Saturday, July 22, 2017

අපි නොදන්න ටජ්මහල

ආදරයේ සංඛේතය විදිහට ටජ් මහල අම්බානෙකට ප්‍රසිද්ධයිනේ. ඒත් ඇත්තටම ගත්තොත් ටජ්මහල ආදරයේ සංඛේතයක් ද? ටජ් මහල කියන්නෙ අපි හිතන් ඉන්න විදිහෙ එකක් ද? මේ ගැන තමා මම දැන් කියන්න යන්නෙ. මේක ටිකක් දිග ලිපියක්. ඒ නිසා කොටස් වශයෙන් හරි හෙමිහිට කියවන්න. මේක කියෙව්වට පස්සෙ පොඩි කාලෙ ඉඳන් ටජ්මහල ගැන තිබ්බ අදහස වෙනස් වෙන්න පුලුවන්. ඒකට මම වගකියන්නෙ නැති බව සලකන්න.

 අපි මුලින්ම යමු නමට. ඕක හැදුවාය කියලා නම් දරාපු සා ජහාන් මුස්ලිම්නේ. මේ මහල් කියන වචනෙ මුස්ලිම් එකක් නෙමේ. අනික මුස්ලිම් රාජ්‍ය මොකකවත් ගොඩනැගිලි නම් කරන්න මහල් කියන වචනෙ භාවිතා කරලා නෑ. සාමාන්‍ය පිලිගැනීම තමා මේ ගොඩනැගිල්ලේ අග නම උන මහල් කියන එක දැම්මෙ සා ජහාන්ගෙ බිරිඳක් උන මුම්ටාස් මහල්ගෙ නම භාවිතා කරලා කියලා. ඒත් ඒකත් වෙන්න බෑ. මොකද මෙයාගෙ නම මුම්ටාස් උල් සාමේනි. ටජ් හා මහල් කියන වචන දෙකම සංස්කෘත භාෂාවෙන් ආපු දෙයක්.

 හින්දු දේවාලයක් ඇතුලට යද්දි පාවහන් ගලවන්න ඕනෙ. ටජ්මහලේ කිරිගරුඬ වේදිකාව මතට යද්දිත් පාවහන් ගැලවිය යුතුයි. සාමාන්‍යයෙන් සොහොනකට යද්දි පාවහන් පැලදීම අනිවාර්යයයි. ටජ් මහල හින්දු කෝවිලක් කියන්න සාක්ෂි බොහොමයක් තියෙනවා. සමහර ඒවා පල්ලෙහා පින්තූර වලින් දාන්නම්. ටජ් මහලෙ කෙන්ඩියක තියෙන කැටයම් වල 108 කියලා සලකුණු කරලා තියෙනවා. මේ සංඛේතය හින්දු සංස්කෘතියෙන් එන දෙයක්.

 සා ජහාන්ගෙම ලේඛනගත සාක්ෂි වල තියෙනවා මුම්ටාස් බිසවගේ භූමිදාන කටයුතු සදහා ජායිපූර් වල ඒ කාලෙ හිටපු මහරාජා වන Jaysigh ගෙන් බුබ්බුලාකාර ශීර්ෂයක් තියෙන Raja Mansigh මාලියග අත්පත් කරගත්තා කියලා. ටජ් මහල හදන්න සා ජහාන්ට අවු. 22ක් ගියා කියලා ටජ්මහල ඉස්සරහා ඵලකයේ ලියලා තිබ්බට ඒක ලියලා තියෙන්නේ ට්‍රෙවෙනියර් කියලා ප්‍රංශ ආභරණ වෙළෙන්දෙක්ගේ සටහන් ඇසුරින්. ඔය කාලෙම ඉන්දියාවෙ හිටිය පෘතුගීසි පූජකයෙක් වන මැන්රික්ගේ සටහන් වලට අනුව මේකට දහසක් පමණ කම්කරුවන් සේවයේ නිරත වෙලා තියෙනවා. අනිත් කාරණේ තමා එයා පැහැදිලිව කියනවා කලින් තිබ්බ ගොඩනැගිල්ල ඉස්ලාම් ස්වරූපයකට අදාල වන විදිහට අංග එකතු කරා මිස අලුතෙන් ගොඩනැගිල්ල හැදුවෙ නැති බවක්.


 ගොඩනැගිල්ලට ගිය වියදම් කිරිගරුඬ ගැන පැහැදිලි සටහනක් නැති නිසා මේක සම්පූර්ණයෙන්ම සා ජහාන් හැදුවාය කියලා කියන සාක්ෂි සැක සහිත වෙනවා. ඒත් එක්කම සා ජහාන්ගෙ කාලයේ පැමිණි යුරෝපීය ජාතිකයින් අග්‍රා නගරය ගැන තබපු සටහන් වලින් මේ ගොඩනැගිල්ල සා ජහාන් අලුතෙන්ම හදපු ගිඩනැගිල්ලක් නෙමේ කියලා සාක්ෂි සපයනවා.

 1974 දී මර්වින් මිල්ස් කියන මහාචාර්යවරයා ටජ්මහලේ යමුනා ගං ඉවුර අසල තියෙන දොරකින් කැබැල්ලක් කාබන් 14 කාල නිර්ණ පරීක්ෂණ වලට ලක් කරා. ඒක සා ජහාන් රාජ්‍ය කාලයට වසර 300කට එපිට එකක් බව අනාවරණය වුනා. කොහොම උනත් අවාසනාවකට මේ දේ හෙළිදරව් උනාට පස්සෙ අදාල නිලදාරීන් මේ දොර ගලවලා අයින් කරලා එතන සිමෙන්ති වලින් බැදලා ආවරණය කරලා තියෙනවා. දොර ගලවලා ඉවත් කරන්න කලින් ගත්ත ඡායාරූපයක් පහල තියෙනවා.
ලී දොර ඉවත් කිරීමට පෙර

 ගොඩක් පුරාවිද්‍යාඥයින්ගේ මතය වෙන්නේ ටජ්මහල හින්දු දේවාලයක ආකෘතියකට් හදපු එකක් බවයි. ගණ දෙවියන් නිරූපණය කරන අලින්ගේ රූප, හින්දු පූජා වල භාවිතා කරන විශේෂිත පුෂ්පයන්ගේ කැටයම් සහ හින්දු ආගමේ විශේෂ සලකුණක් වූ ඕම් ලාංඡනය ද ටජ්මහල තුල දක්නට ලැබේ.


ටජ්මහලේ අර්ධ ගෝලාකාර ශීර්ෂයේ කොත විශාලනය කරලා බැලුවම ඒක ඉස්ලාම් ආගමේ අඩසඳ පිහිටලා තියෙන විදිහට නෙමේ පිහිටලා තියෙන්නේ. සාජහාන් මේ ගොඩනැගිල්ල ඉදි කරාද? මුම්ටාස් දේවියගේ සිරුර උත්සවාකාරයෙන් මේකෙ තැන්පත් කරාද කියලා නිශ්චිත පිලිතුරක් තාම ලැබිලා නෑ.

 මුම්ටාස් දේවියගේ මරණය සිදුවූ වර්ෂය හරිහැටි කියන්න තාම කවුරුත් දන්නෙ නෑ. ඒක ක්‍රි.ව. 1629, 1630, 1631 හෝ 1632 වර්ෂවලදි වෙන්න ඇති කියලා අනුමාන කරනවා විතරයි. මොකද සා ජහාන්ගේ අන්තප්පුරයේ කාන්තාවන් පන්දාහකට ආසන්න ප්‍රමාණයක් ඉඳලා තියෙනවා. ඉතින් ඒ එක එක්කෙනා ගැන ලිඛිතව දත්ත සටහන් කර තබාගන්න එක ලේසි පහසු දෙයක් නෙමේ.

 සාජහාන් හා මුම්ටාස් දේවිය අතර ඇතිවූවාය කියන ආදරය පස්සෙ කාලෙ ගෙතුවේ සාජහාන්ට ටජ්මහලේ අයිතිය පවරන්න. සාජහාන් මුම්ටාස් දේවිය සමඟ විවාහ වෙන්න කලින් සහ පස්සෙ විවාහ විශාල ප්‍රමාණයක් සිදු කරගෙන තියෙනවා. සා ජහාන් බල ලෝභී මසුරු තැනැත්තෙක් බවයි කියවෙන්නේ. අනික මුම්ටාස් කියන්නේ සාමාන්‍ය පවුලක කෙනෙක්. එයාට මේ තරම් විශාලෙට අවමඟුල් උත්සවයක් දෙන්න රාජවංශිකයන්ට සිතක් පහල වීමත් වෙන්න පුලුවන් දෙයක් නෙමේ.
මුම්ටාස් දේවිය මියගිය ස්ථානය

 මුම්ටාස් බිසව මියගිහින් තියෙන්නේ අග්‍රාවට සැතපුම් 600ක් දුරින් පිහිටි බුර්හන්පූර් හිදී. එයාගෙ සොහොන තාම එහෙ තියෙනවා. ඒ ප්‍රදේශයේ මිනිසුන් කියන දෙයක්තමා මුම්ටාස්ගේ දේහය මියගිහින් මාස හයක් පුරාවට අව්වට වැස්සට හා සතුන්ට නිරාවරණය වෙලා මෙහෙ තිබ්බා කියලා. පහල පින්තූර තියෙනවා. ටජ්මහලෙන් හින්දු සම්භවය නැති කරලා දාන්න මුම්ටාස්ගේ නම අයුතු ලෙස භාවිතා කරලා තියෙනවා කියලා ගොඩක් ඉතිහාසඥයන් චෝදනා එල්ල කරනවා.
මුම්ටාස් දේවියව සත්‍ය වශයෙන් මිහිදන් කලායැයි සැලකෙන ස්ථානය

 මුම්ටාස් දේවිය ජීවත්ව හිටි කාලයේ එයා වෙනුවෙන් මොනම ගොඩනැගිල්ලක්වත් ප්‍රසාධයක්වත් ඉදිකල බවට කිසිදු සාක්ෂියක් නෑ. ටජ්මහල හදන්න ගිය වියදම් ගැන කිසිදු වාර්තාවක් රාජකීය ලියවිලි වල සදහන් වෙලා නෑ. සා ජහාන්ට මේක හදන්න වසර 22ක් සහ සේවකයින් 20000ක් පමණ ගියා කියලා කතාව ගෙතුනට අමුද්‍රව්‍ය ඇනවුම් කිරීම්, මේවට ගිය වියදම් , ගොඩනැගිලි සැලසුම් ආදී කිසිවක් පිලිබඳ ලියවුනු එක කොල කෑල්ලක්වත් නිල ලේඛන වල නෑ.

 සාමාන්‍යයෙන් ඉන්දියානු සම්ප්‍රදාය තුල සොහොනක පැලකරන්නේ සෙවණ තියෙන ගස්. මොකද සොහොනක ගස්වල හැදෙන ගෙඩි ආදිය කෑම අසුභයි කියලා පිලිගැනීමක් තිබ්බා. ඒත් ටජ්මහල අවට වැවෙන්නේ හින්දු පුද පූජා වලට අවශ්‍ය පුෂ්ප හා පත්‍ර දරන ශාක. ඒ නිසාත් ටජ්මහල මුල් කාලීනව ශිව දෙවියන්ව වන්දනා කල හින්දු දේවලයක් බවට විශ්වාස කරනවා.

 සාමාන්‍යයෙන් හින්දු දේවාලයක් හදන්නේ ගංගාවක් හෝ මුහුදක් අසල. ටජ්මහලත් ඒ වගේම යමුනා ගංගාව අසල තමා හදලා තියෙන්නේ. මොහොමඩ් නබි නායක තුමා ඉස්ලාම් ධර්මයේ මෙහෙම කියලා තියෙනවා “යමෙකුගේ සොහොන අප්‍රකට ස්ථානයක් වියයුතුය. අඩුම තරමේ එය සොහොන් ගලක් පිහිටුවා ‍හෝ අනන්‍යයන්ට ප්‍රදර්ශනය නොකල යුතුය”. ඉතින් මේ අනුව ගත්තොත් ටජ්මහල මේ නීතිය සම්පූර්ණයෙන්ම කඩ කරලයි හදලා තියෙන්නේ.

 ටජ්මහලේ හතර දිශාවට පිහිටලා තියෙන සමාන පිවිසුම් ආරුක්කු හින්දු සම්ප්‍රදායේ එකක්. මේකට චතුර්මුකි කියලයි කියන්නේ. ටජ්මහලේ ගෝලාකාර ශීර්ෂය දෝංකාර දෙන අර්ධ ගෝලයක්. ඒත් එක්කම තියෙනවා සංගීත ශාලාවක්. ඒත් ඕක මුස්ලිම් දෙවස්ථානයක් කියලා තමා ගෙතිලා තියෙන්නේ. සාමාන්‍යයෙන් සොහොනකට අවශ්‍ය වෙන්නෙ නිශ්ෂබ්ද වටපිටාවක්. ඒත් හින්දු දේවස්ථාන වල නන් බෙර සීනු නාද තව තවත් තීව්‍ර කරලා ඇහෙන්න මේ විදිහට හදලා තියෙනවා. අනික මේ ගෝලාකාර ශීර්ෂයේ මුදුන නෙළුම් මලක හැඩයක් තියෙන්නේ. මුස්ලිම් ගොඩනැගිලි වල මීට වඩා වෙනස් ආකාරයක් ගන්නෙ.
සංගීත ශාලාව

 ටජ්මහලේ ඇතුල්වීමේ දොරටුව දකුණු පැත්තට තමා තියෙන්නේ. ඒත් මුස්ලිම් ගොඩනැගිලි සම්ප්‍රදාය තුල ඇතුල්වීමේ දොරටු පිහිටන්නෙ බටහිරට මුහුණලා.

 සාජහාන් රජුගේ කාලයේ සිටම මේ දක්වා කාමර 22ක් ගඩොලින් බැඳ සීල් තබා ඇත. ඒවයෙහි හින්දු ආගමට අයත් චිත්‍ර බිත්ති වල හා සිවිලිමේ ඇති බව P.N. Oak මහතා පවසයි. මෙම කාමර වලට පැත්තකින් දිගු කොරිඩෝවක් ඇති අතර මෙම කාමර වරින් වර සීල් ඉවත් කර නැවත සීල් තබා ඇත. 1934 වසරේ දිල්ලියේ විසූ පුද්ගලයෙක් බාගෙට ඇරී ඇති දොරක් තුලින් එබිකම් කර දුටු දෙයින් ඔහු පුදුමයට පත්වූ බව කියැවේ. එනම් එක ගොඩකට ගසා ඇති ශිව දෙවියන්ගේ ප්‍රථිමා හා හින්දු ආගමික චිත්‍ර කාමරය තුල තිබීමයි.
වසා ඇති කාමරයක සීල් ඉවත් කල අවස්ථාවක ගත් ඡායාරූපයක්

 සාජහාන්ට මූගල් අධිරාජ්‍ය හිමිවී වසර දෙකක් හෝ තුනක් ඇතුලත මුම්ටාස් දේවිය මියගියා බව ඔවුන් පවසන අතර මේ කාලයේදී සාජහාන් යුද්ධ විශාල ප්‍රමාණයට මුහුණ දෙමින් සිට ඇත. මේ හේතු නිසා ටජ්මහල සම්පූර්ණයෙන් තැනීමට තරම් රාජ්‍යයේ මුදල් කිසිසේත්ම නොතිබිය යුතුය.

 1973 වසරේ මෙහි ජල බුබුල කැනීමකට ලක් කල අතර එයින් අනාවරණය වූයේ ඊට අඩි 6ක් යටින් තවත් ජල බුබුලක් ඇති බවයි. ටජ්මහල අවට පැරණි හින්දු දේවාල, ආදාහණාගාර විශාල ප්‍රමාණයක් ඇත.

අවිධිමත් ලෙස තැනුනු වා කවුළු

 මෙහි බිම්මහලට පිවිසෙන පියගැටපෙළවල් සාජහාන් රජුගේ කාලයේ සිට බාහිර අයට වසා ඇත. එමෙන්ම බිම්මහලට පිවිසෙන තවත් දොරටු ගඩොලින් බැඳ සීල් තබා ඇත.

 සාජහාන් රජු එයාගෙ ජීවිතයේ අවසන් වසර අටක කාලය අග්‍රාවේම පිහිටි රතු බලකොටුවේ සිරකරුවෙක් වෙලා ඉඳලා තියෙනවා. ඒ එයාගෙම පුතා වන අවුරන්සෙබ්ගෙ අණින්. සාජහාන් මෙම බලකොටුවේ සිටියදී දර්පණ කැබලි කිහිපයකින් ටජ්මහල දෙස බලා මුම්ටාස්ගෙ නම මුමුණමින් සිටි බව කියයි. ඒත් මේක මිත්‍යාවක් විතරයි. සජහාන්ට ලැබුනේ බිම්මහලේ සිරකුටියක්. අනිත් එක ඔය කියන දර්පණ කැබලි රතු බලකොටුවෙ සවි කලේ 1930 ඉන්දීය පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ සහයකයෙකු වූ ඉන්ෂා අල්ල ඛාන් විසිනි. ටජ්මහලේ කාමර 400 සිට 500ක් පමණ ඇති අතර මේවයේ මිනිසුන් ජීවත් වූ බව කියවෙනවා. සොහොනක ජීවත් වීමට කැමති වන්නේ කව්ද? මෙයත් ගැටළුවක්. ඒත් එක්කම සා ජහාන් රජුගේ කාලය අවුල් වියවුල් වලින් පිරිච්ච කාලයක් කියලයි කියන්නේ. එහෙනන් මේ දීර්ඝ ලිපිය ඉවරයි. පල්ලෙහා තියෙන ඡායාරූප ටිකත් බලලා ඔයාලගෙ අදහස කියන්නකො...

මූලාශ්‍ර :

1) http://www.hindunet.org/hindu_history/modern/taj_oak.html

2) http://www.stephen-knapp.com/was_the_taj_mahal_a_vedic_temple.htm

3) http://satyashodh.com/veer_savarkar_remmembered_in_england.htm

4) http://www.hindunet.org/hindu_history/modern/godbole_taj1.html

5) http://www.hindunet.org/hindu_history/modern/godbole_taj2.html








14 comments:

  1. /* සා ජහාන්ගේ අන්තප්පුරයේ කාන්තාවන් පන්දාහකට ආසන්න ප්‍රමාණයක් ඉඳලා තියෙනවා. ඉතින් ඒ එක එක්කෙනා ගැන ලිඛිතව දත්ත සටහන් කර තබාගන්න එක ලේසි පහසු දෙයක් නෙමේ. */

    ඔය කිව්වට ඩේටා බේස් එකක් තියෙන්න ඇති, රෙකෝඩ් පන්දාහක් නේ!
    නැත්තම් කොහොමද රජා නම් මතක තියා ගන්නේ?
    අනික දවසක දෙදෙනෙකු සමග සංසර්ගයේ යෙදුණත්, ආපසු මුල් දෙන්නා හමුවෙන්න අවුරුදු හතක් විතර යනවානේ. ඒ දන් සීට්ටුවවත් අඩු ගානේ ලේඛන ගත කරලා තියෙන්න ඇති!

    ReplyDelete
    Replies
    1. ෂාහ්-ජහාන් කියන්නේ පිරිමියෙක් මිසක් නුඹවහන්සේ වගේ නපුංසකතුමෙක් නොවුනු නිසා ප්ලෑන් කරල වැඩේ ගොඩදාගන්නැති, නපුංසකයින්ට නම් ඔව්ව මැජික්.

      Delete
    2. හා මචං, මං මගේ බිරිඳ එක්ක සතුටෙන් ඉන්නම්, ඔහේ ගිහින් 5,000 ක් කළමනාකරණය කර ගනිංකෝ!

      Delete
    3. සාජහාන් හිටපු කාලය හරිම වියවුල් කාලයක්... ගොඩක් යුද්ධ තිබුනා... හැම කෙනා ගැනම නැතත් මෙවා ගැන ලියවිලා තියෙන්න පුලුවන්...

      Delete
  2. Brilliant post Dyone ! Well written & very informative. It's really interesting to see this kind of blog posts. I will further study about this as well thanks for the post. Please be careful and take reasonable care against the jealousy bloggers who attempts to discourage yourself by trolling & bullying.

    Anyway I humbly request from all of those so called "Senior bloggers" please don't play with this innocent youngster, who is inexperienced about your blog politics. Please let him continue thus.

    @ Pra Jay

    Please don't give lame excuses & just act as a reasonable person, a matured gentleman, please. Enough is enough!

    ReplyDelete
    Replies
    1. Thanks for reading my articles... Self study is the best way to gain knowledge... So above references will help you for that...

      Delete
  3. මේ කියන කාරණාත් එක්ක සාජහන්-මුම්ටාස් ප්‍රේම වෘත්තාන්තය ප්‍රශ්නගත වෙනවා වගේම අපේ රටේ දස්කොන්-ප්‍රමිලා ආදර කතාවත් ප්‍රශ්නගත වන බවට යම් යම් කරුණු ඉදිරිපත් වෙනවා. මොකද ඉතිහාස කතා ඇතුළෙ ප්‍රේමය, විරහව වීරත්වය වගේ දේවල් උත්කර්ෂයට නැංවුවාට ඒ දේවල් ඇතැම් විට පසුකාලීන සාහිත්‍යකරුවන් අතින් සිද්ධ වුණ දේවල් බව පැවසිය හැකියි.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම දස්කොන් ප්‍රමිලා කතාවත් ප්‍රශ්නගත වෙනවා... මේ වගේ හාර අවුස්සලා දේවල් හොයද්දි තමා නිවැරදි ඉතිහාසය මතු වෙන්නෙ...

      Delete
  4. අපොයි එතකොට ඉතිහාසය සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. කොහොමත් අන්තපුරයේ කාන්තාවෝ 5000 විතර උන්න නම් සාජෙහාන් අවංක පෙම්වතෙක් වෙන්න බෑ.

    ReplyDelete
    Replies
    1. පන්දාහ නිශ්චිත අගයක් නන් නෙමේ... ඒත් සාජහාන් හොද පෙම්වතෙක්නන් නෙමෙ... උඩ ලියන්න බැරි වුන දෙයක් තියෙනවා... මුම්ටාස් මැරුනාය කියන්නෙ එයාගෙ 14වෙනි ලමයා ලැබෙන්න ඉද්දි... මුම්ටාස් මැරිලා දවස් හතක් යන්න කලින් එයාගෙ නංගිව සාජහාන් බදිනවා... ෂෝක් ආදරේ...

      Delete
  5. ආදරේ සංඛේතය හැටියට තාජ්මහල යොදා ගත්තට ඔය සහජාන් කියන්නේ ඒ හැටි හොද එකෙක් නෙවෙයි කියලානම් දැන ගෙන උන්නා. ඒත් මේ තරම් විස්තර අද තමා මේ ගැන දැන ගත්තේ.

    ReplyDelete
  6. අපි දැණන් හිටිය දෙවල්වල අනිත් පැත්ත අදයි දැනගත්තේ. ස්තූතියි ලිපියට.
    මිතිල. මෙච්චර වටිනා බ්ලොග් එකක් අවුල්වෙන්න දෙන්න එපා.

    ජයවේවා!!!

    ReplyDelete
  7. මුගල් වරුන් මේ ලෝවම පාලනය කල විශිෂ්ට රණශූරයන්.ඉස්ලාම් භක්තිකයන් වන ඔවුන් මනා දේශපාලන දැනුම ප්‍රගුණ කල උන්. ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා මෙන් දෙගුණයක් බලවත් චක්‍රවර්ති රජෙක් තමා ගෙන්ගිස් ඛාන් . මොවුන් ලොවට දායාද කල නිමැවුම් බොහොමයි . ඉතින් ඔහොම ඉතිහාසයකට උරුම කම් නැති උන් අන් අයගේ නිමවුම් තමන්ගේ බවට‍ සාධාරණීය කරණය කරලා හරි පොඩ්ඩක් හිත හදා ගන්නවා ... ගැණු 5000ක් හිටය කියන එකට රෙකොර්ඩ් නැහැලු ඒවුනාට ලියපු එකාට ෂුවර් ලු. අනේ කාලේ වනේ වාසේ ... හිහ්

    ReplyDelete
  8. ඇත්තටම හොදතොරතුරු එකතුවක්.😊

    ReplyDelete