Tuesday, December 14, 2021

දෙවියන් සහ මිනිස් මොළය

 යුරෝපයේ පුනරුද සමයේ සිටි කලාකරුවෝ තම කලා නිර්මාණ වල සියුම් තැන් පිළිබඳව ඉතා ඕනෑකමින් සොයා බැලුවා. එවන් ශිල්පීන් අතර මයිකල් ඇන්ජලෝ නම කලා ශිල්පියා ඉතා විශේෂ යි. ඔහු නිමවූ මෝසෙස්ගේ පිළිමයේ මෝසෙස් දකුණු අතෙහි උඩ කොටසේ නහරයක් සමෙන් ඉලිප්පී පෙනෙයි. වර්තමාන වෛද්‍ය විද්‍යාත්මක සොයා ගැනීම් වලට අනුව නම් එම නහරය පිටතට පෙනෙන්නේ අපගේ අතේ සුළු ඇඟිල්ල ඉහලට එසෙව්වොත් පමණි. මයිකල් නිමවූ මෝසෙස්ගේ පිළිමයේ මෝසෙස් තම සුළු ඇඟිල්ල ඉහලට ඔසවාගෙන සිටියි. 

අපගේ ගෙල ප්‍රදේශයේ ඇති කණ්ඩරික ශිරාව පිටතට පෙනෙන්නේ අප කලබලයෙන් තිගැස්සී සිටින විට යි. මයිකල් ඇන්ජලෝ නිපදවූ දාවිත්ගේ පිළිරුවේ ඉතා සියුම් ව එම ශිරාව පෙනෙයි. දාවිත්ගේ පිළිමයේ නිරූපණය වන්නේ ඔහු ගොලායත් නම් පිළිස්ති යෝධයාත් සමඟ සටනට මොහොතකට පෙර අවස්ථාවකි. එමනිසා එම මොහොතේ දාවිත් තිගැස්සී සිටි බව හොඳාකාරවම කිව හැකියි. මෙම වෛද්‍ය විද්‍යාත්මක සොයා ගැනීම් මයිකල් ඇන්ජලෝගේ අවධියේ දී සිදු වූ දේවල් නොවේ. සමහර සොයා ගැනීම් මයිකල්ගෙන් වසර සියයකටත් පසු සොයාගත් ඒවා ය. එම නිසා එකල කලා ශිල්පීන්ට සිතුවම් ඇඳීමට අමතරව මළ සිරුරු විච්ඡේදනයෙන් ලත් විශාල දැනුමකුත් තිබුනු බව අප මතකයේ තබා ගත යුතුයි.

මයිකල් තමන්ගේ කලා නිර්මාණ වලට මෙවන් වෛද්‍ය විද්‍යාත්මක කරුණු ඇතුලත් කල අවස්ථා වලට ඇත්තේ උක්ත සඳහන් කල ඒවා පමණක් ම නොවේ. එවන් ආකාරයේ සිතුවම් අතරින් මගේ ප්‍රියතම සිතුවමක් ඇත්තේ වතිකානයේ සිස්ටයින් දේවස්ථානයේ සිවිලිමේ ය. මයිකල්ට ස්වර්ගය හා දෙවියන් සම්බන්ධ කරමින් සිස්ටයින් දේවස්ථානයේ සිතුවම් කිරීමට අවසර දෙන්නේ එකල සිටි පාප්වහන්සේ විසින්. මයිකල් එහි සිතුවම්කරණයේ නියැලෙන්නේ එම සිතුවම් එකල මෙන් ම වර්තමානයේ සිතුවම් වලට ද අභියෝගයක් එක් කරමින්.

ක්‍රිස්තියානි ආගමේ ලෙසට ලොව පලමු මිනිසා වන ‘ආදම්’ දෙවියන්වහන්සේ විසින් දූවිල්ලෙන් මවයි. මයිකල් ඇන්ජලෝ විසින් එම ආදම්ව මැවීම සිස්ටයින් දේවස්ථානයේ සිතුවම් කරන්නේ සිවිලිමේ. මෙහි දී වම් ආදම් සිටින අතර දකුණු පස දෙවියන් සිටියි. මයිකල්ට පෙර දෙවියන් නිරූපණයට අලෝකයක් වැනි දේ යොදා ගත්තත් ඔහු දෙවියන්ව නිරූපණය කලේ වයෝවෘධ පුද්ගලයෙක් ලෙසින්. එය එකල සම්ප්‍රදායට පිටින් යෑමකි. දෙදෙනාගේ ඇඟිලි ගෑවී නොගෑවී තිබේ. දෙවියන් වටා කුඩා දරුවෝ ද දෙවියන් කරට අත දා සිටින තම ඉපදුනේ නැති පලමු කාන්තාව ලෙසින් හැඳින්වෙන 'ඒව' ද සිටින අතර සියලු දෙනා වටා රතු පැහැති රෙදි කඩක් තිබේ.

සාමාන්‍ය නරඹන්නෙක්ට නම් මෙය අලංකාර සිතුවමක් පමණයි. නමුත් 1990 වසරේ දී මෙම සිතුවම දුටු වෛද්‍ය ෆ්‍රෑන්ක් ලින්ක් මේ ගැන ඉදිරිපත් කළේ වෙනත් ම අදහසක්. ඔහු පැවසුවේ දෙවියන්ව නිරූපිත කොටස හුදෙක් සිතුවමක් පමණක් නොව එහි ඇත්තේ මිනිස් මොළයක හරස්කඩක් බවයි. දෙවියන්ගේ හැඩයෙන්, දරුවන්ගේ ගෙල හැරවී ඇති ආකාරයෙන්, කකුල් පිහිටලා තිබෙන ආකාරයෙන් මොළයේ කොටස් නිරූපණය වන බව කියා ෆ්‍රෑන්ක් පර්යේෂණ පත්‍රිකාවක් එම වසරේ ඉදිරිපත් කරා. මෙම සිතුවමේ මොළය සබ බෙල්ල සම්බන්ධ කරන නහරයකුත් කොල පැහැයෙන් මයිකල් සිතුවම් කර තිබෙනවා. මේවායේ ඉතා නිරවද්‍යතාව නිසා මෙම සිතුවම මොළයට සමාන වීම අහම්බයක් ලෙසින් කිසිසේත් ම හඳුන්වාදිය නොහැකියි.

මයිකල් ඇන්ජලෝ විසින් වසර ගනනාවක් වෙහෙස මහන්සි වී සිරුරු විච්ඡේදනය කිරීමෙන් ලත් වෛද්‍ය දැනුම තම සිතුවම් වලට භාවිතා කිරීම ගැන වසර පන්සීයකට පසු අදත් කතාබහට ලක් වීම ඉතා පුදුම දනවන සුළුයි. මයිකල් ඇන්ජලෝ විශේෂ වන්නේ ඒ නිසා පමණක් ම නොවේ. ආගමික පැලැන්තිය ඉතා බලවත්ව සිටි අවධියක දී දෙවියන් යනු මිනිස් මොළයේ නිර්මාණයක් බව අදටත් පාප්වහන්සේව තෝරාපත්කරගන්නා ස්ථානයේ සිතුවම් කිරීමට තරම් එඩිතර වූ පුද්ගලයා ද මයිකල් ඇන්ජලෝ වන නිසාය. 



18 comments:

  1. ඇත්තටම ඒවා අභිරහස් වගේ.. සමහරවිට ආන්ජලෝ, ඩාවින්චි යමක් දැනන් හිටිය වෙන්න පුළුවන් අනෙක් අයට වඩා

    ReplyDelete
  2. මධ්‍යතනයට පෙර සිටන් පෙරදිගින් ගත් දැනුම, අපරදිග පැතිරුණු බවක් අධ්‍යනයේදී හෙළි වෙන්නෙ. මට අහන්න ලැබුන එක මතයක් තමයි ගුවන්යානයේ කටුසටහන් පවා පෙරදිගින් බටහිර වෙත ලැබුණු බව

    ReplyDelete
    Replies
    1. ඒ ගැන කියවන්න පුලුවන් මූලාශ්‍රයක් සඳහන් කරන්න පුලුවන් ද?

      Delete
  3. අපූරු ලිපියක්. මේ ප්‍රසිද්ධ චිත්‍රය දැකලා තිබ්බාට, මෙහෙම කතාවක් ඇහුවෙ අද තමයි. හොඳට බැලුවාම, එහෙම දෙයක් පේනවා තමයි. ආන්ජලෝ, ඩාවින්චි වගේ අය, සාමාන්‍ය චිත්‍ර/මූර්ථි ශිල්පීන්ට වඩා බොහෝ ඉදිරියෙන් ඉන්න අය.🤔

    ReplyDelete
    Replies
    1. අද කාලේ අයට වඩා සෑහෙන ඉස්සරහින් හිටපු අය මේ...

      Delete
  4. සැඟවුණු අබිරහස් ගොන්නක් තියාගෙන
    කාලයෙ ගඟ ගලයි ඉදිරිය බලාගෙන
    දැනුමෙන් වැඩ අරං යථාව නිරූපණ
    කෙරුණු තැනක් ගැන සඳහන රන් වටින

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිදි.. කාලය ගලාගෙන යන්නේ අභිරහස් එළිකරගෙන වගේම හංගාගෙන...

      Delete
  5. මිතිල ඔබේ ලිපි ආසාවෙන් කියවනවා. පුළුවන් කමක් තියෙනවා නම් ලියනාඩෝ ඩාවින්චි ගැන ලිපියක් හෝ කිහිපයක් ලියන්න.

    ReplyDelete
  6. මා මෙය FB හි ෂෙයාර් කිරීමට උත්සාහ කළා. ඔබේ බ්ලොග් අඩවිය අවහිර කර ඇති බවයි පෙනෙන්නේ. cut & paste කරාට කමක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. දැන් අවුරුදු දෙකක් තිස්සේ මගේ බ්ලොග් එක ෆේස්බුක් සහ මෙසෙන්ජර් වලින් බ්ලොක් කරලා තියෙන්නේ. ඒක අයින් කරගන්න උත්සහ කරත් හරිගියේ නැහැ. බ්ලොග් එකේ තියෙන ඕනම දෙයක් කොපි පේස්ට් කරලා ෆේස්බුක් දාන්න කමක් නැහැ..

      Delete
    2. 3rd පාටි බ්ලොග් theme එකක් use කරොත් පුළුවන් වෙයි සමහර විට. එතකොට බොලගයටත් නව පෙනුමක් එනව

      Delete
    3. ඒක කරගන්න විදිහක් කියන්න පුලුවන් ද? URL එක වෙනස් වෙන්නැති නිසා බ්ලොක් එක යයි ද කියලා සැකයි

      Delete
  7. ඔය කතාව කලින් අහන්න ලැබුණ, ඇත්තටම දැනගෙන ඇන්දාද නැද්ද කියල හිතා ගන්න අමාරුයි. මොනා උනත් දක්ෂ සිත්තරෙක්. ඒ වගේම තමයි ඔය කාලෙන් පස්සෙන් පහු තමා මමායනය කලාකරුව තුළ හා කලාව හරහා එය පෙන්වීම වැඩි වශයෙන් මතු වෙන්නෙත්

    ReplyDelete
    Replies
    1. දැනගෙන අඳින්න ඇති. අහඹුවක් වෙන්න ඉඩ හරිම අඩුයි. මයිකල් ඇන්ජලෝ මිනිස් සිරුර ගැන සියුම්ව අධ්‍යනය කරපු කෙනෙක්.

      Delete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...