Wednesday, October 11, 2017

රෝමය ගිනි ගනිද්දි නීරෝ වීණාව වාදනය කලා ද?

 ක්‍රි.ව. 64 දී ජූලි මසදී දින හයක් මුළුල්ලේ රෝමය ගින්නකට මැදි විය. මෙමගින් නගරයෙන් 70%ක් පමණ විනාශ වූ අතර නගර වැසියන්ගෙන් අඩකට වඩා නිවාස අහිමි විය. මෙම සිදුවීම සම්බන්ධව සම්බන්ධ සුප්‍රකට කරුණ නම් , එකල රෝම අධිරාජ්‍යයා වූ නීරෝ රෝම නගරය ගිනි ගන්නා විට වීණාව වාදනය කල බවයි. අප මෙයට වීණාව යැයි කීවද ඔහු වාදනය කලා යැයි පැවසෙන්නේ ෆිඩලය [Fiddle] යි.

 මෙම කියමන බහු අර්ථයෙන් යෙදේ. මෙයින් කියැවෙන්නේ තමන්ගේ මිනිසුන් විඳවන විට නිරෝ ගීත වාදනය කලා පමණක් නොව මෙවැනි හදිසි අවස්ථා වලදී සාර්ථක ලෙස ක්‍රියා කිරීමට නීරෝ දක්ෂ පාලකයෙක් නොවන බවයි. ඉතිහාසයේ සිටි කෲර පාලකයන් අතරට නීරෝගේ නමත් ඇතුලත් වන බැවින් මෙම සිදුවීමට නීරෝ චෝදනා ලැබීම පුදුමවිය යුතු නැත. කෙසේවෙතත් මෙම වීණා වාදනය කිරීම සම්බන්ධ සිදුවීම සම්බන්ධයෙන්ද ගැටළු කිහිපයක් පැන නැගේ.

 නීරෝ වාදනය කලා යැයි පැවසෙන ෆිඩලය පුරාණ රෝමය තුල භාවිතා වූයේ නැත. මන්ද එම සංගීත භාණ්ඩය නිමැවුනේ 11 වන ශතවර්ෂයේ දී බැවිනි. නීරෝ යමක් වාදනය කලා නම් එය සිතාරය විය යුතුයි. එනමුත් එයටවත් නිශ්චිත කිසිදු සාධකයක් නැත. රෝම ඉතිහාසඥයෙක් වන ටැසිටස් , රෝමය ගිනි ගන්නා විට නීරෝ ට්‍රෝයි නුවර විනාශ වීම පිලිබඳව ගායනා කල බව රාවයක් පැතුරුණු බව ලියා තිබේ. එනමුත් ඔහු තවදුරටත් පවසා සිටින්නේ මෙය සම්බන්ධයෙන් ඇහින් දුටු කිසිවෙක් නැති බවයි.

 රෝමය ගිනි ගන්නා විට නීරෝ සිටියේ රෝමයට හැතැප්ම 35ක් පමණ දුරින් පිහිටි ඇන්ටියම් හි ය. සමහරු විශ්වාස කලේ මෙම ගින්න නීරෝ විසින් හිතාමතාම ඇතිකල එකක් බවයි. මන්ද රෝම නගරයේ තමන්ගේ රත්තරන් මාලිගය සාදා ගැනීමට ඉඩ සලසා ගැනීමටයි.

 මෙම ගින්න සදහා නීරෝ විසින් ක්‍රිස්තියානි පුද්ගලයින්ට චෝදනා කරන ලදි. [එකල ක්‍රිස්තියානි ආගමික කණ්ඩායම් එතරම්ම ප්‍රචලිත ආගමික කණ්ඩායම් නොවීය] බොහෝ ක්‍රිස්තියානීන් අල්ලා මරණයට පත් කරන ලදි. මෙවැනි බොහෝ දේවල් වලට වරදකරු වූ නීරෝට මෙවැනි කටකතාවක් සෑදීම ඉතා පහසු දෙයකි. එනම් රෝමය ගිනි ගනිද්දි නීරෝ වීණාව වාදනය කලා යන්න අයත් වන්නේ සුප්‍රකට පුරාවෘත ගණයට මිසක් සත්‍ය ඉතිහාස කතා ගණයට නොවේ.


මූලාශ්‍ර:
1) http://amp.history.com/news/ask-history/did-nero-really-fiddle-while-rome-burned
2) http://www.ancient-origins.net/history-famous-people/did-nero-really-fiddle-while-rome-burned-001919
3) http://history.howstuffworks.com/history-vs-myth/nero.htm
4) https://www.britannica.com/amp/demystified/did-nero-really-fiddle-as-rome-burned





12 comments:

  1. නීරෝ කියන්නේ විශේෂ රසඥතාවයක් ඇති කෙනෙක්.
    ඔහු වරක් ගැහැණියක් සමඟ විවාහ වුනා.
    තව වරක් පිරිමියෙක් සමඟ විවාහ වුනා.
    තව වරක් තමා ගැහැණියක් ලෙස අර්ථ දක්වාගෙන පිරිමියෙක් සමඟ විවාහ වුනා.
    තව වරක් වහල් කොළුවකුගේ වෘෂණ ඉවත්කර ඔහුව ගැහැණියක් ලෙස අර්ථ දක්වා විවාහ කරගත්තා.

    ReplyDelete
    Replies
    1. ජගත් පතිරණ කියන්නේ නපුංසකයෙක්.
      ඔහු වරක් ගැහැනියක් සමග විවාහ උනා.
      ගැහැණිය ඔහුව දාලා ගියා.

      Delete
  2. ඔය වගේ පුරාවෘත්ත ඇත්ත කියල හිතාන වැඩ කරන කී දෙනෙක් ලංකාවෙත් ඉන්නවද??

    ReplyDelete
    Replies
    1. පුරාවෘත ඉතිහාසය කියලා හිතාන වැඩ කරන අය අනන්තවත් ලංකාවෙ ඉන්නවා... ඒකත් එක හේතුවක් ලංකාව එක තැන පල් වෙන්න...

      Delete
  3. ඔළුව ගිනිගත්තාත් විනා ගහන අය අපි අතරෙත් ඉන්නවා.

    ReplyDelete
  4. http://listverse.com/2008/05/05/top-10-myths-about-the-romans/

    ReplyDelete
  5. නීරෝ අධිරාජ්‍යයා තරමක් අරුම පුදම දේ කල අයෙක් වුවත් ඔහු කලාකාමියෙක්. යුරෝපා ඉතිහාසයේ සඳහන් පරිදි බොහෝදෙනා විශ්වාසකරන්නේ මේ ගින්න ඔහු විසින් ඇතිකළ එකක් බවයි. එසේ නම් ඔහු ඊට සතුටු වී වීණා වාදනය කළා වියයුතුය. ඉතිහාසයේ සඳහන් පරිදි ඔහුට අවශ්‍යවූයේ වෙනත් අධිරාජ්යක් පිහිටවා ගන්නට නම් ඔහු රෝමය විනාශකලා විය යුතුය. එහෙත් අවසානයේ ඔහු මිය ගීයේද එම ගින්නට අසුවීමෙන්ය
    විචාරක දියණිය

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...