Thursday, June 29, 2017

කානුව


"ටිලිං ටිලිං ටිලිං ටිලිං..."

 වේලාව උදෑසන එකොලහ පසුවී මිනිත්තු දහයයි. ඒ පාසලේ දවසේ කටයුතු වල නිමාව හඟවන අප පුල පුලා බලාසිටි සීනුවේ නාදයයි.

 අද අපට විභාග දවසකි. ඒ හේතුවෙනුයි පාසල වේලාසනින් ඇරුනේ. පන්තියේ දොරෙන් පිටවෙනවාත් සමඟ සියලුම දෙනා පාහේ අද පැවති ප්‍රශ්න පත්‍රය ගැන මොනවදෝ කියමින් සිටියේය.

 "අඩෝ... කොහොමද මචං පේපරේ තත්වෙ?" උත්තුංග දේහධාරී සිරුරක් තිබූ පන්තියේ සිටිනවාට වඩා වැඩි වෙලාවක් පාසලේ ජිම් එකේ කාලය ගත කල සහෝදරයෙක් තම මිතුරන් දෙපලකගෙන් ඇසූහ.

"මචං පේපරේ නන් සුපිරි බං... ඒ කොලේ මාර ස්මූද්... ඒකෙන් ආපු සුවදට මට තේරුනේ මම හරියට දිව්‍යලෝකෙ ගියා වගේ... ඒ නිසයි බං මම මුලු වෙලාවෙම නිදාගෙන හිටියෙ..." යැයි කොට මහත බැරල් එකක් වැනි මිතුරෙක්ගේ පිලිතුර විය. මොහු මෙතරම් කොට වූයේ කෙසේදැයි මා බොහෝ කල් සිට කල්පනා කරත් එයට නිශ්චිත පිලිතුරක් මට තවමත් ලැබුනේ නැත. පොඩි උනත් හරිම සැරයි ගම්මිරිස් ඇටේ කියන්නා වාගේ මොහු සරීර ප්‍රමාණයෙන් කුඩා වුවත් සැමවිටම කතාකරන්නේ දහ දොලොස්දෙනෙක්ට වුවත් එකසැරේ නෙලන්න හැකි අයෙකු සේය.

 "අද පේපරේනන් කියලා වැඩක් නෑ... ඇස් යූෂුවල්... කෙලවිලාම ගියා බ්‍රෝ.." යැයි පිලිතුරු දුන්නේ හුඹහෙන් ඇද්දාක් මෙන් සිරුරක් තිබූ විටෙක අප ලෙතාජික් යැයිද බොහෝ අවස්ථාවල පඩාවතී ලෙසද හැදින්වූ මිතුරෙකි.

මොහුට පඩාවතී නම පටබැදුනේ මීට වසර හතර පහකට පමණ පෙරය. අප හත හෝ අට වසරේ සිටිනා විට ගණිත ගුරුවරයා ෂඩාස්‍රයක් කළු ලෑල්ලේ ඇඳ මේ කුමක්දැයි පන්තියේ සියලුම දෙනාගෙන් විමසුවේය. එකවර දිස්ටිය වැටුනාක් මෙන් ආවේස වූ අපගේ පෙර කී මිත්‍රයා "සර් ඔය පඩාශ්‍රය" යැයි පිලිතුරු දුනි. එදා පටන් සියලු දෙනා ඔහුට පඩාවතී ලෙස ආමන්ත්‍රණය කරන්නට විය.

 මේ සියලු දේ කන වැකුනු මා, මගේ ගමන නොනවත්වා ඉදිරියටම ඇදුනේය. මා ඉදිරියට ඇදෙන ගමන් කල්පනා කලේ අද තිබූ ප්‍රශ්න පත්‍රය පිලිබඳවය. ඒ ගණිතය ප්‍රශ්න පත්‍රයයි. ගණිතය යැයි කීවද එහි ඉලක්කම් මා හට දැකගත හැකි වූයේ ඉතාමත් කලාතුරකිනි. එම ප්‍රශ්න පත්‍රයේ වැඩිමනක් තිබුනේ අනුන්ගේ සීනි කිරන ගනයේ ප්‍රශ්න වැලකි.

'අනුලා රු.10000ක් 10%ක වාර්ෂික පොලී අනුපාතිකය යටතේ බැංකුවකින් මුදල් ණයට ගනියි. වර්ෂයක් තුල ඇය ගෙවන පොලී මුදල කීයද?' මේ එක් ප්‍රශ්නයකි.

 මෙය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අනුන්ගෙ සීනි කිරන ගනයේ පැනයකි. මෙවන් දෙයක් ප්‍රසිද්ධියේ පවසන විට අනුලාට ඇතිවන්නේ කුමන ආකාරයේ හැගීමක්ද? අනුන්ගෙ කුණු සොය සොයා ඇති පලේ කුමක්ද? ඇගේ පෞද්ගලිකත්වයට සිදු වන්නේ කුමක් ද? පාසලේ බලධාරීන් මේ පිලිබඳව කිසිවක් නොසිතා මේ තොරතුරු මුදා හැර තිබේ. පහුවදාට අනුලා බෙල්ලෙ වැල දමාගෙන මියගියහිත් එයට ඍජුවම පාසලේ බලධාරීන් වගකිවයුතු බව මතක් කර සිටීමට මම කැමැත්තෙමි.

විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ තත්ත්වයත් මෙසේමය.

'නිශ්චලතාවයෙන් ගමන් අරඹන උත්තෝලකයක් [ලිෆ්ට් එකක්] තත්පර දහයක් තුල ගමන් කල පසු එහි ප්‍රවේගය සොයන්න. හදිස්සියේම උත්තෝලකයේ කම්බිය කැඩී ගියහොත් ගොඩනැගිල්ලේ පහලම ස්ථානයට පැමිණෙන විට එහි ප්‍රවේගය හා එයට ගතවන කාලය සොයන්න'

 උත්තෝලකයේ කම්බිය කැඩී ගිය පසු එය තුල සිටින මිනිසුන්ව බේරාගත හැක්කේ කෙසේදැයි සොයා බලනවා හැර අඩියට යද්දි ප්‍රවේගවල් කාලවල් සොයා මේ පුද්ගලයන් ලබන තුච්ච සතුට කුමක්ද? වර්තමාන සමාජයේ අධ්‍යාපනය තුල මනුෂ්‍යත්වය අලි දමා පාගා ඇති අවස්ථාවකට මෙය කදිම නිදසුනක්‍ ය.

 මේ සියල්ල සිතමින් මම පාර දිගේ ඉදිරියට ඇදුනෙමි. ප්‍රධාන මාර්ගයට යාමට පෙර අපට කුඩා මාර්ගයක් තුලින් යාමට සිදුවේ. එය දෙපස අඩියක් එකහමාරක් පමණ දහජරා වලින් පරිපූර්ණ කානු පද්ධතියක් විය.

 පාරේ ඇවිදගෙන යන විට මා හොද සිහියෙන් සිටි බවට මට හොදට මතකය. එම සිහිය කෙතරම්ද කිවහොත් එක් මොහොතකදී මා ඉදිරියට තැබූ පියවර තබා ඇත්තේ කානුව මතටය. එසැනින්ම ගස් පෙරලෙන්නාක් මෙන් මම කානුව තුලට වැටුනෙමි. මවිසින් පෙර කල පිනකටදෝ මට කිසිදු තුවාලයක් නම් සිදු වූයේ නැත.

 මේත් සමඟම වයසක කාන්තාවක් "අපොයි දෙයියනේ මොකෝ උනේ" යැයි කෑ මොර දෙමින් මා දෙසට දිව ආවාය. ඒ වන විට මා සිටියේ කානුව තුල වැතිරීගෙනය. සුදු පැහැති කලිසම හා කමිසය සම්පූර්ණයෙන්ම කුණු වලුන් ගහනව තිබුණි. මා 'තුහ් තුහ්..' යැයි කෙල ගැසුවේ පෙර මා අත් නොවිදපු රසයක් මගේ දිවට දැනුනු නිසාවෙනි.

 කානුව මගේ ශරීර ප්‍රමාණයෙන් බාගයක් පමණ උස වීය. පෙර කී කෑ මොර දෙමින් පැමිණි කාන්තාව දෙකට නැමී මා දෙසට අත දිගු කලේ මට උදව්වක් කිරීමේ අභිලාෂයෙනි. එනමුත් මා ඇගේ අතගෙන කානුවෙන් පිටතට එන්නට වෙර දරන විට ඇයත් කරුමෙට හෝ කානුව තුලට වැටුනහොත් මා මොන දෙයියන්ට කියන්නදැයි සිතුවිල්ලක් මා තුල හටගත්හ.

 කෙසේ නමුත් ඇයව කානුව තුලට ඇද නොදමා මා කානුවෙන් පිටතට පැමිණියේය. ඒත් සමඟ පාසලෙන් පිටතට පැමිණ සිටි සෙසු ලමුන් මා දෙස යොමුකලේ පිලී ගඳ ගහන කුණු මාළු කෑල්ලක් දෙස බලන ජුගුප්සාජනක බැල්මකි. මට මෙසේ ඉදිරියට ඇදී යා නොහැකි බැවින් නැවතත් බිම බලාගෙන පාසල තුලට ගියෙමි. මා එකවර දිව්වේ පාසල් නාන කාමරය දෙසටය.

 ඒ අසලට යනවාත් සමඟම මගේ හොදම යහළුවා මට අතරමගදී මුණ ගැසුනි. මා දෙස පුදුමයෙන් මෙන් බලාසිටි ඔහු මගෙන් විස්තර අසා මා අස්වසැසූහ. ඒ කෙසේද යත්;

 "මේ පැත්තෙ ගෙවල් වල කුණු සේරම එන්නෙ ඔය කානුවට බං... "

"උඹට ඔය ගද නන් මාසෙකටවත් යවන්න බැරුවෙයි..."

 ලෙස පිලිතුරු දෙමිනි. නාන කාමරය තුලට ගිය මම ඇදුම වතුරෙන් සේදුවේය. ඒ අතර එක් අවාසනාවන්ත දසුනක් මට දකින්නට සිදුවිය. එය නම් මා විසින් ඝාතනය කල අහිංසක ජීවිත තුනකගේ නොසෙල්වෙන මල කඳන් ය. මිය ගිය මකුළුවන් දෙදෙනාගේ අඬු හත් අට පොලකට කැඩී තිබුනි. අනෙකා වන කැරපොත්තා සිටියේ බුල්ඩෝසරයකට යට වූවාක් මෙනි. හීන් සූරුවේ මොවුන්ව අහක් කල මම ඇදුම් සෝදන්නට විය.

 සෝදා අවසන් වූ පසු තෙත ඇදුම්ම ඇඳගෙන අව්වට ගොස් අත පය දිගඇර සිටගෙන සිටියේ ඇදුම් වේලෙන තෙක් ය. ඇදුම් වේලුනු පසු ඉතාමත් ප්‍රවේසමෙන් පාරේ ගමන් කල මම අවසානයේ බස් රථයට නැග මට මේ කුමක් සිදුවූවාදැයි සිතන්නට ගත්තෙමි.

 බස් රථයේදී මා අසල සිටි උදවිය නහය අල්ලාගෙන ඉතා අපහසුවෙන් සිටිනු මා දුටුවේය. තත්වය ඉවසාගෙන සිටීමට නොහැකි වූ මහත්මයෙන් මා දෙස බලා "උඹ නගර සභාවෙද වැඩ කරන්නේ?" යැයි ඇසූහ.

    ප.ලි.
ඉයන්ගේ සම්බෝල කෙටි කතා ගැන දැනගත්තේ අද දවල්... ඒ නිසා ඒකට කෙටි කතා ලියන්න තරම්නන් වෙලාවක් ලැබුනේ නෑ... මොකද මේ ටිකේ විභාග නිසා... ඒත් අද බස් එකේ එනගමන් අවුරුද්දකට විතර කලින් මගේ පොඩි අත්දැකීමක් කෙටිකතාවක් විදිහට ලිව්වා... මේකෙ අඩුපාඩු අනන්තවත් ඇති... මොකද මේක තමා මම ලිව්ව පලවෙනි කෙටි කතාව... කියවලා හොද නරක කියන්න...









 






 

26 comments:

  1. පෙර පාසල් යන කාලයේ අපි පස් දෙනෙක් එකම කාණුවකට වැටිලා හිටිය විදිහ මතක් වුණා...
    එකා උඩ එකා හිටියේ එදා...

    ReplyDelete
    Replies
    1. යකෝ උඹල ‍මොට්ටසෝරි යන කාලෙ ඉඳලම බොනවද? හැක්..

      Delete
    2. බිව්වේ නෑ බොල...
      ආහ් බීලා හිටියා තමයි වතුර...
      විවේකයේ කෑම එහෙම කාලා ඉවර වෙලා හිටියේ...
      මල් වගයක් කාණුවට දාලා දාස්පෙතියා මල් ද කොහෙදෝ අනික් පැත්තෙන් එනවා බලාගෙන ඉන්න කොට එකෙක් ඇවිත් තල්ලු කරා මතක විදිහට නම්...

      Delete
    3. මොන්ටිසෝරි කාලෙම කානු අත්දැකීම් තියෙනවා වගේ... නියමයි නියමයි ...

      Delete
  2. මිථිල:
    උක්තය සහ ආඛ්‍යාතය ගැන සැලකිලිමත් වෙන්න. ( මම - මි)

    ReplyDelete
    Replies
    1. මගෙ සිංහල නන් අන්තිමයි ලිඛිතො... ඒක හදාගන්න ඕනෙ...

      Delete
  3. හොදයි තව ලුනු ඇඹුල් ටිකක් එකතුකලා නම්. මුවහත්වෙන්න තව ලියමු ජයවේවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියෙ... තව ලියලා ලියලා පුරුදුවෙන්න ඕනෙ...

      Delete
  4. +++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  5. ප්‍රථම කෙටි කතාවට සුභ පැතුම්, මිතිල. තරිඳු වගේම කෙටි කාලෙකින් ලිව්ව එකත් වටිනවා.
    කොහොම වුණත් පාරේ යද්දී කල්පනාව කියන එක නම් බොහොම වටිනවා.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. එදා ඉදන් පාරෙ යද්දි මම කානු ගැන හරි අවධානෙන්... ඔයාටත් ජය දුමී...

      Delete
  6. කතාව අගෙයි.
    ඔන්න බලහංකො ඉතිං ප්‍රශ්න පත්තර හින්ද ළමයින්ගෙ ජීවිත විනාශ වෙන හැටි. බොලාට මොකුත් නොවුනත් ජීවිත තුනක්ම විනාස වෙලානෙ.

    ReplyDelete
    Replies
    1. අර මකුළුවව දැක්කම හිත කැඩුනා... උගෙ අඬු සී සී කඩ... :D

      Delete
  7. ලස්සනයි , පවු කොල්ල

    ReplyDelete
  8. මෙන්න ලියලා නොවැ...
    අගෙයි අගෙයි...

    ReplyDelete
  9. මරු !! මිතිල. කාණුවක අත්දැකීමක් බටත් තියෙනවා. වැටිලා නෙවෙයි රිංගලා

    ReplyDelete
    Replies
    1. ඔයාට ස්තූතියි ඉයන් මේ වගේ සම්බෝල කෙටි කතා ලියන්න කට්ටිය උනන්දු කරාට... මම උපන්තේකට කෙටි කතාවක් ලියලා තිබුනෙ නෑ... ඔයාගෙ මේ වැඩේ හන්දා මම කෙටි කතාවකුත් ලිව්වා... ස්තූතියි ඒකට...

      Delete
  10. හාවක් හූවක් නැතුව හිටපු සේරම මෙන්න දැන් අන්තිම මොහොතේ පොල්මැල්ලුම් කයි කතන්දර ගොතලා... මරු මරු..

    ReplyDelete
    Replies
    1. පොල් මැල්ලුම් කොරන්ට තරන් වෙලාවක්නන් තිබ්බෙ නෑ... මේක අන්තිම මොහොතෙනෙ දැනගත්තෙ...

      Delete
  11. නියමයි නියමයි නියමයි

    ReplyDelete