Friday, May 5, 2017

පුරාණ - නූතන ලාංකීය ජන සමාජ ස්ථරයේ නොබිඳෙන බැම්ම - කුල - 1 කොටස


 වර්තමානය වන විට එතරම් තදබලව නොපැවතුනද අතීත ලාංකීය ජන සමාජයේ උග්‍ර ලෙස මුල් බැසගත් අංගයකි කුල ක්‍රමය. මෙම ලිපි පෙළ මගින් ලාංකික කුල ක්‍රමය පිලිබඳ සාකච්ඡා කෙරේ.  මිනිසුන් කුල වලට බෙදුනේ වත් පොහොසත්කමින් නොවේ. ඔවුන් එසේ බෙදුනේ ලේ පරපුරෙනි. නොක්ස් පවසන අන්දමට ප්‍රධාන වශයෙන් මෙය කොටස් දෙකකට වෙන් කර දැක්විය හැකිය. එනම් කුලිනයෝ සහ කුල හීනයෝ ලෙසය. උසස් යැයි පිලිගත් කුල වල උදවිය පහත් යැයි පිලිගත් කුල වල උදවිය සමඟ කිසිදා එකට කෑම නොගත්තේය. උසස් කුල වල උදවිය උඩුකය ආවරණය කිරීමට කබායක් පැළදියද පහත් කුලවල උදවිය උඩුකය නිරාවරණය කරගෙන සිටිය යුතු විය. එමෙන්ම ඔවුන්ට උස් පුටු වල ඈඳිගැනීම තහනම් වීය. ඔවුන්ගේ ආසනය වූයේ මිටි පුටු සහ බිම එළන ලද පැදුරු ය.


 විවාහ ගැන සැලකීමේදී උසස් යැයි සම්මත කුල වල අය කිසිදා තමන්ට වඩා පහත් යැයි සම්මත කුල වල උදවිය සමඟ විවාහ නොවීය. විවාහ සිදුවූයේ එකම කුලයක අය සමඟය. එසේ නොමැතිව විවාහ වීම තමන්ට අගෞරවයක් බව එකල මිනිසුන් සලකන ලදි. දුටුගැමුණු රජතුමාගේ පුත්‍රයා වන සාලිය කුමරු ආලයෙන් බැඳුනේ සැඩොල් ස්ත්‍රියක් වන අශෝකමාලා සමඟය. මේ හේතුවෙන් සාලිය කුමරුට රජකම පවා අහිමි වුන බව කියයි. අඩු කුලයක පුද්ගලයෙක් කෙතරම් ධනය ලබාදුන්නත් උසස් කුලයක පුද්ගලයෙක් ඔවුන් හා විවාහ නොවීය. උසස් කුලයක කාන්තාවක් පහත් කුලයක පිරිමියෙක් සමඟ සංවාසයේ යෙදුනහොත් ඇයට හිමිවන්නේ නිසැක මරණයයි. මෙම සමාජයේ කාන්තාවකගේ පතිවත තම ජීවිතයට වඩා වටිනා බව පිලිගන්නා ලදි.

 කාන්තාවගේ තත්වය එසේ වුවත් , උසස් කුලයක පිරිමියෙක් පහත් කුලයක කාන්තාවක් සමඟ සංවාසයේ යෙදීම පිළිකුලට කාරණාවක් නොවීය. එහෙත් ඔවුන් ඇයව තමන්ගේ බිරිඳ ලෙස පවරාගෙන නිවසට කැඳවාගෙන එන්නේද නැත. එසේ වුවහොත් "දහම් පසක්නා" නම් නිලධාරීවරයා විසින් ඔහුට නිසැකයෙන්ම දඩුවම් කරයි. මෙම දඩුවම දඩයක් හෝ බන්ධනාගාරගත කිරීමක් විය හැකිය. විටෙක මේ දඩුවම් දෙකම ලබා දිය හැකිය. දඩුවම මෙයින් අවසන් නොවේ. බොහෝවිට එම පිරිමියාව , කාන්තාවගේ රැහැට එලවා දමයි. විවාහක ස්ත්‍රියක් වෙනත් පුර්ෂයෙකු සමඟ සිට අසුවුවහොත් එම පුද්ගලයා කෙතරම් උසස් වංශවත් පුද්ගලයෙක් වුවත් නිසැක මරණය ඔහුට හිමි වේ. කාන්තාවටද එම දඩුවම එලෙසම ලැබේ.


 කුල ක්‍රමයේ තවත් අතීතයට ගිය විට අපට අටලොස් කුල, දේවතා කුල හමුවේ. කුවේණිය අතහැර දැමූ විජය තම බිසෝ තනතුරට මධුරා පුරයෙන් කාන්තාවක් හා පරිවාර කාන්තාවන් විශාල ප්‍රමාණයක් ගෙන්වා ගත්තේය. ඒ සමඟම අටළොස් කුලවලට අයත් ශිල්පීය සමූහවලින් දහසක් දෙනාද මේ සමඟම ලක්දිවට පැමිණ ඇත. එම අටළොස් කුල නම් ; සරස්කුල, කුලිංගකුල, කපු කුල, බලත්කුල, පෙනෙරකුල, කුඹල් කුල, මල්කරු කුල, ඔසද වටු කුල, සන්නාලි කුල, අරක්කැමි කුල, කුඹුරු කුල, බෙරවා කුල, ස්වර්ණකාර කුල, වඩු කුල, සිත්තර කුල, ලෝකුරු කුල, සත්කරු කුල සහ උයන් ගොවි කුල.

  ශ්‍රී මහා බෝධීන්වහන්සේගේ ආවතේව කටයුතු සඳහා දේවතා කුල දහ අටක්ද ක්ෂත්‍රීය සිටු බ්‍රහ්මන, කුටුම්භික, වාණිජ , ධනුග්ගහ, තරච්ඡ, කුලිංග, බලත්ථ, පේසකාර, කුම්භකාර, මාලාකාර, සිබ්බක, සූදක, ගන්ධකාර, කම්මාර, ලෝහකාර, සුවණ්නකර, වඩ්ඩති, චිත්තකාර, අතොජ්ජවාදක, ජත්තකාර, උද්‍යානපාලක යන කාර්මික කුල වලින් අට දෙනා බැගින් ලංකාවට පැමිණි බව සදාන් වේ. මේ අය පොදුවේ හඳුන්වා ඇත්තේ බෝධාහාර කුල යනුවෙනි.

 සිංහල කුල ක්‍රමය ගත් විට ප්‍රධාන වශයෙන් කුල 15ක් දැකගත හැකියි. මීට අමතරව කුඩා අප්‍රසිද්ධ කුල තිබිය හැක. සිංහල කුල ක්‍රමයේ විශාලතම කුලය ගොවි කුලයයි. කරාව , සලාගම, දුරාව සහ හුණු කුල අයත් වන්නේ පහතරට කුල වලටය. මේවා බහුලව පහතරට ව්‍යාප්තව ඇත. ඉහල කුලවලට සේවය කිරීමට බැඳී සිටි කුල සේවා කුල ලෙස හැදින්වේ. ආචාරී, නවන්දන්න, හේන/රදා, වහුම්පුර, කුඹල්, දුර, නැකති, බත්ගම කුල මෙයට අයත් වේ. ඉඩම් භුක්තිය උදෙසා සේවය කිරීමට මොවුන් බැඳී සිටියහ. මෙයින් වැඩවසම් ක්‍රමයේ ලක්ෂණ පෙන්වයි. එමෙන්ම තම ශිල්පීය දැනුම රැක ගැනීමටද මොවුන් බැඳී සිටියහ. කින්නර , ගහල සහ රොඩී කුල අයත් වන්නේ සමාජයෙන් කොන් වූ කුල යටතටය. මේ එක එකක් පිළිඹඳව සාකච්ඡා කිරීමට මෙම ලිපි මාලාවෙන් බලාපොරොත්තු වේ.


 සමාජයෙන් කොන් වීමට ලක්වූ කුලයක් වන රොඩී කුලයට එසේ වීමට හේතුව සොයා බැලීම වටී. රොබට් නොක්ස් පවසන ආකාරයට එය මෙසේ සිදුවිය. අතීතයේ රොඩියන් යනු රජුට දඩමස් සැපයූ වැද්දෝය. දඩමස් නොලැබුනු එක්තරා දවසක මොවුන් රජුට මිනී මස් ගෙනැවිත් දුන්නේය. රජු මේ මිනී මස් බව නොදැන එය භුක්තිවිඳ එහි රසවැටී එම මස්ම නැවත ගෙන එන ලෙස රොඩියන්ට පැවසුවේය. එනමුත් රජුගේ කපුවාට මෙම මසෙහි රහස දැනගන්නට ලැබුණි. ඔහු එකෙනෙහිම මේ පිලිබදව රජතුමාට රහසින් කීවේය. මෙය ඇසූ රජතුමා මහත් කෝපයට පත්විය. " මරණ දණ්ඩනය වූ කලී වරද කරුවන්ට පමුණුවනු ලබන දණ්ඩනයයි. මොවුන් මට කල නින්දාවට එම දඩුවම ප්‍රමාණවත් නොවේ." යැයි කල්පනා කර රජු මෙසේ අණක් නිකුත් කලේය. " මස් වැදි ගනයට අයත් සෑම කෙනෙක්ම , ලොකු කුඩා හැම කෙනෙක්ම ගමෙන් බැහැරට ගොස් වාසය කල යුතුය. කිසිම මංගල උත්සවයකට හෝ කිසිදු උත්සවයකට නොපැමිණිය යුතුය. තවද ඔවුන්ගේ ජීවිකාව පිණිස ඔවුන් විසින් කිසිදු වැඩක් නොකල යුතුය. ජීවිකාව පිණිස සෑම කෙනෙක්ම ගෙයක් ගෙයක් පාසා සිඟා කෑ යුතුය. හැම රටවැසියෙකුගේම පිළිකුලට හා ජුගුප්සාවට පාත්‍ර විය යුතුය."


රොඩියන්

  මේ අනුව රාජ නියෝගය ලෙස මහජනතාව මොවුන්ව සමාජයෙන් එලවන ලදි. මොවුන්ට ලිඳකින් ජලය පානය කිරීමටවත් අවසර නොවීය. ඔවුන් ජලය පානය කල යුත්තේ ගඟකින් හෝ ජල වළකිනි. සාමාන්‍ය ජනතාව උසස් පැලැන්තියේ අයවලුන්ට ගෞරව බුහුමන් දක්වමින් සලකති. ආමන්ත්‍රණය කරති. රොඩියන් සාමාන්‍ය ජනතාවට ගෞරව කරන්නේ උක්ත කී ආකාරයටමය. රොඩියන්ගේ කාන්තා පාර්ෂවයටද සිඟා කෑම උරුම විය. මොවුන් සිඟා කෑමට ගමකට පැමිණ් විට. රොඩි පිරිමි බෙර ගසනා විට රොඩි කාන්තාවන් නටයි. විජ්ජා පෙන්වයි. බෝල නමයක් උඩදමා බෝල හතක් උඩ තිබෙන පරිදි ඉක්මනින් අල්ලති.

 මෙම රොඩී ජනතාව සාමාන්‍ය ජනතාවට හාමුදුරුවනේ, දෙයියන්නාන්සේ, තමුන්නාන්සේ යැයි ආමන්ත්‍රණය කරයි. මොවුන් හිඟමනේ යාම අනිවාර්යයෙන්ම සිදු කල යුතු විය. කෑමට බීමට ආහාර පාන හා මිල මුදල් තිබුනද හිඟමන් යැදිය යුතු විය. මොවුන් වාසය කරන්නේ ගමෙන් ඉතා ඈත පිහිටි පැල්පත්වල , මාර්ගවල හා ගස් යටය. රජ්ජුරුවන් විසින් මෙම හිඟන ජන කොටසට ජීවත්වීම සඳහා වෙනමම ඉඩම් කොටසක් වෙන් කර ඇති බව නොක්ස් වැඩිදුරටත් පවසයි. ඔහු පවසන අන්දමට රොඩියන්ට එහි වගා කල හැක. එමෙන්ම මොවුන්ගේ දරුවන් දෙමව්පියන් සමඟ ජීවත්වන්නේ නැත. ලේ නෑයන් එකට ජීවත්වීම මොවුන්ට නුපුරුදු කාර්යයකි.


 විවිධ අපරාධ උදෙසා දෙන දඩුවමකි රොඩී රැහැට පලවා හැරීම. පුද්ගලයෙක්ට දඬුවමක් ලෙස හිස ගසා දැමූ විට එම පුද්ගලයාගේ පවුලේ සියලු දෙනාවම රොඩී රැහැට පලවා හරියි. රොඩී රැහැට පලවා හරිනවාට වඩා මරණය සැපතක් බව එකල මිනිසුන් සිතුවේය. මේ සියලු දේට මුල පෙර කී කපුවා බැවින් රොඩියන් කපුවන්ගේ නිවෙස් වල පිහින කිසිදු ආහාරයක් අනුභව කරන්නේ නැති බව නොක්ස් පවසයි. 

 රොඩී රැහැක නායකයා රත්නවල්ලි ලෙස හදුන්වන අතර රත්නවල්ලි යනු පරාක්‍රමභාහු රජුගේ දියණියක් බව මත පල කර ඇත. මෙම කුලයේ පිරිමින්ට රැවුල වවන්නට අවසර තිබුනේ නැත. මහාචාර්ය විල්හෙල්ම් ස්මිත් මහතා පවසන පරිදි රොඩී භාෂාව වැදි භාෂාවට නෑකම් කියයි. එමගින් පෙර කී කතාවේ සත්‍යතාවයක් ඇති බව ගම්‍ය වේ. රත්නවල්ලි කවි පිලිබඳ කෙටියෙන් පැවසීම පාඨකයාට කරන අසාධාරණයක් වන බැවින් ඒ පිලිබඳව විස්තරයක් ඊලඟ කොටසෙහි ඇතුලත් කරන්නම්. 

මූලාශ්‍ර :

1) එදා හෙළදිව - රොබට් නොක්ස්

2) ලක්දිව පුරාණ ඇදුම් ආයිත්තම් - සුරනිමල තෙන්නකෝන්

3) ලංකාවේ කර්මාන්ත පුරාණය - ජී. එම්. සේනාරත්න

4) http://www.divaina.com/2010/07/04/siya09.html

5) http://www.aniwa.lk/2017/02/28/1702271-castes-in-sl/

6) https://si.m.wikipedia.org/wiki/කුලය_-_සිංහල_සම්ප්‍රදායික

මේවටත් උත්තර දෙමු එහෙනන්...

1) මේ පින්තූරෙ දිහා හොඳට බලලා කියන්න මේකෙ ඉන්න අය කව්ද කියලා...


2) අපි නිතරම භාවිතා කරන වචනයක් තමා කෙංගෙඩිය... හරි වචනය තමා කෙම්ගෙඩිය... මොකක්ද මේ කෙම්ගෙඩිය කියන්නේ...

3) යකඩ කිලෝ එකද වැඩියෙන් බර පුලුන් කිලෝ එකද වැඩියෙන් බර? [ ගොං ප්‍රශ්නයක් නෙමේ හොදේ... හොදට හිතන්න... ]

ප.ලි. : උඩින්ම තිබෙන ඡායාරූප අසභ්‍යයි, සංස්කෘතිය කෙලසීමක් ලෙස යමෙකු දුටුවහොත් වරද ඇත්තේ ඡායාරූපයේ නොව නරඹන්නාගේ මනස තුල බව වටහා ගන්න.


88 comments:

  1. සවිස්තරාත්මක විග්‍රහයක්... හරිම අපූරුයි. ජයවේවා මල්ලි

    ReplyDelete
    Replies
    1. මචං හඟරන් කියල කුලයක් තියෙනවද

      Delete
  2. ලෙයින් මසින් සරිවීලා මෙලොව උපන් මිනිස්සූ
    දිනෙන් දිනේ කුලය නිසා කොටස් බෙදුණු මිනිස්සූ
    ඉතින් තවත් මේ පසු පස පන්නා යන මිනිස්සූ
    හදින් කුලය ගරු කරනා හිඳියි තවත් මිනිස්සූ....

    හොඳ ලිපියක්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුමී... විශේෂයෙන් ස්තූතිවන්ත වෙන්න ඕනෙ ලිපියෙ නම හදලා දුන්නට... ජයවේවා ...

      Delete
    2. ඒක සුළුදෙයක්. මේ වගේ වටිනා ලිපියක් වෙණුවෙන් එවැනි දෙයක් කිරීමට ලැබීමත් සතුටක්.

      ජයවේවා!!!

      Delete
    3. ලස්සන කවියක්

      Delete
  3. කෙම්ගෙඩිය කියන්නෙ නම් අර මාළු අල්ලන දැල් ගොට්ට වගේ සීන් එක නේද?
    අදටත් කුල සීන් එක නම් යටින් යනවා.යම් යම් තනතුරු වලට පත්කිරීම් සිදු කරනකොට එහෙමත් ඔව්ව ඇදිල එනවා.පාර්ලිමේන්තුවේ විශේෂයෙන්.
    මචෝ.. දැන් ලංකාවෙ තදටම තාමත් දෙමළ සමාජයේ කුලබේධය තියනවානෙ.ඉඩක් ලැබෙන විදිහට ඒ ගැනත් ලියමුද?
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මාළු අල්ලන ගොට්ටට නෙමේ ගස්... දේශපාලනයේත් යටින් යටින් මේවා තියෙනවා තමා... දෙමළ අයගේ සාපේක්ෂව තරමක් වැඩියි මේ ගැන හොයන එක... ඒත් හැමෝම එහෙමයි කියන්න බෑ... ජයවේවා...

      Delete
    2. මාළු අල්ලන ගොට්ට වගේ එකට කියන්නේ කෙමන කියලා.

      Delete
    3. මාලු අල්ලන එක කරක් ගෙඩිය.... කරක්ගහනවා කියන්නේ ඒ මගින් මාලු ඇල්ලීම....

      Delete
    4. ගොට්ට වගේ එකට කොයන්නේ කෙමන කියලා... කරක් ගෙඩිය කියන්නේ නෑඹිලිය වගේ එකක්... මේක මාළු අල්ලන ක්‍රම දෙකක්... දැන්නන් මේ ක්‍රම භාවිතා වෙනවා අඩුයි...

      https://www.google.lk/url?sa=t&source=web&rct=j&url=http://www.e-thaksalawa.moe.gov.lk/moodle/pluginfile.php/22009/mod_resource/content/1/SG11_Fis_cha1.pdf&ved=0ahUKEwivo565s-XTAhXGuo8KHcPxCdEQFggwMAY&usg=AFQjCNEQBgtWIUkLF3lbbLEN4ldLYxzCag&sig2=mFl6_dflBgAUhHcsiP2zvQ

      Delete
  4. මම කලින් ලිපියටත් කොමෙන්ට් එකක් දාලා කීවා ලංකාවේ කුල බේදය ගැන ලිපි පෙළක් ලියන්න කියලා. ගොඩක් ස්තුතියි අයියේ මේ ගැන ලිපියක් පල කරාට. මාත් මේ ගැන අධ්‍යනයක් කරනවා මේ ගැන විශ්ව විද්‍යාලයේ නිබන්ධනයක් සදහා. මේ ගැන අධ්‍යනය කරද්දී හොයාගත්තක් කරුණු නම් තිගැස්සෙන සුළුයි.

    දැනට උනත් ලංකාවේ කුල බේදය තදින් තියෙනවා. සමහරු කියනවා එහෙම නැහැ කියලා. ඒක ඇත්ත නෙමෙයි. සති අන්ත පත්තරයක මංගල දැන්වීම් තිරය බැලුවා නං මේක පෙනෙයි.

    මම අපේ මහාචාර්යවරයෙක් හමු උනා මේ ගැන කරුණු විමසන්න. ඔහු කීවා අමුතුම දෙයක්. මිනිස්සුන්ගේ කුලය අනුව අපරාධ සදහා හොමු වීමේ සම්භාවිතාවක් තියෙනවා කියලා. ඔහු කීවා පුවත්පත් වල අපරාධ සම්බන්ධ පුවත් කියවා, ඒවාට සදහන් උදවියගේ නම් වාසගම් සලකා බලන්න කියල. ඒ ගැන මාත් හොයමින් යන්නේ. ගොඩක් වෙලාවට සමාජයේ අඩු කුල වල යැයි සම්මත අය අපරාධ සදහා යොමු වෙනවා වැඩිද? දිර්ඝ කාලයක් සමාජයේ තැලිලා පොඩිවෙලා හිටපු ආවේගයද එහෙම පිටවෙන්නේ? මගේ මහාචාර්යවරයා කීවා ඒ ගැන අධ්‍යනය කරන්න කියලා.

    මෙම ලිපිය ප්‍රින්ට් අවුට් එකක් ගත්තා. ගොඩක් ස්තුතියි ජයාරූපද සමග ලිපිය පල කිරීම ගැන අයියේ.

    ReplyDelete
    Replies
    1. කුලය කියන්නේ මිනිසා විසින් හදාගත්ත දෙයක්... අඩු කුලේ අය අපරාධ කරන්න වෙන පෙළඹීම වැඩියි කියලා හිතන්න ටිකක් අමාරුයි... ඒත් ඒක ගැන හොයන එක වටිනවා... මමත් විස්තර හොයන්නම්... කුල ගැන හොයද්දි තව විස්තර ලැබුනා... ඉදිරි ලිපි වලදී ඒවා පලකරන්නම්... ලංකාව තුල කුල ක්‍රමය ගැන තමා මම ලියන්න හිතුවේ... මං හිතනවා ඔයාගේ නිබන්ධනයටත් ඕන කරන්නේ ලංකාව තුල ක්‍රමය කියලා... එහෙම නැත්තන් මේ කුල ක්‍රමය ලොකු වපසරියක පැතිරෙනවා... ඉන්දියාවේ හින්දු කුල ක්‍රමය ගැන වෙනමම කතා කරන්න ඕනෙ එතකොට... ලංකාවට  සාපේක්ෂව ඉන්දියාවේ නම් කුල ක්‍රමය අද  ගොඩක් පැතිරිලා තියෙනවා... අද කුල ක්‍රමය පදනම් කරගෙන රස්සා පවා දෙනවා...

      Delete
    2. මාත් මගේ මහාචාර්යතුමාට කිවේ අඩුකුලයේ අය අපරාධ සදහා වැඩිපුර යොමුවෙනවා කියන එක මටත් පිළිගන්න අමාරු කියලයි. එවිටයි ඔහු කිවේ දිනපතා පුවත් පත් වල සදහන් අපරාධ සහ ඒවා කෙරු අයගේ නම් ගම් විමසා බලන ලෙස. මම ජාතික ලේඛනාගාරයට ගොසින් පසුගිය පුවත් පත් වල මෙවැනි පුවත් සොයා බැලුවා. හොයලා බලනකොට මහාචාර්යවරයා කි දේ සත්‍යයතාවක් ඇති බව තේරුනා. කොහොම උනත් මේ ගැන අධ්‍යනයන් කිරීම නම් වටිනවා. විශ්ව විද්‍යාලය, පොලීසය, අධිකරණ සහ බන්ධනාගාර අමත්‍යාංශය එක්ව මෙවැනි අධ්‍යනයක් සිදුකොට වාර්තාවක්‌ පලකලොත් එය ලංකා සමාජය දෙදුරුම් කන පුවතක් වේවි.

      (ලංකාවේ කුල ක්‍රමය ගැන අපි අධ්‍යනය කරන්නේ අයියේ)

      Delete
    3. ඔයාගේ අධ්‍යනයට සුබ පතනවා සාර්ථකව කරගන්න ලැබේවා කියලා... ඒත් එක්කම මට පුලුවන් හැම විදිහකින්ම ඒකට උදව් කරන්නම්...

      Delete
    4. den oya adu kule kiyanne govi kulayada

      Delete
    5. අඩුකුලේ අය හා අපරාධ කතාව සත්‍යයක්. අපි කලකට පෙර යම් අධ්‍යනයක් කලා. ප්‍රතිඵල විශ්මිතයි.මේ අධ්‍යනය කරන කෙනා ෆේස් බුක් එන්න. කැමතියි කතා බහ කරන්න.ෆේස්බුක් එකේ සුබෝධ සෙනෙවිරත්න කියල සර්ච් කරන්න.

      Delete
    6. ඒ කතාව පිලිගත නොහැක ලංකාවෙ නම් ගිය අපරාධ කාරයො වැඩි දෙනෙක් ගොයිගම කුලයේ

      Delete
  5. හොඳ මාතෘකාවක්, හොඳ ලිපියක්. මේ 1 වන කොටස නිසා ඉදිරියට හොඳින් කරුණු පෙළගස්වා ලියන්නට අදහසක් තිබෙන බව බව පේනවා. මහනුවර යුගයේ කුල ක්‍රමය ගැන ආනන්ද කුමාරස්වාමි මහතාගේ මධ්‍ය කාලින සිංහල කලා, රැල්ෆ් පිරිස් මහතාගේ සිංහල සමාජ සංවිධානය (මහනුවර යුගය) ඩේවි දුටු ලංකාව (මේ පොත් තුනම පරිවර්තනය කර තිබෙන්නේ මා දන්නා තරමින්, ඇල්ලේපොල H .M .සෝමරත්න මහතා) ආදී පොත් වල තියෙනවා.

    කුල භේදය ගැන නොසලකා හරින්නට උත්සාහ ගත්තත් සමහරු තමන්ගේ කුලය අතහරින්නට කැමති නෑ. මාදන්නවා සමහර කුල වල අය ඥාති සංගම් හදාගෙන ඉන්නවා. ඒ අය කාලීනව මුණ ගැහෙනවා. නඩු හබ විසඳ ගන්නවා. බොහෝ වෙලාවට චන්දය දෙන්නේ පවා මේ රැස්වීම වලදී තීරණය කරන තමන්ගේ කුලයේ අපේක්ෂකයාට.

    ප්‍රශ්න වලට උත්තර - 1 මේක දැකල පුරුදුයි. මගේ මතකය හරිනම් මේක ඩොමිනික් ඉන්ග්රෙස් ගේ චිත්‍රයක්. තියෙන්නේ ප්‍රංශයේ Louvre කෞතුකාගාරයේ. මේකේ වැදගත් අය ගොඩක් ඉන්නවා. ඔය ඔටුන්න දාන්නේ හෝමර්ට. (මෙහි ඇති ආගමික පසුබිම ගැන නොදනිමි) ලේඛකයෝ, කලාකරුවෝ, සංගීතඥයෝ, දේශපාලනඥයෝ ආදීන් ගොඩක් මේකෙ ඉන්නවා.

    2. කෙම් ගෙඩිය කියන්නේ ගවයන්ගේ රෝග වලට නොයෙක් බෙහෙත් වර්ග දමා ගවයන්ගේ බෙල්ලේ එල්ලීමට සාදාගන්න පොට්ටෙනිය. එකට දමන බෙහෙත් වර්ග රහසක්. එකයි අපි මොන කෙං ගෙඩියක්වත් නොදන්නේ.

    ReplyDelete
    Replies
    1. ආනන්ද කුමාරස්වාමි මහතාගේ මධ්‍ය කාලීන සිංහල කලා පොත අහලා තිබ්බට කියවලා තිබ්බේ නෑ... හැකි ඉක්මනින් අරගෙන කියවන්න ඕනේ... පලවෙනි ප්‍රශ්න දෙකටම උත්තරේ හරි... හරකුන්ගේ කුරලෙඩ වලට තමා මේ පොට්ටනිය බදින්නේ... උදේ පාන්දරම කාත් එක්කවත් කතා නොකර තමා මේ වැඩේ කරන්නේ... කොහොමත් කෙමක් කරද්දි කාත් එක්කවත් කතා කරන්නෑනෙ...

      Delete
  6. ලංකාවේ විවාහය, දේශපාලනය වගේ දේවල් වලදී කුලය කියන සාධකය තදටම බලපානවා. ඇතැම් විට රැකියා වලදී පාසල් වලදී පවා මේක බලපානවා.

    මම පාසල් ගියේ උඩරට පැත්තක. එහෙ ගොඩක් හිටියේ වාසගම 'මුදියන්සේලාගේ ' කියලා එන අය. ඒ කියන්නේ සිංහල බෞද්ධ, උඩරට, ගොවිගම. ලංකාවේ උසස්ම කුලවත් කොට්ඨාශයක්. මගේ මව සහ පියාත් නුවර. හැබයි මගේ වාසගම මුදියන්සේලාගේ නෙමෙයි. ඊට සමානව එන වෙනත් කුලයක්. උඩරට, බොදු,ගොවිගමම තමයි. ඒත් මගේ නමේ වාසගම කෙටියෙන් ලියද්දි M අකුරක් එන්නේ නැහැ. උදාහරණක් විදියට කුලවත් පරම්පරාවක අයෙක් විදියට ගණන් ගන්නා තෙන්නකෝන් මුදියන්සේලාගේ නිමල් තෙන්නකෝන් කියන නම කෙටියෙන් ලියන්නේ T.M නිමල් තෙන්නකෝන් ලෙස. තව නමක් බලමු ඒ වගේ රත්නායක මුදියන්සේලාගේ කමල් රත්නායක යන්න. මේක ලියන්නේ R.M කමල් රත්නායක කියලා.

    ඉතින් මගේ නමේ වසගමේ මුදියන්සේලාගේ කියලා නැති නිසා මම නම ලියන්නේ වෙනින් විදියකට. උදාහරණයක් විදියට R.A කමල් රත්නායක. ඉතින් ඔය නිසා එහෙ හිටපු ඇතැම් ගුරුවරු මගේ නම කියවද්දී නිකන් නොරිස්සුම් සහගත ලෙස කියෙව්වේ ඇතැම් විට. දවසක් එක් මැඩම් කෙනෙක් මගේ මුනටම ඇහැව්වා මොකක්ද මේ කෙටියෙන් ලියලා තියෙන වාසගම කියලා. පස්සේ මං විස්තරේ කිව්වම පස්සේ අවුලක් නැහැ. දැනගත්තා මාත් උඩරට ගොවිගම කියලා.

    ඉතින් මං පස්සේ කාලෙක ඉස්කෝලෙ අවුට් උනාම පස්සේ අපේ මාමා කෙනෙක් හම්බුනා. එයාගේ වාසගම මුදියන්සේලාගේ කියලා එන්නේ. එයා ගුරුවරයෙක්. එයා දවසක් මාත් එක්ක කිව්වා පන්තියේ ළමුන්ගේ නම් ලකුණු කරද්දී අඩු කුලයේ අයගේ වාසගම් සහිත නම් කියද්දී එයාගේ හිතට අවඥඥා සහගත හැගීමක් එනවා කියලා.

    මයිත්‍රී ජනාධිපතිතුමා පසුගියදා රෙගුලාසි නිකුත් කරා නේද අවශ්‍ය අයට වාසගම වෙනුවට එය කෙටි කර භාවිතා කිරීමට? එසේ කලෙත් මෙවනි දෑ නිසයි.

    ලංකාවේ දේශපාලනයේ දකුණු පළාතේ කුල බේදය තදින්ම තියෙනවා. පක්ෂ වලින් අපේක්ෂකයන් පවා යොමු කරන්නේ ඒ අයගේ කුලය සලකා බලයි. ජනතාව ජන්දේ දෙන්නත් එහෙමයි. සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරනයට ඉල්ලද්දී ජන්දේ අත ලග තියෙද්දී අම්බලන්ගොඩ ගමේ ගිහිං ඔරු පැද්දා. එහෙම කලේ ඇයි කියලා හොයලා බලන්නකෝ පුළුවන් නම්.

    ReplyDelete
    Replies
    1. ඒ වගේම මම අද තමයිමේ බ්ලොග් අඩවියට ආවේ ඉස්සෙල්ලම. ගොඩක් හොද ලිපි තියෙනවා මේකේ. විචාරක මහතාගේ බ්ලොග් අඩවිය වගේ ගොඩක් මහන්සි වෙලා පින්තුර,කරුණු හොයලා ලිපි ලියනවා කියලා පේනවා. ගොඩක් හොදයි. බ්ලොග් එක ටිකක් ලෝඩ් වෙන්න නම් වෙලා යනවා වගේ. මොකක් හරි ගැජට් එකක් රන් වෙනවද කොහෙද. ඒක පොඩ්ඩක් හොයලා බලන්නකෝ. කොහොම උනත් මහන්සි වෙලා කරුණු හොයලා දැනුම බෙදා දෙන නම් ඉතාම අගය කරනවා. අනික් ලිපිත් කියවන ගමන් ඉන්නේ. පසුව කොමෙන්ට් දාන්නම් ඒවටත්.

      ස්තුතියි.

      Delete
    2. බොහොම ස්තූතියි බ්ලොග් අඩවියට ගොඩ වුනාට... විචාගෙන් තමා වැඩිමනක් දේවල් ඉගෙනගත්තේ... ලෝඩ් වෙන ප්‍රශ්නෙ තාම තියෙනවා වගේ... ඒ ගැන හොයලා හදන්නන්...

      සරත් ෆොන්සේකාගේ කතාවනන් පත්තරේක කියෙව්වා... එයාගෙ උපන් ගමනේ අම්බලන්ගොඩ... ඔරු පැදලා මිනිස්සුත් එක්ක යසට හිනා වෙලා කතාබහ කරලා තියෙනවා... ඒත් එක්කම කට කතාවක් පැතිරිලා තියෙනවා අම්බලන්ගොඩ ඡන්ද සේරම ෆොන්සේකාගේ කියලා... ඔය කාලෙ දකුණෙ මහ ඇමති ශාන් විජේලාල්... මෙයා අම්බලන්ගොඩ මිනිස්සුන්ව එකතු කරලා රැස්වීම් එහෙම තිබ්බා මේ කටකතාව නිසා... එතකොට මිනිස්සු කියලා තියෙනවා එයා අපිත් එක්ක හිනා වෙලා කතා කරේ අවු. 40 කට පස්සේ... ඒත් ඔයා ඉස්සර ඉදන්ම අපිත් එක්ක හිටපු කෙනානෙ කියලා...

      Delete
  7. යකඩ කිලෝ එකයි පුලුන් කිලෝ එකයි එකම බර නේ

    ReplyDelete
  8. ඈත සිටන් එන්න සෙල්ලි සෙල්ලියේ
    මෑත සිටන් එන්නෙ මෙල්ලි මෙල්ලියේ
    කරේ බැන්ද පවලන් වැල නොසෙල්ලියේ
    පැරකුම් රජුගෙ දුව නවරත්න වල්ලියේ

    ReplyDelete
    Replies
    1. පවලන් වැල කියන්නේ මොකක්ද?

      Delete
    2. @ Trisha ඔය කවි ගැන ඊළඟ කොටහේ දාන්නම්...

      Delete
  9. ලිපිය නියමයි . ඊළඟ කොටස එනකම් බලාගෙන ඉන්නවා.

    ReplyDelete
  10. රොඩියන්ට මෙහෙම වෙන්න හේතුව ඇහුවෙ අද. ස්තූතියි ඔයාට.

    ReplyDelete
  11. කුල ක්‍රමය හදාරන්නේ නම් ලංකාවේ පළමු අගමැති වූ ඩී එස් සේනානායන පරපුර පැවැත එන මීරිගම බෝතලේ ගම්මානයත් අධ්‍යයනයට ගන්න. කුල ක්‍රමයේ කුල 18ම වෙසෙන ගමක් ඓතිහාසික කතා පුවතක් රැගත් ගම්මානයක්. එෆ් ආර් සේනානායක වත වැනි පොත පතද කියවා බලන්න.
    මේ අගනා උත්සාහය අගයමි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නලින් සහෝ ඔත්තුවට... මම බෝතලේ ගම්මානය ගැනත් හොයලා ඉදිරි කොටස් වලට එකතු කරන්නම්...

      Delete
  12. තාමත් ඕකෙ කෙළවරක් නෑ,, කුල ක්‍රමය ඇත්තටම මනුෂ්‍යත්වයෙ ප්‍රාථමික අවස්ථාවක් ....

    Kohoma gattat kilo aka kili aka mane😂

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම ....

      එකම බර කියලද හිතන්නේ... බලමු බලමු කවුරුහරි වෙන උත්තරයක් දෙයිද කියලා...

      Delete
  13. හැදෑරීමක් සහිතව සම්පාදනය වුනු හොඳ ලිපියක්.
    පෞද්ගලිකව කුල සම්ප්‍රදාය ගැන මගේ දැනුම ඉතාම අල්පයි. ඒ වගේම මම මේ ගැන කිසිදා සොයන්න වෙහෙසුනෙත් සැලකීමක් දැක්වූවෙත් නැහැ.
    මේක බැලුවිට හිතෙන්නේ අපේ කුල ක්‍රමය ඉන්දියාවේ කුල ක්‍රමයටත් වඩා සංකීර්ණයි කියලා.
    ඔබේ ඉදිරි ලිපිත් කියවලා බලමු.

    ReplyDelete
    Replies
    1. ඉන්දියාවේ හින්දු කුල ක්‍රමයයි සිංහල කුල ක්‍රමයයි තරමක් වෙනස්... ඉන්දියාවේ නන් තවමත් දරුණුවට මේක තියෙනවා...

      Delete
  14. මටනම් පේන්නෙ ලංකාවේ කුළ ක්‍රමය අභාවයට යමින් තියෙන්නේ. මේ වනවිටත් ඒක අන්තුම ඇනය වදින තැනටම ඇවිලා කියලා හිතෙනවා.. විවාහයකදී කුළ මළ ගැන හොයන මිනිස්සු දැන් ඇත්තේම නැති තරම්..කාළකන්නි බෙදිම් ඔක්කොම කෙළවිලාම යන එක හොඳයි..ආගම් කියලා ඔල්වේ පටවන් ඉන්න විෂ භීජත් නැතිවෙලා ගියොත් හොඳා. එදාට රට නැගිටියි...

    ඔය අහන ප්‍රශ්ණ වලට උත්තර දෙන්නේ කව්ද ? කවදද ?

    ReplyDelete
    Replies
    1. පත්තරේක බැලුවොත් කුල ගැන ගොඩක් අවස්ථාවල සදහන් කරනවා... ඒත් ප්‍රායෝගිකව එහෙම කුල බලනවා කියලා මමනන් හිතන්නෑ... යට දාලා තියෙන ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනේ ලිපිය කියවන අය... පොඩි වෙනසකටත් එක්ක මෙහෙම කරන්නේ... හරි උත්තර ලැබුනෙ නැත්තන් පෝස්ට් එක දාලා දවස් දෙකකින් මමම හරි උත්තර කමෙන්ට් කරනවා... ස්තූතියි සෙන්නා බ්ලොග් එකට ගොඩවුනාට...

      Delete
    2. // ආගම් කියලා ඔල්වේ පටවන් ඉන්න විෂ භීජත් නැතිවෙලා ගියොත් හොඳා//



       අද මිනිස්සු ආගම් අදහන්නේ අමුම අමු අන්තවාදි විදිහට... මමනන් හැම ආගමකින්ම ගන්න ඕනෙ දේ අරගෙන අනවශ්‍ය දේවල් අහක් කරනවා... අනික අද ආගම් කියලා උගන්නන්නේ කිව්වත් වගේම විෂබීජ...

      Delete
  15. ඉතාම හොඳ උත්සාහයක් මිථිල මෙහි දැක්වෙන ලංකාවේ කුල වර්ගීකරන වගු සටහන තවදුරටත් ගවේශනයට යොමුකර සම්පූර්ණ කළ යුතු බව පෙනීයනවා. මේ සඳහා පුරාණ ගම්වල ක්ෂේත්‍රඅධ්‍යයනයක් කිරීම සහ ඒ ඒ කුලයන් විසින් සංවර්ධනය කරගෙන ඇති සාම්ප්‍රදායික දැනුම් පිළිබඳ සෙවීමද වැදගත් වෙනවා. 19අග /20 මුල් සියවස් භාගවල මෙවැනි උත්සාහයක යෙදුන ආනන්ද කුමාරස්වාමි වැනි විද්වතුන්ගේ දැඩි හිඟයක් පවතිනවා. ඔබ ඇතුළු අනෙකුත් විද්වතුන්ගේ අවධානය මේ යෝජනාව සම්බන්ධව යොමු වේවා

    ReplyDelete
    Replies
    1. කුල නිසා ඒ ඒ කුල වලට අයත් සාම්ප්‍රදායික දැනුම රැකුණා... මේ දේවල් ගැන ශ්‍රී ලංකාවේ කර්මාන්ත පුරාණය පොතේ ලස්සනට ලියවිලා තියෙනවා...

      Delete
  16. මගේ පියා කුලබේදය විශ්වාස කරන කෙනෙක්.
    ඔහු හිතන්නේ නෙනෙක් අඩුකුලයක උපදින්නේ අවාසනාවට කියලා.
    ඒ වගේම ඔහු ප්‍රසිද්ධ ස්ථායකදී කුලය ගැන කතා කරන්නේ නෑ. කතා කරනවානම් ඉතාම ආචාරශීලී විදියටයි කතා කරන්නේ.
    මමනම් කුල භේදයට සංවේදී නැති කෙනෙක්. මම මට කුලයක් තියෙනවා කියා දැනගත්තෙත් වයස 12දී පමණ.
    ඒ නිසාම මම කුලය ගැන කතාකරද්දී පොඩ්ඩක්වත් ආචාරශීලී නෑ. මම යාළුවන්ට කතාකරන්නේ පද්දො කියලා.
    තාත්ත මට කියනවා ඔහොම කතාකරන්න එපා, අඩුකුලේ අයට තරහා යයි, හිතරිදෙයි. මතක තියාගෙන ඉඳලා පසුව පලිගනියි වගේදේවල්.
    මම හිතන්නේ ‍මම කුලය ගැන කියනකොට කාටහරි අපහසුවක් ඇතිවෙනවා නම් ඒක මගෙ වැරැද්දක් නෙමෙයි උගෙ වැරැද්දක්.
    මම කීපදෙනෙක්ට කියලා තියෙනවා ඔවුන්ගේ "පේඩි" වගේ වාසගම් වෙනස් කරන්න එපා කියලා. එව්වත් ජාතික උරුමයන්.
    තව දෙයක් තමයි මේ වනවිට කුලවාදය වැඩියෙන්ම තියෙන්නේ පහත්ය කියන කුලවල අය අතරයි.

    ReplyDelete
    Replies
    1. මමනන් මගේ කුලේ මොකක්ද කියලා අදටත් දන්නෙ නෑ... ස්තූතියි සහෝ ඔයාගේ අත්දැකීම් අපිත් එක්ක බෙදාගත්තට...

      Delete
  17. මිතිල.. මේ ලිපියේ වැදගත් කරුනු අන්තර්ගතයි.. අදටත් ආවාහ විවාහ සිදු කරන්නේ කුලය බලලා.. නමුත් එයින් පරිභාහිරව කරන විවාහ නැතුව නොවෙයි. කුල ක්‍රමයේ ආරම්භය ගැනත් මෙහි සඳහන් කලා නම් හොඳයි කියලා හිතෙනවා. සංඝමිත්තා තෙරණිය සමඟ පැමිනි සුසැට කර්මාන්ත පිරිස සමඟ කුල ක්‍රමයේ ආරම්භය ප්‍රබලව ඇති වුනා කියලා තමයි කියන්නේ. .. ඊටත් එහා ලංකාවේ හුදෙක් තිබුනේ ගොවි කම්,
    බොහෝවිට හින්දු ජනතාව බෞද්ධයන්ටත් වඩා කුල වල අදටත් එල්බී සිටිනවා කියලා කියනවා.

    පුලුවන් නම් ඔබත් දැන ගත්තොත් පොඩි ලිපියක් හරි ලියන්න කතෝලික ආගමේ කුල පිලිබඳ...

    ReplyDelete
    Replies
    1. කුල ක්‍රමයේ ආරම්භය ලංකාවේ නෙමේ.... ලංකාවේ කුල ක්‍රමය ගැන ලියන නිසයි මේ ආරම්භය ගැන ලිව්වෙ නැත්තේ... සංඝමිත්තා තෙරණියට පෙර විජයගේ කාලේ විවිධ කුල වල ජනතාව ඉන්දියාවෙන් ලංකාවට ඇවිල්ලා පදිංචි වෙලා තියෙනවා... හින්දු ජනතාව සාපේක්ෂව කුල වලට වැඩි නැඹුරුතාවක් දක්වනවා... මොකද ඉන්දියාවේ කුල ක්‍රමයේ ආරභය උනෙත් හින්දු ධර්මයෙන්... කතෝලික ආගමේ ජනතාව අතර කුල තිබෙන්න පුලුවන්... නමුත් ආගමානුකූලව ගත්තොත් කිසිදු අකාරයක බෙදීමක් ක්‍රිස්තියානි ආගමේ අනුමත කරන්නෙ නෑ... කොටිම්ම කියනවනන් ඇන්ග්ලිකානු , මෙතෝදිස්ත , පෙන්තකොඑවගේ සභා වලට බෙදීමත් අනුමත කරන්නෙ නෑ... නමුත් අද වෙලා තියෙන්නෙත් ඒකම තමා...

      Delete
    2. ඉහත කමෙන්ටුවේ පෙන්තකොස්ත සභාව ලෙස නිවැරදි විය යුතුයි...

      Delete
  18. සිංහල කුල ක්‍රමය ගැන ලියැවුණු බයිබලය CASTE IN MODERN CEYLON; The Sinhalese System in Transition. by Ryan, Bryce කියෙව්වාද? http://www.dli.ernet.in/handle/2015/56796

    මේ තව එකක් : Caste in Sri Lanka : http://asiffhussein.com/wp-content/uploads/2015/07/Caste-in-Sri-Lanka1.pdf

    ReplyDelete
    Replies
    1. සිංහල කුල ක්‍රමය ගැන ලියැවුනු බයිබලය කියලා අදහස් කරේ මොකක්ද ඇනෝ... මම යට ලින්ක් එකේ තියෙන පොත නන් කියවලා තියෙනවා...

      Delete
    2. රොබට් නොක්ස් කියපු නැති බොහෝ විත්ස්තර මේකේ තියනවා. මේක හරි දුර්ලබ පොතක්. මමහිතන්නේ පරණ පොතක් උනත් රුපියල් පන්දහකට වැඩි උනා. ලින්ක් එකේ තියන පජේ එකට ගිහින් පොත බාගන්න. සමහරු කියනවා මේකේ පරිවර්තනයක් ගොඩගේ එකෙන් කරා කියල ලඟදි.

      බ්‍රයිස් රයන්, බී.එච්. ෆාමර් සහ කාලිංග ටියුඩර් සිල්වා ලංකාවේ කුල ගැන ලියපුවා බැලුවම හිතෙන්නේ සුද්දා අවේ නැත්නම් අපිකොහේ ඉඳියිද කියල.

      Delete
  19. හොද විස්තරයක් බන් එල

    ReplyDelete
  20. This comment has been removed by the author.

    ReplyDelete
  21. Raghavan, M.D.1957, Handsome Beggars, The Rodiyas of Ceylon, Colombo Book Centre, Colombo.

    මිතිල දැකල තියනවද ලංකාදීප පත්තරේ නම් වෙනස් කිරීමේ දැන්වීම්?

    ReplyDelete
    Replies
    1. පත්තරේ නම් මාරු කරන දැන්වීම්නන් ඕනතරම් දැකලා තියෙනවා...

      Delete
  22. Harima wedagat lipiyak, mama hithagena hitiye radala kiyanne govi kulayatat wada ihala kulayak kiyala, e Gena denuwath une me lipiya kiyawala,
    Godak wedagat karunu mehema apita Dena eka Gena godak sthutiy mithila

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගීතිකා... රදල කියන්නේ ගොවිගම කුලයෙම කොටසක්...

      Delete
  23. බෝසතුන් ඉපදෙන්නත් කාලය, දේශය, දීපය, කුලය සහ මව යන පස්මහ බැලුම් පිරික්සුවා කියනවානේ.

    කුලය කියන්නේ පියා ගේ රැකියාවයි.

    කුල ක්‍රමය පවත්වාගෙන ගියේ ඒ කාලේ සමාජයේ පැවැත්ම උදෙසායි.

    රජුගේ පුතා ඊළඟ රජා.
    වඩුවා ගේ පුතා ලොකු වුණාම වඩුවා.

    දැන් ඕනෑ අයෙකුට ඕනෑ අධ්‍යාපනයක් ලබා ගන්න සහ ඡන්දෙන් ජනාධිපති වෙන්න හැකි නිසා කුල ක්‍රමය දැන් අනවශ්‍යයි.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම කුල ක්‍රමය දැන් අනවශ්‍යයි... කුල ක්‍රමය නිසා පියාගේ රැකියාව පුතාට ලැබුනු නිසා පැරණි දැනුම රැකුණා කාලාන්තරයක් තිස්සේ...

      Delete
  24. හොඳ ලිපියක්. මම ඔය කාන්තාවෝ උඩුකය ඇරගෙන හිටි එක ගැන කියද්දී කෙනක් විරුද්ධ වුන මෙන්න මේ බ්ලොගයේ ලිපියේ.
    http://maathalan.blogspot.co.uk/2017/04/sinhala-new-year-catholics-of-sri-lanka.html#more

    ReplyDelete
    Replies
    1. Ajith DharmaApril 15, 2017 at 3:31 AM
      / සිංහල කාන්තාව එදා රෙද්දයි හැට්ටෙයි ඇන්දෙ අගේ වියතක්වත් පේන්නෙ නැතිවෙන්න. සිංහල සංස්කෘතියට අනුව කාන්තාවකගෙ පේන්න පුලුවන් තැන් 5යි. ඒ ඔලුවයි වැලමිටින් පහල අත් දෙකයි යටිපතුල් දෙකයි විතරයි.// තලිබාන් අයිසිස් ලෙවල් එකටම ඉන්නවනේ.
      Delete

      AnonymousApril 15, 2017 at 4:13 AM
      මෝඩයො ඕකෙ කොහෙද කියල තියෙන්නෙ ඔලුව වැහෙන්න ඕන කියල. මෙතන කතා කරල තියෙන්නෙ නියම සිංහල කාන්තාවො ඇදපු විදිහ.

      AnonymousApril 15, 2017 at 8:38 PM
      ඔබේ බිරිදගේ රටේ කාන්තාවන් අදින විදිහට සිංහල කාන්තාවන් ඇදිය යුතුයි හිතන්න එපා. සිංහල කාන්තාවො ඉතාමත් සංවරව ඇදුම් ඇදපු ජාතියක්. දන්නෙ නැත්තන් මෙන්න සාක්ෂි
      පෙකණිය නොදක්වා
      සලු ඇද බොලට දක්වා
      නොපව තන සක්වා
      සිනා නොමසෙන් දසන් දක්වා

      Ajith DharmaApril 16, 2017 at 2:25 AM
      නුවණැති අනෝ 4.13 සහ 8.38 මෙහෙම ඇන්දේ කවුද:
      http://humus.livejournal.com/3779651.html
      ඔය ඔබ ලියල තියෙන්නේ සුද්දෝ ගෙන ආ ඊනියා වික්ටෝරියානු සදාචාරය. සීගිරියේ දාල තියෙන ලලනාවෝ මොන ඇඳුන් ද ඇඳන් හිටියේ. තලිබාන් සහ මුස්ලිම් ආගමේ සමහර තැන්වල ඔලුව වැහුවේ නැතත් අනිත් තැන වහගෙන යන්න ඕනේ. ටිකක් ලිහිල් කුවේට් තුර්කිය අසර්බයිජාන් වගේ රටවල.
      Delete

      Ajith DharmaApril 16, 2017 at 2:25 AM
      https://www.pinterest.com/pin/138978338480696565/
      Delete

      AnonymousApril 16, 2017 at 3:15 AM
      සීගිරි චිත්‍ර කියන්නෙ බෙල් කියන පාහරය ලංකාවෙ සංස්කෘතිය විනාශ කරන්න කරපු වැඩක්. මෙන්න සාක්කි මේ ලින්ක් එකට ගිහින් අහපන්.
      https://youtu.be/Pb14incxShY?t=4480
      උඹ ඔය දාල තියන මගුල් චිත්‍ර ඔක්කොම සුද්දගෙ බොරු. සුද්දට ඕන උනේ ගෝත්‍රිකයො වගේ හිටපු ලංකාව උන් ශීලාචාර කරා කියන්න. ඒක හින්ද සොද්දො නිකන් හිතලු චිත්‍ර ටිකක් ඇදල ප්‍රසිද්ධ කරා මෙන්න ලංකාවෙ ගෑනු ඇදපු විදිහ කියන්න. එහෙම මිසාක් සුද්ද එන්න කලින් අපේ කාන්තාවො අත් දිගට ඇන්දෙ. විළුඹට එනකන් රෙද්ද ඇන්ද. බඩේ දශමයක්වත් පේන්න ඇන්දෙ නෑ. උඹ ඔය නුවර යුගේ දාල තියන චිත්‍ර ඔක්කොම බොරු. මට ඒක සාක්ෂිත් එක්ක ඔප්පු කරන්න පුලුවන් ඕන වෙලාවක.

      Delete
    2. Ajith DharmaApril 16, 2017 at 3:45 AM
      //සීගිරි චිත්‍ර කියන්නෙ බෙල් කියන පාහරය ලංකාවෙ සංස්කෘතිය විනාශ කරන්න කරපු වැඩක්. // මේක මම අයි ඇහුවේ. අළුත් තර්කයක්.
      //උඹ ඔය දාල තියන මගුල් චිත්‍ර ඔක්කොම සුද්දගෙ බොරු. සුද්දට ඕන උනේ ගෝත්‍රිකයො වගේ හිටපු ලංකාව උන් ශීලාචාර කරා කියන්න// මේක වෙන්න පුළුවන්. අපේ එවුන් ළඟ කැමරා තිනන විධිහක් නැහැනේ. නමුත් සුද්ද හැට්ට ගලවල ඉන්න කියල පින්තූර ගත්ත කියලද උඹ කියන්නේ?
      //මට ඒක සාක්ෂිත් එක්ක ඔප්පු කරන්න පුලුවන් ඕන වෙලාවක.// මෙන්න මේ සාක්ෂි මොනවාද? මට හිතනවා සමහර වෙලාවට විහාර වල චිත්‍ර තියෙනෙන් ඇති කියල?
      මොනවාද සාක්ෂි? හොඳ බ්ලොග් ලිපියක් ලියන්න පුළුවන්. අපේ ගම පළාත්වල එක්තරා කුලයක ගැහැණුන් උඩට ඇන්දේ නැහැ 1970 අග වෙනකන්.

      Delete

      AnonymousApril 16, 2017 at 4:00 AM
      උඹලෑ ගම් පළාත්වල ගෑනු උඩට ඇන්දෙ නෑ කියන්නෙ මොකද්ද උඹලගෙ ගම් පළාත. ලංකාවෙ එහෙම ගම් තිබ්බ කියල කොහෙවත් අහල නෑ. අනිත් එක මෙතන තියෙන්නෙ ඔක්කොම සුද්ද ඇදපු චිත්‍ර. ෆොටෝ වගේ පෙනුනට ඔය ඔක්කොම ඇදපු චිත්‍ර. මන් සාක්ෂිත් එක්ක ඔප්පු කරන්නන් ඕව බොරු කියල. ඔය චිත්‍රවල උඩට නැතුව ඉන්න ගෑනුන්ගෙ තන්පුඩු හුගක් ලොකුයි. ඒත් ලංකාවෙ කාන්තාවන්ට ස්වභාවිකව ලොකු තන්පුඩු පිහිටන්නෙ නෑ. යුරෝපීය කාන්තාවන්ට තමා ලොකුවට තන්පුඩු පිහිටන්නෙ. සුද්ද ලංකාවෙ කාන්තාවන්ගෙ තන්පුඩු දැකලවත් නෑ ඌ හිතුව ලංකාවෙ ගෑනු අයටත් ලොකු තන්පුඩු ඇති කියල චිත්‍රවල ලොකුවට ඇන්ද. ඒකෙන්ම තේරෙනව මේව බොරු කියල. ලංකාවෙ කාන්තාවන්ගෙ ශරීරයක් දැකපු කෙනෙක්ට තේරෙනව මේක බොරු කියල. උඹ දැකලත් නැතුව ඇතිනෙ උඹ බැන්දෙත් සුද්දියෙක්නෙ.

      Pra JayApril 16, 2017 at 10:36 PM
      සීගිරි චිත්‍ර ගැන නව මතයක්. නලීන් සිල්වා හා නාතදෙයියන්ටත් වඩා රැඩිකල් මතයක්. ලෝකෙ හැමතැනම තියනවා ලුටනික් ෆ්‍රින්ජ් තියරි .කොන්ස්පිරසි තියරීස්වලට සීමාවක් නැති බවට හොඳ සාධකයක්

      Delete
    3. Pra JayApril 16, 2017 at 11:57 PM
      https://en.wikipedia.org/wiki/Fringe_theory

      වරදවා වටහා ගන්න එපා.අපහාසයක් නෙමෙයි. "ලුනටික් ෆ්‍රින්ජ්" කිව්වට ඒ ජාතියේ තියරි තියන අය හැමෝම ලුනටික් නෑ. විවිධ හේතු නිසා තමන්ගේ දැනටම තියන pre-conceived තියරීස්වලට ගැලපෙන්න ඇත්තටම තියන දත්ත කරකවල අඹරල හදලා, pseudo science වලින් ඔප්පු කරලා තමන්ට ඕනෑ මාර්ගයට ගන්නවා.
      සීගිරි චිත්‍ර සිංහල සංස්කෘතිය විනාස කරන්න සුද්දෝ ඇඳපු ඒවා, එය බෙල් ගේ කුමණ්ත්‍රනයක් කියන එක ඒ ජාතියේ එක්ස්ට්‍රීම් එකටම ගිය එකක්. ඇහුව ගමන් හිනායනවා. පිස්සු කියල හිතෙනවා. ඒත් එක් එක් අන්තවාදී මත දරන්නන් /තම මතයන් කුමන ආකාරයකින් හෝ සාධාරණීකරනය කරන්නන්/ හැමදේම එක දෘෂ්ඨියකින් බලන්නන්/ ඇජෙන්ඩා සහිත අය ඔය වර්ගයේ නිගමනයන් ඉදිරිපත් කරනවා. හැබැයි ඒක යුනීක් එකක් නෙමෙයි. විවිධ රටවල විවිධ දේ ගැන ඔයිටත් වඩා අන්තවාදී කොන්ස්පිරසි මත තියනවා. ඒවාට වෙනම සංගම් හා ප්‍රකාශනත් තියෙන්නෙ. ලෝකේ පාලනය වන්නේ මිනිස්වෙස් ගත් ඒලියන්ස්ලා කියලා ඔප්පු කරන්න පොත් ලියවිලත් තියෙන්නේ. බෙල් සීගිරි චිත්‍ර ඇන්දුවා කියන එක ඊට අඩු ජාතියේ එකක්.

      Lunatic fringeවල වැඩ වලින් තියන එක ප්‍රශ්නයක් තමයි සමහර දේවල් ගැන හොයා බලන්න, රිසර්ච් කරන්න සමහරු බයයි තමනුත් අර එක්ස්ට්‍රීම් ගොඩට වැටෙයි කියලා.

      මට නම් මේ ඇනෝගේ මත ඇත්තටම ගොඩක් ඉන්ටරෙස්ටිං . මොකද පිටරට ඇති මේ වගේ දේවල් ගැන මං කියවලා සහ වෙනත් විෂයයකට අදාලව සොය බලා ඇති නිසා. ලංකාවේත් මේ තරමට් ඩිවලොප් වුන ෆ්‍රින්ජ් හා කොන්ස්පිරසි තියරීස් හමුවුන එක ඉන්ටරෙස්ටින්.
      1.සුද්දන් සීගිරි චිත්‍ර කුමණ්ත්‍රනයක් ලෙස කලාය කීම කොන්ස්පිරසි තියරි එකකට හොඳ උදාහරණයක්.
      2.ලංකාවේ කුල භේදය නිසා උඩට නොඇඳපු ගෑණු හිටියා කියන එක නොපිලිගන්නා එක කොන්ස්පිරසි තියරි වලින් තම මතය ඔප්පුකරන්නන් එයට විරුද්ධව ඇති සාධක සම්පූර්ණයෙන් දැඩි ලෙස බැහැර කිරීමට ඉතා හොඳ උදාහරණයක්.

      මේ ඇනෝ මහතා මාත් එක්ක කේන්ති නොගනිතැයි මං හිතනවා. ඔබේ මතයන්ගෙන් කියන දේ මට පිලිගැනීමට නොහැකි වුනත්, ඔබ ඔය වගේ එක්ස්ට්‍රීම් මතයන් ඉදිරිපත් කිරීම ගැන මං ස්තුතිවන්ත වෙනවා. මා අභව්‍ය කොන්ස්පිරසි තියරි ගැන මෙන්ම ඒවා ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදය ගැනත් කුතුහලය ඇත්තෙක්. ඔබේ ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදය ජාත්‍යන්තර කොන්ස්පිරසි තියරිස්ට්ලා සමග බැලුවත් ෆැසිනේටින්.

      I do hope you were not just pulling our legs and having a good laugh at us ! If that is the case, I say - A good one mate !

      Delete
    4. ඒ කාලේ ඇදුම් ආයිත්තම් ගැන අධ්‍යනය කරනවානම් සුරනිමල තෙන්නකෝන්ගේ හොද පොතක් තියෙනවා... කාන්තාවන් උඩුකය නිර්වස්ත්‍ර කරගෙන හිටියෙ නෑ කියලා කවුරුහරි කියනවනන් ඒක එයාලගේ අධ්‍යනයේ මදිකම...

      Delete
  25. සමහර ගොබ්බො හිතාගෙන ඉන්නෙ ගොවි කියන්නෙ උසස් කුලයක් කියල.නමුත් ඇත්තටම වුනේ යටත් විජිත පාලකයො (පෘතුගීසි,ලන්දේසි,ඉංග්‍රීසි)අඩු කුල වල අය එහෙම නැත්නම් ගොවියො උසස් තනතුරු වලට දාල අනෙක් වැදගත් මිනිස්සු උන් ලව්ව පාලනය කරවීමයි.නිකම් පොඩි මොල කෑල්ලක් තියෙනව නම් තේරෙන්න එපැයි.ඉස්සර කුල ක්‍රමය අදට ගැලපුවොත් ඉංජිනේරුවෙක් කියන්නෙත් ආචාරියෙක්.එයා එතකොට පහත්ද කුඹුරු කොටන කම්කරුවෙකුට වඩා.යුධ හමුදා නිලධාරින් පද්දො.ගාමන්ට් වල මහන්නෙ හාලි. ඒ වුනාට කුඹුරු කොටන බයියො බයියාවියො ඒ රස්සාව අත ඇරල දුවන්නෙත් අරවට.Re-exploring the Links: History and Constructed Histories Between Portugal and Sri Lanka edited by Jorge Manuel Flores.මේ පොත කියෙව්වොත් හොඳයි.ඒකෙ තියෙනව ඔය සමාජ වෙනස්වීම් පටන් ගත්ත හැටි,කුලතුංග මුදලිලා සමරකෝන් මුදලිලා කොහෙන්ද ආවෙ කියල.

    ReplyDelete
    Replies
    1. නියම විහිළුව. ඇත්තටම සුද්දො තමා කුලහීන අයට තනතුරු දුන්නෙ. රදළ කියන්නෙත් ගොවි කුලයෙම ප්‍රබේදයක්. හැබැයි මේ කුල එන්නෙ දඹදෙනි යුගයෙන් පස්සෙ. ශිල්පීය කුල පහත් කරල තිබුන සම්ප්‍රදාය වෙනස් කලේ සුද්දො

      Delete
  26. කිසි විහිලුවක් නෑ. අර මම කියපු පොතේ තියෙනව දොන් ප්‍රැන්සිස්කො බොතෙල්හෝ කියන සිංහල රජ පවුලට සම්බන්ධ කතෝලික පියතුමෙක් ලියපු ලේඛනයකින් (1633) උපුටා ගත් කොටස්.ආරච්චි පට්ටමක් ගන්න එකත් හීනයක් වෙච්ච මිනිස්සුන්ට මුදලි පට්ටම් දීපු හැටි.දඹදෙනි යුගයේ යුගයේ හිටපු ගොවි කුලයේ වංශවතෙක් සඳහන් කරන්න පුලුවන්ද?.ඔය මහප්පරාණ නම් තියෙන ගොවි කුලයේ වංශවතුන් බිහිවෙන්නෙ 17 වන සියවසෙන් මෙපිටට.

    ReplyDelete
  27. බොහොම ස්තූතියි ඔබට !

    ReplyDelete
  28. Kawru hari dannawada radaa kulayee wasagam kipayak..

    ReplyDelete
    Replies
    1. මිනිසුන් හදුනාගැනීමට කුල ක්‍රමය අනිවාර්යයෙන්ම තිබිය යුත්තක්. ළමාඅපචාර,මිනීමැරුම්,ස්ත්‍රී දූෂණව,විෂමක්‍රියා,පාවාදීම්,සොරකම් ආදිය බොහොමයක් සිදුවන්නේ අඩුකුලේ මිනිසුන්අතින්.ගොඩක් අපරාධකරුවන් පෙරේරලා ප්‍රානාන්දුලා වගේ වාසගම් තියෙන අඩුකුලේ වසලයෝ.පහත් කුළ තමයි පහත් වැඩ කරපූ මිනිස්සුන්ට ලැබුනු තනතුරු.ඔක්කොමලගේ ලේ රතූපාට උනාට ලේ වල dna වල මුතුන්මිත්තන්ගේ ලක්ශණ තියෙනවා. අඩුකුල වල මිනිස්සුන්ගෙ පහත් ගතිලක්ෂන උප්පත්තියෙන්ම පිහිටල තියෙනවා

      Delete
    2. පහත් කුලයක් යැයි ලේබලයක් අලවා මිනිසුන් කොන් කිරීම තමයි මෙබඳු හැසිරීම් වලට හේතුව. උදාහරණයක් ලෙස රජුට එරෙහිව කැරලි ගැසීම නිසා පහත් කොට දැමූ පට්ටිය බණ්ඩාරගේ නෑදෑයන්ට වී ඇත්තේ කුමක්දැයි සොයා බලන්න.

      Delete
  29. ලියනගේ දොන්.. කියන එක හීන කුළයක්ද? (සමහර තැන් වල දැකලා තියෙනවා "ගේ" ලෙසින් නොයෙදෙන "ලාගේ" ලෙසිනේ යෙදෙන කෙනෙක් හොයනවා කියලා) පහදා දෙන්න.

    ReplyDelete
  30. නුවර දරුනුවටම තියනවා කුල බේදය කියන දේ.... මුදියන්සේ යැයි සම්මත කුලේක අයෙක් පහත් යැයි සම්මත අයෙක් එක්ක ආදර සම්බන්දතාවයක් පටන් ගත්තොත් ඒක මහා අපරාදයක් විදිහට දකින්නෙ... ඒක නිසාම ආදරෙ කරන අයට වෙන් වෙන්න සිද්ද වෙලා තියනවා. නව පරපුරත් මේකට අනුගත වෙලා යන රටාවක් තමයි මම නම් දකින්නෙ... බුදුහාමුදුරුවොත් කිව්වෙ කම්මනා වසලෝ හෝති .. කම්මනා හෝති බ්‍රාහ්මනෝ කියලයි... ඒත් හතර පෝයටම සිල් ගත්තත් ඔක නොතේරෙන වංසක්කාරයෝ ඉන්නෙ. විවාහයකදි සහකරු සහකාරියගේ වංසෙ හොයන ඈයොන්ට වකුගඩුවක් ඕනි උනාම පත්තරෙ ඇඩ් එක දාන්නෙ බොදු ගොවි O+ වර්ගයේ වකුගඩුවක් කියලා නෙවේ... තමන්ගේ වාසියට හැමදේම. ලංකාවට මෙහෙම වෙන්න හේතුවත් මේකයි. තමන්ගේ ජාතිය තුලත් කුල ක්‍රමයක් උලුප්පගෙන බේද කරගන්නවා. ඉතින් රටක් නැගිටියිද... කලකිරෙනවා...

    ReplyDelete
  31. මුදියන්සේ කියන්නේ පරම්පරා වාසගමක් නෙවේ මහනුවර යුගයේ රජවරු දුන් උපාධි නාමයක්.මෙය ලැබුණ කෙනා මැරුනවිට මෙය අහෝසි වෙනවා.නමුත් 1815 පස්සේ එක්තරා කුලයක පිරිසක් තමුන් උසස් බව පෙන්වීමට වාසගමක් හැටියට භාවිතා කරනවා.මේ අයගෙන් වැඩිහරියක් ඇත්තටම සිංහලයොත් නෙවේ. මලබාරයෙන් ආපු වෙල්ලාල කියන කුලේ අය.වංචාවෙන් විදේශීය පාලකයන්ගේ පිහිටෙන් උසස් වෙච්ච හොරගෙඩියෝ.

    ReplyDelete
  32. සර්ස්කුල, මල්කරුකුල මේ කුල වලින් මොනවාද කරන්නේ

    ReplyDelete
    Replies
    1. මේ කුල අයත්වන්නෙ ශ්‍රී මහා බෝධිය සමග ලක්දිවට පැමිණි අටලොස් කුලයටයි. සිංහල බෝධි වංශය නම් පොතේ සවිස්තරව සඳහන්ව තියෙනවා ඒ ගැන

      Delete
  33. ශ්‍රී මහා බෝධිය සමග විවිධ කුල පැමිණි බව පැවසෙනවා. මොවුන් උතුරු ඉන්දියාවෙන් පැමිණි පිරිසක් හෝ ලාංකිකයන්ද විය හැකියි. මේ අතරින් ප්‍රධාන කුල වන්නේ රජ බමුණු කුලයි. බෝධාහර කුලය ලෙස හදුන්වන උඩරට කුලය එයයි. අනකුත් කුල ගත්තොත් ඒවාද ලංකා සමාජයේ උසස් කුල ලෙස සැලකුනා. උදාහරණයක් ලෙස මෙරට සෙල්ලිපි වලින් නිතර හමුවන කිළිගු නම් කුලය ගන්න. එය ශ්‍රී මහා බෝධියට මල් සැපයූ කුලය ලෙස තමයි සිංහල බෝධි වංශයේ දැක්වෙන්නේ. නමුත් බොහෝ මුලාශ්‍ර වල ඔවුන් හදුන්වන්නේ හන්දුරුවන් ලෙසයි. මෙම දෙවන පෙළ කුල වල අය පවා මෙරට රජකම් කර තිබේ. උඩරට රාජධානි සමයේ මෙරට රජකම් කල සෙනරත් ගෙන් පසු රජවූ සිංහල රජවරු මෙම දෙවෙන පෙළ කුලයකට එහෙම නැත්නම් ගාන්ධර්ව කුලයටයි අයත් වන්නේ (යක්දෙස්සන් හෙවත් උඩරට නැට්ටුවන්). යටත් විජිත යුගයේ උඩරට රාජධානිය බටහිර ජාතීන්ගෙන් ආරක්ෂා කර ගැනීමට 1848 දක්වා සටන් කලේද මෙම කුලයන්ට අයත් පිරිසයි. එහෙත් උඩරට සිටි මලබාර් සම්භවයක් ඇති පිරිස් ගොවිගම නම් යටත් විජිත යුගයේ නිෂ්පාදිත කුලය තුලට ගොනුවී robert knox ගේ පොතේ සිටින ගොවිතැන් සහ සටන් කල හන්දුරු කුලය තමන් බව පවසයි. එහෙත් එම පොතේ සදහන් සිංහල ගොවි කුලය මෙම කුලයන්ය. විහාරගම් වල ජිවත් වන පිරිස් ගොවින් ලෙස එම පොතේම සදහන් වේ.මහනුවර රාජධානිය අවට විශාල කුලයක් වන මෙම කුල robert knox ට මගහැරීමට හේතුවක් නැත.

    ReplyDelete
  34. බෝගහගෙදර කියන්නෙ අඩු කුලයක්ද

    ReplyDelete
  35. නෙද්දකින් අමන සක්කිලි, කුල ගැන බොරු දදා චූන් වෙනවා. ඇමරිකාවේ ඊලෝන් මස්ක් අඟහරු අල්ලනඩ හදනකොට.

    ReplyDelete