Tuesday, March 15, 2016

ලෝකයේ විශාලම ගුහාව බලන්න යමු

#ලෝකයේ_විශාලම_ගුහාව_බලන්න_යමු...

  ලෝකයේ ලොකුම ගුහාව ලෙස සැලකෙන්නේ හැන්ග් සොන් ඩූන්ග් ගුහාවයි. මේ ගුහාව පිහිටලා තියෙන්නේ වියට්නාමයේ ක්ආන්ග් බින්හ් පළාතේය. මේ ගුහාව අවුරුදු මිලියන 2.5 කට පමණ කලින් බිහිවුනා කියලා විශ්වාස කරනවා.

  මේ ප්‍රදේශයේ තිබුණු හිරිගල් තට්ටුව මැදින් ජලය ගලාගෙන ගිහිල්ලා ඒවා දුර්වල වෙලා කඩා වැටුනාට පස්සේ තමයි ගුහාව හැදිලා තියෙන්නේ. සමහර තැන්වල උඩ කැඩිලා ගුහාව ඇතුළට එළියක් වැටෙනවා. සැන් ඩූන්ග් කියන්නේ "කදුකර ගුහාව " කියන තේරුමෙනුයි.

  පේ ප්‍රදේශයේ ජීවත්වුනු හි බාන්හ් කියන පුද්ගලයෙක් තමයි 1991 වසරේදී මේ ගුහාව හොයාගෙන තියෙන්නේ. ඊට පස්සේ 2009 අවුරුද්දෙදි බ්‍රිතාන්‍ය ගුහා ගවේශකයන් මේ ගුහාව ගැන පර්යේෂණ කලා.

  මේ ගුහාව වියට්නාමයේ මහා ප්‍රාකාරය විදිහටත් හදුන්වා තියෙනවා. මේ ගුහාව දිගින් 5km වෙනවා. උස 200m. පළල 150m. මේ ගුහාව ඇතුලේ සත්ව ජීවිත, ඇල මාර්ග, වෙරළවල්, ගස් වැල්, ගංගාවනුත් පිහිටලා තියෙනවා. මේක නම් එසේ මෙසේ ගුහාවක් නෙමේ....




No comments:

Post a Comment