Sunday, May 3, 2020

නිර්මාපකයාට මරණය ගෙනදුන් පත්තිරිප්පුව

නුවර දළදා මාලිගාව වෙත යන ඕනෑම අයෙකුට විශේෂයෙන් ඇස ගැටෙන ස්ථානයකි පත්තිරිප්පුව. මෙය නිර්මාණය කළේ කීර්ති ශ්‍රී රාජසිංහ, රාජාධි රාජසිංහ හා ශ්‍රී වික්‍රම රාජසිංහ යන රජවරුන් යටතේ සේවය කළ අති දක්ෂ ඉංජිනේරුවෙක් වූ දේවේන්ද්‍ර මූලාචාරී විසිනි. පත්තිරිප්පුව සඳහා නම ලැබී ඇත්තේ පාර්තු (බලනවා) + ඉරිප්පු (ඉඳගෙන) යන දෙමළ වදන් වලිනි. රජතුමාගේ පෞද්ගලික අවශ්‍යතා සදහා දෙහිගම දියවඩන නිළමේගේ අදහසකට අනුව අෂ්ටාස්‍රාකාරව පත්තිරිප්පුව සාදා ඇත.

මෙය සාදා ඇත්තේ පෙර දී එතැන තිබූ රාජකීය මුළුතැන්ගෙය කඩා දමා ය. මෙහි වහලය නිම වීමට තිබුනේ කේතු ආකාරයට යි. නමුත් දැව කණු විවිධ මිමිවලට කපා දැමීම හේතුවෙන් වහලය ආනත දෙකකට සෑදී වහලය කෙටි වන්නට විය. මේ සඳහා අවශ්‍ය නා, හල්මිල්ල හා තේක්ක වැනි දැව ගෙනත් තිබෙන්නේ මාතලේ නාවුල ප්‍රදේශයෙන්.

රජතුමාට මහජනයා ඉදිරියේ පෙනී සිටිමින් දළදා පෙරහැර නැරඹීමට, රජතුමාගේ විවේකාගාරය ලෙස, මහමළුවේ පවත්වන මල්ලව පොර හා කඩු සටන් ආදී තරඟ නැරඹීමට, මහමළුවේ එකතු වන ජනතාවට රජතුමාව බැහැ දැකීමට අවස්ථාව ලබා දීම ආදී නොයෙක් හේතු කාරණා මත පත්තිරිප්පුව නිර්මාණය විය. මේ නිසා මෙම නිර්මාණය දළදා මාළිගාවේ කොටසක් නොවන බවට ද මතයක් පවතියි. මෙය 1812 වසර වන විට නිමවා අවසන් කරන ලදි.

දේවේන්ද්‍ර මූලාචාරී පත්තිරිප්පුව පමණක් නොව මඟුල් මඩුව, මහනුවර වැව, ජය තිලක මණ්ඩපය, දිය අගල ආදී නිර්මාණ රැසක් කළ නිර්මාපකයෙකි. මේ නිසා ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් ශිල්පියෙකුට ලබා දිය හැකි උසස්ම ගෞරවය වන රජුගේ නළල් පටිය දේවේන්ද්‍ර මූලාචාරී හට ලබා දී තිබේ. ඇතැම් ජනකතා වල ඔහුගේ මරණයට පත්තිරිප්පුව සම්බන්ද බව පවසයි. දිනක් නුවර වැසියන්ට දේවේන්ද්‍ර මූලාචාරී නුවර වැවේ ගිලී මැරී සිටිනු දකියි. සමහර ජනකතා වල කියැවෙන ආකාරයට දේවේන්ද්‍ර මූලාචාරීව මැරුවේ රජතුමායි. ඒ තවත් එවන් නිර්මාණ වෙන අයෙක් සදහා කරාවි යැයි තිබූ බිය නිසයි.

තවත් කතාවක තිබෙන්නේ දේවේන්ද්‍ර මූලාචාරී තමන්ගේ නිර්මාණ සදහා රජුගෙන් වරප්‍රසාද ලබා ගැනීමට සැරසෙන බව සිතූ ඇතැම් ඇමතිවරු පත්තිරිප්පුවේ කණු විවිධ මිමි වලට කැපීම ගැන රජුට කේලම් කීවා යැයි ඔහුට දැනගන්නට ලැබෙයි. එම වරද නිසා රජු තමන්ගේ ඇඟිලි කැපීමට නියෝගයක් ලබා දුන් බව දැනගෙන ආත්ම ගරුත්වය අන් කවර දේකටත් වැඩි යැයි සිතා තමන්ම නිර්මාණය කළ මහනුවර වැවට පැන සියදිවි නසාගත් බවත් පවසයි.

යටත් විජිත සමයේ දී පත්තිරිප්පුව මහනුවර කච්චේරිය ලෙස ද භාවිතා කොට ඇත. රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා විසින් මෙය කාර්යාලයක් ලෙස භාවිතා කර ඇති අතර පසුකාලීනව සිරමැදිරියක් ලෙස ද භාවිතා විය. පත්තිරිප්පුව පුස්තකාලයක් ලෙසත් භාවිතා වූ අතර 1966 දී මෙය තඹ සන්නසක් මගින් ලංකා රජයට භාර දෙන ලදි.

පසුව පත්තිරිප්පුව හා එහි පුස්තකාලය ලෙස භාවිතා වූ කොටස නඩත්තු කටයුතු සඳහා විශේෂ කමිටුවකට භාර දී තිබේ. මෙම කමිටුව විසින් පත්තිරිප්පුවේ අයිතිය මල්වතු පාර්ෂවයට ලබා දී ඇති අතර එකල එහි කිසිදු තේවා කටයුත්තකට අස්ගිරි පාර්ෂවය සහභාගී වී නැත.

1989 දී එම කමිටුවේ අවසන් සාමාජිකයා වූ මල්වතු පාර්ෂවයේ සිරිමල්වත්තේ ආනන්ද නායක හිමියන් අපවත් වූ පසු හිටපු දියවඩන නිලමේ පත්තිරිප්පුව සහ එහි වූ පුස්තකාලයට අගුළු දමා සීල් කර කිසිවෙකුට ඇතුල් වීම තහනම් කර බෞද්ධ කොමසාරිස්වරයා ඇතුලු රාජ්‍ය නිළදාරීන්ට දන්වා පත්තිරිප්පුවේ තේවාවන් සදහා හිමිනමක් වැඩම කරවාගෙන ඇත. එදා පටන් දළදා මාළිගාවේ තේවාව භාර පාර්ෂවය පත්තිරිප්පුවේ තේවා කටයුතු සිදු කරයි.  

මූලාශ්‍ර:

  • මහනුවර යුගයේ අප්‍රකට විත්ති - චාමිකර පිළපිටිය
  • උඩරට රාජධානියේ සැඟවුණු විරු චරිත - තිස්ස මාලගමුව
  • දිවයින, ලංකාදීප පුවත්පත්

ප.ලි. දේවේන්ද්‍ර මූලාචාරී පිලිබඳව ලිපියක් ඉදිරියේ දී….

දළදා මාළිගාව 1929 දී (periodpaper.com)


17 comments:

  1. මේක හදලා තියෙන්නේ ඒ කාලේ රජතුමාගේ අග බිසව ඔසප් උනාම ඒ දවස් වලට ඉන්න. මේ ගැන බ්‍රිතාන්‍ය සිවිල් නිලධාරියෙක් වූ කපිතාන් ප්‍රයිම් සොලමන්ඩර්ගේ 'දි අග්ලි අයිලන්ඩ් ඔප් සදර්න් ඉන්දියා' නමැති ග්‍රන්ථයේ සදහන් කර තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. දැන්නම් කාන්තාවන්ට යන්න දෙන්නෙත් නෑලු නේද ? ප්‍රේමදාස ජනාධිපති ඒ විධිහට මැරුණෙ ආර්‍යාවව පත්තිරිප්පුවට නග්ගපු සාපෙ නිසා කියලා ඒ වෙව්නුවෙන් පෙනී සිටින අය කියනවා...

      Delete
    2. @ඇනෝ

      බොරු දේවල් ඇත්ත වගේ කියන්න එපා අයියෝ... 😊

      Delete
  2. අපට හොද කෑම ගන්න සල්ලි නැති නිසා වෙනින් උදවිය රස කෑම කන අයුරු වීඩියෝ ඔස්සේ බලමු. එම උදවිය විවිද රටවල ඉහල පෙලේ රසවත් පීසා වැනි ආහාර ගනිමින් කෝකාකෝලා බොමින් ප්‍රීති වෙන අයුරු බලමින් අපි සම්බෝල එක්ක බත් කමු. එම උදවිය ගන්නා ආහාර කොතරම් රසවත් ඇතිදැයි කියා සිතින් මවා ගමු.
    රට රට වල ඇවිදින්න සල්ලි මුදල් නැති නිසා සල්ලි ඇති උදවිය රට රට වල ඇවිදින අයුරු බලා එම රටවල් එසේ වෙන්නට ඇති කියා සිතමු.
    චිත්‍රපට ඔස්සේ වෙන මිනිසුන් රස කෑම කන අයුරු, ප්‍රීති වෙන අයුරු නරඹමු.
    අපිට හොද ලස්සන කෑල්ලක් එක්ක හුකන්න සල්ලි නැති නිසා වෙනින් උදවිය ලස්සන කෑලි එක්ක සතුටින් හුකන අයුරු බලා විනෝද වෙමු.
    අපට හොද හෝටල් වල නැවතී නිවාඩු ගෙවන්න සල්ලි නැති නිසා අනික් අය ඒවායේ ගොස් දමනා වීඩියෝ බලමු.
    විදේස රටවල ධනවතුන් සැප සම්පත් සහිත ගෙවල් වාහන නැව් ගුවන් යානා ආදිය තියාගෙන සැප විදිනා අයුරු බලමු.
    අනික් අය එසේ ජීවිතය ගෙවනා ආකාරය බලා අපි ඒවා අපේ හිතේ මවගෙන එම ලෝකේ ජිවත් වෙමු.

    ReplyDelete
  3. පත්තිරිප්පුව පිලිබඳ ඉතා වැදගත් නොදන්න කරුණු රාහියක් ලබාදුන්නා ඔබට ස්තූතියි. ඉතිහාසය වගේ විෂයක් ඉගෙන ගන්න හැමෝටම බෑ. හැමෝටම රසවිඳින්නත් බෑ. මං ඉතිහාසය විෂයට කුඩාකල සිට ආසයි. මගේ පියාත් භූගෝලය, සිංහල ,ඉතිහාසය හොඳින් ඇසුරු කරපු කෙනෙක්. එතුමා පුJවන් විදියට මටත් ඒ දැනුම දුන්නා. අවසානේ මගේ උසස් අධ්‍යාපනයේ ප්‍රධාන විසය වුණේ ඉතිහාසය හා පුරාවිදයාවයි. ඔබ සඳහන් කරන පරිදි පත්තිරප්පුවේ නිර්මාපකයා රජු මරාදැම්මේ යැයි සඳහන් පුවත බැහැර කරන්නත් අමාරුයි. මොකද ඔබ දන්නවා ටජ් මහල් සෑදු පසු සාජහන් රජතුමා එහි නිර්මාපකයා අන්ධ කළා එමනිසා මෙයත් ඒ හා සමානදෙයක් වෙන්න පුළුවන් .
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. මම බ්ලොග් එක පටන් ගත්තුම දවස් වල ඉදන් මට ලියන්න උනන්දු කරා විචා...මම ඔහේ ලියනකොට ව්‍යාකරණත් එක්ක ලියන්න කිව්වා... එදා ඉදන් ලියන විදිහත් මම වෙනස් කරා...

      Delete
  4. ඔහුගෙන් පැවත එන්නන් හුඟක් ඉන්නව. ඒඅයගෙන් අධ්‍යාපඥයින් සිවිල් සේවකයින් වෙන ඩී. ටී. දේවෙන්ද්‍ර තිස්ස දේවේන්ද්‍ර, හා කමාන්ඩර් සෝමසිරි දේවේන්ද්‍ර ඉතිහාසයට සම්බන්ධ දේවල් ලියල තියනව

    ReplyDelete
    Replies
    1. ඔව් එයාගෙ එයාගෙ පරම්පරාවෙන් හා ශිෂ්‍ය පරම්පරාවන් පැවත එන අය තවම ඉන්නවා...

      Delete
    2. ස්තූතියි තොරතුරු වලට ප්‍රා.ජේ.

      Delete
    3. දේවේන්ද්‍ර මුලාචාරී දකුණේ කෙනෙක්ද?

      Delete
    4. ඔහුගේ පරපුර උඩරටට ආපු විදිහ හොයාගන්න පුලුවන්. මම කිව්වෙ දේවෙන්ද්‍ර පවුලේ මන් දන්න සමහරුන්ගෙන් අහල තියන දේවල්.
      ඔහුගේ community එකේ එක් කොටසක් රාජ උදහසින් බේරීමට උඩරටින් දකුණට පලා ගියයි කියන කතාවක් තියනව.
      ඩී.ටී. දේවේන්ද්‍ර ඉපදුනේ කැලේගන (ගාල්ල බද්දෙගම පාරෙ)

      Delete
  5. සාඩිනීයාවේ මයිසූර්වරු ඉවරයි

    දැන් තියෙන්නේ පැල්වත්තේ උක් බයියාවරු

    ReplyDelete
  6. ඉතාමත් වටිනා පොස්ටුවක්.
    මේ වගේ ඉතිහාසයකින්; ආත්ම ගෞරවය-ආත්මාභිනය ජීවිතයටත් වඩා උතුම් කොට සැලකූ අපේ මුතුන්-මිත්තන්ගේ ජීවන විත්තිවලින් දැනෙන්නේ අද එහෙම අය කොච්චර හිඟද කියන එකයි. සිරිලකට දේවේන්ද්‍ර මූලාචාරී, හසලක වීරයා වගේ අය තව බිහිවේවා!

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. ලංකාවෙ ඉස්සර නව දැනුම කියන්නෙ සාපරාධි වරදක් තමා නේද ? නව නිර්මාණයක් කළොත් ඌ ඉවරයි.. අදටත් තත්ත්වෙ වෙනසක් නෑ.. කායිකව නොමැරුවට මානසිකව මරලා ඌට රටේ ඉන්න එකත් එපා කරවනවා..

    ReplyDelete
    Replies
    1. නව නිර්මාණ වලට හරිහැටි තැනක් නැති එකනන් ලොකු අඩුවක්...

      Delete