඉන්දියාවට කිට්ටු රටවල්නන් තියෙනවා හරි උත්තරේ...

      Delete
  9. ඩියෝන් වාසිතයට අදයි ආවෙ....උඹේ ලියැවිල්ල හරි ලස්සනයි...වටිනා ලිපි පෙළක්....

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා වැව් බ්ලොග් එකට...

      Delete
  10. මේ වගේ පොරවල් ගැන හැදුන ෆිල්ම් වලටත් මන් පට්ට කැමතියි. බියුටිෆුල් මයින්ඩ් බලලා තියේද බන්

    ReplyDelete