Friday, July 28, 2017

උදේ කෑමට එන්න බෑ කියලා බීට්ල්ස්ලා ඉල්ලන් කෑම

ලොව මෙතෙක් බිහිවූ සංගීත කණ්ඩායම් අතුරින් බීට්ල්ස් නාමය ඉහලින් වැජබෙන බව ඔබ සැවොම දන්නා කරුණක්. 1965 අවසානය වන විට ඔවුන් ඔවුන්ගේ Rubber Soul ඇල්බමය එළිදැක්වූ අතර ඒත් සමඟම Revolver පටිගත කළෝය. කණ්ඩායමේ සාමාජිකයන්ගේ අදහසට අනුව මෙම ඇල්බම් දෙකෙහි ගීත ප්‍රසංග වේදිකාවක ගායනා කිරීම තරමක් අපහසු ඒවාය. කෙසේ හෝ ඔවුන් ලෝක සංචාරයක් කිරීමට සිතුවෝය.

 එනමුත් ඔවුන් 1966 වසරේ පිලිපීනයට ගිය විට ඔවුන්ට මුහුණ පාන්නට සිදුවූ ලොකුම ප්‍රශ්නය වේදිකාවේ අපහසු ගීත ගායනය නොවේ.

එහි ජනාධිපති ආර්යාව වූ ඉමෙල්ඩා මාර්කෝස් බීට්ල්ස් සංගීත කණ්ඩායමට උදේ කෑමකට මැනීලා හි පිහිටි ජනාධිපති නිවසට පැමිණෙන ලෙස ආරාධනා කලාය. ඇය සිතුවේ ඔවුන් කිසිදු පැකිලීමකින් තොරව එම ආරාධනාව පිලිගනීවි කියාය. එමනුත් අවාසනාවකට මෙන් සිදුවූයේ ඇය කිසිසේත් නොසිතූ දෙයකි. බීට්ල්ස් සංගීත කණ්ඩායමේ කලමනාකරු පැමිණ කියා සිටියේ ඔවුන්ට එම ආරාධනාව පිලිගැනීමට නොහැකි බවත් එවැනි ආරාධනා කණ්ඩායම ප්‍රතිපත්තියක් ලෙස පිලිනොගන්නා බවත් ය.

 සාදයට 200 දෙනෙක්ට ආරාධනා කර තිබියදී ආරාධිත අමුත්තන් පැමිණෙන්නේ නැත යන්න කන වැකුණු මොහොතේ සිට ඉමෙල්ඩා සිටියේ ඉතාමත් කේන්තියෙනි. වැඩි වේලා යාමට පෙර පිලිපීනයේ රූපවාහිනී නාළිකා හා රේඩියෝ මෙම පුවත සියලු දෙනාටම දැනුම් දුන්නෝය.

බීට්ල්ස් සංගීත කණ්ඩායම මැනිලා හි තමන් නවාතැන් ගත් හෝටලයේ සිට Channel 5 නාලිකාව හරහා මෙම ක්‍රියාව පිලිබඳ සමාව අයැද සිටියත් ඉමෙල්ඩා එසැනින් මෙම නාලිකාවේ විකාශනය නතර කරවන ලදි.

 මේ වන විට සංගීත කණ්ඩායමට අනුයුක්ත කර තිබූ ආරක්ෂකයින් ඔවුන්ව හැරදමා ගොස් තිබූ අතර පිලිපීන වැසියන් මැනිලා හි කණ්ඩායම නැවතී සිටි හෝටලයට පහර දීමට පටන් ගත්තේය. එමනිසා කණ්ඩායමට මැනිලා ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත යාමට සිදුවූයේ බොහෝ ගැටුම් මැද ය.

කණ්ඩායමේ කලමනාකරුවන් කිහිප දෙනෙක්ට තුවාල වූ අතර ගුවන්තොටුපළේ මිනිසුන්ගෙන් බේරීමට බීට්ල්ස් සංගීත කණ්ඩායමට කන්‍යා සොහොයුරියන් හා පියතුමන්ලා අතර සැඟවී යාමට සිදුවිය.

 මිනිසුන් පමණක් නොව ආරක්ෂකයින්ද මොවුන්ට පහර දීමට උත්සහ ගත් අතර ගුවන්යානයේදී ඔවුන්ට විශේෂ සැලකිලි කිසිවක් නොලැබුනු බව පසුව ජෝන් ලෙනන් පැවසූ අතර ඔවුන් ගුවන්යානයට ගොඩවූ විට අසුන් සිපගත් බවද පැවසීය.

කෙසේ හෝ අවසානයේ උදේ ආහාර වේලක් ප්‍රතික්ෂේප කල නිසා බීට්ල්ස් සංගීත කණ්ඩායම පිලිපීනයෙන් තහනම් වීමට සිදු විය.

කාලෙකින් ප්‍රශ්න අහන්න බැරි උනානේ... හරි එහෙනන් මේවට උත්තර දෙමු...

1)මේ කොහේද?

2)මොනාලිසාගේ ඇහිබැම ගැලවුනේ කොහොම ද?

3)මොනාලිසා චිත්‍රය තමන්ගේ නාන කාමරේ එල්ලගෙන හිටපු රජතුමා කව් ද?


18 comments:

  1. කුතුහලයක් ඇතිකල කථාවක්. මේ ගැන හොයල තව කියවන්න ඕන.

    ReplyDelete
    Replies
    1. Imelda seems to be another Shiranti isn't it? That vulgar dictator of the Philippines, Ferdinand Marcos seems 100% similar to blood thirsty MR & his deadly poisonous Rajapake family. Terrible rulers.

      Delete
    2. Ano 8.34 PM

      Marcos is the best president of the Philippines. The media always show biased and only negative things about them and half truths claiming as facts. But how about Cory Aquino and the worse things that happened under her term??? She was the real dictator... Media is silent about that.. until recently...!

      Ask from couple of unbiased Pinoy (Philifino) people, they'll reveal the truth.

      Delete
  2. Philippines' first lady Genat tawa Katha tiyenawa neda malli me kiyana,

    ReplyDelete
    Replies
    1. ඔව් එයා ගැන තව කතා තියෙනවා... ඒවත් ලියන්නම්...

      Delete
  3. ලිපිය හොඳයි. උත්තරනම් මතකෙට එන්නෙ නැහැ.

    ජයවේවා!!!

    ReplyDelete
  4. මැනිලා වල පාර අයිනේ විකුණන රොස්කරපු ඌරුමස් හරිම රහයි. පංකාදුයි.පුතේ ඔයත් මැනිලාවලට ගිහිල්ලා රොස් කරපු ඌරු මස් කෑල්ලක් කලා බලන්න.

    අල්ලාහ් අක්බාර් හිටං

    ReplyDelete
  5. 2. ඒක ඒකාලේ මෝස්තරයක්.
    3.නැපෝලියන් (එයා රජෙක්ද මන්දා?)

    ReplyDelete
    Replies
    1. මොනාලිසාගෙ ඇහිබැම නැතිවුනේ ඒ නිසා නෙමේ... නැපෝලියන් මොනාලිසාව එයාගෙ නිදන කාමරේ තියාගෙන හිටියෙ...මේ අහන්නේ නාන කාමරේ තියාගෙන හිටපු රජෙක් ගැන...

      Delete
  6. ගෑණුනෙ , කේන්ති යනවනෙ , පවු අසරණ සංගීත කණ්ඩායම

    ReplyDelete
  7. එයා ගොඩක් බලාපොරොත්තු තියන් ඉඳලා ඒ ගොල්ලෝ ආවේ නැතුවම කේන්ති යන්න ඇති.

    ReplyDelete