කාර්මික විප්ලවයත් සමග
අඩු වැටුපට සේවය ලබා ගත හැකි පිරිසක් කර්මාන්තශාලා හිමියන් සෙවීය. ඔවුන් ඒ සදහා යොමු
වූයේ ළමුන් වෙතයි. දහ නමවන සියවසේ අගභාගයේ සිට විසිවන සියවසේ මුල් කාලයේ ඇමරිකාවේ කර්මාන්තශාලාවක්
වෙත ගියහොත් එහි ළමුන් සේවය කරනු දැකීම සුලබ දසුනක්. 1900 වසර විට ඇමරිකාව තුල අවුරුදු
16 ට අඩු ළමුන් මිලියන 1.7 කට වැඩි ප්‍රමාණයක් යම්කිසි රැකියාවක නිරත වූ බව එරට දත්ත
වාර්තා පවසයි. එය එකල ඇමරිකාවේ ළමුන්ගෙන් 1/5 ක් වැනි විශාල අගයක්.
කර්මාන්තශාලා හිමියන්
දුප්පත් පවුල් ඉලක්ක කර ඔවුන්ගේ දරුවන් තම කම්හලේ රැකියාවට යොදවන්නේ සොච්චම් මුදලක්
ගෙවමිනි. වැඩිහිටියන් මෙන් නොව කුඩා ළමුන් වැඩි වැටුප් ඉල්ලා උද්ඝෝෂණ නොකිරීම නිසාත්
ළමුන්ව සේවයේ අනුයුක්ත කිරීම ඔවුනට වාසිදායක විය.
මෙම ළමා ශ්‍රමිකයන් පිලිබඳ
සොයා බලා කටයුතු කිරීමට 1904 දී ජාතික ළමා කම්කරු කමිටුව (National Child Labor
Committee) පිහිටුවයි. මෙම කාලයේ දී ළමා ශ්‍රමිකයන් ගැන සමාජයේ කතාබහක් ඇතිවුවද බොහෝ
අය මෙම ළමයින්ව දැක නොමැති නිසා ඊට විරුද්ධ වුනේ සුළු පිරිසකි. මේ නිසා ළමා ශ්‍රමිකයන්ගේ
ඡායාරූප ගෙන වාර්තාවක් සකස් කිරීමට කමිටුවෙන් යෝජනා විය.
මේ සදහා ඔවුන් තෝරාගත්තේ
ලුවිස් විස්ක් හයින් (1874 – 1940) වන අධ්‍යාපනවේදියෙක්ව. ලුවිස් ඇමරිකාව පුරා කර්මාන්තශාලා
වලට ගොස් ඒවායේ සේවය කළ ළමුන්ගේ ඡායාරූප ගැනීම ආරම්භ කළේ ය. සමහර කර්මාන්තශාලා තුලට
ඇතුලුවීමට ඔහුට ඉඩකඩ ලැබුනේ නැත. එමනිසා ඔහු ආහාර බෙදන්නෙක්, තැපැල් සේවකයෙක් ආදී ලෙසින්
වෙස්වලාගෙන සේවයේ නියුතු ළමුන්ගේ ඡායාරූප ගැනීම සිදු කළේ ය. ඔහුට මේ නිසා ජීවිත තර්ජනත්
එල්ල වුවත් තම කාර්යය අවසන් වන තුරු සිදු කළේ ය.
ලුවිස් හයින් (wikipedia.org) |
ගල් අඟුරු පතල්, ඇඟලුම්
කර්මාන්ත, ධීවර කර්මාන්ත, පුවත්පත් බෙදෑහැරීම්, ලියුම් බෙදාහැරීම්, කෘෂිකර්මාන්තය ආදී
විවිධ අංශයන්හි සේවය කරමින් සිටි ළමුන්ව මුණගැසීමට ලුවිස්ට හැකිවුණා. සමහරු අවු. හතරක්
වැනි කුඩා ළමුන්. ලුවිස් මොවුන් සමග කතා කරමින් හැකි තරම් තොරතුරු රැස් කළේ ය. ඔහු
ලබාගත් සෑම පින්තූරයකටම සටහනක් තැබීමට අමතක කළේ නැත. මෙසේ ලබාගත් ඡායාරූප සංඛාව පන්දහසකට
අධිකයි.
බොහෝ ඡායාරූපවල පිටුපසින්
වැඩිහිටියෙක් සිටිනු දැකගත හැකියි. ඔවුන් සිටියේ ළමුන් හරි ආකාරව වැඩ කරනවාදැයි සොයා
බැලීමටයි. කර්මාන්තශාල තුලට ඔහුව නොගත් අවස්ථාවල දී ඉන් පිටත සිට එයට යනෙන ළමුන්ගේ
ඡායාරූප ගැනීමට ඔහු කටයුතු කරයි. බොහෝ විට කර්මාන්තශාලා රාත්‍රී වන තුරු ක්‍රියාත්මක
විය. සමහර ළමුන් තමන්ට සිදුවූ අනතුරු ලුවිස් හට පෙන්වයි. කපු නිපදවන උපකරණයට අත හසුවී
ඇඟිල්ල අහිමි වීම, උපකරණ වලට හසුවී කකුල් අහිමි වීම ආදී සිදුවීම් අසා දැනගැනීමට ලුවිස්
හට හැකිවිය. එරට සමාජය මෙම තොරතුරු දැනගත්තේ මෙම ඡායාරූප මගින්.
15 හැවිරිදි දැරියක්. තහඩු කපන යන්ත්‍රයකට හසුවී ඇගිල්ල කැපී තිබේ. (boredpanda.com) |
ජේකබ් රීස් නම් අයෙකුත්
මෙකල ළමයින්ගේ ඡායාරූප ගැනීම සිදු කළේ ය. නමුත් ඔහුගේ ඡායාරූප බොහොමයක් සීමා වූයේ නිව්
යෝර්ක් නගරයට පමණි. නමුත් ලුවිස්ගේ ඡායාරූප ඇමරිකාව පුරා ළමුන්ගෙන් සමින්විත වී තිබුනා
පමණක් නොව ඔහුගේ ඡායාරූපකරණයේ තාක්ෂණයත් එම ඡායාරූප සමාජයේ පෙරළියක් කිරීමට සමත් වුනා.
ඔහු තම ඡායාරූපවල වටපිටාවට වඩා ළමුන්ව කැපී පෙනෙන ආකාරයට සකස් කරයි. එය සිදු කරන්නේ
ළමුන්ගේ පසුපස පරිසරය බොඳ කරමින්. බොහෝ ඡායාරූප වල සිටින ළමුන්ගේ ඇස් මට්ටම එය නරඹන්නන්ගේ
ඇස් මට්ටමට සමපාත වන අයුරින් සකස් කර තිබුණි.
ලුවිස්ගේ මෙම ඡායාරූප
ළමා කම්කරුවන් ගැන සාකච්ඡාව තීව්‍ර කළා පමණක් නොව රටේ නීතීන් වෙනස් කිරීමටත් සමත් වුනා.
වයස අවු. 18ට අඩු ළමුන්ට රැකියාවක නිරත වීමට නොහැකි අයුරින් නීති සකස් විය. ළමුන්ව
නැවත පාසල් වෙත ඇතුලත් කිරීමට වැඩසටහන් ක්‍රියාත්මක විය.
පුවත්පත් බෙදන ළමුන් (boredpanda.com) |
ලුවිස් නිව් යෝර්ක් නගරයේ
එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ල නිර්මාණයේ දී භාවිතා කළ ළමා ශ්‍රමිකයන්ගේ ඡායාරූප ද ලබා
ගත්තේ ය. එහිදී ත් ඔහු ළමා ශ්‍රමිකයා වෙත මූලිකත්වය දෙමින් ඡායාරූපකරණයේ නිරත විය.
සමාජය පිළිබඳ වාර්තාකරණයට ඡායාරූප යොදා ගත් මුල්ම පුද්ගලයන්ගෙන් අයෙක් ලෙස ලුවිස් හැදින්විය
හැකියි. අලංකරණයට පමණක් ඡායාරූප භාවිතා වූ කාලයක එහි වටිනාකම වැඩි කරමින් ඡායාරූපකරණයේ
වෙනත් මාවතක් සකස් කිරීම නිසාත් ළමා ශ්‍රමිකයන් නැති කිරීමට දැක්වූ විශාල දායකත්වය
නිසාත් ලුවිස් හට සැමගේම ගෞරවය හිමිවිය යුතුයි.
මූලාශ්‍ර:
- History.com website
- Vox Youtube Channel
- BBC Website
- Time.com website
කාලයේ වැලි තලාවේ
ReplyDeleteගිලී හැංගී නිශාවේ
තියෙන දේවල් විටෙක මතුවේ
ඉවුරු තෙර ශෝකී දනව්වේ!
ලොවේ කුරිරුකමක් සටහන් කොට තැබීම ගැන පින්!
ස්තූතියි...
Deleteමේ බ්ලොග් තීම් එක අජූතයි. කලින් එක හොදයි. ඇස් වලටත් පහසුයි.
ReplyDeleteසාමනේර තැන
ටෙස්ට් කරන්න දැම්මේ... වෙනස් කරා කලින් එකට...
Deleteසල්ලි හොයන්න ගිහින් බොරු බේගල් වලට රැවටුනාද, එහෙනම් එන්න අව්රුදු ගානක් එකදිගටම සල්ලිගෙවන මේ සයිට් එකට. ආපුගමන් නම් සල්ලි නිකන් දෙන්නෑ. ඒක කොයිකෙත් එහෙමයි. මේක දිගටම කරගෙන ගියොත් ටික ටික කරගෙන ගියහැකි. මම 2014 ඉදන් වැඩ. බොරු කාරයොන්ට අහුවෙන හින්දයි මේක දාන්නේ. මොකද මාත් ඉස්සර හොදට අහුවුණා, මෙන්න මගේ ඉමෝ නම්බරේ 0750990262 ඉමෝ විතරක් Chat කරන්න. හැමදේම මුල ඉදල කියල දෙනව. සල්ලිගත්ත proof පෙන්නනවා. මේ ලින්ක් එකෙන් ගිහින් Email දීල රෙජිස්ටර් වෙලා මාව Contact කරගන්න.පියවරෙන් පියවර හැමදේම මේකෙ තියනව. Link - https://americanblogreaders.blogspot.com/2020/05/online.html කරගන්න අමාරු නම් කියල දෙන්නම්. ජය වේවා !
ReplyDeleteNice shhare
ReplyDelete