“සමරකෝන් මැරුණේ නැත. අපි ඔහු මැරුවෙමු. රජයත් පණ්ඩිතයනුත් එකතු වී ඔහු අමු අමුවේ මරා දැමූහ. ඔහු මලවුන් අතරය. අප මරුවන් අතරය.” ලෙස පියල් වික්‍රමසිංහ විසින් රිවිදින පත්‍රයට ලියූ ලිපියක් අවසන් කරයි. ආනන්ද සමරකෝන් යන නම කියූ පමණින් ඔහුව නොදන්නා අයෙක් නැත. මන්ද පාසල් යන කාලයේ පටන් ම ඔහු ජාතික ගීයේ නිර්මාතෘ ලෙස අපට ඉගැන්වූ බැවිනි. අද තිබෙන ජාතික ගීය අපගේ ජාතික ගීය ලෙස තේරී පත් වුනේ කෙසේ ද? එහි කතාව කුමක් ද? ආනන්ද සමරකෝන් හට ජාතික ගීය ලිවීම නිසා අවසානයේ අත්වුනේ කිනම් ඉරණමක් ද? යන වග සොයා බලමු.
අප රට විවිධ කාල වලදී විවිධ ජාතීන්ගේ ග්‍රහණයට නතුව තිබුණි. බ්‍රිතාන්‍ය යටත් විජිතයක් ලෙස අප සිටි කාලයේ දී ලංකාවේ ජාතික ගීය වූයේ බ්‍රිතාන්‍යයේ ජාතික ගීය වන "ගෝඩ් සේව් ද කිං" (God save the king) ය. බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස් වීම උදෙසා නිදහස් සටන් ගෙන ගිය කාලයේ දී සිංහලයන් විසින් 'දින දින දිනෙ දිනෙ සිරිලක ජාතික ආලේ' නම් වූ එස්. මහින්ද හිමියන් විසින් රචනා වූ ගීයක් ජාතික ගීය ලෙස භාවිතා විය. ඉන්පසු ඇම්.ජී. පෙරේරා හා සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නංගර විසින් රචිත ගීත දෙකක් ද ජාතික ගී ලෙස භාවිතා විය. එනම් එකල ජාතික ගීය ලෙස නිශ්චිතව සැවොම පිලිගත් එකක් නොවීය.
මේ නිසා 1948 වසරේ ජනවාරි මාසයේ දී ලංකා ගාන්ධර්ව සභාව විසින් ජාතික ගීය තේරීමේ තරඟයක් පැවැත්වුණි. මෙහි තේරීම් කමිටුව සදහා ද්‍රවිඩ විනිසුරුවන් ද ඇතුලත් විය. එස්.එල්.බී. කපුකොටුව, එල්.එල්.කේ. ගුණතුංග, ලයනල් එදිරිසිංහ, පී.බී. ඉලංගසිංහ, ආචාර්ය ඕ.එම්.ඩී.ඒ විජයසේකර, මුදලිඳු ඊ.ඒ. අබේසේකර යන අය එහි වු සිංහල විනිසුරුවන් ය.
තරඟය සදහා බොහෝ ගීත ඉදිරිපත් වුවද සෑහීමකට පත් විය හැකි ගීයක් ඒ තුලින් ඉදිරිපත් වූයේ නැත. ඒ නිසා වෙනත් අයෙකු ලවා ජාතික ගීයක් නිර්මාණය කරවා ගැනීම කමිටුවේ අදහස විය. විනිසුරු මඩුල්ලේ ආරාධනාව යොමු වූයේ විනිසුරු මඩුල්ලේ ම සාමාජිකයෙක් ව සිටි පී.බී. ඉලංගසිංහ වෙතයි. ඒ අනුව ඔහු විනිසුරු මඩුල්ලෙන් ඉවත්ව ජාතික ගීයක් රචනා කළේය. පලමු නිදහස් උළෙලේ දී ගායනා කල මෙම ගීය "ශ්‍රී ලංකා මාතා පාලා යස මහිමා" වූ අතර ලයනල් එදිරිසිංහ විසින් එය සංගීතවත් කළේය. මෙයට එකල රුපියල් දෙදහසක ත්‍යාග මුදලක් හිමි විය.
ජාතික ගීයේ සංගීතඥයා හා පද රචකයා යන දෙදෙනාම විනිසුරු මඩුල්ලේ සිටි සාමාජිකයන් වූ නිසා එයට ජනතා විරෝධයක් එල්ල විය. ඒ හේතුවෙන් ජාතික ගීය සදහා වෙනත් ගීතයක් සෙවීමට වෙහෙසවූ විනිසුරු මඩුල්ල ඒ වන විට දේශාභිමාන ගීයක් ලෙසින් තිබූ ආනන්ද සමරකෝන්ගේ "නමෝ නමෝ මාතා" ගීතය තෝරාගත්තේය.
ආනන්ද සමරකෝන් විසින් මෙම ගීය ලියන්නේ ඔහු චන්ද්‍රා සෙනෙවිරත්න නම් තම පලමු බිරිය සමග ඉන්දියාවට ගොස් තාගෝර්ගේ සංගීතය හදාරා නැවත ලංකාවට පැමිණි පසුයි. සංගීතය හදාරා යැයි කීවද ඔහුට අහවර කරගත හැකි වූයේ එම අධ්‍යාපනයෙන් අඩක් පමණි. ඔහු ලංකාවට ආ පසු උපතින් ලැබූ ජෝර්ජ් විල්ෆ්‍රඩ් අල්විස් සමරකෝන් යන නම ආනන්ද සමරකෝන් ලෙස වෙනස් කර එතෙක් අදහමින් සිටි කතෝලික දහමෙන් බුදු දහමට පරිවර්තනය විය.
ඔහු මෙම ගීය 1940 වසරේ ඔක්තෝබර් විසි වෙනි දින ලිවීම ආරම්භ කරයි. එසේ එය ලියා අවසන් කර එකල ඔහු උගන්වමින් සිටි මහින්ද විද්‍යාලයේ ළමයින්ට ද මෙම ගීතය ඉගැන්වීය. මාර්ටින් වික්‍රමසිංහ හට මෙහි ගුණ දොස් බැලීමට දුන් විට එහි කිසිදු දොසක් ඔහු පැවසුවේ නැති බව සමරකෝන් කියයි. මෙම ගීතය තරමක් ජනතාව අතරට යන්නේ ඔහු විසින් රචිත 'කුමුදුනී' නම් කෘතියට මෙම ගීතයත් ඇතුලත් කිරීම හරහා ය. එයින් ලද ප්‍රසිද්ධිය නිසා එච්.එම්.වී. ගීත තැටි සමාගමේ ගීත තැටියක් සදහා ද මෙම ගීතය ඔහු විසින් දෙන ලදි.
ජාතික ගීය ලෙස සමරකෝන්ගේ ගීය තෝරාගත් කාලයේ ඔහු සිටියේ ඉන්දියාවේ ප්‍රදර්ශන පවත්වමිනි. ඔහුගේ ගීතය ජාතික ගීය ලෙස තේරීපත් වුන බව ඔහුට දැන්වුවත් ඔහු ලංකාවට පැමිණියේ නැත. එමනිසා 1949 දෙවන නිදහස් උළෙලේ අමාත්‍ය කමිටුවේ ප්‍රධානත්වය දැරූ එවකට මුදල් අමාත්‍ය වූ ජේ.ආර්. ජයවර්ධන හට මෙම ගීතය කා ලවා පුහුණු කරවන්නේ දැයි ප්‍රශ්නයක් හට ගත්තේ ය. ඔහු ඒ සදහා මර්සලින් ජයකොඩි පියතුමාව තෝරා ගත්හ.
මර්සලින් ජයකොඩි පියතුමාව හමුවට ගිය ජේ.ආර්. ජයවර්ධන මෙම යෝජනාව පියතුමා හට ඉදිරිපත් කල විට ඔහු එයට බොහෝ සෙයින් කැමති විය. එමෙන්ම ජේ.ආර්. ජයවර්ධන මෙම ගීතය මියුසියස් බාලිකා විද්‍යාලයේ සිසුවියන් ලවා පුහුණු කරවීමට යෝජනා කල අතර මර්සලින් පියතුමා එයටද කැමැත්තෙන් එකඟ විය. 1949 වසරේ ජාතික නිදහස් දින උත්සවයේ දී මෙම ගීතය ගැයුව ද එයට නිළ පිලිගැනීම ලැබුනේ 1951 වසරේ දී ය. එහි නිල ප්‍රකාශය නිකුත් කලේ 1952 වසරේ මාර්තු මස 12 වෙනි දින ය. මුලදී ජාතික ගීයට නිශ්චිත තනුවක් තිබුනේ නැත. ඒ අනුව 1953 වසරෙන් පසුව මෙයට නිශ්චිත තනුවක් නිර්මාණය කර ඒ තනුව අනුව පලමු වරට ගායනා කිරීමට සීදුව අන්ධ විද්‍යාලය, ගුවන් විදුලි පෙරදිග තූර්ය වාදන කණ්ඩායම හා යුධ හමුදා අපරදිග තූර්ය වාදන කණ්ඩායම සහභාගි විය. අලුත් තනුව අනුව ජාතික ගීය පලමු වරට තැටිගත වූයේ 1954 වසරේ දි යි.
ජාතික ගීය නිර්මාණය වෙනුවෙන් ආනන්ද සමරකෝන් හට රුපියල් එක්දහස් දෙසිය පනහක මුදලක් දීමට රජය සූදානමින් සිටියේ ය. එහෙත් මෙම ගීතය 'කුමුදුනී' නම් ගීත සංග්‍රහයේ එන ගීයක් වූයෙන් එහි ප්‍රකාශක වූ මරදානේ ටී.කේ.ඩබ්ලිව්. සිරිවර්ධන මහතා විසින් එම මුදල හීමි විය යුත්තේ තමාට බව පවසමින් උසාවියෙන් ඉල්ලීමක් කළේය. අවසානයේ දී විනිසුරු විසින් පොත් ප්‍රකාශකයාට පක්ෂව තීන්දුව ලබා දී "නීතියට අනුව කරුණු මෙහෙම් වුනත් මේක ජාතික නිර්මාණයක් නිසා මුදලින් භාගයක්වත් සමරකෝන් මහතාට දුන්නොත් හොදයි නේද?" යැයි පැවසීය. ඉන්පසු පොත් ප්‍රකාශක පවසා සිටියේ මුල සිටම ඔහු මුදලින් අඩක් සමරකෝන් හට ලබා දීමට කැමැත්තෙන් සිටි බවයි.
පලමු බිරියගෙන් දරුවන් නොලද සමරකෝන් හට දෙවෙනි බිරියගෙන් ලැබුණු පලමු පුත්‍රයා ද වසර කිහිපයකින් පසු රෝගාතුරව මියයයි. "නිවී පහන නිවී ගියා" ගීතය ඔහු රචනා කරන්නේ එම ශෝකය නිසාවෙනි. 1956 දී බලයට පත් බණ්ඩාරණායකගේ අදහසකට අනුව 'සංස්කෘතික කටයුතු පිලිබඳ අමාත්‍යංශය' පිහිටවූ අතර එහි අරක්ගෙන සිටි නිලධාරීන් විසින් සමරකෝන් හට ලබා දුන්නේ ලංකා කලා මණ්ඩලයේ කලා සහකාර ධූරය කි. එයත් වසර දෙකකට පසු එහි පත් වූ නව සභාපතිනිය විසින් අහේතුකව ඔහුව සේවයෙන් නෙරපයි. ඉන්පසු ගුවන් විදුලියේ දොර ඔහු වෙනුවෙන් විවෘත වුවද එයත් 1959 දී වැසී ඔහුව දොට්ට දමන්නේ ගෙවන්න මුදල් නැති බව පවසමිනි. තමන්ට ජීවත් වන්නට ආදායමක් නැති බවත් තමන්ට කුමක් හෝ රස්සාවක් ලබා දෙන ලෙසත් සංස්කෘතික අමාත්‍යංශයට ඔහු ලිපි ලීවද එයින් ඔහු ලද ප්‍රථිචාරයක් නැත.
රටක ජාතික ගීයේ නිර්මාතෘ යැයි කී විට ඔහුට හෝ ඇයට හිමි වන්නෙ ඉහළ ගෞරවයකි. එහෙත් සමරකෝන් ජීවත්ව සිටි කාලයේ දී ඔහුට එම ගෞරවය හිමි වූයේ නැත. මෙම සියලුම දේ නිසා ඔහු බොහෝ කලකිරීමෙන් සිටියේය. ඔහුගේ කලකිරීම දෙගුණ තෙගුණ කලේ තමන් ලියූ ජාතික ගීය තමන්ගේ අවසරයෙන් තොරව වෙනස් කිරීමයි. එනම් ඔහු ලියූ ජාතික ගීය ආරම්භ වන්නේ 'න' අක්ෂරයෙනි. 'න' අක්ෂරය අපාය අක්ෂරයක් යැයි පවසමින් ආරම්භයට 'ශ්‍රී ලංකා මාතා' යැයි යොදා සංශෝධනය කලේය.
මෙසේ තමන්ගේ නිර්මාණ තමුන්ට නොදන්වා වෙනස් කිරීම් නිසාද බොහෝ සිත් තැවුලට පත් වී සිටි සමරකෝන් 1962 වසරේ මාර්තු මස දෙවෙනි දින තම මවගේ උපන්දින සාදයට සහභාගි වී තම නිවසට පැමිණ ලබාගත්තේ නැවත අවදි නොවන නින්දකි. අසල කාමරයේ සිටි තම බිරිඳ සමරකෝන් සිටි කාමරයේ දොර කඩා බලන විට ඔහු නිද්‍රාසන්නව සිටි අතර ඔහු අසල අරක්කු බෝතලයක්, සිගරට් කොටයක් හා නිදි පෙති කුප්පියක් ද විය.
අවසානයේ නිදිපෙති 25ටත් 30ටත් අතර ප්‍රමාණයක් ගැනීම මරණයට හේතුව යැයි දොස්තර ඇම්. මනෝදරන් විසින් පෙන්වා දෙන ලද නමුත් මෙය සියදිවි නසාගැනීමක් නොව අත්වැරැද්දකින් සිදුවූ මරණයකැයි හදිසි මරණ පරීක්ෂක ජේ.එන්.පී. කිරුචෙල්වම් මහතා තීරණය කරන ලදි. ඔවුන් එසේ කලේ මෙම ජාතික වීරයාගේ මරණය හෑල්ලු නොකිරීමටයි.
මිය යාමට ටික කලකට පෙර සමරකෝන් විසින්, ජාතික ගීයේ පද වෙනස් කිරීම සම්බන්ධයෙන් මෙසේ සටහන් කළේය. “මෙයින් මගේ සිත තුළ හටගෙන ඇති බලවත් චිත්ත වේදනාව කවදාමුත් කෙලවර වන්නේ මගේ මරණයෙන් පමණක් බව මම දනිමි. මෙවැනි අපරාධ කෙරෙන සිත්පිත් නැති රජයක් යටතේ තවදුරටත් දිවි ගෙවනවාට වඩා මෙම මොහොතේම මියයෑම සැපතකි”
වටිනා ලිපියක්!
ReplyDeleteස්තූතියි...
Delete+++++++++++++++++
ReplyDelete+++++
Deleteස්තුතියි .....
ReplyDeleteස්තූතියි මෙහාට ගොඩ වුනාට...
Deleteමටනම් හිතෙන්නේ ජාතික ගීයයි, කොඩියයි දෙකම අවුල්...
ReplyDeleteජාතික ගීය මීට වඩා ඇඟට දැනෙන තේජාන්විත් ගීතයක් වුනා නම් හොඳයි...මේක හරි නිදිමත ජාතික ගීතයක්..
ජාතික කොඩියේ නිදිඅත, කම්මැලි අපේ රටෙත් නැති සිංහයව අයින් කරලා ඇතෙක්ව දැම්මනම් මරු...
සමරකෝන්ගෙන් ජාතික ගීය ගැන අහද්දි එක තැනක මෙහෙම කියනවා; "මා මේ ගීය වැඩි වැදගත් එකක් හැටියට සලකන්නේ නැත. එහෙත් එය ස්වදේශානුරාගික හැඟීම් උපදවන හා එය කෙරෙහි ඇති ඇල්මෙන් ප්‍රබෝධවන සමූහ ගීයක් බව මම දනිමි. බොහෝ දෙනා මේ ගීයේ ප්‍රාණවත්කම මඳ බව ගණ වැරදි බව පෙන්නුම් කරති. මට කරන්නට දෙයක් නැත."
Deleteඔය අලස ප්‍රශ්නෙ එදත් තිබිලා තියෙනවා... සිංහයා ගැන ගත්තොත් පෙනුමට ඉන්න හන්දනේ දාලා තියෙන්නෙ... තේජාන්විත කමත් පෙනුමෙන් එන්නේ... ඇත්තට නෙමේ... මොකද සිංහයා කියන්නේ අලස සතෙක්... ඌ දවසෙන් වැඩි හරියක් නිදාගන්න එකයි කරන්නේ... සිංහ ධේනුව තමා දඩයම් කරලා කෑම හොයන්නේ...
ඉතා වටිනා ලිපියක්!
Delete"සිහලයා උපන්නේ සිංහයාගෙන් !" වැනි ප්‍රවාද මමද බැහැර කරමි. එසේම "හිංග - ලේ" වැනි කයිවාරුද "කරච්ච - ලේ" ගානට දමා ඉවසා සිටිමි.
එහෙත් කොඩියේ සිංහයා වාතයක් කරගන්නට ඇවැසි නොවේ..
ඊට ඇතෙක් යෙදූ පමනින් අපේ ජීවිත වලින් අලසකම යනවා නම් අප යෙදිය යුත්තේ චීටෙකි!
මන්ද ඌ එතරම්ම වේගවත් සතෙක් වන බැවිනි.
ස්කොට්ලන්තයේ ජාතික සත්වයා යුනිකෝන් නේද? එංගලන්තයේ රාජ්ය ලකුනේ මේකා හිටගෙන හිටියා නේද?ඒත් ඒ රටේ උන්ට ඒක ප්‍රශ්ණයක් උනා යැයි මා නොසිතමි . එසේ උනා නම් උන් අපි වගේ කං කෙඳිරි ගාමින් නොසිට ඊම රටට ගලපෙන ගැඩවිලෙක් යොදා ගනීවි. මොකද උන් අපිට වඩා ඊ පැත්තෙන් බොහෝ පිටුපසිනි. අපි යොදාගෙන ඉන්නේ අපේරටේ නොහිටියත් මිහිපිට ඇති තිරිසනෙකි.
එල්ටිටීඊ කොඩියට කොටියා දාපු එකට කවුරුවත් චැලෙන්ජ් නොකරණ්නේ උන් අපේ සූ එකේ හරි ඉන්නා නිසා හරි වියයුතුය!
මීට කලකට පෙර ජාතික ගීතය ලෙස "ලංකා ලංකා පෙම්බර ලංකා...." ගීතය යොදා ගන්නට ගියා. නමුත් එය ලොප් උනා මං හිතන්නේ ඒ සින්දුව මැද්දේ රාවණ , ගැමුණු , විජය බා වගේ හිංගල කෙලි කාරයො ලැයිස්තුවක් අන්තර්ගත වන නිසා වෙන්න ඕනෑය!
ඒක දාලා සුළු ජාතියේ හිත රිදුනොත් අවුලක් විය හැකියැයි සිතුවා විය හැකිය.
මේ අපේ රටේ බක පණ්ඩිතයින් හිතනා ආකාරයය.
එම ගීතය ජාතික ගීය ලෙස තෝරා ගත යුතු යැයි මා මින් අදහස් නොකරමි. එහෙත් සුළු ජාතීන් හා කරණා ගනුදෙනු වලදී අප ඔවුන්ට ලබාදිය යුත්තේ ගෞරවණීය සම අයිතියක් විනා ඔවුන් ඉදිරියේ නිවට වීමක් නොවේ.
අහලා තියේද වෙද මහත්තයා පොලේ ගිය කතාව. ඒකෙ අනිත් එක තමයි පවතින ගීතයකින් එකක් ජාතික ගීතයට තෝරා ගන්නට ගිය විට වෙන්නේ! ඒ නිසා අලුතින් එකක් ලියා ගත යුතුය. ඒක කවුද ලියන්නේ? ඌ ද? මූ ද ? අරූද? ඌ උන්ගේය! මූ මුන්ගේය! අරූ අරුන්ගේය! එතනින්ම වැඩේ හබක් වනු නියතය!
මේ සියල්ල බලා නිර්මාණය කල සේකරගේ ජනරජ ගීතයට වුන දේ මා මෙහිදී කියන්නට යන්නේ නැත!
ඉන්දියාවේ ජාතික ගීය ගැයෙන්නේ බෙංගාලි බසිනි. මොකෙක් වත් ඊට චැලෙන්ජ් කරණ්නට යන්නේ නැත!
වඩා ගැම්මකින් ෆෝ ෆෝ බීට් එකට වදින ගීතයක් ඇත්නම් මරුය. එහෙත් එයින් ජාතියක් නින්දෙන් අවදි වනවා යැයි සිතන්නේ නම් ඒ ගැන කියන්නට ඇත්තේ "අහෝ දුකකි!" කියා පමණකි.
මොකද කියන්නේ දාමුද ජාතික ගීතයට සීටී ගෙ "අවදි වන්න අවදි වන්න.... " සිංදුව?
කෙසේ වෙතත් ඔබ සැමදා ලියනා දේ සේම මෙය අනර්ඝ ලිපියක්, හැකිනම් සුනිල් ශාන්තගැනත් ලියන්න.
ඒ තවත් මේවාගේම මිනී මැරුමක්!
වටිනා පොස්ට් එකක් මල්ලි !
ReplyDeleteතව මේවගේ දේවල් ලියන්න ශක්තිය ලැබේවා ...
ස්තූතියි අයියේ...
DeleteLassana lipiyak
ReplyDeleteස්තූතියි මචං...
DeleteMama ada wenakn danagena hitiye na.mechchara deyak karapu me raththaran manussayage awasanaya kumakda kiyala.ahthatamahithata dukai.namuth ohuge chiththa santhapaye athi u rata pilibada hageema saamadama vejabenawa
ReplyDeleteHari lassana lipiyak, tnx
ReplyDelete