Saturday, July 22, 2017

මා කියවූ පොත් - අසිරිමත් ඉන්දියාව [ඒ.එල්. බෂාම්]

මේ කියන්න යන්නෙ පොතක් ගැන. මම පහුගිය ටිකේ ලිව්ව ඉන්දියාව ගැන ලිපි වලට අවධානය යොමු කලා නම් ඒවයේ මම මූලාශ්‍රයක් විදිහට යොදාගත්ත අසිරිමත් ඉන්දියාව කෘතිය දකින්න ඇති.

 අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තුමේන්තුවෙන් නිකුත් කරපු මේ පොතේ මුල් පොත වුන THE WONDER THAT WAS INDIA කෘතියේ රචකයා වන්නේ ඒ. එල්. බෂම්. මේ පොත ගුණපාල සේනාධීර, ටී.ඩබ්.එච්. අබේසිංහ සහ ඩබ්. එම්.කේ. විජේතුංග යන තිදෙනා තමා මේක පරිවර්තනය කරලා තියෙන්නේ. සිංහල පරිවර්තනයේ ප්‍රථම මුද්‍රණය 1962.

 මේ පොතේ පිටු 700කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. දකින ඕනෙම කෙනෙකුට මේ පොත අධික මිලක් විය යුතු යැයි හිතෙන්න පුලුවන්. ඒත් මේක අධ්‍යාපනය ප්‍රකාශන දෙපාර්තුමේන්තුවෙන් නිකුත් කරන පොතක් නිසා මේකෙ මිල වෙන්නෙ රු.425ක් පමණයි.  

 සිංහලෙන් ලියවුනු හා පරිවර්තනය වුනු කෘති අතරින් ඉන්දියානු ඉතිහාසය අධ්‍යනය කරන්න මීට වඩා හොද කෘතියක් ඇති කියලා මමනම් සිතන්නෙ නැහැ. සමහර පොත් තියෙනවා එක් අංශයකින් ගැඹුරට කතා කරනවා. එත් මේ පොතෙන් අංශ කිහිපයක්ම ගැඹුරට කතාකරනවා.

 මම මේ පොත මුල ඉඳන් එකදිගට කියවන්න ගත්තෙ නෑ. එක් එක් මාතෘකා අරගෙන තමා වෙන වෙනම කියෙව්වේ. දැනට පොතේ බොහෝ ප්‍රමාණයක් කියවලා ඉවරයි. ඔයාලගෙ පහසුවට මම පොතේ පටුනේ පින්තූර පහත දාන්නම්. ඔයාලත් ඉන්දියානු ඉතිහාසය ගැන ස්ව අධ්‍යනයක් කරන්න කැමතිනම්. ඒ අධ්‍යනය කෘති අතර අනිවාර්යයෙන්ම තිබිය යුතු කෘතියක් තමා මේ. අරගෙන කියවන්න.

ප.ලි. මම අන්තිමට දාපු ටජ්මහල ගැන පෝස්ට් එක තාවකාලිකව ඩ්‍රාෆ්ට් දැම්මා. ඒකෙ තව එකතු කරන්න දේවල් කිහිපයක් තියෙන නිසා.









17 comments:

  1. පින්තූරය ක්ලික් කරාම පැහැදිලි රූපයක් පේනවා.

    ReplyDelete
  2. හෑක්.. කෝ තාජ්මහලේ පෝස්ට් එක

    ReplyDelete
    Replies
    1. ඩ්‍රාෆ්ට් දැම්මෝ... එකතු කරන්න දේවල් වගයක් තියෙනවා...

      Delete
    2. ඒක තමයි මාත් බැලුවේ කෝ කියලා.

      Delete
  3. බ්ලොග් ටෙම්ප්ලේට්එක අජපල් වෙලාද?? මට පේන හැටිද?? තද කළුවට

    ReplyDelete
    Replies
    1. කළු වැඩිද... මම ෆෝන් එකෙන් එන හන්දා ඒ හැටි අමාරුවක් නෑ බලන්න... කම්පියුටර් එකෙන් කොහොමද දන්නෑ...

      Delete
    2. බැක්ග්‍රවුන්ඩ් පින්තූරෙ නිසා කියවන්න ටිකක් අමාරැයි සෞම්‍යෙය පාටකට ගියානම් කියවන්න ලේසී

      Delete
  4. පොත මිලදී ගන්න පුළුවන් කොහෙන් ද කියලාත් කියනවා ද?

    ReplyDelete
    Replies
    1. කොටුවෙ ගුණසේන පොත් සාප්පුවේ තියෙනවා. මම ගත්තෙ එතනින්.

      Delete
    2. Potha ganna ona, sthuti e Gena qwata mithila,
      Great work, 👌

      Delete
  5. Available at vidyodya pirivena

    ReplyDelete
  6. 182 ඉදන් 248 දක්වා පිටු

    ReplyDelete
  7. පොත ගන්න ඕන .ඒත් ගුණසේන පොත් සාප්පු එකකවත් නෑ නේ. වෙන ගන්න තැනක් නැද්ද ?

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...