Monday, January 2, 2017

කාබන් කාල නිර්ණය


 උදාවූ නව වසර සාමය, සතුට හා සෞභාග්‍ය සපිරි සුබ නව වසරක් වේවා යැයි පතමි.

 අද කියන්න යන්නේ කාබන් කාල නිර්ණය සම්බන්ධව. අර්ධ ආයු කාල ගණනයන් මගින් පොසිලයක වයස නිර්ණය කර ගන්නා ආකාරය කියා දීම මෙම ලිපියේ අරමුණයි. මුලින්ම අර්ධ ආයු කාලය යනු කුමක්දැයි අපි සලකා බලමු.

 කිසියම් විකිරණශීලී සමස්ථානිකයක න්‍යෂ්ඨිය විකිරණ පිටකරමින් ක්ෂය වේ. ( පොලෝනියම්, රේඩියම්, රේඩෝන්, ෆ්‍රැන්සියම්, තෝරියම්, යුරේනියම් ආදිය විකිරණශීලී මූලද්‍රව්‍ය වලට උදාහරණ කිහිපයකි. ) එවැනි න්‍යෂ්ටියක් පැවති ප්‍රමාණයෙන් භාගයක් වීමට ගතවන කාලය විකිරණශීලී සමස්ථානිකයේ අර්ධ ආයු කාලය යනුවෙන් හැදින්වේ.

 කෝපි ඇට 100g ගන්න. මිනිත්තු 10 කට පසු එම කෝපි ඇට වලින් අඩක් එනම් 50g ඉවත් කරන්න. තවත් මිනිත්තු 10 කට පසු ඉතිරිව ඇති කෝපි ප්‍රමාණයෙන් අඩක් එනම් 25g ඉවත් කරන්න. මේ ආකාරයෙන් ඉතිරිව ඇති ප්‍රමාණවලින් අඩක් බැගින් ඉවත් කරන විට කෝපි ඇට ප්‍රමාණය අඩු වන බව දැකිය හැකිය. පලමුව තිබූ මුලු කෝපි ප්‍රමාණයෙන් අඩක්ද, දෙවනුව මුලින් තිබූ ප්‍රමාණයෙන් කාලක්ද ආදී වශයෙන් ක්ෂය වේ. විකිරණශීලී සමස්ථානිකයක න්‍යෂ්ටියද ක්ෂය වන්නේ ඒ ආකාරයටය.


 එක් එක් විකිරණශීලී සමස්ථානිකවල අර්ධ ආයු කාලයන් එකිනෙකට වෙනස් ය. යුරේනියම් -238 සමස්ථානිකයේ අර්ධ ආයු කාලය වසර මිලියන 4500කි. රේඩෝන්-221 සමස්ථානිකයේ අර්ධ ආයු කාලය තත්පර 30කි.

 ජීවී ශරීරයේ කාබන් -14 විකිරණශීලී සමස්ථානිකය අඩංගු වේ. එහි අර්ධ ආයු කාලය වසර 5730කි. සිරුරේ කාබන් -14 සමස්ථානික ජීවියා මියගිය අවස්ථාවේ පටන් ක්ෂය වීමට පටන් ගනියි. ඒ අනුව අස්ථි කැබැල්ලක , ශාක කොටසක කාබන් -14 විකිරණශීලී සමස්ථානිකයේ අර්ධ ආයු කාලය පරීක්ෂා කර එම අස්ථි කැබැල්ල කොපමණ කාලයකට පෙර ජීවත් වූවෙකුගේදැයි පැවසීමට පුලුවන. කාබන් කාල නිර්ණය නම් එයයි. පුරාවිද්‍යා කැනීම්වලදී හමුවන අස්ථි කැබලි , ශාක කොටස් ආදිය කවර කාලයකට අයත්දැයි නිර්ණය කර ගැනීමට මේ ක්‍රමය වඩාත් ප්‍රයෝජනවත් වේ.


 අපි උදාහරණයක් ගෙන සලකා බලමු. යම්කිසි පොසිලයක කාබන් -14 ඇත්තේ මුල් ප්‍රමාණයෙන් 1/8 යැයි සිතමු. එනම් එය මුල් ප්‍රමාණයෙන් බාගයක්ද(1/2) , එයුනුත් බාගයක්ද (1/4) , එයුනුත් බාගයක්ද (1/8) ක්ෂය වී ඇත. එනම් මෙය අර්ධ ආයු කාල 3ක් ගත වී ඇත. ඒ අනුව මෙහි වයස 5730×3 එනම් වසර 17190 ලෙස නිර්ණය කල හැක. මෙය සරලම ක්‍රමයයි.


මූලාශ්‍ර :

උසස් පෙල විෂය නිර්දේශය.
ලක්ෂ්මන් දිසානායක මහතාගේ පොත්

9 comments:

  1. මිථිල මල්ලිටත් මේ නව වසර නව අර්ථවත් ලිපි තවතවත් ලිවීමට හැකිවන සුභම සුභ 2017 ක් වේවා.

    අදත් වටිනා ලිපියක්. ස්තූතියි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දුමින්ද සහෝ...

      Delete
  2. මේ ගැන නම් මොලෝ දෙයක් දැනගෙන හිටියේ නෑ. දැනුම ලබා දුන්නාට ස්තූතියි
    70000 පසුකල වාසිතයට ජයවේවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අසංග අයියේ...

      Delete
  3. ස්තුතියි මල්ලී

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ෂා කියෙව්වට...

      Delete

දිනෙන් දින දියවී යන වව්නියාවේ කොක්එළිය ගම්මානය

වව්නියා නගරයෙන් තරමක් ඈත්ව පිහිටි ගම්මානයකි කොක්එළිය ගම්මානය. කොක්කු සිටි වෙල් එළිය පසු කාලීනව කොක්එළිය වී ඇත. අවට ගම්මාන අතුරින් ඇති එකම සි...