Thursday, February 23, 2017

සාර් පවුලේ දුක්ඛිත අවසානය

යුරෝපයේ මෙතෙක් සිටි පොහොසතුන්ගෙන් කෙනෙක් වන මොහු මියයන විට භූමියෙන් පවුම් කෝටියක් ( වර්තමාන මුදලින් ඩොලර් මි.600 ඉක්මවයි) , දියමන්ති හා මුතුමැණික් වලින් පවුම් 16000 (වර්තමාන මුදලින් ඩොලර් මිලියනයක් පමණ) ක වත්කම් වූ අතර මසකට පවුල් දෙලක්ෂයක් ( ඩොලර් මි.12 අධික) පමණ උපයමින් සිටියේ ය.  මොහුගේ හා මොහුගේ පවුලේ උදවියගේ මරණය ඛේදවාචකයකින් අවසන් විය. මොහු නමින් රුසියාවේ අවසන් සාර් රජු වූ දෙවන නිකලස් සාර් ය. 1905 රුසියානු විප්ලවය කෲර ලෙස මර්ධනය කිරීමත්, රුසියානු ජපන් යුද්ධයට මඟ පෑදීමත්, ඔහුගේ සමයේදී රුසියානු අධිරාජ්‍ය බිඳ වැටීමත් නිසා අවසානයේ ඔහු අපකීර්තියට පත් විය.


  1917 දී මොහුගේ හමුදාවන් යුද්ධ කිරීම ප්‍රථික්ෂේප කලේ ය. 1917 මධ්‍යම රාත්‍රියට පෙර රුසියානු රජුගේ පෞද්ගලික දුම්රියේ අමුත්තන්ගේ කාමරයේ ජෙනරාල්වරුන්ගේ රැස්වීමක් විය. මෙහිදී රජු රජකම අත්හැරිය යුතු බව දැනුම් දෙන ලදි.
මේ පුවත ඇසූ සාර් රජු මහත් කම්පනයකට පත් විය. තමන් කල යුත්තේ කුමක් දැයි සිත සිතා රාත්‍රියේ නිදාගන්නට ගියද නින්ද ගියේ නැත. ශේක්ස්පියර්ගේ කෘති කියවීමට බෙහෙවින් ලැදි කමක් දැක්වූ හෙතෙම ශේක්ස්පියර්ගේ ජුලියස් සීසර් නාට්‍ය කියවමින් මුළු රැයම ගත කලේ ය.

පසුදින උදෑසන ඔහු තම කිරුළ අත්හැරීමේ ලිපිය ලිව්වේය. ඒ සාමාන්‍ය මිනිරන් පැන්සලකිනි. ඔහුගේ ලිපියේ ඔහු මෙසේ සදහන් කලේ ය.

"...දෙවියන්ට ස්තූති වේවා. මට හැමදාම කරන්න වුවමනාව තිබුණු දේ දැන් මට කරන්න පුලුවන්. මට ක්‍රිමියාවේ මගේ ගෙදරට ගිහින් මල් වවන්න පුලුවන්... "

කෙසේවෙතත් සාර් රජුගේ මෙම සිහිනය සිහිනයක්ම විය.

විප්ලවාදීන් විසින් සාර් රජු හා ඔහුගේ පවුලේ උදවියව අවසාන කාලයේ රඳවා තැබුවේ උරාල් කඳු වැටිය පාමුල තිබූ කාමර දෙකකින් යුත් කුඩා නිවෙසකය. ඔවුන්ට ලබා දුන්නේ කුලීකරුවන්ට ලබා දෙන ආහාර ය. සීනි, කෝපි, ලුණු හෝ බටර් ආහාරයට ගැනීම තහනම් විය. ඔවුන්ට ආහාර ගැනීමට සිදු වූයේ දිනකට දෙවරක් ලබා දෙන පාන් කැබලි හා උකු එළවළු සුප් පමණි.


නිවසේ කවුළු විවෘත කිරීම තහනම් විය. එමනිසා ඔවුන්ට පිටත බැලීමට නොහැකි විය. එක් දිනක් බාලම කුමරිය වන ඇනස්ටේසියා විසින් පිරිසිදු වාතය ටිකක් ලබා ගැනීම උදෙසා කවුළුව ඇරියේ ය. එහි ප්‍රථිපලය වූයේ සොල්දාදුවෙක් විසින් ඇයට වෙඩි තැබීමයි. ඔවුන්ට උද්‍යානයේ දිනකට විනාඩි පහක් ඇවිඳීමට අවසර ලබා දුනි. අනාගත උරුමකරු වූ ඇලෙක්සේයි නිකොලොව්ච් අසනීප වී සිටි බැවින් මොහුට ඇවිදීමට නොහැකි විය. මේ වන විට මොහුගේ වයස අවු. 13 කි.


මුර සෙබළු අඩ නිරුවතින් සැරසී සාර් පවුලේ දියණියන් ඉදිරියේ අශ්ශීල ලෙස හැසිරුණේ ය. මොවුන් සාර් අධිරාජිණියගේ සාක්කු සටහන් පොතක් උදුරා ගෙන එහි තිබූ මුදල් ලබා ගත්තේය.
සාර් රජු නිහතමානී , කරුණාවන්ත පුද්ගලයෙකු වූ අතර මේ ගැන කිසිවෙකුට පැමිණිලි කලේ නැත. එනමුත් ඔහුගේ බිරිද මේ ගැන නිතරම දොස් නැගුවාය.

1918 ජූලි 16 වන දින මැදියම් රැයෙන් පසු සෙබලුන් විසින් සාර් රජු ඇතුලු පවුල නින්දෙන් අවධි කලේ නගරයේ කැරලි කෝලහාල පටන්ගෙන ඇති බවයි. එමනිසා වහා සූදානම් වී පහල බිම් ගෙය වෙත යා යුතු බව පැවසුවේ ය.


මොවුන් බිම්ගෙය වෙත ගිය පසු සෙබලුන් කිහිප දෙනෙක් කෑ ගසාගෙන ආවෙව් ය. ඔවුන් පැවසුවේ සාර් රජුගේ හිතවතුන් කිහිප දෙනෙක් ඔහුව බේරාගැනීමට උත්සහ කල බවත් එය අසාර්ථක වූ බවත් ය. එමනිසා මෙම සුබලු සාර් රජුව හා පවුලව මරණ බවද පැවසුවේ ය.

ක්ෂණිකව සෙබළෙක් සාර් රජුගේ හදවත පසාරු කරගෙන යන පරිදි වෙඩි තැබුවේ ය. ඒත් සමඟම කාන්තාවන්ට වෙඩි තැබීමට පටන් ගත්තේය. තම ඇඳුම් අස්සේ දියමන්ති තිබූ බැවුන් සමහර වෙඩි උණ්ඩ වලින් ඔවුන් බේරුණේ ය. කෙසේවෙතත් අවසානයේ සෙබලුන් සාර් පවුලේ සියලුම දෙනාට පහර දී ඝාතනය කලේ ය. මේත් සමඟම මල සිරුරු අසලට පැමිණි බල්ලන්ටද සෙබලුන් විසින් වෙඩි තබා ඝාතනය කරන ලදි. මොවුන් රාජකීය සිරුරු කපා පෙට්‍රල් දමා ගිනි තැබූහ. ඉතිරි කොටස් පැරණි පතලකට දැමුවේ ය.


දින කිහිපයකට පසු සිරුරු පිලිස්සූ තැන් වල අළු අවුස්සා බැලූ සෙබලුන්ට ගල් කැට කිහිපයක් හමුවිය. ඒවා දියමන්ති හා රතු මැණික් කැටය. සාර් අධිරාජිණිය ඒවා තම ඇඳුමේ වාටියේ සඟවා ගෙන සිට ඇත.


මෙම සමූල ඝාතනය අලුතෙන් පිහිටවූ රුසියානු රජයේ නිල කාර්යයක් නොවේ. සෝවියට් රජය සාර් පවුල ඝාතනයට සම්බන්ධ විප්ලවාදීන් රාශියක් අත් අඩංගුවට ගත් අතර ඉන් පස් දෙනෙකු වෙඩි තබා ඝාතනය කරන ලදි. මෙම ඝාතන හුදෙක් ලේ පිපාසිත දිප්ලවාදීන් කිහිපදෙනෙක්ගේ ක්‍රියාවක් විය. 

මූලාශ්‍ර : Wikipidia , little known facts about well known people( Dale Carnegie) , dailymail 

34 comments:

  1. මම අහලා තිබුනේ සාර් කියන්නේ දරුනු පාලකයෙක් කියලා.

    ReplyDelete
    Replies
    1. රුසියානු විප්ලයවය එහෙම කෲර විදිහට මර්දනය කරා... යුද්ධ වලට රට ඇදගෙන ගියා... ඔය හේතු හන්දා තමා එහෙම කියන්නේ... රස්පුටිනුත් ඔය කාලෙ හිටියනේ... එයා සාර් පවුල අල්ලෙ නැටෙව්වා...

      Delete
  2. හැබෑවටම එය එසේ // ලේ පිපාසිත විප්ලවාදින් කිහිපදෙනෙක්ගේ ක්‍රියාවක්// ද? කියන ගැටලුව තියෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. ඔව්... හැබැයි මේක රුසියානු රජයේ වැඩක්මයි කියලා කියන්නත් බෑ...

      Delete
  3. සාර් රජ පවුල ඝාතන චෝදනාවෙන් ලෙනින් ඇතුළු රුසියානු රජයට නිදොස් වෙන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ලෙනින්ගේ රජයට මේ ගැන චෝදනා තියෙනවා තමා...

      Delete
  4. මිතිල, ඉතිහාසය ගැන ළොකු දැණුමක් මට නැහැ. ඉතින් මේ හැම ලිපියක්ම වටිනවා.

    ජයවේවා!!!

    ReplyDelete
  5. මෙහෙම කෑල්ලක් තිබෙනවා. ලෙනින් ගෙන් අහල තියනවා සාර් රජ පවුලට මොඅක්ද කරන්නේ කියල. රට වටේ යුද්ධ හා අනිකුත් ප්‍රශ්න නිසා ලෙනින් කල්පනා කරලා නැහැ. ඔහු කියල තියෙනවලු ඔවුන් බැනර් එකක් වෙන්න (විරුද්ධ පර්ශ්වයට) ඕනේ නැහැ කියල. කොලේ "ඉවරයක් කරමු පස්සේ " කියල ලියපු එකක් ඉවරයක් කරමු කියන කෑල්ල පෙන්වල වෙඩි තිබ්බ කියල කියන්නේ. මැරූ යට් දඬුවම් දීල නැහැ.
    http://www.telegraph.co.uk/news/worldnews/europe/russia/8264321/No-proof-Lenin-ordered-last-Tsars-murder.html

    ReplyDelete
    Replies
    1. ලෙනින් නියෝග කරා කියලා හරියටම තවම ඔප්පු වෙලා නෑ නේද...

      Delete
  6. The Killing of Romanovs
    In the night between the 16th and 17th of July 1918 the family of Russia's last Emperor, Nicolas II, was killed in Ekaterinburg (Shenkman, 2013). The killing of Romanovs denotes the vicious nature of the social upheavals in the post-revolutionary Russia. The executioners shot the Romanov family with extreme prejudice and they even killed the pet dog of young Alexei the Crown Prince.

    Following the abdication of Tsar Nicholas II, he and his wife, Alexandra, and their five children were eventually exiled to the city of Yekaterinburg. The family, along with four loyal members of their staff, was held captive by members of the Ural Soviet. According to historical reports, in the early morning hours of July 17, 1918 the entire family along with four loyal members of their staff was executed by a firing squad (Coble, 2009).
    The killing squad was led by two men named Yakov Yurovsky and Medvedev-Kudrin. Yakov Yurovsky claimed that he personally fired the bullet that killed the Czar Nicholas the II (Shenkman, 2013).
    In 1920 a British officer interviewed Yakov Yurovsky in Moscow. He reported that Yurovsky was remorseful over the killings of Romanovs. In the later years Yakov Yurovsky went in to seclusion. In his final days he wrote an appeal to Stalin when his daughter was arrested by the Stalin’s secret police. He pleaded Stalin to release her describing his dedication to the October Revolution. Distressed with loads of ruminations Yakov Yurovsky died of peptic ulcer in 1938.

    ReplyDelete
  7. මේ ඝාතන ගැන ලෙනින් දැන සිටි අතර ඔහු ඒවා අනුමත කලේය

    ReplyDelete
    Replies
    1. මමත් ඉස්සෙල්ල හිතන් හිටියේ එහමයි. නමුත් සෝවියට් දේශය බිඳ වැටුනට පස්සේ යෙල්ට්සින් බලයට ආවනේ. බ්‍රිතාන්‍ය රජ පවුල යෙල්ට්සින් ගෙන් ඉල්ලීමක් කලා හොයන්න කියල. මොකද රජ පවුල නෑදෑයෝ. ඔවුන්ට චෝදනාවක් තියනවා සාර් රජ පවුල ලෙනින් ට කියල බේරා ගත්තේ නැහැ කියල. නමුත් නිකොලස් සාර් මෙහෙ රජ අප්වුලට දන්වල තියෙන්නේ රුසියන් රජයෙන් ප්‍රශ්නයක් නැහැ කියල. ඔවුන්ට ඉතා සුළු පඩියක් සහ සේවකයන් සමග ඉන්න දීල තමයි ලෙනින් ඔවුන්ව යුරල් වලට යැව්වේ. මරන්න තිබුන නම් කෙලින්ම පෙත්රෝග්‍රඩ් වල මරන්න තිබුන. මෙහා රජය යෙල්ට්සින් සමග හෙව්වට් පස්සෙත් ඔවුන්ට ලෙනින් හෝ රජය එන දීපු බවක් හොයා ගන්න බැරි වුණා. මම හිතනවා මේක දෙර්ෂින්ස්කි ස්වෙර්ද්ලොව් එක්ක කල කුමන්ත්‍රණයක් කියල. මුර කරපු කේජිබි සොල්දාදුවෝ නේ මැරුවේ.

      Delete
    2. No proof Lenin ordered last Tsar's murder
      A long-running probe into the murders of the last Russian Tsar and his family has closed after failing to find evidence that Lenin ordered the killings, the chief investigator has said.
      No proof Lenin ordered last Tsar's murder

      Delete
    3. Nevertheless, Mr Solovyov said that he believed Lenin and Sverdlov were to blame, since they later endorsed the shooting and did not punish the killers.

      Delete
    4. ලෙනින් හා ට්‍රොට්ස්කිට විරුද්ධව පක්ෂය ඇතුලේ කුමන්ත්‍රණයක් තිබ්බ. ලෙනින් නිහඬව ඉන්න ඇත්තේ ඒකයි. එකට බන් නම් ලෙනින් ව අල්ලනවා රජ පවුල ආරක්ෂා කරනවා කියල. ලෙනින්ට වෙඩි තිබ්බේ 1918 අහෝස්තු 30. ස්ටාලි න් පිටි පස්සේ හිටිය කියල මම හිතන්නේ.

      Delete
    5. පස්වන ජෝර්ජ් රජ්ජුරුවොයි දෙවන නිකලස් සාර්ගෙයි මුහුණුවර එක වගේ... එකට තිබ්බම වෙනස හොයාගන්න බෑ... ඒකට හේතුව උනේ සාර්ගෙයි ජෝර්ජ්ගෙයි අම්මලා සහෝදරියෝ...

      Delete
  8. බල්ලන් පවා... චැප්ටර් ක්ලෝස්.යුද්ධය නරකයි කියන්නෙ ඒකයි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. යුද්ධය කොයි අතින් ගත්තත් නරකයි... ජය වේවා...

      Delete
  9. https://en.wikipedia.org/wiki/Romanov_impostors

    ReplyDelete
  10. ඕනෑම ඉතිහාසයක් ලියැවෙන්නේ ජයග්‍රාහකයාට සාපේෂවයි.
    මෙතැනදී ජයග්‍රාහකයා යනු සැම විටම යුද ජයග්‍රාහකයාම නොවෙයි.
    උදාහරණයක් හැටියට නැපෝලියන් යුරෝපය තුල අධිරාජ්‍ය ගොඩ නැඟීමට උත්සාහකර පරාජය වූවෙක්.
    නමුත් ඔහු නියෝජනය කලේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වයයි. ඔහුගේ ආක්‍රමණ නිසා ඉතාලි සහ ජර්මන් රාජ්‍යවල කතෝලික සංස්කෘතිය විනාශ වී යුදෙව් ක්‍රිස්තියානි ආධිපත්‍යය ඇතිවුනා. ඒ නිසා ඔහු යුද්ධයෙන් පැරදුනත් සංස්කෘතිකව ජයග්‍රාහකයෙක්.

    ReplyDelete
    Replies
    1. // ඕනෑම ඉතිහාසයක් ලියැවෙන්නේ ජයග්‍රාහකයාට සාපේෂවයි.// අනිවාර්යයෙන්ම ...

      Delete
  11. මම හිතුවෙ චිත්‍රපටි වල වගෙ ඇනස්ටාසියා කුමරිය ඇත්තටම ⁣beruna කියල

    ReplyDelete
  12. මන් දන්නෙ සාර් කෲර පාලකයෙක් විදියට...

    ReplyDelete
  13. නියමයි .. හුඟක් දේවල් ඉගෙන ගන්න පුලුවන්... ස්තූතියි මගේ බ්ලොග් එක පැත්තට ගොඩ වුනාට....මාත් ආවා මේ පැත්තට.. ^_^

    ReplyDelete
  14. 1. ලෝක ධනවාදය හමුවේ අවතාරයක් හොල්මන් කරයි: ඒ රුසියානු විප්ලවයේ අවතාරය යි.

    මෙම වසර, පෙබරවාරි විප්ලවයෙන් ඇරඹී ඔක්තෝබරයේ “ලොව හෙල්ලූ දස දවසින්” කූටප‍්‍රාප්තියට පැමිනි 1917 ලෝක-ඓතිහාසික සිදුවීම් දාමයෙහි -තාවකාලික ආන්ඩුව පෙරලා දමා ව්ලැඩිමීර් ලෙනින් හා ලියොන් ට්‍රොට්ස්කිගේ නායකත්වය යටතේ බොල්ශෙවික් පක්ෂය රුසියාව තුල දේශපාලන බලය අත්පත් කරගැනීමෙහි- ශත සංවත්සරය සලකුනු කරයි. මිලියන 150 ක ජනතාවක් සහිත රටක් තුල ධනවාදය පෙරලා දැමීම හා ඉතිහාසයේ පලමු කම්කරු රාජ්‍යය පිහිටුවීම විසි වැනි සියවසේ වැදගත් ම සිදුවීම විය. එය, යන්තම් 70 වසකට ප‍්‍රථම 1847දී කාල් මාක්ස් සහ ෆ්‍රෙඞ්රික් එංගල්ස් විසින් කොමියුනිස්ට් ප‍්‍රකාශනය තුල ප‍්‍රකාශයට පත් කරන ලද ඓතිහාසික ඉදිරිදර්ශනය භාවිතයේදී සනාථ කලේ ය.

    අවුරුද්දක කාලයක් තුල මිලියන සංඛ්‍යාත ගොවි ජනතාව තමන් වටා රැලි කරගත් රුසියානු කම්කරු පන්තියෙහි නැගිටීම, අර්ධ-වැඩවසම් පරමාධිකාරී රාජවංශයෙහි සියවස් ගනනක් පැවැති පාලනය අවසානයකට ගෙන ආවා පමනක් නො වේ. කම්කරු සභා (සෝවියට් සභා) මත පදනම් වූ ආන්ඩුවක් ස්ථාපිත කරමින් “සාර්ගේ සිට ලෙනින් දක්වා” රුසියාව පිනූ අසාමාන්‍ය පිම්ම, ධනවාදය හා අධිරාජ්‍යවාදය විසින් ලොව සෑම කොටසක ම පීඩාවට පත් කරනු ලැබූ කම්කරු පන්තියේත් පොදුජනයාගේත් විඤ්ඤානය ඉහල නැංවූ ලෝක සමාජවාදී විප්ලවයක ආරම්භය සලකුනු කලේ ය.

    පලමු ලෝක යුද්ධයේ භයංකර සංහාරය මැද පිපිර ගිය රුසියානු විප්ලවය, ධනවාදයෙන් ඔබ්බෙහි, සූරාකෑමෙන් හා යුද්ධයෙන් තොර ලෝකයක් නිර්මානය කිරීමේ හැකියාව සනාථ කලේ ය. 1917 හා ඉන් ඉක්බිති සිදුවීම්, ජාත්‍යන්තර කම්කරු පන්තියේ විඥානයට ගැඹුරින් කාවැදී, ලොව සිසාරා ශීඝ‍්‍රයෙන් පැතිර ගිය විසිවැනි සියවසේ විප්ලවවාදී අරගල සඳහා අත්‍යවශ්‍ය දේශපාලන ආවේශය සම්පාදනය කලේ ය. http://www.wsws.org/sinhala/2017/2017jan/pers-08j.html

    ReplyDelete