Monday, April 11, 2016

දෙව්ලොවට යන පඩි පෙළ

#දෙව්ලොවට_යන_පඩි_පෙළ

මේ තමයි දිව්‍යලෝකයට යන පඩිපෙළ. “Stairway to Heaven”  ලෙස ප්‍රසිද්ධයි. හවායි දුපත් වලින් එකක් වන “Oʻahu” දුපතේ  “Ko'olau” කඳු කරය හරහා තමයි මේ පඩිපෙළ තියෙන්නේ.

 1942 දී ඇමරිකානු නාවික හමුදාව විසින් පැසිෆික් සාගරයේ කරන නාවික මෙහෙයුම් වලදී නැව් වලට රහසිගත සංඥා යැවීමට මෙම කන්ද උඩ රහසිගත ගුවන් විදුලි මධ්‍යස්ථානයක්(Haʻikū Radio Station) ගොඩනගලා තියෙනවා, ඒ වෙත ගමන් කිරීමට තමයි මේ පඩි පෙළ නිර්මාණය කරලා තියෙන්නේ.

1950 දී එම මද්‍යස්ථානය වසා දැම්මා. පඩිපෙළ යකඩ වලින් නැවත නිර්මාණය කර මහා ජනයාට විවෘත කර තිබුනත් 1987 න් පසු එය තවමත් වසා ඇත. නමුත් සමහරු හොරෙන් මෙම පඩි පෙළ තරණය කරනවා.

1 comment:

  1. //1987 න් පසු එය තවමත් වසා ඇත. නමුත් සමහරු හොරෙන් මෙම පඩි පෙළ තරණය කරනවා// අපේ අය්යලා වගෙයි ...

    ReplyDelete