සංස්කෘතිය යන වදනින් හැදින්වෙන්නේ වෙනස් නොවන ස්ථාවර දෙයක් යැයි බොහෝ දෙනා වරදවා වටහා ගනිති... එනමුත් වෙනස් නොවී, අනෙක් සංස්කෘති වලින් අංග ණයට නොගත්, නිර්මල සංස්කෘතියක් ලොව නැත...
සංස්කෘතිය යන්නෙන් අදහස් කරන්නේ මනුෂ්‍ය වර්ගයකගේ චරිතය යැයි කිවහොත් වැරදි නැත... සිංහල සංස්කෘතිය ඈත අතීතයේ පටන් අද දක්වා පැමිණියේ වෙනස් වීමෙනි... සංස්කෘතියක් රැකෙන්නේ එය වෙනස් වීම මතය... ඉන්දියාවේ හා අනෙක් රටවල්වල සංස්කෘතීන් හා ගැටෙමින් සිංහල සංස්කෘතිය වෙනස් විය... මෙහිදී වෙනස්වීම ලෙස අදහස් කලේ එක් එක් රටවල්වල මිනිසුන් හා ගැටීම නිසා ඔවුන්ගේ සිතුම් පැතුම්, ඇබ්බැහිකම් හා උපකරණ ආදියෙහි වූ වෙනස්වීම් ය...
අතීත ලාංකිකයන් ඉන්දියානු ජනතාව පමණක් නිව චීනය, බුරුමය, සියම හා ජාවා ආදී රටවල්වල ජනයා අඩු වැඩි වශයෙන් ආශ්‍රය කලහ... කුළුබඩු හා මුතු මැණික් සොයා ලංකාවට පැමිණි වෙළෙන්දන් නිසාද ඔවුන්ගේ සංස්කෘති අංග සිංහල සංස්කෘතියට ඇතුලු විය...
අනෙක් සංස්කෘති වලින් අංග උකහා ගෙන සකස් නොවූ සංස්කෘතිය ලොව නැත... ලොව බොහෝ ජාතීන්ගේ සංස්කෘති වලින් ණයට ගත් අංග වලින් සමන්විත සංස්කෘතියක් ඉංග්‍රීසීන්ට සතුය...
එක් සංස්කෘතියකින් ණයට ගත් දෙයක් තවත් සංස්කෘතියකට ඇතුලු වන්නේ එහි මූල ස්වරූපයෙන් නොවේ... අඩුව හෝ වැඩිව වෙනස් වීමෙනි... ණයට ගත් අංග ඒ ආකාරයෙන්ම තවත් සංස්කෘතියකට ඇතුලු නොවේ...
සිංහල සංස්කෘතියෙහි ශිෂ්ට ජාතීන්ගෙන් හා මිලේච්ඡ ජාතීන්ගේ සංස්කෘති වලින් ලබාගන්නා ලද අංග බොහෝය... එම අංග සිංහල සංස්කෘතියට ඇතුලු වූයේ මූල ස්වරූපයෙන් නොවේ... සිංහල සංස්කෘතිය මේ දක්වා රැකුනේ එසේ වෙනස් වීම නිසාය... හින්දූන්ගෙන් ලබා ගත් ඇතැම් චාරිත්‍ර වාරිත්‍ර හා සිරිත් විරිත් සිංහල සංස්කෘතියට ඇතුලු වූයේ එහි මූල ස්වරූපයෙන් නොවේ...
දකුණු ඉන්දියාවේ ඇතැම් ද්‍රවිඩයෝ සතුන්ගේ මසින් හා ලෙයින් ඊශ්වර දෙවියන් පුදති... එනමුත් සිංහලයන් ඊශ්වර දෙවියන් පුදන්නේ රිදී රූපයන්ගෙනි... තොවිල් පවිල් ආදී දේවල් ගත් කල කුකුලාගේ බෙල්ල කඩා ලෙයින් යකුන් පුදන සිරිත් අපේ සංස්කෘතියට එක්වූයේ වෙනස් වීමෙනි... සිංහල යකැදුරා විසින් කුකුලාගේ කරමල විද ලේ බිංදුවක් ගෙන එයින් යකුන් පුදයි... මෙම මිලේච්ඡ සංස්කෘතික අංගය මෙසේ වෙනස් වූයේ බුදු සමය නිසාවෙනි...
යම් සංස්කෘතියකින් ණයට ගත් අංගයක් එය ලබාගත් සංස්කෘතිය විසින් වැඩිදියුණු කරයි... කාලයත් සමඟ එම ණයට ගත් අංගය එම සංස්කෘතියෙහි අනන්‍යතාවයක් බවට පත් වේ... මෙම හේතු කාරණා නිසා අපි අපේ සංස්කෘතික අනෙක් සංස්කෘති වලට වඩා උසස් යැයි පැවසිය යුතු නැත... මන්ද ලොව සෑම සංස්කෘතියක්ම තවත් සංස්කෘතියක් හෝ කිහිපයක් මත යැපී සිට පෝෂණය වී ඇති බැවිනි... අපේ සංස්කෘතික අංග තවත් සංස්කෘති විසින් භාවිතා කලද එහි වරදක්ද නැත... මන්ද අපේ සංස්කෘතියට ඒ ඒ අංග ඇතුලු වූයේ තවත් සංස්කෘතියකින් වූ නිසාවෙනි...
ප.ලි. ඉහත සටහනට ඇතැම් කරුණු මාර්ටින් වික්‍රමසිංහයන්ගේ මානව විද්‍යාව හා සිංහල සංස්කෘතිය කෘතියෙන් ලබා ගත් අතර ඉතිරිය මගේ අදහස් බව සලකන්න.
හොද ලිපියක්. විභාගේ අතලග නේද පාඩම් වැඩ කරන්නේ නැද්ද?
ReplyDeleteපාඩම් කරලා රෑට නිදාගන්න කලින් ඇදේ ඉඳන් මොනා හරි පොඩි දෙයක් ලියලයි නිදාගන්නෙ... ඒවා තමා මේ...
Deleteමගේ මොඩ්ල් එකේ එක්කෙනෙක්නේ !! හි හි හි
Deleteඑළ කිරි වගේ ලිපිය.
ReplyDeleteස්තූතියි...
Delete++++++++
ReplyDelete+++
Deleteවැදගත් මේ අදහස්.
ReplyDeleteජයවේවා!!!
ස්තූතියි දුමී... ඔබටත් ජය...
Deleteඇත්ත තමා... ඒත් ගොන් මෝඩ මිනිස්සුන් ට ඕවා කියලා වැඩක් නෑ.
ReplyDeleteබීරි අලින්ට වීණා වාදනය කරලා වැඩක් නෑ තමා... ඒත් ඒවා අහන් ඉන්න හොදට ඇහෙන දෙතුන් දෙනෙක්වත් හරි පැත්තට එනවනම් ඒකයි වටින්නෙ...
Deleteපොඩි ප්‍රශ්ණයක් තියෙනවා. මේ භාශාව මොකක්ද :)
ReplyDeleteNarda jala ara jitham jima jathuru da
Aspa ro ro ro ya ro
සමන් පෙරේරගේ සිංදුවේ කෑල්ලක්නේ... :D
Deleteසිංහල සංස්කෘතියට පිටින් ආ එකම හොද දෙය බුදු දහම පමණි. අනෙක් සියලු දෙයට වඩා දියුණු මට්ටමක සිංහලයා සිට ඇත. හෙළ වෛද්‍ය ක්‍රමය ලෝකයේ අග්‍ර ගණයම වෛදය ක්‍රමය. සුද්දො ඒක තහනම් කරල කාලකණ්නි බටහිට වෛද්‍ය ක්‍රමය ස්ථාපනය කරා. සිංහල අංගම් කලාව නැති කරල දැම්ම. ඒ සැබෑ අංගම් කලාව මේ ලෝකෙ තියන දියුණුම සටන් කලව. මෙහෙම් විනාස කරපු සංස්කෘතියක් තමා අද අපිට තියෙන්නෙ.
ReplyDeleteWedagath karunu tkak, 👍👍
ReplyDelete