Sunday, July 31, 2016

දමිල සිනමාවේ සුපිරි තරුව වූ බස් කොන්දොස්තරවරයා


 ලෝකයේ එතෙක් මෙතෙක් සාර්ථක වූ මිනිසුන්ගේ අතීතය එතරම් මිහිරි නැත. නමුත් ඔවුන්ගේ නොපසුබට උත්සහය හා ධෛර්යය හේතුවෙන් ඔවුන් දියුණුවෙන් දියුණුවට පත් වූයේය. රැජිනිකාන්ත් නොහොත් ශිවාජි රාඕ ගේක්වාද් එවන්ම පුද්ගලයෙක්. බොලිවුඩ්, කොලිවුඩ් මෙන්ම හොලිවුඩ් චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වූ මොහු දමිල සිනමාවේ සුපිරි තරුව ලෙස ජනාදරයට පාත්‍ර වී ඇත. මේ ඔහුගේ කතාවයි.
රැජිනිකාන්ත් නොහොත් ශිවාජි රාඕ ගේක්වාද්


 මොහු උපන්නේ 1950 දෙසැම්බර් 12 වනදා කර්නාටක ප්‍රාන්තයේ. පවුලේ ලමයින් හතර දෙනෙක් සිටි අතර ශිවාජි පවුලේ බාලයාය. ඔහුගේ කුඩා කාලයේදීම අවාසනාවන්ත ලෙස ඔහුගේ මව මියයයි. මොහු අධ්‍යාපනය ලබන්නේ බැංගලෝරයේ ආචාර්ය පාඨශාලාවේදී. මොහුගේ මව් භාව මරාති වුවද ඔහු එම භාෂාවෙන් එකදු චිත්‍රපටයක රඟපා නොමැති වීම පුදුමයට කරුණකි.

සැබෑ ජීවිතයේ ස්වරූපය

 නළුවෙක් වීමට ප්‍රථම ඔහු බස් කොන්දොස්තරවරයෙක්, වඩුවෙක්, කුලී කරුවෙක් හා ත්‍රීරෝද රථ රියැදුරෙක් ලෙස රැකියාවේ නියැලී ඇත. 1972 මදුරාසියට පැමිණ එහි පිහිටි සිනමා පාසලට ඇතුලත් වී ඔහු සිනමාව හැදෑරීය. මොහු චිත්‍රපට නළුවෙක් වීමට ප්‍රථම වේදිකා නළුවෙක් ය. රැජිනිකාන්ත් යනු මොහු වේදිකාවේදී භාවිතා කල නමයි.
ඔහුගේ පලමු චිත්‍රපටයේ රඟපාමින්


ශිවාජ්ගේ ප්‍රියතම ක්‍රීඩා වූයේ ක්‍රිකට්, පාපන්දු, පැසිපන්දු යන ක්‍රීඩා ය. මොහු පලමුව රඟපෑවේ දමිළ අධ්‍යක්ෂවරයෙක් වූ බාලචන්ද්‍රන් මහතා විසින් අධ්‍යක්ෂණය කල අපූර්ව රාගන්ගල් චිත්‍රපටයේ ය. මෙම චිත්‍රපටය දමිළ චිත්‍රපටයක් වූ බැවින් ශිවාජිට දමිළ ඉගෙනගැනීමට විය. මන්ද ඒ වන විට ඔහු දැන සිටියේ මරාති භාශාව පමණක් වන නිසාය. මෙම චිත්‍රපටයේදී ශිවාජිට ලැබුනේ කුඩා චරිතයක් වුවත් ඔහුගේ දක්ෂතා ඔහු මෙම කුඩා චරිතය තුලින් මොනවට පැහැදිලි කලේය. බොහෝ දෙනාගේ ආකර්ෂණය හා පැහැදීම මෙම පලමු චිත්‍රපටයෙන්ම මොහුට ලැබුනේය.
ඔහුගේ නවතම චිත්‍රපටය වන කබලි චිත්‍රපටයේ දර්ශණයක්



 මොහු හින්දි සිනමාවට පැමිනියේ 1983 දී ය. ඒ අන්ධා කනුන් චිත්‍රපටයෙන් ය.  2007 දී ශිවාජි චිත්‍රපටයට මොහු අයකල මුදල වූයේ කෝටි 26කි. මොහුගේ අතිවිශිෂ්ඨ සේවයට 2000 දී පද්ම විභූෂන සම්මානයද 2016 දී පද්ම භූෂන් සම්මානයද හිමිවිය.

මොහුගේ බිරිඳ වන්නේ ලතා රංගචාරී වන අත මෙම දෙදෙනා විවාහ වූයේ 1981 වර්ෂයේ දී ය. මොවුනට දියණියන් දෙදෙනෙක් සිටින අතර ඔවුන් නමින් අයිශ්චර්යා රැජිනිකාන්ත් හා සෞන්දර්යා රැජිනිකාන්ත් වේ.
පවුලේ උදවිය සමඟ


 ලොව ධනවත්ම පුද්ගලයෙක් වන බිල් ගේට්ස් මහතාගේ එක් ප්‍රකාශයක් කියා ලිපිය අවසන් කිරීමට සිතමි.

 ඔබ දුප්පත් වී ඉපදීම ඔබගේ වරඳක් නොවේ. නමුත් ඔබ දුප්පත් වී මියයාම ඔබේ වරඳකි.

- මිතිල ප්‍රනාන්දු



Saturday, July 30, 2016

මිරැන්ඩෝ ඔබේසේකර එපා කියූ මැග්සේසේ


අද කියන්න යන්නේ මැග්සේසේ සම්මානය ගැන. මේ ගැන ගොඩක් අය අහලා තියෙනවා කියලා දන්නවා. ලංකාවෙ කිහිප දෙනෙක්ටත් මේ සම්මානය හිමි වෙලා තියෙනවා. සමහර විචාරකයින් මේ සම්මානය ආසියාවේ නොබෙල් සම්මානය කියාද හදුන්වනවා. පිලිපීන රජය විසින් මේ සම්මානය දීම ආරම්භ කරලා තියෙන්නේ 1958 සිට යි. මේ සම්මානයේ නමට හේතු වූ පුද්ගලයා තමයි පිලිපීනයේ හත්වෙනි ජනාධිපතුවරයා වූ රැමොන් මැග්සේසේ මහතා.

මැග්සේසේ සම්මානය


රැමොන් මැග්සේසේ

  හත්වෙනි මෙන්ම දෙවන ලෝක යුද්ධයෙන් පසු තෙවන පිලිපීන ජනාධිපතිවරයා වන්නේ මොහුයි. 1907 අගෝස්තු 31 වන දින උපත ලැබූ මොහු මියගියේ 1957 මාර්තු 17 වනදා ගුවන් අනතුරකිනි. ඔහු 1953 දෙසැම්බර් 30 සිට මියයන තෙක් පිලිපීන ජනපති ධූරය හෙබවූයේය. පැසිෆික් යුද්ධයේදී ගරිල්ලා නායකයෙක් ලෙස ඔහුගේ විශිෂ්ඨ සේවය අගයමින් Zambales හි ආණ්ඩුකාර ධූරයට අනුයුක්ත කලේය. ඉන්පසු ඔහුව ජාතික ආරක්ෂක ලේකම් ධූරයට ජනපති Elpidio Quirino පත් කලේය. විසිවෙනි ශත්වර්ෂයේ උපත ලද ප්‍රථම පිලිපීන ජනපති වන්නේද මොහුය.
රැමොන් මැග්සේසේ මහතා


රැමොන් මැග්සේසේ මහතා මියගිය ගුවන් අනතුර

ආසියාවේ සිටින , තමන් නියැලෙන ක්ෂේත්‍රයේ විශිෂ්ඨයන් උදෙසා මෙම සම්මානය පිරිනමනු ලබයි. මෙම සම්මානය කාණ්ඩ කිහිපයක් ඔස්සේ ලබා දෙයි. ඒවා නම්;

  • රාජ්‍ය සේවය ( 1958 - 2008 )
  • සමාජ සේවය ( 1958 - 2008 )
  • නායකත්වය ( 1958 - 2008 )
  • මාධ්‍යකරණය , සාහිත්‍ය , කලාව ( 1958 - 2008 )
  • සාමය ( 1958 - 2008 )
  • භික්ෂු නායකත්වය ( 2001 -     )
  • විවිධ ( 2009 -    )

මේ සම්මානය ලාංකිකයන් කිහිප දෙනෙක්ටත් ලැබිලා තියෙනවා. 

  • පණ්ඩිත් අමරදේව ශූරීන්
  • මර්සලින් ජයකොඩි පියතුමා
  • ආචාර්ය ඒ.ටී.ආරියරත්න 
  • මේරි රත්නම්
  • ටාසි විට්ටච්චි
  • එල්.ටී.පී.මංජු ශ්‍රී
  • ෆර්නෑන්ඩස් හර්මන් ජිල් ජෝසෆ් සහෝදරතුමා
  • මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර
එක්තරා ලාංකිකයෙක් මෙම සම්මානය ප්‍රතික්ෂේප කරා 2011 දී. ඔහු තමා මිරැන්ඩෝ ඔබේසේකර මහතා. මෙම සම්මානය අධිරාජ්‍යවාදී ගැති සම්මානයක් කියා හේතු දක්වමින් මිරැන්ඩෝ ඔබේසේකර මහතා මෙම සම්මානය ප්‍රතික්ෂේප කලේය.

 
මිරැන්ඩෝ ඔබේසේකර මහතා
- මිතිල ප්‍රනාන්දු

කාලි දෙවඟන සහ නේපාලය


 
දේහ ලක්ෂණ අනුව උපතේදීම තෝරාගන්නා දැරියන් හට ‘‘ජීවමාන ස්වරූපයෙන් සිටින දේවතාවියන්‘‘ යැයි සළකා පුද සත්කාර කිරීමේ පිළිවෙතක් නේපාලයේ ඇත.

මෙම දැරියන් උපතේදීම ශුද්ධවු ජීවිතයක් ගත කිරීමට තෝරාගැනෙන අතර ඔවුන් සැළකෙන්නේ බලයට අධිපති හින්දු දේවතාවිය වන කාලි ගේ මිනිස් ස්වරූපයන් ලෙසය.
තෝරාගැනීමේ පටන් දේවතාවියකට පරිද්දෙන් ඔවුන්ට උවටැන් කෙරේ.

මෙම දැරියන්ට ඇවිදීමටවත් පවා බැතිමතුන් හා පූජකයින් ඉඩ නොදෙන අතර මෙනිසාම ඔවුන් සාමාන්‍ය මිනිසා ඇවිදීමට ඉගෙනගන්නා කාලයද ගතකරන්නේ දෝලාවල,සිංහාසනවල, හා බැතිමතුන්ගේ කර මත නැගීගෙනය.
පාසල් යාම,මිතුරු මිතුරින් ආශ‍්‍රය කිරීම ආදී සියලූ දෑ ඔවුන්ට අකැපය.

කෙසේවුවද මෙම දැරියන්ට දේවතාවියන් ලෙස සදාකාලයටම නොසැළකේ.වැඩිවියට පත්වුනු පසු නැවත සමාජය වෙත යෑමට ඔවුන්ට සිදුවේ.
සමාජය ගැන ඉගෙනගැනීමට තිබූ කාලය දේවතාවියක ලෙස ගතකර ඔවුන් සමාජය වෙත යන්නේ සමාජය යනු මේ යැයි කිසිත් නොදැනය.



ජනපති ලින්කන් තම පුතුගේ පාසල් ගුරුතුමියට ලිවූ ලිපිය

සැවොම අනිවාර්යයෙන්ම කියවිය යුතු ලිපියක් බැවින් මෙය මෙසේ පලකරන ලදි.

ආදරණීය පාසල් ගුරුතුමිය වෙත,

"අද පටන් මාගේ පුත්‍රයා ඔබගේ සෙවණේ පාසල් අධ්‍යාපනයට පැමිණෙනු ඇත. ටික දිනක්‌ යනතුරු ඔහුට මේ පරිසරය අලුත් හා ආගන්තුක වනු ඇත. ඒ නිසා ඔහුව හොඳින් බලා ගන්න. ඔහුට හොඳින් සෞම්‍ය ලෙස සළකන්න. ලොව පුරා දැනුම, මහද්වීප තරණය කරමින් නව ලොවකට යන සුවිශේෂී ගමන ආරම්භ කරන්නේ අද දින සිටයි. සෑම අසීරු ගමනකම දුක, වේදනාව, සතුට, උපාය, කුමන්ත්‍රණය ආදිය ගැබ්ව තිබේ. මේ ජීවිතය ගත කිරීමට විශ්වාසය, ආදරය සහ ධෛර්යය අවශ්‍ය වෙයි."

"ඉතිං දයාබර ගුරුතුමියනි, මේ මාගේ පුත්‍රයා ඔහුගේ අතින් අල්වාගෙන ප්‍රවේශමෙන් රැගෙන යන්න. ඔහු දැනගත යුතු දේ ඔහුට උගන්වන්න. සෑම නොමිනිසෙකුටම, සතුරකුටම, මිතුරකු සිටින බව ඔහුට උගන්වන්න."

"දුෂ්ට මිනිසුන් සිටින නමුත් ඒ සෑම කෙනෙකුටම වීරයන්ද සිටින බව උගන්වන්න. ආත්මාර්ථකාමී බලලෝභී දේශපාලකයන් අතර, තම ජීවිතය පරාර්ථකාමීත්වය වෙනුවෙන් ඊර්ෂ්‍යාවෙන් ඔහු ඈත්කර තබන්න. නිහඬ සිනහවක පවතින අගය සාදා දෙන්න. සදාකාලික නොවන බව ඔහුට පහදා දෙන්න. පොත් වල සුන්දරත්වය හා විශ්වයෙහි සුන්දරත්වය ඔහුට පහදා දෙන්න. අහසේ පියාඹන කුරුල්ලන්ගේ සුන්දරත්වය ඔහුට පහදා දෙන්න. දිවා කල පියඹනා මී මැස්‌සන් ගැන ඔහුට උගන්වන්න. කඳු මුදුන් පිපී ගී ගයන මල් පොහොට්‌ටුවල සුන්දරත්වය ඔහුට පෙන්වන්න."

"රැවට්‌ටීම, වංචාවකින් ලබන ජයට වඩා පරාජය ලැබීම ශ්‍රේෂ්ඨ බව ඔහුට උගන්වන්න. තමාගේ නිවැරදි අදහස්‌ ගැනම දැඩි ලෙස විශ්වාසය තැබීමට උගන්වන්න. තමා වටා සිටින සියලු දෙනාම තමා වැරදි බව පවසද්දීත් තමාගේ මතය නිවැරදි නම් එම මතය විශ්වාසය තැබීමට උගන්වන්න."

"අනෙක්‌ මිනිසුන්ට දයාව කරුණාව දැක්‌වීමට ද නපුරු තද ගති ඇති මිනිසුන්ට තදින් සැළකීමට ද උගන්වන්න. මගේ දරුවා පිරිසක්‌ පිටුපස යනවා වෙනුවට එහි ඉදිරියට යැමට උගන්වන්න. සියලු මිනිසුන්ට සවන් දීමට ඔහුට උගන්වන්න. තෝරා බේරා ගෙන නරකින් හොඳ වෙන්කර ගැනීමට උගන්වන්න. ඔහු දුකින් සිටින විට ඔහුට සිනාසීමට උගන්වන්න, නෙත කඳුළු වල ලැජ්ජාව නොමැති බව උගන්වන්න."

"තමා උගත් දැනුම් සහ මොළයෙන් සොයා ගත් දේ අලෙවි කළ ද, තම හදවත හා ආත්මය උගස්‌ නොකිරීමට උගන්වන්න. තමාට මිලක්‌ නියම කර නොගැනීමට උගන්වන්න, මෝඩ සහ අසත්‍ය ප්‍රකාශ හමුවේ දෙකන් නො ඇසෙන ලෙස සිටීමට උගන්වන්න, තම මතය නිවැරැදි නම් නිර්භීතව හොඳින් ඒ ගැන කථා කිරීමට හා නැඟී සිටීමට උගන්වන්න. පරාජය දරා ගැනීමට උගන්වන්න. ජයග්‍රහණය විඳ ගැනීමට උගන්වන්න. හොඳින් මෘදු ලෙස ඔහුට සළකන්න."

"ආයුධ මුවහත් වන්නේ රත් වූ විටය. ඔහුට ඒවා පහදා දෙන්න. ඔහුට අවශ්‍ය පරිදි හොඳින් මුවහත් කරන්න. පරාජය තුළ සැඟවුණ ජයග්‍රහණයන් පවතින බව උගන්වන්න. ඉවසීමට ඔහුට ධෛර්යය ලබා දෙන්න."

"ඉවසීම පුහුණු කිරීමට ඔහුට ධෛර්යය ලබා දෙන්න. ඉවසීමට ඔහුට නිර්භය බව ලබා දෙන්න. තමාට තමා ගැනම විශ්වාසය ඇතිවිය යුතුය. එවිට ඔහුට මිනිසුන් ගැන විශ්වාසයක්‌ ඇති වනු ඇත. එවිට ඔහු දෙවියන් ද විශ්වාස කරනු ඇත."

"මේ මා ඔබට දෙන විශාල අණයි. නියෝගයයි. ඔබට පුළුවන් ලෙස ඔහුව රැකබලා ගන්න. උපයා ගන්නා ශත දහය, ඇහිඳ ගන්නා ඩොලර් සියයකට වඩා වටිනා බව ඔහුට උගන්වන්න."

මාගේ හුරුබුහුටි කොළුගැටයා හොඳ හාදයෙකි.
ඒ මගේ පුතාය.
මෙයට
ලින්කන්


Thursday, July 28, 2016

උසස් පෙළ අත්වැල - දුරේක්ෂ

මෙම ලිපියේ අඩංගු වන්නේ උසස් පෙළ භෞතික විද්‍යාවට නියමිත ප්‍රකාශ උපකරණ පාඩමෙහි දුරේක්ෂ කොටසට අයත් පාඩමයි. උසස් පෙළ සිසුන්ට මෙය ප්‍රයෝජනවත් වේවි.


දුරේක්ෂ

ඈත ඇති විශාල වස්තු ඇසේ ආපාතනය කරන කෝණය ඉතා කුඩා නිසා වස්තු ඉතා කුඩා ලෙස පෙනේ. නැතහොත් නොපෙනේ. දුරේක්ෂයක කාර්යය වනුයේ ඈත ඇති වස්තුවක වඩා විශාල කෝණයක් ඇසේ ආපාතනය කරන ප්‍රතිබිම්භයක් ලබා දීමයි.

දුරේක්ෂයක කෝණික විශාලනය

 දුරේක්ෂයකින් ලැබෙන අවසාන ප්‍රතිබිම්භය ඇසේ සාදන කෝණය හා වස්තුව ඇසේ සාදන කෝණය අතර අනුපාතයයි.

දුරේක්ෂයක සාමාන්‍ය සීරුමාරුව

 දුරේක්ෂයකින් ලැබෙන අවසාන ප්‍රතිබිම්භය අනන්තයේ පිහිටයි නම් එය සාමාන්‍ය සීරුමාරුවේ ඇතැයි කියයි.

 දුරේක්ෂයක කෝණික විශාලනය M නම්;

 M = A/B

 A - දුරේක්ෂය තුලින් බලන විට අවසාන ප්‍රතිබිම්භය ඇසේ ආපාතනය කරන කෝණය.

B - දුරේක්ෂය නොමැති විට වස්තුව ඇසේ ආපාතනය කරන කෝණය.

නක්ෂත්‍ර දුරේක්ෂය

අවනෙත හා උපනෙත ලෙස උත්තල කාච 2ක් යොදාගෙන කන්ෂත්‍ර දුරේක්ෂය නිර්මාණය කර ඇත.

 ඇත ඇති වස්තුවක් දෙස බලන විට අවනෙත මත පතනය වන සමාන්තර ආලෝකය එහි නාභි තලය මත පලමු ප්‍රතිබිම්භය සාදයි. සුදුසු පරිදි උපනෙත සීරුමාරු කිරීමෙන් වඩා විශාල කෝණයක් ඇසේ ආපාතනය වන පරිදි අවසාන ප්‍රතිබිම්භය ලබාගත හැක.

සාමාන්‍ය සීරුමාරුවේ ඇති නක්ෂත්‍ර දුරේක්ෂයක කෝණික විශාලනය. 1 කොටස

2 කොටස



- මිතිල ප්‍රනාන්දු

Wednesday, July 27, 2016

යුදෙව් ජාතිකයන්ගේ අති පූජනීය වස්තුව වූ ගිවිසුම් පෙට්ටිය - The Ark of the covenant


 මෙය ට්‍රන්ක් පෙට්ටියක්  වැනි ලී වලින් තනන ලද පෙට්ටියකි. එය පවිත්‍ර රනින් වැසී තිබුණි. එහි දිග මීටරයක් පමණ විය. පළල මීටර් 1/2 ක් පමණ විය. උස මීටර් 1/2 ක් පමණ විය.

ගිවිසුම් පෙට්ටිය

 ඒකාලයේ මැද පෙරදිග රටවල තිබූ ආගමික භාණ්ඩ අත්‍රින් ගිවිසුම් පෙට්ටියද සුලබව දක්නට තිබූ භාණ්ඩයකි. එහෙත් මෙම ගිවිසුම් පෙට්ටිය තර්මක් වෙනස් වූවකි. බොහෝ අවස්ථාවලදී මෙම පෙට්ටිය තුල නමස්කාර කිරීමට දේව ප්‍රතිමාවක් අඩංගු වී තිබුනි. එහෙත් මෙම ගිවිසුම් පෙට්ටිය තුල අඩංගු වී තිබුනේ වෙන්ස් කාරණා තුනකි.

  • දස පනත ලියූ ගල් ලෑලි
  • ආරොන්ගේ සැරයැටය
  • මන්නා පිරවූ බඳුනක්


මෙම ගිවිසුම් පෙට්ටිය එහා මෙහා
ගෙනයා හැකි දෙයක් විය. මෙය රනින් වසා තිබුනි. ගිවිසුම් පෙට්ටියේ දෙපැත්තේ ඇති රන් වළලු තුලින් පොලු දෙකක් යවා තිබූ අතර එම පොලු කිසිවටකත් ඉවත් නොකල යුතු විය. මෙම් ගිවිසුම් කරඬුව දේව මාලිගාවේ අති ශුද්ධ් ස්ථානයේ තැබිය යුතු විය.

ජොෂුවා විසින් ජොර්දාන් ගඟ තරණය කල අවස්ථාව. බෙන්ජමින් වෙස්ට් විසින් 1800 දී අඳින ලද චිත්‍රයකි.


ගිවිසුම් කරඬුව වර්තමානයේ තිබීමට ඇතැයි සැලකෙන ස්ථාන


  • බයිබලයේ සදහන් ආකාරයට නෙබෝ කන්ද අසල. මෝසෙස් පොරොන්දු දේශය සියැසින් දැක්කේ නෙබෝ කන්ද අසල බව ලියවිලි වල සදහන් ය. නෙබෝ කන්ද ඇත්තේ ජෙරුසලමට් 47 km පමණ ඈතින් ය. 
  • සමහර පැරණි ලියවිලි වල සදහන් ආකාරයට මෙම කරඬුව ඉතියෝපියාවට රැගෙන ගොස් ඇතැයි පවසයි.
  • සිම්බාබ්වේ ආදිවාසී ජනයා oma lungundu ( voice of God) නමින් කරඬුවක් රැගෙන ගිය බව සදහන් වේ.
  • ප්‍රංශයට , ඇමරිකාවට හා රෝමයට මෙම කරඬුව විවිධ අවස්ථාවලදී රැගෙන ගිය බව ඉතිහාස වාර්ථා පවසයි.
  • ටූටන් කාමන්ගේ සොහොනේත් මෙවැනිම ආකාරයක පෙට්ටියක් තිබූ බව එම වාර්ථාවල සදහන් වේ.
ටූටන් කාමන්ගේ සොහොන ( 1922 )

ඔබලාගේ අදහස් පවසන්න.

- මිතිල ප්‍රනාන්දු

Sunday, July 24, 2016

බොහෝ දෙනා අසා ඇති ගීතයක නොදන්න කතාව


 By the rivers of Babylon ගීතය ඔබ අසා ඇතුවාට සැක නැත. මෙම ගීතයේ නියම අයිතිකරුවන් කව් ද යන පැනය ඇසූ විට බොහෝ දෙනා පවසන්නේ Bony M ගායක කණ්ඩායම කියාය. නමුත් එය එසේ නොවේ.

 මෙම ගීතය පදරචනය කර තිබෙන්නේ Brent Dowe සහ Trevo McNaughton යන දෙපලයි. මෙම ගීතයට පද රැගෙන ඇත්තේ බයිබලයේ ගීතාවලිය පොතේ 19 හා 137 යන පරිච්චේද වලිනි.
මෙම ගීතය රස්තාෆාරියන් ගීයකි. මෙම ගීතය එලිදක්වා ඇත්තේ 1970 දී රෙගේ සංගීත කණ්ඩායමක් වූ මෙලඩියන්ස් සංගීත කණ්ඩායම විසිනි. මුල්ම කාලයේදී ජැමැයිකාව තුල මෙම ගීතය තහනමකට ලක් කරන ලදි. මන්ද එය රස්තාෆාරියන් ගීතයක් වු නිසාය.

BRENT DOWE
Melodians සංගීත කණ්ඩායම

 1972 දී නිකුත් වූ චිත්‍රපටයක් වන The Hardy They Come නැමැති චිත්‍රපටයේ මෙම ගීතය අඩංගු විය. එමගින් මෙම ගීතය ජාත්‍යන්තරය හඳුනාගත්තේය. යුරෝපය තුල මෙම ගීය ජනප්‍රිය කලේ Bony M සංගීත කණ්ඩායම විසිනි. ඔවුන්  1978 දී නැවත නිර්මාණය කල මෙම ගීයට සම්මාන හිමි විය.
Bony M සංගීත කණ්ඩායම


ගීතයට පසුබිම 

 ඊශ්‍රායෙල් යනතාව බැබිලෝනියාවේ විප්‍රවාසයට ක්‍රි.පූ. 586 දී පමණ ගෙනයන ලදි. මෙම ගීතයේ ගංගා ලෙස හදුන්වා ඇත්තේ යුප්‍රටීස් හා ටයිග්‍රීස් ගංගා ය. මෙම ජනතාව යුප්‍රටීස් හා ටයිග්‍රීස් ගංගා අසල රඳවා ගත් පිරිස මොවුන්ට ගීත ගායනා කරන්න යැයි පැවසුවේය. නමුත් මෙම ජනතාව එකල දැන සිටියෙ ගීතාවලියේ දාවිත් රජතුමා විසින් ලියන ලද ගීත පමණි. මෙම නොදන්නා මිනිසුන් ඉදිරියේ , නොදන්නා ප්‍රදේශයක දෙවියන්ට ප්‍රශංසා කරන ගීත කෙසේ ගායනා කරන්න දැයි ඔවුන් සිත යි.

 පද මාලාව :

 By the rivers of babylon, there we sat down
Ye-eah we wept, when we remembered zion.

By the rivers of babylon, there we sat down
Ye-eah we wept, when we remembered zion.

When the wicked
Carried us away in captivity
Required from us a song
Now how shall we sing the lord's song in a strange land

When the wicked
Carried us away in captivity
Requiering of us a song
Now how shall we sing the lord's song in a strange land

Yeah, yeah, yeah, yeah, yeah let the words of our mouth and the meditations of our heart
Be acceptable in thy sight here tonight

Let the words of our mouth and the meditation of our hearts
Be acceptable in thy sight here tonight

By the rivers of babylon, there we sat down
Ye-eah we wept, when we remembered zion.

By the rivers of babylon, there we sat down
Ye-eah we wept, when we remembered zion.

By the rivers of babylon (dark tears of babylon)
There we sat down (you got to sing a song)
Ye-eah we wept, (sing a song of love)
When we remember zion. (yeah yeah yeah yeah yeah)

By the rivers of babylon (rough bits of babylon)
There we sat down (you hear the people cry)
Ye-eah we wept, (they need their god)
When we remember zion. (ooh, have the power)


 - මිතිල ප්‍රනාන්දු

Friday, July 22, 2016

අනේ පනේ තනේ පෙනේ

මේකනන් ටිකක් වෙනස් පොඩි කතාවක්.

 කාලෙකට කලින් කුමාරතුංග මුනුදාස ශූරීන් එක්තරා සම්මේලනයකට සහභාගි උනා. සාමාන්‍යයෙන් කවියක් ලියනකොට ගොඩක් දේවල් හිතන්න ඕනෙනේ. එලිසමය ( කවියක අවසන් අකුරු එක සමාන වීම ) , යතිය ( වචන අතර විරාමය ) , අර්ථාන්විත බව, කාව්‍යෝක්ති ආදී දෑ...

 මේ සම්මේලනයේදී කුමාරතුංගයන්ට එක් කාන්තාවක් අභියෝගයක් කරා. ඒ තමා අකුරු දෙකේ වචන හතරකින් කවියක් කියන්න කියලා. හැබැයි මේ කවියේ එලිසමය, අර්ථාන්විත බව, අනුප්‍රාසය ආදී දෑ සියල්ල අඩංගු විය යුතු බවද ඇය කීවා.

 කුමාරතුංගයන් වේදිකාවට නැග්ගා. දැන් වේදිකාව මීයට පිම්බා වගේ.  නැගලා පහල බැලුවම දැක්කා ඒ කාන්තාවගේ සාරි පොට මදක් පහලට වෙලා තියෙනවා. මේක දැකපු කුමාරතුංගයන් මේ කවිය කිව්වා.

අනේ
පනේ
තනේ
වැනේ


මේකෙ තේරුම මේකයි හැබැයි. පේන එකම නෙමේ. මෙක දහම් ගැටයක්. තේරුම තමයි..

 අනේක
ප්‍රාණීහු
තෘෂ්ණාවේ
වැනසෙත්


  මේක කිව්වට පස්සෙ ශාලාවේ හිටපු හැමෝම හිනා වෙවී අත්පොලසන් දීමට පටන් ගත්තා.  කුමාරතුංග මුනිදාසයන්ගේ හැකියාව මොනවට පැහැදිලි වූ එක් අවස්ථාවක් ලෙස මෙය සැලකිය හැකියි. මේ කතාව මට දැනගන්නට ලැබුනේ සාමාන්‍ය පෙළ අවධියේදී මගේ සිංහල ගුරුතුමා වූ රංජිත් වීරසේකර ගුරු පියාණන්ගෙන්‍ ය.




- මිතිල ප්‍රනාන්දු

Thursday, July 21, 2016

සකස්කඩ නොකිව් කට එහෙව් කට හුඹස් කට

‘සකස්කඩ’ යනු සංස්කෘත පද බහුල මිශ්‍ර භාෂ‍ායෙන් රචිත බුද්‍ධ චරිතයෙකි. මෙය දොරකඩ අස්න වෙනුවට සත් දවසේ පිරිත් කිමේදී භාවිත වූවක් බව අග රතන සූත්‍රය සඳහන් කොට යො‍දා ඇති වාක්‍ය ඛණ්‍ඩයෙන් පෙනේ. එහෙත් පමා වැ බුද්‍ධගද්‍යය සේ ම දරුවනට අකුරු පුරුදු කරවන පාඩම් පොතක් සේ භාවිත ව ඇත. මේ දෙක අත්රගම රාජගුරු බණ්‍ඩාර පඬිතුමන්ගේ කෘති වශයෙන් සමහරු සලකති

සකස්කඩ ................ නමඃ ශ්‍රී ගණාය
දීපඞ්‍කරාහ්‍වය මුනීශ්‍වර පාදමූලෙ සන්‍ත්‍යජ්‍ය ලබ්‍ධමමෘතං කරුණාං විධාය අත්‍යාහිතං පරහිතං සුකෘතං විශෙෂාත් සිද්‍ධං නමොස්‍තු සුගතාය ජගද්‍ධිතාය
අප තථාගතයන් සංසිද්‍ධාශෙෂ සම්‍භාර විශෙෂ සාක්‍ෂාත්කරණීය සර්‍වපාපමලප්‍රක්‍ෂාලනක්‍ෂම ආත්‍මමොක්‍ෂ නිරපෙක්‍ෂ වැ - උදයව්‍යය - භඞ්‍ග භයාදීනවාදි නවමහා විදර්‍ශනඥාන පරම්‍පරාධිගත නිර්‍වාණ මහා සරසට පරිධාවමාන සමස්‍ත සත්ත්‍ව මාතඞ්‍ගයා මහා කරුණාංකුශයෙන් හම්නා - ජාතිජරාභඞ්‍ග භඞ්‍ගීරභඞ්‍ග භයානක රාගද්‍වෙෂාවමර්‍ශමදමාන සංරම්‍භාදි ක්‍ලෙශ මකරනිකරාකීර්‍ණ සංසාරමහාර්‍ණවාවතීර්‍ණ ද්‍වාෂෂ්‍ටි දෘෂ්‍ටිජාලාවබද්‍ධ සර්‍වසත්ත්‍වසමුද්‍ධරණානුබද්‍ධ බුද්‍ධි ඇති වැ - කායජීවිත නිරපෙක්‍ෂාභිජාත නිර්‍භාරාභ්‍යාහිත සර්‍වලොකෛක දීපායමාන දීපඞ්‍කර තථාගත ව්‍යාකරණාභිෂෙකයෙන් උදීර්‍ණක්‍ලෙශමලාපගම කොට නිර්‍මල වැ - අනෙක මුක්‍තිමුක්‍තානුයාත සම්‍යක් සම්‍බොධි සම්‍භාරහාරාලඞ්‍කාරයෙන් සමලඞකෘත වැ - ශශ්‍වදූපාස්‍යමාන පාරමිතාදූතිකානුනීයමාන ධර්‍මරාජ්‍යලක්‍ෂ්මීසඞ්‍ගමන මඞ්‍ගල්‍යයට ආරම්‍භ කොටැ - කල්ප කොටි ශතසහස්‍රාධික චතුරසංඛ්‍යකල්‍පකාලාභ්‍යාසාතිශය ස්‍වාත්‍මීකෘත සර්‍වසම්‍පදාදාන නිදාන දාන ශීල නෛෂ්‍කාම්‍ය ප්‍රඥා වීර්‍ය්‍ය ක්‍ෂාන්‍ති සත්‍යාධිෂ්‍ඨාන මෛ‍ත්‍ර්‍යුපෙක්‍ෂාලක්‍ෂණ දශවිධ පාරමිතා සාගරයෙහි පාරප්‍රාප්‍ත වැ - මාරාරාතිචක්‍රාක්‍රමණසන්නද්‍ධ බුද්‍ධාංකුර මහා යොධාද්‍ධ්‍යුෂිත තුෂිත භවනාරූඪ වැ - ශ්‍රද්‍ධානුරාගාවර්‍ජ්‍ජිතාමිතාමරවරවධු විධූයමාන මකරචාරුචාමරධවලීකෘතොදාර පාණ්‍ඩරතර කීර්ති විමානයෙහි වැඩැ වෙසෙමින් භක්‍තිප්‍රෙමාතිභාරාවන්‍ත සර්‍වසුරාසුරවර චක්‍රචාරුචූඩාමණිමරීචිසඤ්‍චය පරිචුම්‍බිත චරණනඛමයූඛ ජාලාභිෂෙකයෙන් භුවනත්‍රයයට අභිෂෙක දී - දුර්‍ගති දුර්‍ගාභිමුඛ වැ පරිධාවමාන සමස්‍ත සත්ත්‍ව සන්‍දර්‍ශනයෙන් සමුද්‍විග්‍න වැ - දිව්‍යබ්‍රහ්‍මයන් විසින් සමාරාධිත වැ - මහාසම්‍මත පරම්‍පරානුයාත ශුද්‍ධ සූර්‍ය්‍යවංශාභිජාත සර්‍වගුණ ගණාභරණ විභූෂිත කීර්තිමාලා පරිශුද්‍ධ ශුද්‍ධොදන මහාරාජොපනිඃශ්‍රයයෙන් අපරිමිත පුණ්‍යසම්‍භාර රූපලාවණ්‍ය ගුණොපෙත මහාමායා දේවීන් ගර්‍භචෛත්‍යාන්‍තර්‍ගර්‍භයෙහි ආත්‍මීය ප්‍රතිසන්‍ධාන ධාතුනිධාන කොටැ - ස්‍ඵටික චෛත්‍යාන්‍තර්‍ගතවිරාජමාන කනක ප්‍රතිමානුකාරයෙන් දිලිසෙමින් දශ මාසයක් මාතෘ ගර්‍භයෙහි වැසැ - වසන්‍ත මදමොදමානමුඛර මධුරතර භාරභරිතාංකුරිත කුසුමිත ඵලිතපල්‍ලවලතා විතාන විතත විචිත්‍ර විශාලසාල සලල කෙශර නක්‍තමාල තමාල නීප කදම්‍බාදී තරුෂණ්‍ඩ මණ්‍චිත ලුම්‍බිනී වනොද්‍යානයෙහි මාතෘගර්‍භයෙන් ප්‍රසූත වැ මහාබ්‍රහ්මොපනීන ස්‍වර්‍ණජාලයෙන් ලොකපාල දිව්‍යපුත්‍රොපනීත අජිනචර්‍මයෙන් මනුෂ්‍යොපනීත දුකූල චුම්‍බටකයෙන් ක්‍රමයෙන් වැඩැ - වසුධාඞ්‍ගනා මස්‍තකෛකශෙඛර භාවයට පම්‍ප්‍රාප්ත වැ - අශෙෂ දොෂාන්‍ධකාර නිකර නිරාකරණ සමුද්‍ගත තරුණ තරණී මණ්‍ඩලානුකාරයෙන් දිලිසෙමින් දශදිශා විලෝකනය කොටැ - අනන්‍තාපරිමාණ ලොකධාතු පර්‍ය්‍යාපන්‍න සමස්‍තසත්ත්‍ව නිකායයෙහි ආත්‍මසදෘශාධික පුද්‍ගලාන්‍තරයක්හු නැති සේ දැකැ - උත්‍තරදිශාභිමුඛ වැ සප්‍තපදව්‍යතිභාරාවසානයෙහි වැඩැ සිටැ - “අග්‍ගොහමස්‍මි ලොකස්‍ස, ජෙට්‍ඨොහමස්‍මි ලොකස්‍ස, සෙට්‍ඨොහමස්‍මි ලොකස්‍ස අයමන්‍තිමාජාති නත්‍ථිදානි පුනබ්‍භවො” යි අභීත සිංහනාද කොටැ - සර්‍ව සුරාසුරවර මත්‍තමාතඞ්‍ගමානමදපරිශොෂණ නිපුණ සිංහනාද පරිපූරිතාශෙෂ භවනකුහර ඇති වැ ශාක්‍යාධිරාජසිංහ පොතකොත්‍තමයන් චතුරචතුරාශීතිසහස්‍රකුලප්‍රභෙදවිස්‍තීර්‍ණ බන්‍ධු වර්‍ගයා මද්‍ධ්‍යයෙහි විරාජමාන වැ ශුක්‍ලපක්‍ෂාභිවර්‍ධමාන චන්‍ද්‍රමණ්‍ඩලානුකාරයෙන් ක්‍රමාභිවෘද්‍ධ වැ ප්‍රභාස්‍වරතරවරාඞ්‍ගනා මද්‍යයෙහි විරාජමාන චන්‍ද්‍රලෙඛානුකාරී යශොධරා ප්‍රමුඛානෙක කොටි නාටක ස්‍ත්‍රීන් පරිවෘත වැ - ප්‍රතිදිනාරබ්‍ධමංගල කපිලවාස්‍තු මහානගරවරයෙහි ක්‍රිඩානුභවයෙන් ඒකොනත්‍රිංශත් සංවත්‍සරාතික්‍රාන්‍ත කොටැ ජරාජීර්‍ණ රොගාවතීර්‍ණ මරණාවතීර්‍ණ පූර්‍වනිමිත්‍ත සත්ත්‍වසන්‍දර්‍ශනයෙන් සමුද්‍විග්‍න වැ ප්‍රව්‍රජිත රූපසන්‍දර්‍ශනයෙන් නිවෘත්‍ත වැ, නෛෂ්‍ක්‍රාම්‍යාභිමුඛ මනසින් සන්‍තුෂ්‍ට වැ, ඡන්න නම් අමාත්‍ය ද්‍විතීය වැ - අනෙක කොටි සතසහශ්‍ර චක්‍රවාලාන්‍තරාල පරිස්‍ඵුරිත දිව්‍ය බ්‍රහ්‍ම ගණාකීර්‍ණ පාරිජාත ම‍න්‍දාර මකරන්‍ද බින්‍දු සින්‍ධුරිතාංගසුන්‍දරතර චතුරතර තුරංගයානයෙන් ප්‍රයාණය කොට, අනොමා තීරයට සම්‍ප්‍රාප්‍ත වැ - සර්‍වාභරණ විභූෂිත කනකවර්‍ණ දෙහශොභා ඇති බැවින් සුපුෂ්‍පිත කණිකාර තරුශිඛර සමුර්‍ධ්‍වාගත භ්‍රමරාවලී ලීලායෙන් ආත්‍මීය ඛඞ්‍ගධාරා සමුච්‍ඡින්න කෙශධාතු ආකා‍ශයෙහි විහිදැ ඝටීකාර මහාබ්‍රහ්‍මොපනීත විශිෂ්‍ටාෂ්‍ටපරිෂ්‍කාරයෙන් ප්‍රව්‍රජිත වැ ප්‍රව්‍රජ්‍යාසුඛස්‍මෘති රසාස්‍වාදයෙන් සප්‍තාහාතික්‍රාන්‍ත කොටැ රාජගෘහ නගරවරයෙහි භික්‍ෂාටනයෙන් සන්‍තර්පිත වැ ෂට්-සංවත්‍සර මාත්‍රයක් ප්‍රධාන භූමියොග කොටැ - කෂ්‍ටව්‍රත සමාදානයෙන් මොක්‍ෂයාගේ අලභ්‍යභාවය ලොකයාහට ප්‍රකාශ කොට සුජාතොපනීත ක්‍ෂීරපායාස ප්‍රතිග්‍රහණයෙන් රූපකායානුග්‍රහය කොටැ ස්‍වස්‍තිද්‍විජොපනීත කුශමුෂ්‍ටිග්‍රහණයෙන් මාරාතිසංග්‍රාම භූමිස්‍ථානීය බොධි මණ්‍ඩපයට සම්‍ප්‍රාප්‍ත වැ - පෘථිවි සමුද්‍භෙදොද්‍ගත කුසුම පර්‍ය්‍යංකවරචාර සමාරූඪ වැ චතුරංග සමන්‍විත වීර්‍ය්‍යාධිෂ්‍ඨානයෙන් පර්‍ය්‍යංක බන්‍ධනය කොටැ - තත්‍කාල සමායාත සංග්‍රාමාතිභීෂණ මත්‍ත මාතඞ්‍ග තුරඞ්‍ගාඩම්‍බර හර්‍ෂහෙෂාරව බධිරීකෘතාශෙෂ ත්‍රිභුවන භවන පුටපාටනපටු පටහ පණව දුන්‍දුභිධ්‍වනි ප්‍රලයාසනි සම්‍පාත නිර්‍ඝොෂයෙන් ඝොෂ වූ දොර්‍දණ්‍ඩමණ්‍ඩලොෂිත නිශිත කොදණ්‍ඩ දණ්‍ඩ කාණ්‍ඩ කම්‍පන භින්‍දිවාල කරවාලාර්‍ධචන්‍ද්‍රචක්‍රාදි විවිධායුධ සහස්‍ර දුර්‍වාර සපරිවාර මාරපරාජය කොටැ - ප්‍රථම යාම සමධිගත පූර්‍වෙනිවාසානුස්‍මෘති ඥානාලොක බලයෙන් අතීත කාලවර්‍ත සර්‍ව දොෂාන්‍ධකාර නිකර නිරාකරණය කොටැ - මද්‍ධ්‍යමයාම සමධිගත දිව්‍යචක්‍ෂුරබිඥානාලොක බලයෙන් චවමානොපපද්‍යාමානාද්‍යනෙක සත්ත්‍ව සමීක්‍ෂණයෙන් නාගතාමිත කාලවර්‍ත්‍යඥානතමොජාලප්‍රදාලනය කොටැ - පශ්‍චිමයාම සමධිගතසවාසනාසර්‍වක්‍ලෙශසමුච්‍ඡෙද සමස්‍තාෂ්‍ටාංගාර්‍ය්‍යමාර්‍ගඥාන ලක්‍ෂණ ආස්‍රවක්‍ෂයකරාභිඥානාලොක බලයෙන් වර්‍තමාන ඝනතරාඥානතිමිර පටල පුටපාටනය කොට මෙසේ වූ ත්‍රිවිද්‍යාඥානාලොක බලයෙන් අධ්‍වත්‍රිතය සර්‍ව දොෂාන්‍ධකාර දූරීකරණයෙන් සංස්‍කාර විකාර ලක්‍ෂණ නිර්‍වාණ ප්‍රඥපති යන පඤ්‍චවිධඥෙයමණ්‍ඩලයෙහි ඓශ්‍වර්‍ය්‍යය කෙරෙමින් අනාවරණ ඥානාභිෂෙකයෙන් සර්‍වධර්‍මාධිරාජ්‍යපදයෙහි සුප්‍රතිෂ්‍ඨිත වැ - ස්‍ථානභවයොනිගතිවිඥානස්‍ථිති සත්ත්‍වාවාස භෙද භින්න සර්‍වසත්ත්‍වවර්‍ගාශ්‍රිත ක්‍ලෙශාරිවර්‍ගසමුච්‍ඡෙද චතුර චතුරාශීති සහස්‍ර ධර්‍මස්‍කන්‍ධ මහා නගරවරයට සම්‍ප්‍රාප්‍ත වැ චතු‍ර්‍වෛශාරද්‍ය දශබල චතුර්‍දශ බුද්‍ධඥානාෂ්‍ටාදශ බුද්‍ධ ධර්‍ම ද්‍වාත්‍රිංශද්‍වර මහාපුරුෂලක්‍ෂණයෙන් හා අශීත්‍යනුබ්‍යඤ්‍ජනව්‍යාමප්‍රභාකෙතුමාලාලඞ්‍කාරයෙන් විරාජමාන වැ - තථාගතවර ධර්‍මචක්‍රවර්ත්‍ති තමා නානා දෙශයෙහි නානා කාලයෙහි නානාවිධ විනෙය සත්ත්‍වාශයානුශය චරිතාධිමුක්‍ති වශයෙන් සද්‍ධර්‍මාමෘත වර්‍ෂා කෙරෙමින් සර්‍වසම්‍පන්න ශ්‍රාවස්‍ති මහා නගරවරොපනිඃශ්‍රය කොටැ - සර්‍වධර්‍මාධිරාජධානි ස්‍ථානීය ජේතවන මහා විහාරයෙහි වැඩ වෙසෙමින්, දෙසුවා වූ සුවාසූ දහසක් ධර්‍මස්‍කන්‍ධයට අන්‍තර්‍ගගත වූ විශාලා මහනුවර ජනපද රොගභය පලවා - කෙළලක්‍ෂයක් සක්වළෙහි ආඥා පැතිරැ දිලිසෙමින් සිටි රුවන් සූත්‍රයෙහි වදාළ තාක් ආඥා ගුණ තොජොබල මෛත්‍රී පුණ්‍ය ප්‍රභායෙන් සියල් ලෝවැස්සනට ද මට ද සේනුසේ විය යුතු.
සර්‍වාන්‍තරායවර මහබිනික්මන් සකස්කඩ නිමි.
සිද්‍ධිරස්‍තු.







ප්‍රතිවාදියා බිය කිරීමට උපන් හකා


 නවසීලන්ත රග්බි ක්‍රීඩකයන් තමන් ක්‍රීඩා කිරීමට පෙර සෑම තරඟයකදීම විශේෂ නර්තනාංගයක් ඉදිරිපත් කරයි. එය නමින් 'හකා' ලෙස හැදින්වේ.

Maori ජාතිකයින්

 හකා නර්තනය නිර්මාණය කර තිබෙන්නේ නවසීලන්තයේ මඕරි ( maori ) ගෝත්‍රික මිනිසුන් විසින්ය. මඕරි ජාතිකයන් සටනකට යෑමට පෙර තම ප්‍රතිවාදියාව භය කිරීමට හා තමන්ගේ ශක්තිය පෙන්වීමට මෙම නර්තනය යොදාගන්නා ලදි. ඒත් සමඟම මෙම හකා නර්තනය අමුත්තන් පිලිගැනීමේදී , විශේෂ උත්සවවලදී සහ අවමඟුල් වලදීද යොදා ගන්නා ලදි.
Maori ගෝත්‍රිකයින් හකා නර්තනයේ යෙදෙන ආකාරය. 

 මෙහිදී තාලයකට කෑ ගසමින් විවිධ අංගචලන දක්වමින් නර්තනයේ යෙදෙයි. සාමාන්‍යයෙන් හකා නර්තනයේ යෙදෙන්නේ පිරිමින් ය. නමුත් වර්තමානය වන විට කාන්තාව හා ලමයින්ද මෙම නර්තනයේ යෙදෙයි.
All Blacks රග්බි කණ්ඩායම හකා නර්තනයේ යෙදෙමින්.


 ප්‍රථමයෙන්ම හකා නර්තනයේ යෙදුනු ක්‍රීඩා කණ්ඩායම වූයේ නවසීලන්ත රග්බි කණ්ඩායමයි. ඒ 1888 -89 කාලයේදීය. All Blacks කණ්ඩායම මෙම නර්තනාංගය මුලින්ම ඉදිරිපත් කර ඇත්තේ 1905 දීය. නවසීලන්තයේ Tall Blacks ( පැසිපන්දු) , Black Sticks ( හොකි ) වැනි ක්‍රීඩා ද මෙම හකා නර්තනයේ යෙදෙයි.

පද මාලාව හා එහි තේරුම

18 වැනි සියවසේ නවසීලන්තයේ උතුරු කොටසේ ජීවත් වෙච්ච ටෙ රවුපරහා කියන ගෝත්‍රික කණ්ඩායම් නායකයෙක් තමයි මේ නර්තනාංගයට අදාළ පදමාලාව ප්‍රථම වරට නිර්මාණය කරල තියෙන්නෙ.


Leader:Ringa pakia!Slap the hands against the thighs!
Uma tiraha!Puff out the chest.
Turi whatia!Bend the knees!
Hope whai ake!Let the hips follow!
Waewae takahia kia kino!Stomp the feet as hard as you can!
Leader:Ka mate, ka mateI die, I die,
Team:Ka ora’ Ka ora’I live, I live
Leader:Ka mate, ka mateI die, I die,
Team:Ka ora Ka ora “I live, I live,
All:Tēnei te tangata pūhuruhuruThis is the hairy man
Nāna i tiki mai whakawhiti te rā…Who caused the sun to shine again for me
A Upane! Ka Upane!Up the ladder, Up the ladder
A Upane Kaupane”Up to the top
Whiti te rā,!The sun shines!
Hī!Rise!



- මිතිල ප්‍රනාන්දු

Tuesday, July 19, 2016

බලා සැනසෙන්න නොව බලා විමසන්න - ටයික් ඇතින්නියගේ අනුවේදනීය කතාව


 ටයික් යනු 1974 ඉපිද 1994 අගෝස්තු 20 දින පොලීසිය විසින් 86 වතාවක් වෙඩි තබා ඝාතනය කල ඇතින්නියකි. පැය දෙකක් යනතුරු ඇය අධික වේදනාවෙන් හා බියෙන් මුසපත් වී මලේය.




   ඇයව කුඩා කාලයේදී දෙමව්පියන්ගෙන් වෙන් කොට සර්කස් එකක් වෙත රැගෙන ගියේය. ඇයව කොංක්‍රීට් වලින් තැනූ කාමරයක් මත හිර කලේ ඇගේ ධෛර්යය බිඳ හෙලීමටය. සර්කස් පුහුනුකරුවන් ඇයට නොයෙක් වර හෙණ්ඩුවෙන් පහර දුන්නේය. ඔවුන් ඇයගේ සංවේදී ස්ථාන වන කන් පිටුපස, විලුඹ, දණහිස පිටුපස සහ ලිංගාශ්‍රිත පෙදෙස් වලට හෙණ්ඩුවෙන් පහර දුන්නේය.


 1993 අප්‍රේල් හි සර්කස් ස්ංදර්ෂණයකදී ඇය පැනයෑමට උත්සහ කලද එය අසාර්ථක විය. ජූලි වලදී නැවත උත්සහ කලේය. එවරද අසාර්ථක විය. මෙය මහජනතාවට තර්ජනයක් වන නිසා ටයික්ව විශ්‍රාම යැවිය යුතුව තිබ්බද මෙම පුද්ගලයන් එසේ කලේ නැත.

 1994 දී එම දිනය පැමිණියේය. ටයික් සර්කස් එකට වසර 20ක් පමණ සේවය කලේය. මෙතෙක් කල් ඇයට වූ වේදනා වලින් නිදහස් වීමට ඇයට බලවත් ආශාවක් විය. හොනොලුලු හි සවස් යාමයේ සංදර්ශනයෙන් පසු ඇය දරුණු වූයේය.


 සේවක මණ්ඩලය ඇයට පහර දී ඇයව නවත්වා ගැනීමට උත්සහ කලද හෙණ්ඩුවෙන් හා කසයෙන් පලක් නොවීය.

 ඇය මිනිසුන් දෙදෙනෙකුට පහර දී පාරට දිව ආවේය. මෙම වේලාවේ පාරේ මිනිසුන් විශාල ප්‍රමාණයක් සිටියේය. ඇයට නුහුරු වූ ස්ථානයක් නිසා ඇය කැළඹුනේය. පාරේ වාහන පොඩි කරමින් ඉදිරියට ඇදුනේය.


 එසැනින් පොලීසිය පැමිණ රයිෆල් තුවක්කු වලින් ඇයට පහර දීමට පටන් ගත්තේය. ඇය හිමිහිට වැටුනේය. නමුත් නැවත නැගිට්ටේය. පොලීසිය නැවත වරක් පහර දුන්නේය. ඇය බිම ඇද වැටුනේය. ඇය හිස එහෙ මෙහේ වනන්නට විය. කකුලට වාරු නැතත් ඇය නැගිටීමට නැවත වරක් උත්සහ කලේය. මෙවර ඇයට නැගිටීමට නොහැකි විය. අවසානයේදී පැය දෙකක් තිස්සේ දුක් විදිමින් ඇය මිය ගියේ වෙඩි උණ්ඩ 86ක් සිරුර තුල රදවාගෙනය.


 සත්ව හිංසනය ගැන අමුතුවෙන් මට යමක් කීමට ඉතිරිව නැත. සත්ව උද්‍යාන වලද තත්වය මෙසේමය. දෙහිවල සත්ව උදානයේ සතුන්ට කන්ට ආහාරත් නැත. ඓහි පිඹුරිය බඩිගින්නට තමා ස්වාමි පිඹුරාව කයි. සිංහයාගේ උගේ ඇටකටු පෙනෙන තත්වයට පත්ව ඇත. මේ අද තත්වයයි. ඊට එහා කූඩු කිරීම.

 සත්ව උද්‍යාන, සතුන් යොදා කරන සර්කස් නතර කල යුතුයි! යුතුයි! යුතුයි!

-මිතිල ප්‍රනාන්දු

මුළු මහත් ජාතියක මෙන්ම ලෝකයේ දැනුම විනාශවීම - බැග්ඩැග් පුස්තකාලයේ කතාව


House of wisdom යනු ඉරාකයේ , බැග්ඩැග් හි පිහිටා තිබූ පුස්තකාලයකි. ඉස්ලාමීය ස්වර්ණමය අවධියේදී තිබූ විශේෂිත පුස්තකාලයකි. මෙහි වැඩි වශයෙන් පරිවර්තනද කලේය.



 මෙහිදී ඉස්ලාමීය විද්‍යාව, ඉස්ලාමීය ගණිතය, ඉස්ලාමීය අභ්‍යවකාශ විද්‍යාව, ඉස්ලාමීය භූගෝල විද්‍යාව, ඉස්ලාමීය සත්ව විද්‍යාව ආදියේ පොත් පත් අති විශාල සංඛ්‍යාවක් ද තිබුනු අතර ඒවා උගන්නන මධ්‍යස්ථානයක් ද විය. මෙහි පර්සියන් චිත්‍ර කලාව, ඉන්දියානු හා ග්‍රීක දර්ශණය ගැන ද උගන්වන ලදි. ඒ අතර පහත සදහන් අයගේ දර්ශණය හා දැනුම අඩංගු අතිශය වටිනා ලියවිලි මෙහි අඩංගු විය. ඒ අය නම්.. සොක්‍රටීස්, ඇරිස්ටෝටල් ,ප්ලේටෝ, පයිතගරස්, ගේලන්, සුශෘත, චාරක, හිප්‍රොකටීස්, ඉයුක්ලිඩ්, ප්ලොටිනස්, ආර්‍යභාත, බ්‍රහ්මගුප්ත ආදීන්.


එහි තිබූ ලියවිල්ලක්.

 1258 දී සිදුවූ මොංගල් ආක්‍රමණයේදී බැග්ඩැග් හි තිබූ සියලුම පුස්තකාල විනාශ විය. මාස හයක් යනතුරු ටයිග්‍රීස් ගඟ තීන්ත නිසා කළු පැහැ ගත් බවත් ගඟ පුරාවට පොත් පත් දස දහස් ගණනක් පාවී ගිය බවත් සඳහන්.


මොංගල් වරුන් විසින් බැග්ඩැග් පුස්තකාලය විනාශ කිරීම
 මෙහිදී ලෝකයට නැති වූ දැනුම අදටත් මැනිය නොහැකිය. බොහෝ දෙනා ඇලෙක්සැන්ඩ්‍රියාවේ පුස්තකාලයේ විනාශය ගැන දැන හිටියත් මේ ගැන තොරතුරු අප්‍රකටයි. බැග්ඩැග් හි පුස්තකාලයේ විනාශය නිසා ඇතිවූ අතුරු ප්‍රථිපල අද සමස්ත ලෝකයක් අත් දකියි. එනම් සමහර ඉස්ලාමීය අන්තවාදීන්ගේ ක්‍රියා කලාපයයි. සමහර ඉස්ලාමීයන් අන්තවාදීන් වීමට බලපෑ ප්‍රධානතම කරුණක් වන්නේ මේ අති විශාල දැනුම විනාශයයි.



 එමනිසා දැන් තිබෙන දැනුම ලෝකයෙන් තුරන් වීමට නොදී ඒවා දියුණු කර ආරක්ෂා කර ගැනීම මුලු මහත් ලෝකයේ ජනයාගේ වගකීමකි. මන්ද එසේ නොවුනහොත් අනාගතය වර්තමානයට වඩා බෙහෙවින් අඳුරු වනු ඇත.

- මිතිල ප්‍රනාන්දු

සිර්යබ් (Ziryab) - සමාජය් වෙනස් කල වහලා


 සිර්යබ් ( ක්‍රි.ව. 789 සිට ක්‍රි.ව. 857 ) යනු පර්සියන් ජාතික සංගීතඥයෙක්, භූගෝල විද්‍යාඥයෙක්, ගායකයෙක්, නිරූපණ ශිල්පියෙක් සහ පෙරදී වහලෙක්. මොහුගේ නිමැවුම් අදටත් පැවතුනත් බොහෝ දෙනා සිර්යබ් ගැන අසා නැහැ. ආහාර ගැනීමේදී භාවිතා වන three course meal හි නිර්මාපකයා මොහුයි ( soup , main course, pudding ). අතීතයේදී භාවිතා වුනේ ලෝහ වලින් සාදන ලද කෝප්ප වලින් පානය කිරීමය. ක්‍රිස්ටල් වලින් සාදන ලද කෝප්ප වලින් පානය කිරීම ඇරඹුවේ මොහුයි.



   ඔහු එකල සමාජයට නව එළවළු වර්ග මෙන්ම සංගීතයට විවිධ රසමුසු තැන්ද එක් කලේය. ඔහුගේ දරුවන් සියල්ල සංගීතඥයන්ගේ වූ අතර ඔවුන් යුරෝපයේ සිර්යබ්ගේ සංගීතය ප්‍රචලිත කලේය. විටෙක ඔහු පුරාතන බාක් ( bach) යනුවෙන් හැදින්වීමට වුවද පුලුවන්.


 ඔහු කොණ්ඩය කොටට කැපීමටද රැවුල බෑමද ප්‍රචලිත කලේය. ඔහු විවිධ සෘතුවලදී විවිධවූ ඇඳුම් ඇන්දේය. ඔහු විවිධ රසයෙන් යුත් දන්තාලේප නිපදවූයේය. එමෙන්ම එකල සමාජයේ දිනකට දෙවරක් නෑම ප්‍රචලිත කලෙත් මොහු විසින්මය. වර්තමාන ජනයාගේ මතකයෙන් සිර්යබ් දුරස් වී සිටියද ඔහුගේ නිර්මාණ කිසිදා දුරස් නොවනු ඇත.

- මිතිල ප්‍රනාන්දු


Sunday, July 10, 2016

ඉටිගිලෝව් ලාමාතුමාගේ සිරුර


 පද්මාසන ඉරියව්වෙන් භාවනායෝගීව සිටියදී අවසන් හුස්ම හෙළූ රුසියානු බෞද්ධ ලාමාවරයාගේ සිරුර තවමත් නොදිරා පවතියි. වයස හැත්තෑපහේදී මෙයගිය මෙම ලාමාවරයාගේ සිරුර 2002 දී කැනීම් කර නැවත ගොඩ ගන්නා අවස්ථාවේදී සිරුර පද්මාසන ඉරියව්වෙන්ම තිබීම දැක බොහෝ දෙනා පුදුම විය.

 1927 දී භාවනායෝගීව සිටියදී මියගිය මෙම ලාමාවරයාගේ සිරුර පරීක්ෂා කල විද්‍යාඥයන් පවසන්නේ මෙම සිරුර පැය 36කට පෙර මියගිය අයෙකුගේ මෘත ශරීරයට ශරීරයට සමාන බවයි. විද්‍යාඥයන් හිසකෙස්, පටක , සමේ කොටස්, නියපොතු පරීක්ෂාවට ලක් කල අතර ඒවා සාමාන්‍ය මිනිසකුගේ ඒවා මෙන් විය.




 වයස අවුරුදු 16 දී ආගමික අධ්‍යාපනය ආරම්භ කර බෞද්ධ විශ්වවිද්‍යාලයකට ගොස් වැඩිදුර අධ්‍යාපනය ලැබීය. දර්ෂණය හා වෛද්‍ය විද්‍යාව පිලිබඳව උපාධි ලබාගත්තේය. 1911 දී ප්‍රධාන ලමා ධූරයට පත් විය. පලමු ලෝක යුද්ධ සමයේදී තවත් ලමාවරුන් සමඟ තුවාල ලැබූ සෙබලුන්ට ප්‍රථිකාර කිරීමට ගියේය.

 1927 දී දිනක් අනෙක් ලමාවරුන් කැදවා, තමන් මියයෑමට ආසන්න බව පැවසුවේය. අවමංගල්‍ය චාරිත්‍ර සූදානම් කරන ලෙස උන්වහන්සේ පැවසුවේය. නමුත් ජීවත්ව සිටියදීම එවැන්නක් සිදු කිරීමට අනෙක් ලමා වරුන් මැලි විය. මියගිය පසු එම ඉරියව්වෙන්ම වළ දමන්න යැයි පැවසුවේය. වසර තිහකට පසු සිරුර නැවත ගොඩ ගෙන බලන්න යැයිද උන්වහන්සේ පැවසුවේය.  පද්මාසන ඉරියව්වෙන් භාවනාව ආරම්භ කල උන්වහන්සේ භාවනායෝගීවම මිය ගියේය.

- මිතිල ප්‍රනාන්දු

Saturday, July 9, 2016

කතරගම දෙවියෝ


 ලංකාරක්ෂිත දේවතා සමූහයේ ප්‍රධාන ස්ථානයේ සිටිනා දෙවිවරු අතරට කතරගම දෙවියන් ද වේ. ලංකාවට විශේෂ වන ප්‍රධාන දෙවිවරු සතර අතරට උපුල්වන් දෙවි මුල් කොට සමන් ,බොක්සල් , සවත් ( කාර්තිකේය ) , විභිෂණ යන දෙවිවරුද අයත් වන බව කෝට්ටේ යුගයේ ලුයැවුනු හංස සංදේශයේ දැක්වේ. ලංකාවේ සතරවරම් දෙවිවරු අතරට ද කතරගම දෙවියන්ද අයත් වන බව නොයෙක් අවස්ථාවල සදහන් වේ.

 කතරගම දෙවියන් හදුන්වන විවිධ නාමයන් වේ. කාචරග්‍රාම දේව, ස්කන්ධ ස්වාමි, අග්නි, අග්නි පුත්‍ර, අග්නිභ සරවන, සරවන මුත්තු, සරවන භාව, මිහිපති හෙවත් ජානකසේන, විනයකසේන, ලෝහිත ගාත්‍ර, ස්වච්චානන්ද, නිර්මලා භාක්ස්ත්‍රිකාව, කාර්තිකේය හෙවත් කාර්තිකා පුත්‍ර , සුබ්‍රමන්‍ය, බාල සුබ්‍රමණ්‍ය, ගංගජ, ස්වාමු, ෂන්මාතෘ, ෂ්ට්මාතෘ, ෂ්ෂ්ටිමාතෘ, ෂාංමාතුර, ශරජන්ම, මුරුගා, මුරුගන්, මහාඝෝෂ, නම්කන්, තේසන්, කන්දලි, දෙව් සෙනවි, සේනාධිපති, කඳ සුරිදු, කඳ දෙව් කඳ, ඩයනීසස්, ඉයොන්, සිංහ, ඇක්ස්ලීපියස්, තාරකජිත්, තාරාරි, සනත් කුමාර, ග්‍රහ ස්වාමි, නෛගමේය, ගංගියා, ගිරක්ෂනාථ, ඊතලේ යකා, කන්දස්වාමි, කන්දෙ යකා, මහා කාල සේන, සවදක් යන නාමයන් ඒ අතර වේ.




 අවුරුදු පහලොස් දහස් ගණනකට පෙර ලංකාවේ දකුණු දෙස යටත් කරගෙන සිටි තාරක නම් අසුරේන්ද්‍රයාව දඹදිව විසූ කඳ කුමරුන් ලක්දිවට පැමිණ ඔහුගේ ප්‍රබල බාහු බලයෙන් සහ විචක්ෂණ බුද්ධියෙන් පරදවා කතරගම පුරවරයෙහි පාලක විය.

කතරගම පුර පවර යස තෙද විහිදුවන දිවයුරා ණන්
සකල සිරිලක දෙ නරන්නට පවත එන සොමි සදාණන්

 කතරගම දෙවිදුගේ රාජධානිය හා ගුණ කඳ පිළිබදව ඉහත කවියෙන් කියැවේ. රුහුණු ප්‍රදේශයේ කතරගම නුවර රාජධානිය කර ගනිමින් එහි වසමින් පාලනය ගෙනගිය කඳ කුමරු තාරක අසුරයා පරාජය කළ බැවින් වීර වරයෙකු ලෙසත් යහ පාලනයක් ගෙනගිය ඇත්තෙකු වශයෙන් ජාප්‍රිය විය. ඉන්පසු කතාගම දෙවිදුගේ බල මහිමය ලංකාව පුරා පැතිරිණි.

 ස්කන්ධ පිළිබඳව ලංකාවේ පැරණි මූලාශ්‍රවල පළමු වාට සදහන් වන්නේ අනුරාධපුර අවධියේ චූල වංශයේය.

 කතාගම දෙවියන්ගේ උපත් කතා විශාල ගණනකි. ඒවායින් කිහිපයක් ගෙන බලමු.

කතාගම දෙවියන්ගේ පියා ඊශ්වර දෙවියන් ය. මව උමා දේවියයි. ශාස්ත්‍රවන්තයින් පැවසූ පරිදි උපාවට පුත්‍රයෙකු ලැබුනහිත් ඔහු ඉතා බලසම්පන්නයෙකු වන බැවින් අග්නි හෙවත් ගිනි දෙවියා දෙව්ලොවදී උමාවට දරුවා ලැබීමට උඩ දුන්නේ නැත. හිමාලයේ කදු පාමුල බර පඳුරක් තුළ කඳ කුමරු උපන්නේය.

 මහා භාරත නම් සංස්කෘත ග්‍රන්ථයේ සදාන් වන අන්දමට කතරගම දෙවියන්ගේ පිටා ශිව දෙවියන් ය. මව උමාවයි. රාමායනයේ සදහන් වන ලෙස මොහුගේ පියා අග්නි දේවතාවාය. මව ගංගා වේ.

 කතරගම දෙවියන් ඊශ්වර දෙදියන්ගේ දෙවෙනි පුතා වන අතර වැඩිමලා අයියානායක දෙවියන්ද බාලයා ගණ දෙවියන්ද වශයෙන් හැදින්වේ.

කතරගම දෙවියන්ට සහෝදරියක් ඇති බවත් ඇය සරස්වතිඋ බවත් ජනප්‍රවාදයේ එන මතයකි.

 මහාසේන මරණයෙන් පසු දේවත්වයට පත් වන්නට ඇති බවත් මහාඝෝෂ යන්න මහාසේන නමින් ව්‍යවහාර වන බවහ් දැක්වෙන අවස්ථා ඇත.

 කතරගම දෙවියන් ඉන්දියාවෙන් පැමිණ ස්කන්ධ කුමාර යන නාමයෙන් හැදින්වුව ද ඔහු කතරගම දෙවියන් නිවන බවත් ප්‍රාග් බෞද්ධ යුගයෙහි කතරගමට අරක්ගත් බෞද්ධ දෙවියෙකු වූ බවත් කියවෙන අතර එම නිසා කතරගම දෙවියන් හින්දු දෙවියෙකු නොව බෞද්ධ දෙවියෙකු වව සදහන් වේ. මේ නිසා කතරගම දෙවිදු ඉන්දියාවෙන් පැමිණ දෙවියකු හෝ ලාංකික දෙදියකු ද යන කරුණ නිශ්චිත ලෙස සදහන් කල නොහැක. කතරගම දෙවියන්ව හදුන්වන නාමාන් දෙස වැලූ කල එය මනාව පැහැදිලි වේ.

 කතරගම දෙවියන්ට භායාවන් දෙදෙනෙකි. ඉන්දියාවේදී විවාහ වූ දේවසේන හෙවත් තේවානි අම්මා සහ ලක්දිවට පැමිණො පසු විවාහ වූ වල්ලි අම්මා එම භායාවන් දෙදෙනායි. කද සුරිදු තම භාර්‍යාවන් දෙදෙනා සමඟ සාමයෙන් විසූ අතර ඔහුගේ දකුණු පස තේවානි අම්මාත් වම් පස වල්ලි අම්මාත් වේ.



 කතරගම දෙවියන්ට මුනුණු සයකි. අත් දොලහකි. මුහුණු සයෙන් විදුලිට, දයාව, සාමය , සෞම්‍ය, ආශිර්වාදය හා කාරුණික බව සංකේතවත් වන බවත් කියැවේ. තවත් විටෙක ඔහුගේ මුගුණු සයෙන් තේජස, බලය, භාග්‍ය, වික්‍රමය, කාර්‍ය ශූරත්වය, තත්වංඤානය, යන ක්‍රියා පිලිබිබු වන බවත් දැක්වේ. අත් දොලහේ දහයක ඇත්තේ දුනු හා හීය.  ත්‍රිශූලය, කඩුව, හිස, නාගාඅ, සැවුලු දජය, හළඹ හක්ගෙඩිය හා කෙටේරිය වේ. ඉතිරි දෑත් දෙක හිස්ව ඇත.

මුහුණු සයකි අත් දොළසකි මයුරා පිට වාහනේ
රුහුණු රටේ පිහිටි කන්ද කදිර දේව රාජනේ

 කතාගම දෙදියන්ගේ රජ්‍යය පිහිටියේ රුහුණු රටේ බව මින් පැහැදිලි වේ.

 කතරගම දෙවියන් ඇද සිටින වස්ත්‍ර රක්ත වර්ණයෙන් යුක්තය. ණරෙකු වාහනය කාගත් මොහු සමහර අවස්ථාවල මුහුණු තුනකින්ද තවහ් විටෙක එක් මුහුණකින්ද යුතුව සිටියි.

 ඉන්දියාවෙන් ගෙනා සොලී සිරකරුවන් ගජබා රජු දවසේදූ ලංකාවේ පදිංචි වීම නිසා කාර්තිකේය දේව ඇදහීම ඇති වූ බව කියැවේ. කතරගම දෙවියන් ප්‍රතිපත්ති ගරුක ශක්ත්මත් දෙවියෙකුට වඩා තමන් වෙතට එන බැතිමතුන්ට ඕනෑම ආකාඅයක ඉල්ලීමක් ලබා දෙන දෙවියෙකු ලෙස ප්‍රසිධය. එසේ හෙයින් යහපත් දේට පමණක් නිව අයහපත් කාර්‍යාන් කරවා ගැඊමට කතාගම දෙවියන් සොයා එන බැතිමතුන් බොහොමයකි.

 ලිපිය පිලිබද අදහස් දක්වනවානම් එය ඉතා අගේ කොට සලකමි.

-මිතිල ප්‍රනාන්දු



Tuesday, July 5, 2016

කොන්ස්තන්තීනු හටන



සිංහල සාහිත්‍යාවලියේ සෑම කෘතියක් ම පාහේ ඇරඹෙන්නේ බුදුන් දහම් සඟුන් නමදිමිනි. එහෙත් ඊට පටහැනි ලෙස මුල්ම වරට ජේසුස් ක්‍රිස්තුස් සිහි කරමින් ඇරඹෙන සිංහල කාව්‍ය සංග්‍රහය කොන්ස්තන්තීනු හටනයි. අලගියවන්න මුකවෙටි විසින් රචිතය. මේ පොත ලියන කාලය වන විට කවියා කිතු දහම වැළඳගෙන සිටි අතර සිංහල රජුන්ගේ උදහසට ලක් ව සිටි ඔහු කොන්ස්තන්තීනු ද සා සෙන්පතියාගේ අනුකම්පාව ලබා ගැනීම පිණිස මෙසේ රචනා කළ බව කියැවේ.

බර කර අරුත මෙන
වෙනස් නොමපෑ පව තින
පිතු පුත් වීදි යන
තෙවක් එක් සුර වඳිමි අදරින

මෙත් ගුණ පිරි නඳුන්
වඳිමි ජේසු ක්‍රිස්තු සමිඳුන්
කන්නිමරි කුසයෙන්
පහළ සුරිඳුන් වඳිමි බැතියෙන්

(පින්තූරය අන්තර්ජාලයෙන්)

Sunday, July 3, 2016

ශ්‍රී ලංකාවේ මුද්දර ඉතිහාසය - 2 කොටස

පලමු කොටස කියවන්න මෙතනින්.

තැපැල් සේවයේ පුනරුදය

 ලංකාවේ ප්‍රථම තැපැල් මුද්දරය නිකුත් වූයෙව් 1857 අප්‍රේල් 01 වන දිනය. 1858 ජනවාරි මාසයේදී මෝස් සංඥා ක්‍රමය මගින් විදුලි පණිවිඩ සේවයක් ආරම්භ වී පසුව කොළඹ සහ මහනුවර දක්වා ව්‍යාප්ත විය. 1867 දී මෙරට තුල පාර්සල් මගින් භාණ්ඩ යැවීම සදහා පාර්සල් සේවය ඇරඹිණි. මනිඕඩර් ක්‍රමය 1877 දී ආරම්භ වූ අතර ලංකාව බ්‍රිතාන්‍යයේ යටත් වැසි රාජ්‍යයක් වශයෙන් විශ්ව තැපැල් සංගමයේ සාමාජිකත්වය ලබාගත්තේද එම වසරේ අප්‍රේල් 01 වන දිනය.

ලංකාවේ තැපැල් කාර්යාල වල ප්‍රයෝජනය සදහා ර්හැපැල් කනු එංගලන්තයෙන් ආනයනය කිරීමට සිදුවිය. මෙසේ රැගෙන ආ ප්‍රථම තැපැල් කනු ප්‍රථමයෙන් කොළඹ , ගාල්ල, මහනුවර, නුවරඑළිය යන නගරවල ස්ථාපිත කරන ලදි. වික්ටෝරියා රැජිනගේ කාලයේ ගෙන්වන ලද කනුවල VR අක්ෂරද , ජෝර්ජ් රජුගේ පාලන සමයේදී GR අක්ෂරද එළිසබෙත් රැජිණගේ පාලන සමයේදී ER අක්ෂරද තැපැල් කනු වල සටහන් විය.

කොළඹ කොටුව ජනාධිපති මන්දිරය ඉදිරිපිට පිහිටි ප්‍රධාන තැපැල් කාර්යාල ගොඩනැගිල්ලේදී 1994 දී තැපැල් කෞතුකාගාරය ස්ථාපනය කරන ලදි.


මුද්දර ලෝකය

විනෝදාංශයේ රජ මෙන්ම රජවරුන්ගේ විනෝදාංශය යන පිරුළ මුද්දර විනෝදාංශය සදහා යොදාගනියි. සෑම වසරකම ඔක්තෝම්බර් මාසය මුද්දර එකතු කරන්නන්ගේ මාසය වශයෙන් ප්‍රසිද්ධියට පත්ව ඇත.

 මුල් කාලයේදී තැපෑල ධනවතුන්ට , ප්‍රභූවරුන්ට, ආගමික නායකයන්ට සහ රාජකීයන්ට පමණක් සීමා විය. මෙය වෙනස් කිරීමේ පුරොඉගාමියා වූයේ ශ්‍රීමත් රෝලන්ඩ් හිල් මහතාය. 1840 මැයි මස 06 දින සිට තැපැල් කිරීමේදී ගාස්තුව අයකිරීම වෙනුවට එම වටිනාකමට සමාන ලේබලයක් ඇලවීම සිදුවිය. එය ලොව ප්‍රථම මුද්දරය විය. එවකට එංගලන්ත කිරුළ හිමි වික්ටෝරියා රැජිණගේ පැති රූපය නිරූපණය වූ මෙම මුද්දරයේ වටිනාකම පැන්ස 01 කි. එය පෙනී බ්ලැක් නම් විය. මුද්දරය මත රටේ නම සදහන් නොවීය. එතැන් පටන් එංගලන්තයෙන් නිකුත් වන කිසිදු මුද්දරයක රටේ නම සදහන් නොකරයි.


 ශ්‍රීමත් රෝලන්ඩ් හිල් ශත සංවත්සරය ( 1879 - 1979) වෙනුවෙන් වසර 1979 අගෝස්තු 27 වන දින රු.3.00 ක වටිනාකමකින් යුත් නව මුද්දරයක් ඔහුට උපහාර වශයෙන් මුද්දර කාර්‍යංශය මගින් නිකුත් කරන ලදි.

ෆිලටලි ( Philately ) යන්න ග්‍රීක වදනකි. ආදරය ( philos) අයකිරීමකින් තොර ( Atelia ) යන දෙපදය මුසු කොට ෆිලටලි යන වදන නිර්මාණය කරන ලද්දේ ප්‍රංශ ජාතික ජෝර්ජ් හර්පන් විසින් 1864 දීය. මුද්දර එක්රැක් කිරීම විනෝදාංශයක් වශයෙන් හදුන්වාදීමේ ගෞරවය හිමිවන්නේ එංගලන්තයේ කෞතුකාගාර සේවකයෙකු වූ ජොඉර්ජ් එඩ්වඩ් ග්‍රේ මහතාටය. එකල ඉතා ජනප්‍රිය වූ කුරුළු පිහාටු එකතු කිරීමේ විනෝදාංශය අභිබවා මුද්දර එකතු කිරීම ඉතා කෙටි කලකින් ජනප්‍රිය විය. ලොව ප්‍රථම මුද්දර ඇල්බමය 1852 දී එංගලන්තයේ ඔපෙන්ස් සමාගම මගින් නිකුත් කරන ලදි. 1856 දී ලොව ප්‍රකට ස්ටැන්ලි ගිබන්ස් සමාගමේ සමාරම්භය සිදුවිය. ලංකාවේ මුද්දර රජ යන අන්වර්ථ නාමයෙන් හදුන්වන්නේ ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මැතිතුමාය.

ඔබේ අදහස් පවසන්න.. ඊළඟ කොටහින් හමුවෙමු...

- මිතිල ප්‍රනාන්දු

Saturday, July 2, 2016

ශ්‍රී ලංකාවේ මුද්දර ඉතිහාසය - 1 කොටස


තැපැල් ඉතිහාසය

 ලංකාවේ ලන්දේසි පාලන සමයේදී තැපැල් සේවය ප්‍රාථමික මට්ටමින් සිදුවිය. ඊස්ට් ඉන්ඩියා කම්පැනි නම් ලන්දේසි සමාගම වසර 1796දී තැපැල් සේවය පවත්වාගෙන ගොස් ඇත. 1798දී ෆෙඩ්‍රික් නෝර්ත් ආණ්ඩුකාරවරයා කොළබට පැමිණ තනතුර බාර ගත්තේය. ප්‍රථම තැපැල් කාර්යාලය විවෘත වන්නේ මේ වසරේදීය. කොළඹ කොටුවේදී ප්‍රථම තැපැල් කාර්යාලය ආරම්භ විය. ඉන්පසුව ගාල්ල,මාතර,යාපනය,මන්නාරම,ත්‍රිකුණාමලය යන නගරවල තැපැල් කාර්යාල ආරම්භ විය. 1815 දී තැපැල් දෙපාර්තුමේන්තුව පිහිටුවේය. ප්‍රථම පෝස්ට් මාස්ටර් ජෙනරාල් ලෙස පත්වූයේ ඊ. බ්ලැටර්මන් මහතාය. 1817 වනතෙක් ඔහු එම තනතුර හෙබවූයේය. මුල්ම කාලයේදූ තැපැල් ප්‍රවාහනය සදහා යොදාගත්තේ තැපැල් ධාවකයින් ය.


ආසියාවේ ප්‍රථම තැපැල් ප්‍රවාහන සේවය 1832

ප්‍රථම තැපැල් ප්‍රවාහන සේවය 1832 පෙබරවාරි 01 වන දින ආරම්භ විය. තැපැල් ප්‍රවාහනය සදහා අශ්වයන් බැඳි රථයක් යොදාගත් මෙම අවස්ථාව
තවත් ඓතිහාසික සිදුවීමක් විය. එවකට ආණ්ඩුකාරවරයා වූ සර්. රොබර්ට් විල්මට් හෝර්ටන් ගේ මූලිකත්වයෙන් ඇරඹි මෙම රථය කොළඹ සිට මහනුවර දල්වා ගමන් කරන ලදි. පෙ.ව. 4:00 ට කොටුව රජගෙදර අසලින් පිටත් වූ මෙම රථයේ ගමන් කිරීමට එක් අසුනකට රු.2.10ල් ගෙවිය යුතු විය. කොළඹ සිට මහනුවර දක්වා සෑම තැපැල් කාර්යාලයකින්ම තැපැල් භාණ්ඩ බාර දිය යුතුව තිබුනේ මෙම රථයටය. 

වසර 1990 දෙසැම්බර් 26 වන දින නිකුත් කරන ලද ආසියාවෙව් ප්‍රථම තැපැල් ප්‍රවාහන සේවය නිරූපණය වන මුද්දරයේ වටිනාකම රු.5.00ක් විය. ශ්‍රී ලංකාව්වෙ තැපැල් සේවයේ අභිමානවත් 175 වන සංවත්සරය නිමිතිකොටගෙන තැපැල් ඉතිහාසය මුද්දරය තුලින් මෙසේ ඉදිරිපත් කෙරිණි.




පරෙවි පණිවිඩ සේවය

පරවියෙකුගේ මාර්ගයෙන් දුර බැහැර නිශ්චිත ස්ථානයකට ගෙනයාම පුරුදු පුහුණු කර ආරම්භකරන ලද්දේ 1850 සැප්තැම්බර් මස 24 වන දින සිටය. පුහුණු කරන ලද පක්ෂියාගේ පාදයේ හෝ ගෙලෙහි පණිවිඩය ගැටගසා පිටත් කරයි. මේ සදහ පුහුණුකරන්නේ සැලලිහිනියන් හා ගිරවුන් වැනි පක්ෂීන්‍ ය. 

ඊළඟ කොටහින් හමුවෙමු........

- මිතිල ප්‍රනාන්දු