Thursday, September 21, 2017

'කොළඹ' නම හැදුනෙ කොහොමැයි?

කොළඹ යන නාමයේ මූලය පිලිබඳව මත බොහොමයක් පවතියි. එයින් කිහිපයක් පිලිබඳව අප දැන් සොයා බලමු.

 මධ්‍යකාලීන අවධියේදී මෙම ප්‍රදේශය සිංහලයන් විසින් කොළොන්තොට ලෙසද මොරොක්කෝ හා අරාබි ජාතිකයන් කලෙන්බෝ ලෙසද හදුන්වා ඇත. පස්වන සියවසේදී ලංකාවට පැමිණි දේශාටක හිමි නමක් වූ චීන ජාතික පාහියන් හිමි තම වාර්තා වල කොළඹ හදුන්වා ඇත්තේ සී ලාන් පූ ලෙසයි.

 දහහතර වන සියවසේදී පැමිණි තවත් චීන දේශාටකයෙක් වූ චං තා යුවාන් විසින් කොළඹ හදුන්වා ඇත්තේ කඕලාන්පු ලෙසයි. ඔහු තම වාර්තා වල කොළඹ වගුරු බිමක් ලෙස සටහන් කර තිබේ. ලංකාවට පැමිණි ඉබන් බතූතා කොළඹ අලංකාර නගරයක් බවත් එහි නාමය කළෙන්පු ලෙසත් සටහන් කර තිබේ.

දඹදෙණි යුගයේදී ලියැවුනු සිදත් සඟරාවෙහි ද කොළඹ යන්න සදහන් වී තිබීම විශේෂයි. එහි කොළඹ කරළු ඈ නිපන් සද පියවි නම් ලෙස සදහන් වේ. එමනිසා කොළඹ යන වදන දඹදෙණි යුගයේදීත් භාවිතා වූ බවට අපට සිතිය හැක. රාජාවලියේ කොළඹ යන්න සදහන් වන්නේ කලන්තොට ලෙසයි.
ලන්දේසි පාලනය යටතේ කොළඹ කොටුව ප්‍රදේශය. මේ දළ සිතියම 1672 දී “ජොහැනස් ජන්සෝනියස් වාස්බර්ගන්” විසින් අඳින ලද්දක්

 කෝට්ටේ යුගයෙහි ලියැවුනු රුවන් මල් නිඝණ්ඩුවෙහි මෙසේ සදහන් වේ;

නමවු කුළුණින් බැස
බියකරු සසර සයුරේ
බමණ මුළු සත් වග සෙන්
කොළඹට අළෙ මහත්මා

මෙහි කොළඹ යන්න තොටුපලකට සමාන කර ඇත.  

 පෘතුගීසි ජාතික පර්නාවෝ ද ක්වේරොස් පියතුමාගේ මතයට අනුව කොළඹ යන නාමය සෑදී ඇත්තේ කොළ + අඹ හෙවත් අඹ ගසේ කොළය ලෙසයි. රොබට් නොක්ස් විසින් තම සටහන්වල මේ පිලිබඳව පහත අයුරින් සටහන් කරයි.

"...කොළඹ නගරයට බටහිර දෙසින් ස්වදේශිකයන් අඹගස නමින් හඳුන්වන ගසක් තිබේ. අඹගසේ සාමාන්‍යයෙන් අඹ පල හට ගැනුනත් මේ ගසේ ඇත්තේ කොළ පමණක් නිසා ගස කොළ+අඹ යන නමින් හැදින්වූ අතර ක්‍රිස්තියානුවන් කොළම්බස්ට ගෞරව කරනු වස් කොළොම්බු යන්න ඒ වෙනුවට යොදා ගෙන ඇත. මුහුදුබඩ ප්‍රදේශයේ ඇති ප්‍රධාන නගරය මෙයයි. ප්‍රධාන ආණ්ඩුකාරයාගේ නිල නිවාසයද මේ නුවර තුල පිහිටා ඇත. ලන්දේසිවරුන් නගර ලාංඡනයර අඹ ගසක් හා පරවියෙකු ද තෝරා ගැනීමෙන් මෙය තවදුරටත් සනාථ කර තිබේ.

 සාන්තා ලෝරන්ස් තුඩුව අසල දැනට ඇති කොමසේරියම් වීදියට ආසන්නයේ පරම්පරා ගණනක් යනතෙක් කොළ පමණක් ඇති ඵල හට නොගත් විශාල අඹ ගසක් තිබුණු බවට කියැවේ. මෙය කෙතරම් විශාල වීද යත් මුහුදේ සිට බලන්නෙකුට මෙය බිම් සලකුණක්ද විය..."

 ඉහතදී ඕලන්ද ජාතිකයන් කොළඹ දිසාවනිය නියෝජනය කිරීමට යොදාගත් පරවියෙකු වසා සිටින කොඩියක් ගැන සදහන් විය. ලතින් භාෂාවෙන් කොලුම්බා යනු පරවියාය.

කැළණි ගඟෙන් බෙදී යන කොළොන් ඔය හේතුවෙන් මේ නාමය උපන් බවට ඇත්තේ තවත් මතයකි. කොළොන්නාව, කොළොන්තොට වැනි පැරණි නම් එසේ සකස් වී තිබේ. කල්‍යාණි ගඟ නොහොත් කැලණි ගඟේ තොටුමුණ ලෙස කල්‍යාණි තොට බිහිවී පසුව කොළොන්තොට වූවා විය හැකියි. අතීතයේ සිටම කොළ වාණිජ කටයුතු සදහා ප්‍රසිද්ධියක් ඉසිලූ නගරයක් බැවින් විවිධ ජන වර්ගවල කටවහරට අනුව කොළඹ යන්න පෙරලි වී සෑදුනාද විය හැකියි. 

කලම්බු (යාත්‍රා විශේෂයක්) හා කලප්පු (මිශ්‍රවූ කලපුව) වැනි දකුණු ඉන්දීය වදන්ද තිබේ. මේ සියලු කාරණා නිසා කොළඹ යන නාමයේ මූලය පිලිබඳව ස්ථිර නිගමනයකට ඒමට නොහැකියි.

 මූලාශ්‍ර:
1)පෞරාණික ස්ථාන හා ස්මාරක කොළඹ දිස්ත්‍රික්කය - සීවලී බණ්ඩාර මනතුංග

2)පුරාණ ලංකාවේ ගම්දොර විත්ති - පී. ඇම්. සේනාරත්න

3)එදා හෙළ දිව - රොබට් නොක්ස් [පරිවර්තනය - ඩේවිඩ් කරුණාතිලක ]

4)රාජාවලිය - ඒ. වී. සුරවීර [විචාරාත්මක සංඥාපනය හා ශාස්ත්‍රීය සංස්කරණය]

ඉදිරියේදී පලවීමට නියමිත ලිපි

*කව්ද මේ එලොහිම්?
*අබන්ටෙස් - 2 කොටස

ඔබ ඉදිරියේදී කියවීමට කැමති මාතෘකාවක් තිබේනම් එය පහතින් සටහන් කරන්න. උක්ත සටහන පිලිබඳ අදහස් උදහස් දක්වනවානම් ඉතා කෘතඥ වෙමි.

12 comments:

  1. තවමත් හැම දෙනාම පිළිගත්තු මතයක් නැහැ මම හිතන්නෙ, වෙලාවකට පුදුමයි රටක ප්‍රධාන නගරයක් ගැන මෙහෙම මුල අමතක වෙන එක ගැන. හැමදේම මිනිස්සුන්ගෙ හැටියටනෙ.

    ReplyDelete
  2. කොල් කියන්නෙ කෙරවල අඹ කියන්නෙ අහස.... මද්‍ය කඳු වැටියෙ ඉඳන් බලනකොට අහසෙ කෙරවලින් පේන්නෙ කොලඹයි ඒ නිසයි මේ නම අහසෙ කෙරවල කියල තේරුම එන්න කොලඹ කියල නම වැටුනෙ!!!

    ReplyDelete
  3. සියනෑකොරලේ පරකන්දෙනියේ රසික සූරියආරච්චි‍ සිනුවර සොයා ගත්තාසේ ඔහුගේ පියාණන් විසින් කොළඹ කියන නම නිර්මානය කර ආදේශ කළා කියා ඔහුගේ බ්ලොගක සදහන් කලා. වැඩි විස්තර ඔහු අමතා ලබාගන්න

    ReplyDelete
  4. එහෙනම් කොළඹ නමේ ඉතිහාසයත් දැනගත්තා ආයිබොවන්ඩ
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. විචාරක දියණිය 5 වසර ආණ්ඩුවේ විභාගයට ලියන්න පුළුවන් දැන් දැනුම තියන නිසා

      Delete
  5. හොඳ සොයා බැලීමක්

    ReplyDelete
  6. 'මේ සියලු කාරණා නිසා කොළඹ යන නාමයේ මූලය පිලිබඳව ස්ථිර නිගමනයකට ඒමට නොහැකියි.'

    එහෙන්ම මිතිලගේ ලිපියේ ඇති වැදගත් කමකුත් නැහැ. මොකද ලිපිය කියෙව්වට වැඩක් නැහැනි. මෙවැනි අගක් මුලක්, මාතෘකාව සමග ගැලපීමක් නැති නැති ලිපි ලියා මිනිසුන්ගේ කාලය කන්න එපා මිතිල.

    ReplyDelete
  7. https://www.sarasavi.lk/Book/Changing-Face-Of-Colombo-9559170317

    ReplyDelete
  8. කොළඹ ගැනත් දැන කියා ගත්තා ඕං එහෙනම්

    ReplyDelete
  9. අර කැළණි තොට කොළොන්තොට වුන කතාව තමයි මමත් අහල තියෙන්නේ.

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...