Friday, February 5, 2016

Renault

ප්‍රංශයේ නිෂ්පාදිත රේනෝ Renault වාහන වලට අපි කිව්වේ ‘රෙනෝල්ට්’ කියලයි. මේ වාහන වර්ගයේ නව මෝස්‌තර 1980 දශකයේදී පවා ලංකාවට ආවා. නමුත් මා මෙහි පෙන්වන්නේ 1950 – 60 කාලයේදී අපි දුටු, රේනෝ ඩව්ෆින් Renault Dauphine (අපි කිව්වේ රෙනෝල්ට් ඩෝපින් කියලා)
renault4
Renault Dauphine
   1980 දශකයේ ආව රේනෝ 4 නමැති කාර් (පෙනෙන්නේ වෑන් එකක් වගේ) මෝස්තරයේ ගියර් දැමිල්ල හිනායන වැඩක්. හරියට කුඩ මිටක් වගේ තමයි ගියර් පොල්ල තිබුණේ. ඒක පස්සට ඇදලා අදාළ ගියරයට අනුව වමට හෝ දකුණට කරකවලා ආපසු දැමීම තමයි කරන්න තිබුණේ. හරි අමාරුවෙන් පින්තූරයක් හොයාගත්තා ඒ විකට ගියර් දැමිල්ල පෙන්වන.
OLYMPUS DIGITAL CAMERA

Fiat

අපි මීළඟට බලමු ෆියට් වාහන ගැන. ඉතාලියේ නිෂ්පාදිත ෆියට් වාහන ලංකාවේ අතිශයින් ජනප්‍රිය වී තිබුණා. ඒ අතින් වඩාත් ජනප්‍රිය මෝස්තරයක් වුණේ සාමාන්‍ය ව්‍යවහාරයේදී බග් ෆියට් Bug Fiat යනුවෙන් හැඳින්වුන මෝස්තරයයි. මා මෙහි දක්වන්නේ, 1960 දශකයේදී දකින්නට ලැබුණු මෝස්‌තර පමණයි. මේ වාහන වලත් අර ෆොක්ස්වැගන් වාහන වල වගේ එන්ජිම තිබුණේ පිටිපස්සේ. ෆියට් 1100 නමැති මෝස්තරයේ එන්ජිම තිබුණේ ඉදිරි පස.
5-FIAT
cars_other_1968-fiat-500_81181
MHV_Steyr-Fiat_600_01
01432Kraków
fiat-1100-10
   ඔබ දන්නවා ඇති බ්‍රිතාන්‍යයේ ඩයනා කුමරියගේ මරණය සිදුවුණේ වාහන අනතුරකින් බව. එදා ඩයනා කුමරිය ගමන්ගත් වාහනය සමග ෆියට් වර්ගයේ වාහනයක් ගැටුන බව වාර්තා වුණා. ඒ ෆියට් යූනෝ (ඌනෝ?) වර්ගයේ සුදු පැහැති වාහනයක් බව කියවුණත්, ඒ වාහනය සොයාගැනීමට නොහැකිවුන බවත් වාර්තාවුනා. මේ පහත දක්වන්නේ ඒ වර්ගයේ වාහනයක්. මේ මෝස්තරය ලංකාවේ තවමත් එකක් දෙකක්වත් ඇති.
DCF 1.0

Peugeot

පර්ජෝ Peugeot (මෙය Google translation එකේදී කියවුනේ ‘පජියෝ’ යනුවෙන්) ප්‍රංශයේ නිෂ්පාදනයක් වන මේ වාහන වර්ගයට දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. බොහොම අභිමානවත් හා ශක්තිමත් වාහනයක් ලෙස මේ වාහන වර්ගය ප්‍රසිද්ධයි. මුලින්ම බලන්න පර්ජෝ ලාංඡනය කාලීනව වෙනස්වී ඇති ආකාරය.
cbleoag-15
   පර්ජෝ වාහන වල මට මතක තිබෙන පැරණිම මෝස්තරය වුණේ පර්ජෝ 203 මොස්තරයයි. පර්ජෝ වාහනන ඒ කාලයේ සිටම ලංකාවේ පොලිස් සේවය හා සම්බන්ධයි. මට මතකයි මේ 203 මෝස්තරය සහකාර පොලිස් අධිකාරි වරුන්ගේ නිළ රථය වශයෙන් ලබාදී තිබුන බව. 
  පර්ජෝ වාහන වල මෝස්‌තර අංකය එක්තරා රටාවකට අනුවයි සකසා තිබුණේ. ඒ රටාව අද දක්වා විකාශනය වී තිබෙනේ මේ පහත දැක්වෙන ආකාරයටයි.
104, 106, 107, 108 (නමුත් මුලින්ම හැදුවේ මේ මෝස්‌තර නෙවෙයි 201 සිට ඉදිරියට ඇති මෝස්‌තර) 
මේ රටාව අනුව යමින් ; 201, 202, 203, 204, 205, 206, 207 208
ඊළඟට; 301 සිට 309 දක්වා, සහ 401 සිට 408 දක්වා,
ඉන්පසු; 504, 505, 508
නැවත; 601,604,605, 607
අටසීය කාණ්ඩයේදී; 806 සහ 807
ඉන්පසු; 905, 907, 908
අවසාන වශයෙන්; 1007, 2008, 3008, 4007, 4008, 5008
   මේ සෑම මෝස්‌තර අංකයක්ම පින්තූර වලින් මෙහි දැක්වීමට මා අදහස් කරන්නේ නැහැ. ඒ කාලයේ ජනප්‍රිය වී තිබුණු මෝස්‌තර කීපයක් පහත දක්වනවා. මතකතබාගන්න මේ පහත මා දක්වන සෑම මොස්තරයක්ම පාහේ පොලීසියේ උසස් නිළධාරීන්ගේ නිළ වාහන ලෙස යොදාගැණුනා. 

peugeot-203

peugeot-403-04

peugeot-404-algerie-peugeot-404-algerie-big

peugeot-504-05

peugeot-304-coupe-05
peugeot-104-s-02

මිහිමත අභිරහසක්: ඔරගන් සලාව

නොවිසඳුණු අබිරහස්- ඔරගන් සලාව






මිහිමත ඇති මහා අබිරහසක් වූ ඔරෙගන් සළාව Oregon Vortex නොවිසඳුණු අබිරහස්

මේ ස්ථානයට ගිය සැණෙන් ඔබට එහි කිසියම් අමුත්තක් දැනේවි. ස්වාභව ධර්මයෙහි යම් විකෘතියක් ඇති බව දැනේවි. ඔබ ගියේ අසකු පිටින් නම් නිසැකව ම අශ්වයා ඉදිරියට නොගොස් නතර වේවි. ඔබ බලෙන් ඌ ගෙන යන්න හැදුවොත් එය මග හැර යන්න ඌ වලිකාවි. හදිසියේ ම ඊට ඉහළින් පියාඹා යන්න ආ කුරුල්ලන් එකවර ම හැරී වෙන අතකට යනවා පෙනේවි. ගස් පවා ඔබට පෙන්වා දේවි ගැළවී යන්න බැරි බලපෑමකට ඔවුන් නතු වී ඇති බව. එතැන කවාකාර ප‍්‍රදේශයක් පුරා ගුරුත්වාකර්ෂණයේ විකෘති වීමක් ඇති බව ඔබට පෙනී යාවි. ගස්වල අතු පහතට එල්ලා හැළෙනවා. ගස් චුම්බක උතුර දෙසට ඇල වී තියෙනවා. ඒ අවට ඇති ගස් කෙළින් ම උඩු අතට විහිදිලා.


මෙතැන ලෝක ප‍්‍රකටව ඇත්තේ 'ඔරෙගන් සළාව' Oregon Vortex කියායි. ('සළාව' කියන්නේ සුළියක් වැන්නකටයි) එය පිහිටා ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ ඔරෙගන් ප‍්‍රාන්තයේ ග‍්‍රන්ට්ස් පාස්හී සිට සැතැපුම් 30ක් පමණ ඈතින් (සාර්ඩින් ක්‍රීක්). මේක ඇමරිකාවේ ඇති හරිම ප‍්‍රසිද්ධ තැනක්. ඒත් මෙතැන මෙහෙම වෙන්නේ ඇයි ද යන්න තවමත් නොවිසඳුණු අබිරහසක්.


මේ සළාව ආසන්න වශයෙන් අඩි 165ක විශ්කම්භයක් ඇති තැනක්. දළ වශයෙන් වටකුරු හැඩයෙන් යුක්තයි. මෙය සංචාරක ආකර්ෂණයක් ලෙස 1930 සිට එහි යන එන්නන් මවිතයට පත් කරවනවා. මෙහි ඇති උපකරණවල මැනීම් අනුව දින 90කට වරක් මෙහි හැඩය හා ප‍්‍රමාණය මඳක් වෙනස් වෙනවා. මේ කවය ඇතුළේ දැන් ඇති පැරණි ලී මඩුව කලින් තිබුණේ කවයෙන් පිට කන්ද උඩට වෙන්නයි. අද එය තියෙන්නේ අඩි 40ක් විතර කවය ඇතුළට වෙන්නයි. මේ මඩුවේ එල්ලා තියෙන රාත්තල් 28ක් බර යගුලිය කෙළින් ම පහළට එල්ලෙන්නෙ නෑ. එහි මඳ ඇලවීමක් තියෙනවා. මේ කවය ඇතුළට, මැද දෙසට, පහසුවෙන් ම ගියත් කවයෙන් පිටට යාම ආයාසයක් ගෙන කරන්න ඕනෑ දෙයක්.


ස්කොට් ජාතික විද්‍යාඥ ජෝන් ලිස්ටර් 1913 දී මේ ස්ථානයේ පරීක්ෂණ 14,000ක් කර අවසානයේ දී නිගමනය කළේ මේ සළාව යෝධ වර්තන කාචයක් ලෙස කි‍්‍රයා කරන බවයි. ඔහු කියන්නේ මේ කවය තුළ දී ආලෝක ධාරාව කවාකාර හෝ සළාකාරව හෝ විහිදෙන නිසා මෙහි දී සිදුවන දේ අපට පෙනෙන්නේ දෘෂ්‍ය මායාවක් ලෙස බවයි. එහෙත් මෙහි දැනට සේවය කරන මග පෙන්වන්නන් ඒ අදහසට එකඟ වෙන්නේ නැහැ.
ඔවුන් කියන්නේ ඔබේ කැමරාව පාවිච්චි කර මෙහි ඇත්තේ දෘෂ්‍ය මායාවක් නොවන බව ඔබට ම ඔප්පු කළ හැකි බවයි. එක් කෙළවරක සිට අනෙක් කෙළවරේ ඉන්නා අයකු ඡායාරූපයට නඟන්න. ඊළඟට ඒ ස්ථාන මාරු කරගෙන මුලින් සිටි දුර ම තබා ගෙන ඔහුගේ තව ඡායාරූපයක් ගන්න. ඒ රූප දෙකෙහි උස හා උරසෙහි පළල සන්සන්දනය කරන විට ඔබට පෙනේවි, ඒ අය දකුණු කෙළවරේ ඉඳිද්දී ගත් පින්තූරයේ දී ඔහුගේ උස හා උරහිසෙහි පළල අනෙක් කෙළවරෙදී ගත් පින්තූරයට වඩා වැඩි වී ඇති බව. මෙහි දී සිදු වන්නේ දෘෂ්‍ය මායාවක් නම්, කායික වෙනසක් නොවේ නම්, ඡායාරූපවල මෙසේ වෙනසක් ඇති වෙන්න විදියක් නැහැ කියලයි, ඔවුන් කියන්නේ.

මෙහි තනා තියෙනවා, පටු ලී වේදිකාවක්. එහි දෙකෙළවර ලී රිටි දෙකක් සවිකරල තියෙනවා. ඒ රිටි දෙක සමාන උසක් ඇති ඒවා යයි මග පෙන්වන්නා කීවත් අපට පෙනෙන්නේ දකුණේ ඇති රිට උතුරේ ඇති රිටට වඩා අඟල් කීපයක් උසින් වැඩි බවයි. මෙහිදී මග පෙන්වන්නා ලෝහ දණ්ඩක් ගෙන ඒවා මැන පෙන්වනවා.
ඊළඟට මග පෙන්වන්නා කියනවා, අමුත්තන් දෙදෙනකුට වේදිකාවට නගින ලෙසට. වේදිකාවේ දෙකෙළවර මුහුණට මුහුණලා සිට ඊළඟට පැති මාරු කර ගන්නා ලෙස කියනවා. මෙසේ යද්දී යන පැත්තට අනුව ඔවුන්ගේ උස අඩු හෝ වැඩි හෝ වන බව එහි යන ඔබට දැක ගන්න පුළුවන්.


ඊළඟට අඩි 5යි අඟල් 8ක් උස අමුත්තකු පැමිණ සිටි පිරිසට මුහුණලා වේදිකාව මැද සිටවනවා. එහි ඉන්නා මගපෙන්වන්නාගේ උස අඩි 5යි අඟල් 10යයි. උසින් වැඩි මගපෙන්වන්නා අමුත්තාගේ වම් පැත්තේ වේදිකා කෙළවරේ (උතුරු කෙළවරේ) සිටින විට ඔවුන් දෙදෙනාගේම උරහිස් එක උසින් ඇති බව අපට පෙනෙනවා. ඊළඟට මග පෙන්වන්නා අමුත්තාගෙන් අනෙක් පැත්තට (දකුණු කෙළවරට) යනවා. අමුත්තා සිටි තැනම සිටිනවා. මෙහි දී මග පෙන්වන්නාගේ උසින් වැඩි බව අමුත්තා අසලින් යන විට පැහැදිලිව පෙනෙනවා.

මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් පවා මේ ගැන මතයක් පළ කරල තියෙනවා. එතුමා සිතන්නේ මේ සංසිද්ධියෙහි දෘශ්‍ය මායාවකට එහා ගිය අපේ ඇඟට දැනෙන දෙයක් තියෙනව කියලයි. ඊට හේතුව දිනපතා කීප වතාවක් ම අඟල් 19ක් තරම් ප‍්‍රමාණයක් දක්වා හැකිළීමක් හෝ ප‍්‍රසාරණය වීමක් හො මේ සළාවෙහි සිදු වන නිසයි. අයින්ස්ටයින් සිතන්නේ මේ බිම තුළ ඇවිද යන විට අයකුගේ සිරුරේ අණුක ව්‍යුහයේ විස්තාරණය වීමක් හෝ හැකිළීමක් හෝ සිදුවන බවයි.

මේ විද්‍යාඥයන් දෙදෙනාගේම පැහැදිලි කිරීම්වලින් මෙහි ඇති අබිරහස මුලූමනින් ම හෙළිදරවු වුණේ නැහැ. මේ සළාව තුළ සිටින අයකුට ඍජුව සිට ගැනීමට නොහැකි බව, හැම විට ම අංශක 7ක් උතුර දෙසට නැඹුරුව සිට ගැනීමට සිදු වීමට හේතුවවත්, කැමරාවල ආලෝක මානයන් මේ සාළාව තුළ දී වැඩි අඳුරක් පෙන්වීමට හේතුවවත් ඔවුන්ගේ න්‍යායික මතවලින් පැහැදිලි වුණේ නැහැ.

මෙය මේ මිහිමත ඇති වඩාත් අද්භූත තැනක්, ඒ වගේ ම තාමත් නොවිසඳුණු අබිරහසක් රැඳුණු තැනක් හැටියටයි සැලකෙන්නේ. පුලූවන්කමක් ලැබුණොත් ගිහින් බලන්න වටින තැනක්.



Read more: http://athirasanews.blogspot.com/2012/04/blog-post.html#ixzz3zGwZgb9P

සීගිරි මහත්තයා

ලෝකයේ දැනුම රැගෙනවිත්
සිගිරි ලඳුන් සුවපත් කළ 'සිගිරි මහත්තයා'


ලුසියානේ මරාන්සි මෙතරම් ආදරණීය ලෙස අපේ මිනිසුන්ගේ ජීවිතවලට බද්ධ වන්නේ රටේ මුළු ජන සමාජයම කම්පා කරමින් එක්‌තරා නරුමයෙක්‌ සිදු කළ උරුම සංහාරයක්‌ මුල් කර ගනිමිනි. ඒ කාලකණ්‌ණි සිදුවීම වන්නේ වර්ෂ 1967 ඔක්‌තෝබර් මස 14 වැනිදාය. එදින රාත්‍රියේ එක්‌තරා මනෝ විකෘතික නරුමයන් පිරිසක්‌ සීගිරියේ චිත්‍ර සිතුවම් කළ මණ්‌ඩෝදක කුටි පරිශ්‍රයට ඇතුළු වන්නේය. සීගිරි පව්වේ කැටපත් පවුරට අඩි 44 ක්‌ ඉහළින් බටහිර පෙදෙසේ පිහිටි මහා නැම්මක්‌ නිසා බිහිව තිබුණු අඩි 60ක්‌ පමණ දිග මේ ලෙන් පරිශ්‍රයේ ඒ සහ බී ලෙස නම්කර තිබූ ලෙන් කුටි දෙකෙහි ආරක්‌ෂිතව ඉතිරි වූ සිතුවම් 19 න් සිතුවම් 17 ක කොළ පැහැති තීන්ත වර්ගයක්‌ තවරා මුළුමනින්ම විකෘති කරන්නේය. මෙසේ විකෘති කළ සිතුවම් දෙකකින් එකක හිස කොටස සූරා දමන්නේය. තවත් සිතුවමක ඉඟෙන් උඩ කොටස උල් ආයුධයකින් ඇන විනාශ කරන්නේය. මේ සිතුවම් දෙක සංරක්‌ෂණය කළ නොහැකි තරමේ විනාශයකට ලක්‌වන්නේය.

සීගිරි කුරුටු ගී වල සඳහන් ආකාරයට කාශ්‍යපයන් විසින් ක්‍රිස්‌තු වර්ෂ 477 ට ආසන්න කාලයේදී සීගිරිය විචිත්‍රවත් කරමින් කරවූ සිතුවම් ප්‍රමාණය පන්සිය එකොළහකි. වර්ෂ 1967 වන විට ඉන් ඉතිරිව පැවතියේ චිත්‍ර විසි දෙකක්‌ පමණය. අපේ චිරන්තන මහා චිත්‍ර කලා සම්ප්‍රදායේ ප්‍රෙෘඪත්වය ගැන ලෝකයට කිව හැකි උත්තුංග උරුම සම්පත වූයේ මේ සිතුවම් 22 ය. එදා ඒ අර්ධ මනුෂ්‍යයන් විසින් ඉන් සිතුවම් 19ක්‌ වනසා දමා තිබිණි.

මේ සිදුවීමෙන් රටම කැළඹී ගියේය. පුවත්පත් සැරසුණේ මේ අපරාධය පිළිබඳ වූ වාර්තා වලිනි. එකම විද්යුත් මාධ්‍යය වූ ගුවන්විදුලිය සීගිරි සිතුවම්වලට කළ අපරාධය ප්‍රචාරය කළේය.

එවකට මෙරට පාලනය කරනු ලැබුවේ ඩඩ්ලි සේනානායක අගමැතිවරයාය. සංස්‌කෘතික ඇමැතිවරයා වූයේ අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ලය. මේ සිදු වීම =වන විට පුරාවිද්‍යා කොමසාරිස්‌වරයාව සිටියේ ආචාර්ය චාල්ස්‌ ගොඩකුඹුරය. විනාශය පිළිබඳ දැනගත් වහාම එය විමසා බැලීමට ඔහු විසින් පවරනු ලබන්නේ ආචාර්ය රාජා ද සිල්වා වෙතය. මේ ක්‍රියාවලි අතරතුරම උක්‌ත සිදු වීම මුල්කරගෙන පුරාවිද්‍යා කොමසාරිස්‌ ආචාර්ය චාල්ස්‌ ගොඩකුඹුර සිය ධුරයෙන් ඉල්ලා අස්‌වූයේය.

යතුරකින් දොර හැර කළ සිතුවම් විනාශය

ආචාර්ය රාජා ද සිල්වා විසින් තබන ලද මේ උරුම සංහාරය පිළිබඳ සටහන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලබන 1967-68 වාර්ෂික පාලන වාර්තාවේ සඳහන් වන්නේ මෙසේය.

කලබල වූ ඕවර්සියර් කෙනෙකුන් විසින් හරියට තේරුම්ගත නුහුණු ටැලිෙෆාaන් පණිවිඩයක්‌ අනුව සීගිරියේ බිතුසිතුවම් ගුහා තුළ ඇති චිත්‍රයන් මත පසුගිය රාත්‍රියේදී කොළපාට ලියන තීන්තයක්‌ කවුදෝ විනාශකාරීන් විසින් ඉසිනු ලදැයි වැටහී ගියෙන් සීගිරියට වහා ගොස්‌ එම තීන්ත අස්‌ කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස 1967 ඔක්‌තෝබර් මස 15 වැනිදා උදේ එවකට පුරාවිද්‍යා කොමසාරිස්‌වරයා විසින් මට දන්වන ලදී.

ලියන තීන්ත අස්‌ කිරීම සඳහා විශාල ප්‍රමාණයක්‌ රසායන ද්‍රව්‍යයන් ද රැගෙන මගේ නැහැවීමේ කණ්‌ඩායමත් කැටුව එදා සවස සීගිරියට ළඟා වුණෙමි. මේ වන විට ඒ පළාතට වර්ෂා කාලය එළඹ තිබුණෝය. එහි ගිය අපට දැනගන්නට ලැබුණු අන්දමට එම මිල කළ නොහෙන බිතුසිතුවම් මත තවරා තිබුණේ ලියන තීන්ත නොව, දැන් කාලයේ ජනෙල් දොරවල යෙදීමට ගන්නා වර්ගයක කොළපාට තීන්තයකි. පෙරදින පරීක්‌ෂණයන්ට තදනන්තරව පොලිසිය විසින් බිතුසිතුවම් ගුහාවේ දොරට අලුත් ඉබ්බෙක්‌ යොදා තිබුණෙන් පසුදින උදයේ පොලිසියත් සමග චිත්‍ර පරීක්‌ෂා කරන ලදී.

පොලිසියේ අදහස වූයේ විනාශකාරීන් අගුළු ලා තිබුණු දොරවල් දෙකකට උඩින් පැන බිතුසිතුවම් ගුහාවේ අවසාන දොර යතුරකින් අරින ලද බවය.

(පුරාවිද්‍යා කොමසාරිස්‌ගේ පාලන වාර්තාව 1967-68 ආචාර්ය ආර්.එච්. ද සිල්වා. පි 23)

ICCROM මැදිහත් වීම එවකට අධ්‍යාපන හා සංස්‌කෘතික කටයුතු අමාත්‍යතුමාගේ ස්‌ථිර ලේකම්වරයා ලෙස කටයුතු කළේ ඇම්. ඡේ. පෙරේරාය. ඔහු විසින් මේ විනාශකාරී ක්‍රියාව පරීක්‌ෂා කර සිය අමාත්‍යවරයාට වාර්තාවක්‌ සැපයුවේය. අමාත්‍ය ඊරියගොල්ලයන්ගේ නිර්දේශය වූයේ බිතුසිතුවම් තහවුරු කිරීම පිළිබඳ ලැබිය හැකි ලෝකයේ සිටින හොඳම විශේෂඥවරයාගේ සේවය ලබා ගැනීමය. සිය අවශ්‍යතාව දක්‌වමින් හෙතෙම කේබල් පණිවුඩයක්‌ මාර්ගයෙන් ඉතාලියේ රෝමයේ පිහිටි සංස්‌කෘතික වස්‌තූන් හැදෑරීමේ සහ සංරක්‌ෂණය කිරීමේ අන්තර්ජාතික මධ්‍යස්‌ථානය (ICCROM) වෙතින් ඉල්ලීමක්‌ කළේය. ලුසියානෝ මරාන්සි නම් විශේෂඥ සිතුවම් සංරක්‌ෂකවරයා දෙසතියකට ලංකාවට එන්නේ එම ආයතනයේ මැදිහත් වීම සමගිනි. ඔහුගේ එම ශාස්‌ත්‍රීය කාර්යයට බරපැණ දරන්නේ ඇමරිකාවේ ස්‌මිත් සෝනියම් ආයතනය විසිනි.

වර්ෂ 1967 ඔක්‌තෝබර් මස 22 දා ලංකාවට පැමිණුන මරාන්සි මේ රටේ සංරක්‌ෂණ කණ්‌ඩායම සමග සාකච්ඡා කිරීම ඇරඹුවේය. පසුදිනම වැඩ ඇරඹිණි. මරාන්සි ඇතුළු දේශීය සංරක්‌ෂක කණ්‌ඩායම සීගිරිය බලා ගියෝය. මරාන්සිට තමා විසින්

ගෙනෙන ලද රසායනික ද්‍රව්‍ය හා ලංකාවෙන් ලබාගත හැකි ද්‍රව්‍ය යොදාගෙන තිබුණාටත් වඩා ඉක්‌මන් ප්‍රායෝගික වැඩපිළිවෙළක්‌ සකසා ගත හැකි විණි.

තිබුණාටත් වඩා හොඳයි

සීගිරි සිතුවම් මුලින්ම පිටපත් කර තිබුණේ ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස්‌ වන එච්. සී. පී. බෙල්ගේ කාලයේය. එම කටයුත්ත කරනු ලැබ තිබුණේ එවකට ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවරයා ද වූ මරේ නමැත්තෙකි. ඒ වර්ෂ 1899 දීය. අනතුරුව වර්ෂ 1894 දී මුහන්දිරම් පෙරේරා නමැත්තෙක්‌ මෙම චිත්‍ර පිටපත් කළේය.

මරේ විසින් සිතුවම් තලය මත ටිෂූ කඩදාසි අතුරා නැවත ඒවා ඉවත් කිරීමේදී චිත්‍ර කොටස්‌ අවට වර්ණ තට්‌ටු ගැලවී තිබිණි. එම කොටස්‌ සුදට දිස්‌වන විට ඒවා වර්ණ ගැන්වීමට බෙල් කටයුතු කළේය. අනර්ථකාරීන් විසින් සීගිරි සිතුවම් මත ගල්වන ලද වර්ණ ස්‌ථරත්, සිතුවම් අවට වූ දිලීරත්, මේ පසු සකස්‌ කිරීම් වලදී යොදාගත් නොගැලපෙන වර්ණත් මුළුමනින්ම ඉවත් කර තිබුණාටත් වඩා යහපත් චිත්‍රාවලියක්‌ මතුකරගන්නට මරාන්සි ඇතුළු කණ්‌ඩායමට හැකි විය. මෙහෙයුමෙන් පසු සීගිරි චිත්‍ර යළි පණ ලැබුවේය. සිය රාජකාරිය හමාර කළ මරාන්සි 1967 නොවැම්බර් මස 4 දා ආපසු සිය රටට ගොස්‌ යළිත් 1968 මාර්තු මස 4 වැනිදා ලංකාවට පැමිණ සියලු සංරක්‌ෂණ කටයුතු හමාර කළේය. මේ අසිරිමත් සංරක්‌ෂණය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ 1967-68 පාලන වාර්තාවේ සඳහන් වන්නේ මෙසේය.

මරාන්සි මහතා මෙහි පැමිණ චිත්‍ර ගුහාවල ලඳුන් ඔවුන්ගේ ප්‍රකෘති ලක්‌ෂණ වලට පැමිණෙන සේ පණ ගන්වා වර්තමානයේත් අනාගතයේත් පරම්පරාවන්ගේ ආනන්දය පිණිස අප පුරාණ චිත්‍ර කලාවේ මේ නිදසුන් තබා පෙරළා සිය රටට ගියේය. ඔහුගේ සංරක්‌ෂණ වැඩවල අනර්ඝත්වය ගැන මේ රටේ ජනතාවත් අප දිවයිනෙන් පිටත වෙසෙන කලා රසිකයනුත් ඔහුට ගැතිය.

වර්ෂ 1968 වෙසක්‌ මස 9 දින සීගිරි ගලෙන් බටහිර පැත්තෙන් ඇති පැරණි රාජසභා ශාලාවේ පවත්වන ලද විශේෂ උත්සවයකින් පසු අධ්‍යාපන හා සංස්‌කෘතික කටයුතු පිළිබඳ ඇමැති අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ල සීගිරි සිතුවම් ගුහා යළි ජනතාව විෂයෙහි විවෘත කරන ලදී.

ලුසියානෝ මරාන්සි නමැති අපේ සීගිරි මහත්තයා මීට අවුරුදු දෙකකට පෙර ඉතාම අප්‍රකටව මිය ගියේය. ඔහු වැනි විද්වතුන් බලගන්වමින් ඔවුන්ගේ දැනුම හා අත්දැකීම් ලෝකය පුරා බෙදාගන්නා ක්‍රමවේදය තවමත් ජීවමානය. ලුසියානෝ මරාන්සි ගැනත්, ඔහු සීගිරි චිත්‍ර සංරක්‌ෂණයෙහි කළ වික්‍රමය ගැනත් සියලු දෙනා විසින් කතා කරනු ලැබුවත් එම විද්වතුන් හරහා ලෝක සංස්‌කෘතික උරුමය රැකගැනීමට දියත්ව ඇති ක්‍රමවේදය ගැන කවුරුත් කතා කරන්නේ නැත.

සීගිරි සිතුවම් විනාශය ගැන සැළවු මොහොතේ ලංකා රජය චිත්‍ර සංරක්‌ෂණය පිළිබඳ ඉහළම විද්වතා ලබාදෙන ලෙස ඉල්ලන්නේ ඉතාලියේ රෝමයේ පිහිටි සංස්‌කෘතික වස්‌තූන් හැදෑරීමේ සහ සංරක්‌ෂණය කිරීමේ අන්තර්ජාතික මධ්‍යස්‌ථානය (ICCROM) වෙතිනි. මරාන්සි ලංකාවට එවන්නට මැදිහත් වන්නේ මේ අන්තර් රාජ්‍ය ආයතනය විසිනි. රටවල් 133 රාජ්‍ය නායකයන් විසින් අත්සන් කළ ප්‍රඥප්තියකට අනුව ඇතිකරගත් එක`ගතාව මත මේ ආයතනය ලෝකයේ නිශ්ඵල හා චංචල සංස්‌කෘතික උරුමය ආරක්‌ෂා කිරීමේ වැදගත්කම ගැන අවබෝධයක්‌ ලබාදීම, උරුම සංරක්‌ෂණ ක්‍රමවේදයන්හි ගුණාත්මක බව ඉහළ දැමීම සඳහා මැදිහත් වෙමින් සිටී.

කොරියානු රජයේ සංස්‌කෘතික උරුම හා පරිපාලන ආයතනය, සංස්‌කෘතික වස්‌තූන් හැදෑරීමේ සහ සංරක්‌ෂණය කිරීමේ අන්තර්ජාතික මධ්‍යස්‌ථානය හා එක්‌ව ආසියානු කලාපයේ සංස්‌කෘතික උරුමය රැකගැනීම සඳහා වෘත්තීය දැනුම දියුණු කිරීමේ වැඩසටහනක්‌ දියත් කර තිබේ. මේ වසරේ එම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ ලංකාව තුළය. රටවල් දහයක නියෝජිතයන් විසි දෙදෙනෙක්‌ හා සංස්‌කෘතික වස්‌තූන් හැදෑරීමේ සහ සංරක්‌ෂණය කිරීමේ අන්තර්ජාතික මධ්‍යස්‌ථානයේ අධ්‍යක්‌ෂ ජනරාල් ස්‌ටිෆානෝ ඩි කාරෝ ඇතුළු නිලධාරීන් පිරිසක්‌ මෙම වැඩමුළුව සඳහා සහභාගි වේ. ජාත්‍යන්තර කීර්තියට පත් සිම්බාබ්වේ ජාතික උරුම සංරක්‌ෂකයෙක්‌ වූ එබර් එන්දෝරෝ මෙම විශේෂ වැඩමුළුව සඳහා සහභාගි වීමට නියමිතය.

වැඩමුළුවේ පළමු අදියර හෙට (8 දා) උදේ 9 ට කොළඹ සිනමන් ලේක්‌ හෝටලයේ විද්වත් වෘත්තිකයන්ට විවෘත සැසියක්‌ සේ පැවැත්වේ. දෙවැනි අදියර පැවැත්වෙන්නේ 9, 10, 11, 12 දිනයන්හි හබරණ සිනමන් ලො- හෝටලයේය.

මේ සියල්ල දකිමින් දුකසේ ලියා තැබිය යුතු යථාර්ථයක්‌ තිබේ. ලෝකය තමන්ගේ මුදල් වියදම් කරමින් උරුම සංරක්‌ෂණයේ වෘත්තීය නිපුණතාව වැඩි කරදීම සඳහා අපේ රටට ඇවිත් ජාත්‍යන්තර වැඩමුළු තියන්නේය. ඒ විද්වත් හමුවලදී ලෝකයේ වෘත්තිකයෝ උරුම සංරක්‌ෂණය සඳහා සිය විශිෂ්ට දැනුම බෙදා දෙන්නට කටයුතු කරන්නෝය. එහෙත් අප දකින්නේ ඒ දැනුම සාගරයේ රළපතර වදිමින් ජාතික උරුමය සංරක්‌ෂණය කිරීම සඳහා ලබාගන්නා ගඩොලිනුත් වංචා කරනා පුරාවිද්‍යාඥයන්ය. පුරාවස්‌තු විනාශ කිරීමට ගල්කොරි කාරයන් සමග ඩීල් ගසනා ප්‍රාඥයන්ය. සංරක්‌ෂණය කරනා දාගැබ් වල ගර්භය කැණ මැණික්‌ හොරකම් කරනා විද්වත් වෘත්තිකයන්ය.

ලෝකය උරුම සංරක්‌ෂණය සඳහා වැඩමුළු පවත්වන්නේ මෙවැනි අශීලාචාර බාලයන් පිරිසක්‌ වෙනුවෙන්ය.

Wednesday, February 3, 2016

ජපානයෙන් එන අනාගත දියයට නගරය මෙන්න!

ජපානයෙන් එන අනාගත දියයට විස්මිත නගරය මෙන්න!

ජපන් සමාගම මේ විස්මිත නව නිවාස සංකීර්ණය සැලසුම් කර ඇත්තේ තව වසර 15කින් පදිංචි වීම සඳහායි. ඒ කාලය වන විට ඇති වන නිවාස දේපළ හිඟය වෙනුවට පිළියමක් ලෙසයි, මේ නව සමුද්‍ර ජනපද ක‍්‍රමය ඉදිරිපත් කර ඇත්තේ.

ජපානයේ ෂිමිසු කෝපරේෂන් ආයතනය තමයි, මේ ‘නවීන යුගයේ ඇට්ලාන්ටිස්’ යනුවෙන් හැඳින්වෙන මෙම අසිරිමත් නගරය ඉදිකරන්නට යන්නේ. මෙය හඳුන්වා ඇත්තේ ස්වයං-පෝෂිත නාගරික ප‍්‍රජාවක් ලෙසයි.


සාගර සර්පිල ව්‍යාපෘතිය ලෙස හැඳින්වෙන මෙයට ජලරෝධක නිවාස ගණනාවක් ඇතුළත් හැඩයෙන් ගෝලාකාර නිවාස සංකීර්ණයක් තියෙනවා. ඒවා යෝධ සර්පිලයකින් තමයි, සම්බන්ධ වන්නේx ඒවාට බලශක්තිය සැපයෙන්නේ මීතේන් නිපදවන ක්‍ෂුද්‍රජීවීන් තනන කම්හල් විශේෂයකින්.

සාගර පත්ලේ ඇති පොළොවේ දුර්ලභ සම්පත් ප‍්‍රයෝජනයට ගනිමින්, මෙහි ජනතාවට වාසය කළ හැකි පරිසරයක් ඇති කරන්නයි, ඔවුන් බලාපොරොත්තු වන්නේ. සර්පිලයේ පහළට යන්නේ ගෝලාකාර ප‍්‍රවාහන මාධ්‍යයක් මගිනුයි.

මෙවැනි විස්මිත නිවාස සංකීර්ණයක 5000කට පමණ ජනතාවකට සුවපහසු ඇතිව ජීවත් වෙන්න පුළුවන්. සර්පිලයේ මුදුනේ මේ පෙනෙන්නේ ඒ විනිවිදක විශාල නිවාස සංකීර්ණයයි. මෙම නිවාස ගෝලය සාමාන්‍යයෙන් සාගරයේ මතුපිටට ආසන්නව පිහිටන සේ ස්ථාපිත කර ඇත්තේ සූර්යාලෝකයෙන් ලබා ගත යුතු දේ ලබා ගැනීම පහසු කරනු පිණිසයි. නමුත් කාලගුණයේ තත්වය අසතුටුදායක වූ අවස්ථාවක දී මේ විස්මිත සාගර නගරයට සර්පිලය දිගේ පහළ යන්නට පුළුවන්.

මේ පෙනෙන දර්ශන සිත්තරකු ඇඳපු ඒවා. මෙම රූප සටහන් ප‍්‍රකාශයට පත් කර ඇත්තේ ජපානයේ තියෙන ලෝක ප‍්‍රකට ඉදිකිරීම් සමාගමක් වූ ෂිමිසු කෝපරේෂන් විසිනුයි.


2014 නොවැම්බර් 20 වැනිදා පළ කළ මේ පුවතට අනුව මෙම නිවාස සර්පිලයට අයත් වන්නේ මීටර් 500ක් (අඩි 1500ක්) මහත ගෝලයක්. එහි තියෙනවා නිවාස, හෝටල, වානිජ හා ව්‍යාපාරික ස්ථාන ආදී හැම දෙයක්මත්.

එක්තරා විදියක ආශ්චර්යයක් ලෙස මෙය පෙනුනත්, ජපන් සමාගමට නම් මෙය සුළු දෙයක් වගෙයි, පෙනෙන්නේ. ඔවුන් බලාපොරොත්තු වෙනවා, 2030 දී මෙහි මුල්ම සාගර නගරය ජනතාව අතරට පත් කරන්න.

ඔවුන්ට මේ එක් සංකීර්ණ නගරයක් ඉදි කරන්න වසර පහක් ගත වන බවයි, ඔවුන් පවසන්නේx ඒ සඳහා වන වියදම ජපන් යෙන් ටි‍්‍රලියනයක්. මුලින් ම හදන මේ සංකීර්ණය සඳහා වන වියදම පසුව විශාල වශයෙන් අඩු කර ගත හැකි බවයි ඔවුන් කියන්නේ.

මේ ගැන එංගලන්තයේ ගාඩියන් පුවත් පතට ප‍්‍රකාශයක් කරන ෂිමිසු ආයතනයේ ඉමමුරා කියා ඇත්තේ මෙවන් දෙයක්: ‘මේක සැබෑ කර ගත හැකි ඉලක්කයක්x නිකං සිහිනයක් නෙවෙයි. ඇස්ට‍්‍රා බෝයි කාටූන් චරිතය ඒ කතා පෙළේ දී ජංගම දුරකතනයක් පාවිච්චි කළේ එවැන්නක් ඇත්තෙන්ම හදන්න හුඟක් කලකට පෙරයි. ඒ වගේ ම මේකත් අපි සැබැවින් ඉදිකරනවා. අපි හොඳටම දන්නවා ඒ වගේම අප ආයතනයට අත්දැකීම් තියෙනවා මේ වගේ දෙයක් කරන්න.’ 

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...