Thursday, July 21, 2016

ප්‍රතිවාදියා බිය කිරීමට උපන් හකා


 නවසීලන්ත රග්බි ක්‍රීඩකයන් තමන් ක්‍රීඩා කිරීමට පෙර සෑම තරඟයකදීම විශේෂ නර්තනාංගයක් ඉදිරිපත් කරයි. එය නමින් 'හකා' ලෙස හැදින්වේ.

Maori ජාතිකයින්

 හකා නර්තනය නිර්මාණය කර තිබෙන්නේ නවසීලන්තයේ මඕරි ( maori ) ගෝත්‍රික මිනිසුන් විසින්ය. මඕරි ජාතිකයන් සටනකට යෑමට පෙර තම ප්‍රතිවාදියාව භය කිරීමට හා තමන්ගේ ශක්තිය පෙන්වීමට මෙම නර්තනය යොදාගන්නා ලදි. ඒත් සමඟම මෙම හකා නර්තනය අමුත්තන් පිලිගැනීමේදී , විශේෂ උත්සවවලදී සහ අවමඟුල් වලදීද යොදා ගන්නා ලදි.
Maori ගෝත්‍රිකයින් හකා නර්තනයේ යෙදෙන ආකාරය. 

 මෙහිදී තාලයකට කෑ ගසමින් විවිධ අංගචලන දක්වමින් නර්තනයේ යෙදෙයි. සාමාන්‍යයෙන් හකා නර්තනයේ යෙදෙන්නේ පිරිමින් ය. නමුත් වර්තමානය වන විට කාන්තාව හා ලමයින්ද මෙම නර්තනයේ යෙදෙයි.
All Blacks රග්බි කණ්ඩායම හකා නර්තනයේ යෙදෙමින්.


 ප්‍රථමයෙන්ම හකා නර්තනයේ යෙදුනු ක්‍රීඩා කණ්ඩායම වූයේ නවසීලන්ත රග්බි කණ්ඩායමයි. ඒ 1888 -89 කාලයේදීය. All Blacks කණ්ඩායම මෙම නර්තනාංගය මුලින්ම ඉදිරිපත් කර ඇත්තේ 1905 දීය. නවසීලන්තයේ Tall Blacks ( පැසිපන්දු) , Black Sticks ( හොකි ) වැනි ක්‍රීඩා ද මෙම හකා නර්තනයේ යෙදෙයි.

පද මාලාව හා එහි තේරුම

18 වැනි සියවසේ නවසීලන්තයේ උතුරු කොටසේ ජීවත් වෙච්ච ටෙ රවුපරහා කියන ගෝත්‍රික කණ්ඩායම් නායකයෙක් තමයි මේ නර්තනාංගයට අදාළ පදමාලාව ප්‍රථම වරට නිර්මාණය කරල තියෙන්නෙ.


Leader:Ringa pakia!Slap the hands against the thighs!
Uma tiraha!Puff out the chest.
Turi whatia!Bend the knees!
Hope whai ake!Let the hips follow!
Waewae takahia kia kino!Stomp the feet as hard as you can!
Leader:Ka mate, ka mateI die, I die,
Team:Ka ora’ Ka ora’I live, I live
Leader:Ka mate, ka mateI die, I die,
Team:Ka ora Ka ora “I live, I live,
All:Tēnei te tangata pūhuruhuruThis is the hairy man
Nāna i tiki mai whakawhiti te rā…Who caused the sun to shine again for me
A Upane! Ka Upane!Up the ladder, Up the ladder
A Upane Kaupane”Up to the top
Whiti te rā,!The sun shines!
Hī!Rise!



- මිතිල ප්‍රනාන්දු

1 comment:

  1. මමත් හකා එකකට සහභාගී වෙලා තියෙනවා. ඇත්තෙන්ම ප්‍රතිවාදියාට අභියෝගයක් කරනවා වගේම එයින් 'ටීම් ස්පිරිට්' එකක් එනවා. තව කරුණු දැනගන්න තිබුනානම් හොඳයි කියල හිතුන. නමුත් මේ වගේ දේවල් ගැන කියවන්න විකිපීඩියා දුවන්නම වෙනවා. ඊටත් ඊට වඩා කරුණු හොයාගන්නත් ලේසි නැහැනේ. බොහොම අගෙයි

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...