ලස්සන කියන දෙය මට ගොඩක් වැදගත් වුන කාලයක් තිබුනා. ඒ වෙනකොට මට වයස අවුරුදු හයක් හෝ හතක් ඇති, ඒ අනාථ නිවාසය මාව වයසක මනුස්සයෙක් කරන්න සති කිහිපයක් හෝ උපරිම මාසයකට විතර කලින්.
උදෙන්ම අවදි වෙලා ඇඳ පිළිවෙලකට හදලා පෝලිම් දෙකෙන් එක පෝලිමක හිටගෙන ඉන්නවා උදේ කෑම එක අරගන්න. මාත් එක්ක තව පිරිමි ළමයි තිහක් හතලිහක් වගේ හිටගෙන ඉන්නවා.
ඔය අතරෙ සෙනසුරාදා දවසක උදේ වරුවේ මම කොරිඩෝවෙ ඉදන් ඈත බලාගෙන ඉන්නකොට දැක්කා අපිව බලාගන්න කළු නෝනාව. එයා අනාථ නිවාසෙ වටේ තිබුණු පදුරු අස්සෙ හිටපු සමනල්ලු පස්සෙ දුවනවා. මම මේක දිහා හොදටම බලාගෙන හිටියා. එයා නෙට් එකකින් සමනල්ලුව අල්ල ගත්තා. ඊට පස්සේ කාඩ්බෝඩ් කැබැල්ලක් අරගෙන සමනලයව ඇල්පෙනිති දෙකකින් කාඩ්බෝඩ් එකට තියලා තද කරා. ඇල්පෙනිති ගැහුවේ ඔලුවටයි අත්තටුවකට යි.
මේ වගේ ලස්සන සතෙක්ට මෙහෙම කරන එක මොන තරම් කෲර ද? මම ගොඩක් වෙලාවට ඔය පඳුරු ළඟ් ඉන්නකොට සමනල්ලු මගේ ඔලුව, මුහුණ , අත් උඩ වහනවා. එතකොට මට එයාලව හොදට දැක බලාගන්න පුලුවන්.
දුරකථනය නාද වෙන්න ගත්තු නිසා කළු නෝනා කාඩ්බෝඩ් කැබැල්ල සිමෙන්ති පඩිය උඩ තියලා යන්න ගියා. ඒත් එක්කම මම එතනට දුවලා ගිහින් කාඩ්බෝඩ් එක දිහා බැලුවා. ඌ තාම මැරිලා නෑ. තවම පණ තියෙනවා. කාලෙකට පස්සෙ මට පුදුම සතුටක් දැනුනා. මම උගේ ඔලුවට ගහලා තිබ්බ ඇල්පෙනිත්ත ගැලෙව්වා. ඒත් එක්කම මේ සමනලයා පියාඹන්න උත්සහ කරනකොටම ඇල්පෙනිත්ත ගහලා තිබ්බ තටුව උගෙන් වෙන්වුනා. මම සමනලයවයි වෙන්වුනු අත්තටුවයි අතට අරගෙන ඒවා එකතු කරන්න උත්සහ කරා. අත්තටුව එකතු කරන්න පුලුවන් වුනොතින් නෝනා එන්න කලින් මෙයාට පියාඹල යන්න පුලුවන්. ඒත් මගේ උත්සහය සාර්ථක වුනේ නෑ.
ඒත් එක්කම කුණු දාන කාමරය පැත්තෙ ඉදන් කළු නෝනා මට කෑ ගහගෙන මේ පැත්තට එනවා දැක්කා. මම එයාට කිව්වා මම මුකුත් කරේ නෑ කියලා. ඒත් එයා ඒක විශ්වාස කලේ නෑ. එයා කාඩ්බෝඩ් එක අරගෙන ඒකෙන් මගෙ ඔලුවට ගහගෙන ගහගෙන ගියා. සමනළයගේ කොටස් සී සී කඩ විසිරිලා ගියා. මට කාඩ්බෝඩ් එකෙන් තඩිබාලා එයා යන්න ගියා.
එතනම තිබුනු විශාල ගහ යට දූවිලි ගොඩේ මම ඉදගෙන ගොඩක් වෙලා උත්සහා කරා සමනලයගෙ කොටස් ටික එකතු කරන්න. එතකොට සම්පූර්ණ සමනලයවම මට වළදාන්න පුලුවන්. ඒත් මේ කොටස් එකතු කරන එක හිතන තරම් ලේසි වුනේ නෑ. මම මෙයා වෙනුවෙන් යාච්ඥා කරා දෙවියන්ට. ඊට පස්සෙ පරණ සපත්තු පෙට්ටියක සමනලයව දාලා පඳුරු ලගම වැලලුවා.
එදා ඉදන් අනාථ නිවාසෙට එන හැම සමනලයෙක්වම මම එළවනවා. මොකද අනාථ නිවාසයක් කියන්නේ ජීවත් වෙන්න හොද තැනක් නෙමේ. ඊටත් වැඩිය මේක මැරෙන්න හොද තැනක් නෙමේ.
Feel so sad.... :'(
ReplyDeleteIs this a fiction or your real exp.? Pls explain to me.
God bless you !
This is a fiction... but based on one of my friend's experience...
Deleteඅනේ මල්ලී.. ඒක හරිම දුකයි.. ඔයාට මෙහෙම එකක් ලියන්න වස්තු බීජය කොහොමද ලැබුනේ.. හරිම ලස්සනයි... හුඟක් දුකයි...
ReplyDeleteමම හැම මාසයකම නිවාඩු ලැබෙන හැම වෙලාවෙම අනාථ නිවාසයකට යනවා... ගිහිල්ලා දවසම වාගෙ එයාලත් එක්ක ඉන්නවා... එහෙදි අහන්න දකින්න වෙන අත්දැකීම් තමා ඔය... මගේ හොද යාලුවෙක් ඉන්නවා එයත් මේ වගේ තැනකින් ආපු කෙනෙක්... ඒ හන්දයි මම අනාථ නිවාස වලට මේ තරන් යන්න පෙළඹුනේ...
Deletenice writing
ReplyDeleteThanks pra jay...
Deleteමුලින්ම ඇනෝ අහපු ප්‍රශ්නෙම තමයි මටත් එකවර ඇති උනේ...
ReplyDeleteකෙසේ නමුත් සංවේදී ලියවිල්ලක්...
නිමිත්ත උඩ ලිව්වා...
Deleteනිමිත්ත කිම?
ReplyDeleteනිමිත්ත උඩ ලිව්වා...
Deleteසංවේදී සටහනක් ඔබේ නිර්මාණශිලිත්වය ඉහලින් අගය කරමි
ReplyDeleteවිචාරක දියණිය
අපූරුයි මල්ලි.
ReplyDeleteජයවේවා!!!
බෙහෙවින් රසවත් යාළුවේ.
ReplyDelete