මම ඉස්කෝලේ යන කාලේ අපේ පන්තියේ තිබුනා සිංහල සාහිත්‍ය සමිතියක්. සතියට දවසක් සිංහල පීරියඩ් දෙකක් තියෙන වෙලාවට අපි සමිතිය පැවැත්වුවා. මේ සමිතියේ දී නොසෑහෙන්න දේවල් අපි කරා. ගොඩක් ඒවා සිංහලට අදාළ නෑ. චිත්‍ර ඇන්දා. සිංදු කිව්වා. ඒවත් සිංහලයි ඉංග්‍රීසියි දෙමළයි තුනෙන්ම. දෙමළ සිංදු නම් අපි අලුත් වචන හැදුවා සිංදු කියනකොට. සමහර දවස් වලට හෑන්ඩ් ෆයිට් තිබුනා. තවත් දවසක නාට්‍යයක්. විහිළු කතා එකී මෙකී සෑහෙන දේවල් කරා.
මේ විශේෂාංග අතරින් මම කැමතිම විවාද තරඟ වලට. මුලින්ම කියන්න ඕනේ අපේ පන්තියේ එවුන් විවාද තරඟයක් කියලා කිව්වම හිතන්නේ රෙස්ලිං වළල්ලක් මැද්දේ ගහගන්නවා වගේ දේකට. විවාද කරන්නේ මොන මාතෘකාව යටතේ ද කියලා සමහරු දන්නෙත් නෑ. මම මේ කියන්නේ අහගෙන ඉන්න මිනිස්සු විතරක් නෙමේ කතා කරන අය හිටං මොනාද කතාකරන්නේ කියලා දන්නේ නෑ. ඇරත් විවාද කරන හැටි ගැන ලොකු දැනුමක් තිබ්බෙත් නෑ. ඉතින් ඔහොම පන්තියේ විවාද කරපු කාලයේ නිවාසාන්තර විවාද තරඟයක් සිංහල ලොකු සමිතියෙන් පවත්වන්න යෝජනා වුනා.
ඒ කාලේ මාත් එක්ක එකට හිටපු අඹ යාලුවෝ තව දෙන්නෙක් හිටියා. අපි තුන් දෙනාට ඉංග්‍රීසි සර් කිව්වේ නම් ‘ත්‍රී මස්කටියර්ස්’ කියලා. ඒකත් අපිට ඉංග්‍රීසි සාහිත්‍යට උගන්නපු කතා පොතකින්. අපි තුන්දෙනා නිවාස තුනක උන්නේ. විවාද කරන්න ලොකුවට දන්නේ නැති වුනත් කෑමක් ගැන හරි විවාද කරන්න කැමති නිසා අපිත් එකතු වුනා කණ්ඩායමට. දැන් ඔන්න විවාද තරඟයට හැමදේම ලෑස්තියි. අපේ සිංහල සර් වෙන ඉස්කෝල දෙකකින් තවත් සර් කෙනෙක්වයි මිස් කෙනෙක්වයිත් ගෙන්නලා. අපි මුලදි සර්ට කිව්වේ නම් ඕවට ලොකුවට වද වෙන්න ඕන නෑ විනිශ්චයට සර් විතරක් හිටියම ඇති කියලා. එහෙම කිව්වේ ඇත්තටම සර් ගැන හිතලා නෙමේ. පිට මිනිස්සු ඉස්සරහා ලැජ්ජා වෙන්න බැරි නිසා.
දැන් තරඟය තියෙන්නේ ඉස්කෝලේ ඉවර වෙලා විනාඩි පහළොවකින්. කේක් බිස්කට් එහෙමත් ගෙනල්ලා තිබ්බේ බලන්න එන අයට කන්න දෙන්න. පිට ඉස්කෝල වලට කිව්වේ නෑ ඉතින් අපේ පන්ති වලම අයට කන්න බොන්න ගෙනාවේ. තරඟය පටන් ගන්නත් ඔන්න මෙන්න තියෙද්දි මහ හෝල් එකේ අත පයේ අලුහං දාලා වගේ තැන තැන ටික දෙනයි ඉන්නේ. අපි ග්‍රවුන්ඩ් එකටත් ගිහිල්ලා ක්‍රිකට් ගන්න ඉන්න මල්ලිලා ගාවට ගිහින්;
“කේක් කන්න ආසද? එන්න මෙහෙන්” කියලා හෝල් එකට දැක්කුවා.
දෙමළ ළමයිවත් ගෙනාව තේරෙන්නේ නැති වුනත් අහන් ඉන්න කියලා. අපි එයාලට කිව්වේ නාට්‍යයක් පෙන්නනවා කියලා.
දැන් ඔන්න විවාද තරඟය පටන් ගත්තා. මමයි මගේ මිත්‍රයයි දෙපැත්තේ. මම නැගිට්ටා. සභාවෙන් අවසර ගත්තා. කලින් ලියාගෙන ආපු පොඩි කවි කෑල්ලකුත් කිව්වා. ඊට පස්සේ අරෙහෙමයි මෙහෙමයි කියලා අත පය එහෙට්ට මෙහෙට්ට කරලා කතාවත් කරා. බලන්න ආපු අය අත්පුඩිත් ගැහුවා. ඇත්තටම කියනවා නම් අපි කෙනෙක්ව දාලා තිබ්බේ අත්පුඩි ගහන්න ඕන වෙනකොට සිග්නල් එක දෙන්න කියලා. මේ මොහොත වෙනකන් හැමදේම සාමකාමී යි. විවාදය ලස්සනට යනවා. ඊළඟ කතාව තිබ්බේ මගේ මිත්‍රයට.
ඌ නැගිට්ටා. සභාවෙන් ඇමතිලි මුකුත් නෑ. “උඹ මට කලින් කිව්වා නම් ඔයිට වඩා ලස්සන කවියක් ලියලා දෙනවනේ” කියලා කිව්වා. ඊට පස්සේ මතක් වුනා සභාවක් තියෙනවා අවසර ගන්න කියලා.
“අපේ සර්ගෙන් ද අනිත් සර්ගෙන් ද අනිත් මිස්ගෙන් ද අපේ සෙට් එකෙන් ද අවසරයි” කියලා කතාව පටන් ගත්තා. පටන් ගත්තු වෙලේ ඉඳන් මාවම කපපු එක කලේ.
අපිට මාතෘකාව ලැබුනේ මොකක්හරි සෞඛ්‍ය අංශයේ දෙයක්. ඒ නිසා මම වතාවක් සික් රූම් එකේ මිස්ගේ සෙරප්පුව ඇඳේ මෙට්ටේ අස්සේ හංගපු එකකුත් කිව්වා. ඒකත් මම කරේ තනියම නෙමේ මගේ මිත්‍රයත් එක්ක. එයාට ඔලුව කැක්කුමයි කිව්ව නිසා පැනඩෝල් දෙකක් ගන්න එයාව සික් රූම් අරගෙන ගියා. හෙව්වා හෙව්වා මිස් හිටියේ නෑ. සෙරෙප්පු දෙක තිබ්බා හැබැයි. මට ආපු කේන්තියට සෙරප්පු ඇඳේ මෙට්ටේ අස්සේ ගැහුවා. ඕවා අහගෙන මම දහ අතේ කල්පනා කරා ‘දෙයියනේ මොකක්ද මුට වෙලා තියෙන්නේ’ කියලා.
මගේ මිත්‍රයා එතනින් නැවතුනේ නෑ. එයාගේ මේසය උඩ තිබ්බා ගහලා මරන්න පුලුවන් සයිස් පත්තර මිටියක්. මූ ඒක ගත්තා අතට. ආවා වේදිකාව මැද්දට. විවාද තරඟයක දි නාට්‍යක වගේ එහෙට මෙහෙට ඇවිද ඇවිද නටන්න බෑ. ඉන්න තැන ඉඳන් කතාව කරන්න ඕනේ. මගේ මිත්‍රයට ඒවා අදාලම නෑ. වේදිකාව මැදට ඇවිදින් එක අතක පත්තර මිටියක් තියාගෙන අනිත් අතේ ඇඟිල්ලක් සභාවට දික් කරගෙන “ඔයාලා හැමෝටම මම පෙන්නන්නම් මම මේ කියපු දේවල් වලට සාක්ෂි” කියලා පත්තර මිටිය අත් දෙකෙන්ම අරගෙන උස්සලා පෙන්නුවා.
“හැමෝටම කලින් මම මගේ මිත්‍රයාට මේ සාක්ෂි පෙන්නන්නම්” කියලා මගේ දිහා බලලා මා ගාවට එන්න පටන් ගත්තා. මම ඔලුවෙන් සංඥා කරා එපා එපා ඕකනම් කරන්න එපා කියලා.
මගේ මේසය හෙලවි හෙලවි තිබ්බේ. ඔංචිල්ලාවක් වගේ පැද්දෙනවා පොඩි තට්ටුවකින්.
මගේ මිත්‍රයා මගේ ළඟට ආවා. මම එයා දිහා බැලුවා අහිංසක විදිහට. ඌ හිනාවුනා. “මෙන්න බලාගන්න සාක්ෂි” කියලා අර කිලෝ එකක් විතර බර පත්තර මිටිය මගේ මේසෙට දමලා ගැහුවා. එක සැරේම ‘දඩ බඩාස්’ ගාගෙන මුලු මේසෙම ෆ්ලැට්. පත්තර වේදිකාව පුරා සීසීකඩ. මගේ මිත්‍රයාට දැන් හිතාගන්න බෑ මොකක්ද වුනේ කියලා. සභාවේ හැමෝම හිනාවෙන අතරේ මිත්‍රයා මගේ දිහා පුදුම වෙලා බලාගෙන හිටියා තත්පර පහක් විතර.
ඊට පස්සේ මගේ මිත්‍රයා එයාගේ තැනට ගිහින් කියනවා “ඔය පත්තර කියවලා බලන්න ඔයාලා වැරදියි කියලයි ඒ ඔක්කොගෙම තියෙන්නේ’ කියලා. එහෙම කියනකොට මම වේදිකාව මැද්දේ දණ ගහගෙන මේසය උඩ තිබිලා වැටුනු මගේ පෑනයි කොලයයි හොයන්න අර පත්තර අවුස්ස අවුස්ස හිටියේ. අපි අමතර මේසයක් ලෑස්ති කරෙත් නැති නිසා මුලු විවාදය පුරාවටම මට මේසයක් තිබ්බේ නෑ. කුකුල් මඩුව වගේ පත්තර ගොඩක් මැද්දේ මම පුටුවක් තියාගෙන මොකද මේ වුනේ කියලා කල්පනා කරමින් හිටියා.
මම පස්සේ දැනගත්තා මගේ මිත්‍රයා මේ පත්තර අරගෙන තියෙන්නේ බෝතල් පත්තර කාරයෙක්ගෙන් මිසක් පරීක්ශන කරලා නෙමේ කියලා.
මගේ මිත්‍රයා ඉදායින් පස්සේ විවාද තරඟයක නීති රීති එහෙම ඉගෙන ගත්තා. අපි උසස් පෙළ ලියනකොටත් එකට විවාද කරා. ඒවයෙත් රසබර කතා තියෙනවා. වර්තමානයේ දී නම් මගේ මිත්‍රයා ප්‍රකට රූපවාහිනී නාළිකාවක ප්‍රවෘත්ති නිවේදකයෙක් විදිහටයි වැඩ කරන්නේ. නිව්ස් වල හරි ලස්සනට නිව්ස් කියනවා දකින හැම වෙලාවකම වගේ මතක් වෙනවා මූ පත්තර මිටියකින් මගේ මේසය සමතලා කරපු විදිහ.
ඔබගෙ මිත්‍රයා විවාද කරන්න දනගෙන හිටියත් නැතත් එදා විවාදෙ හියපු අය එයාගේ කථා විස්වාස කරන්න ඇති. මම නම් හිතන්නේ ඔහු දක්ශයෙක්. අනික් අනාවැකිය කවදාහරි ඔහු පොහොට්ටුවෙන් චන්දෙ ඉල්ලයි
ReplyDeleteඔහුට පිරිසක් ඉදිරියේ බය නැතුව කතා කරන්න පුලුවන්කමක් තියෙනවා.
Deleteමම දැකපු ගොඩක් විවාද තරඟ වල තිබ්බේ සද්දෙට කථා කරන එකයි අතපය විසි කරන එකයි. මන් දන්නේ නෑ මෙහෙම කලාම ලකුණු වැඩියෙන් දෙනවද කියලා...ඒත් මාතෘකාවට අදාලව විශය කරුණු අතින් ගොඩක් විවාද දුර්වලයි. ලංකාවේ දේශපාලඥයන්ගේ කථා වගේම තමයි..සද්දේ විතරයි....බොහොම සාවධානව තර්ක බිද දාන එකට මගෙ ඔලුවට එන්නේ සිරියාවෙ බසිර් අසාද්, බිබිසි එකේ මාද්‍යවේදියව අසරණ කරපු එක. ඒකෙම නරකම උදාහරණය තමයි ගෝඨා ආරකශක ලේඛම් වෙලා ඉන්න කාලේ අතපය විසි කර කර ඉන්ට්ර්විවි එකට මුහුණ දීපු විදිහ.. - Mayya
ReplyDeleteමටත් තේරෙන්නේ නැහැ ඇයි විවාද තරඟවලදි බෙරිහන් දෙන්නේ කියලා. සමහර කතා වල කෑ ගැහිල්ල විතරයි වැදගත් මොකවත් කියලා නැහැ.
Deleteඕක පරිණාමයෙන් එන දෙයක් මම හිතන්නෙ. සත්තු සටනකදී තමන්ගෙ ප්‍රමාණය ලොකු කරලා පෙන්නන්න මයිල් පුම්බනවා වගේ වැඩක් ඕක.
Deleteමිතිල ශිෂ්‍යාට ඒ කාලේ ඉදන්ම නොසැහෙන්න අකරතැබ්බ වෙලා තියෙනවා නේද?
ReplyDeleteමිතිල ශිෂ්‍යයා කේක් කන්න ආස කමේ විවාදයකට ගියාම පස්සේ පත්තරකාරයෙක් ගහලා එලෙව්වයි කියලා අද දන්නේ.
පාසැල් කාලේ, රසබර කාලේ!
ReplyDeleteඅනිවාර්යයෙන්ම...
Deleteඑකතැන ඉඳගෙනම විවාද කරන්න ඕනැයි කියල එකක් තියෙනවැයි හිටං. ඒ අතිං මිනිහ කරපු වැඩේ හරි. හැක්..
ReplyDeleteඒක නේන්නන්... අච්චර ලොකු ස්ටේජ් එකක් තියෙද්දි එකතැන ඉන්නෙ මොකටද...
Deleteමිතිල ශිෂ්‍යයාගේ නත්තල,
ReplyDeleteදුප්පතා පල්ලි යන දාය.
පව්කාරයා බත්කන දාය.
මිතිල දියොනිස් ප්‍රනාන්දු ශිෂ්‍යයා සාන්ත තෝමස් කෝලිජියේදී ක්‍රිස්තියානි දහම ඉගෙන ගත්තද?
ReplyDelete+++++++++++✌️😊
ReplyDeleteස්තූතියි බස්සා කියෙව්වට....
Deleteකොහොම වුනත් මතක හිටින විවාදයක් තිබිලා තියෙන්නේ.. ලස්සනයි ඒ සිද්ධිය.
ReplyDeleteජයවේවා !!!
ඔව් දුමී. ඒ දවස්වල නීරස දෙයක් වගේ තිබුනට දැන් නම් මතක් කරමින් හිනාවෙන්න පුලුවන්..
Deleteමිතිල සිසුවා කැමති නැද්ද ජනාධිපති උපදේසක සාගල රත්නායක මැතිතුමා ලග සේවයට යන්න
ReplyDeleteයකඩෝ එහෙම විවාදයක්...මටනම් පෙන්නන්නම බැරි දෙයක් තමා ඔය විවාද ..ඉස්කොලෙ කාලෙත් එහෙමයි දැනුත් එහෙමයි
ReplyDeleteමටනම් ඒවයේ කතා කරන විදිහට තමා පෙන්නන්නම බැරි.
Deleteසමහර විවාද කණ්ඩායම් වල සිටිනා සාමාජිකයින් තරගය දිනන්නට උත්සාහ කරණ්නේ; සමහර නීතීඥයින් නඩු දිනන්නට උත්සාහ ගන්නා ආකාරයටමයි!
ReplyDeleteකෑ ගැසිමෙන්!
අන අයට නොතේරෙන ලෙස වචන හැසිරවීමෙන්!!
ඉදිරි පාර්ශ්වය හෙලා දැකීමෙන්!!!
https://web.facebook.com/profile.php?id=100087666110095
ReplyDeleteමේ මගේ යාලුවෙක්ගේ ඒජන්සියක් මේකෙන් ඉතාලි විදේශ රැකියා,
ශිෂ්‍ය වීසා සහ වැදගත්ම දේ තමයි ඇමරිකා/ කැනඩා පශ්චාත් උපාධි සඳහා ශිෂ්‍යණය පහසුකම් දෙනවා.
ඔයා රට යනවා නම් මෙතෙනට ගිහින් බලන්න / රට යන්න බලාපොරොත්තුවෙන යාලුවෝ ඉන්නවා නම් මෙතෙන්ට එවන්න.
පෙන්නා මුඛරිකම හයියෙන් කෑ ගහලා
ReplyDeleteබොරුව ඇත්ත කරවාලා පණ පොවලා
විවාදයෙන් දිනු කට ඇති පුතණ්ඩිලා
ගොඩක් දෙනෙක් දියවන්නා හොරුන් වෙලා
හෙහ් හෙහ්
ReplyDeleteලස්සන මතකයක් . ඉස්කෝලෙ කාලෙ බාහිර ක්‍රියාකාරකම් වලින් කොච්චර දේ ඉගෙන ගන්න පුළුවන්ද ?
ReplyDeleteවැලිගමගේ බාහිර ක්‍රියාකාරකම් කරනවා කියලා පොඩි කොල්ලෝ අල්ලාගෙන ලෝඩ් බාගත්තා කියලා අජිත් කිව්වේ
Deleteමිතිල ශිෂ්‍යයා දැන් ඉතිහාස ලිපි ලියන්නෙ නැද්ද?
ReplyDeleteචීන අධිරාජ්‍යෙය් අවසාන නපුංසකයා ගැන ගැන ලිපියක් ලියන්නකො.
මරැ වැඩේනෙව වෙලා තියෙන්නෙ.
ReplyDeleteඒ අවස්ථාවල ඔය සිද්ධි නිසා චාටර් එකක් දැනුනත්... පහුව රස කරකර කියවන්ට පුලුවන් වෙන්නෙත් ඕවම තමා 😁
කාලෙකින් ආවෙ.
ReplyDeleteමං හිතන්නෙ ඔයැයිගෙ මේ කතාවෙ වයසට වඩා ටිකක් වැඩි කාලෙක මාත් විවාද තරඟවල රඟපාලා තියනවා මතක් වුනා.
අපි වෙන්නප්පුව ජේ.වී.සී. නෙ. ඉතින් මීගමුවෙ ආවෙ මරියා එකෙන් විවාදයකට ආරාධනාවක් ආවා. නොගිහින් ඉන්නම බැරි වුන හින්දා, හතරදෙනෙක් අහුලන් ගියා ඒකට. ආරාධනාව ගෙනා එකාටත් විවාදෙට සෙට් වෙන්න වුනා, ගණ පූරණය හරියන්න.
මට මතක හැටියට මාතෘකාව තිබුණේ පවුල් සංවිධානය හොඳද නරකද වගේ බරපතල කතාවක්. අපට ලැබුණේ නරකයි පැත්ත. උස්සන්න අමාරුයි ඒ කාලේ, පුංචි පවුල රත්තරන් සංකල්පය රටේම ව්‍යාප්ත වෙමින් තිබුණු කාලයක් නිසා. හැබැයි තර්ක විතර්ක දදා අපි අල්ලගෙන හිටියා. ඒ පැත්තේ තුන්වෙනි කථිකාවිය, ඔයාගේ යාළුවා වගේම පත්තරයක් එහෙම උස්සලා, එතෝට අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක කොහේ හරි ජාත්‍යන්තර සමුළුවක කියලා තිබ්බ කතාවක් වනලා වනලා කොඩිය ගැහුවා.
අපේ ඊළඟ පොර අර ආරාධනාව අරන් ආ පොර. ඔයාගේ යාළුවා වගේම, මෑන් විවාදයකට පූර්ණව දායක වුනෙත් එදා කියලයි මගෙ මතක. මෑන් නැගිට්ට ගමන් ඇහුවා,
"සිරිමාවෝ බණ්ඩාරනායක කව්ද මේ වගේ විෂයයක් ගැන කතා කරන්ඩ? එයාට මොන අධ්‍යාපනික සුදුසුකමද තියෙන්නේ...." යනාදි වශයෙන්....
අපි විවාදය උඩින්ම දින්නා. පස්සේ ආරංචි වුනා විවාදය විනිශ්චය කරන්න දාලා තිබුණු කට්ටියේ ප්‍රධානියා, කැපුවත් කොළපාට එජාප පොරක් විත්තිය.
රස මතක
ReplyDeleteමිහිරි මතක!
ReplyDelete