Wednesday, July 3, 2019

ආදම් සහ ඒවගේ දිනපොත -3 කොටස (පරිවර්තනය)



ආදම්ගේ දින පොතෙන් කොටසක්

මට මතක ලෙසට ඇය කුඩා දේවල් වලින් සතුටු වන ඉතා තරුණ ගැහැණු ළමයෙක්. ලෝකයේ තිබෙන සෑම දෙයක් ම පාහේ ඇයව ප්‍රබෝධමත් කරනවා. ඇයට මලක් සම්බවුන විට ඇය එයින් අතිෂයින් සතුටට පත් ව එය සිප ගනිමින් එයට කතා කරමින් එයට ආදරය උපදවන නම් තබයි. මල් පමණක් නොව ඇය අනෙක් දෑ වලට ත් සිදු කරන්නේ මේ දෙයම යි. වර්ණ වලට ඇයවශී වී තිබෙන්නේ. ඇයට හමුවන සෑම දේම ඇය වර්ණ වලින් නම් කරනු ලබයි. - දුඹුරු ගල්, කහ වැලි, කොළ පාසි, කොළ පැහැති පත්‍ර, නිල් අහස, කඳු වල දම් පැහැති සෙවණැලි, ඉර බැස යන විට මුහුදේ පාවෙන රත්‍රන් පැහැති දූපත්, සුදු පැහැති හඳ, දිළිසෙන තරු. මේ දේවල් මට තේරුම් ගිය ලෙසට නම් මේ එකක වත් ප්‍රායෝගික වටිනාකමක් නැහැ. යමක වර්ණයක් හා හැඩයක් තිබූ පමණින් ඇය ඒවා කෙරෙහි දැඩි ඇල්මක් දක්වන්නට පටන් ගෙන ඒ වෙනුවෙන් ම කාලය වැය කරයි. ඇයට මිනිත්තු කිහිපයක් කිසිවක් කතා කරන්නේ නැතිව සිටින්නට හැකියාව තිබුනා නම් මම වඩාත් ම කැමති දේ වන්නේ එය යි. එවිට වත් මට වෙහෙස නිවා ගන්නට හැකියි.

සදුදා දවල් -

මේ ලෝකයේ මම අකමැති දේවල් සියල්ල මගේ අකමැති ලැයිස්තුවේ නැහැ. සතුන් අතරිනුත් මම අකමැති සතුන් සිටියි. නමුත් ඇයට එසේ නැහැ. ඇය, පැමිණෙන සියලුම දෙනාව කිසිදු විවේචනයකින් තොරව බාර ගනියි. ඇය සිතන්නේ උන් සියල්ල වටිනාකමක් සහිත අය බවත් අප ඒ සියල්ල සාදරයෙන් පිලිගත යුතු බවත් ය.

විශාල බ්‍රොන්ටොසෝරස් සත්වයා අපගේ කූඩාරම ට පැමිණි විට ඇය ඌව සුරතලය ට ගෙන ඇති කරන්න ට සිතුවා. එවිට මම ඇයට තේරුම් කිරීමට උත්සහ කලේ එයින් අත්වන මහත් ව්‍යසනය පිලිබඳවයි. අඩි විසි එකක් උස අඩි අසූ හතරක් දිග සත්වයෙක් ව එසේ සුරතලයට ඇති කල හැකි ද? ඌ අපට කරදරයක් කරන්නට නොසිතුවත් අපට ඌව මෙතැන තබා ගන්නට බැහැ. ඌ ඉඳගත් විට මා සෑදූ කූඩාරම සැනෙකින් බිමට සමතලා වේවි. අනික ඒ සත්වයාගේ ඇස් දෙක දෙස බලන ඕනෑම කෙනෙකුට තේරෙනවා ඌ කෙතරම් අඥාණ සත්වයෙක් ද කියා. ඇයි මම පවසන මේ සුළු කාරණය ඇය තේරුම් නොගන්නේ?

ඇය තවමත් සිතන්නේ ඒ රාක්ෂයා ව සුරතලයට ඇති කිරීමට යි. ඒ ගැන ඇය දිගින් දිගටම මාත් සමග වාද කරයි. ඇය පැවසුවා උගෙන් අපට කිරි දොවා ගත හැකි බව. ඇය එයට මගේ සහය ඉල්ලූ නමුත් මට එය ප්‍රථික්ෂේප කරන්නට සිදු වූවා. එය අවදානම් වැඩියි. එපමණක් නොව එය සිදු කිරීමට තවම අපට ඉනිමගක් ඇත්තේ නැහැ. ඉන්පසු ඇය උගේ ඇඟ මතට නැග අවට පරිසරය නරඹමින් ඇවිද යාමට උත්සහ කළාය. උගේ වල්ගය අඩි තිහක් හෝ හතලිහක දිගකින් යුක්ත ය. එය බිම ඇද වැටුනු විශාල ගසක් වැනියි. ඇය ඒ මතින් යමින් උගේ පිට මතට යාමට උත්සහ කල විට උත්සහ කල විට එයින් රූටා ඇද් වැටුනු අවස්ථාවේ දී එය ඇයට තරමක් රිදුම් දෙන්නට ඇති. මම එය ඇගේ මුහුණෙන් දුටුවෙමි.

මෙයින් ඇය සෑහීමකට පත් වුනාද? කිසිසේත්ම නැත. ය කිසිවකින් සැහීමකට පත්වන අයෙක් නොවේ. ඇය සැහීමකට පත් වන්නේ ඔප්පු කල හැකි දේවල් වලින් පමණි. තහවුරු නොකළ න්‍යායන් යට අදාල වන්නේ නැහැ. එනමුත් මෙහි කිසිදු වරදක් නැති බව ද මට හැගෙයි. පරාජය පිළිගැනීම මට දැන් හුරු වී තිබේ. ය සමග වැඩියෙන් කාලය ගත කරන විට ය සමග වන වදයන්ගෙන් පරාජය පිළිගත යුතු බව මට දැන් හැගී ගොස් තිබේ. මෙම අති විශාල සත්වයා ගැන ඇය තරමක් වෙනස් විදිහේ අදහසක් මා සමග පැවසුවාය. ඇය පවසන ආකාරයට අපට මෙම විශාල සත්වයාව හීලෑ කරගත හැකි වුවහොත් ඌව වැව මත සිටවා අපට ඌව පාලමක් ලෙස යොදාගත හැකියි. මට සිතෙන ආකාරයටමෙය කදිම අදහසක්. වැඩි කල් යාමට පෙර ඌ හීලෑ වූ බැවින් අප ඇයගේ අදහස අත්හදා බැලීමට සූදානම් විය. මෙහි දී සැළකිය යුතුයි ඌ හීලෑ වූයේ ඇයට පමණයි. මට නොවේ. අප කෙතරම් ඌව වැව මත එකතැන තැබීමට උත්සහ කළත් ඌ ඇය පසුපස ම ගමන් කරයි. එකතැන සිටින්නේ ම නැත. මෙය සෑම සුරතල් සත්වයෙකුගේ ම ස්වභාවය යි. දැන් නම් ඌ ඇවිදින කන්දක් වැනියි. 


ඒවගේ දිනපොතෙන් කොටසක් 

අඟහරුවාදා - බදාදා - බ්‍රහස්පතින්දා සහ අද -

දින සියල්ල ඔහුව නොදැක ගත වුණි. තනියම සිටීම ඉතා අපහසුයි. නමුත් පැමිණි විට නොපිලිගැනීමට වඩා එය පහසුයි.

සිකුරාදා -

මට තනිවම සිටින්නට අපහසු නිසා දැන් කුමක් හෝ මිත්‍ර සමාගමක් අවශ්‍යයි. එමනිසා මම කල්පනා කළේ සතුන් සමග මිත්‍ර වන්නට. ඔවුන් ඉතා සිත් ගන්නා සුළු, අවංක අයුරින් පිළිගන්නා සහ වල්ගයක් තිබෙනවා නම් වල්ගය වනා පිලිගන්නා කොටසකි. වැදගත්ම කාරණය ඔවුන් කෙදිනකවත් මාව ප්‍රථික්ෂේප කරන්නේ නැහැ. ඔවුන් උද්‍යෝගයෙන් කෙළි සෙල්ලම් කරනවා පමණක් නොව විනෝද ගමන් යාම සදහා ද මාත් සමග එක්වෙයි. මම සිතන්නේ ඔවුන් තමා නියම මහත්වරු. පසුගිය දවස් කිහිපයේ ම සතුන් සමග ඉතා හොද කාලයක් ගත කළා. ඒ නිසා මට කිසිදු තනිකමක් දැනුනේ ම නැහැ.

පසුගිය කාලයේ අපි ලෝකයේ සියලුම පෙදෙස් වලට විනෝද ගමන් ගියෙමු. ඒ නිසා මම පලමු හා එකම සංචාරකයා යි. ඇවිදගෙන යන විට ඉතා සිත් ගන්නා සුළු දර්ශන දක්නට ලැබෙයි. මම මාගේ පහසුව තකා ව්‍යාග්‍රයින්ගේ පිටේ ගමන් කරයි. එසේ ගමන් කරන්නේ උන්ගේ පිට සිනිදුවට හා මට ඉඳගැනීමට සරිලන ආකාරයට වක්‍රව සෑදී ඇති නිසාවෙනි. දුර ගමන් යාම සදහාමම තෝරා ගන්නේ අලියාව යි. ඔහු ඔහුගේ හොඬවැලෙන් මාව ඔසවා ඔහුගේ පිට මත තබා ගනියි. අපි ගිමන් හරින්නට ටිකකට නතර වූ විට ඔහු පිටුපසට නැවී ඉඳගෙන මට ඔහුගේ පිට දිගේ ලිස්සා යාමට සලස්ව යි. 

කුරුල්ලන් සහ සතුන් එකිනෙකා සමග ඉතා මිත්‍රශීලී ව සිටියි. උන් එකිනෙකා සමග විරසක ව සිටිනවා මම දැක ඇත්තේ ම නැහැ. උන් එකිනෙකා සමග කතා කරන අතරතුර මටත් කතා කරයි. මම සිතන ආකාරය ට උන් කතා කරන්නේ විදේශීය භාෂාවක්. උන් කතා කරන එකදු වචනයක් වත් මට තේරෙන්නේ නැහැ. ඔවුන් මට කතා කල විට මම ඔවුන්ට ප්‍රථි පිළිතුරු සැපයුව ද ඒවා ද ඔවුනට නොවැටහෙයි. විශේෂයෙන් එසේ නොවැටහෙන්නේ බල්ලාට සහ අලියාට යි. මෙය මාව ලැජ්ජාවට පත් කළාය. මට සිතෙන ආකාරය ට මෙයින් පෙන්නුම් කෙරෙන්නේ ඔවුන් මට වඩා දක්ෂ බවයි. 


මම මේ වන විට බොහෝ දේවල් ඉගෙනගෙන ඇත්තෙමි. මම දැන් උගතෙක් වුවත් පෙරදී එසේ නොවේ. උගතෙක් නොවූ නිසා මට කෙඳි ගිය අවස්ථාද නැතුවා නොවේ. පෙරදී කඳ උඩට ජලය ගලාගෙන යාම දැක ගැනීමට තරම්වත් මම උනන්දු නොවූයෙමි. නමුත් දැන් මම පරීක්ෂණ සිදු කර සොයාගත්තේ රාත්‍රී කාලයේදී හැර කඳ දිගේ ඉහලට ජලය ගමන් කරන බවයි. මන්ද කන්ද උඩ ජලය කිසිවිටෙකත් නොසිදෙන බැවින්. රාත්‍රී කාලයේදී කඳ උඩට ගිය ජලය අනිවාර්යෙන්ම පහලට පැමිණිය යුතුයි. යම් දෙයක් ඉගෙන ගැනීමට හොදම ක්‍රමය පරීක්සන කරමින් ඒවා සනාථ කර ගැනීමයි. උපකල්පනය කරමින් කාලය ගත කළහොත් කෙදිනකවත් උගතෙක් වීමට නොහැකියි.

සමහර දේවල් තිබෙනවා අනුමාන කිරීමෙන් හා සිතීමෙන් පමණක් ඒ ඒ දේවල් දැනගන්නට හැකියාවක් ඇත්තේ නැහැ. ඒ දේවල් දැනගන්නා තුරු නිතර පරීක්ෂණ පැවැත්වීම අත්‍යවශ්‍ය යි. එයට හොද ඉවසීමක් තිබීම ද ඉතා වැදගත්. මේවා සොයාගත් පසු අතිශයින් සතුටක් ඇතිවන අතර ලෝකය ගැන ආසාවක් සහ කුතුහලයක් ඇතිවන්නේ ද මේ නිසයි. මෙම කුතුහලය නැතිනම් ලෝකය නීරස තැනක් වනු නියත යි. ජලය පිලිබද රහසත් මම සියාගන්නා තුරු තිබුන්සෙ එක්තරා ආකාරයක වස්තුවක් ලෙසට යි. නමුත් මා එය සොයාගත් පසු එය කෙරෙහි තිබූ මගේ කුතුහලය නැතිවී ගියා මෙන්ම යමක් නැති වූ විට දැනෙම හැඟීමට මා හට දැනුනි.

ලී වලට පිහිනිය හැකි බව, පත්‍ර සහ පිහාටු වියළී යන බව ඇතුලු නොයෙකුත් දෑ මම දනිමි. ඒ මම සිදු කල පරීක්ෂණ වල ප්‍රථිපල මගිනි. මෙම එක් රැස් කල සියලු කරුණු කාරණා වලින් පර්වතයකට පිහිනිය හැකි බව මට නිගමනය කා හැකියි. දැනට නම් එය ඔප්පු කරන්නට හැකියාවක් නැහැ. එය කෙසේ හෝ ඔප්පු කිරීමට මම උපරිම උත්සහ කරමි. නමුත් එසේ කල විට මෙම පරීක්ෂණය කෙරෙහි තිබූ තැතිගැන්ම නැතිවී යාවි. මම මෙම තැතිගැන්මට කැමැත්තක් හා ආදරයක් ඇත්තෙමි. එක් තැතිගැන්මක් නැති වූ විට තවත් එකක් පැමිණෙයි. මෙසේ ලෝකයේ තිබෙන සියලු තැතිගැන්ම වල් අවසන් වූ විට මම කෙසේ ජීවත් වන්නද? පෙරදින මුලු රාත්‍රිය පුරාවට ම මම කල්පනා කලේ මේ පිලිබඳව යි. මගේ මෙම පරීක්ෂණ නිසාවෙන් ලෝකයේ සියලු තැතිගැනීම් අවසන් වුවහොත්…

මුල දී මම නිර්මාණය වූ හේතුව මට ම සිතා ගන්නට නොහැකි විය. නමුත් මට දැන් වැටහෙන අන්දමට මම නිර්මාණය වී ඇත්තේ මේ අලංකාර ලෝකයේ රහස් සොයාගෙන සතුටු වී, මේවා කල්පනාකාරීව සැළසුම් කර අපට ලබා දුන් පුද්ගලයාට ස්තූති කිරීමට යි. මට තවත් බොහෝ දෑ ඉගෙන ගැනීමට ඇති බව සිතමි. මේ තිබෙන දේවල් ඉක්මනින් භාවිතා කලහොත් සති කිහිපයකින් ඒවා අවසන් විය හැකි බැවින් මේවා සකසුරුවමින් භාවිතා කිරීම නුවණට හුරු බව මට සිතෙයි. පිහාටුවක් ගෙන අතහැරිය විට එය පාවී ගොස් නොපෙනී යන නමුත් මැටි පිඩක් සුළගේ අතහැරිය විට එසේ සිදු නොවේ. සෑම අවස්ථාවක දීම එය පහළට ඇද වැටෙයි. එකම දේ බොහෝ අවස්ථාවක් සිදු කල ද සෑම විට ම සිදු වන්නේ මෙයම යි.

නමුත් එසේ වන්නේ ඇයි? මට ප්‍රත්‍යක්ෂයි එය පහතට නොවැටෙන බව, නමුත් මට එය එසේ පෙනෙන්නේ ඇයි? මගේ නිගමනය හැටියට නම් එය දෘෂ්ටි මායාවක් විය යුතුයි. දෙකෙන් එකක් එසේ විය යුතුයි. නමුත් ඒ පිහාටුව ද මැටි පිඩ ද යන්න මම නිශ්චිතව නොදනිමි. නිවැරදි කොයි එක ද යන්න මට ඔප්පු කිරීමට හැකියාවක් ද නැහැ. කළ හැකි එකම දේ වන්නේ දෙකෙන් එකක් ව්‍යාජ එකක් බව කීම පමණයි. නිවැරදි කෝක ද යන්න අදාල පුද්ගලයාට අදාළ තේරීමක්.

නැරඹීම තුලින්, තරු දීර්ඝ කාලීනව නොසිට නැති වී යන බව මම දනිමි. හොදම වර්ගයේ තරු අහසේ දිය වී අහස දිගේ පහළට ඇද වැටෙනු මම දැක ඇත්තෙමි. එක් තරුවකට දිය වන්නට හැකි නම් අනෙක් සියලු තරු ත් දිය වීමට පුලුවන. එසේ නම් තරු සියල්ල එක් රැයක් තුල දී දිය වී යාමට පුලුවන. එම දුක කවදා හෝ පැමිණෙම බව මම දනිමි. රාත්‍රී කාලයේ දී නින්ද පැමිණෙන තුරු මම තරු දෙස බලා ඒවායේ දිලිසීම මගේ මතකයේ තැන්පත් කර ගතිමි. එසේ කරන්නේ කෙදිනක හෝ තරු අපගෙන් ඉවත් ව ගිය විට කළු පැහැති අහස මත මගේ මතකයේ තිබූ අලංකාර තරු වල දිලිසීම නැවත මතකයට නගා ගෙන මගේ කදුළු වලින් ඒවා ප්‍රතාපවත් කළ හැකි නිසයි.

වැටීමෙන් පසු

ආපසු හැරී බලන විට, උයන මට දැනෙන්නේ හීනයක් ලෙසයි. එහි පුදුම දනවන සහ සිත් වෂී කරන අලංකාරය අපට දැන් අහිමි ව ඇත. අපට කවදාවත් එය නැවත දැකගත නොහැකියි.

උයන අහිමිව ගිය නමුත් මට ඔහුව හමු විය. මට එයින් සෑහීමකට පත් විය හැකියි. ඔහු ඔහු ට හැකි අයුරින් මට ආදරය කරයි ; මමත් උපරිම ශක්තියෙන් හා උද්යෝගයෙන් ඔහුට ආලය කරන්න ට පටන් ගෙන තිබේ. මම මගෙන් ම ඇසුවහොත් ඇයි මම ඔහුට ආදරය කරන්නේ කියා , මට දීමට කිසිදු පිලිතුරක් නැහැ. මට එය දැන ගැනීමට හැකියාව නැහැ ; මට එය දැන ගැනීමට අවශ්‍යත් නැහැ. මගේ දැනුම් තේරුමේ හැටියට ආදරය ලෙස හදුන්වන දෙය තර්ක කර හෝ කරුණු රැස් කර අපට පැහැදිලි කළ නොහැකියි. එය අනෙක් ක්ෂීරපායීන්ට මෙන්ම අනෙක් සතුන් ට දක්වන්නා වූ ආදරය වැනි ම දෙයක් ලෙසයි මා සිතන්නේ. මම සමහර කුරුල්ලන්ට කැමැත්තක් දක්වන්නේ ඔවුන්ට හොදින් ගායනා කල හැකි නිසාවෙන්. ආදම්ට මම ආදරය කරන්නේ ඔහුට ගායනා කල හැකි නිසා නොවේ. ඔහු ගායනා කිරීම වැඩිවන තරමට මම ඔහුගෙන් අත්ව සිටීමට ප්‍රිය කරයි. එමනිසා එය කිසිසේත් විය නොහැකියි. ඔහු කැමති දේවල් වලට මමත් කෙසේ හෝ කැමැත්තක් ඇති කර ගැනීමට උත්සහ කරනවා. මුලදී මම කිරි වලට අකමැති වුයේ එය ඇඹුල් රස නිසා, නමුත් මම දැන් එයට හුරු වීගෙන යන්නෙමි.

ඔහුගේ දක්ෂකම ගත විට එය නිසාත් නොවේ මම ඔහුට ආදරය කරන්නේ. ඔහුට එතරම් අඩු බුද්ධියක් ලැබීමට ඔහුට චෝදනා කල යුතු වන්නේ නැහැ. අවශ්‍ය ප්‍රමාණයට බුද්ධිය ලබා දෙන්නේ දෙවියන් විසින්. කාලය යන විට ක්‍රමයෙන් ඔහුගේ බුද්දිය වර්ධනය වේවි. අනුන් ගැන සිතීම, විනීත බව නිසාත් නොවේ මම ඔහුට ආදරය කරන්නේ. මේ අංශයෙන් නම් ඔහු ඉතා දුර්වලයි. එයත් ක්‍රමක්‍රමයෙන් වර්ධනය වේවි. 

මම ඔහුට ආදරය කරන්නේ ඔහු සිදුකරන කර්මාන්තය නිසාද? නැහැ. එය විය නොහැකියි. නමුත් ඔහුට මේ සම්බන්ධව දක්ෂකමක් තිබෙනවා. එහෙත් ඔහු එය මගෙන් සැමවිටම සැඟවීමට උත්සහ කරනවා. අන් සෑම අවස්ථාවකදීම ඔහු මත සමග රහසක් තබන්නේ නැහැ. ඔහු මත සමග තබාගන්න එකම රහස මෙයයි. මෙය මට විශාල දුකක් ඇති කරනවා. ස,අහර අවස්ථා වලදී මම සම විටම කල්පනා කරන්නේ මෙය පිළිබඳවයි. විටෙක මේ නිසා හරිහැටි නිදා ගැනීමටත් හැකියාව ලැබෙන්නේ නැහැ. මෙය මගේ සතුටට බාධාවක්.

ඔහුගේ අධ්‍යාපනය නිසාත් නොවේ මම ඔහුට ආදරය කරන්නේ. ඔහු ස්වයං අධ්‍යාපනයක් ලත් අයෙක්. අංශ කිහිපයක් ගැනම ඔහු හොදහැටි දන්නා නමුත් මගේ ආදරයට හේතුව මෙය විය නොහැකියි.

ඔහුගේ ලිංගය තරමක් අසාමාන්‍ය වුවාට ඔහුට ඒ ගැන චෝදනා කිරීමෙන් ඵලක් නැහැ. ඔහුගේ ලිංගය සැදුවේ ඔහු නොවේ. ඇරත් මගේ ලිංගයත් තරමක් අසාමාන්‍යයි. එහි අයිතියත් මට හිමිවන්නේ නැහැ. මන්ද මගේ ලිංගයත් සැදුවේ මම නොවන නිසාවෙන්.

එසේනම් අයි මම ඔහුට ආදරය කරන්නේ? මම සිත ආකාරයට ඒ ඔහු පිරිමියෙක් වන නිසා.

ඔහුගේ යටි පෙදෙස හොදයි. ඔහුගේ එම පෙදෙසට මම කැමති වුවත් එය නොමැතිවත් මට ඔහුට ආදරය කල හැකියි. ඔහු මට තලා දුෂණය කලත් මම ඔහුට දිගටම ආදරය කරවී යයි සිතමි. මට සිතෙන ආකාරයට එය ලිංගිකත්වය පිලිබඳ කරුණක්. 

ඔහු ඉතාමත් ශක්තිමත් සහය කඩවසම්. ඔහුගේ එම ගුණාංගයට මම ආදරය කරමි. නමුත් එම ගුණාංග නොමැති වුවත් මම මියයන තුරු ඔහුට ආදරය කරමි. 


ඔව්, මම සිතන ආකාරයට මම ඔහුට ආදරය කරන්නේ ඔහු පිරිමියෙක් සහ ඔහු මගේ වීම නිසා බවයි. මම කලිනුත් කියූ ආකාරයට ආදරය යන හැඟීම වචනයෙන් විස්තර කල හැකි එකක් නොවේ. එය පැමිණෙන ආකාරය අපි කවුරුවත් දන්නේ නැහැ.

වසර හතළිහකට පසු -

මේ ලෝකයේ සැමදාම අපහට සිටිය නොහැකියි. මේ ලෝකය සැදී ඇත්තේ එලෙසයි. අප දෙදෙනාගෙන් එක අයෙකුට මුලදී මේ ලෝකය අතහැර යාමට සිදු වුවහොත් මම ප්‍රත්තන කරන්නේ ඒ මම විය යුතු බවයි. ඔහු ශක්තිමත්, නමුත් මම දුර්වලයි. දැන් ඔහුගෙන් මට ඇති ප්‍රයෝජන වලට වැඩ මගෙන් ඔහුට ඇති ප්‍රයෝජනයක් නැහැ. ඔහු නොමැති ජීවිතය ජිවිතයක් නොවේ. මම මෙය කෙසේ දරාගන්නද? මම තමයි පළමු බිරිඳ; මම නැවත පැමිණෙන්නේ අවසාන බිරිඳ ලෙසින්.

ඒවගේ සොහොනේ 

ආදම් - ඇය කොතැනක සිටියත් එතැන ඒදන් උයන තිබේ.

10 comments:

  1. බ්‍රොන්ටසෝරසුත් ඉන්නව නේ?
    මැවුම්වාදය පරිණාමවාදයට ෆිට් කරන්න හදන අයගේ සමහර pseudo-scientific තියරිවල ඩයිනෝසර් හා මිනිස්සු එකට ඉන්නව නේද?

    ReplyDelete
    Replies
    1. ඔව්... හැබැයි ඇත්ත කතාව ගත්තොතින් බයිබලයේ උප්පත්ති පොතේ කතා එන්නෙ මෙසපොතේමියානු ශිෂ්ටාචාරයෙන්... දවස් හතෙන් ලෝකය මැවීම, ආදම් ඒව, නෝවා, බාබෙල් කොත වගේ දේවල් එහෙන් තමා එන්නෙ... ඒ ඒකාලෙ මිනිස්සුන්ගෙ විශ්වාස සහ ඓතිහාසිකව වූ දේවල් වල එකතුවක්...

      පස්සෙ කාලෙ මේ සංකල්ප සහ විශ්වාසයන් වලට වෙනත් ශිෂ්ටාචාරයන්ගෙන් දායකත්වය ලැබිලා වර්ධනය උනා... උදාහරණයක් ගත්තොතින් ආදම් ඒවගේ කතාවෙ ඇපල් කතාව එන්නෙ මෙසපොතේමියාවෙන් නෙමේ... ඒ කොටස එකතු වෙන්නෙ ග්‍රීක ශිෂ්ටාචාරයෙන්...

      මේ තමා කාලයත් එක්ක ආගමික සංකල්ප වර්ධනය වෙන හැටි... ඒක හරියට වසර සිය ගනනක් තිස්සේ ප්‍රාදේශීයව අදහපු දෙවිවරු කාලෙකට පස්සෙ විශ්ණු කියන දෙවියගෙ අවතාර විදිහට පිලිගත්තා වගේ දෙයක්...

      Delete
    2. මිිතිල මහත්තයාගේ කතා ඇහුවාම බයිබල් අනාවැකියක් මතක්වුනා

      බැටළුවෙක්ට බඳු අංද සර්පයෙක්ට බඳු කටක්ද ඇති මෘගයෙක් දුටුවෙමි.

      Delete
    3. https://en.wikipedia.org/wiki/Religious_syncretism

      https://www.seiyaku.com/customs/pagan-symbols.html

      Delete
  2. මට මෝසස් ගැන ගැටළු කිපයක් තියෙනවා.
    යුදෙව් පිරිමි ලමුන් මරන්න යැයි රාජ නියෝගයක් තිබුන නම් මෝසස්ට මල්ලි කෙනෙක් හිටියේ කොහොමද?
    මිසරයින්ට, යුදෙව් ජනගහනය වැඩිවීම ප්‍රශ්ණයක් වුනා නම් ඇයි මෝසස් ඔවුන් මිසරයෙන් ගෙන යනවාට පාරාවේ විරුද්ධ වුනේ.
    ඊජිප්තුවෙන් පිටවන විට යුදෙව් සෙනඟ ඊජිප්තු ජාතිකයන්ට අයිති ධනය රැගෙන ආවේ කෙසේද?
    යුදෙව් පිරිසක් නැවත ඊජිප්තුවට යාමට යේජනා කලේ ඔවුන්ගේ මෝඩකම නිසාමද?
    මිසරයන් යුදෙව්වන්ට හිරිහැර කලාද, නැතිනම් යුදෙව්වන්ගේ මූලධර්මවාදී හැසිරීම නිසා මිසරයන් පීඩාවට පත්වුනාද?

    සාමාන්‍යයෙන් (1815න් පසු ලංකාවේ හැර) අනිත් රටවල ඉතිහාසය ලියැවෙන්නේ ජයග්‍රාහකයාට අවශ්‍ය ආකාරයට ඒ නිසාම මටත් මෝසස්ගේ පොත් ගැන සැකයි.

    ReplyDelete
  3. මිථිල, මම නම් කතාව රස වින්දේ ආගමික මතවාද ගැන නොහිතා. ඒ නිසාද මන්දා පළමු මිනිසා හා පළමු ගැහැනිය නොඉඳුල් ලෝකයේ අසිරිය විඳින විදිහ මටත් දැනුණා. එක කොච්චරද කියනවා නම් 'මෝස්‌තර එක්ක හත් වසරක් -8' පොස්ට් එකේදීත් මේ ගැන නොලියා ඉන්න බැරි වුණා. (තවම ලියනවා.)
    හැබැයි මහත්තයෝ, ඔයා වෙනදාට වැඩිය ඉක්මනින් ලිව්වද කියලා හිතුණා. ආයෙම කියවලා බැලුවේ නැද්ද? ඒ නිසාම වෙන්නෝන 'ඇය' වෙනුවට 'ය', 'කන්ද' වෙනුවට 'කඳ' වගේ තැන් තියෙන්නේ.

    ReplyDelete
  4. ආගමික මතයකින් තොරව මේ තුන කියෙව්වාම සිතට දැනුනේ දෙයක්.. ගැහැනු කෙනෙක්ගෙත් පිරිමි කෙනෙක්ගෙත් චරිත ලක්ශන බොහොම සියුම් විදිහට විස්තර වෙන්න ලියලා තියෙනවා. හොශ ආදර්ශයක්..

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...