Thursday, February 1, 2018

ඩොලරයට විකිණිය හැකි ඔස්කාර්



ළඟ ළඟම පැමිණෙන ඇකඩමි සම්මාන උළෙල හෙවත් ඔස්කාර් සම්මාන උළෙල ලොව කාගෙත් ආකර්ෂණය දිනා ගැනීමට සමත් වූ සම්මාන උළෙලක්.

මෙම සුවිශේෂී සම්මානයේ චිත්‍රපට රීල් එකක් මත කඩුවක් අතින් ගත් නයිට්වරයෙක් සිටිනා ආකාරය නිරූපණය වේ. මෙය රාත්තල් 8.5 ක් බර වන අතර උස අඟල් 13.5 ක් වේ. මෙම සම්මානයට ඔස්කාර් යන නාමය ලැබී ඇත්තේ 1939 වසරේ සිටයි. මෙයට ඔස්කාර් යන නාමය ලැබුන සැටි හරිහැටි පැහැදිලි නැතත් ඒ සදහා ගෞරවය හිමි වන්නේ මාගරට් හෙරික් නම් පුස්තකාලාධිපතිනිය වෙතයි. ඈ පලමු වරට මෙම සම්මානය දුටු විට පවසා ඇත්තේ එය ඇගේ ඔස්කාර් නම් මාමා වැනියි ලෙසයි.

පලමුවරට ඇකඩමි සම්මානය නිර්මාණය කර ඇත්තේ සෙඩ්රික් ගිබන්ස් විසිනි. ඒ රන් අලේපිත ලෝකඩ සම්මානයක් ලෙසයි. දෙවන ලෝක යුද්ධ අවධියේ දී ලෝහ දුලභ වූ බැවින් සම්මානය පින්තාරු කර ඇත. වර්තමානය වන විට මෙය බ්‍රිටෑනියම් නම් මිශ්‍ර ලෝහයෙන් තනා රන් ආලේප කර තිබේ.

කාලයත් සමග ඇකඩමි සම්මාන උළෙලත් බොහෝ වෙනස්කම් වලට භාජනය වී තිබේ. පලමු ඇකඩමි සම්මාන උළෙල 1929 දී පැවැත්වීමට මාස තුනකට පෙර එහි ජයග්‍රාහකයන්ගේ නම් ජනගත කර ඇත. ඉන්පසු ජයග්‍රාහකයන්ගේ නම් සම්මාන උළෙලට පෙර දින පුවත්පත් වල පල කර තිබේ. මෙය නැවැත්වීමට සිදු වූයේ 1940 වසරේ වූ සිදුවීමකින්. එම වසරේදී ලොස් ඇන්ජලිස් ටයිම්ස් පුවත්පත ගිවිසුමේ ලෙස එකඟ වූ දිනට ප්‍රථම ජයග්‍රාහකයන් එලිදැක්වීය. මේ හේතුවෙන් 1941 වසරේ දී සීල් කරන ලද ලියුම් කවරයක ජයග්‍රාහකයින්ගේ නම් තැන්පත් කිරීමේ ක්‍රමය ඇරඹුණි.

සම්මාන උළෙලේ තවත් සන්ධිස්ථානයක් හමු වන්නේ 1953 වසරේ දී, ඒ පලමු වරට උළෙල රූපවාහිනියේ විකාශය වීමයි. මෙහි නිවේදකයන් ලෙස කටයුතු කලේ බොබ් හෝප් සහ කොන්රඩ් නේජල් ය. ඇකඩමි සම්මාන උළෙලේ ඉතිහාසය පුරාවටම මෙම උළෙල තෙවතාවක් පසුවට කල් තබා තිබේ. ඒ 1938 (සතියක කාලයක්) කැලිෆෝනියා හි ගංවතුර නිසා , 1968 (දවස් දෙකක කාලයක්) කණි. මාර්ටින් ලූතර් ඝාතනය නිසා සහ 1981 (පැය 24ක කාලයක්) ජනපති රොනල්ඩ් රේගන්ට වෙඩි තැබීම නිසා.

මෙතරම් වටිනා සම්මානය එය ලද අයෙක්ට විකිණිය නොහැකියි. 1950 සිට සියලු සම්මාන ලාභීන් එක්තරා ගිවිසුමකට අත්සන් කරයි. එනම් සම්මාන ලාභියා හෝ ඔහුගෙන් පැවත එන්නන් කිසි විටෙක සම්මානය විකුණන්නේ නැති බවත් එසේ සිතන්නේ නම් ඇකඩමිය වෙත නැවත එම සම්මානය බාරදී ඩොලර් එකක් ලබා ගත හැකි බවත් ය.

1 comment:

  1. සි ලංකාවට සැපත් වූ දෙවන එළිසබෙත් මහ රැජිණගේ බාල පුත් එඩ්වඩ් කුමාරයා කියන්නේ දුප්පතාගේ දුක දන්නා නායකයෙක්. එතුමාට බුදුබව පාර්ථනා කරමු,!!!

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...