Tuesday, July 25, 2017

Catacombs නොහොත් උමං සොහොන්

  මමී ගැන ලිපි කිහිපයක්ම බ්ලොග් අඩවියේ ලියලා තියෙන නිසා Catacombs ගැනත් ලිව්වොත් හොදයි කියලා හිතුනා. මමී වලට ඒ හැටි සම්බන්ධයක් නැති වුනත් මෙතනත් කතා වෙන්නේ ආදාහන ක්‍රමයක් ගැන.

 Catacombs කියන්නේ පොලොව යට මිනී තැන්පත් කරලා තියෙන උමං ජාලයක් නොහොත් උමං සොහොනක්. මේ ක්‍රමය භාවිතයට ඇවිල්ලා තියෙන්නේ යුදෙව් හා මුල් ක්‍රිස්තියානීන්ගෙන්. මුලින්ම මේ ක්‍රමය භාවිතා කරලා තියෙන්නේ රෝමානු ජනතාවයි.

සාමාන්‍යයෙන්  අද කාලෙ කෙනෙක් මියගිය පසු ආදාහනය කිරීම ක්‍රිස්තියානි උදවිය විසින් සිදු කරයි. එහෙත් මුල් කාලීන ක්‍රිස්තියානි උදවිය එසේ කලේ නැත. එකල ඔවුන්ගේ කැමැත්ත වී තිබුනේ උමං සොහොනක මිනිය තැන්පත් කිරීමය. එමනිසා ක්‍රි.ව. තෙවන ශතවර්ෂය වන විට මෙම Catacombs හි පරිපාලනය සිදු කර තිබෙන්නේ පල්ලිය විසිනි.

 මෙම Catacombs පිලිඹඳ මුලින්ම සඳහන් වන්නේ ජේසුස්වහන්සේ ගෝලයන්ගේ කාලයේදී ය. ඔවුන් මියගිය පසු රෝමයේ Appian Way හි දෙවන හා තුන්වන සැතපුම් කණු අතර ඔවුන්ව වළඳමා ඇත. මෙම ස්ථානයට ලතින් භාෂාවෙන් catacombae යැයි කියයි.

 පොලොව යට ඇති උමං වල තිබෙන තරමක් ඝනකමකින් යුතු බිත්ති වල හතරැස් කොටු ලෙස හිල් සාදා තිබේ. මේවා හදුන්වන්නේ Loculi ලෙසයි. ඒවයේ මිනී තැන්පත් කරයි. සමාන්‍යයෙන් එකම පවුලේ හතර දෙනෙක් පමණ එක කොටුවක තැන්පත් කරයි. සමාජයේ නම් දරාපු විශේෂ පුද්ගලයෙක් නම් ඔහුට හෝ ඇයට විශේෂිත කුටීරයක් වෙන් කර තබයි. එමෙන්ම ආගම වෙනුවෙන් දිවි දුන් පුද්ගලයන්ව ද මෙසේ විශේෂ කුටීර වල තැන්පත් කරයි.

 මේවා තුලට සොල්දාදුවන්ට පැමිණීමට අවසර නැත. එමනිසා නීතියෙන් පලා යන පුද්ගලයින් මේ උමං සොහොන් තුලට පැමිණ දිවි ගලවා ගනියි. ක්‍රිස්තියානි උදවියගේ හිංසා පීඩා කාලය අවසන් වුනේ රෝමයේ කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයාගේ කාලයේදීය. ඒ ඔහු කිතුනු දහම වැළඳගත් නිසාවෙනි. ඊට පෙර අවධි වලදී කිතුනුවන් බොහෝ පීඩා වලට ලක්වූ අතර එවිට බොහෝ දෙනා මෙම උමං සොහොන් වල තම පූජාවන් පවත්වා ඇත.

 මෑතක් වන තුරුම පවත්වාගෙන ආ උමං සොහොනක් ලෙස Capuchin Catacombs හදුන්වාදිය හැකියි. එය 1533 සිට 1880 දක්වා නොකඩවා පවත්වාගෙන පැමිණ තිබේ.

 ඔස්ට්‍රෙලියාව, ඔස්ට්‍රියාව, ඊජිප්තුව, බොස්නියාව, එංගලන්තය, පින්ලන්තය , ප්‍රංශය, ග්‍රීසිය, යුක්‍රේනය, පේරු , ස්පාඤ්ඤය, පිලිපීනය සහ තුර්කිය ආදී රටවල්වලද Catacombs පිහිටා තිබේ. 

 පැරීසියේ තිබෙන උමං සොහොනේ මිලියන හයකට අධික පිරිසකගේ මිනී තිබේ. 1738 වර්ෂයේදී ඇරඹි මෙය වර්තමානය වන විට මෙය සංචාරක ආකර්ෂනය දිනාගත් ස්ථානයකි. 1874 සිට දිනපතා මහජනතාවට නැරඹීමට මෙය විවෘතව ඇත.

 18 වන ශතවර්ෂය වන විට Les Innocents [ පැරීසියේ තිබූ විශාලතම සොහොන] වැනි සොහොන් පිරී ඉතිරී ගියේය. මේ හේතුවෙන් අක්‍රමවත් ලෙස ආදාහන කටයුතු සිදු කෙරිනි. එමනිසා විවිධ විෂ බීජ හා දුර්ගන්ධය පැතිරීම ආරම්භ වූ විට ඒ අවට සිටි මිනිසුන් මේ පිලිබඳව පැමිණිලි කරන්නට විට.

 1763 දී XV වන ලුවිස් රජු විසින් නගරය තුල ආදාහන කටයුතු සිදු කිරීම තහනම් කලේය. එනමුත් සොහොන තවත් තැනකට ගෙන යාමට පල්ලිය කැමති නොවූ අතර රජුගේ නියෝගයටද පිටු පෑමටද ඔවුන්ට නොහැකි විය. එමනිසා මේ පිලිබඳව කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත. 1780 දී දීර්ඝ කාලීන වර්ෂාවක් හේතුවෙන් Les Innocents සොහොන වටකර ඇති බිත්තිය බිමට සමතලා විය. දැන් ප්‍රංශ බලධාරීන්ට කුමක් හෝ ක්‍රියාමාර්ගයක් ගත යුතු විය.

මේ හේතුවෙන් 1786 දී පැරීසියේ උමං සොහොන් ආරම්භ කරන ලදි. Les Innocents හි තිබූ මිනී සියල්ල පැරීසියේ උමං සොහොනට මාරු කිරීමට වසර දෙකක කාලයක් වැය විය. ඒ ආකාරයෙන් අනෙක් සොහොන් වල තිබූ මිනීද පැරිස් උමං සොහොනට මාරු කරන ලදි. මෙම කර්තව්‍ය අවසන් වූ විට පැරිස් උමක් සොහොනේ දිග ආසන්න වශයෙන් සැතපුම් 186ක් පමණ විය.
පැරිස් උමං සොහොන

 පැරිස් උමං සොහොන වර්තමානය වන විට මහජනතාවට නැරඹීමට විවෘතව ඇති නමුත් 1955 සිට මෙම සොහොනේ සමහර කොටස් නැරඹීම තහනම් කර තිබේ.


 ක්‍රි.ව. දෙවන හා තෙවන ශතවර්ෂය වන විට රෝමයේ උමං සොහොන් කරලියට පැමිණියේය. ඒ මිනිසුන් ආදාහනය කිරීමට ඉඩමද මද කම නිසාවෙනි. මුලදී රෝමානුවන් මිනිසෙකු මිය ගිය විට ඔහුව හෝ ඇයව පුළුස්සා එහි ඉතිරි කොටස් බඳුනක බහා තබයි.

 මරණයෙන් පසු උත්ථානයක් කිතුනුවන් අපේක්ෂා කල නිසා ඔවුන් තමන්ගේ සිරුරු පුළුස්සා ගැනීමට වඩා එම සිරුරු තැන්පත් කර ගැනීමට වැඩි කැමැත්තක් දැක් වූයේය. මේ හේතුවෙන් උමං සොහොන් සංකල්පය ඔවුන් අතර ඉතා ජනප්‍රිය විය.

 රෝමයේ ඇති මෙම කිතුනු උමං සොහොන් තුල ජේසුස්වහන්සේගේ හා ඔවුන්ගේ අනුගාමිකයන්ගේ පින්තූර ආදිය ඇඳ තිබේ. මේවා ක්‍රි.ව. හතරවන ශත්වර්ෂය පමණ වන විට ඇඳ තිබූ ඒවා බැවින් ඓතිහාසික වටිනාකම අතින් ඉහල තැනක් ගන්නා අතර පුරාණ ජුදෙව් චාරිත්‍ර හා මුල් කිතුනු සභාවේ විවිධ චාරිත්‍ර ගැනද යම් අවබෝධයක් මෙයින් ලබාගත හැකියි.




 රෝමයේ නීතියෙ හැටියට නගරය තුල මිනිසුන් ආදාහනය කිරීම තහනම් වූ නිසා මෙම උමං සොහොන් නගරයෙන් පිටත සාදන ලදි.

Catacombs හි ඡායාරූප ගැනීම තහනම් වන අතර අන්තර්ජාලයෙන් සොයාගත හැකි වූ ඡායාරූප කිහිපයක් පහත දැක්වේ.







මූලාශ්‍ර:

1) http://www.ancient-origins.net/ancient-places-europe/dark-underworld-paris-catacombs-002834/page/0/1

2) https://en.m.wikipedia.org/wiki/Catacombs

3) https://en.m.wikipedia.org/wiki/Catacombs_of_Paris

4) https://en.m.wikipedia.org/wiki/Catacombs_of_Rome

5) http://sathsamudura.blogspot.com/2011/03/human-libraries.html?m=1

6) http://heritagemalta.org/museums-sites/st-pauls-catacombs/

7) http://www.nationalgeographic.com/archaeology-and-history/archaeology/rome-catacombs/

26 comments:

  1. නියමයි මල්ලි , ලංකාවෙ තියෙන එකම උමං සොහොන ගැන තොරතුරු ලඟදීම ඓරාවණ එක්ක එළියට එනවා

    ReplyDelete
  2. ලෝකයේ අපි නොදන්න මොනතරම් දේවල් තියනවද? මේ සොහොන බලන්න යන්න තියනවනම් කියලා හිතුනා

    ReplyDelete
  3. මේ ගැන කලින් දැනගෙන හිටියෙ නෑ. අපූරුයි මිතිල.

    ජයවේවා!!!

    ReplyDelete
  4. සිතුවිලි සටහන් බ්ලොග් කියවනය - http://sithuwilisatahan.com/

    පොඩි ස්පෑම් පාරක්

    ReplyDelete
  5. සොල්දාදුවන්ගෙන් බේරීමට ගිය මිනිසෙක් උමන් සොහක හැඟවුණු කතාවක් බැලුවා මතකයි...
    අපූඍු සටහන මිතිල... දිගටම ලියමු...

    ReplyDelete
  6. පෝස්ට් එක කියවන්න ඇවිල්ලා පලවෙනි පින්තූරෙ දැක්කම කමෙන්ට් එක දාලා මෙන්න මම හැරිල යනෝ...

    ReplyDelete
  7. ඔබේ දැනුම විශිෂ්ටයි... දැනුම බෙදා හදා ගන්නවට තුති මිතිල....

    ReplyDelete
  8. එඩ්ගාර් ඇලන් පෝ ගේ "අමොන්තිලාදෝ ලේගරය" https://en.wikipedia.org/wiki/The_Cask_of_Amontillado
    කෙටිකතාවෙත් ඔහොම දෙයක් ගැන තියෙනවා

    ReplyDelete
  9. Denagena hitiye nethi mathrukawak Ada kiyeuwe, e vagema maga herunu post tikath eka husmata kiyawala iwara Kala, agei mithila👌

    ReplyDelete