Saturday, October 29, 2016

මමී


ඊජිප්තු මමී ලෙස සාමාන්‍යයෙන් හැදින්වෙන්නේ මියගිය පාරාවෝ රජවරුන් ය

 ඊජිප්තුවේ පාරාවෝ කෙනෙක් මියගිය පසු දෙවිකෙනෙක් ලෙස ඉපදෙන බව පුරාණ ඊජිප්තු වැසියන් විශ්වාස කලේ ය. ඔවුන් විශ්වාස කල පරිදි මොවුන්ට ආත්ම තුනක් පවති යි. ඒවා නම් KA, Ba සහ AKh ලෙස හදුන්වයි. නැවත ඉපදීමට නම් මෙම ආත්ම හොදින් රැකබලාගත යුතුය. මේ නිසා පුරාණ ඊජිප්තු වැසියන් පාරාවෝවරුන්ගේ සිරුර මමීකරණයට ලක් කරේ ය. මමීකරණයෙන් ඔවුන් බලාපොරොත්තු වූයේ සිරුර දිරාපත් නොවී චිරාත් කාලයක් පවත්වා ගැනීමය. මෙම මමීකරණය කරන ලද සිරුරු ඔවුන් පිරමීඩ තුල තැන්පත් කලේ ය.


පාරාවෝවරුන්ගේ මොළය ඉවත් කලේ නහය තුලිනි

 මමීකරණ ක්‍රියාවලිය සිදුකරන්නේ "ඉබු" නම් කාමරයක් තුලය. මෘත ශරීර සංරක්ෂණය කරන තැනැත්තා පලමුව සිරුර පාම් වයින් වලින් සහ නයිල් ගඟේ ජලයෙන් සෝදයි.

 සිරුරේ පැත්තකින් කුඩා සිදුරක් විද අභ්‍යන්තර ඉන්ද්‍රියන් සියල්ල පිටතට ගනියි. මොළය ඉවත් කලේ නහය තුලින් කොක්කක් සහිත කුඩා මිටක් ආධාරයෙනි. සිරුර තුල ඉතිරි කරන එකම ඉන්ද්‍රිය වන්නේ හෘදයයි.

 සිරුරෙන් ඉවතට ගන්නා ඉන්ද්‍රීන් ලුණු තබා නරක් වීමට නොදී කල් තබා ගනියි. දින හතලිහකට පසු නැවත සිරුර ජලයෙන් සහ තෙල් වලින් නහවයි.


 ඉවතට ගන්නා අවයව බඳුන් තුල බහා තබයි.

 මෘත ශරීර සංරක්ෂණය කරන තැනැත්තා ඉවතට ගන්නා අවයව ලිනන් වලින් ඔතා විශේෂ බඳුන් තුල බහා තබයි. ඔවුන් විශ්වාස කරන පරිදි එසේ කරන්නේ නපුරු ආත්ම වලින් ඒවා ආරක්ෂා කර ගැනීමට ය.

  සෑම අවයවයකටම විශේෂිත වූ බඳුනක් තිබුනි. සියල්ල එක්ව ගත් කල බඳුන් හතරකි. ආමාෂය, පෙනහළු, බඩවැල් සහ අක්මාව තැන්පත් කිරීමට යොදාගත්තේ ඒ බඳුන් හතරයි. ඊළඟ ජීවිතයට එම අවයව අත්‍යවශ්‍ය බව ඔවුන් විශ්වාස කලේ ය.


සිරුර ලිනන් වලින් ඔතයි

 මමීකරණයේ දිගු ක්‍රියාවලියකට පසු සම්පූර්ණ සිරුරම ලිනන් පටි වලින් ඔතයි. හිසෙන් පටන්ගෙන දෙපතුල දක්වා සියල්ලම ලිනන් පටි වලින් ඔතයි. ඔවුන් ඒවා ඔතන විට ඔවුන්ගේ විශ්වාසයන්ට අනුව මන්තර ජප කරයි. එසේ කරන්නේ නපුරු ආත්මයන්ගෙන් එය ආරක්ෂා කර ගැනීමටයි.


 සියලුම මමීකරණය කරන ලද සිරුරු මුහුණු වැස්මක් පලඳියි

 සිරුර මිනී පෙට්ටියට දැමීමට පෙර මුහුණ සම්පූර්ණයෙන් වැසෙන්න මුහුණු වැස්මක් පලදියි. මෙම ක්‍රියාදාමය සිදු කරන්නේ මෘත ශරීර සංරක්ෂණය කරන්නන්ගේ ප්‍රධානියා ය. මෙම වැස්ම සකසන්නේ ඊජිප්තු දෙවි කෙනෙක්ගේ රූපයකට සමාන වන අයුරිනි. එකල ඊජිප්තුවේ දෙවිවරු දෙසීයකට අධික ප්‍රමාණයක් සිට ඇත.

 බොහෝ දෙනාට හුරු පුරුදු හිස් වැස්ම ටූටන්කාමන්ගේ හිස්වැස්මයි. 1922දී එය සොයා ගන්නා විට ඉතාමත් අනර්ඝ තත්වයෙන් කිසිදු හානියක් නැතිව එය තිබුනේ ය. ඒ වන විට බොහෝ පිරමීඩ නිදන් හොරුන්ගේ ප්‍රහාරයට ලක්ව තිබුනත් ටූටන්කාමන්ගේ සිරුර තිබූ පිරමීඩය කිසිදු නිදන් හොරෙක්ගේ ප්‍රහාරයකට ලක්ව තිබුනේ නැත. මෙම හිස් වැස්ම වර්තමානය වන විට කයිරෝ කෞතුකාගාරයේ දැකබලා ගැනීමට හැකිවේ. වර්තමානය වන විට මෙය ඇ.ඩො. මිලියන 13කට අධික වටිනාකමකින් යුක්තය.

ටූටන්කාමන්ගේ රන් හිස්වැස්ම. මෙය වර්තමානයේ ඇත්තේ කයිරෝ කෞතුකාගාරයේය.

මමීකරණය කරන ලද සිරුරු සාප මගින් ආරක්ෂා කරයි

 රජවරුන්ගේ සිරුරු වලට සතුරන්ගෙන් හා නපුරු ආත්ම වලින් ආරක්ෂා කිරීමට පුරාණ ඊජිප්තු ජාතිකයන් සාප කර ඇත. එනම් කිසිවෙකු හෝ මෙම පිරමීඩ තුලට ඇතුලු වුවහොත් එම සාප වදින බවට එකල මතයක් පැවතුනි.

 මෙම පුරාවස්තු ගැන අධ්‍යනය කල සමහර විද්‍යාඥයන් කියා සිටියේ ඔවුන්ගේ සගයන්ට අභිරහස් ලෙස විවිධ අනතුරු වලට භාජනය වන්නට සිදුවූ බවයි.

 මෙම සාප ගැන මතිමතාන්තර බොහෝ පොත් පත් වලට හා චිත්‍රපටවලට පාදක වී ඇත. කෙසේ වෙතත් මෙම සාප පිලිබද මත සත්‍ය නොවන බවයි බොහෝ දෙනාගේ පිලිගැනීම.


සිරුරු තැන්පත් කලේ ඔවුන් භාවිතා කල බඩුබාහිරාදිය සමඟයි

  පුරාණ ඊජිප්තු වැසියන් රජවරුන්ගේ ඊළඟ ජීවිතා උදෙසා අවශ්‍ය යැයි සිතෙන සෑම දෙයක්ම මමීකරණය කරන ලද සිරුර අසල තැබුවේ ය. රජතුමා ජීවත්ව සිටින කාලයේ භාවිතා කල බඩුබාහිරාදිය, ඇතිකල සතුන්, මෙන්ම විටෙක පවුලේ උදවියද මෙසේ තැන්පත් කලේ ය.


පුරාණ ඊජිප්තු වැසියන් සතුන්වද මමීකරණය කලේය

 පුරාණ ඊජිප්තු වැසියන් මමීකරනය කලේ රජවරුන්ව පමණ නොවේ. ඔවුන් සතුන්වද මමීකරණය කලේ ය. පිරමීඩවල කුටි තුල මමීකරණය කරන ලද සතුන් බොහොමයක් සොයාගෙන තිබුනේ ය. මේවා අතර පූසන් බොහොමයක් සිටියේ ය. එකල ඊජිප්තු වැසියන් පූසන්ව දේවත්වයෙන් අදහන ලදි. ඊජිප්තු ශිෂ්ටාචාරයේ හීලෑ වූ පලමු සතා වන්නේ පූසා බව පිලිගැනේ.


පාස්පෝට් හිමි පාරාවෝ

 පාස්පෝට් හිමි පාරාවෝ කෙනෙක් කිව්වම කෙනෙක් පුදුම වන්නට පුලුවන. එහෙත් ඊජිප්තුවේ තෙවන පාරාවෝ වූ දෙවන රැම්සෙස් රජතුමාට ගුවන් බලපත්‍රයක් හිමිවිය. 1974 දී දෙවන රැම්සෙස් රජතුමාගේ මමිය ප්‍රංශයට ගෙන යාමට නියමිතව තිබුනි. ප්‍රංශයේ නීතිය අනුව ජීවත්ව හෝ මියගිය කෙනෙක් ප්‍රංශයට ඇතුලු වන විට ගුවන් ගමන් බලපත්‍රයක් සතු විය යුතු විය. එමනිසා දෙවන රැම්සෙස් රජතුමාගේ මමියටත් ගුවන් ගමන් බලපත්‍රයක් නිකුත් කලේ ය. එහි රක්ෂාව ලෙස සදහන් වූයේ රජතුමා (මැරුණ) යන්නයි.


මමීකරණය ආරම්භ කලේ ඊජිප්තු වැසියන් නොවේ

 මමීකරණය පිලිබද ප්‍රසිද්ධ ඊජිප්තුව වුවද මමීකරණය ආරම්භ වූයේ ඊජිප්තුවේ නොවේ. වර්තමාන චිලී සහ පේරු යන රටවල් අවට එකල සිටි චින්චොරෝ ජනතාව මමීකරණය ආරම්භ කලේ ඊජිප්තු ජාතිකයන් එය කිරීමට වසර 2000කට පමණ පෙර ය. මෙම මමීකරණය කරන ලද සිරුරු වල අභ්‍යන්තර ඉන්ද්‍රියන් සියල්ල ඉවත් කර තිබූ අතර හිස සිට දෙපතුල දක්වා කලු වර්ණයෙන් වර්ණ ගන්වා තිබුනි.


වික්ටෝරියානු අවධියේ දී මමී මිලට ගත හැකි විය

  වික්ටෝරියානු අවධියේදී එනම් ක්‍රි.ව. 1800 ගනන්වල නැපෝලියන් ඊජිප්තුව යටත් කරගත් පසු යුරෝපීයන්ට ඊජිප්තුව විවර විය. එකල මමීකරණය කරන ලද සිරුරු පාරවල් වල විකිණීමට තිබුනි. විටෙක ලිනන් වලින් ඔතන ලද සිරුරු මිනිසුන් ඉදිරියේ ලිහුවේ ය. එවිට බොහෝ අවස්ථාවලදී මමීකරණය වූ සිරුරට හානි විය.


හෙරඩෝටස්

 මමීකරණය පිලිබඳ මිලින්ම වාර්තා තැබූ පුද්ගලයා  වන්නේ හෙරඩෝටස් ය. ඒ ඔහු ක්‍රි.පූ. 450දී පමණ ඊජිප්තුවට ගිය අවස්ථාවේ ලද තොරතුරු වලිනි. හෙරඩෝටස් ග්‍රීක ජාතිකයෙක් වන අතර ඉතිහාසයේ පියා වන්නේද ඔහුයි.


පින්තූර එකතුව :


ඉතාලිය


ග්‍රීන්ලන්තයෙන් හමුවූ මාස හයක් වයසැති බිළිඳාගේ මමිය

චීනයෙන් හමුවූ Xin Zhui ගේ මමිය


බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ඇති මමියක්


හොවාඩ් කාටර් ටූටන්කාමන්ගේ මමිය අසල


මෙක්සිකානු මමී

මමීකරණය කරන ලද සතෙක්


ඉන්දියාවේ කල්කටාහි ඇති මමීකරණය කරන ලද සිරුරු





මමී ගැන ඔබ දන්නා දේත් බෙදාගන්නා මෙන් ඉල්ලන අතර අදහස් යෝජනා චෝදනා බලාපොරොත්තු වෙමි.

Wednesday, October 26, 2016

වසර 600ක් ජීවත්වූ ලී චින් යුන්


 චීනයේ 1933 මැයි මස 6 වන දින මියගිය ලී චින් යුන් නැමැති පුද්ගලයා වසර 600ක් ජීවත් වූවා කීවොත් ඔබ විශ්වාස කරනවද? මෙය පුදුමයට කරුණක් වුවද එයට සාක්ෂි ඇත. මොහු උපන්නේ 1736 බවට මතයක් පවතින අතර එවිට ඔහු මියයන විට වයස 197කි. මොහු උපන්නේ 1677 බවටද මතයක් පවතියි. එයට හේතු වන්නේ 1827 දී ලී චින් යුන්ගේ 150 වන උපන්දිනයට එකල චීන ආණ්ඩුව විසින් එවන ලද සුබ පැතුම් පතයි. එසේ වුවහොත් ඔහු මියයන විට වයස 256කි. මොහු උපන්නේ 1326 බවටද පිලිගත හැකියි. එසේ වීමට හේතුව නම් 1526 දී මොහුගේ 200 වන උපන්දිනයට එවකට චීන රජු විසින් එවන ලද ලිඛිත සුබ පැතුම් පතයි.

1927 දී Yang Sen ජෙනරාල්වරයා ලී ජින් යුන්ට සිය Wan Xian හි පිහිටි නිවසට පැමිණීමට ආරාධනා කලේ ය. මෙම පින්තූරය එහිදී ගන්නා ලද්දකි. 

 ලී චින් යුන් ආරක්ෂක සටන් කලාව ප්‍රගුණ කල පුද්ගලයෙකු ලෙසත්, ශාකසාර වලින් ප්‍රථිකාර කරන වෛද්‍යවරයෙකු ලෙසත් ප්‍රකට යි. මොහු වයස අවු. 10 සිටම තමන් ජීවත් වූ පලාතේ සැරිසර විවිධ ශාක වර්ග හදුනාගන්නට පටන් ගත්තේ ය. මොහු ආහාරයට ගත්තේ විවිධ පැලෑටි සහ සහල් වලින් පෙරන ලද වයින් වර්ගයකි. මොහු ආහාරයට ගත් ශාක අතර බිම්මල්, ගෝජි ( ගෙඩි වර්ගයක් ), වල් ජින්සෙන් සහ ගොටුකොළ වේ. මොහු මේවා විකිණීම තම ආදායම් මාර්ගය ලෙස යොදාගත්තේ ය.

 මොහු එක් බිරිඳක් මියගිය පසු තවත් බිරිදක් විවාහ කරගෙන මියයන විට බිරින්දෑවරු 28කගේ ස්වාමිපුර්ෂයා විය. එමෙන්ම දරුවන් 200කගේ පියෙකි.

 1749 දී මොහු ප්‍රාදේශීය අණදෙන නිළදාරී Yeuh Jong Chyi ගේ හමුදාවට බැඳුනේ ආත්මාරක්ෂක සටන් කලා ගුරුවරයෙකු ලෙසය. 1755 දී මොහු හමුදාවෙන් විශ්‍රාම ගත්තේය. එයින් පසු ඔහු සිදුකලේ පෙර පරිදි ශාකසාර වලින් ඖෂධ සොයා යෑමයි.


සතෙකුට තුවාලයක් සිදුවූ විට එම සතා සිදු කරන්නේ එම තුවාලයට ගැලපෙන පැලෑටිය වනයෙන් සොයාගෙන කෑම හෝ එම පැලෑටි තුවාලය මත තබා ගැනීමය.  දැනට විවිධ ශාකසාර වලින් සාදන ලද වට්ටෝරු 12000ක් පමණ ලොව පුරා වෙසෙන විද්වතුන් සොයාගෙන ඇත. ඔවුන් විශ්වාස කරන අන්දමට වට්ටෝරු එක්ලක්ෂ විසිදහසක පමණ ප්‍රමාණයක් මිහිපිට ඇත. ලී ජින් යුන් ද කුඩා කල පටන් සිදු කලේ විවිධ වූ ශාකසාර වලින් හෙබි වට්ටෝරු සොයා ගැනීමය.

 දුගු කල් ජීවත් වීමට අවශ්‍යතාව කුමක්දැයි ලී චින් යුන් සිය ශිෂ්‍යන්ට උගන්වන ලද්දේ පහත කරුණු හතරයි.


  • සිත සමනය කර ගන්න
  • ඉබ්බෙකු සේ ඉඳාන්න
  • පරවියෙකු සේ කඩිසරව ඇවිඳින්න
  • සුනඛයෙකු සේ නිදන්න


සිය අවසාන කාලයේ ඔහු පවසා ඇත්තේ " මම ජීවිත කාලය තුල කල යුතු හැම දෙයක්ම කලෙමි. දැන් මම ගෙදර යමි." කියා ය. මොහුගේ ජීවිතයේ තවමත් සැඟවී ඇති රහස් බොහොමයක් ඇති අතර මොහුගේ ජීවිතයෙන් අපට ලබා ගත හැකි ආදර්ශද බොහෝ ය. ස්වභාවධර්මයට අනුව ජීවත් වන තැනැත්තා ස්වභාවධර්මයා විසින්ම ආරක්ෂා කරයි.

අදහස් යෝජනා චෝදනා බලාපොරොත්තු වෙමි... 

Saturday, October 22, 2016

දෛවයේ සරදම් - ලින්කන් සහ කෙනඩි


 ලින්කන් ගැන කතා කිහිපයක්ම කිව්ව එකේ මේකත් කිව්වෙ නැත්තන් ලොකු අඩුවක් වෙනවා. ඒ තමා ඇමරිකාවේ තවත් ජනාධිපති කෙනෙක් වුන ජෝන්. එෆ්. කෙනඩි සහ ඒබ්‍රහම් ලින්කන් අතර තිබෙන පුදුම සහගත සමානකම්. මේ ලිපිය ඒ සමානකම් ගැනයි.




ලින්කන් කොන්ග්‍රසයට තේරී පත් වුනේ 1846
කෙනඩි කොන්ග්‍රසයට තේරී පත් වුනේ 1946

ලින්කන් ජනාධිපතිවරණය ජයගත්තේ 1860
කෙනඩි ජනාධිපතිවරණය ජයගත්තේ 1960

ලින්කන් ජනපතිවරයාගේ ලේකම් : කෙනඩි
කෙනඩි ජනපතිවරයාගේ ලේකම් : ලින්කන්

දෙදෙනාගේම ලේකම්වරු එම ගමන නොයන ලෙස කලින් අනතුරු ඇඟවූහ.

ලින්කන්ට පසු ජනපති : Andrew Johnson
කෙනඩිට පසු ජනපති : Lyndon Johnson

ලින්කන්ට පෙර සිටි ජනපති උපන්නේ : 1808
කෙනඩිට පෙර සිටි ජනපති උපන්නේ : 1908

ලින්කන් Marfan's Syndrome නම් ජානමය රෝගයකින් පෙළුනේ ය.
කෙනඩි Addison's Disease නම් ජානමය රෝගයකින් පෙළුනේ ය. 

ලින්කන් ඝාතකයා උපන්නේ : 1839
කෙනඩි ඝාතකයා උපන්නේ : 1939

ලින්කන් ඝාතකයා- රඟහලේ සිට ගබඩාගාරයකට පැන ගිය පසු හසු විය
කෙනඩි ඝාතකයා-ගබඩාගාරයක සිට රඟහලකට පැන ගිය පසු හසු විය

ලින්කන්ට වෙඩි වැදුනේ : ෆෝඩ් රඟහලේදී
කෙනඩිට වෙඩි වැදුනේ : ෆෝඩ් රථයකදී

ලින්කන් සහ කෙනඩි යන දෙදෙනාටම ප්‍රතිකාර කර වෛද්‍යවරුන්ගේ නම් වල සමානකමක් ඇත. ලින්කන්ට ප්‍රතිකාර කලේ Charles Leale විසින් වන අතර කෙනඩිට ප්‍රතිකාර කලේ Charles Crenshaw ය. 

ලින්කන් සහ කෙනඩි යන දෙදෙනාම මියගියේ "P.H." යන මුලකුරු ඇති ස්ථානවල ය. ලින්කන් මියගියේ Petersen House හි වන අතර කෙනඩි මියගියේ Parkland Hospital හිදී ය.



Lincoln යන නමේ අකුරු ගණන 7
Kennedy යන නමේ අකුරු ගණන 7

ලින්කන් සහ කෙනඩි යන දෙදෙනාටම දරුවන් හතර දෙනෙක් සිටි අතර දෙදෙනාගෙම එක් පිරිමි දරුවෙක් තමන් ජනපති වී සිටි කාලයේදීම මිය ගියේ ය. 

ලින්කන් සහ කෙනඩි ගේ දරුවන් අතරින් ඊළඟ ශතවර්ෂය තෙක් ජීවත් වූයේ දෙදෙනාගෙන්ම එක් දරුවෙක් පමණි.


දෙදෙනාගේම දරුවන් ධවල මන්දිරයේදී මිය ගියහ.
දෙදෙනාම ඝාතනය වූයේ සිකුරාදාවකය

දෙදෙනාටම වෙඩි තබා ඇත්තේ හිසටය,දෙදෙනාම එවෙලේ සිට ඇත්තේ තම බිරින්දෑවරු ඉදිරිපිට ය.

ඝාතකයන් දෙදෙනාගේම නම් 3කින් සමන්විතය, දෙදෙනාගේම නම්වල මුළු අකුරු 15කි.

ඝාතකයෝ දෙදෙනාම නඩු විභාගයට ප්‍රථම ඝාතනය විය.


චීන උපමා කතා - පලමු දිගහැරුම


කහ කුරුල්ලා ගවයා හා නාස් ලණුව

 පාලමක් අසල පියාඹමින් සිටි කහ කුරුල්ලෙක් පාලම අසල සිටගෙන සිටින ගවයෙකු දුටුවේ ය. ගවයා වෙත ලං වූ කහ කුරුල්ලා ගවයාගෙන් මෙසේ ඇසුවේ ය.

 " ඔහේ මේ පාලමෙම් එගොඩ වෙන්නද හදන්නේ.."

 ගවයා "ඔව්" යැයි පිළිතුරු දුන්නේ ය.

"ඉතින් ඇයි මෙතන හිටගෙන ඉන්නෙ" කහ කුරුල්ලා ඇසුවේ ය.

" මාව ඇඳගෙන යන්න කෙනෙක් නෑ. මේ බලන්න මගේ නාස් ලණුව කැඩුනා.." ගවයා දුක්මුසුව පිලිතුරු දුන්නේ ය.

 " නාස් ළණුවක් තිබෙනවාට වඩා නොතිබෙන එක හොදයි නේ ද? " කහ කුරුල්ලා ඇසුවේ ය.

  " නෑ. මං කොහොමද කවුරුවත් මාව ඇදගෙන යන්නෙ නැතුව මේ පාලමෙන් එගොඩ වෙන්නෙ? ඒක මගේ සිරිත නෙවෙයි. " ගවයා හිස සලමින් පිලිතුරු දුන්නේ ය.

 " මට පුළුවනි පාර පෙන්නන්න. මගේ පස්සෙන් එන්න" යැයි කහ කුරුල්ලා කුළුපඟ හඳවතින් ගවයාට ඇරයුම් කලේ ය.

 " බොහොම ස්තූතියි .. නමුත් මගේ ස්වාමියා මට අලුත් නාස් ලණුවක් දාන තුරු මං මෙතනින් අඩියක්වත් හෙල්ලෙන්නෙ නෑ."

 සුසුමක් හෙළූ කහ කුරුල්ලා ඈතට පියඹා ගියේ ය.



නුවණක්කාර වවුලා

 කුඩා වවුලෙක් දිනක් මුගටියෙකුගේ බෙනයකට වැටිණි. මුගටියා මීයන් නුරුස්සන්නෙකි. වවුලා අල්ලා ගත් මුගටියා ඌ මීය්කු යැයි සිතා කන්නට සූදානම් විය.

 " අනේ මාව මරන්න එපා... මං කුරුල්ලෙක්... මේ බලන්න මගේ පිහාටු.." වවුලා බැගෑපත්ව කිව්වේ ය.

 වවුලා විශ්වාස කල මුගටියා ඌ නිදහස් කර හැරියේ ය.

 වැඩි දිනක් නොගොස් නොසිතූ පරිදි වවුලා තවත් මුගටියෙකුගේ බෙනයකට වැටුණි. ඒ මුගටියා කුරුල්ලන් නුරුස්සන්නෙකි. ඌ වවුලා අල්ලාගෙන කන්නට සූදානම් විය. ඊට පෙර සිද්ධිය සිහිපත් වූ වවුලා මෙසේ කීවේ ය.

 " ඔබට වැරදිලා මං කුරුල්ලෙක් නෙමේ. ඔබ දැකලා තියෙනවද කවදාවත් පිහාටු නැති කුරුල්ලො...?"

 වවුලා දෙස බැලූ මුගටියා වවුලාගෙ කීම සත්‍යක් සේ සලකා ඌ නිදහස් කර හැරියේ ය.


සපත්තු ලෑ වඳුරා

 ගඟ අයිනේ සෙල්ලම් කරමින් සිටි වඳුරු පැටවෙක් ඒ අසල ගමන් කරමින් සිටි සියලු මිනිසුන් සපත්තු පැළඳගෙන සිටි බව දුටුවේ ය. මේ නිසා සපත්තු කෙරෙහි ආශාවක් ඇති වූ වඳුරා නිවසකටපැන සපත්තු කුට්ටමක් සොරකම් කලේ ය.

 සපත්තු දෙක පය ලාගත් වඳුරා එය සිය මිතුරන්ට පෙන්නන්නට විය. එහෙත් ඌට එය පය ලාගෙන ගමන් කල නොහැකි විය. සපත්තු ලා ඇවිදින විට ඌ රා බී වෙරි වූවාක් මෙන් එහෙ මෙහෙ වැනෙන්නට විය. වඳුරු පැටවාගේ මිතුරෝ ඌට සිනාසුනේ ය.

 එක් වරම කුසගින්නේ සිටි කොටියෙක් වඳුරන් සිටි දෙසට ආවේ ය. සියලු වඳුරෝ වහා දුවගිස් සැඟවුනේ ය. එහෙත් වඳුරු පැටවාට සිය සපත්තු පැලදගෙන දුවන්නට නොහැකි විය. වැඩිවෙලාවක් යන්නට මත්තෙන් ඌ කොටියාගේ ගොදුරක් බවට පත්විය.


ලිඳේ සිටි ගෙම්බා

 ලිඳක ගෙම්බෙක් වාසය කලේ ය. බඩගිනි වූ විට ගෙම්බා ලිඳේ සිටින කෘමීන් අල්ලාගෙන කයි. පිපාසය ඇති වූ විට ලිඳේ ඇති දිය බොයි. ලිඳෙන් එපිට ලොවක් ගැන ගෙම්බා දැන සිටියේ නැත.

 දිනක් කොවුලෙක් ලිං ගැට්ට මත විවේක ගනිමින් සිටියේ ය.

 " කොහේද ඔහේ යන්නේ " ගෙම්බා උඩ බලා කොවුලාගෙන් ඇසුවේ ය.

" මං මේ හැතැම්ම සීයකට එහා ඉන්න මගේ යාලුවෙක් බලන්න යනවා  මට මහන්සියි ඒ නිසයි මෙතන ටිකක් නැවතුනේ. " කොවුලා කීවේ ය.

 " ඔහේ මොනවද ඔය කියන බොරු... අහස මේ ලිඳ තරම්වත් ලොකු නැති කිට ඔහේ කොහොමද හැතැම්ම සීයක් පියාඹන්නේ..."

 " ඔහේ දන්න තරම... අහස සීමාවක් නැති තරමට ලොකුයි... "

 " අනේ.. අනේ.. මෝඩයාට කියලා දෙන්න හැදුවට හරියන්නෙ නෑ.. මං මේ ලිදේ අවුරුදු ගනනාවක් ඉඳලා තියෙනවා. මං දන්නවා අහසෙ තරම . ඔහෙ කොහොමද මාව රවට්ටන්නෙ..?" ගෙම්බා කීවේ ය.

Friday, October 21, 2016

ලින්කන්ගේ මුහුණට උණු කෝපි වලින් දමා ගැසූ ගැහැණිය

ලින්කන් ගැන කතා ගොඩක් අතරෙ ඔහුගේ අති අසාර්ථක පවුල් ජීවිතය ගැන කියන්නයි මේ යන්නෙ. 

ඒබ්‍රහම් ලින්කන් සහ මේරි ඈන් ටොඩ් ඉලිනොයිහි ස්ප්‍රින්ෆීල්ඩ් ප්‍රදේශයේදී විවාහ දිවියට එළබෙන ලදි. ලෝක ඉතිහාසයේ අවාසනාවන්තව විවාහ වලින් එකක් විය. 

 තමන්ගේ විවාහය ගැන ලින්කන් ලිඛිතව සදහන් කල එකම සදහන වූයේ විවාහයෙන් සතියකට පමණ පසු ඔහු විස්න් සැමුවෙල් මාර්ෂන් නම් තැනැත්තාට ලියන ලද රාජකාරි ලිපියේ කොටසකි. මෙය අද චිකාගෝ ඉතිහාස සංගමය භාරයේ ඇත.

 එහි සදහන් කර තිබුනේ, " මටම මහත් පුදුමයක් වී ඇති මගේ විවාහය හැරෙන්නට මෙහි තත්වය සම්බන්ධයෙන් වෙනත් විශේෂ පුවතක් නැත " යන්න යි. 


 ලින්කන් ගැන හොදටම දන්නා පුද්ගලයා වූයේ ඔහුත් සමඟ නිතරම සිටි ඔහුගේ නීති සහයකයා වූ විලියම් එච්. හර්න්ඩන් ය. ඔහු ලින්ලන්ගේ පවුල් ජීවිතය ගැන පැවසුවේ " වසර විස්සක කාලය තුල ලින්කන් සතුටින් සිටි එක දවසක්වත් මා දන්නේ නෑ " යනුවෙනි. ලින්කන්ගේ දොම්නසට බෙහෙවින්ම බලපෑවේ මෙම විවාහය බව හර්න්ඩන් ගේ අදහස විය. 

 ලින්කන් හා මේරි ටොඩ් විවාහ ගිවිසගෙන ටික කලකින්ම තේරුම් ගිය කරුණක් වූයේ ඔවුන් දෙදෙනා සෑම අංශයකින්ම සපුරාම නොගෑපෙන යුවළක් බවයි. 

 උදාහරණ ලෙස මේරි ටොඩ් කෙන්ටකී හී පුහු ආටෝපයකින් යුත් පාසලක ඉගෙනුම ලැබූ තැනැත්තියකි. ඈ ඉලිනොයි හි සිටි ඉතාමත් හොද අධ්‍යාපනයක් ලද තැනැත්තියකි. එහෙත් ලින්කන් තම ජීවිත කාලය තුලම පාසලක් වෙත ගියේ වසරකට අඩු කාලයකි. 


  මේරි තම පවුල් පසුබිම ගැන මහත් පුරාජේරුවෙන් සිටියේ ය. ඒ ගැන මහත් ගෞරවයකින් කතා කලේ ය. එහෙත් ලින්කන්ට තම පවුල් පසුබිම ගැන කිසිදු ආඩම්බරයක් නොවීය. ලින්කන් පවසන අන්දමට තමන් ස්ප්‍රින්ෆීල්ඩ් හි සිටිනා අවධියේ තමන්ව බැලීමට පැමිණියේ එක් නෑදෑයෙක් පමණි. ඉඳල ඉඳලා පැමිණි එම පුද්ගලයාත් නගරයෙන් පිට වන විට සොරකම් චෝදනාවක් එල්ල වූ බව ලින්කන් පවසයි. 

  මේරි ටොඩ් විලාසිතා වලට ඉතාමත් කැමැත්තක් දැක්වූයේ ය. එහෙත් ලින්කන් තම පෙනුම ගැන කිසිදු තැකීමක් සිදු කලේ නැත. ඔහු විටෙක සිය කලිසමේ එක් කකුළක් බූට් සපත්තුවේ ඇතුලට ඔබාගෙන අනෙක් කලිසම් කකුල බූට් සපත්තුව වැසෙන සේ පිටතට දමාගෙන ගමන් කලේ ය. 

  මේරි ඉතාමත් අහංකාර තැනැත්තියක් විට. එහෙත් ලින්කන් ඉතාමත් නිහතමානී නම්‍යශීලී අයෙක් විට. ලින්කන් වෙනත් කාන්තාවක් දෙස බැලුවහිත් මේරි ඉතාමත් විශාල කලබගෑනියක් ඇති කලේ ය. ඇය විටෙක කෝප ගත්තේ අහේතුකවය. 

  මොවුන් දෙදෙනා විවාහ ගිවිස ගැනීමට පෙර තමන් විසින් ඇයට විවාහ වීමට තරම් ආදරය නොකල බව දක්වමින් ලින්කන් ලිපියක් ලිව්වේ ය. ඔහු එම ලිපිය තම මිතුරෙකු වූ ජොෂුවා ස්පීඩ් හට ලබාදුන්නේ එම ලිපිය මේරි වෙත දීමට ය. එහෙත් ජොෂුවා එම ලිපිය ඉරා දමා පැවසුවේ, කියන්න තිබෙන දෙයක් ඇය හා සෘජුව කතා කරගන්නා ලෙසය. එමනිසා ලින්කන් මේරි වෙත ගොස් තමන්ට ඇයව විවාහ කර ගත නොහැකි බව පැවසුවේ ය. එසැනින්ම මේරි හඬා වැටීමට පටන් ගත්තේ ය. ලින්කන්ට කිසිදු කාන්තාවක් ඬනවා බලන් සිටිය නොහැකි විය. එමනිසා ඔහු ඇයව සිපගෙන විවාහ වීමට පොරොන්දු විය. 


 විවාහය 1841 ජනවාරි පලමු වනදා සූදානම් කර තිබුනේ ය. අමුත්තන්, පූජක තුමා, මෙරි ටොඩ් ඇතුලු සියලු දේ එදින විය. එනමුත් එකෙනෙක් එහි නොවීය. එනම් මනාලයා වූ ලින්කන් ය. එදින සිදුවූ දෙය මේරි ටොඩ්ගේ සොහොයුරිය විසින් පසුව එළිදරව් කරන ලදි. ඇය පැවසුවේ " එදා ඔහු සැබවින්ම උන්මත්තකයෙක් ලෙස හැසිරුණේ " ලෙස ය. සැබවින්ම ලින්කන් එදින මානසිකව මෙන්ම ශාරීරිකව ඉතාමත් දරුණු ලෙස ඇද වැටීමනට ලක්ව සිටියේ ය. තමන්ගේ මිතුරන් විසින් ලින්කන්ව සොයා ගන්නා ලද්දේ නගරය මැද විකාර දොඩවමින් සිටියදී ය. ඔහු තමන්ට විවාහ වීමට අවශ්‍ය නොවන බවත් මියයා යුතු බවත් පැවසුවේ ය.  
 විවාහයෙන් පසු ලින්කන් විසින් තමන්ගේ දුක්බරම ලිපිය ලිව්වේ ය. එය ලිව්වේ එවකට කොන්ග්‍රස් මණ්ඩලයේ සිටි තම හිතවත් නීති සඟයාට ය.

 " මම දැන් මිහිපිට ජීවත් වන අභාග්‍ය සම්පන්නම මිනිසා බවට පත්ව ඇත්තෙමි. මට දැනෙන හැඟීම මුළු මානව පවුල අතර සමව බෙදා ගතහොත් මේ පොළොව මත එකදු සතුටු මුහුණක්වත් දකින්නට නැති වනු ඇත. මා යළිත් යථා තත්වයට පත් වේදැ යි කිව නොහැක. මා හට නැවතත් පෙර සිටි තත්වයට පත් වීමට බැරි වේ යැයි මට බියක් දැනේ. මේ තත්වයෙන් පසුවනවාට වඩා මා මියයන්නේ නම් එයින් මට හොදක් වේ යැයි මට නිතරම සිතේ. "

මේරි ටොඩ්


 දිනක් ලින්කන් සහ මේරි විසින් සෙසු බෝඩිම්කරුවන් සමඟ්ද් උදෑසන ආහාරය ගනිමින් සිටියේ ය  එදින ලින්කන් විසින් තම බිරිඳව කෝප ගන්වන දෙයක් සිදු කරන ලදි. එයින් කෝප වූ මේරු ලින්කන්ට උණු කෝපි වලින් මුහුණට දමා ගැසුවේ ය. ඇය මෙසේ කලේ සියල්ලන්ම ඉදිරියේ ය. ගේ හිමි කාන්තාව තුවායක් ගෙන ලින්කන්ගේ මුහුණ හා ඇදුම් පිස දැමූ අතර ලින්කන් නිහඬවම සිටියේ ය.

 ලින්කන් මහත්මිය පසු කලෙක උමතු බවට පත් විය. ඒබ්‍රහම් ලින්කන් වසර 33ක් තිස්සේ එම පවුල් ජීවිතය ගතකලේ දුකින් වුවද ඒ ගැන තම මිතුරාට හැර වෙන කිසිවෙක්ට පැවසුවේ නැත. මෙතරම් ඉවසීමක් වර්තමානයේ සිටින පුද්ගලයන්ට තිබෙනවාද යන්න පැනයකි.

 සියලු දෙනාගේ අදහස් බලාපොරොත්තු වෙමි. 

ලින්කන් ගේ සිරුර සොරකම් කිරීම  ගැන ලියවූ ලිපියක්. - මියගියත් නිදහසක් නැති ලින්කන්

Tuesday, October 18, 2016

ලෝකයේ වැඩියෙන්ම ජනප්‍රිය පොත් කිහිපයෙන් එකක කතුවරයා වීම ඔහුට ලැජ්ජාවට කරුණක් විය


  එක්තරා සවස් යාමයක තරමක් ගොත ගසන පුද්ගලයෙන් කුඩා ගැහැනු දරුවන් තිදෙනෙක් සමඟ බෝට්ටුවකින් තේම්ස් නදිය තරණය කලේ ය. බෝට්ටුවෙන් බැස පැය තුනකට පමණ පසු මෙම පුද්ගලයා අතින් ලියැවුනු එම කතාව අදටත් කා අතරත් කතාබහට ලක්වෙයි.

  මොහු නමින් ඩොජ්සන් ය. ( චාල්ස් ලුට්විජ් ඩොජ්සන් ( 1832 - 1898 ) ) එනමුත් ඔබ මොහුව හදුනන්නේ ඒ නමින් නොවේ. එනමුත් ඔහුගේ සැබෑ නම එයයි. ඉරිදා දිනවල පල්ලියේ දේශනා කල නිසා මොහුව ෆාදර් ඩොජ්සන් යැයි සමහරු ඇමතුවේ ය. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ගණිතය උගන්වන දිනවලදී මොහුව මහාචාර්ය ඩොජ්සන් යැයි සිසුන් හා අනෙක් ගුරුවරුන් ඇමතුවේ ය.
ඩොජ්සන් 


 පෙරදි කී බෝට්ටු සවාරියේ දී මොහු විසින් කුඩා ගැහැණු ලමුන් තිදෙනාට පුදුමාකාර කතාවක් තමන් විසින් ගොතා කියන ලදි. එය කෙතරම් සාවධානව ඔවුන් අසා සිටියේද කිවතොත් තමන් යන්නේ බෝට්ටුවක යැයිද එම දැරිවියන්ට අමතක විය.

 ඔහු ඔවුන්ට කීවේ නින්දට පත් වූ පුංචි ගැහැණු ළමයෙකු හාවෙකුගේ ගුලකට වැටී විශ්මලන්තයක අවධි වන සැටි ඇතුලත් වන කතාවකි. මෙම ගැහැණු දරුවන් තිදෙනාගෙන් එක්කෙනෙක්ගේ නම ඇලිස් විය. මෙම දරුවන් තිදෙනා කියා සිටියේ එම කතාව නැවත කියවීමට ලියා දෙන ලෙසයි. එමනිසා මෙම මහාචාර්යවරයා මෙම ඉල්ලීම නිසා එදිනම රෑ නොබලා මෙම කතාව ලිව්වේ ය. මොහු මෙම කතාවට නම දැම්මේ ' විශ්ම දේශයට ගිය ඇලිස්ගේ හපන්කම් ' ලෙස ය.


 පොත මෙසේ ලීවත් ඔහු එය මුද්‍රණය කරන්නට සිතුවේ නැත. මන්ද ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් විකාර ළමා කතා ලියන්නෙක් යැයි මිනිසුන් දැනගන්නවාට ඔහු අකමැති විය. එය තමන්ගේ ගෞරවයට හානියක් යැයි ඔහු සිතුවේ ය.

මුල් කෘතියේ පිටුවක්

 දිනක් ඩොජ්සන්ගේ මිතුරෙක් දූලි අතර තිබූ මෙම පොත සොයාගෙන කියෙව්වේ ය. ඔහුගේ සිත මෙම පොතට තදින්ම ඇදී ගියේ ය. ඔහු මෙම පොත මුද්‍රණය කිරීමට මූලිකත්වය ගත්තේ ය. එනමුත් ඩොජ්සන් එයට කැමැත්තක් නොදැක්වීය. මන්ද පෙරදී දැක්වූ හේතුව යි. එමනිසා ' විශ්ම ලන්තයේ ඇලිස් ' ( Alice In Wonderland ) ප්‍රකාශයට පත් වූයේ ව්‍යාජ නමක් යටතේ ය. ඒ නම ' ලුවිස් කැරොල් ' විය.

මුල් කෘතියේ කවරය

 එය අති සාර්ථක පොතක් බවට පත් විය. ඉංග්‍රීසි කතා කරන ලෝකය අතර එය ඉතා සීග්‍රයෙන් ජනප්‍රිය විය. ඉතා ඉක්මනින්ම එම කතාව විව්ධ භාෂා ගණනාවකටම පරිවර්තනය විය. වසරින් වසර මෙම කතාව තව තවත් ජනප්‍රිය විය.

 1865 දී ලියන ලද මෙම කෘතිය එනම් වසර එකසිය පනහකට ආසන්න කාලයකට පෙර ලියන ලද මෙම කෘතිය අදටත් ලොව ජනප්‍රියම ළමා කතාව ලෙස වැජබේ.

".... හුඟක් දේ ගැන කතා කරන්නට
කාලෙ ඇවිත් බව තල්මහ කීවා
සපත්තු, නැව් ගැන ඇලවෙන ඉටිගැන 
ගෝවා ගෙඩි සහ රජ්ජුරුවන් ගැන...

 මුහුද උණු වෙලා පැහෙන්න මොකද කියා
ඌරන් හට අත්තටු තිබෙනවද කියා...."

Monday, October 17, 2016

මියගියත් නිදහසක් නැති ලින්කන්


 'බිග් ජිම්' කල්ලිය කියන්නේ ඇමරිකා රහස් ඔත්තු සේවාව අපහසුතාවයට පත් කල අංක එකේ හොර කල්ලියක්. මොවුන් බොහොමයක් මුදල් උපයා ගත්තේ හොර නෝට්ටු අච්චු ගැසීමෙනි. එයින් ඔවුන් අතිශය විශාල ධනස්කන්දයක් උපයා ගත්තේ ය. එහෙත් 1876 වන විට මොවුන්ගේ මෙම ක්‍රියාදාමය තරමක් අඩපණ වීමට ගත්තේ ය.  එයට හේතුව බෙන් බොයිඩ් නම් හොර නෝට්ටු අච්චු ගැසීමේ ප්‍රධානියා අත්තඩංගුවට ගෙන තිබීම යි.

  ඇමරිකානු රහස් ඔත්තු සේවය බෙන් බොයිඩ්ව අත්තඩංගුවට ගෙන වසර 10ක බරපතල වැඩ සහිතව සිරගෙට දමන ලදි. කෙසේ නමුත් බිග් ජිම් කල්ලිය කියා සිටියේ කෙසේ හෝ ඔවුන් බෙන් බොයිඩ්ව සිරගෙයින් නිදහස් කරගන්නා බවයි. එමනිසා මෙම කල්ලිය 1876 වසරේදී මිලියන 10 ක ජනතාවගේ ඇගේ ලේ කෝප කරවන අපරාධයක් කිරීමට සූදානම් වූහ.


  මෙම සොර මුල සැලසුම් කලේ ඒබ්‍රහම් ලින්කන්ගේ මෘත දේහය ගෝනියක දමාගෙන වසන්ත සමයේදී කරත්තයක දමාගෙන උතුරු ඉන්දියානා ප්‍රාන්තයට ගෙන යාම ය. ඉන්පසු මිචිගන් වැවේ ඉවුරේ වැලි අතර මෙම සිරුර සැඟවීමයි.

 ඊට පසු ලින්කන්ගේ සිරුර ට කප්පම් ලබා ගැනීමට ඔවුන් සිතා ගත්තේ ය. රජය විසින් බෙන් බොයිඩ්ව නිදහස් කර පවුම් 50 000 ක මුදලක් ලබා දුන් විට ලින්කන්ගේ දේහය යලිත් බාර දීමට සැලසුම් කරන ලදි. මෙය එතරම්ම භයානක සැලසුමක් නොවීය. මන්ද ලින්කන්ගේ සිරුර මිහිදන් කර තිබූ ඉලිනොයි ප්‍රදේශයේ මෘත දේහයක් සොරකම් කිරීම අපරාධයක් ලෙස සලකනු නොලැබීම නිසා ය.


  1876 නොවැම්බර් 6 දින මෙම කල්ලිය චිකාගෝ වලින් දුම්රියක නැග ලින්කන්ගේ උපන් ගම වූ ඉලිනොයි වෙත ගමන් කලේ ය. ඔවුන් චිකාගෝවලින් පිටත් වීමට පෙර ලන්ඩන් පුවත්පත මිලට ගෙන එයින් කැබැල්ලක් ඉරා එම සොර කල්ලියේ මූලස්ථානය වූ චිකාගෝ සමාජශාලාවේ ඒබ්‍රහම් ලින්කන්ගේ උඩුකය ප්‍රථිමාව තුලට එබීය.

 ඔවුන් සැලසුම් කරේ ඉරා ගත් පත්තරේ ඉතිරි කොටස ලින්කන්ගේ සොහොනේ මෘත ශරීරය තිබූ තැන දමා යාමට ය. එය රහස් පරීක්ෂකයන් විසින් අපරාධයට ඉඟියක් ලෙස යොදාගනු නොඅනුමානය. ඉන් පසු ඔවුන් එයට මිලක් නියම කරනු ඇත. ඉන් පසු මුලු රටම කැළඹුනු පසු මෙම කල්ලිට විසින් කිසියම් ක්‍රමයකින් ලින්කන්ගේ සිරුර ඉලිනොයි හි ආණ්ඩුකාරයාට භාර දෙනු ඇත.

සොරකමට භාවිතා කල ආවුධ

 මේ ලබා දෙන්නේ නිවැරදි සිරුරදැයි දැනගැනීමට ඔවුන්ට සාක්ෂියක් ලෙස අර පත්තර කැබැල්ල පෙන්විය හැකි විය.

 මේ සියලු සැලසුම් සිතේ තබාගෙන සොර කල්ලිය 1876 ඡන්දය දා රාත්‍රියේ ඔවුන් ස්ප්‍රින්ෆීල්ඩ් වලට පැමිණියේ ය. මෙකල පැවති මෙම ඡන්දය කෙරේ ජනතාවගේ කැමැත්තක් නොවීය. කෙසේ හෝ මෙම කාලයේ ස්ප්‍රිංෆීල්ඩ් කලබලකාරී ප්‍රදේශයක් විය. රාත්‍රියේදී මෙම සොර මුල තම සොරකමේ යෙදීමට ගියේ ය.

සොර මුලේ සාමාජිකයෙන් වූ ටෙරන්ස් මුලන්

සොර මුලේ සාමාජිකයෙක් වූ ජෝන් හියුග්ස්

 මොවුන් ලින්කන්ගේ සොහොනෙහි දොරේ අඟුලු කැඩුවේ ය. ඉන්පසු මිනී පෙට්ටිය වසා තිබූ කිරි ගරුඩ පියන ඔසවා ලී පෙට්ටිය මදක් ඉවතට ගත්තේ ය. මේ අතරතුර ස්වෙගිල්ස් නම් එක් සොරෙක් සොහොන් ගැබට යාර දෙසීයක් පමණ එහායින් නැවතී සිටියේ ය. ඔහු සොරෙක් ලෙස වෙස්වලාගෙන සිටි ඔත්තු කරුවෙකි. ඔහුත් සමඟම අවට හැංගී තවත් නිලදාරීන් අට දෙනෙක් සිටියේ ය. කලින් කතිකා කරගත් ආකාරයට ස්වෙගිල්ස් විසින් තම සඟයන්ට සංඤා කලේ ය. ඒ සුරුට්ටුවක් දල්වාගෙන ' වොෂ්' යැයි ශබ්ද කිරීම ය.

  එසැනින්ම පොලිස් නිලදාරින් අට දෙනා සොහොන් බිම වෙත දිවගෙන ආවේ ය. එහෙත් එහි කිසිවෙක් නොවීය. ඔවුන්ට දක්නට ලැබුනේ සොහොනෙන් අඩක් ඉවතට ගෙන තිබූ ලින්කන්ගේ මිනී පෙට්ටියයි.

 දින දහයකටපමණ පසු මෙම සිර මුල පොලීසිය විසින් අල්ලා ගන්න ලදි. ලින්කන්ගේ වැඩිමහල් පුත්‍රයා විසින් චිකාගෝවේ හොදම නීතිඥයෙක්ව මෙම නඩුව සදහා යොදාගත්තේ ය. එනමුත් එය එතරම් ලේසි පහසු එකක් නොවීය. මන්ද ඒ වන විට ඉලිනොයො හි මෘත ශරීරයක් සොරකම් කිරීම අපරාධයක් නොවූ බැවිනි. කෙසේ හෝ ඔවුන්ට විරුද්ධව නඩුව ගොනු වුනේ පවුම් 15ක් වටිනා මිනී පෙට්ටියක් සොරකම් කිරීම ගැන ය. මෙම නඩු විභාගය මාස 8ක් ප්‍රමාද විය. පලමු රහස් ඡන්දයේදී ජූරිය චන්දය ප්‍රකාශ කලේ සොර කල්ලියට එරෙහිවය. එහෙත් වට කිහිපයකින් පසු ජූරියේ දොළොස් දෙනාගෙම එකඟත්වය පරිදි මෙම සොර කල්ලිය වසරකට ජොයිලට් සිර කදවුර වෙත යවන ලදි.

පින්තූර අන්තර්ජාලයෙන්. ඔබලාගේ අදහස් ඉතා අගේ කොට සලකමි.

Thursday, October 13, 2016

මිහිපිට විශාලතම ධන ආකරයේ නීත්‍යානුකූල අයිතිය තිබියදී අතේ සතයක්වත් නැතිව මියගිය අසරණයා


 කැලිෆෝනියාවේ ජෝන්. ඩබ්ලිව්. මාර්ෂල් නැමැති වඩු කාර්මිකයෙක් 1848 ජනවාරි 24 වන දින ' ඇමරිකා ' ගඟේ ඉවුර ආසන්නයේ ධාන්‍ය මෝලක් ඉදි කිරීමේ කටයුත්තක නියැලී සිටියේ ය. ඔහු කරමින් සිටි වැඩය මදකට නතර කර Sacramento නගරය පිහිටි පෙදෙසේ ඉහළ පෙදෙසෙන් කහ පැහැති ගලක් දැක එය අහුලා ගත්තේ ය. ඒ රත්තරන් දැයි ඔහුට සැක සිතුනේ ය.  ඔහු මෙම ගල් කැබැල්ල කම්කරු බිරිඳකට දුන්නේ ය. ඇය මෙම ගල් කැබැල්ල සබන් ලයි සහ මේදය තැම්බෙමින් තිබුනු කේතලයට දැම්මා ය.

ජෝන් සටර්


  මෙම ගල් කැබැල්ල නිසැකයෙන්ම රන් කැබැල්ලක් බව තහවුරු විය. ඔහු තම හාම්පුතා වූ ජෝන්. ඒ. සටර් වෙත දිවගෙන ගියේ ය. සටර් එය දුටු පමණින්ම ඒ රත්තරන් යැයි හදුනාගත්තේ ය.

 සටර් මෙම සොයාගැනීම රහසක් ලෙස තබාගන්නට ඉටා ගත්තේ ය. එහෙත් අවාසනාවකට එසේ කල නොහැකි විය. එක දවසක් ගෙවී යන්නට පෙර ගොවිපලේ සියලුම මිනිසුන් තම වැඩ අතහැර සටර්ගේ ගොවිපලට පැමින රත්තරන් සොයා පොලොව හාරන්නට විය.

  සතියක් ගතවන්නට මත්තෙන් සම්පූර්ණ ගමම සටර්ගේ ගොවිපලේ විය. ගමේ සියලුම මිනිසුන් තම සතුන් අතහැර , වගාවන් අතහැර  රත්තරන් කැනීමේ කටයුතු කලේ ය. මිනිසෙකුට දවසක් ඇතුලත පවුම් 200 සිට 1000 අතර මුදලක් උපයා ගැනීම අපහසු නොවීය. ඇමරිකා මහද්වීපය පුරා මෙම ආරංචිය සීග්‍රයෙන් පැතිර ගියේ ය. කම්කරුවන් තම රැකියාවන් අතහැරියේ ය. සොල්දාදුවන් තොග පිටින් රැකියාවෙන් ඉවත් විය. මේ සියලු දෙනා සටර්ගේ ගොවිපල වෙත පැමිණියේ. 1849 වසරේ නාවික යාත්‍රා හත්සීයකට අධික ප්‍රමාණයක් ෂැන් ෆ්‍රැන්සිස්කෝ මුහුදු බොක්කේ නැංගුරම් ලා තිබුනේ ය. එහි සිටි සියලු ජන සමූහයම ගියේ සටර්ගේ ගොවිපල වෙතය.

1850 සටර්ගේ මෝල


  මේ සියලුම දෙනා සටර්ගේ ගොවිපල සෑම අතකින්ම ආක්‍රමණය කර තිබුනේ ය. තුවක්කුවේ නීතියට වඩා එහා නීතියක් නැතැයි ඔවුන් සිතුවේ ය. ඔවුන් සටර්ගේ ධාන්‍ය ගබඩා සමතලා කර පැල්පත් අටවා ගත්තේ ය. කිරි ලබා ගැනීමට ඇති කල එළදෙන්නු මසට ගත්තේ ය.

 පුදුමයෙන් පුදුමයට කරුණක් නම්  මෙම මිනිසුන් සටර්ගේ පෞද්ගලික දේපල මත නගර ඉදි කිරීමට තරම් නිර්භීත වීමයි. සැබෑ අයිතිකරුවා ජීවත්ව සිටියදී එහි වගේ වගක් නොමැතිව තම දේපල විකුණන විට සහ යලිත් විකුණන විට  සටර් කෝපයෙන් පිපිරි පිපිරී අසරණව ඒ දෙස බලා සිටියේ ය.

  1850 දී කැලිෆෝනියාව ඒකාබද්ධ රාජ්‍යයට සම්බන්ධ විය. කෙසේ වෙතත් ඉන්පසු සටර් විසින් ඉතිහාසයේ විශාලතම නඩුව ආරම්භ කලේ ය. සැන් ෆ්‍රැන්සිස්කෝ සහ ස්ක්රමෙන්ටෝ යන නගර තම පෞද්ගලික ඉඩම් මත ඉදි කර ඇති බව පවසා සිටියේ ය. එහි වාසය කරන පිටස්තරයින්ව වහාම එළවන ලෙස ඉහු අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

 කැලිෆෝනියා ප්‍රාදේශීය රජය මගින් තමා ගොඩ නැගූ පෞද්ගලික මං මාවත්, පාලම්, ඇළ මාර්ගයන් පොදු භාවිතයට යොදවා ගැනීම නිසා පවුම් මිලියන 5ක වන්දියක් ඉල්ලා සිටියේ ය. එසේම තමන්ට සිදුවූ අනෙකුත් හානි වෙනුවෙන් පවුම් මිලියන 10ක  ( වර්තමානය වන විට ඩොලර් බිලියන එක හමාරක පමණ මුදලකි. ) වන්දියක් ගෙවන ලෙස ඉල්ලා සිටියේ ය.  එමෙන්ම තමන්ගේ දේපලෙන් ඉවත් කරගත් සෑම රන් අංශුවකින්ම ඉපැයූ සෑම පැන්සයෙන්ම තමන්ට හිමි උරුමය ලබා දෙන ලෙස ඉල්ලා සිටියේ ය.

   සටර් මෙම සටන වසර හතරක කාලයක් සිදුකලේ ය. 1855 දී ඔහු ජය ගත්තේ ය. කැලිෆෝනියාවේ ඉහලම අධිකරණය විසින් තීන්දු කලේ සැන් ෆ්‍රැන්සිස්කෝ සහ ස්ක්රමෙන්ටෝ යන නගරත් තවත් ගම්මාන රැසකුත් සටර්ගේ පෞද්ගලික ඉඩම් මත ගොඩනැංවූ බවයි.


 මෙම පුවත මෙම නගර දෙකේ ජනතාව ව කම්පනයට පත් කලේ ය. ඔවුන් තුවක්කු, කඩු ඔසවාගෙන පෙළපාලි ගියේ ය. ගිනි තැබුවේය. මංකොල්ල කෑවේ ය. ඔවුන් උසාවිය ගිනි තිබ්බේ ය. නඩු වාර්තා පිච්චුවේ ය. ඔවුන් නඩු තීන්දුව ලබාදුන් විනිසුරුවරයාව එල්ලා මරා දැමීමට උත්සහ කලහ. සටර්ගේ නිවෙස් වලට ඩයිනමයිට් දමා පිපිරුවේ ය. සටර්ගේ ගොවිපල දිමින් පිරි පාළු පිටියක් බවට පත් කලේය.

 ඔවුන් සටර්ගේ එක් පුතෙකු ඝාතනය කලේ ය. තවත් පුත්‍රයෙකු සියදිවි නසාගන්නා තත්වය්ට පත් කලේ ය. තුන්වන පුත්‍රයා යුරෝපයට පැනයාමට උත්සහ කිරීමේදී මුහුදේ ගිලී මලේ ය. සටර්ගේ සිහිය විකල් විය.

  සටර් වසර විස්සක් පමණ වොෂින්ටන් නගරයේ සැරිසරමින් තමාට සාදාරණයක් ඉටු කරවා ගැනීමට කොන්ග්‍රස් මණ්ඩලය නම්මවා ගැනීමට උත්සහ කලේ ය. වැරහැලි ඇඳගෙන සිටි මෙම මිනිසා සෙනට් මණ්ඩල සභිකයන් පසුපස්සේ ගියේ ය.

 1880 වසන්ත සමයේදී ජෝන්. ඒ. සටර් වොෂින්ටනයේ කුඩා කාමරයක මිය ගියේ ය. මියයන විට මිහිපිට විශාලතම ධන ආකරයේ නීත්‍යානුකූල අයිතිය තිබියදී අතේ පැන්සයක්වත් නැතිව මොහු මිය ගියේ ය. මොහු මිය යන විට බාල වර්ගයේ මිනී පෙට්ටියක් ලබා ගැනීමට තරම්වත් මුදලක් ඉතිරිව තිබුනේ නැත.

වර්තමානයේ සටර්ගේ මිනී වල

Friday, October 7, 2016

හස්ති වලප - 4 කොටස


 පලමු කොටස කියවන්න මෙතනින්
දෙවන කොටස කියවන්න මෙතනින්
තෙවන කොටස කියවන්න මෙතනින්

වර්තමානයේ ඇතු රු.1000 මුදල් නෝට්ටුවට පෙර තිබූ මුදල් නෝට්ටුවේ සිටින්නේ රාජා ඇතා බව ඔබ දන්නවා යැයි සිතමි. එහි රාජා ඇතා සමඟ සිටින්නේ කව්ද? මේ ඒ පිලිබදවයි.


මදු ගසා අලි අල්ලන ඉන්දියානු සම්භවයක් ඇති මුස්ලිම් ජාකතිකයින් පිරිසක් නැගෙනහිර පළාතේ විසූ බව සඳහන්ව ඇත. ඒ අනුව 1925 ජනවාරි මස 5 වෙනි දින රජයේ පත්‍ර අංක 1318 යටතේ රාජා ඇත් පැටවා නැගෙනහිර පළාතේ එරාවුර් වලදී අල්ලාගෙන ඇත්තේ මෙම ඉන්දියානු සම්භවයක් ඇති උම්මාරැ ලෙබ්බේ නැමති මුස්ලිම් ජාතිකයෙකි. ඔහු විසින් ඇත් පැටවුන් අල්ලාගෙන ඇත්තේ දළදා මාලිගාවට පූජා කිරීම සඳහා නොව ඇතුන් අල්ලා විකිණීම ඉතාම ලාභ උපයන ව්‍යාපාරයක්ව තිබූ නිසා බව ඉතාම පැහැදිලි කරැණකි. ඇත් පැටවාගේ අංග ලක්ෂණ දැක රැ 3300 ගෙවා රාජා සහ තවත් ඇත් පැටවෙකු මිලදී ගනු ලැබුවේ මාම්පිටිය දිසාව විසිනි. 1925 දී රැ 3300ක් යනු අති විශාල වටිනාකමකින් යුත් මුදලක් බව අමුතුවෙන් කිව යුතු නැත. 


එයින් උම්මාරැ ලෙබ්බේ නැමැත්තා අධික ලාභයක් ලබන්නට ඇත. 1937 ජුලි මස 31 වෙනිදා රාජා හස්තියා දළදා මාලිගාවට පූජා කරන ලද්දේ ටිකිරිබණ්ඩාර මාම්පිටිය දිසාව ශ්‍රීමතාණන් විසිනි. එසේ නම් රැපියල් දාහේ නෝට්ටුවට රාජා ඇතා සමග යෙදිය යුත්තේ උම්මාරැ ලෙබ්බේ නැමති වයාපාරිකයාද ? නැතිනම් රාජා හස්තියා අධික මුදලකට මිලදී ගෙන වසර ගණනාවක් රැකබලාගෙන ශ්‍රී දළදා මාලිගාවට පූජා කරන ලද මාම්පිටිය උතුමාණන්වද යන්න සාධාරණව සිහිබුද්ධියෙන් යුතුව සිතා බලන්න. එය මාම්පිටිය දිසාව උත්තමයා හට සිදුකරණ ලද බලවත් අසාධාරණයක් නොවේද ?



   ඈත අතීතයේ අලි ඇතුන් ඝාතනයට ලක්වූයේ ඔවුන් ගම් වැසියන්ට කරදර සිදුකල අවස්ථාවල පමණි. පෘතුගීසීන් හා ලන්දේසීන් අලි ඇතුන්ව සැලකුවේ රජයට අයත් වස්තූන් ලෙසය. වනගත පෙදෙස්වල තේ වගා කිරීම ආරම්භ කිරීමත් සමඟම ඉංග්‍රීසි ජාතිකයන් අලි ඇතුන්ගේ පරම සතුරන් බවට පත් වෙමින් අලි දඩයම පටන් ගැනීම පිලිකුල් සහගත දුෂ්ට ක්‍රියාවකි. බ්‍රිතාන්‍ය වැවිලිකරුවන් සිය විනෝදය පිණිස අලි සිය දහස් ගණනක් දඩයම් කල බව වැවිලි කරුවන්ගේ දිනපොත්වලින් හෙළිවේ.



  බදුල්ලේ දිසා විනිසුරු ලෙස යටත් විජිත සමයේ සේවය කල මේජර් ටී. ඩබ්ලිව්. රොජර්ස් අලි ඇතුන් 1400ක් මරා දමා ඇති බව පැවසේ. නුවරඑළිය තැපැල් කාර්යාලය පිටුපස තිබෙන ඉංග්‍රීසි ජාතිකයන්ගේ සුසාන භූමියේ ඇති මේජර් රොහර්ස්ගේ මිනීවලට සෑම වර්ෂයකම අකුණු පතිත වන බව පැවසේ. මෙසේ සිදු වන්නේ ඔහු අකුණක් වැදී මියගිය බැවිනි.

මේජර් රොජර්ස්


මේජර් රොජර්ස්ගේ සොහොන

 කෙසේ නමුත් මේජර් රොජර්ස් මෙසේ අලි ඇතුන් මරා දැමුවේ සාමාන්‍ය ජනතාවට අලි ඇතුන්ගෙන් සිදුවන හානිය වලක්වාලීමය යැයි ඇතැම් වාර්ථාවල පැවසේ. මේජර් රොජර්ස්ගේ නියෝග මත ඉදි කරන ලද මාර්ග පහත පරිදි වේ.

1) බදුල්ලේ සිට නුවරඑළිය දක්වා මාර්ගය

2) බදුල්ලේ සිට බිබිල දක්වා මාර්ගය

3) බිබිල සිට මඩකලපුව මාර්ගය

4) බදුල්ල සිට රත්නපුර දක්වා මාර්ගය

5) බදුල්ල සිට වැල්ලවාය දක්වා මාර්ගය

6) වැල්ලවාය සිට හම්බන්තොට දක්වා මාර්ගය


 ඊළඟ කොටහින් හමුවෙමු... අදහස් යෝජනා චෝදනා ඉතා අගේ කොට සලකමි...

මූලාශ්‍ර :

*අරුණ රණවක, හසිත චාමිකර ගුණසිංහ, ශෂිකලන රත්වත්ත, රොෂාන් බෝපිටිය යන මහත්වරුන්ගෙන් ලත් තොරතුරු.

*අලි ඇතුන්ගේ ඉතිහාසය ග්‍රන්ථය - මිරැන්ඩෝ ඔබේසේකර

*මව්බිම, ලංකාදීප, සිළුමිණ, ලක්බිම, විජය යන පුවත්පත්වලපලවූ ලිපි.

*නඩෙ ගුරා සංසදයේ පලවූ ලිපි.

*වයලගෙ කාමරේ බ්ලොග් අඩවියේ පලවූ ලිපි.

*පින්නවල අලි අනාථාගාරයෙන් ලත් තොරතුරු

*වනජීවී දෙපාර්තුමේන්තුව

*කෝකිල සංදේශය, මයුර සංදේශය

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...