උතුරු ඇමරිකාවේ ගොඩබිමේ ජීවත්වෙන ස්කන්ධයෙන් අධිකම සත්තුන්ගෙන් එක් විශේෂ සත්ව කොටසක් තමා බයිසන් කියන්නේ.
බයිසන් ගවයා සාමාන්‍යයෙන් අඩි 5 - 6.5 ( 1.5 - 2 මීටර්) උස යනවා. ස්කන්ධය ටොන් එකකට ආසන්නයි( 907kg) . ශරීරයේ ස්කන්ධයට සාපේක්ෂව මොවුන්ට ඉතා වේගයෙන් දිවිය හැක. ඔවුන්ට පැයට කිලෝමීටර 65 ක පමණ වේගයෙන් දිවිය හැක. උන්ගේ තියුණු අං සෙන්ටිමීටර 61ක් පමණ දික් වෙයි.
ගැහැණු උදවිය සහ වැඩිමහල්ලන් සාමාන්‍යයෙන් කුඩා රංචු වශයෙන් ජීවත් වෙයි. නමුත් වසන්ත සමය ලං වෙත්ම මොවුන් විශාල වශයෙන් එකට රංචු ගැසෙයි. ගැහැණු උදවිය දරුවෙකු බිහි කරන්නේ මාස නමයක ප්‍රසූත කාලයකින් පසුවයි.
රතු ඉන්දියානුවන් හා බයිසන් ගවයන් අතර දිගු සම්බන්ධකමක් පවතියි. රතු ඉන්දියානුවන්ගේ ආගමික සංඛේතයක් ලෙසද මෙම සත්වයා යොදා ගනියි. 19 වන ශතවර්ෂයේදී ආහාර හා ක්‍රීඩා සදහා බයිසන් ගවයන් මිලියන 50ක් පමණ ඝාතනය කොට ඇත. බයිසන් ගවයන් මේ වන විට සිටින්නේ ලක්ෂ දෙකකට ආසන්න ප්‍රමාණයක් පමණි.
මේ 1870දී පමණ ගන්නා ලද චායාරූපයකි. මෙහි කන්දක් ආකාරයට ගොඩගසා ඇත්තේ ඇමරිකානු බයිසන් ගවයන්ගේ හිස් ය. |
මෙම සතුන් ආහාර සදහාද ඇති දැඩි කරයි. මෙහි රසය හරක් මාංශ වලට බෙහෙවින් සමාන වේ. හරක් මාංශ වලට වඩා මේදය හා කොලෙස්ටරෝල් අඩු අතර ප්‍රෝටීන ප්‍රථිෂතය ඉහළ වේ.
බයිසන් මාංශ වෙළඳපොළේ |
සමීක්ෂණ ප්‍රථිපලවලට අනුව බයිසන් ගවයන් දිනකට සාමාන්‍යයෙන් 3.2km පමණ ඇවිඳියි. මෙම සතුන් ශාක භක්ෂක වේ.
අපි සත්තුන්ට කරදර කල විට සත්තුන්ද අපට කරදර කරයි. බොහො විට සතුන් එසේ කරන්නේ ඔවුන්ගේ ආත්ම ආරක්ෂාවට මෙන්ම බියටයි. බයිසන් ගවයන්ගෙන්ද මිනිසාට යම් පමණක හානි දායක තත්ව උදා වී ඇත. සුප්‍රසිද්ධ යෙලෝස්ටෝන් ජාතික වනෝද්‍යානයේ 1980 සිට 1999 දක්වා කාලයේදී මෙම සතුන් මිනිසුන් 79 දෙනෙකුට පහර දී ඇත. 1983 දී එක් පුද්ගලයෙක් මියගොස්ද ඇත.
මෙම සතුන් ජීවත්වන ප්‍රදේශ. |
මෙම සතුන් ඇමරිකාවේ විවිධ සංකේත සදහා භාවිතා කරයි. ඇමරිකා එක්සත් ජනපදයේ 2016 වසරේ ජාතික ක්ෂිරපායි සත්වයා වන්නේ මෙම සත්වයා ය. විවිධ කාල වකවානු වලදී මෙම සත්වයාගේ රුව ඇතුලත් කාසි හා නෝට්ටු ඇමරිකාව තුල නිකුත් වි ඇත.
1935 නිකුත් වූ කාසියක්. |
1901 නිකුත් වූ නෝට්ටුවක්. |
මිනිසෙකුට සාපේක්ෂව ඇමරිකානු බයිසන් ගවයාගේ ෂරීර ප්‍රමාණය |
වැඩේ අගෙයි. හැබැයි තාමත් විස්තර මදියෝ...
ReplyDeleteබොහොම ස්තුතියි ... මට තව සත්තු ගැන හොයන්න වෙනවා වගේ... ඉතිහාසය ගැන ලිව්වට් සත්තු ගැන මේ ලියන්න ගත්තු මුල...
Deleteනැහැ. ඔයාට පුළුවන් බයිසන් ගැන දිගට ලියන්න. දිගට ලියනකොට ප්‍රතිචාර වැඩියි. එතකොට තමයි වැඩේ නියම වටිනාකම කට්ටියට තේරෙන්නේ. මම වැඩේ ඒ කොනයි මේ කොනයි බොහොම ළඟදී අත්දැකීමෙන් දැනගත්තු නිසා ඔයාට කියන්නේ. ඔයාගේ වැඩේ හොඳයි. පොඩ්ඩක් expand කරමු.
Deleteබොහොම ස්තුතියි අයියේ... වැඩිපුර ලියද්දි කට්ටියට මේවයේ වටිනාකම තේරෙනවා තමා...
Deleteඅපිත් බයිසන් කියලා බියර් ජාතියක් ගැන දැනන් හිටියා.
ReplyDeleteඅත්දැකීම නැතත් මමත් ඒ ගැන අහලා තියෙනවා... :-)
DeleteThis comment has been removed by the author.
DeleteThank you
ReplyDeleteThanks for reading...
Deleteලිපිය හොඳයි. මේ මනුස්ය කොට්ටාශය හැඳින්වීමට 'රතු ඉන්දියන්' කියන නම දැන් භාවිතා කරන්නේ නැහැ. එය යුරෝපීයයන් කළ වරදක්.ආදී වාසීන්ට ඔවුන්ගේ නම් තියනවා.
ReplyDeleteබොහොම ස්තුතියි අක්කේ... යුරෝපීයන් කල වරඳක් කියලා අදහස් කලේ මොකක්ද කියලා කියන්න පුලුවන්ද...
Deleteඅදයි මෙතන්ට ආවේ. ඇත්තටම අපූරු ලිපියක්.
ReplyDeleteජයවේවා!!!
බොහොම ස්තුතියි ... ඔබටත් ජය!
Deleteමුගේ පෙනුම නිශාන්ත මුතුහෙට්ටිගම වගේ.
ReplyDelete:-)
Deleteඑල නියම ලිපිය , අකුරු ලොකු වැඩි නැද්ද
ReplyDeleteබොහොම ස්තූතියි ... තව ටිකක් අඩු කරන්නම්.
DeleteGreat work
ReplyDeleteThank you...
Delete