වාල්මිකීගේ රාමායණය කෘතියේ මුන්නේශ්වරම් දේවාලය පිලිබඳ සදහන් කර තිබේ. එය කෙටියෙන් මෙසේයි. රාවණා ඉන්දියාවෙන් සීතා දේවියව පැහැරගෙන එන විට ඔහු පසුපස බ්‍රහ්මඝන නම් දෝෂයක් ලුහුබැඳ පැමිණ අතර මෙම දෝෂය එක්තරා අවස්ථාවකදී තමන්ගෙන් ඉවත්ව යන ආකාරයක් ඔහුට දැනුණි. එවිට ඒ අවට බලන විට කෝවිලක් තිබුණි. මෙය මුන්නේශ්වරම් කෝවිලයි. එවිට රාවණා මෙම කෝවිල වැඳපුඳා ගත්තේය. මෙම විශ්වාසය නිසාවෙන් ඉන්දියාවෙන් හින්දු බැතිමතුන් විශාල ප්‍රමාණයක් වාර්ෂිකව හලාවත මුන්නේශ්වරම් කෝවිල වැද පුදා ගැනීමට පැමිණෙයි.
1448 වර්ෂයේ දී හයවෙනි පරාක්‍රමභාහු රජතුමා මුන්නේශ්වරම් කෝවිලෙහි වූ හාස්කම් අසා කෝවිල වැඳ එයට ගම් පූජා කල බව සදහන් වේ. එමෙන්ම 1517 වර්ෂයේ දී කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත පරාක්‍රමභාහු රජතුමාගේ බාල කුමාරයාට ඇතිවූ රෝගයක් සුව කර ගැනීම සදහා මුන්නේශ්වරම් කෝවිලට පැමිණ විෂ්ණු දෙවියන්ට පූජා ඔප්පු කර තිබේ. එම රෝගය සුවවීමෙන් අනතුරුව තඹ සන්නසක් මගින් විශාල ගම් ප්‍රමාණයක් කෝවිලට පවරා ඇත.
පුරාවිද්‍යාඥයින් ගණන් බලා ඇති අන්දමට මෙම කෝවිල අවම වශයෙන් ක්‍රි.පූ. 1000ට අයත් බව පිලිගැනේ. පෘතුගීසි අවධියේ දී මෙවන් ඓතිහාසික වටිනාකමකින් යුතු කෝවිලට වූයේ දුක්ඛදායක ඉරණමකි. කෝවිලේ බොහෝ ප්‍රථිමා හා විවිධ දෑ එකල ඔවුන් විනාශ කරන ලදි. එහෙත් ඔවුන් කෝවිල සම්පූර්ණයෙන්ම විනාශ කලේ නැත. ඔවුන් බොහෝ කාලයක් මෙම කෝවිල කිතුනු දේවස්ථානයක් ලෙස භාවිතා කලේ ය.
1753 වර්ෂයේ දී කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා පෘතුගීසීන් විසින් විනාශ කරනු ලැබූ මුන්නේශ්වරම් කෝවිල නැවත යථා තත්වයට පත් කර ගැනීම සදහා දකුණු ඉන්දියාවෙන් ශිල්පීන් ගෙන්වා කෝවිල නැවත ගොඩනගා ඇත. එමෙන්ම අවට ගම් 64ක් තඹ සන්නසක් මගින් පවරා කෝවිලේ ප්‍රධාන පූජක තනතුර සදහා එක් පවුලකට පවරා තිබේ. වර්තමානය වන විටදී ද මෙහි ප්‍රධාන පූජක තනතුර හොබවන්නේ එම පවුලෙන් පැවත එන්නෙකි. ඔහු නමින් සර්වේස්වර අයියර් පද්මනාග කුරුක්කල් වන අතර 2006 වසරේ සිට ඔහු මෙම තනතුර හොබවයි.
මුන්නේශ්වරම් කෝවිලේ ප්‍රධාන පෙරහැර පවත්වන්නේ අගෝස්තු මාසයේ දීය. මෙම උත්සවය දින විසි අටක් පුරාවට පැවැත්වේ. දිනපතා උෂක්කාල, කාල සන්ති හා උච්චකාල පූජා යනුවෙන් පෙ.ව 5:30, 7:30 හා 12:00 ට පූජා පැවැත්වේ. එමෙන්ම සවස 5:00, රාත්‍රී 7:00 සහ 8:00 ට සාය රක්ෂයි පූජා යනුවෙන් පූජාවන් තුනක් ද දිනපතා පවත්වයි.
ඓතිහාසික වශයෙන් වැදගත්කමක් ඇති මෙම ස්ථානය ප්‍රථිසංස්කරණය කරමින් නඩත්තු කරන්නේ සම්පූර්ණයෙන්ම බැතිමතුන්ගේ අනුග්‍රහයෙනි. මුන්නේශ්වරම් කෝවිල වැද පුදා ගැනීමට පැමිණෙන බැතිනතුන්ගෙන් 90% ක්ම පාහේ සිංහල බෞද්ධයන් වීමද විශේෂයි. මේ අවටම පන්සලක් ද තිබෙන අතර මෙම ප්‍රදේශය ආගමික සහජීවනයෙන් පිරිපුන් ප්‍රදේශයකි.
මෙහි ඇති සෙල්ලිපි සංස්කෘත, පාලි හා දෙමළ යන භාෂා තුනෙන්ම සැදුම් ලත් ඒවා වීම ද සුවිශේෂියි. එම සෙල්ලිපි ආරක්ෂා කර ගැනීමට මුන්නේශ්වරම් කෝවිලේ කුරුක්කල් වරුන් අවශ්‍ය විධි විධාන යොදා තිබේ. මෙම සෙල්ලිපි මුල් වරට කියවීමට උත්සහ ගෙන ඇත්තේ ලංකාවේ සිවිල් සේවයේ නියුතු ජී. එම්. ෆවුලර් විසින් 1890 අවධියේ දී ය.
දිනෙන් දින මුන්නේශ්වරම වැද පුදා ගැනීම සදහා පැමිණෙන බැතිමතුන් ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් වැඩි වේ. ඔබ ඉතිහාසයට කැමති අයෙක් නම් මුන්නේශ්වරම් කෝවිල ඔබ නැරඹිය යුතුම ස්ථානයකි.
මෙම සටහන ලිවීම සදහා මා හට තොරතුරු සැපයූ මුන්නේශ්වරම් කෝවිලේ සිරිහෙරිසර්මා අයියර් සහ ක්‍රිෂ්ණන් ස්වාමි හට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙමි.
එල
ReplyDeleteමුන්නේශ්වරම් , කොනේශ්වරම් යන කෝවිල් ද්‍රවිඩ ජනයාගේ අග්‍රගන්‍ය කෝවිල් වේ යාපනයේ මහාකෝවිලද එයට අයත් වේ දේවරූප වලට නියම රත්තරන් පළඳා ඇති බැවින් මේවා ඉන්දියාවේ කෝවිල් වලට බෙහෙවින් සමාන ලක්ෂණ පෙන්නුම් කරයි
ReplyDeleteවිචාරක දියණිය
ලාංකික දෙමළ ජාතිවාදය ලන්දේසීන් විසින් ගොඩනඟා ඉංග්‍රීසීන් විසින් බෞතීස්ම කෙරුණු දෙයක්. එහි අරමුණ සිංහලයන්ට හිමිතැන අහිමි කිරීමයි.
ReplyDeleteපෘතුග්‍රීසීන් විසින් කඩා දැමූ දේවාලයක් ලන්දේසි යුගයේදී කෝවිලක් වුනා.
නල්ලූර් කෝවිලත් එහෙම එකක් තමයි.
කොනේශ්වරම් ගැන ගොඩක් අය දන්නවා ඇති.
රාමායනයේ ලංකාපුරය තිබුනේ වාල්මිකී ගේ ඔළුව තුලයි.
රාමායන කතා ලංකාවට පැමිණියේ බිරිතානි යුගයේ මෙරටට පැමිණි දෙමළ සංක්‍රමණිකයන් ගෙන්.
මුන්නේස්වරම් දේවාලය වැනි තැන්වලට යන සිංහල බෞද්ධයන් තම ආගමිනක කටයුතු සිංහල ක්‍රමයට පැවැත්වීම කලයුතුයි.
+++++++
ReplyDeleteපැහැදිලි වටිනා ලිපියක් මිතිල.
ReplyDeleteජයවේවා!!!