Saturday, May 2, 2020

කැප්පෙටිපොළගේ මරණය හා හිස්කබල

1818 කැරැල්ල ලාංකිකයන් පරාජය වීමත් සමග කැරලි නායකයන්ට එරෙහිව යුද්ධ නීතිය යටතේ දඬුවම් කිරීමට ඉංග්‍රීසි රජය කටයුතු කළේ ය. එහි දී කැප්පෙටිපොළ නිලමේ හට එල්ල වූ චෝදනා හතරකි.

  1. රාජද්‍රෝහියෙකු ලෙස රාජාඥාවකින් ප්‍රකාශයට පත් කළ කැප්පෙටිපොළ ආණ්ඩුවට විරුද්ධව යුධ වැදීම.
  2. මහනුවර රජකමට උරුම කමක් ඇතැයි කියූ ව්‍යාජ රජෙක් යටතේ අදිකාරම් පදවිය භාරගැනීම.
  3. කැරළිකරුවන් සමග එක් වී රාජ පාක්ෂික වැසියන් ආණ්ඩුවට එරෙහිව සංවිධානය කිරීම.
  4. එංගලන්තයේ රජතුමාට විරුද්ධව කැරළි ගැසීම.

නඩුව විභාග කෙරුනු අතර මෙම චෝදනා සියල්ලටම මොනරවිල කැප්පෙටිපොළ වරදකරු විය. දඬුවම වශයෙන් කැප්පෙටිපොළ මහ නිළමේත් හා මඩුගල්ලේ දිසාවත් මහනුවර බෝගම්බර දී නොවැම්බර් 26 දින උදෑසන 8 ට මරණයට පත් කළ යුතු බව බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා නියෝග කරයි.

මෙම අවස්ථාව දැකබලා ගැනීමට මහනුවර සියලුම ඉංග්‍රීසි සොල්දාදුවන් පැමිණිය යුතු බව බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයාගෙන් නියෝගයක් ද විය. දඬුවම ලබා දීමට නියමිත අවස්ථාවේ මහනුවර නගරයේ ආරක්ෂාව තර කර තිබුනු අතර දැඩි කලබලකාරී වාතාවරණයක් දක්නට ලැබුණි. වධක භූමියට යාමට මත්තෙන් මොවුන් දෙදෙනා දළදා සමිදු වැඳපුදා ගත්තෝ ය. දළදා සමිදුන් පිදීමට කිසිවක් තමන් අත නොවූ නිසා කැප්පෙටිපොළ නිලමේ තම තුප්පොට්ටිය ගලවා එය පූජා කළේ ය.

මඩුගල්ලේ දිසාවේ සිටියේ තරමක් නොසන්සුන් බවකිනි. ඔහු වැදුම් පිදුම් අවසන් වූ පසු නැවත හඳුන් කුටියට පැමිණ තමන්ට අභය දානය ලබා දෙන ලෙස කියමින් දළදා වහන්සේ යදින්නට විය. මේ දෙස කම්පාවෙන් බලාගෙන උන් කැප්පෙටිපොල “මඩුගල්ලේ, අඥාන වෙන්න එපා” යැයි කියා සිටියේ ය.

ඉන්පසු දෙදෙනාවම හිස ගසා දමන ස්ථානය රැගන ආවේ ය. වර්තමානයේ මෙම ස්ථානය ඇත්තේ මහනුවර කැප්පෙටිපොළ ශාලාව ආසන්නයේ පැරණි බෝධි වෘක්ෂය අසලයි. කැප්පෙටිපොළ නිලමේ දඬුවමට සූදානම් වීමට තම කෙටි වැටිය හිස මුදුනට කර බැඳ ගත්තේ ය. ඉන් ඔහු පසු ජල බදුනක් ගෙනෙන්නට පවසා මුහුන කට සෝදා ගනියි.

පසුව දළදා මැදුර දෙස බලමින් බිම දණ ගසාගෙන තම ඉනෙහි වූ ධම්මපදය අඩංගු පොතක් ගෙන ගාඨා කිහිපයක් කියවයි. ඔහු එම පොත වධක භූමිය භාර නිළදාරියා වෙත දී එය තම හිතවත් සෝවර්ස් මහතා වෙත ලබා දෙන්න යැයි පවසයී. දැන් දඬුවම ලබා දෙන වේලාවයි. කැප්පෙටිපොළ නිලමේ වධකයා අමතා තමන් අරහං බුදු ගුණය සිහි කල විට එක්වර හිස ගසා දමන ලෙස අණ කරයි.  

“සො භගවා ඉතිපි අරහං”

කී සැනින්ම වධකයාගේ කඩුව කැප්පෙටිපොළගේ බෙල්ලට එල්ල විය. නමුත් ඔහුගේ ගෙල එක පහරින් සිඳුනේ නැත. මෙසේ තිබිය දී කැප්පෙටිපොල තමා සිටි ඉරියව්වෙන්ම සිටීම අවට රැස්ව සිටි සැවොම පුදුම කරවන කරුණක් විය. දෙවෙනි වර ගෙලට එල්ල කල පහරින් හිස කඳෙන් වෙන් වූ අතර වධකයා එම හිස කැප්පෙටිපොළගේ පපුව මත තැබීය.

මෙම සිදුවීම නැරඹීමට හෙන්රි මාර්ෂල් වෛද්‍යවරයෙක් පැමිණ සිටියේ ය. කැප්පෙටිපොළගේ හිස් කබල එංගලන්තයට රැගෙන ගොස් පරීක්ෂා කිරීමට ඔහු බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයාගෙන් අවසර ගත්තේ ය. ඒ අනුව එම හිස්කබල එංගලන්තය වෙත ගෙනයයි. මෙම හිස් කබල නැවත ලංකාවට ගෙන එන්නේ 1954 වසරේ ලංකා රජයේ ඉල්ලීමකට අනුවයි. ඉන්පසු ටික කලක් මෙම හිස් කබල ලාංකිකයන්ට නැරඹීම සඳහා ප්‍රදර්ශනය කළේ ය. පහත දැක්වෙන්නේ එම අවස්ථාවේ ගන්නා ලද ඡායාරූපයකි.

මෙම හිස් කබල සංරක්ෂණය කර කෞතුකාගාරයක තැන්පත් කිරීම වෙනුවට එවකට රජය සිදු කළේ මෙය මහනුවර මහා මළුවේ ස්මාරකයක් ඉදි කර තැන්පත් කිරීමයි. ජාතික අභිමානය ඇතිවෙන්නේ එම ස්මාරකය දැකීමෙන් ද නැතහොත් හිස්කබල සියැසින්ම දැකීමෙන් දැයි ඔබම සිතා බලන්න.

මූලාශ්‍ර:

  • මහාවංශය
  • මහනුවර යුගයේ අප්‍රකට විත්ති -චාමිකර පිළපිටිය
  • A General description of the Island and Its Inhabitants – Henry Marshall


16 comments:

  1. එංගලන්තයේ රජතුමාට විරුද්ධව කැරලි ගහන කාටත් මෙව්වා හොද පාඩම්. සම්බෝලයි බතුයි කාලා කුප්පි ලාම්පුව පත්තු කරන් ඉන්න කළු කැත සිංහල කුකුලන්ට ඒ එංගලන්තයේ උත්තමයෝ එක්ක හැප්පෙන්න පුලුවන්ද .

    ReplyDelete
  2. අනේ කූඹින්නේ
    තොපටත් රජෙක් ඉන්නේ
    අපට නැහැ ඉන්නේ
    ඒ නිසාවෙනි අප තැවෙන්නේ
    රජෙක් ලැබුානා්තින්
    කැවුම් තිරිබත් කන්නම්
    පෙරහැර පවත්තන්නම්
    සාදුකාරෙන් ගිගුම් දෙන්නම්

    1815 මාර්තු 2 වන දා වගන්ති 12ක ගිවිසුමකින් රදලයන් විසින් ඉංග්‍රීසින්ට මේ රාජ්‍ය්‍ය උරුම කර දුන්නේ එවකට සිටි වඩිග පාලකයාගේ නොපනත්තම් නිසා වුවත් සිය කැමැත්තෙන් නොවේ. උඩරට ගිවිසුමේ 1, 2 හා 4 යන වගන්ති නොබො දිනකින් සියලු දෙනා ඉදිරියේ කඩවිමත්, උඩරට පාලනය විකාර රූපි ළුීමත්, කෘසිකර්මාන්තය බිඳවැටීමත්, මේ සියලු දේ නිසා ජනතාව පීඩාවට පත්වීමත් එකමුතුකම, බැඳිම නැතිවිය. උඩරට ගිවිසුමේ වගන්ති ප්‍රකාරව රදළයන්ට නිසි තැන ලබා දිම, බුද්දාගම නගාස්ටුවිම, පන්සල් වෙහෙරවිහාර ප්‍රතිසංස්කරණය, දළදාමාළගාව තේවා පැවැත්විම, දළදා පෙරහැර පවැත්වීම, භික්ෂූන්ට ගෞරව කිරීම, ඉංග්‍රීසින් අතින් ගිලිහී ගියේය. මේ නිසා අගතියට පත් උඩරට ප්‍රභූවර්න් මොණරවිල කැප්පෙටිපොළ, බූටෑාව් රටේ රාළ ආදි අයගේ නායක්තවයෙන් 1818 දී ඵළමු නිදහස් සටන ආරම්භ විය. සටන ඌව, සබරගමුව දක්වා පැතිර ගියේය. එහෙත් ඉංග්‍රීසින්ට කත් අදින පාදඩ කළු සුද්දන් අද මෙන්ම එදාත් සිටි නිසාත්, මාර්ෂල් ලෝ යුධ නිතිය නිසාත් සටන් පරාජය විය. එහෙත් මොණරවිළ කැප්පෙටිපොල යනු ජාතියේ පිනට පහළ වූ සැබෑ වීරයෙකි. අද වැනි යුගයන්වල සිටින කාඩ්බෝඩි විරයන්ට වඩා තම ලේයින් මේ පොළව තෙත්කළ ඔහුන් සදා අනුස්මරණය කළ යුතුය.
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. //ඉංග්‍රීසින්ට මේ රාජ්‍ය්‍ය උරුම කර දුන්නේ එවකට සිටි වඩිග පාලකයාගේ නොපනත්තම් නිසා//

      මේක පිලිගන්න අමාරුයි... රාජසිංහගේ නමට යටින් තිබුන ඝාතන ලැයිස්තුවෙන් වැඩිමනකට වගකියන්න ඕන රාජසිංහ නෙමේ... ඒ ගැන ඉදිරියේදී ලියන්නම්...

      Delete
    2. මිතිල සහෝදරයා ඒ කථාව මම හිතන්නෙ මම දන්නවා. අනුන්ගෙ ගෑනුන්ට කෙළ හලන මිනිස්සු එදත් හිටියා අදත් ඉන්නවා. මොල්ලිගොඩ මහ අදිකාරම් තමයි රජුගේ කිට්ටුම හිතෛෂි වන්තයා වුණේ. ඔහු ඇහැලේපොළ කුමාරිහාමිට කෙළ හැලුවා. ඒක දැනගත්ත ඇහරැැලේපොළ ඔහු හා උරන උණා. ඒකෙ පලිය ගන්න රජතුමා ළවා ඔහුව සබරගමුවට යැව්වා. රජතුමා මේ වෙනකොට දැඩිලෙස සුරාවට පුරුදු වෙලා හිටියා. කිසි විටෙක ඔහු හිටියෙ සිහියෙන් නෙවේ. ඔහු ඇහැලේපොළව සබරගමුවට යැව්වෙ ඉංග්‍රීසින් සබරගමුවෙන් රජුට විරුද්ධව කැරැල්ලක් ආරම්භ කරනවා කියා දැනගත් නිසා එය මැඩපවත්වන්න. ඇහැලේපෛාළ ඒක කළා. ඔහු පණිවිඩයක් යැව්වා රජතුමාට ඒ බව කියලා. හැබැයි යවපු පණිවිඩය නෙවෙයි රජතුමා අතට ගියෙ. මොල්ලිගොඩ ඒක වෙනස්කරලා රජතුමාට කිවුවෙ ඇහැලේපොල සබරගමුවෙදි ඉංග්‍රින්ට එකතුවෙලා කියලා. ඒ වෙලාවෙ රජතුමා හිටියෙ මධුවිත පානය කර සිහි විකල්ලෙන්. ඒ වෙලාවේ මොල්ලිගොඩ රාජ නියෝගයක් නිකුත් කරන්න රජුගෙ අත්සන ගත්තා. සිහිවිකලෙන් හිටි රජතුමා එයට අත්සන් කළා. අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගත්ත මොල්ලිගොඩ ඇහැලේපොළ කුමාරිහාමි ඇතුළු පවුලේ උදවිය මරා දමා පලිය ගත්තා දේවල් එදත් උණා. අදත් වෙනවා. වෙනස ක්‍රමය හා අවස්ථාව විතරයි. ඉතිහාසය කියන්නෙ නැවත නැවත ඒදේ විවිධ දේ තුළින් සිදුවිම.
      විචාරක දියණිය

      Delete
  3. ඉතිහාසය මතක් කිරීම හොඳයි. මේ කතාව කුඩා කළ පෙළ පොතක තිබුණා මතකයි. පළමු වර බෙල්ල කැපුණේ නැති වුණහම 'බල, බෙල්ලේ මෙතැනට ගසව' කියා වදකයට කිවූ බව එහි තිබුණා .

    ReplyDelete
  4. ' නමුත් ඔහුගේ ගෙල එක පහරින් සිඳුනේ නැත. මෙසේ තිබිය දී කැප්පෙටිපොල තමා සිටි ඉරියව්වෙන්ම සිටීම අවට රැස්ව සිටි සැවොම පුදුම කරවන කරුණක් විය. දෙවෙනි වර ගෙලට එල්ල කල පහරින් හිස කඳෙන් වෙන් වූ අතර වධකයා එම හිස කැප්පෙටිපොළගේ පපුව මත තැබීය.'

    මේ ගැන සදහන් පිළිගත හැකි මුලාශ්‍ර මොනවද? මහාවංශය වගේ දේවල් නෙමෙයි. බ්‍රිතාන්‍ය නිලධාරීන්ගේ සටහන් තිබෙනවද?

    අනික තමයි මේ වගේ මිත්‍යා දෘෂ්ටික ආගමක් අදහන මියගිය කෙනෙක්ගේ දතක් වැදගෙන ඉන්නා වනචාරීන් විනාස කරලා අපිට ක්‍රිස්තියානි දහම ලබා දී සත්‍ය පෙන්වා දුන්නේ සුදු පාලකයන්. මිතිල උනත් අද සැබෑ දහම අදහන්නේ ඒ නිසානි.ඒක නෙමේද ඇත්ත.

    ReplyDelete
    Replies
    1. ඔතන මගේ උපුටනයට අදාල කොටස තියෙන්නේ මම මූලාශ්‍ර යටතේ ලියල තියෙන A General description of the Island and Its Inhabitants (Henry Marshall) කියන පොතේ... මෙයා තමා හිස්කබල එංගලන්තයට අරගෙන යන්නේ... මේ සිදුවීම ඇසින් දුටු කෙනෙක්...

      Delete
    2. කොහොමත් මම පෞද්ගලිකව මේ වගේ ඉංග්‍රීසීන්ගේ සටහන් වලින් ඉතිහාසය කියවන්න කැමතියි... මොකද එයාලට ලංකාව ගැන අමුතු කැක්කුමක් නැහැ... ඒ නිසා ඇත්ත ඇතිසැටියෙන්ම කියල තියෙනවා...

      Delete
    3. සුද්දො හිතන් ආවෙ අප්‍රිකාවෙ, ඉන්දියාවෙ වගේ මෙහෙත් තියෙන්නෙ මිත්‍ය දෘෂ්ඨියක් කියලා..අද උන්ගෙ උන්ම බුදුන් සරණ යනවා..

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. කැප්පෙටිපොල වීරෝත්තමයාගේ හිස් කබල මිහිදන් කරන්නට ඇත්තේ, එය හා සැසඳීමෙන් අද්‍යතන වීරයන්ගේ හිස් කබල් නිකම්ම නිකං කබල් එව්වා බව හෙළිදරව් වේය කියලා බයට වෙන්නැති.

    ReplyDelete