Tuesday, January 17, 2017

බයිබලයෙන් එහා - 2 ( පරිසිවරු )

  
සෑම ගම් පලාතකම තිබූ ධර්මශාලාවල මූලිකත්වය දැරුවේ පරිසිවරුය. සෑම පරිසිවරයෙකුම නීතිවේදියෙක් නොවූවත් නීතිවේදීන් අතර බහුතරය පරිසිවරු අතර වූහ. ටෝරාව ( ව්‍යවස්ථාව / බයිබලයේ පලමු පොත් පහ) වටා ගෙතුනු වාචික නීති සම්බාරයක් (මිෂ්නා) ජුදෙව්වරුන්ගේ ජීවිතයේ සෑම අංශයක් කෙරෙහිම බලපාන අන්දමින් පරිසිවරු විසින් සෑම සබත් දිනයකදීම පැහැදිලි කරන ලදි.


දේවමාලිගාවේ හා ධර්මශාලාවේ වත් පිලිවෙත් , පවුල් නමස්කාරය පැවැත්වීමේ විධි, ආගමික උත්සව වල නීති රීති හැර දේපල ප්‍රශ්න, මුදල් ගනු දෙනු , පුද්ගලික පිරිසිදුකම ගැන පවා සම්ප්‍රධායන් නියම කලේ පරිසිවරුය. ඒවා අකුරටම පිලිපැදීමට කැප වී සිටින බව පවසමින් ජනතාවද එසේ කල යුතු බව අවධාරණය කරන ලදි. උදා: ආහාර ගැනීමටපෙර නිසි ආකාරව අත් සෝදා ගැනීම හුදෙක් සමාජමය සිරිතක් වශයෙන් නොව ආගමික පිලිවෙතක් ලෙස උගන්වන ලදි. මෙවැනි නීති රීති නොපිලිපදින අය සිනගෝග වලින් නෙරපන ලදි.


පරිසි යන්නෙහි තේරුම වෙන්වූ යන්නයි. අන්‍යජාතීන්ගෙන් ( ජුදෙව් හැර අනෙක් ජාතීන් අන්‍යජාතීන් ලෙස හදුන්වන ලදි.) , ජාති ද්‍රෝහීන් ලෙස ගණන් ගැනුනු අයකැමියන්ගෙන්, සමාරිතයන්ගෙන් හා සාමාන්‍ය දුප්පත් ජනතාවගෙන් පවා වෙන්ව ජීවත් වීම පරිසිවරුන්ගේ සිරිත විය.
ඔවුන් හා එක්වීමට කැමති අයට ඉගැන්වීම සදහා ධර්මශාලා අසල පාසල් පැවැත්වීමද පරිසිවරුන්ගේ වගකීම ලෙස පිළිගැණිනි. ආධුනිකයන් බඳවා ගැනීමේදී ඔවුන් බව්තීස්ම ස්නානය කිරීමෙන් සාමාන්‍ය ජනතාවගෙන් වෙන් කර ගැනීම පරිසිවරුන්ගේ මූලික ආකල්පය පෙන්නුම් කරයි. ජුදෙව් ආගම ඉගෙනගැනීමට කැමැත්ත දැක්වූ අන්‍යජාතික පුද්ගලයන්ද ' දෙවියන්වහන්සේට භය ඇත්තන්' ලෙස හදුනාගෙන ඔවුන් බව්තීස්ම කිරීම පරිසිවරුන්ගේ සිරිත විය.


මළවුන්ගෙන් උත්ථාන වීම් පිලිබඳ ජේසුස්වහන්සේගේ ඉගැන්වීම් පරිසිවරුන්ට පිළිගත හැකි විය. අරිමාතියේ ජෝසෙප්, නිකදෙමුස් වැනි පරිසිවරු ජේසුස්වහන්සේගේ අනුගාමිකයන් වීමට කැමැත්තක් දැක්වූහ. එහෙත් ජුදෙව් ව්‍යවස්ථාවේ සවිස්තරවල ඇලී ගැලී සිටි පරිසිවරුන්ගෙන් බහුතරයට ජේසුස්වහන්සේගේ නීතියේ හරය අනාවරණය කළද ඔවුන්ට ඒ පිලිබදව පැහැදීමක් නොවීය. තවද ජේසුස්වහන්සේ ඔවුන්ගේ ශ්‍රාවකයෙකු නොවීම ගැනද ඔවුන් තුල අමනාපයක් හටගන්නට ඇත.


වාචිකනීතිය හැදෑරීම පිලිබදව පරිසිවරු අතර නොයෙක් බේද ඇතිවූ බව ප්‍රකටය. විවිධ කල්ලි බිහිවූ තිබූ හෙයින් ඔවුන් අතර සමගියක් නොවීය. මේ නිසාම ජුදාගමේ නියම වටිනාකම සැඟවුණි. ජනතාවට සහනයක් ලබාදීමට පරිසිවරුන්ට නොහැකි වීම පුදුමයට කරුණක් නොවේ.

රෝම රජයට කිසිසේත් පක්ෂපාත නොවූ බව කියැවේ. පරිසිවරු අයකැමියන්ට විරුද්ධ වූයේ ඔවුන් දුප්පතුන්ට තලා පෙලා අසාධාරණ ලෙස බඳු එකතු කල නිසා නොව විදේශීය පාලකයන්ට සේවය කිරීම ජාතියට හා ආගමට කැළලක් යැයි සිතූ බැවිණි. තවද පරිසිවරු බඳු නොගෙවා සිටීමට තැත් කල බව පෙනේ. රෝම නීතියට පමණක් නොව මෝසෙස්ගේ ව්‍යවස්ථාව පවා ඔවුන්ගේ වාසියට නම්මවා ගැනීමට යත්න දැරූ අවස්ථා එමටය. ඒවාට විරුද්ධව ජේසුස්වහන්සේද බොහෝ වරක් ඔවුන්ට චෝදනා කලේය.

මූලාශ්‍ර : ජාතික ක්‍රිස්තියානි මණ්ඩලයෙන් ප්‍රකාශිත ග්‍රන්ථ ඇසුරෙන්.

12 comments:

  1. මීට කලින් කියවලා නැති විස්තරයක්.

    ජයවේවා!!!

    ReplyDelete
  2. මිට කලින් කියවලා නෑ තමයි. බයිබලයේ ඔය විස්තර නෑ නේද?

    ReplyDelete
    Replies
    1. බයිබලයේ මේවා නෑ අයියේ... මම ධර්මාචාර්ය එකට මේවා ඉගෙන ගත්තේ...

      Delete
    2. ධර්මාචාර්ය එකට මේවත් තියෙනව ද බන්????

      Delete
    3. ඔව්... තව මීට වඩා ගොඩක් දේවල් තියෙනවා...

      Delete
    4. This comment has been removed by the author.

      Delete
  3. මම මේ පොස්ට් එක දැක්කෙ දැන්.පොඩි ගැටලුවක්.පරිසිවරැ රෝමයට සහාය දුන්නා නේද.ජේසු තුමන් කුරැසුපත් කරන විට පිලාත් අාන්ඩුකාරවරයා අකමැත්තෙන් තීන්දුව දෙන්නෙ පරිසිවරැන් තරහා කරගන්ඩ තියෙන අකමැත්ත නිසා නේද

    ReplyDelete