Monday, November 18, 2019

ඉස්කෝලෙ මහත්තයාගේ පන්තිය - [2] කනත්ත හා සුසාන භූමිය

පන්තියේ සියලුම දෙනා පාඩමට ලැහැස්ති වෙමින් සිටියි.

නිමාලි - කමනි මම ඔයාව ඊයෙ සිරිදෝරිස් සීයගේ මළගෙදරදි දැක්කෙ නැහැනේ. ඇයි ආවෙ නැත්තේ, මම හිතුවා ඔයා එයි කියලා.

කමනි - අනේ මට එන්න බැරි උනේ අම්මට ටිකක් අනීප මදි නිසා. එයාට උණ ගැනිලා හිටියා ඒකයි. හැබැයි කනත්තට නම් ආවා.

නිමාලි - කනත්තෙ සෑහෙන්න සෙනඟ හිටියා. අම්මට දැන් කොහොම ද?

කමනි - අම්මට දැන් හොදයි.

ඉස්කෝලෙ මහත්තයා - ඔය ළමයි දන්නවද කනත්ත කියන්නෙ මොකක්ද කියලා?

කමනි - අර අපේ පන්සල එහා තියෙන්නෙ. මිනිස්සු මැරුණහම වලලන්නේ.

ඉස්කෝලෙ මහත්තයා  - ඔය කනත්ත කියන වචනෙ ආපු විදිහ දන්න කෙනෙක් එහෙම ඉන්නවද මේ පන්තියෙ?

නිසල් - ආපු විදිහක්නන් දන්නෙ නැහැ. අපි පොඩිකාලෙ ඉදන්ම කියන්නෙ කනත්ත කියල තමයි.

සහන් - අපේ සීයා නම් කනත්තට කැරකෝප්පුව කියන අචනෙ පාවිච්චි කරනවා මම අහලා තියෙනවා.

ඉස්කෝලෙ මහත්තයා - කැකෝප්පුව කියන්නෙ සුසාන භූමියට මිසක් කනත්තට නෙමේ.

සහන් - එතකොට කනත්ත කියන්නේ?

ඉස්කෝලෙ මහත්තයා - අහගන්නකො එහෙනම්. ලංකාවෙ තියෙන පැරණිතම සුසාන භූමියක් තමයි බොරැල්ල සුසාන භූමිය. මේ වෙනකොට ලක්ෂ විස්සකට කිට්ටු ප්‍රමානයක් ඒ සුසාන භූමියේ මිහිදන් කරලා තියෙනවා. බොහෝම ඉස්සර ඔය බොරැල්ල සුසාන භූමිය තිබුණු ඉඩමයි බෞද්ධාලෝක මාවතේ වැඩිමනකටයි කීවෙ ‘කුඹි කැලේ’ කියලා. බොරැල්ල කනත්ත තියෙන ඉඩමෙ නම තමා ‘කනත්තවත්ත’ කියන්නෙ. ඔන්න ඔය නිසයි හැම සුසාන භූමියකටම කනත්ත වචනෙ පාවිච්චියට ආවෙ.

ප්‍රසන්න - හේන් වගා කරද්දිත් කනත්ත වචනෙ පාවිච්චි කරනව මම අහලා තියෙනවා.

ඉස්කෝලෙ මහත්තයා - ඔව් පුතේ. හේන් වගා කරනකොටත් කනත්ත අචනෙ පාවිච්චි වෙනවා තමා. ගොවියො හේනක් වගා කරන්න කලියෙන් හේන වගා කරන්න හොද තැනක් හොයනවා කැලෙන්. ඊට පස්සෙ හේනට පාවිච්චි කරන කැලේ කොටහේ තියෙන ගස් සේරෝම කපලා හේන මැද්දට දාලා ගිනි තියෙනවා. දන්න කෙනෙක් කියන්න බලන්න ඒ හේනට කියන මොකක්ද කියලා.

කමනි - (ඉහළට අත ඔසවන ගමන්ම) නවදැලි හේන..


ඉස්කෝලෙ මහත්තයා - බොහොම හොදයි දුවේ. මේ හේන මහ කාලයක් පාවිච්චි කොරන්න වෙන්නෙ නැහැ. මොකද පසේ සාරවත් බාවය කාලයත් එක්ක නැති වෙන නිසා. ඉතින් කාලයත් එක්ක ගොවියො තමන් වගා කරපු හේන අතහැරලා වෙනත් හේනකට යනවා. ඊට පස්සෙ කලින් අතහැර දාපු හේන කැලයේ කොටසක් වෙනවා. මෙන්න මේ කොටසටයි ගමේ මිනිස්සු කනත්ත කීවෙ. 



10 comments:

  1. කනතු හෙන් කොටනවා කිව්වේ අතහැරලා දාපු හේනක් යලි කොටලා වගා කිරිමයි.
    ඇති යාන්තං මිතිලට වාසිතය මතක්වෙලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. පහුගිය මාස කිහිපයේම ලියන්න බැරු උනා වැඩත් එක්ක...

      Delete
  2. පුංචි මහත්මයා ක්‍රිස්තියානි බැතිමතෙක් නේද? සජිත් මහත්තයාට නේද ජන්දේ දුන්නේ පුංචි මහත්තයාගේ කුළුදුල් ජනාධිපතිවරන ජන්දෙදි. මහත්තයට අප්සැට් ද?

    ReplyDelete
    Replies
    1. හැම රංචුවකම කඨ බැටළුවෙක් ඉන්නවා කියනවනේ
      ටීනා ශනෙල් ප්‍රනාන්දුත් ඝෝඨාට සපෝට්.
      මෙයත් ඝෝඨාට සපෝට් ඇති.
      https://www.facebook.com/teena.shanell

      Delete
  3. Replies
    1. කාලෙකින් ලිව්ව නිසා පොඩි එකකින් පටන් ගත්තා...

      Delete
  4. මේ ගැන විස්තරාත්මක ලිපියක් ගියා ඉරිදා ලක්බිම පත්තරේ.

    කනාටු කියන වචනය එක්ක කනත්ත සම්බන්ධයක් තියනවද කියා සොයා බැලිය යුතුයි

    ReplyDelete
    Replies
    1. රෂිනි සූරියරච්චිගේ පුක පළපු දෙමළා ගැන හොයලා බලපන් මානසික ලෙඩා

      Delete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...