Monday, September 4, 2017

මහා ජල ගැල්ම

 බයිබලයේ පැරණි ගිවිසුමේ ඇති කතා අතරින් තරමක් ආන්දෝලනාත්මක කතාවක් වන්නේ මහා ජල ගැල්මයි. බයිබලයේ උප්පත්ති පොතේ දැක්වෙන මෙම කතාව සමහරු මිත්‍යාවක් ලෙස සලකයි. බයිබලයේ උප්පත්ති පොතේ සදහන් මෙම කතාව නොදන්නා අය උදෙසා එය කෙටියෙන් සදහන් කරන්නම්.

 එක්තරා අවධියකදී ලෝකයේ බොහෝ මිනිසුන් වැරදි ක්‍රියා වල නිරත වෙමින් දෙවියන්ගේ වදනට පිටිපාමින් සිටියේය. එම නිසා දෙවියන් මෙම මිනිසුන්ට දඩුවමක් දිය යුතු යැයි සිතුවේය. එකල දෙවියන්ට කීකරුව සිටියේ නෝවා හා ඔහුගේ පවුල පමණි. එමනිසා දෙවියන් විසින් නෝවාට විශාල නැවක් සාදන්නට අණ කලේය. නෝවාද එම අණ ඒ ආකාරයෙන්ම ඉටු කලේය. ඉන්පසු ලොවේ වෙසෙන සෑම සත්ව කොට්ඨාසයකින්ම දෙදෙනා බැගින් නැවට ඇතුල් කරන ලෙස පවසා නෝවා හා ඔහුගේ පවුලටද නැවට ඇතුලුවන ලෙස කීවේය. නෝවා නැවට ඇතුල් වී දොර වැසූ සැනින් මහා වර්ෂාවක් එක දිගට ඇද හැලෙන්නට පටන් ගත්හ. නොනවත්වා ඇද හැලුනු වර්ෂාව නිසා ජල මට්ටම ක්‍රමක්‍රමයෙන් ඉහල යන්නට පටන් ගත්තේය. නැවේ නොමැති සෑම දෙනා මියගිය අතර නැව පාවී අරරත් කන්දෙහි නැවතුනේය.

 බයිබලයේ පැරණි පොත් පත් ලියැවුනේ ඊශ්‍රායෙල්වරු අතිනි. මීට වසර දහස් ගනනකට පෙර ඊශ්‍රායෙල්වරු ගතකලේ සංචාරක ජීවිතයකි. එම සංචාරවලදී ඔවුන්ට වෙනත් ජාතීන් ආශ්‍රය කිරීමට සිදුවිය. මේ හේතුවෙන් එම ජාතීන්ගේ සිරිත් විරිත් හා නීති රීති ආදිය ඊශ්‍රායෙල්වරුන් කෙරෙහි ආභාෂයක් ඇති කිරීම ස්වභාවිකයි. උදාහරණ ගතහොත්, ඇසට ඇසක් දතට දතක් යන නීතිය බයිබලයේ අපට හමුවන්නේ මෝසෙස්ගේ නීතියක් වශයෙනි. එනමුත් මෙය උපුටා ගන්නා ලද්දේ බැබිලෝනියාවේ රජකෙනෙක් වූ හමුරබිගේ නීති මාලාවෙනි. මේ ආකාරයෙන්ම මෙම සටහනේ කථානායකයා වූ මහා ජලගැල්ම පුවතත් බයිබලය එක් වන්නේ සුමේරියානු ශිෂ්ටාචාරයෙනි.
The Flood (1616-1618) by Antonio Carracci (1581-1618)

 බයිබලයේ මුල් පොත් පහ ලියන ලද්දේ මෝසෙස් විසින් යැයි පිලිගැනේ. ඒ ක්‍රි.පූ. 1400 අවධියේදී ය [බයිබලයේ සදහන් අන්දමට]. ඊශ්‍රායෙල් ජාතියේ ආදි පීතෘවරයෙක් වූ ආබ්‍රහම් ජීවත්වූයේ සුමේරියානු ශිෂ්ටාචාරය තුලයි [මොවුන් ඌර් සිට සුමර් වෙත සංක්‍රමණය විය]. එමනිසා ඊශ්‍රායෙල්වරුන්ගේ සංස්කෘතිය කෙරෙහි සුමේරියාවේ සංස්කෘතික ආභාෂය නිතැතින්ම ලැබී ඇත. එමනිසා සුමේරියානු සංස්කෘතියෙහි මෙම මහා ජල ගැල්ම පිලිබඳව ඇති තොරතුරු සොයා බැලිය යුතු වේ.

 කලක් පුරාවිද්‍යාඥයින් විශ්වාස කලේ මෙම මහා ජල ගැල්ම යනු ක්‍රි.පූ. 2800 දී පමණ සුමේරියාවේ ඇතිවූ කිෂ් ගංවතුර ලෙසයි. මෙම ගංවතුරෙන් සුමේරියාවේ ප්‍රදේශ කිහිපයක් යට විය. එනමුත් ප්‍රශ්නය වන්නේ මෙය සාමාන්‍ය ගංවතුරකි. වසර දහස් ගනනක් සුමේරියානුවන් මෙම සිද්ධිය තම මතකයේ ධාරණය කරගෙන සිටියේ ඇයි? බයිබලයේ මෙම සිද්ධිය නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් කරන්නේ ඇයි? බයිබලයේ සදහන් ආකාරයට මෙම ගංවතුරෙන් සමස්ථ මිනිස් සංහතියම විනාශ විය. [නෝවා ඇතුලු පිරිස හැර] එනමුත් උක්ත සදහන් ගංවතුරෙන් එතරම් බලපෑමක් සිදු වූයේ නැත. එමනිසා එකල පුරාවිද්‍යාඥයින්ගේ මෙම මතය ප්‍රතික්ෂේප විය.

 තවදුරටත් පර්යේෂණ කරගෙන යන අතරතුරදී පුරාවිද්‍යාඥයින් විශේෂ දෙයක් සොයා ගන්නා ලදි. සුමේරියාවේ ඌර් හි පොලොව යට 2.7m සිට 3.7m ඝනකමකින් යුත් මැටි ස්ථරයක් සර් ලියොනාර්ඩ් වූලි [1880 - 1960] විසින් සොයා ගන්නා ලදි. මෙයට අදාල කාල වකවානු වලදී සුමේරියාව කොටස් දෙකකට බෙදී පාලනය වූ බව සදහන් වේ. ඒ ඌරුක් හා එරිදු යන නගර මුල් කරගෙනය. මෙම බෙදීමට හේතු වී ඇත්තේ ගංවතුරක් බවයි සදහන් වන්නේ. එම ගංවතුරෙන් සුමේරියානු ශිෂ්ටාචාරයේ බොහෝ ප්‍රදේශ විනාශ වූ බවද තවදුරටත් සදහන් වේ.

 සුමේරියාවේ මෙම ගංවතුර බයිබලයේ සදහන් මහා ජලගැල්මම දැයි දැන් සොයා බලමු.  ඉතිහාසඥයන් විශ්වාස කරන්නේ බයිබලයේ සදහන් වන නෝවා සුමේරියාවේ Ziusudra බවයි. Ziusudra යනු සුමේරියානු රජ කෙනෙක් වන අතර ඔහු ගංවතුර සම්බන්ධ සිදුවීම් නිසා ඔහු සුමේරියාවේ වීරයෙකි. ඔහු හා නෝවා යන දෙදෙනාම ගංවතුරෙන් බේරීම සදහා නැවක් සෑදු බව සදහන් වේ. දෙදෙනාම මෙම නැව සෑදුවේ දෙවියන්ගේ අණ පරිදි බව බව ලේඛන වල සදහන් වේ.

 සුමේරියනු ජනකතා වලට අනුව ගංවතුරෙන් පසු එම ප්‍රදේශ පලනය කලේ Meshkiagkasher [කෙටියෙන් කෂ්] නම් පවුලක මූලිකත්වයෙනි. මෙය බයිබලයේ සදහන් කුෂ් පවුල සමඟ ගැලපීමක් තිබේ. Meshkiagkasher යනු ගංවතුරෙන් පසු ඌරුක් පාලනය කල පවුලේ ආරම්භකයා ය. මොහුගේ පුත්‍රයා එන්මකාර්, බයිබලයේ සදහන් නිම්රොඩ් සමඟ ගැලපීමක් තිබේ. මොහු සුමේරියාවේ ඌරුක් වැනි නගර පමණක් නොව උතුරේ පිහිටි වෙනත් නගර පවා පාලනය කල සුවිශේෂී රජ කෙනෙකි.

 සුමේරියානු කතා වලට අනුව Meskiagkasher සුමර් වෙත සංක්‍රමණය වූයේ උතුරේ පිහිටි Aratta හි සිට බව සදහන්. ඌරුක් නගරය මේ වන විට නොතිබූ අතර එය පිහිටවූයේ ඔහුගේ පුත් එන්මකාර් විසිනි. මෙම සංක්‍රමණ සිදු වූයේ ගංවතුරෙන් පසු බවද සදහන් වේ. එමනිසා ගංවතුරෙන් ජන ජීවිතය අඩාල වුවද සංක්‍රමණිකයන් නිසා එය නැවත හැඩගැසුනු බව සිතිය හැක.

 මීලඟට අප හමුවට පැමිණෙන පැනය වන්නේ Meskiagkasher පැමිණි Aratta පිහිටියේ කොහේ ද යන්නයි. Enmerkar පිලිබද සුමේරියානු කතා වලට අනුව Aratta වෙත යාමට කඳු හතක් තරණය කල යුතු වේ. මෙම කදු හත පුරාතනයේ මිනිසුන් තම ගමනාගමනය සදහා යොදාගත් මඟසලකුණක් බව නොඅනුමානයි. ඇසිරියානු රජ කෙනෙක් වූ දෙවන සර්ගොන් රජතුමා සුමේරියාවේ උරාර්ටු වෙත යාමේදී කදු හතක් තරණය කල බවත් Aratta නම් ගංගාවක් තරණය කිරීමට සිදු වූ බවත් සදහන් වේ. Aratta නාමය සුමේරියානු සංස්කෘතියෙන් පිට සදහන් වන එකම අවස්ථාව මෙයයි. මෙය බයිබලයේ අරරත් යන නාමය සමඟ ගැලපීමක් තිබේ. නෝවා විසින් සාදන ලද නැව ගොඩබෑවේ අරරත් කදු මුදුනේ බව බයිබලයේ සදහන් වේ. නෝවා අරරත් හි සිට සුදුසු ස්ථානයක් සොයා ජනාවාස පිහිටවීය.

 මේ අනුව අපට පෙනී යන්නේ සුමේරියානු සංස්කෘතියේ එන මෙම කතාව හා බයිබලයේ ඇති නෝවාගේ කතාවේ බොහෝ දුරට ගැලපීමක් ඇති බවයි. මෙම සිදුවීම සිදුවී වසර සිය ගනනකට පසු සිටි ආබ්‍රහම් සුමේරියාවේ ඌර් හි සිට කානාන් වෙත සංක්‍රමණය වේ. බයිබලයේ සදහන් මෙම කතා ලියැවෙන්නේ ආබ්‍රහම්ගේ පෙළපත මගිනි. මේ හේතුවෙන් බයිබලයේ සදහන් නෝවාගේ කථාන්දරයට සුමේරියානු ආභාෂය ලැබීම සාමාන්‍යයි.


   ඊළඟට අප හමුවට එන පැනය වන්නේ මෙම ගංවතුර ලෝක ව්‍යාප්තව සිදු වූවාද යන්නයි. බයිබලයේ සදහන් ආකාරයට මෙම ජල ගැල්ම නිසා නෝවා ඇතුලු පවුලේ උදවිය හා ඔහුගේ නැවේ සිටි සතුන් හැර අනෙක් සියලුම ජීවීන් මිහිපිටින් තුරන් විය. එනමුත් මෙහිදී අප විශේෂයෙන් සැලකිය යුතු කරුණක් වන්නේ බයිබලයේ මෙම කොටස් ලියවුනු කාලයේදී එම කතුවරයා හට පෘථිවියේ වපසරිය පිලිබඳ වර්තමානයේ තිබෙන දැනුම නොතිබූ බව. ලෝකයේ සියලුම කදු යට කරමින් ගංවතුර ඇතිවූ බව බයිබලයේ සදහන් වේ. එවරස්ට් කන්ද මුහුදු මට්ටමේ සිට ආසන්න වශයෙන් කිලෝමීටර් අටක් පමණ උසකින් පිහිටයි. එනමුත් එවරස්ට් කන්දත් යට කිරීමට තරම් ජල ධාරිතාවක් පෘථිවිය තුල නැත.

 මේ කාරණා නිසා සුමේරියානු පෙදෙස් වලට ඇතිවූ ගංවතුර සාමාන්‍ය එකක් යැයි කිව නොහැකියි. එකල තිබූ දැනුමට අනුව ඔවුන් දැන සිටි සියලුම පෙදෙස් ආදිය මෙම ගංවතුර නිසා යටවූ බව සිතාගත හැක.

 බයිබලයේ සදහන් තවත් කතාවක දැක්වෙන ආකාරයට ජෝසෙප්ගේ කාලයේ වසර හතක ලෝක ව්‍යාප්ත නියඟයක් ඇති විය. නියඟය ඇති වූ බව සත්‍යයක්. එනමුත් එය ලෝක ව්‍යාප්තව සිදු වී නැත. එකල මිනිසුන් තමන් දැන සිටි සියලුම පෙදෙස් නියඟයට හසුවූ බැවින් මෙය ලෝක ව්‍යාප්තව සිදුවූ නියඟයක් බව දැක්වීම සාමාන්‍යයි. 

 බයිබලයේ සදහන් කථාන්දර විශේෂයෙන් පැරණි ගිවිසුමෙහි සදහන් කථාන්දර මිත්‍යාවක් , ප්‍රබන්ධයක් යැයි අහක් කිරීමට බොහෝ දෙනා උත්සහ කරයි. එනමුත් මේවා පිලිබඳව තරමක් ගැඹුරින් අධ්‍යනය කල විට මේවාහි සැඟවුනු සත්‍යයක් ඇති බව සොයා ගැනීම අපහසු කරුණක් නොවේ.


  ප.ලි. යම්කිසි දෙයක් ප්‍රශ්න කරනවා කියන්නෙ හොද දෙයක්. ඒකෙන් වැරදි ආකල්ප යටපත් වෙලා නිවැරදි ආකල්ප ඉස්මතු කරන්න පුලුවන්. ඒත් මොකක් හෝ දෙයක් වරක් කියවපු පමණින් ඒක විවේචනය කරන්න යන එක නුවණට හුරු දෙයක් නෙමේ. ඒ ගැන යම් අධ්‍යනයක් කරලා විවේචනයක් ඉදිරිපත් කලෝතින් ඒ විවේචනය සාධාරණයි කියලා පිලිගන්න පුලුවනි.

 බයිබලයේ පරණ ගිවිසුමේ , විශේෂයෙන් උපත්ති පොතේ තියෙන්නේ වසර දහස් ගණනකට පෙර විසූ මිනිසුන්ගේ සිතුම් පැතුම්. ඒ සිතුම් පැතුම් අද තියෙන නවීන තාක්ෂණය එක්ක පෑහෙන්නෙ නැති බව ඇත්ත. ඒ කාලෙ මිනිස්සුන්ට තිබුනු දැනුමේ හැටියට තමා උප්පත්ති පොත ලියවිලා තියෙන්නේ. ඒ නිසයි මේ පොත අපිට මිත්‍යා කතා අඩංගු පොතක් විදිහට පේන්නේ.

 මම උප්පත්ති පොත භාවිතා කරන්නේ ආගමික ග්‍රන්ථයක් විදිහට නෙමේ. කොහොමත් මම දේව සංකල්පය විශ්වාස කරන කෙනෙකුත් නෙමේ. ඒත් අපිට මේ උප්පත්ති පොත හොඳ ඉතිහාස අධ්‍යනයකට ආරම්භයක් විදිහට යොදාගන්න පුලුවනි. මේ පොතේ තියෙන කතා වල මූලය මොකක්ද කියලා සෙවීමේ එක් ප්‍රථිපලයක් තමා මේ උඩ මම ලියලා තියෙන්නේ. 

මූලාශ්‍ර:

1)පරණ ගිවිසුම සමීක්ෂණය - සැමුවෙල් ජේ. ෂූල්ට්ස්
2)A history of Jews - Paul Johnson
3)The Bible The Quran And Science - Maurice Bucaille
4) http://wmcloud.blogspot.com/?m=1
5) http://www.christianbiblereference.org/story_NoahsArk.htm

34 comments:

  1. මම මේක කොටස් විදිහටයි ලිව්වෙ... ඒකෙ එක කොටසක් දාන්න අමතකවෙලා... දැන් ඒක දැම්මා...

    ReplyDelete
  2. We are each free to believe what we want, it is my view that the simplest explanation is: there is no God. No one created the universe, and no one directs our fate. This leads me to a profound realization: There is probably no heaven and no afterlife either. We have this one life to appreciate the grand design of the universe, and for that, I am extremely grateful.”

    -Stephen Hawking

    අපේ ලෝකේ හැදුන හැටි ගැන, සත්තු, මිනිස්සු පරිණාමය උන හැටි ගැන බොහොම ලස්සන ඩොකියුමන්ට්‍රි එකක් තියෙනවා. මිතිල පුළුවන් නං ඒක බලන්න. මාත් ඒක බැලුවම පස්සේ ආගම් ගැන තියෙන විශ්වාශය අත හැරියා.

    පැය එක හමාරේ වීඩියෝ එක මෙතනින් බලන්න

    ReplyDelete
    Replies
    1. මම ඒ වීඩියෝ එක බලන්නම්... ස්තූතියි ඇනෝ...

      Delete
  3. නියමයි.... කියෙව්වා දැනුවත් උනා... ස්තූතී

    ReplyDelete
  4. බයිබලය ඇතුලු අනෙකුත් ආගමික ග්‍රන්ථ වල තියෙන සමහර කතා වලට ඒ ඒ කාල වල සිදුවුන සිදුවීම් අඩුවැඩි වශයෙන් බලපෑවා වෙන්න පුළුවන්. නමුත් පුද්ගලිකව මම මේ වගේ කතා මිත්‍යා ලෙස හඳුන්වන්නේ බයිබලය වගේ ග්‍රන්ථ එම කතන්දර "සත්‍යය කථා" ලෙස ඉදිරිපත් කර ඇති ආකාරයයි.

    ඇත්තක් මත පදනම් වෙලා ඒකට තව අසත්‍යය කරුණු රාශියක් එකතු කරල අතිශෝක්තියෙන් වාර්තා කලාම සමස්ථයක් වශයෙන් ඒ වාර්තාව බොරුවක් තමා

    ReplyDelete
    Replies
    1. බයිබලයේ පරණ ගිවිසුමේ මුල් පොත් වල... විශේෂයෙන් පංච පුස්තකයේ එහෙම තියෙන්නේ ඒ කාලෙ මිනිස්සුම්ගෙ ඇදහිලි විශ්වාස සහිත කතා එකතුවක්... කවුරුහරි ඒ ඇදහිලි වර්තමානයේදී ඇත්තයි කියලා හිතනවනම් ඒක ගැන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ... ඒක හරියට ඊජිප්තුවේ හිටපු අනුබිස්, රා වගේ අය වර්තමානයේදී ඇත්තම අය කියලා විශ්වාස කරනවා වගේ...

      Delete
    2. ඒවා ඇත්තයි, විශ්වාස කරපල්ලා කියලා, අහිංසක මිනිස්කසුන්ව රවටමින් කව්රු බඩ වඩා ගන්නවනම් ??

      Delete
    3. එහෙම කරනවනම් ඒක වැරදියි සෙන්නා... මම පැරණි ගිවිසුම සලකන්නෙ වසර දහස් ගනනකට පෙර ලියවුනු ලියවිලි කිහිපයක් විදිහට විතරයි...

      Delete
  5. මේ ශිෂ්ටාචාර සියල්ලම ආගමික වශයෙන් එකල දේවත්වය, පුනරුප්පත්තිය විශ්වාසකලා ඒ නිසා තමයි ඊජිප්තු වැසියන් පිරමීඩ නිර්මාණය කලේ ටුටුකාමන් රජතුමාගේ පිළිරුව ඊට උදාහරණයක්. ඒ වගේම මරණින් මතු ජීවිතය ඔවුන් විශ්වාස කළා . ඒ නිසා තමයි ඔවුන්ඔ පිරමීඩ ඇතුලේ ඒ රජවරුන් අන්ද පැළන්ද දේවල තැන්පත් කලේ .ඒ නිසා අතෙතයේ සියලුම ශිටචාරයන් මිත්‍යාව බොහොම තදින් විශ්වාස කළා. ඉන්දු නිම්න වැසියන් ලිංග වන්දනාව අග්නි වන්දනාව කළා .
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ මිත්‍යාව තමා වැඩිමනක් තිබ්බෙ... ස්තූතියි අක්කෙ... අක්කට පුලුවන්නම් ඉතිහාසය සම්බන්ධව ලිපියක් එහෙම ලියන්ට පුලුවන්ද... මොකද බ්ලොග් වල ඉතිහාසය සම්බන්ධයෙන් පලවෙන්නෙ ලිපි ගොඩක් අඩු ප්‍රමාණයක්...

      Delete
    2. ඉදිරියේදී ලියන්නම් ඔබේ ආරාධනයට ස්තූතියි
      විචාරක දියණිය

      Delete
  6. හොඳ ලිපියක්. fascinating

    ReplyDelete
  7. වටින ලිපියක් මල්ලී...ස්තූතියි !

    ReplyDelete
  8. 'බයිබලයේ මුල් පොත් පහ ලියන ලද්දේ මෝසෙස් විසින් යැයි පිලිගැනේ. ඒ ක්‍රි.පූ. 1400 අවධියේදී ය'

    ක්‍රි.පු යුගවල බයිබලය ලිව්වා කියන්නේ කොහොමද? එම කාලයේ කිතුනු දහම තිබුනද? මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද මිතිල මල්ලි?

    දිලිනි සුමනසේකර

    ReplyDelete
    Replies
    1. ක්‍රිස්තියානි කියලා ආගමක් ඇතිවෙන්නේ ජේසුස්වහන්සේ මියගියාටත් පස්සේ... ඊට කලින් තිබ්බෙ ජුදෙව් ආගම... ඒක ආබ්‍රහම්ගෙන් පැවත එන ආගම් වලින් එකක්... ඉස්ලාම් දහමත් ඒවගේ එකක්... ජුදෙව් අයටත් බයිබලයක් තියෙනවා... ඒ ක්‍රිස්තියානි අය භාවිතා කරන සම්පූර්ණ එකම නෙමේ... පරණ ගිවිසුම විතරයි...

      Delete
    2. ක්‍රිස්තියානි ආගම හැදෙන්නේ ජුදෙව් ආගමෙන්...

      Delete
    3. අල් කුරානයෙ ඔය දෙන්නම ඉන්නව... මෝසෙස් සහ ජේසුස්...

      Delete
    4. කුරාණය කියන්නේ පරණ ගිවිසුමේ කාබන් කොපියක් වගේ එකක්....

      Delete
  9. ඇසට ඇසක් දතට දතක් නීතිය ඊජිප්තුවෙත් තිබුනාද... එහෙම අහලා තියනවා...

    අපූරු සටහන..

    එදා අහම්බෙන් හමුවුණු වෙලාවේ කතා කරන්නත් බැරි උනා මල්ලි.. බොහොම කනගාටුයි ඒ ගැන...

    ReplyDelete
  10. Well Mithila, it is good to get these stuff into discussion. Please include the Jewish aspect of those to evaluate. It will reveal the real ambition of the accounts of Genesis stories.

    ReplyDelete
  11. මං අහල තියෙනව, නිශ්චිතවම දන් නෑ...පුරාණ වල එන වෛවශ්වත මනු ත්, මහා ජලගැල්මකින් බේරුණු කෙනෙක්. එයා බේරුනේ විෂ්ණුගෙ මත්ස්‍ය හෝ කුර්ම අවතාරයේ උදව්වෙන් කියල...

    ReplyDelete
  12. පොඩි කාලෙ මගේ ප්‍රියතම පොතක් වුණු රුසියානු ජාතික වයි. පෙරල්මාන්‍ ලියා සිංහලට පර්වර්තනය කරපු "ගණිත විනෝදය" මහා ජලගැල්ම ගණිතය පැත්තෙන් බිඳ දමනව.

    මට හිතෙන්නෙ මේ ජල ගැල්ම යම් අතීත සිදුවීමක් අරගෙන හිතන්න බැරි මිනිසුන් රවට්ටන්න අතිශෝක්තියෙන් ලියවුනක් විදිහට.

    ReplyDelete