Sunday, May 21, 2017

මං ඒ තුන් හතර දෙනාටම කෑම උයා පිහා දෙනවා 


  එකම පවුලේ සහෝදරයන් කිහිපදෙනෙක් සිටිනා විට එක බිරිඳක් එම සියලුදෙනාම උදෙසා කැන්දාගෙන ඒමේ සිරිතක් එකල ලංකාවේ තිබුණි. මෙය එකගෙයි කෑම ලෙස හැදින්වූ අතර මෙහි ප්‍රධාන අරමුණ වූයේ ඉඩකඩම් හා දේපළ බෙදීයාම වැලැක්වීමයි.

 මෙම විවාහ ක්‍රමය බින්න බැහීම, කැන්දන් ඒම යන ක්‍රම දෙකටම අනුව සිදු කරයි. මෙම සිරිත අනුව මනාලිය කැන්දාගෙන එන්නේ පවුලේ වැඩිමහල් සොයුරාය. ඔහු බිරිඳගේ මුල් ස්වාමිපුර්ෂයාය. සෙසු සහෝදරවරු දෙවන ස්වාමිපුර්ෂයන් වේ. මෙහිදී ගෙදර ප්‍රධානිය වැඩිමහල් සොයුරාය. නිවසේ සිටින සියලු දෙනා ඔහුගේ වචනයට අවනත වේ.

 වැඩිමහල් සොයුරා එක් රැයක් බිරිඳ සමඟ ගත කරයි. ඒ ඊලඟ රැය ඊලඟට වැඩිමහල් සොයුරා සමඟ ගත කරයි. මේ ආකාරයට නිවසේ සිටින සෑම සොයුරෙක් සමඟම බිරිඳ මාරුවෙන් මාරුවට රැය ගත කරයි.


 සැමියෙකු බිරිඳ සමඟ කාමරයේ සිටින බව දැන්වීමට අමුඩ ලේන්සුවක් දොරේ එල්ලයි. මෙවිට අනෙක් සොයුරන් කාමරය තුලට නොයා තමන්ගේ වාරය එනතුරු බලා හිඳියි. කිසිම විටක අමුඩ ලේන්සු දෙකක් දොරේ එල්ලෙන තත්වයක් උදා නොවේ. දහවල් කාලයේදී ඕනෑම සහෝදරයෙකුට තම පොදු බිරිඳ සමඟ කාලය ගත කල හැක. කිසිදු සහෝදරයෙක්ට අකමැත්තක් පල කිරීමට එම බිරිඳට නොහැකිය. මන්ද ඒ සොයුරන් සියලු දෙනා තමාගේ ස්වාමිපුර්ෂයන් බැවිනි.

  බිරිඳට දරුවන් ලැබූ විට සොයුරන් සියලු දෙනා එම දරුවන්ගේ පියවරුන් වේ. මන්ද දරුවෙකුගේ සැබෑ පියා කව්ද යන වග බිරිඳවත් නිසැකයෙන් නොදන්නා නිසාය. වැඩිමහල් සොයුරා ලොකු තාත්තා ලෙසත් දෙවෙනියා මද්දුම තාත්තා ලෙසත් තෙවැනි සහෝදරයෙකු සිටී නම් ඔහු කුඩා තාත්තා ලෙසත් හදුන්වයි. තමන්ට ස්වාමිපුර්ෂයන් කිහිපදෙනෙකුම සිටීම සමහර බිරින්දෑවරු සතුටු වූ බව සමහර තැන් වල කියැවේ. මීට හේතුව සොයුරන් නොහොත් ස්වාමිපුර්ෂයන් සියලුම දෙනාගේ සැලකුම එකම බිරිඳකට හිමි වන බැවිනි.

 The Historic Tragedy Of Island Of Ceilao නම් පොතේ මෙසේ සඳහන් කර ඇත. පහත දැක්වෙන්නේ එයින් මා උපුටාගත් කොටසයි. [ ලංකාවේ ඓතිහාසික ඛේදවාචකය - කපිතාන් රෙබෙයිරෝ - 1685]

  "...තමාගේම කුලයට අයත් ස්වාමිපුර්ෂයෙකු සමඟ විවාහ වීමට තරුණියක් ගිවිස ගනියි. [කුලයෙන් පිට විවාහ වීමට ඇයට නොහැකියි] තමන් ඊට කැමති නම් ඇයගේ නෑදායන් භෝජන සංග්‍රහ පවත්වා විවාහය සිදු කරති. පසුදා සැමියාගේ සහෝදරයෙන් ඔහුගේ තැන ගනියි. සිය පුර්ෂයාට සොයුරන් සත් දෙනෙකු සිටිත් නම් ඇය මේ හත් දෙනාගේම බිරිඳ වන්නීය. ඇය ඔවුන් සමඟ මාරුවෙන් මාරුවර රාත්‍රිය ගත කරයි. තමාගේ සොයුරන්ට වඩා වැඩි අයිතියක් ස්වාමිපුර්ෂයාට නැත. දහවල් කාලයේදී කාමරය හිස්ව ඇත්නම් කාන්තාව සමඟ එයට පිවිසී කාලය ගත කිරීමට අයිතිය ඒ සෑම සොයුරෙකුටම ඇත. ඔහු කාමරය තුල සිටිනා විට අන් කිසිවෙකුට එයට ඇතුල් විය නොහැකිය. ඔවුන් කිසිවෙකු හෝ ප්‍රතික්ෂේප කිරීමට ඇයට අයිතියක් නැත. විවාහය සිදුවුයේ එක් සොයුරෙක් සමඟ වුවත් කාන්තාව සොයුරන් සියලුම දෙනාගේ බිරිඳ වන්නීය. එහෙත් විවාහය සිදුවී ඇත්තේ බාලම සොයුරා සමඟ නම් එම බිරිඳ කෙරෙහි අයිතිවාසිකම් පෑමේ අයිතිය සෙසු සොයුරන්ට නොමැත.

  එහෙත් ඔවුන් සියලු දෙනාගේම භාර්යාවන් වෙත කැමති විටෙක පිවිසීමේ අයිතිය මේ සොයුරා සතු වන්නේය. ස්වාමිපුර්ෂයාට සොයුරන් හත් දෙනෙකුට වැඩිය සිටිත් නම් ඒ අමතර සොයුරන්ට එම බිරිඳ කෙරෙහි අයිතියක් නැත. සොයුරන්ගේ සංඛ්‍යාව එකේ සිට පහ දක්වා නම් ඔවුහු එක ගැහැණියක් සමඟ සෑහීමකට පත් වෙති. සොයුරන් විශාල සංඛ්‍යාවක් සතු පුර්ෂයෙකු සමඟ විවාහ වන කාන්තාව වාසනාවන්තියක් ලෙස සලකනු ලබන්නීය. ඔවුන් සියලු දෙනාම ඇය වෙනුවෙන් වෙහෙස වී ගොවිතැන් කොට තමන්ගේ මුලු ආදායම ගෙදරට ගෙන එති. මෙසේ ගෞරවයට පාත්‍ර වන කාන්තාව වාසනාවන්ත දිවියක් ගත කරන අතර , ඇයගේ දූ දරුවන් ඒ සියලු සොහොයුරන් පියා ලෙස අමතයි. උසස් කුලයක කාන්තාවක් පහත් කුලයක පුර්ෂයෙකු සමඟ මෛථුනයෙහි යෙදුණු විට ඇයට මරණීය දණ්ඩනය හිමිවේ. ඇයගේම මව්පියවරු සහ සහෝදරයෝ ඇගේ චෝදනාකරුවෝ වෙති..."


 ඩේවි දුටු ලංකාව කෘතියේ පහත අයුරින් සටහන් වේ.

"... අනියම් භාර්යා පරිහරණය සහ බහු භාර්යා සේවනය ආගම් විරෝධ නමුදු සිංහලයෝ මේ දෙකටම ඉඩ දෙති. තිබ්බනයෙහි මෙන් උඩරට බහු භාර්යා සේවනයට වඩා බහු පුරුෂ සේවනය අපූර්ව විය. එහි ස්‌ත්‍රියකට බොහෝ විට පුරුෂයෝ දෙදෙනෙක්‌ වෙති. ස්‌වාමි පුරුෂයන් සත්දෙනකු සිටින ස්‌ත්‍රියක්‌ ගැන ද මට අසන්නට ලැබිණි. මෙය අසාමාන්‍ය චාරිත්‍රය කුලයකට හෝ පන්තියකට සීමා වූවක්‌ නොවේ. පවුල් සැමියන් හැමවිටම සොහොයුරෝය. වරක්‌ මට මේ කරුණු ඉදිරිපත් කරන ලද්දේ තම සොහොයුරා සමග පොදුවේ එක්‌ භාර්යාවක්‌ පාවාගෙන සිටි මහළු උඩරට රදළවරයකු විසිනි. ළමයි වැඩි මහල් සොහොයුරා ලොකු අප්පච්චි ලෙසින්ද බාල සොහොයුරා කුඩප්පච්චි ලෙසින්ද ඇමතූහ. පවුලේ සම්පූර්ණ සමගිය පවත්නා බව පෙනුණි..."

 සිංහලේ ආණ්ඩු ක්‍රමය - ජෝන් ඩොයිලි කෘතියේ මේ පිලිබඳව පහත අයුරින් සඳහන් වේ.

"... භාර්යාවන්ගේ හා ස්‌වාමි පුරුෂයන්ගේ සංඛ්‍යාව පිළිබඳව සීමාවක්‌ නොමැතිව බහු භාර්යා හා බහු පුරුෂ සේවනයට අවසර තිබේ. කෙසේ වුවත් භාර්යාව තම ස්‌වාමිපුරුෂයා ඉල්ලා සිටි නමුත් ඔහුගේ සොහොයුරකු පවා සියපවුල් සැමියකු ලෙස භාර ගැනීම ප්‍රතික්‍ෂේප කළ හැක. යෝජනා කරනු ලබන හවුල් සැමියා පළමු වන සැමියාගේ සොහොයුරෙක්‌ නොවේ නම් එබඳු හවුල් විවාහයක්‌ සඳහා පළමුව බිරිඳගේ පවුල් අනුමැතිය ලබා ගත යුතුය..."

 රොබට් නොක්ස් මෙසේ පවසයි ;

"ලංකාවේ නායකයා වන රජුටත් සිටින්නේ එක බිරිඳකි. එහෙත් එහි ගැහැනියකට පුරුෂයන් දෙදෙනකු සිටීම ස්‌වාභාවිකය"

 මේ පිලිබඳව ඔබ දන්නා අමතර දෑ තිබෙනවානම් පහතින් සඳහන් කරන්න. ලිපිය පිලිබඳ කුඩා හෝ අදහසක් දක්වනවානම් කෘතඥ වෙමි.

 මූලාශ්‍ර :

1) පුරාණ ලංකාවේ ගම්දොර විත්ති - ජී. ඇම්. සේනාරත්න

2) එදා හෙළඳිව - රොබට් නොක්ස්

3) සිංහලේ ආණ්ඩු ක්‍රමය - ජෝන් ඩොයිලි [ සෝමරත්න , එච්. එම්. ඇල්ලෙපොල]

අද අහන්නේ හැමෝටම උත්තර දෙන්න පුලුවන් ප්‍රශ්නයක්. පල්ලෙහා තියෙන පින්තූරවලින් පෙන්නන ස්ථාන හඳුනාගන්න.

1)


2)

3)





4)



මෑතකදි නිර්මාණය වූ එකගෙයි කෑම පිලිබඳ ගීතයක්...











40 comments:

  1. මරු ලිපියල් මිතිල. මේ ක්‍රමයේ තවත් වාසි තිබුණා. විශේශයෙන්ම ළමයින්ට. කෙනෙක් මියයාමෙන් ඔවුන්ට පියා අහිමිවන්නේ නැහැ. මව මියගියොත් සහෝදරයන් තවත් බිරිඳක් ගේනවා නේද? එතෙන්දි නම් බිරිඳගේ කලින් සහ නව දරුවන් කියල දෙකොටසක් ඇතිවෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉයන්... බිරිඳක් මැරුනම සාමාන්‍යයෙන් තව බිරිඳක් ගේනවා තමා...

      Delete
  2. එක ගෙයි කෑම,,, බිරිඳත් කැමති වෙන එකනෙ අරුමෙ.

    ගෑණුනෙ
    අපි දන්නෑනෙ

    ReplyDelete
    Replies
    1. තැන් කිහිපයකම තිබ්බා බිරිඳ මේකට කැමතියි කියලා... ඒත් අකමැති අයත් ඉන්න ඇති... තේරුම්ගන්න හරි අමාරු කස්ටියක්නේ... :D ඕෂෝත් කියලා තියෙනවා කාන්තාවව තේරුම්ගන්න උත්සහ කරන්න එපා කියලා... ඒක වෙන්නැති වැඩක් හන්දා...:D

      Delete
  3. අපූරුයි...ඉස්සර මේ වගේ එක ගෙයි කන සහෝදරයො දෙන්නෙක්ගෙ ටෙලියක් ගියා දැන් නම මතක් වෙන්නෙ නෑ ඒකේ.

    ReplyDelete
    Replies
    1. That Teledrama name is "Baedde Gedara".

      Delete
    2. The cast of the Teledrama;

      Wife - Champa Shriyani
      Brothers - Indrajith Nawinne & Shriyantha Mendes
      Mother - Trilicia Gunawardena

      Plot - A girl has been raped by her elder sister's husband. They have relatives in remote village, an uneducated brothers & their widow mother. The two brothers are very innocent & having extreme bond between them, exceptional brotherhood praised by whole village. They have been cheated & had to marry that beauty. But the mother found the truth at wedding night & the girls parents are blamed. However the two brothers loves their bride very much. The girl was not happy about them & hurt the brothers at the beginning but later, their extreme honesty, innocence, discipline & respectfulness has melted her heart & she gave birth to a child & the brothers become dad's simultaneously. Cute story isn't it?

      Machan Dilan I'm sorry I couldn't type long comments in Sinhalese with this phone. Thus please translate this if you can.

      - A reader

      Delete
    3. බිරිඳ- චම්පා ශ්‍රියානි
      සහෝදරවරු - ඉන්ද්‍රජිත් නාවින්න සහ ශ්‍රියන්ත මෙන්ඩිස්
      මව- ට්‍රිලීශියා ගුණවර්ධන

      අන්තර්ගතය- කාන්තාවක් තමන්ගේ වැඩිමහල් සොයුරියගේ ස්වාමිපුර්ෂයා අතින් දූෂණයට ලක් වෙනවා. මෙයාලට තරමක් ඈත ගමකින් නෑදෑයො හිටියා. වැන්දඹු මවකුයි, අධ්‍යාපනය නොලත් සහෝදරයන් දෙන්නෙක්. මේ සහෝදරයන් දෙදෙනා අතර හොද බැඳීමක් තිබුනා. මේ බැදීම ගමේ හැම දෙනාගෙම ප්‍රශංසාවට ලක්වුනා. මේ දෙන්මව රවට්ටලා කලින් දූෂණය වුන කාන්තාවව බන්දලා දෙනවා. මංගල රාත්‍රියේදී සහෝදරයන්ගේ මව මේ ගැන දැනගෙන බිරිඳගෙ දෙමව්පියන්ට දෝෂාරෝපනය කරනවා. කොහොමඋනත් මේ සහෝදරයන් දෙන්නා මේ කාන්තාවට ගොඩක් ආදරය කරා. ඒත් මේ කාන්තාව මුල්ම කාලෙ මේ දෙන්නට කැමති උනේ නෑ. බැන්ද දා පටන් කරදර දෙන්න ගත්තා. ඒත් කාලයත් එක්ක මේ සහෝදරවරුන්ගේ කරුණාව, තමන්ට දක්වන ගෞරවය , නිහතමානීකම දැකලා බිරිඳගෙ හිත උණු වෙන්න ගත්තා. පස්සෙ බරිඳට දරුවෙකුත් ලැබුනා. සහෝදරයන් දෙදෙනා සමගාමී පියවරුන් උනා.

      Delete
    4. අන්න හරි ස්තූතී දැනුවත් කිරීමට ඒක ජයසේන ජයකොඩිගේ නවකතාවක් දැන් මතක් උනා

      Delete
  4. 01. කොළඹ වෙස්ලි විද්‍යාලය.

    පැරණි සස්කෘතිය ගැන දේශනා කරන අයට නිවැරදි සිංහල සස්කෘතිය ගැන කිව්වොත් අතට පොලු මුගුරු ගනී, ඔවුන් සිංහල සස්කෘතිය කියන්නේ එංගලන්තයෙන් ලැබුන වික්ටෝරියානු සංස්කෘතියයි.

    ReplyDelete
    Replies
    1. කුල ගැන කතාකරද්දිත් විටෝරියානු සංස්කෘතිය අපේ සංස්කෘතිය කියලා හිතාගත්ත කෙනෙක්ව හම්බුනා...

      Delete
  5. http://lankapura.com/wp-content/uploads/2010/06/wesley-college-colombo-1880-1900.jpg

    ReplyDelete
    Replies
    1. පැරණි මතක කියලා fb page එකකත් මේ වගේ පින්තූර තිබ්බා... ඒත් මේ ලින්ක් එකේ තියෙන වෙබ් සයිට් එකේ ඊට වඩා ගොඩක් ක්‍රමවත්ව සකසලා තියෙනවා ... ස්තූතියි ...

      Delete
  6. 01. කොළඹ වෙස්ලි විද්‍යාලය.
    02.Queen Street & General Post Office Colombo
    03. පැරණි ගාලු මෝදර හොටෙලේ
    04. කොළඹ පැරණි ටවුන් හෝල්

    ReplyDelete
  7. මට පේන්නෙ මේ සුද්දො ටික, "එක ගෙයි කෑමයි", "හොර මගුල් නැටීමයි" පටලවගෙන වගේ කියලයි..

    ReplyDelete
    Replies
    1. හොර මඟුල් නැටීම තිබ්බත් ඒවා ප්‍රසිද්ධියේ කරන දේවල් නෙමේනේ... සුද්දා කොහොමත් ලියන්නේ ඇහෙන් දැක්ක දේනේ... ජයවේවා...

      Delete
    2. ඇයි රොබර්ට් නෝක්ස් ද කොහෙද ලියලා තිබුනා නේද ඉනිහගෙ ඇහැට මිරිස් කුඩු ගහලා හොර මිනිහව ගෙදරින් පිට කරණ සීන් එකක් ගැන.

      Delete
  8. ලංකාවේ ලිංගික ජීවිත උරුමය ලිංගික ඊර්ෂ්‍යාවෙන් තොර, නිදහස් ස්වභාවයකින් යුක්ත එකක් ලෙස තිබූ බව පෙනේ. එය වෙනස් වූයේ යටත් විජිත යුගයේ හඳුන්වා දෙන ලද පරමාදර්ශ සමගිනි.

    ReplyDelete
    Replies
    1. වික්ටෝරියානු සම්ප්‍රදායත් එක්ක මේ වගේ දේවල් වලට වැට කඩුළු බැඳුනා... පහත් කුලයේ කාන්තාවන් උඩුකය නිර්වස්ත්‍රව ඉද්දි ඇඳුම් අදින තත්වයක් උදා උනා... උඩුකය නිර්වස්ත්‍රව ඉස්සර කාන්තාවන් හිටියාය කියලා ඒකෙන් කියවෙන්නෑ අසංවර සමාජයක් ඒ කාලෙ තිබ්බා කියලා... මොකද කාන්තාව උඩුකය නිර්වස්ත්‍රව හිටියට මිනිස්සු ඒ දිහා වැරදි අදහසකින් බැලුවෙ නෑ... හිත පිරිසිදුයි... ජයවේවා...

      Delete
  9. Replies
    1. කොහොමද අනේ ඕක දැම්මෙ... මටත් කියලා දෙන්නකෝ... :D ජයවේවා...

      Delete
  10. දැනුම පිරි තවත් අපූරු ලිපියක් මේ.

    ජයවේවා!!!

    ReplyDelete
  11. මම දාන්න හිටිය අසහස් ටික හැමෝම අඩු වැඩි වශයෙන් දාලා තියෙනවා, නියම ලිපියක් .
    මේ ගැන මෑත කාලයේ මම අහපු ලස්සනම සින්දුව එකකම එක නලිකාවකවත් බස් එකකවත් පෙන්වනව මම දැකල නෑ.
    මම මෙතෙක් අහපු ලස්සනම සින්දුවක්. පුලුවන්නම් මිතිල අහල මේ සින්දුව embedd කරල පෝස්ට් එකට ඇතුලත් කරන්න තාම රස විදපු නැති අයටත් දැනගන්න.

    https://www.youtube.com/watch?v=UNS007dIgps

    ReplyDelete
    Replies
    1. සැරයක් නැත්තන් උපරිම දෙසැරයක් හිරු ටී.වී. එකේ යන්න ඇති මයෙ හිතේ... සිංදුව ගැන මතක් කරාට ස්තූතියි සිතුම්... සිංදුව පෝස්ට් එකට එකතු කලා... ස්තූතියි ... ජයවේවා...

      Delete
  12. ඒකාලෙ බූට් සින්දු නැත්තෙ මේ නිසා වෙන්ඩ ඇති... හැක්! නියම ලිපිය මිතිල ජය!

    ReplyDelete
  13. ඇවැස්ස නෑනා හෝ මස්සිනා විවාහ වීමේදී සහෝදරියක් හා සහෝදරයෙක්ගේ දරුවන් මිස සහෝදරියන් දෙදෙනෙක් හෝ සහෝදරයින් දෙදෙනෙකුගේ දරුවන් එසේ නොකරන්නේ එක පියාගේ දරුවන් නොදැන කසාද බැඳීම වලක්වන්න කියනවා

    ReplyDelete
  14. අපේම ඉතිහාසයේ තවත් පැතිකඩක් මේ සටහන් තුළින් දැනෙනවා. එකගෙයි කෑමත් මරු එකට තියෙන්න ඇති නේද? මට මේ වල්කමටද මන්දා හිතෙනවා සහොදරියන් හත් දෙනෙක්වම එකෙකටු ගන්න මේ ක්‍රමයේ අනිත් පැත්තත් ක්‍රියාත්මක වුණානං කොහොම වෙයිද කියන එක

    ReplyDelete
    Replies
    1. අද වගේ නන් ඕවා හරියන වැඩ නෙමෙ... වෙන එහෙකට නෙමේ එහෙම කියන්නේ... එක්කෙනෙක්ව නඩත්තු කරන්න අද යන වියදමත් එක්ක හතර පස් දෙනෙක් නඩත්තු කරන්න උනොත් හිඟාකාලා බෙල්ලෙ වැල දාගන්න තත්වයක් උදා වෙන්නේ... :D

      Delete
  15. අගේ ඇති ලිපියක්, රජ පවුල් වලට පවා මේ තත්වය අදාළව තිබු බව රාජාවලියේ සඳහන් වෙනවා. මැණික්කඩවර උන් ශ්‍රී රාජසිංහ රජු හා විජයබාහු රජු යන දෙදෙනාම බාල අවස්ථාවේ සිට එක දෝලිය සරණ පාවාගෙන සිටියේලු.

    ReplyDelete
    Replies
    1. ඔයා කියන එක හරි... රාජාවලියේ මෙහෙම තියෙනවා...

      "මේ විජයබාහු රජ එකගෙයි කන අවධියට වැදු කුමාරයන් තිදෙනාම ධර්ම පරාක්‍රම බාහු රජුගේ ශ්‍රී රාජසිංහ රඡ්ජුරුවන් හා විඡේබාහු රඡ්ජුරුවන් දෙන්නා එක දොළියට පැමිණ උන්නයි දත යුතු"

      Delete
  16. හරිම වටිනා බ්ලොග් එකක් නේ. අදයි දැක්කේ.

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් බ්ලොග් අඩවියට පිලිගන්නවා සයුරි...

      Delete
  17. මෙහි ඇති කොමෙන්ටු කියවිමෙදි බොහො දෙන මෙම විවහ ක්‍ර්මය අනුමත නොකරන ස්වරුපයක්.නමුත් මට හැගියන්නෙ අද අප සිටින සමජය සමග මෙය ගැලපිම විහිලුවක් බවයි.රොම ලන්දෙසි නීතියෙන් සරන ලබන අපේ ස්මජය්ට මෙය විහිලුව්ක් උවත්.මෙය දෙස බැලිය යුත්තේ එ සමාජය තුල සිටයි.අගනා ලිපියකි ස්තුතියි...

    ReplyDelete
  18. විදේශිකයන් අපේ රටේ තිබුණ ගොඩක් වැදගත්ම වගේම හොඳ නරක දේවල් තහනම් කරා.නමුත් මේ එකගෙයි කෑම තහනම් කරපු එක ඇත්තටම හොදයි .කොච්චර අප්පිරියයි ද?එක ගෑනියෙක් 7 දෙනෙක් එක්ක ඉන්නවා කියන්නේ හරියට blue film එකක් වගේ.ඕක තහනම් කරේ නැත්තම් අදටත් ඕක තියෙනවා .ඊයා නොදකින් .ඇත්තටම සුද්දන්ට ඕකට Thanks .ඉඩ කඩම් වලට තිබ්බ පේරේත කමට.

    ReplyDelete