Monday, October 17, 2016

මියගියත් නිදහසක් නැති ලින්කන්


 'බිග් ජිම්' කල්ලිය කියන්නේ ඇමරිකා රහස් ඔත්තු සේවාව අපහසුතාවයට පත් කල අංක එකේ හොර කල්ලියක්. මොවුන් බොහොමයක් මුදල් උපයා ගත්තේ හොර නෝට්ටු අච්චු ගැසීමෙනි. එයින් ඔවුන් අතිශය විශාල ධනස්කන්දයක් උපයා ගත්තේ ය. එහෙත් 1876 වන විට මොවුන්ගේ මෙම ක්‍රියාදාමය තරමක් අඩපණ වීමට ගත්තේ ය.  එයට හේතුව බෙන් බොයිඩ් නම් හොර නෝට්ටු අච්චු ගැසීමේ ප්‍රධානියා අත්තඩංගුවට ගෙන තිබීම යි.

  ඇමරිකානු රහස් ඔත්තු සේවය බෙන් බොයිඩ්ව අත්තඩංගුවට ගෙන වසර 10ක බරපතල වැඩ සහිතව සිරගෙට දමන ලදි. කෙසේ නමුත් බිග් ජිම් කල්ලිය කියා සිටියේ කෙසේ හෝ ඔවුන් බෙන් බොයිඩ්ව සිරගෙයින් නිදහස් කරගන්නා බවයි. එමනිසා මෙම කල්ලිය 1876 වසරේදී මිලියන 10 ක ජනතාවගේ ඇගේ ලේ කෝප කරවන අපරාධයක් කිරීමට සූදානම් වූහ.


  මෙම සොර මුල සැලසුම් කලේ ඒබ්‍රහම් ලින්කන්ගේ මෘත දේහය ගෝනියක දමාගෙන වසන්ත සමයේදී කරත්තයක දමාගෙන උතුරු ඉන්දියානා ප්‍රාන්තයට ගෙන යාම ය. ඉන්පසු මිචිගන් වැවේ ඉවුරේ වැලි අතර මෙම සිරුර සැඟවීමයි.

 ඊට පසු ලින්කන්ගේ සිරුර ට කප්පම් ලබා ගැනීමට ඔවුන් සිතා ගත්තේ ය. රජය විසින් බෙන් බොයිඩ්ව නිදහස් කර පවුම් 50 000 ක මුදලක් ලබා දුන් විට ලින්කන්ගේ දේහය යලිත් බාර දීමට සැලසුම් කරන ලදි. මෙය එතරම්ම භයානක සැලසුමක් නොවීය. මන්ද ලින්කන්ගේ සිරුර මිහිදන් කර තිබූ ඉලිනොයි ප්‍රදේශයේ මෘත දේහයක් සොරකම් කිරීම අපරාධයක් ලෙස සලකනු නොලැබීම නිසා ය.


  1876 නොවැම්බර් 6 දින මෙම කල්ලිය චිකාගෝ වලින් දුම්රියක නැග ලින්කන්ගේ උපන් ගම වූ ඉලිනොයි වෙත ගමන් කලේ ය. ඔවුන් චිකාගෝවලින් පිටත් වීමට පෙර ලන්ඩන් පුවත්පත මිලට ගෙන එයින් කැබැල්ලක් ඉරා එම සොර කල්ලියේ මූලස්ථානය වූ චිකාගෝ සමාජශාලාවේ ඒබ්‍රහම් ලින්කන්ගේ උඩුකය ප්‍රථිමාව තුලට එබීය.

 ඔවුන් සැලසුම් කරේ ඉරා ගත් පත්තරේ ඉතිරි කොටස ලින්කන්ගේ සොහොනේ මෘත ශරීරය තිබූ තැන දමා යාමට ය. එය රහස් පරීක්ෂකයන් විසින් අපරාධයට ඉඟියක් ලෙස යොදාගනු නොඅනුමානය. ඉන් පසු ඔවුන් එයට මිලක් නියම කරනු ඇත. ඉන් පසු මුලු රටම කැළඹුනු පසු මෙම කල්ලිට විසින් කිසියම් ක්‍රමයකින් ලින්කන්ගේ සිරුර ඉලිනොයි හි ආණ්ඩුකාරයාට භාර දෙනු ඇත.

සොරකමට භාවිතා කල ආවුධ

 මේ ලබා දෙන්නේ නිවැරදි සිරුරදැයි දැනගැනීමට ඔවුන්ට සාක්ෂියක් ලෙස අර පත්තර කැබැල්ල පෙන්විය හැකි විය.

 මේ සියලු සැලසුම් සිතේ තබාගෙන සොර කල්ලිය 1876 ඡන්දය දා රාත්‍රියේ ඔවුන් ස්ප්‍රින්ෆීල්ඩ් වලට පැමිණියේ ය. මෙකල පැවති මෙම ඡන්දය කෙරේ ජනතාවගේ කැමැත්තක් නොවීය. කෙසේ හෝ මෙම කාලයේ ස්ප්‍රිංෆීල්ඩ් කලබලකාරී ප්‍රදේශයක් විය. රාත්‍රියේදී මෙම සොර මුල තම සොරකමේ යෙදීමට ගියේ ය.

සොර මුලේ සාමාජිකයෙන් වූ ටෙරන්ස් මුලන්

සොර මුලේ සාමාජිකයෙක් වූ ජෝන් හියුග්ස්

 මොවුන් ලින්කන්ගේ සොහොනෙහි දොරේ අඟුලු කැඩුවේ ය. ඉන්පසු මිනී පෙට්ටිය වසා තිබූ කිරි ගරුඩ පියන ඔසවා ලී පෙට්ටිය මදක් ඉවතට ගත්තේ ය. මේ අතරතුර ස්වෙගිල්ස් නම් එක් සොරෙක් සොහොන් ගැබට යාර දෙසීයක් පමණ එහායින් නැවතී සිටියේ ය. ඔහු සොරෙක් ලෙස වෙස්වලාගෙන සිටි ඔත්තු කරුවෙකි. ඔහුත් සමඟම අවට හැංගී තවත් නිලදාරීන් අට දෙනෙක් සිටියේ ය. කලින් කතිකා කරගත් ආකාරයට ස්වෙගිල්ස් විසින් තම සඟයන්ට සංඤා කලේ ය. ඒ සුරුට්ටුවක් දල්වාගෙන ' වොෂ්' යැයි ශබ්ද කිරීම ය.

  එසැනින්ම පොලිස් නිලදාරින් අට දෙනා සොහොන් බිම වෙත දිවගෙන ආවේ ය. එහෙත් එහි කිසිවෙක් නොවීය. ඔවුන්ට දක්නට ලැබුනේ සොහොනෙන් අඩක් ඉවතට ගෙන තිබූ ලින්කන්ගේ මිනී පෙට්ටියයි.

 දින දහයකටපමණ පසු මෙම සිර මුල පොලීසිය විසින් අල්ලා ගන්න ලදි. ලින්කන්ගේ වැඩිමහල් පුත්‍රයා විසින් චිකාගෝවේ හොදම නීතිඥයෙක්ව මෙම නඩුව සදහා යොදාගත්තේ ය. එනමුත් එය එතරම් ලේසි පහසු එකක් නොවීය. මන්ද ඒ වන විට ඉලිනොයො හි මෘත ශරීරයක් සොරකම් කිරීම අපරාධයක් නොවූ බැවිනි. කෙසේ හෝ ඔවුන්ට විරුද්ධව නඩුව ගොනු වුනේ පවුම් 15ක් වටිනා මිනී පෙට්ටියක් සොරකම් කිරීම ගැන ය. මෙම නඩු විභාගය මාස 8ක් ප්‍රමාද විය. පලමු රහස් ඡන්දයේදී ජූරිය චන්දය ප්‍රකාශ කලේ සොර කල්ලියට එරෙහිවය. එහෙත් වට කිහිපයකින් පසු ජූරියේ දොළොස් දෙනාගෙම එකඟත්වය පරිදි මෙම සොර කල්ලිය වසරකට ජොයිලට් සිර කදවුර වෙත යවන ලදි.

පින්තූර අන්තර්ජාලයෙන්. ඔබලාගේ අදහස් ඉතා අගේ කොට සලකමි.

21 comments:

  1. වැදගත් ලිපියක්.

    ජයවේවා!!!

    ReplyDelete
  2. ලින්කන් ගේ මියගිය සිරුර පවා මොනතරම් වටිනා වස්තුවක් වීද ? ඇයි මිථිල මිනිස්සු මේතරම් ලින්කන්ට සලකන්නෙ ?

    ReplyDelete
    Replies
    1. ලින්කන්ට ඇමරිකානු ජනතාව පමණක් නෙමේ අද වෙනකොට මුලු ලෝකයම සලකනවා... ලින්කන් ඇමරිකාවේ දහසය වන ජනාධිපති... ඇමරිකාවේ වහල් වෙළඳාම නතර කලේ මෙතුමා... ඉතින් ලින්කන්ගේ සිරුර සොරකම් කිරීම සුදු ඇමරිකානුවන්ට මෙන්ම කළු ඇමරිකානුවන්ටද විශාල කෝපයක් එක් කලා... ඇමරිකාවේ මෙතෙක් බිහිවූ ශ්‍රේෂ්ඨතම ජනාධිපති විදිහට සැලකෙන්නෙත් ලින්කන්...

      Delete
  3. මම ආසම කෙනෙක් ලින්කන් කියන්නේ

    ReplyDelete
    Replies
    1. ලින්කන් කියන්නේ ලෝකෙ ගොඩක් අයගෙ ආදරය දිනා ගත්තු කෙනෙක්...

      Delete
  4. මෙයා රැවුල වැව්වෙ ගෑනු ලමයෙක්ගෙ කීමට කියලා අහලා තියෙනවා , ඇත්තද

    ReplyDelete
  5. ඔව් ඉනුරි ඒක ඇත්ත... දවසක් ලින්කන්ට පොඩි ගැහැනු දරුවෙක් ලියුමකින් කියලා එවලා තිබුනා රැවුල වවන්න කියලා... මොකද ලින්කන් රැවුල කපලා හිටියම කැතයි කියලා.. හකු බැහැලා වගේ පේනවලු... මේ දැරිවිට අයියලා දෙන්නෙක් හිටියලු... එයාලා ඡන්දෙ දෙන්න ඉදලා තියෙන්නේ ලින්කන්ට නෙමේ... ඉතින් මේ දැරිවි ලියුමෙ කිව්වලු " ඔයා රැවුල කපනවනන් මම ඒ දෙන්නගෙත් ඡන්දෙ අරන් දෙන්නන්" කියලා... කොහොමහරි ඡන්දෙන් පස්සෙ රැවුල වවාගෙන ලින්කන් මේ පොඩි ගැහැනු ලමයව බලන්න ආවා...

    ReplyDelete
  6. අපේ බාප්පගෙ පුතා යන්තම් අකුරු කියවන කාලෙ, මං එයාට පෙන්නුව ඒබ්‍රහම් ලින්කන් කියන පොත. එයා ඒක කියෙව්වෙ "ඒබුහාමි ලින්කන්" කියල. අද වගේ මතකයි... ඒ පොත ලියල තිබ්බෙ එමිල් ලුඩ්විග්. හැම වාඛ්යයක්ම ලියල තිබුනෙ වර්තමාන කාලයෙන්.

    ඩේල් කානෙගි ත් ලින්කන් ගැන පොතක් ලියල තිබ්බ.

    ලින්කන්ගෙයි කෙනඩිගෙයි ඓතිහාසික සමානකම් වගෙයක් මුතුහර සගරාවක තිබ්බ එක පාරක්...

    ReplyDelete
    Replies
    1. ඩේල් කානගී ලින්කන් ගැන ලිව්ව පොත මමත් කියවලා තියෙනවා... ලින්කන් සහ කෙනඩි ගෙ සමානකම් තමා...

      ලින්කන් කොන්ග්‍රසයට තේරී පත් වුනේ 1846
      කෙනඩි කොන්ග්‍රසයට තේරී පත් වුනේ 1946

      ලින්කන් ජනාධිපතිවරණය ජයගත්තේ 1850
      කෙනඩි ජනාධිපතිවරණය ජයගත්තේ 1950

      ලින්කන් ජනපතිවරයාගේ ලේකම් : කෙනඩි
      කෙනඩි ජනපතිවරයාගේ ලේකම් : ලින්කන්

      දෙදෙනාගේම ලේකම්වරු එම ගමන නොයන ලෙස කලින් අනතුරු ඇඟවූහ.


      ලින්කන්ට පෙර ජනපති : Andrew Johnson
      කෙනඩිට පෙර ජනපති : Lyndon Johnson

      ලින්කන්ට පෙර සිටි ජනපති උපන්නේ : 1808
      කෙනඩිට පෙර සිටි ජනපති උපන්නේ : 1908

      ලින්කන් ඝාතකයා උපන්නේ : 1839
      කෙනඩි ඝාතකයා උපන්නේ : 1939


      ලින්කන් ඝාතකයා- රඟහලේ සිට ගබඩාගාරයකට පැන ගිය පසු හසු විය
      කෙනඩි ඝාතකයා-ගබඩාගාරයක සිට රඟහලකට පැන ගිය පසු හසු විය

      ලින්කන්ට වෙඩි වැදුනේ : ෆෝඩ් රඟහලේදී
      කෙනඩිට වෙඩි වැදුනේ : ෆෝඩ් රථයකදී


      Lincoln යන නමේ අකුරු ගණන 7
      Kennedy යන නමේ අකුරු ගණන 7


      දෙදෙනාගේම දරුවන් ධවල මන්දිරයේදී මිය ගියහ.

      දෙදෙනාම ඝාතනය වූයේ සිකුරාදාවකය

      දෙදෙනාටම වෙඩි තබා ඇත්තේ හිසටය,දෙදෙනාම එවෙලේ සිට ඇත්තේ තම බිරින්දෑවරු ඉදිරිපිට ය.

      ඝාතකයන් දෙදෙනාගේම නම් 3කින් සමන්විතය,දෙදෙනාගේම නම්වල මුළු අකුරු 15කි.

      ඝාතකයෝ දෙදෙනාම නඩු විභාගයට ප්‍රථම ඝාතනය විය.

      Delete
    2. //කෙනඩිට පෙර ජනපති : Lyndon Johnson// මෙය වැරදිය. කෙනඩිට පසු ජනපතිවරයා ලෙස එය නිවැරදි විය යුතුය..

      Delete