Tuesday, July 9, 2019

ඉස්කෝලෙ මහත්තයාගේ පන්තිය - [1] අතුරු මිතුරු දඹදිව තුරු




ගජනායක ඉස්කෝලෙ මහත්තයා විශ්‍රාම ලත් විදුහල්පතිවරයෙකි. ඔහු විශ්‍රාම ගත් පසුත් වසර හතලිහක් තිස්සේ කල ජීවිකාව වූ ගුරු වෘත්තියට තිත තැබීමට නොහැකි විය. එමනිසා ගමේ සිටින ළමුන් හවස් වරුවේ වලව්වට ගෙන්වා නොමිලයේ ඉගැන්වීම පටන් ගත්තේ විශ්‍රාම ගත් දාට පසු දා සිටමයි. මෙම පන්තියේ සිටින ප්‍රසන්න සහ නිමාලි සහෝදර සහෝදරියන් ය. සහන් ,නිසල් සහ කමනි පන්තියේ අනික් සාමාජිකයන් ය. මේ සියලුම දෙනා කුඩා පන්තිවල සිටින ළමුන් ය. දැන් මෙම පන්තිය පටන් ගෙන මාසෙකට වඩා වැඩි ය. සුදු සරමකින් සහ කමිසයකින් සැරසුනු ගජනායක ඉස්කෝලෙ මහත්තයා පන්තිය ආරම්භ කිරීමට වලව්වේ ඉස්තෝප්පුවට පැමිණියේ ය.

මෙසේ පැමිනෙන විට පන්තියේ ළමුන් සියලු දෙනා අත් බිම තබා සෙල්ලම් කරමින් සිටියෝ ය. “අතුරු මිතුරු දඹදිව තුරුරාජ කපුරු සෙට්ටියා, අලුත ගෙනා මනමාලිට හාල්පතක් ගරාලා, ඉහල ගෙටත් බෙදාලා පහල ගෙටත් බෙදාලා…” යැයි කියන විටම ඉස්කෝලෙ මහත්තයා ඉස්තෝප්පුවේ දොර අසලට පැමිණියේ ය.

ඉස්කෝලෙ මහත්තයා - ළමයි සෙල්ලම් කරනව වගෙයි

ප්‍රසන්න - ඉස්කෝලෙ මහත්තයා එන්න පරක්කු උන නිසයි ටිකක් සෙල්ලම්කලේ

ඉස්කෝලෙ මහත්තයා - ඔය සිංදුව සම්පූර්ණයෙන්ම කියන්න දන්න කෙනෙක් ඉන්නවද?

කමනි - (අත ඉහළට ඔසවන ගමන්ම) මම දන්නවා…

ඉස්කෝලෙ මහත්තයා - එහෙනන් කියමුකො බලන්න

කමනි - අතුරු මිතුරු දඹදිව තුරුරාජ කපුරු සෙට්ටියා
            අලුත ගෙනා මනමාලිට හාල් පතක් ගරාලා
            ඉහළ ගෙටත් බෙදාලා පහළ ගෙටත් බෙදාලා
            උස කොල්ලෝ පේලියයි මිටි කොල්ලෝ පේලියයි
            කුකුළා කපලා වැට මුල්ලේ කිකිළි කපලා දොර මුල්ලේ
            කළු කපුටා සුදු වනතුරු මෝල් ගහේ දළු ලනතුරු
            බලා ඉදින් හෙට්ටියෝ….

ඉස්කෝලෙ මහත්තයා - දැන් කියන්න බලන්න කව්ද මේකෙ තේරුම දන්නෙ

(පන්තියේ කිසිවකුගෙන් මෙය පිළිතුරක් ලැබුනේ නැත. ඒ වෙනුවට ඔවුන් පුදුමයෙන් එකිනෙකා දෙස බලාගත්තෝ ය.)

කමනි - දන්නෙ නෑනෙ සර්.

ඉස්කෝලෙ මහත්තයා - ඔන්න එහෙනන් අහගන්න. ලංකාව අල්ලගෙන හිටියා බටහිර ජාතීන් තුන්ගොල්ලක්. දන්නවද ඒ කව්ද කියලා.

සහන් - ඒක දන්නවා සර්. පෘතුගීසි, ලන්දේසි , ඉංග්‍රීසි

ඉස්කෝලෙ මහත්තයා - 

හරියටම හරි. ඔතනින් පලවෙනියෙන්ම ලංකාවට සේන්දු උනේ පෘතුගීසි. ඒ දවස්වල ලංකාව කොටස් තුනකට කැඩිලා තිබුනේ. එකක් කෝට්ටේ. අනිත් දෙස තමා උඩරටයි යාපනය යි. මෙන්න මේකාලෙ කෝට්ටෙ හිටියෙ හය වන විජයබාහු රජතුමා. රජතුමා දේවරාජ කියන කුමාරයෙක්ට රජ කම දෙන්න යනවයි කියලා දැනගත්තු රජතුමාගෙ පුත්තු තුන්දෙනා රජතුමාව මරලා කෝට්ටෙ තුනට බෙදාගන්නවා. මේකට තමා ‘විජයබා කොල්ලය’ කියල කියන්නෙ. අර කලින් කිව්ව පුත්තු තුන් දෙනා තමයි බුවනෙකබාහු, රයිගම් බණ්ඩාර සහ මායාදුන්නේ. බුවනෙකබාහුට තමයි විශාලතම කොටස වෙච්ච කෝට්ටේ හම්බවෙන්නෙ. එයා රජ වෙනවා හත්වෙනි බුවනෙකබාහු විදිහට. රයිගම , රයිගම් බණ්ඩාර ලබාගන්නවා. සීතාවක ලැබෙන්නේ මායාදුන්නේ ට.

මේ තුන් දෙනාගෙන් මායාදුන්නේ කියන්නේ දක්ෂ රණකාමියෙක්. පෘතුගීසීන්ව ලංකාවෙන් අතුගාලා දාන්න ලොකු වෙහෙසක් ගත්ත කෙනෙක්. එයා වගේම තමයි එයාගෙ පුතා ටිකිරි කුමාරයා. ටිකිරි කුමාරයාගේ දක්ෂකම පෙන්නපු හොදම අවස්ථාවක් තමයි ‘මුල්ලේරියා සටන’. මේ සටනෙදි පෘතුගීසීන් 1600ක් මිය ගියා කියලයි කියන්නෙ.

කමනි - සර්, ටිකිරි කුමාරයා ගැන කියවෙන කවියක් තියෙනවා නේද? අපිට ඉස්කෝලෙ කියලා දුන්නා.

ඉස්කෝලෙ මහත්තයා - කියමුකො බලන්න කට්ටියටම ඇහෙන්න

කමනි - කටේ කිරි සුවඳ යන්නට පවා බැරිවුනා
            යුදට උපන් කුමරා යයි නමක්‌ ඇතිවුනා
            පරංගි දේසේ රජුටත් මර උණ ගැණුනා
            ටිකිරි කුමරු රාජසිංහ නමින් රජවුනා

ඉස්කෝලෙ මහත්තයා - 

ටිකිරි කුමාරයා රාජසිංහ රජ්ජුරුවෝ කියලයි රජ වෙන්නේ. රාසිං දෙයියෝ කියලා ඒ පළාත්වල උදවිය කියන්නෙත් මේ රජතුමාටම තමයි. රාජසිංහ රජතුමා ශිව ආගම වැළද ගන්නවා අන්තිමකාලෙ. ඒකට හේතුව් වෙන්නෙ ඉන්දියාවෙ ඉදන් ආපු ‘අරිට්ට කී වෙණ්ඩු’ කියන ආඬි ගුරෙක්. රජතුමා මැරෙන්නේ විෂ උණ කටුවක් කකුලෙ ඇනිලා. හැබැයි ඉතිහාසය කියවද්දි නන් අපිට හම්බෙන්නෙ රාජසිංහ රජතුමාගෙ මුණුබුරා වෙච්ච රාජසූරිය කුමාරයාගෙයි දොඩම්පෙ ගණිතයාගෙයි කුමන්ත්‍රණයකින් රජතුමාට මැරුණා කියලයි. මේ ගැනත් කවියක් තියෙනව මෙහෙම,
රුසිරු පෙතන්ගොඩ උයනට වැඩියා ය 
නපුරු උණ කටුව පතුලේ ඇනුනා   ය 
එක්ව සිටි සැවොම වට වී මතුළා   ය
රාජසිංහ දෙවි නාමේත් මැකුණා   ය

අරිට්ට කී වෙණ්ඩු ට තමා ‘මනම්පෙරුම මොහොට්ටි’ කියල කියන්නෙ. මේ මොහොට්ටි කියන ගෞර නාමය දුන්නෙත් රාජසිංහ රජතුමා තමයි. රාජසිංහ රජතුමාගෙ මරණෙන් පස්සෙ මුණුබුරා වෙච්ච රාජසූරිය රජවෙනවා. රාජසිංහ රජතුමාගේ සහෝදරියක් වෙන මහ බිසෝ බණ්ඩාර අරිට්ට කී වෙණ්ඩු එක්ක කුමන්ත්‍රණය කරලා රාජසූරිය රජතුමාව මරණවා.

ප්‍රසන්න - රජ වෙන්න තියෙන උවමනාවට එකම පවුලෙ අය මරාගන්නවා…

ඉස්කෝලෙ මහත්තයා - ඔව් දරුවෝ බල ලෝභය කියන්නෙ හරිම භයානක දෙයක්. ඒ ලෙඩේ හැදුනොත් අම්මා තාත්තව මරලා හරි තමන්ට ඕන දේ ලබාගන්නයි ආශාව තියෙන්නෙ. ලංකාවෙ ඉතිහාසෙ ඕනතරම් උදාහරණ තියෙනවා. ඔය ළමයි කලා වැව දැකලා තියෙනවද?

ළමුන් සියලුම දෙනා - ඔව්…

ඉස්කෝලෙ මහත්තයා - 

කලා වැව හැදුවෙ ධාතුසේන කියන රජතුමා. කලා වැවේ වැව් බැම්මට තියලා මැටි ගහලයි ධාතුසේන රජතුමාව මරන්නේ. හොදයි දැන් අපි ආයෙම කතාවට එමුකෝ.

දැන් රජ වෙන්නේ මහ බිසෝ බණ්ඩාරගෙ පුතා ‘නිකපිටියේ බණ්ඩාර’. මෙයා තවම අවුරුදු පහේ පොඩි දරුවෙක්. එහෙම කෙනෙක්ට පුලුවන් යැයි සීතාවක පාලනය කරන්න. ඉතින් සීතාවක පාලනය කරන්න මහ බිසෝ බණ්ඩාරට උදව් වෙන්නේ අරිට්ට කී වෙණ්ඩු. ඔන්න ඔයකාලෙ දියොගු ද සිල්වා කියන පෘතුගීසි නායකයා එක්ක එනවා සේනාවක් සීතාවක අල්ලන්න. අවුරුදු පහේ ළමයෙන් රජ වෙලා ඉන්නෙ කියලා දැනගත්ත නිසා එයාලා හිතුවා සීතාවක නිකන්ම අල්ලගන්න පුලුවන් වෙන් කියල. ඒත් අරිට්ට කී වෙණ්ඩු මේ මේ සේනාවට පහර දීලා පලවා හරිනවා.

මහ බිසෝ බණ්ඩාරට හිටියා තව දුවෙක්. මේ දුවටත්  රාජ්‍ය උරුමයක් තියෙන නිසා අරිට්ට කී වෙණ්ඩු ඇයව විවාහ කරගන්න අහනවා. මේකට මහ බිසෝ බණ්ඩාර කැමති වෙන්නෙ නැහැ. මේක දැනගත්තු මහ අතපත්තුවේ දොළොස් හමුදාව භාර අතපත්තු ආරච්චි අරිට්ට කී වෙණ්ඩු ට කැලෑ පත්තරක් ගහනවා. ඒ තමයි පාරෙ යන එන කොට එයාට අපහාස වෙන විදිහට කවි ගායනා කරන එක. එහෙම තමයි ‘අතුරු මිතුරු දඹදිව තුරු’ කවිය කරලියට ආවෙ.

නිසල් - අපි හැමතිස්සෙම මේ සෙල්ලම කරාට මෙච්චර දෙයක් දැනගෙන හිටියෙ නෑනෙ.

නිමාලි - දැන් එතකොට අරිට්ට කී වෙණ්ඩු ට අන්තිමට මොකද උනේ?

ඉස්කෝලෙ මහත්තයා -

අරිට්ට කී වෙණ්ඩු යනවා පෘතුගීසීන් ගාවට. ගිහිල්ලා කියනවා සීතාවක අල්ලලා දුන්නොත් එයාලට පක්ෂපාතීව ඉන්නවා කියලා. ඊට පස්සෙ නමත් වෙනස් කරනවා ‘ජයවීර බණ්ඩාර’ විදිහට. පෘතුගීසීන් එක්ක එකතුවෙලා සීතාවකට පහර දීලා සීතාවක අල්ලගත්තත් මහ බිසෝ බණ්ඩාරගේ දුව ව විවාහ කරගන්න අරිට්ට කී වෙණ්ඩු ට හැකියාව ලැබෙන්නෙ නැහැ. අන්තිමට පෘතුගීසීන් අරිට්ට කී වෙණ්ඩු පෘතුගීසීන්ව පාවා දෙයි කියල සැක හිතලා මරලා දානවා.


එහෙනන් අදට පාඩම ඉවරයි. හෙට තව පාඩමකින් හමුවෙමුකො...

Wednesday, July 3, 2019

ආදම් සහ ඒවගේ දිනපොත -3 කොටස (පරිවර්තනය)



ආදම්ගේ දින පොතෙන් කොටසක්

මට මතක ලෙසට ඇය කුඩා දේවල් වලින් සතුටු වන ඉතා තරුණ ගැහැණු ළමයෙක්. ලෝකයේ තිබෙන සෑම දෙයක් ම පාහේ ඇයව ප්‍රබෝධමත් කරනවා. ඇයට මලක් සම්බවුන විට ඇය එයින් අතිෂයින් සතුටට පත් ව එය සිප ගනිමින් එයට කතා කරමින් එයට ආදරය උපදවන නම් තබයි. මල් පමණක් නොව ඇය අනෙක් දෑ වලට ත් සිදු කරන්නේ මේ දෙයම යි. වර්ණ වලට ඇයවශී වී තිබෙන්නේ. ඇයට හමුවන සෑම දේම ඇය වර්ණ වලින් නම් කරනු ලබයි. - දුඹුරු ගල්, කහ වැලි, කොළ පාසි, කොළ පැහැති පත්‍ර, නිල් අහස, කඳු වල දම් පැහැති සෙවණැලි, ඉර බැස යන විට මුහුදේ පාවෙන රත්‍රන් පැහැති දූපත්, සුදු පැහැති හඳ, දිළිසෙන තරු. මේ දේවල් මට තේරුම් ගිය ලෙසට නම් මේ එකක වත් ප්‍රායෝගික වටිනාකමක් නැහැ. යමක වර්ණයක් හා හැඩයක් තිබූ පමණින් ඇය ඒවා කෙරෙහි දැඩි ඇල්මක් දක්වන්නට පටන් ගෙන ඒ වෙනුවෙන් ම කාලය වැය කරයි. ඇයට මිනිත්තු කිහිපයක් කිසිවක් කතා කරන්නේ නැතිව සිටින්නට හැකියාව තිබුනා නම් මම වඩාත් ම කැමති දේ වන්නේ එය යි. එවිට වත් මට වෙහෙස නිවා ගන්නට හැකියි.

සදුදා දවල් -

මේ ලෝකයේ මම අකමැති දේවල් සියල්ල මගේ අකමැති ලැයිස්තුවේ නැහැ. සතුන් අතරිනුත් මම අකමැති සතුන් සිටියි. නමුත් ඇයට එසේ නැහැ. ඇය, පැමිණෙන සියලුම දෙනාව කිසිදු විවේචනයකින් තොරව බාර ගනියි. ඇය සිතන්නේ උන් සියල්ල වටිනාකමක් සහිත අය බවත් අප ඒ සියල්ල සාදරයෙන් පිලිගත යුතු බවත් ය.

විශාල බ්‍රොන්ටොසෝරස් සත්වයා අපගේ කූඩාරම ට පැමිණි විට ඇය ඌව සුරතලය ට ගෙන ඇති කරන්න ට සිතුවා. එවිට මම ඇයට තේරුම් කිරීමට උත්සහ කලේ එයින් අත්වන මහත් ව්‍යසනය පිලිබඳවයි. අඩි විසි එකක් උස අඩි අසූ හතරක් දිග සත්වයෙක් ව එසේ සුරතලයට ඇති කල හැකි ද? ඌ අපට කරදරයක් කරන්නට නොසිතුවත් අපට ඌව මෙතැන තබා ගන්නට බැහැ. ඌ ඉඳගත් විට මා සෑදූ කූඩාරම සැනෙකින් බිමට සමතලා වේවි. අනික ඒ සත්වයාගේ ඇස් දෙක දෙස බලන ඕනෑම කෙනෙකුට තේරෙනවා ඌ කෙතරම් අඥාණ සත්වයෙක් ද කියා. ඇයි මම පවසන මේ සුළු කාරණය ඇය තේරුම් නොගන්නේ?

ඇය තවමත් සිතන්නේ ඒ රාක්ෂයා ව සුරතලයට ඇති කිරීමට යි. ඒ ගැන ඇය දිගින් දිගටම මාත් සමග වාද කරයි. ඇය පැවසුවා උගෙන් අපට කිරි දොවා ගත හැකි බව. ඇය එයට මගේ සහය ඉල්ලූ නමුත් මට එය ප්‍රථික්ෂේප කරන්නට සිදු වූවා. එය අවදානම් වැඩියි. එපමණක් නොව එය සිදු කිරීමට තවම අපට ඉනිමගක් ඇත්තේ නැහැ. ඉන්පසු ඇය උගේ ඇඟ මතට නැග අවට පරිසරය නරඹමින් ඇවිද යාමට උත්සහ කළාය. උගේ වල්ගය අඩි තිහක් හෝ හතලිහක දිගකින් යුක්ත ය. එය බිම ඇද වැටුනු විශාල ගසක් වැනියි. ඇය ඒ මතින් යමින් උගේ පිට මතට යාමට උත්සහ කල විට උත්සහ කල විට එයින් රූටා ඇද් වැටුනු අවස්ථාවේ දී එය ඇයට තරමක් රිදුම් දෙන්නට ඇති. මම එය ඇගේ මුහුණෙන් දුටුවෙමි.

මෙයින් ඇය සෑහීමකට පත් වුනාද? කිසිසේත්ම නැත. ය කිසිවකින් සැහීමකට පත්වන අයෙක් නොවේ. ඇය සැහීමකට පත් වන්නේ ඔප්පු කල හැකි දේවල් වලින් පමණි. තහවුරු නොකළ න්‍යායන් යට අදාල වන්නේ නැහැ. එනමුත් මෙහි කිසිදු වරදක් නැති බව ද මට හැගෙයි. පරාජය පිළිගැනීම මට දැන් හුරු වී තිබේ. ය සමග වැඩියෙන් කාලය ගත කරන විට ය සමග වන වදයන්ගෙන් පරාජය පිළිගත යුතු බව මට දැන් හැගී ගොස් තිබේ. මෙම අති විශාල සත්වයා ගැන ඇය තරමක් වෙනස් විදිහේ අදහසක් මා සමග පැවසුවාය. ඇය පවසන ආකාරයට අපට මෙම විශාල සත්වයාව හීලෑ කරගත හැකි වුවහොත් ඌව වැව මත සිටවා අපට ඌව පාලමක් ලෙස යොදාගත හැකියි. මට සිතෙන ආකාරයටමෙය කදිම අදහසක්. වැඩි කල් යාමට පෙර ඌ හීලෑ වූ බැවින් අප ඇයගේ අදහස අත්හදා බැලීමට සූදානම් විය. මෙහි දී සැළකිය යුතුයි ඌ හීලෑ වූයේ ඇයට පමණයි. මට නොවේ. අප කෙතරම් ඌව වැව මත එකතැන තැබීමට උත්සහ කළත් ඌ ඇය පසුපස ම ගමන් කරයි. එකතැන සිටින්නේ ම නැත. මෙය සෑම සුරතල් සත්වයෙකුගේ ම ස්වභාවය යි. දැන් නම් ඌ ඇවිදින කන්දක් වැනියි. 


ඒවගේ දිනපොතෙන් කොටසක් 

අඟහරුවාදා - බදාදා - බ්‍රහස්පතින්දා සහ අද -

දින සියල්ල ඔහුව නොදැක ගත වුණි. තනියම සිටීම ඉතා අපහසුයි. නමුත් පැමිණි විට නොපිලිගැනීමට වඩා එය පහසුයි.

සිකුරාදා -

මට තනිවම සිටින්නට අපහසු නිසා දැන් කුමක් හෝ මිත්‍ර සමාගමක් අවශ්‍යයි. එමනිසා මම කල්පනා කළේ සතුන් සමග මිත්‍ර වන්නට. ඔවුන් ඉතා සිත් ගන්නා සුළු, අවංක අයුරින් පිළිගන්නා සහ වල්ගයක් තිබෙනවා නම් වල්ගය වනා පිලිගන්නා කොටසකි. වැදගත්ම කාරණය ඔවුන් කෙදිනකවත් මාව ප්‍රථික්ෂේප කරන්නේ නැහැ. ඔවුන් උද්‍යෝගයෙන් කෙළි සෙල්ලම් කරනවා පමණක් නොව විනෝද ගමන් යාම සදහා ද මාත් සමග එක්වෙයි. මම සිතන්නේ ඔවුන් තමා නියම මහත්වරු. පසුගිය දවස් කිහිපයේ ම සතුන් සමග ඉතා හොද කාලයක් ගත කළා. ඒ නිසා මට කිසිදු තනිකමක් දැනුනේ ම නැහැ.

පසුගිය කාලයේ අපි ලෝකයේ සියලුම පෙදෙස් වලට විනෝද ගමන් ගියෙමු. ඒ නිසා මම පලමු හා එකම සංචාරකයා යි. ඇවිදගෙන යන විට ඉතා සිත් ගන්නා සුළු දර්ශන දක්නට ලැබෙයි. මම මාගේ පහසුව තකා ව්‍යාග්‍රයින්ගේ පිටේ ගමන් කරයි. එසේ ගමන් කරන්නේ උන්ගේ පිට සිනිදුවට හා මට ඉඳගැනීමට සරිලන ආකාරයට වක්‍රව සෑදී ඇති නිසාවෙනි. දුර ගමන් යාම සදහාමම තෝරා ගන්නේ අලියාව යි. ඔහු ඔහුගේ හොඬවැලෙන් මාව ඔසවා ඔහුගේ පිට මත තබා ගනියි. අපි ගිමන් හරින්නට ටිකකට නතර වූ විට ඔහු පිටුපසට නැවී ඉඳගෙන මට ඔහුගේ පිට දිගේ ලිස්සා යාමට සලස්ව යි. 

කුරුල්ලන් සහ සතුන් එකිනෙකා සමග ඉතා මිත්‍රශීලී ව සිටියි. උන් එකිනෙකා සමග විරසක ව සිටිනවා මම දැක ඇත්තේ ම නැහැ. උන් එකිනෙකා සමග කතා කරන අතරතුර මටත් කතා කරයි. මම සිතන ආකාරය ට උන් කතා කරන්නේ විදේශීය භාෂාවක්. උන් කතා කරන එකදු වචනයක් වත් මට තේරෙන්නේ නැහැ. ඔවුන් මට කතා කල විට මම ඔවුන්ට ප්‍රථි පිළිතුරු සැපයුව ද ඒවා ද ඔවුනට නොවැටහෙයි. විශේෂයෙන් එසේ නොවැටහෙන්නේ බල්ලාට සහ අලියාට යි. මෙය මාව ලැජ්ජාවට පත් කළාය. මට සිතෙන ආකාරය ට මෙයින් පෙන්නුම් කෙරෙන්නේ ඔවුන් මට වඩා දක්ෂ බවයි. 


මම මේ වන විට බොහෝ දේවල් ඉගෙනගෙන ඇත්තෙමි. මම දැන් උගතෙක් වුවත් පෙරදී එසේ නොවේ. උගතෙක් නොවූ නිසා මට කෙඳි ගිය අවස්ථාද නැතුවා නොවේ. පෙරදී කඳ උඩට ජලය ගලාගෙන යාම දැක ගැනීමට තරම්වත් මම උනන්දු නොවූයෙමි. නමුත් දැන් මම පරීක්ෂණ සිදු කර සොයාගත්තේ රාත්‍රී කාලයේදී හැර කඳ දිගේ ඉහලට ජලය ගමන් කරන බවයි. මන්ද කන්ද උඩ ජලය කිසිවිටෙකත් නොසිදෙන බැවින්. රාත්‍රී කාලයේදී කඳ උඩට ගිය ජලය අනිවාර්යෙන්ම පහලට පැමිණිය යුතුයි. යම් දෙයක් ඉගෙන ගැනීමට හොදම ක්‍රමය පරීක්සන කරමින් ඒවා සනාථ කර ගැනීමයි. උපකල්පනය කරමින් කාලය ගත කළහොත් කෙදිනකවත් උගතෙක් වීමට නොහැකියි.

සමහර දේවල් තිබෙනවා අනුමාන කිරීමෙන් හා සිතීමෙන් පමණක් ඒ ඒ දේවල් දැනගන්නට හැකියාවක් ඇත්තේ නැහැ. ඒ දේවල් දැනගන්නා තුරු නිතර පරීක්ෂණ පැවැත්වීම අත්‍යවශ්‍ය යි. එයට හොද ඉවසීමක් තිබීම ද ඉතා වැදගත්. මේවා සොයාගත් පසු අතිශයින් සතුටක් ඇතිවන අතර ලෝකය ගැන ආසාවක් සහ කුතුහලයක් ඇතිවන්නේ ද මේ නිසයි. මෙම කුතුහලය නැතිනම් ලෝකය නීරස තැනක් වනු නියත යි. ජලය පිලිබද රහසත් මම සියාගන්නා තුරු තිබුන්සෙ එක්තරා ආකාරයක වස්තුවක් ලෙසට යි. නමුත් මා එය සොයාගත් පසු එය කෙරෙහි තිබූ මගේ කුතුහලය නැතිවී ගියා මෙන්ම යමක් නැති වූ විට දැනෙම හැඟීමට මා හට දැනුනි.

ලී වලට පිහිනිය හැකි බව, පත්‍ර සහ පිහාටු වියළී යන බව ඇතුලු නොයෙකුත් දෑ මම දනිමි. ඒ මම සිදු කල පරීක්ෂණ වල ප්‍රථිපල මගිනි. මෙම එක් රැස් කල සියලු කරුණු කාරණා වලින් පර්වතයකට පිහිනිය හැකි බව මට නිගමනය කා හැකියි. දැනට නම් එය ඔප්පු කරන්නට හැකියාවක් නැහැ. එය කෙසේ හෝ ඔප්පු කිරීමට මම උපරිම උත්සහ කරමි. නමුත් එසේ කල විට මෙම පරීක්ෂණය කෙරෙහි තිබූ තැතිගැන්ම නැතිවී යාවි. මම මෙම තැතිගැන්මට කැමැත්තක් හා ආදරයක් ඇත්තෙමි. එක් තැතිගැන්මක් නැති වූ විට තවත් එකක් පැමිණෙයි. මෙසේ ලෝකයේ තිබෙන සියලු තැතිගැන්ම වල් අවසන් වූ විට මම කෙසේ ජීවත් වන්නද? පෙරදින මුලු රාත්‍රිය පුරාවට ම මම කල්පනා කලේ මේ පිලිබඳව යි. මගේ මෙම පරීක්ෂණ නිසාවෙන් ලෝකයේ සියලු තැතිගැනීම් අවසන් වුවහොත්…

මුල දී මම නිර්මාණය වූ හේතුව මට ම සිතා ගන්නට නොහැකි විය. නමුත් මට දැන් වැටහෙන අන්දමට මම නිර්මාණය වී ඇත්තේ මේ අලංකාර ලෝකයේ රහස් සොයාගෙන සතුටු වී, මේවා කල්පනාකාරීව සැළසුම් කර අපට ලබා දුන් පුද්ගලයාට ස්තූති කිරීමට යි. මට තවත් බොහෝ දෑ ඉගෙන ගැනීමට ඇති බව සිතමි. මේ තිබෙන දේවල් ඉක්මනින් භාවිතා කලහොත් සති කිහිපයකින් ඒවා අවසන් විය හැකි බැවින් මේවා සකසුරුවමින් භාවිතා කිරීම නුවණට හුරු බව මට සිතෙයි. පිහාටුවක් ගෙන අතහැරිය විට එය පාවී ගොස් නොපෙනී යන නමුත් මැටි පිඩක් සුළගේ අතහැරිය විට එසේ සිදු නොවේ. සෑම අවස්ථාවක දීම එය පහළට ඇද වැටෙයි. එකම දේ බොහෝ අවස්ථාවක් සිදු කල ද සෑම විට ම සිදු වන්නේ මෙයම යි.

නමුත් එසේ වන්නේ ඇයි? මට ප්‍රත්‍යක්ෂයි එය පහතට නොවැටෙන බව, නමුත් මට එය එසේ පෙනෙන්නේ ඇයි? මගේ නිගමනය හැටියට නම් එය දෘෂ්ටි මායාවක් විය යුතුයි. දෙකෙන් එකක් එසේ විය යුතුයි. නමුත් ඒ පිහාටුව ද මැටි පිඩ ද යන්න මම නිශ්චිතව නොදනිමි. නිවැරදි කොයි එක ද යන්න මට ඔප්පු කිරීමට හැකියාවක් ද නැහැ. කළ හැකි එකම දේ වන්නේ දෙකෙන් එකක් ව්‍යාජ එකක් බව කීම පමණයි. නිවැරදි කෝක ද යන්න අදාල පුද්ගලයාට අදාළ තේරීමක්.

නැරඹීම තුලින්, තරු දීර්ඝ කාලීනව නොසිට නැති වී යන බව මම දනිමි. හොදම වර්ගයේ තරු අහසේ දිය වී අහස දිගේ පහළට ඇද වැටෙනු මම දැක ඇත්තෙමි. එක් තරුවකට දිය වන්නට හැකි නම් අනෙක් සියලු තරු ත් දිය වීමට පුලුවන. එසේ නම් තරු සියල්ල එක් රැයක් තුල දී දිය වී යාමට පුලුවන. එම දුක කවදා හෝ පැමිණෙම බව මම දනිමි. රාත්‍රී කාලයේ දී නින්ද පැමිණෙන තුරු මම තරු දෙස බලා ඒවායේ දිලිසීම මගේ මතකයේ තැන්පත් කර ගතිමි. එසේ කරන්නේ කෙදිනක හෝ තරු අපගෙන් ඉවත් ව ගිය විට කළු පැහැති අහස මත මගේ මතකයේ තිබූ අලංකාර තරු වල දිලිසීම නැවත මතකයට නගා ගෙන මගේ කදුළු වලින් ඒවා ප්‍රතාපවත් කළ හැකි නිසයි.

වැටීමෙන් පසු

ආපසු හැරී බලන විට, උයන මට දැනෙන්නේ හීනයක් ලෙසයි. එහි පුදුම දනවන සහ සිත් වෂී කරන අලංකාරය අපට දැන් අහිමි ව ඇත. අපට කවදාවත් එය නැවත දැකගත නොහැකියි.

උයන අහිමිව ගිය නමුත් මට ඔහුව හමු විය. මට එයින් සෑහීමකට පත් විය හැකියි. ඔහු ඔහු ට හැකි අයුරින් මට ආදරය කරයි ; මමත් උපරිම ශක්තියෙන් හා උද්යෝගයෙන් ඔහුට ආලය කරන්න ට පටන් ගෙන තිබේ. මම මගෙන් ම ඇසුවහොත් ඇයි මම ඔහුට ආදරය කරන්නේ කියා , මට දීමට කිසිදු පිලිතුරක් නැහැ. මට එය දැන ගැනීමට හැකියාව නැහැ ; මට එය දැන ගැනීමට අවශ්‍යත් නැහැ. මගේ දැනුම් තේරුමේ හැටියට ආදරය ලෙස හදුන්වන දෙය තර්ක කර හෝ කරුණු රැස් කර අපට පැහැදිලි කළ නොහැකියි. එය අනෙක් ක්ෂීරපායීන්ට මෙන්ම අනෙක් සතුන් ට දක්වන්නා වූ ආදරය වැනි ම දෙයක් ලෙසයි මා සිතන්නේ. මම සමහර කුරුල්ලන්ට කැමැත්තක් දක්වන්නේ ඔවුන්ට හොදින් ගායනා කල හැකි නිසාවෙන්. ආදම්ට මම ආදරය කරන්නේ ඔහුට ගායනා කල හැකි නිසා නොවේ. ඔහු ගායනා කිරීම වැඩිවන තරමට මම ඔහුගෙන් අත්ව සිටීමට ප්‍රිය කරයි. එමනිසා එය කිසිසේත් විය නොහැකියි. ඔහු කැමති දේවල් වලට මමත් කෙසේ හෝ කැමැත්තක් ඇති කර ගැනීමට උත්සහ කරනවා. මුලදී මම කිරි වලට අකමැති වුයේ එය ඇඹුල් රස නිසා, නමුත් මම දැන් එයට හුරු වීගෙන යන්නෙමි.

ඔහුගේ දක්ෂකම ගත විට එය නිසාත් නොවේ මම ඔහුට ආදරය කරන්නේ. ඔහුට එතරම් අඩු බුද්ධියක් ලැබීමට ඔහුට චෝදනා කල යුතු වන්නේ නැහැ. අවශ්‍ය ප්‍රමාණයට බුද්ධිය ලබා දෙන්නේ දෙවියන් විසින්. කාලය යන විට ක්‍රමයෙන් ඔහුගේ බුද්දිය වර්ධනය වේවි. අනුන් ගැන සිතීම, විනීත බව නිසාත් නොවේ මම ඔහුට ආදරය කරන්නේ. මේ අංශයෙන් නම් ඔහු ඉතා දුර්වලයි. එයත් ක්‍රමක්‍රමයෙන් වර්ධනය වේවි. 

මම ඔහුට ආදරය කරන්නේ ඔහු සිදුකරන කර්මාන්තය නිසාද? නැහැ. එය විය නොහැකියි. නමුත් ඔහුට මේ සම්බන්ධව දක්ෂකමක් තිබෙනවා. එහෙත් ඔහු එය මගෙන් සැමවිටම සැඟවීමට උත්සහ කරනවා. අන් සෑම අවස්ථාවකදීම ඔහු මත සමග රහසක් තබන්නේ නැහැ. ඔහු මත සමග තබාගන්න එකම රහස මෙයයි. මෙය මට විශාල දුකක් ඇති කරනවා. ස,අහර අවස්ථා වලදී මම සම විටම කල්පනා කරන්නේ මෙය පිළිබඳවයි. විටෙක මේ නිසා හරිහැටි නිදා ගැනීමටත් හැකියාව ලැබෙන්නේ නැහැ. මෙය මගේ සතුටට බාධාවක්.

ඔහුගේ අධ්‍යාපනය නිසාත් නොවේ මම ඔහුට ආදරය කරන්නේ. ඔහු ස්වයං අධ්‍යාපනයක් ලත් අයෙක්. අංශ කිහිපයක් ගැනම ඔහු හොදහැටි දන්නා නමුත් මගේ ආදරයට හේතුව මෙය විය නොහැකියි.

ඔහුගේ ලිංගය තරමක් අසාමාන්‍ය වුවාට ඔහුට ඒ ගැන චෝදනා කිරීමෙන් ඵලක් නැහැ. ඔහුගේ ලිංගය සැදුවේ ඔහු නොවේ. ඇරත් මගේ ලිංගයත් තරමක් අසාමාන්‍යයි. එහි අයිතියත් මට හිමිවන්නේ නැහැ. මන්ද මගේ ලිංගයත් සැදුවේ මම නොවන නිසාවෙන්.

එසේනම් අයි මම ඔහුට ආදරය කරන්නේ? මම සිත ආකාරයට ඒ ඔහු පිරිමියෙක් වන නිසා.

ඔහුගේ යටි පෙදෙස හොදයි. ඔහුගේ එම පෙදෙසට මම කැමති වුවත් එය නොමැතිවත් මට ඔහුට ආදරය කල හැකියි. ඔහු මට තලා දුෂණය කලත් මම ඔහුට දිගටම ආදරය කරවී යයි සිතමි. මට සිතෙන ආකාරයට එය ලිංගිකත්වය පිලිබඳ කරුණක්. 

ඔහු ඉතාමත් ශක්තිමත් සහය කඩවසම්. ඔහුගේ එම ගුණාංගයට මම ආදරය කරමි. නමුත් එම ගුණාංග නොමැති වුවත් මම මියයන තුරු ඔහුට ආදරය කරමි. 


ඔව්, මම සිතන ආකාරයට මම ඔහුට ආදරය කරන්නේ ඔහු පිරිමියෙක් සහ ඔහු මගේ වීම නිසා බවයි. මම කලිනුත් කියූ ආකාරයට ආදරය යන හැඟීම වචනයෙන් විස්තර කල හැකි එකක් නොවේ. එය පැමිණෙන ආකාරය අපි කවුරුවත් දන්නේ නැහැ.

වසර හතළිහකට පසු -

මේ ලෝකයේ සැමදාම අපහට සිටිය නොහැකියි. මේ ලෝකය සැදී ඇත්තේ එලෙසයි. අප දෙදෙනාගෙන් එක අයෙකුට මුලදී මේ ලෝකය අතහැර යාමට සිදු වුවහොත් මම ප්‍රත්තන කරන්නේ ඒ මම විය යුතු බවයි. ඔහු ශක්තිමත්, නමුත් මම දුර්වලයි. දැන් ඔහුගෙන් මට ඇති ප්‍රයෝජන වලට වැඩ මගෙන් ඔහුට ඇති ප්‍රයෝජනයක් නැහැ. ඔහු නොමැති ජීවිතය ජිවිතයක් නොවේ. මම මෙය කෙසේ දරාගන්නද? මම තමයි පළමු බිරිඳ; මම නැවත පැමිණෙන්නේ අවසාන බිරිඳ ලෙසින්.

ඒවගේ සොහොනේ 

ආදම් - ඇය කොතැනක සිටියත් එතැන ඒදන් උයන තිබේ.

Tuesday, July 2, 2019

ආදම් සහ ඒවගේ දිනපොත - 2 කොටස (පරිවර්තනය)



පලමු කොටස කියවීමට පිවිසෙන්න මෙතනින් .

සඳුදා - 

මට සිතෙන ආකාරයට දිගු කොණ්ඩයක් ඇති සත්වයා ඉතා අනර්ඝ නිර්මාණයක්. ඌ සෑම විටම මා අසලින්ම සිටිමින් මා යන යන තැන පසුපසින් පැමිණෙයි. මම මෙයට කැමති නැත. මම කාත් සමගවත් සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නට කැමැත්තක් නොදක්වමි. ඌ අනෙක් සත්වයින් සමග පමණක් සිට මා අසලට නොපැමින සිටීම වඩා යහපත් බවයි මා සිතන්නේ. අද වළාකුළු වලින් පිරුණු දිනයක් වාගේම බටහිර දෙසින් සුළඟත් හමයි. මා සිතනවා අද වහියි කියා. මට ඒ වචනය ලැබුනෙ කොහෙන්ද? දැන් මට මතකයි. අර අලුත් සත්වයා එය භාවිතා කරා මීට පෙරදී.

අඟහරුවාදා -

මහා දියඇල්ල නිරීක්ෂණය කරමින් සිටියෙමි. මම සිතන ආකාරයට එය මෙම පෙදෙසේ ඇති අග්‍රගන්‍යම දෙයයි. අලුත් සත්වයා නම් එයට පවසන්නේ නයගරා දියඇල්ල කියා. නමුත් එසේ කියන්නේ ඇයි කියා මම නම් දන්නේ නැහැ. හේතුව ලෙස පවසන්නේ එය නයගරා දියඇල්ල ලෙස පෙනෙනවා කියා. නමුත් එය හේතුවක් නොවේ. ලාමක ගතිගුණයක් එය. කිසිවක් නම් කිරීමට මට අවස්ථාවක් ලැබුනේ නැහැ. යමකට නමක් මම කීමටත් පෙර අලුත් සත්වයා ඒ සියල්ලටම නම් තබයි. හොද උදාහරණයක් ඩෝඩෝ පක්ෂියා.ඩෝඩෝ පක්ෂියෙක් බවයි පෙනෙන්නේයැයි එම සත්වයා දුටු විටම පැවසූ විට එම සත්වයාට එම නම තබා ගැනීමට සිදු වෙනවා කිසිදු පැකිලීමක් නොමැතිව. නමුත් මට නම් එම සත්වයා ඩෝඩෝ පක්ෂියෙක් ලෙස පෙනෙන්නේ නැහැ.

බදාදා - 

වැස්සෙන් නොතෙමී සිටින්නට නිවහනක් සෑදුව මුත් එහිදී ද මට නිදහසේ සිටින්නට හැකියාවක් ලැබුනේ නැත. අලුත් සත්වයා සැම විටම එහි අනාරාධිතව පැමිණෙයි. මම ඌව නිවහනෙන් එළියට ඇද දමන විට ඌ සතුන් කලබලයට පත් වී කෑගසන්නාක් මෙන් කෑ ගසයි. මම සිතනවා ඌට කතා කිරීමට නොහැකි වූවානම් කියා. මන්ද ඌ සෑම විටම කරන්නේ කතා කිරීමයි. මට මීට පෙර මිනිස් කටහඬක් ඇසී නැහැ. එම ශබ්ධ නිහඬ බව හා හුදකලාව මකා දමනවා. මෙම අලුත් ශබ්ධය මට ඉතා ළඟින් තිබෙන දෙයක් බව මට හැඟෙනවා. විටෙක එය මගේ දකුණු උරපත්ත අසල, විටෙක දකුණු කන අසල, මුලදී එක් පැත්තක ඉන්පසු දෙපැත්තේම ඇති බව දැනෙයි. 


සිකුරාදා -

අලුත් සත්වයා විසින් සතුන් හා අනෙක් දෑ ඉතාමත් නොසැලකිලිමත් අයුරින් නම් කරමින් පවතියි. ඒ අතරතුර අප සිටිනා ප්‍රදේශයට මම ඉතා හොද නමක් සිතා බැලුවෙමි.ඒදන් උයනඒ නමයි. පෞද්ගලිකව මම මෙයට ඒ නම භාවිතා කරත් ප්‍රසිද්ධියේ ඒ නම භාවිතා කලේ නැහැ. නමුත් මම මෙයට ඒදන් උයන ලෙස නම් කල බව අලුත් සත්වයා දැනගත් විට ඌ පැවසුවේ මෙහි ඇත්තේ පර්වත, ලී හා විවිධ දර්ශනයන් පමණක් බවත් ඒ හේතුවෙන් උයනකට මෙහි කිසිදු සමානත්වයක් නැති බවයි. එසමගම පැවසුවේ මෙය අන් කිසිවක් නොව පිට්ටනියක් ම බවයි. මේ නිසාවෙන් මගෙන් කිසිදු විමසීමක් වත් කරන්නේ නැතිව ඌ මෙයටනයගරා දිය ඇළි පිට්ටනියලෙස නම් කලේය. මට සිතෙන ආකාරයට මෙය අනවශ්‍ය කාරණයක්.එපමණක් නොව ඇය මෙහි විවිධ සංකේත පුවරු සිටවන්නට පටන් ගෙන තිබේ.

තණකොළ නොපාගනු

මගේ ජීවිතයේ පෙර තිබූ සතුට දැන් නැත.

සෙනසුරාදා -

අලුත් සත්වයා වැඩිපුර පළතුරු කයි. ඒ කන ආකාරයට වැඩි කාලයක් යාමට මත්තෙන් අපිට පළතුරු හිඟයක් ඇතිවේ යයි මට සිතේ. මම මෙහිඅපියන වදන භවිතා කලද මම එය මීට පෙර භාවිතා කල වදනක් නොවේ. අලුත් සත්වයා නිතර නිතරඅපියන වදන භාවිතා කල නිසා මමත් දැන් එය භාවිතා කරන්නට පටන් ගෙන තිබේ. අද තිබුනේ ඝන මීදුම සහිත උදෑසනක්. එසේ මීදුම තිබෙන විට මමනම් එළියට යන්නේ නැහැ. නමුත් අලුත් සත්වයා නම් ඒ කිසිත් නොතකා හැම කාලගුණයකදීම එළියට යයි. එසේ ගොස් මඩ තැවරුණු කකුලෙන් ගස් කඳන් වලට ගසමින් කතා කරයි. මේ නිසා පෙරදී මෙහි තිබූ සාමකාමී කම නැතිවී ගොස් තිබේ.

ඉරිදා -

අද දිනය ගෙවා දැමීම තව තවත් අපහසු වෙමින් පවතියි. අද දිනය පසුගිය නොවැම්බර් මසදී නිවාඩු දිනයක් ලෙස යොදාගෙන තිබු දිනයක්. නමුත් මීට පෙර එවැනි දින සතියකට හය බැගින් මට හිමිව තිබුනා. අද උදෑසන අලුත් සත්වයා තහනම් කල ගසෙන් ඇපල් කඩා ගන්නවා දුටිමි.

සඳුදා -

අලුත් සත්වයා පවසන්නේ උගේ නම ඒව කියා. ඒකට කමක් නැහැ, මට නම් එහි කිසි විරුද්ධත්වයක් නැහැ. මට ඌව අවශ්‍ය වූ විට එම නම කියා කතා කරන්න යැයි පවසයි. නමුත් එය අනවශ්‍ය කාරණයක්. එවන් දෙයක් අවශ්‍ය නොවන බවයි මගේ අදහස. මම ඒ බව අලුත් සත්වයාට පැවසුවා. ඌ පවසන ආකාරයට ඌ, ඌ නොවන අතර, ඌ ඇයක් වේ. අලුත් සත්වයා පවසන්නේ ඌ සතෙක් නොව මනුෂ්‍යයෙක් නිසා ඌට, ඇය නමින් ආමන්ත්‍රණය කරන ලෙසයි. නමුත් මට නම් එහි කිසිදු වෙනසක් තේරෙන්නේ නැහැ. 

අඟහරුවාදා -

ඇය අප සිටින ප්‍රදේශය විවිධ පිලිකුල් සහගත නම් වලින් සහ සලකුණු වලින් අපවිත්‍ර කර තිබේ.

සැර දිය සුළු නැරඹීමට යන්නේ මෙතැනින්

එළුවන් සිටින දිවයිනට යන්නේ මෙතැනින්

සුළං තිබෙන ගුහාවට යන්නේ මෙතැනින්

ඇය පවසන ආකාරයට මෙම විවිධ සලකුණු වලින් මෙම උද්‍යානය කදිම වසන්ත කාල නිවාඩු නිකේතනයක් කරන බවයි. වසන්ත කාල නිවාඩු නිකේතන යන්නද ඇයගේම නිර්මාණයක්. ඒවා කිසිදු තේරුමක් නැති වදන් පමණයි. වසන්ත කාල නිවාඩු නිකේතනයක් කියන්නේ මොකක් ද? නමුත් මෙහි තේරුම ඇයගෙන් අසා නොසිටීම වඩා නුවණට හුරුයි. මන්ද එවිට ඇය ඉතා වියරුවෙන් මෙන් එය පැහැදිලි කිරීමට උත්සහ කරන බැවිනි. 

සිකුරාදා -

මම නිතර දිය ඇල්ල මතට යෑමට පුරුදුව සිටිමි. එසේ යන සෑම අවස්ථාවකදීම පාහේ එහි යන්න එපා කියා ඇය මගෙන් අයැද සිටියි. ඇය පවසන්නේ එමගින් ඇය භියට පත් වනවා කියා. නමුත් එසේ වන්නේ ඇයි? මම නිතර සිදුකරන දෙයක් එය. මම කැමතියි සීතලට, කුතුහලයට හා වේගයෙන් පහතට වැටීමට. මම සිතන ආකාරයට දිය ඇලි වල කාර්යය වන්නේ එයයි. මට පෙනෙන ආකාරයට නම් එහි වෙන ප්‍රයෝජනයක් නැහැ. ඕනම නිර්මාණයක කුමන හෝ කාර්යයක් තිබිය යුතුයි. ඇය පවසන්නේ ඒවා ඇත්තේ රයිනෝසිරස් හා මාස්ටඩොන් වැනි සත්වයන් මෙන් නැරඹීමට පමණක් බවයි.

මම බැරල් එකක් ආධාරයෙන් දිය ඇල්ලෙන් පහලට ගියෙමි. එහෙත් මෙමගින්ද ඇය තෘප්තිමත් වුයේ නැත. බෝට්ටුවක් ආධාරයෙන් ගියෙමි. එමගින්ද ය තෘප්තිමත් වුයේ නැත. සැර සහ වේගවත් දිය සුළි තුලින් පිහිනගෙන ගිය විට මට තරමක් තුවාල සිදු වුනි. මම කුමක් හෝ සිදු කිරීමට යද්දී ඒවාට නිතර බාධා පැමිණෙනවා. මට මේ තිබෙන දේවල් වලින් වෙනසක් අවශ්‍යයි.

සෙනසුරාදා -

පසුගිය අඟහරුවාදා රාත්‍රියේ දී මම නිවහනෙන් පලා ගොස් දින දෙකක් පුරාවට ඈතට ඇවිද ගියෙමි. ඒ හොදින් වැඩුණු පෙදෙසක නිවහනක් සාදා ගැනීම උදෙසායි. මම මගේ මං සළකුණු උපරිමයෙන් මකා දැමීමට උත්සහ කරත් ඇය වෘකයා නමින් හැදින්වූ සතෙක් මාර්ගයෙන් මාව සොයාගෙන ආවාය. එසේ පැමිණ ජලය තිබෙන තැන් වලට පනිමින් සුපුරුදු අනුකම්පා උපදවන ශබ්දය පිටකරයි. ඇය මට බල කරා නව නිවහන තිබෙන ස්ථානයෙන් ඉවත් වී ඇය සමග සුපුරුදු ස්ථානයට යන්න. මම ඇයත් සමග ගියත් ළඟදීම දවසක නැවත එතැනට යාමට බලාපොරොත්තුවනවා. ඇය නිතරම පාහේ සිදු කරන්නේ නිශ්ඵල දේවල්. ඇය මා සමග වරක් පැවසුවා සිංහයා හා ව්‍යාග්‍රයා යන නම් වලින් ඇය හැදින්වූ සතුන් ශාක සහ මල් ආහාරයට ගෙන ජීවත් වීම සිදු නොවිය යුතු දෙයක් කියා. ඇය එයින් කීමට අදහස් කලේ ඔවුන් පැළඳ සිටින දත් වලින් එකිනෙකා ආහාරයට ගත යුතු බවයි. මෙය නම් මෝඩ අදහසක්. එසේ වන්නට නම් එකිනෙකා මරාගත යුතුයි. එයින් නිර්මාණය වන්නේමරණය’. මරණය තවම උයනට පැමිණි දෙයක් නොවේ. ඇතැම් හේතූන් නිසා මරණය තවමත් උයනට පැමිණ නොතිබීම කණගාටුවට කරුණකි.

ඉරිදා -

දිනය ගෙවා දැමීමි.

සඳුදා -

සතිය ඇත්තේ කුමක් සදහාද කියා දැන් මම දන්නා බව මම විශ්වාස කරමි. එය ඇත්තේ ඉරිදා දවසේ වැඩකටයුතු නිසා වූ වෙහෙස නිවා ගැනීමටයි. මම  සිතන ආකාරයට එය හොද අදහසක්. ඇය නැවතත් ගස් මතට නැගීමට ආරම්භ කර තිබේ. ඇය බොහෝ විට නින්දට යන්නේ ගස් මතය. 

බ්‍රහස්පතින්දා - 

ඇය නිර්මාණය වී තිබෙන්නේ මගේ ශරීරයෙන් අරගත් ඉළ ඇටයකින් බව ඇය මා සමග පැවසුවා. නමුත් එය නම් කිසිසේත් විය නොහැකි දෙයක්. මගේ ශරීරයෙන් කිසිදු ඉළ ඇටයක් අඩුවී නැහැ. ඇය ගිජුලිහිණියා ගැන ද බොහෝ කනස්සල්ලෙන් පසුවූවා. මන්ද අනෙක් සතුන් මෙන් ඌ ශාක ආහාරයෙන් ජීවත් නොවන නිසා. ඌ ආහාරයට ගන්නේ දිරාපත් වූ මාංශ. ගිජුලිහිණියා ඌට සපයා ඇති දෙයින් සෑහීමකට පත් විය යුතුයි. ඌට උපකාර කිරීමට පමණක් අපට මේ සියලු දේවල් කනපිට හැරවීම කළ නොහැකි දෙයක්. 

සෙනසුරාදා -

ඊයේ දිනයේ දී පොකුණ තුලින් ඇය ඇයවම නරඹමින් සිටිනා විට එය තුළට වැටුනාය. එයට වැටුනු විට ඇය ඉතා අපහසුවෙන් සිටි බවක් මම දුටු අතර ඇය ගොඩට පැමිණි පසු කියා සිටියේ ඇගේ ගෙල මිරිකනවා වැන්නක් ඇයට දැනුනු බවයි. මෙම සිදුවීම මගින්, මාළුන් නමින් ඇය හැදින්වූ පොකුණේ සිටි සත්වයින් ගැන ඇයට අණුකම්පාවක් උපදින්නට විය. උන් ජලය තුල කෙතරම් අපහසුවෙන් ජීවත් වනවා ඇද්ද? ඇය උන්ව මාලුවා යැයි නම් කළ ද එයින් කිසි ඵලක් නැති බවයි මගේ හැඟීම. උන්ගේ නම කියා කතා කල විට උන් අප අසලට පැමිණෙන්නේ නැත. ඇය නම් එක් විදිහක මෝඩියක්.

මේ නිසා ඇය පෙරදින රාත්‍රියේ දී මාලුන් කිහිප දෙනෙක්ව ජලයෙන් ගොඩට ගෙන මගේ ඇඳ මත තැබුවාය. ඒ උන්ව උණුසුම්ව තැබිය යුතු නිසා. උන් දෙස දිගටම බලාගෙන සිටියත් උන් පෙරදී මෙන් සතුටින් සිටි බවක් මම නම් දැක්කේ නැත. දැන් ඔවුන් පෙරට වඩා නිශ්චලයි. රාත්‍රිය එළඹුනු විට උන්ව ඇදෙම් අයින් කරන්නට උවමනායි. මටනම් නැවත උන් සමග නිදාගන්නට බැහැ. උන්ගේ ඇලෙනසුළු ගතිය නිසා එය මට ඉතා අප්‍රසන්නයි.

ඉරිදා -

දිනට ගෙවා දැමීමි.

අඟහරුවාදා -

ඇය දැන් නිතරම පාහේ සිටින්නේ සර්පයාත් සමගයි. අනෙක් සතුන්ට නම් එය සුබ ආරංචියක්. මන්ද ඇය නිතර ඔවුන්ගෙන් පරීක්ෂණ කර ඔවුන්ට හිරිහැර කරන නිසා. සතුට පමණක් නොව මටත් එය සුබ ආරංචියක්. සර්පයා කතා කරන නිසා මට නිදහසේ සිටිය හැකියි.

සිකුරාදා -

අපට කෑමට තහනම් කර තිබෙන ගසේ පළතුරු කන්නට යැයි සර්පයා පැවසූ බව ඇය මට පැවසුවා. එමගින් ශ්‍රේෂ්ඨ හා සර්ව සම්පූර්ණ අධ්‍යාපනය ලැබෙන බවද ඇය තවදුරටත් පැවසුවා. මම ඇයට පැවසුවේ එමගින් තවත් ප්‍රථිපලයක් ඇතිවන බවයි - මරණය මේ ලෝකයට පැමිණේවි. මම මේ ගැන ඇයට නොපවසා සිටියා නම් වඩා හොද යැයි දැන් මට සිතේ. එම ගසේ පලතුරු කෑමෙන් මරණය නිපදවෙන නිසා එමගින් ආහාර නොමැතිව රෝගීව සිටින ගිජුලිහිණියාට හා කලකිරී සිටින සිංහයන් ට හා ව්‍යාග්‍රයන් ට එමගින් උපකාර කල හැකි යැයි ඇයට අදහස් උපදින්නට විය. මම ඇයට අවවාද කලේ නැවත එම ගස තිබෙන ස්ථානයට නොයන බවට. නැවත එහි යන්නේ නැති බව ඇය මට පැවසුවා. යම් කරදරයක් ඇතොත් මට එය දුර තියා දැනෙනවා. අපි ඉක්මනින් මෙහෙන් ඈතකට යා යුතුයි.

බදාදා -

පසුගිය දවස් කිහිපයේ තරමක වෙනස් විදිහේ කාලයක් ගෙවුනේ. එක් රාත්‍රියක මම මාගේ අශ්වයා මත නැග ඌට යා හැකි උපරිම වේගයෙන් උපරිම දුරකට යාමට තැත් කලෙමි. ඒ මෙම උයනෙන් හැකි තරම් ඈතට ගොස් මේ තිබෙන කරදර වලින් ඈත්ව සිටීමටයි. හිරු උදා වී පැයක් ගත වන විට මම අශ්වයා සමග යමින් සිටියේ මල් වලින් පිරුණු තැනිතලාවක් මතයි. එහි සිටි සතුන් සුපුරුදු පරිදි තණ කමින් හා සැතපෙමින් සිටියෝය. නමුත් එකෙනෙහිම උන් වියරු වී බිය ගන්නා සුළු ශබ්ද නගමින් තමන් අසල සිටි අනෙක් සතුන් ව විනාශ කරන්නට ගත්තෝය. මට වැටහී ගියා මෙයින් කුමක් අදහස් වන්නේ ද යන්න. ඒව අර පලතුර කන්න ඇති , ඒ නිසා දැන් මරණයයි මේ උයනට ඇතුලු වී තිබෙන්නේ. ව්‍යාග්‍රයින් මගේ අශ්වයාව කා දැමුවා. මම උන්ට නවතින්න යැයි අණ කරත් උන් මගේ කීම ගණනකට වත් ගත්තේ නැහැ. මම තව වේලා එතැන රැඳී සිටියානම් ව්‍යාග්‍රයා මාවත් කා දමනවා. ඒ නිසා මම වහාම එතැනින් පැන ගියෙමි. 

එතනින් පැන ගොස් මම ගියේ උයනෙන් පිටත පිහිටි දින කිහිපයකට පමණක් සරිලන ආකාරයට ද්‍රව්‍ය තිබෙන ස්ථානයකටයි. එතැනට ද ඇය මා සොයාගෙන පැමිණියා ය. ඇය එතැනට නම තැබුවේටොනවන්ඩාකියාය. එසේ නම තැබුවේ ඇයි දැයි විමසූ විට ඇය පවසා සිටියේ එතැන ටොනවන්ඩා ලෙස පෙනෙන බවයි. පෙරදී ඇය මා හමුවට පැමිණීම ගැන මම කණස්සල්ලෙන් සිටිය ද මෙහිදී ඇය පැමිණීම ගැන මම දුක් වූයේ නැහැ. ඇය ඇපල් කිහිපයක් සහ අවශ්‍ය කලමනා ස්වල්පයල් රැගෙන විත් තිබුණි. එම ඇපල් කෑමට ඇය මට බල කරත් එය මගේ ප්‍රථිපත්තියට විරුද්ධ යි. නමුත් දැන් මට හොදටම බඩගිනි යි. නමුත් නිරාහාරව සිට ප්‍රථිපත්ති රැකීමෙන් ඇති ඵලය කුමක් ද? ඇය පැමිණෙන විට ශරීරය ආවරණය කර ගැනීමට අතු රිකිලි කිහිපයක් ද ගෙනා තිබුණි. ඒවා ගෙනාවේ ඇයි දැයි මම විමසූ විට, ඇය ඒවා අහුලා මා වෙත විසි කරමින් ලැජ්ජාවෙන් මුහුණ රතු කර හීන් හඬින් සිනාසෙන්නට විය. මම මීට පෙර කිසිවෙක් ලැජ්ජා වී සිනාසෙනවා දැක තිබුනේ නැති නිසා එය මට නම් පෙනුනේ මෝඩ ක්‍රියාවක් ලෙස යි. 

මම ඉතාමත් බඩගින්නේ පසුවූ නිසා බාගයක් කා තිබූ ඇපල් ගෙඩියක් අතට ගෙන කන්නට වූයෙමි. ඒ ගෙනා තිබූ ඇපල් ගෙඩි කිහිපයෙන් අනර්ඝම ඇපල් ගෙඩිය යි. ඉන්පසු ඇය ගෙනා තිබූ ඉවතලන අතු රිකිලි වලින් මම ශරීරය ආවරණය ලර ගත්තෙමි. ඇයත් මාත් සමගම ඇගේ ශරීරය ආවරණයකර ගත්තේය. කැලයේ සතුන් මරාගත් ස්ථානයට ගොස් උන්ගේ හම් ද අපි ලබාගත්තෙමු. ඒවා මූට්ටු කරමින් විශේෂ අවස්ථා වලට ඇඳීම සදහා ආවරණ සාදා ගත් අතර මේවා ඇඟට තරමක් අපහසු බව අප දෙදෙනාට ම වැටහී ගිය කරුණකි. නමුත් මෙම ආවරණ පැළඳීමේ අරමුණ ද එයයි. මීට පෙර දී නම් අපට ජීවත් වීමට අවශ්‍ය කලමනා සියල්ල උයන තුලම තිබුණි. දැන් අපට උයන අහිමි ඇති නිසා ජීවත් වීමට වෙහෙස වී වැඩ කල යුතු බව ඇය මට පැවසුවාය. ඒ නිසා එයට ඇය මගේ සහයට සිටීම මට සතුටට කරුණක්. 

දින දහයකට පසු -

මේ සිදුවූ විපත්තියට ය චෝදනා එල්ල කරන්නේ මටයි. තහනම් කල පළතුර චෙස්නට් මිස අපල නොවන බව ය නිශ්චිතවම කියා සිටියි. මම චෙස්නට් එකක්වත් මේ වනතුරු ආහාරයට නොගෙන ඇති බැවින් මෙයට මම අහිංසක බව ඇයට කියා සිටියෙමි.චෙස්නට්' යනු පැරණි විහිළුවක් හගවිමට යොදාගත් රුපකයක් බව සර්පයා විසින් යට පැවසු බව ය පවසන්නීය. එය අස මම සුදුමැලි වීමි. මන්ද යත් අපහසු අවස්ථා මගහැර ගැනීම උදෙසා මම විහිලු බොහොමයක් කල නිසාත් එම විහිලු එම ආකාරය ගත් නිසාත් ය. අවංකවම මම සිත සිටියේ මම කල එම විහිලු අලුත් ඒවා බවයි.විනාශය අතරතුරදී එවැනි විහිළුවක් කලේද යන්න ය මගෙන් ප්‍රශ්න කලාය. ශබ්ද නාග නොකලත් මට පමණක් ඇසෙන පරිදි එසේ විහිළුවක් කල බවට පිළිගන්න ලෙස ය මට බලකර සිටියා ය.

මම දියඇලි ගැන සිතමින් සිටි වෙලාවක මම මටම මෙසේ කියා ගතිමි; “කඩ හැලෙන විශාල ජල කඳ කොතරම් අපුරුද?” එසැනින්ම මම තවත් නව අදහසක් සිතේ පන නැගුණි.මෙවැනි විශාල ජාල කඳක් අඩ හැලෙනු දකිම කොතරම් විශ්මයජනකද?” යනුවෙන් මම මගේ මුවින් පිට කලෙමි.එක තමා' ය ජයග්‍රාහී ලීලාවෙන් පැවසුවාය.එක තමයි සර්පයා කියූ විහිලුව. එකටම තම පළමු වෙස්නට් එක කියලා කියන්නෙත්. එකට මැවීම තරම්ම වයසයි කියලත් සර්පයා කිව්වා.මේ සිදුවී තිබෙන විනාශයට දොස් පවරාගත යුත්තේ මට නේද?

වසරකය පසු -

කායින් - ඒ අපි ඌට තැබූ නම. මම ඊරි විලෙහි උතුරු ඉවුරේ සිටිද්දී ය ඌව අල්ලාගෙන තිබෙනවා.ඇය ඌව අල්ලාගෙන තිබෙන්නේ අපගේ නිවසේ සිට සැතපුම් දෙකක් හෝ හතරක් අතිනි.(නමුත් අයව තවත් දුර පිළිබද හරිහැටි දැනුමක් නැහැ) ඌ අපිට තරමක් සමාන කමක් පෙන්වනවා. සමහර විට ඒ නෑකමක් වන්නට ඇති. මෙසේ සිතන්නේ මම නොවේ ඇය යි. මට එසේ සිතෙන්නේ නැහැ. ඌ ශරීර ප්‍රමාණයෙන් කුඩා නිසා මට සිතෙන හැටියට නම් ඒ වෙනත් සත්වයෙක්. මාළුවෙක් වන්නට ද පුලුවනි. ඒ මාළුවෙක් දැයි සැකහැර දැන ගැනීමට මම ඌව ජලය තුලට දැමූ විට ඌ ගිලුණි. එසේ දැමූ විට ම ඇය ඇවිත් ඌව ජලයෙන් ගොඩට ගත් නිසා මේ මාළුවෙක් දැයි නිශ්චිතව දැන ගැනීමට හැකි වූයේ නැහැ. මම තවමත් සිතන්නේ ඒ මාළුවෙ කියා. නමුත් මට මගේ සැකය දුරු කර ගැනීමට ඇය මට අවස්ථාවක් ලබා දෙන්නේ ම නැහැ. මට ඇයගේ මෙම හැසිරීම වැටහෙන්නේ නැහැ. මෙම අලුත් සත්වයා ඇයව සම්පූර්ණයෙන්ම වෙනස් කර තිබෙනවා. පෙර දී නම් ඇය සතුන්ව යොදා විවිධ වූ පර්යේෂණ සිදු කරත් මෙම අලුත් සත්වයාගෙන් කිසිදු පරීක්ෂණයක් නොකිරීම හෝ අඩුම තරමේ මටවත් සිදු කිරීමට අවස්ථාව නොදීම මට ගැටලු සහගත යි. 

විටෙක ඇය අලුත් සත්වයා කෑ ගැසීම නවත්වන තෙක් ඌව අතේ තබාගෙන සිටියි. එසේ තබාගෙන සිටියදී ද කෑ ගැසීම නවත්වන්නේ නැත්නම් ඇය අමුතු ශබ්ද නගා ඌව සනසයි. ඇය අනෙක් මාළුන් සමග මෙසේ හැසිරෙනවා මම මීට පෙර දැක නැහැ. එමනිසා එය මගේ ගැටළුව තවත් උග්‍ර කිරීමක්. අපිට උයන අහිමි වීමට කලින් ඇය කුඩා ව්‍යාග්‍රයින් සමග මෙසේ සෙල්ලම් කරත් මේ තරම් සෙල්ලම් කලේ නැහැ. 

ඉරිදා - 

ඇය ඉරිදාට වැඩකරන්නේ නැහැ, නමුත් මාළුව ව ඇඟ මත තබාගෙන දිනය පුරාවට බිම වැතිරී සිටියි. එසේ වැතිර සිටින විට දී ඇය අලුත් සත්වයාගේ අත් සපා කන්නට මෙන් මවා පෑ විට ඌ සිනාසෙයි. මම මීට පෙර මාළුන් සිනාසෙනවා දැක නැත. එමනිසා එයිනුත් මට උපන්නේ සැකයක්. සතියේ අනෙක් දවස් වල මහන්සි වී වැඩ කරන නිසා ඉරිදාවල් නිතර පැමිණෙනවා නම් මම කැමැත්තෙමි.

බදාදා - 

ඒ මාළුවෙක් නොවේ. ඒ කුමන වර්ගයේ සතෙක් ද කියා තවම මා තුල අදහසක් නැත. ඌ නොසතුටු විට අමුතු දඟකාර ශබ්ද නගයි. ඇවිදින්නේ නැති නිසා අපේ වර්ගයේ අයෙක් නොවේ, පියාඹන්නේ නැති නිසා කුරුල්ලෙක් නොවේ, පනින්නේ නැති නිසා ගෙම්බෙක් නොවේ, බඩගාන්නේ නැති නිසා නයෙක් ද නොවේ. ඌට පිහිනන්නට පුලුවන්ද බැරිද යන්න සොයා බැලීමට ඇයබ්මට ඉඩ ලබා නොදුන්නත් ඒ මාළුවෙක් නොවන බව දැන් මට වැටහේ. ඌ නිතරම කකුල් දෙක උඩ දමාගෙන බිම වැතිරී සිටියි. මම මීටපෙරවෙනත් කිසිදි සතෙක් එසේ කරනවා දැක නැහැ. මෙය මට ප්‍රහේලිකාවක් බව මම ඇයට පැවසූ විට ඇය එය අනුමත කරමින් හිස සැලුවා විනා මා කියූ දෙය එතරම් සැලකිල්ලකට ගත්තේ නැහැ. මට දැන් සිතෙන හැටියට නම් මේ යම් වර්ගයක කුරුමිණියෙක් හෝ දැනට නම් නොකෙරුණු සත්වයෙක්. මේ සත්වයා මැරුණහොත් මම ඌව ගෙන කොටස් වලට වෙන් කර, සෑදී ඇත්තේ මොනවායින් දැයි සොයා බලමි. මාව මෙතරම් ව්‍යාකූල කිරීමට සමත් දෙයක් මෙතෙක් තිබී නැහැ. 

මාස තුනකට පසු -

මේ පටලැවිල්ල ක්‍රමක්‍රමයෙන් වැඩි වීමක් මිසක් අඩු වීමක් පෙන්නුම් කලේ නැත. මම දැන් නිදාගන්නේ පෙරට වඩා අඩුවෙන්. අලුත් සත්වයා බිම වැතිරී සිටීම වෙනුවට දැන් කකුල් හතරෙන් ඇවිදියි. නමුත් කකුල් හතරෙන් ඇවිදින අනෙක් සතුන්ගේ මෙන් නොව උගේ ඉදිරි පාද දෙක කෙටියි. මෙම ඇවිදයන ආකාරයෙන් පැවසිය හැකියි මේ සත්වයා අපේ වර්ගයේ අයෙක් නොවන බව. කුඩා ඉදිරි පාද තිබෙන නිසා තවම වර්ගීකරණය වී නොමැති කැන්ගරු පවුලේ අයෙක් වන්නට ද පුලුවනි. මම සිතන ආකාරයට මම නිවැරදියි. ඌ තවම වර්ගීකරණය වී නොමැති නිසා මම ඌට කැන්ගරු පවුලට ගැලපෙන නමක් දැමුවෙමි. - කැන්ගරූරම් ඇඩමෙන්සිස්.

ඌ පැමිණි දා පටන් සීග්‍ර වර්ධනයක් පෙන්නුම් කරයි. කලින් සිටියාට වඩා ඌ මේ වන විට පස් ගුණයක් විශාල වී ඇත. නොසතුටු වූ විට කෑ ගැසීම දපෙරට වඩා හයියෙන් සිදු කරයි. මම එය බලෙම් නවත්වන්නට උත්සහ කිරීමෙන් ඇතිවන්නේ ඌ තව ත්වත් හයියෙන් කෑ ගැසීම පමණයි. ඇය නම් ඌට අවශ්‍ය ‍යම් යම් දේවල් ලබා දී උගේ විශ්වාසය දිනාගෙන ඌ සමග මිතුරු වේ. මම පෙර දී පැවසූ ආකාරයට ඌ මෙහි පැමිණෙන විට මම නිවසේ සිටියේ නැත. ඇය පැවසුවේ, ඇය ඌව වනයේ දී දැක රැගෙන ආ බවයි. මේ නිසා මෙවන් තවත් අයෙක් සොයා ගැනීමට මම වනයට ගියෙමි. ඒ මෙවන් තවත් අයෙක් සිටිනා විට ඌව හීලෑ කරගැනීම පහසුවේ යැයි මම සිතූ නිසාවෙනි. උගුල් බොහොමයක් ඇටවුවත් අවාසනාවකට මට තවත් අයෙක් හෝ උන්ගේ සලකුණක් වත් සොයා ගැනීමට හැකිවූයේ නැහැ. ඒ වෙනුවට හසුවූයේ වෙනත් කුඩා සතුන් ය. ඇය ඌව වනයෙන් රැගෙන ආවා නම් මග සලකුණු තිබිය යුතුයි. නමුත් මෙහි ඒ කිසිවක් ඇත්තේ නැහැ. මෙය මගේ ප්‍රහේලිකාවට තවත් ප්‍රශ්නයක් එක් කිරීමක්.

මාස තුනකට පසු -

කැන්ගරුවා දිනෙන් දින පටලැවිලි සහගත ලෙස අපව පුදුම කරමින් වර්ධනය වේ. කැන්ගරුවෙක් මෙවන් ආකාරයට වැඩෙනවා මම දැක නැහැ. උගේ හිස මත මයිල් තිබෙන අතර ඒවා කැන්ගරු මයිල් මෙන් නොවේ. ඒවා සමාන වන්නේ අපගේ කොණ්ඩයට යි. ඒවා අපේ කොණ්ඩයට වඩා සිනිදු වන අතර කළු පැහැය වෙනුවට එය රතු පැහැති යි. මේ හිතුවක්කාර, නිතර හිරිහැර කරන අමුතුම සත්වයා නිසා මගේ හිස මේ වන විට දැඩි වියවුලකට පත්ව තිබේ. මට මේ වගේ තව කෙනෙක් සොයා ගන්නට තිබුනා නම්… නමුත් දැනට මේ වර්ගයෙන් සිටින්නේ මේ සත්වයා පමණයි. මෙයයි අපට තිබෙන එකම නියැදිය. 

මේ සත්වයාට තමන් මෙන් කිසිදු අයෙක් නැති නිසා ඌට තනිකමක් දැනේවි කියා මට සිතුනි. එබැවින් මම දින ගණනක් වෙහෙසී කැන්ගරු පැටවෙක් සොයාගෙන ඌ සමග තැබුවෙමි. නමුත් මේ දෙදෙනාගේ චර්යාවන් එකිනෙකට වෙනස් වූ අතර ඇය හා ඌ අතර තිබෙන සබදකමතරම්වත් සබදකමක් මේ දෙදෙනා අතර ගොඩ නැගුනේ නැත. තමන්ගේ වර්ගයේ කිසිදු අයෙක් නැති නිසා කෙතරම් දුකක් තනිකමක් දැනෙනවා ඇද්ද? මට යම් සතෙක් ගැන මෙවැනි හැඟීමක් මීට පෙර දැනී නැහැ. මෙය මට අලුත් දෙයක්. මට මේ අසරණ සත්වයා ගැන ඇතිවෙන්නේ දුකක්. මෙයාව සතුටු කරන්න මට හැකියාවක් නැහැ. සතුටු කරන්න මම උත්සහ කරන හැම අවස්ථාවකදීම සිදු වන්නේ තත්වය තව තවත් දරුණු වීම පමණ යි. මම කැමතියි මේ අසරණයව නිදහස් කර යන්න හරින්න. නමුත් ඇය මගේ කීම අසන්නේ නැහැ. ඒ අතින් නම් ඇය ඉතා කෲර යි. මේ සත්වයාගේ තනිකම නැති කරන්න මට තවත් සත්වයෙක් සොයා ගන්නට හැකි වූවා නම්… ඒත් මම එවන් සත්වයෙක් සොයා ගන්නේ කොහොම ද?.

මාස පහකට පසු -

ඒ කැන්ගරුවෙක් නොවේ. ඌ ඇයගේ ඇඟිල්ලක් අල්ලාගෙන පසුපස කකුල් දෙකෙන් ඇවිද වැඩි දුරක් යාමට මත්තෙන් ඇද වැටෙයි. සමහරවිට මේ යම් වර්ගයක වළහෙක් වන්නට ද පුලුවනි. නමුත් ඌට තවම වල්ගයක් නෑ. එපමණක් නොව හිසේ හැරුණු විට අන් කිසො තැනක මයිල් නැහැ. මේ සත්වයා තවමත් වර්ධනය වනවා. වළස්සු නම් වර්ධනය වන්නට මෙතරම් කාලයක් ගන්නේ නැහැ. උයනට සිදුවූ හදිසි විපත්තිය දා පටන් වළස්සු ඉතා දරුණු වන්නට ගත්තා. මේ නිසා මට මේ සත්වයා ගැන දැන් බියක් ද ඇති වේ. මම ඇයට පැවසුවා ඇයට කැන්ගරුවෙක් ගෙනත් දුනහොත් මේ සත්වයාට යන්නට ඉඩ හරිනවද කියා. නමුත් ඇය එම යෝජනාවටකැමති වූයේ නැහැ. ඇය විසින් මේ කරනු ලබන මේ මෝඩ දෙයින් අප වැටෙන්නේ මහත් කරදරයකට. ඇයට සිදුවී තිබෙන්නේ කුමක් ද? කලින් මෙන් නොව දැන් ඇයගේ මනස විකෘති වී ඇති බවයි මට වැටහෙන්නේ.

එදිනම රාත්‍රියේ -

මම උගේ කට පරීක්ෂා කරනු ලැබුවෙමි. දැනට නම් එයින් අනතුරක් නැහැ. එහි තිබෙන්නේ එක් දතක් පමණයි. දැන් ඌ පෙරටත් වඩා ශබ්ද නගා කෑ ගසයි. එය වැඩියෙන් ම සිදු කරන්නේ රාත්‍රී කාලයේදී ය. ඒ නිසා ම මම රාත්‍රී කාලයේ දී එතැනින් පිටව සිටියි. උදෑසන ආහාරය සදහා නැවත පැමිණි විගස තවත් දත් පැමිණ ඇත්දැයි කියා මම උගේ කට පරීක්ෂා කර බලමි. ඒ කට පුරා දත් ආ විට උට මෙහෙන් පිටව යාමට කාලය පැමිණ තිබෙන නිසාවෙනි. වළසුන්ට රෝම තුනා හෝ නැතා දත් තිබුනහොත් උන් දරුණු වීම මීට හේතුවයි.

මාස හතරකට පසු -

පසුගිය මාසයපුරාවට මමමී හරකානමින් හැදින්වූ පෙදෙසේ මාළු අල්ලමින් හා දඩයමේ යමින් සිටියේ ය. මට තවම තේරෙන්නේ නැත්තේ එහි මී හරකුන් නැතත් ඇය එම නම දැමුවේ ඇයි ද යන වග. මේ අතරතුර අලුත් සත්වයා පසුපස කකුල් දෙකෙන් ඇවිදින්නට පටන් ගත් අතර ඌඅම්මා” “තාත්තායන වචන පවසන්නට ද පටන් ගෙන තිබෙනවා. මේ වක්ජන නම් හිතාමතා කියූ දෙයක් වන්නට බැහැ. මේවාට කිසිදු තේරුමක් වත් නැහැ. නමුත් එසේ පැවසීම ඉතා අපූර්ව මෙන්ම අසාමාන්‍ය දෙයක්. වළසුන්ට එසේ කතා කිරීමට නොහැකි වීම ඊට හේතුවයි. මෙම සත්වයාට අනෙක් වළසුන් මෙන් මයිල් නැති නිසා ද වළසුන් මෙසේ කතා නොකරන නිසා ද මේ සිටින්නේ අලුත් ම වර්ගයක වළසෙක් විය යුතුයි. මෙම නව වළසා ගැන අධ්‍යනය කිරීම ඉතා සිත් ගන්නා සුළුයි. මගේ අදහසක් තිබෙනවා උතුරු පෙදෙසේ ඇති වනාන්තර වල සංචාරය කරන්න. එවිටවත් මෙම නව වර්ගයෙන් තව අයෙක් මට සොයා ගන්නට පුලුවන් වේවි.

මාස තුනකට පසු -

දඩයම් කිරීම නිසා මා දැන් ඉතා වෙහෙසට පත් වී තිබේ. කෙතරම් වෙහෙසුනත් කිසිදු දඩයමක් මෙතෙක් සාර්ථක කර ගැනීමට හැකියාව ලැබුනේ නැහැ. මේ අතරතුර අපහේ නිවස පිහිටි පෙදෙසින් මාව පුදුම කරවන තොරතුරක් දැනගන්නට ලැබුණි. ය තවත් අයෙක් අල්ලාගෙන! එවන් දෙයක් කිරීමට මට කිසිදු වාසනාවක් ඇත්තේ නැහැ. මම මෙම කැලයේ වසර සිය ගණනක් දඩයමේ ගියත් එවන් අයෙකු සොයා ගැනීමට හැකිවනු ඇති මම සිතන්නේ නැහැ.

ඊළඟ දිනය -

මම දැන් අලුත් එක සහ පරණ එක සංසන්දනය කරමින් සිටිමි. ඔවුන් දෙදෙනා බොහෝ දුරට සමාන වන අතර දෙදෙනාම එකම වර්ගයකට අයත් වේ. පරණ එක්කෙනා දැන් අලුත් එක්කෙනාට වැඩ හිලෑ වී තිබේ. දැන් ඌට ගිරවෙකුට මෙන් අනුකරණය කරමින් කතා කල හැකියි. එසේ ගිරවෙකු මෙන් කතා කරන විට මම පුදුම වුව ඌ වෙනත් වර්ගයක ගිරවෙක්ද කියා. නමුත් එය එසේ නොවේ. අලුත් එක්කෙනා පරණ කෙනා මුලදී මෙන් ප්‍රියමනාප නොවේ. ඇය ඌට ආබෙල් යැයි කියයි. 

වසර දහයකට පසු -

බොහෝ කාලයකට කලින් අපිට හමුවුණු ඒ දෙනෙනා පිරිමි ළමයින්. කුඩා කාලයේදී අක්‍රමවත්ව ඔවුන් සිටි නිසයි අපිට ඔවුන්ව හරිහැටි හදුනාගැනීමට නොහැකි වුයේ. දැන් ගැහැණු ළමයින් කිහිප දෙනෙකුත් අපට සිටිනවා. ආබෙල් හොද ළමයෙක්. නමුත් කායින් නම් එසේ නැහැ. වසර ගණනාවකට පසු මට දැන් වැටහෙනවා මුලදී මම එව ගැන සිත සිටියේ වැරදි ආකාරයට බව. උයන තුල ඇය නොමැතිව සිටිනවාට වඩා උයනෙන් පිට ඇයත් සමග සිටීමට මම ප්‍රිය කරමි. මුලදී මම, ඇය නිතර දෙවේලේ කතා කිරීම ගැන යට දොස් පැවරුවත් දැන් අයගේ කටහඩ අහන්නට නොමැති වීම නිසා මට මහා දුකක් ඇති වේ.

[ආදම්ගේ දිනපොතෙන් කොටසක් යන අවසාන කොටසින් හමුවෙමු]