Friday, October 7, 2016

හස්ති වලප - 4 කොටස


 පලමු කොටස කියවන්න මෙතනින්
දෙවන කොටස කියවන්න මෙතනින්
තෙවන කොටස කියවන්න මෙතනින්

වර්තමානයේ ඇතු රු.1000 මුදල් නෝට්ටුවට පෙර තිබූ මුදල් නෝට්ටුවේ සිටින්නේ රාජා ඇතා බව ඔබ දන්නවා යැයි සිතමි. එහි රාජා ඇතා සමඟ සිටින්නේ කව්ද? මේ ඒ පිලිබදවයි.


මදු ගසා අලි අල්ලන ඉන්දියානු සම්භවයක් ඇති මුස්ලිම් ජාකතිකයින් පිරිසක් නැගෙනහිර පළාතේ විසූ බව සඳහන්ව ඇත. ඒ අනුව 1925 ජනවාරි මස 5 වෙනි දින රජයේ පත්‍ර අංක 1318 යටතේ රාජා ඇත් පැටවා නැගෙනහිර පළාතේ එරාවුර් වලදී අල්ලාගෙන ඇත්තේ මෙම ඉන්දියානු සම්භවයක් ඇති උම්මාරැ ලෙබ්බේ නැමති මුස්ලිම් ජාතිකයෙකි. ඔහු විසින් ඇත් පැටවුන් අල්ලාගෙන ඇත්තේ දළදා මාලිගාවට පූජා කිරීම සඳහා නොව ඇතුන් අල්ලා විකිණීම ඉතාම ලාභ උපයන ව්‍යාපාරයක්ව තිබූ නිසා බව ඉතාම පැහැදිලි කරැණකි. ඇත් පැටවාගේ අංග ලක්ෂණ දැක රැ 3300 ගෙවා රාජා සහ තවත් ඇත් පැටවෙකු මිලදී ගනු ලැබුවේ මාම්පිටිය දිසාව විසිනි. 1925 දී රැ 3300ක් යනු අති විශාල වටිනාකමකින් යුත් මුදලක් බව අමුතුවෙන් කිව යුතු නැත. 


එයින් උම්මාරැ ලෙබ්බේ නැමැත්තා අධික ලාභයක් ලබන්නට ඇත. 1937 ජුලි මස 31 වෙනිදා රාජා හස්තියා දළදා මාලිගාවට පූජා කරන ලද්දේ ටිකිරිබණ්ඩාර මාම්පිටිය දිසාව ශ්‍රීමතාණන් විසිනි. එසේ නම් රැපියල් දාහේ නෝට්ටුවට රාජා ඇතා සමග යෙදිය යුත්තේ උම්මාරැ ලෙබ්බේ නැමති වයාපාරිකයාද ? නැතිනම් රාජා හස්තියා අධික මුදලකට මිලදී ගෙන වසර ගණනාවක් රැකබලාගෙන ශ්‍රී දළදා මාලිගාවට පූජා කරන ලද මාම්පිටිය උතුමාණන්වද යන්න සාධාරණව සිහිබුද්ධියෙන් යුතුව සිතා බලන්න. එය මාම්පිටිය දිසාව උත්තමයා හට සිදුකරණ ලද බලවත් අසාධාරණයක් නොවේද ?



   ඈත අතීතයේ අලි ඇතුන් ඝාතනයට ලක්වූයේ ඔවුන් ගම් වැසියන්ට කරදර සිදුකල අවස්ථාවල පමණි. පෘතුගීසීන් හා ලන්දේසීන් අලි ඇතුන්ව සැලකුවේ රජයට අයත් වස්තූන් ලෙසය. වනගත පෙදෙස්වල තේ වගා කිරීම ආරම්භ කිරීමත් සමඟම ඉංග්‍රීසි ජාතිකයන් අලි ඇතුන්ගේ පරම සතුරන් බවට පත් වෙමින් අලි දඩයම පටන් ගැනීම පිලිකුල් සහගත දුෂ්ට ක්‍රියාවකි. බ්‍රිතාන්‍ය වැවිලිකරුවන් සිය විනෝදය පිණිස අලි සිය දහස් ගණනක් දඩයම් කල බව වැවිලි කරුවන්ගේ දිනපොත්වලින් හෙළිවේ.



  බදුල්ලේ දිසා විනිසුරු ලෙස යටත් විජිත සමයේ සේවය කල මේජර් ටී. ඩබ්ලිව්. රොජර්ස් අලි ඇතුන් 1400ක් මරා දමා ඇති බව පැවසේ. නුවරඑළිය තැපැල් කාර්යාලය පිටුපස තිබෙන ඉංග්‍රීසි ජාතිකයන්ගේ සුසාන භූමියේ ඇති මේජර් රොහර්ස්ගේ මිනීවලට සෑම වර්ෂයකම අකුණු පතිත වන බව පැවසේ. මෙසේ සිදු වන්නේ ඔහු අකුණක් වැදී මියගිය බැවිනි.

මේජර් රොජර්ස්


මේජර් රොජර්ස්ගේ සොහොන

 කෙසේ නමුත් මේජර් රොජර්ස් මෙසේ අලි ඇතුන් මරා දැමුවේ සාමාන්‍ය ජනතාවට අලි ඇතුන්ගෙන් සිදුවන හානිය වලක්වාලීමය යැයි ඇතැම් වාර්ථාවල පැවසේ. මේජර් රොජර්ස්ගේ නියෝග මත ඉදි කරන ලද මාර්ග පහත පරිදි වේ.

1) බදුල්ලේ සිට නුවරඑළිය දක්වා මාර්ගය

2) බදුල්ලේ සිට බිබිල දක්වා මාර්ගය

3) බිබිල සිට මඩකලපුව මාර්ගය

4) බදුල්ල සිට රත්නපුර දක්වා මාර්ගය

5) බදුල්ල සිට වැල්ලවාය දක්වා මාර්ගය

6) වැල්ලවාය සිට හම්බන්තොට දක්වා මාර්ගය


 ඊළඟ කොටහින් හමුවෙමු... අදහස් යෝජනා චෝදනා ඉතා අගේ කොට සලකමි...

මූලාශ්‍ර :

*අරුණ රණවක, හසිත චාමිකර ගුණසිංහ, ශෂිකලන රත්වත්ත, රොෂාන් බෝපිටිය යන මහත්වරුන්ගෙන් ලත් තොරතුරු.

*අලි ඇතුන්ගේ ඉතිහාසය ග්‍රන්ථය - මිරැන්ඩෝ ඔබේසේකර

*මව්බිම, ලංකාදීප, සිළුමිණ, ලක්බිම, විජය යන පුවත්පත්වලපලවූ ලිපි.

*නඩෙ ගුරා සංසදයේ පලවූ ලිපි.

*වයලගෙ කාමරේ බ්ලොග් අඩවියේ පලවූ ලිපි.

*පින්නවල අලි අනාථාගාරයෙන් ලත් තොරතුරු

*වනජීවී දෙපාර්තුමේන්තුව

*කෝකිල සංදේශය, මයුර සංදේශය

13 comments:

  1. 1000 නෝට්ටුවේ ඇත් රුව පිළිබඳව මීට ප්‍රථම දැන සිටියේ නැහැ. ස්තූතියි.

    ජයවේවා!!!

    ReplyDelete
  2. බ්ලොග් එක හෙන පලල වැඩියි . අකුරු දඩාර සයිස් හදපං

    ReplyDelete
  3. නියමයි

    ReplyDelete
  4. මේ තොරතුරු ටික වටිනව. ජයවේවා...

    ReplyDelete
  5. සැමුවෙල් බේකර් නැමැත්තා ලංකාවේ අලි ඇතුන් විශාල ගනනක් මැරුවා කියලා ඔහු ලියු The Rifle and the Hound in Ceylon - Samuel Baker පොතේ තියේනවා පරිවර්තනය කරන ලද පොත සොදුරු දඩබිම - යසපාල වනසිංහ

    ReplyDelete
  6. මේකේ කලු සුදු රූපයේ ඉන්නෙ රාජා නෙමෙයි . ඔය ඉන්නෙ ක්ලිෆර්ඩ් රත්වත්තේ ( මගේ මුත්තණුවන්ට) අයිතිව සිටි මහාරාජා.. - ශෂිකළණ රත්වත්තේ

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...