Thursday, November 28, 2019

ඉස්කෝලෙ මහත්තයාගේ පන්තිය - [6] සියම් නිකායෙ උපසම්පදාව ගොවිගම කුලයට සීමා වුණේ ඇයි?

නිමාලි - මම ඊයෙ පත්තරේ දැක්කා ගොවිගම කුලයෙ අයට පැවිදි වෙන්න ආරාධනා කරන දැන්වීමක්. ඉතින් ගොවිගම කුලයෙ අයට විතරද පැවිදි වෙන්න පුලුවන්?

ඉස්කෝලෙ මහත්තයා - බුදුන්වහන්සේ වසල සූත්‍රයේ කියන්නෙ; “මිනිසෙකු උපතින් බ‍්‍රාහ්මණයෙකු වන්නේවත්, වසලයෙකු වන්නේවත් නැත. ක‍්‍රියාවෙන්ම මිනිසෙක් බ‍්‍රාහ්මණයෙකු හෝ වසලයෙකු වන්නේය.කියලයි. ඉතින් බුදු බණට අනුව මහන දම් පුරන්න කුලයක් අදාල වෙන්නෙ නැහැ. තව ගත්තොතින් උපාලි සූත්‍රයෙ මෙහෙම තියෙනවා. බුදුන්ගෙ කාලයේ හිටපු ජෛනයෙක් වෙච්ච උපාලි ගෘහපතියා බුදුන්වහන්සේ සරණ යනවා. බුදුන් සරණ යන්න කලියෙන් මේ උපාලි ගෘහපතියා ජෛන නිගන්ඨයින්ට ආධාර උපකාර කරපු කෙනෙක්. ඉතින් බුදුන්වහන්සේ උපාලි ගෘහපතියාට කියනවා මෙහෙම; ‘‘ගෘහපතිය, ඔබගේ ගෙය නිගණ්ඨයන්ට බොහෝ කලක් පැන් පොකුණක් මෙන් විය. එම නිසා, ඉදිරියටත් ඔවුන්ට ඒ අන්දමින්ම සංග‍්‍රහ කළ යුතුය.’’ කියල. බුදුන්වහන්සේ කුල ජාති වලින් මිනිස්සු මැනපු කෙනෙක් නෙමේ. අද කවුරුහරි එහෙම කරනවනම් ඒක සම්පූර්ණයෙන් බුදු බණට විරුද්ධයි.

සහන් - තවම ගොවිගම කුලයෙ අයව විතරක් උපසම්පදා කරන නිකායන් තියෙනවද?

ඉස්කෝලෙ මහත්තයා - සියම් නිකාය තුල උපසම්පදා කරන්න පුලුවන් ගොවිගම කුලයෙ අයව විතරයි.

සහන් - ගොවිගම කුලයෙ අයව විතරක් උපසම්පදා කරන්න ඕන කියලා ආවෙ කොහොම ද?

ඉස්කෝලෙ මහත්තයා - පෘතුගීසීන් ලංකාවට ආවට පස්සෙ ලංකාවෙ බුද්ධ ශාසනේට ලැබුවෙ හොද කලක් නෙමේ. ඒ ගැන කලින් දවසක කියන්න ඇතිනෙ. උපසම්පදාව ලංකාවෙ නැති වෙලා තිබුනු කාලෙක සරණංකර හාමුදුරුවො සියමෙන් උපසම්පදාව ගේන්න මූලිකත්වය ගන්නවා. කිහිප වතාවක්ම උත්සහ කරත් අසාර්ථක වෙලා අන්තිමේට කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගෙ කාලෙ උපසම්පදාව සියමෙන් ගේනවා. සරණංකර හාමුදුරුවන්ට සංඝරාජ ධූරයත් හම්බෙනවා. මේකෙදි කුල බේදයක් නැතුවයි සාමණේරයන් වහන්සේලාව උපසම්පදා කරන්නෙ. සරණංකර හාමුදුරුවොත් උපසම්පදාව ලබන්නෙ මේ අවස්ථාවෙදි උපාලි තෙරුන්ගෙන්. මේ සියම් නිකායට අයිති වෙනවා මල්වත්ත හා අස්ගිරි කියන පාර්ශව දෙක.

දවසක් කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා සරණංකර හාමුදුරුවන්ව බැහැදකින්න පුෂ්පාරාමයට යනකොට මලුවෙ සක්මන් කරමින් හිටපු ස්වාමින්වහන්සේලා කිහිප නමක් රජතුමා හමුවෙන්න ආවා. හැබැයි එක ස්වාමින් වහන්සේ නමක් ලඟ තිබුනු කාණුවකට බැහැලා බයාදුකමින් ගැහි හැහී රජතුමාට ආචාර කරා. රජතුමාට මේකට ගොඩක් කේන්ති ගියා. පස්සෙ හොයල බැලුවම මේ ස්වාමින්වහන්සේ පදු කුලයට අයිති ස්වාමින්වහන්සේ නමක්.

තවත් දවසක් රජතුමා පුෂ්පාරාමයට යනකොට මගුල් බෙර වයන සද්දයක් ඇහුනා. මේක ඇහිලා මොකක්ද මේ කියල බලන්න යනකොටයි දැක්කෙ පැවිද්දෙක් බෙර ගහනවා. හොයල බැලුවම ඒ හිටියෙ බෙරවා කුලයට අයිති පැවිද්දෙක්.අන්තිමේදී කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා අණ කරනවා උපසම්පදා කරන්න පුලුවන් ගොවිගම කියන උසස් කුලයෙ අයව විතරයි කියල.

නිසල් - ඒක හරිම අසාධාරණයිනේ…

ඉස්කෝලෙ මහත්තයා - ඔව් දරුවො.. සියම් නිකායෙ උපසම්පදා කලේ ගොවිගම කුලේ අයව විතරක් නිසා පහත් කුලවලට අයත් සාමණේරයන් වහන්සේලා එකතුවෙලා උපසම්පදා දෙකක් පවත්වනවා 1972 දී හා 1978 දී ඒ තොටගමුව විහාරෙදියි තංගල්ලෙදි යි. හැබැයි මේ උපසම්පදා දෙකම මල්වතු හා අස්ගිරි පාර්ශව දෙක පිළිගන්නෙ නැහැ. මේවා විනය නීති වලට පටහැනියි කියල තමා කීවෙ. ඔන්න ඔහොම ටික කාලයික් ගිහින් රජකමට පත් වුනු රාජාධි රාජසිංහ රජතුමා රාජ ආඥාවක් පනවනවා උපසම්පදා කරන්න පුලුවන් ගොවිගම කුලයෙ අයට විතරයි කියල.

කොහොමෙන් කොහොම හරි 1779 දී අඹගහපිටියේ ඥානවිමලතිස්ස හිමියි තව ස්වාමින් වහන්සේලා කිහිප නමකුයි බුරුමයේ අමරපුරයට ගිහින් උපසම්පදාව ආයෙම අරගෙන පිහිටවනවා අමරපුර නිකාය. මෙන්න මේ නිකායෙ කුල බේදයක් නැතුව උපසම්පදාව ලබන්න පුලුවන්. ඒ 1803 දී. අමරපුර නිකායත් පස්සෙ කාලෙ එක ක හේතු නිසා බෙදෙනවා. 1956 වෙද්දි අමරපුර නිකාය බෙදිල තිබ්බ කොටස් 21ම එකතුව් වෙලා සංඝ සභාවක් පිහිටුවනවා. මේ සංඝ සභාවෙ පලවෙනි සභාපති තමා බළන්ගොඩ ආනන්ද මෛත්‍රීය හාමුදුරුවෝ. තව අමරපුර නිකායට අමතරව කල්‍යාණි වංශ, ධම්මරක්ඛිත, සද්ධම්මයුක්තික නිකායනුත් ඇතිවෙනවා. අඹගහවත්තේ සරණංකර හිමියන් රාමඤ්ඤ නිකායත් පටන් ගන්නවා. මේවයේ ඕනම කුලයකට අයිති කෙනෙක්ට උපසම්පදාව ලබන්න පුලුවන්.

නිමාලි - ඒ කියන්නෙ ගොවිගම කුලයට විතරක් උපසම්පදාව ලබන්න පුලුවන් උනේ රජකෙනෙක්ගේ නියෝගයක් මිසක් බුදුන්වහන්සේ කිව්ව දෙයක් නිසා නෙමෙයි.

ඉස්කෝලෙ මහත්තයා - බුදු බණට අනුව කාටවත් තව කෙනෙක්ව ජාති අගම් කුල අනුව වෙන් කරන්න බැහැ. අද ගොඩක් මිනිස්සු සිරිත් විරිත් සංස්කෘතිය කියන ගොඩට මේවා දාලා මොනවත් හොයලා බලන්නෙ නැතුව පිලිපදිනවා. සිරිතක් විරිතක් හෝ සංස්කෘතික අංගයක් අවුරුදු ගානක් තිස්සෙ මිනිස්සු එකදිගට පිලිපැද්ද පලියට ඒක ‘නිවැරදි’ දෙයක් වෙන්නෙ නැහැ. අම්මා තාත්තා සීයා ආච්චි කරා කියලා නිවැරදි නොවන සංස්කෘතික අංග අපිත් කරන්න ඕන නැහැ. මේවා ඔය ලමයින්ට හොද පාඩම්…

සංස්කෘතියක් වෙනස් වෙනකොටයි ඒක රැකෙන්නෙ. ඒකත් හරි විදිහට වෙනස් වෙන්න ඕන. පොඩි උදාහරණයක් ගන්නම්, විවිධ යකැදුරෝ තොවිල් පවිල් කරනකොට කුකුළගෙ බෙල්ල කඩලා පුදනවා. හැබැයි බුදු සමය නිසා සිංහල යකැදුරා කුකුලගෙ කරමල විදලා ලේ බිංදක් අරගෙනයි තොවිලෙ කරන්නෙ. මේකටයි සංස්කෘතිය නිවැරදි විදිහට වෙනස් වෙනව කියන්නෙ.




8 comments:

  1. ලංකාවේ සිංහල බුද්ධාගමේ තව ගොඩාක් දේවල් තියෙනවා. දෙමළු,තම්බි කියන්නේ නිකන් මුදේ මාළු වගේ. නැත්තනම් කුකුල්ලු වගේ. කොච්චර හරි කමක් නෑ මැරුවත් පින් තමයි සිද්ධ වෙන්නේ.
    වැඩියෙන්ම පව් සිද්ධ වෙන්නේ හරක් මැරුවම. සාමනේර උන්නාන්සෙලා එක්ක ලොකු අවසර රෑට රෑට පන්සලේ සෙල්ලම කරන්නේ කුසල් ධාතු රැස් කිරීමේ මහා පුණ්‍යකර්මය නිසාමයි.

    ආ ඊයේ පෙරේද තව එකක් එලි දැක්කා. ඒ තමයි මීගමුවේ ක්‍රිස්තියානිකාරයන්ට තව බෝම්බයක් ගැහැව්වා නං කෙලින්ම මෙතෙ බුදු දැක නිවන් යන්ට පුළුවන් පින්කමක්.

    ReplyDelete
  2. ජන්දෙන් පස්සේ එක පාරම වගේ සිංහල බෞද්ධයන්ගේ කුල ගැන, බෞද්ධ භික්ෂු සමාජය ගැන, රටේ විවිද පළාත් අනික්වාට වඩා හොදයි බව කියමින් (අපි දකුණේ, අපි කොළඹ) විවිද ලිපි පලවීමේ ප්‍රවනතාවක් තියෙනවා. පහුගිය ජනාධිපතිවරණයේදී සිංහල බෞද්ධ ජනතාව එක්කසුව රට,ජාතිය,ආගම රකින පාලකයාට ජන්දය දුන්න.

    දැන් මේ විවිද අන්‍යාගමික උදවිය සිංහල බෞද්ධයන් බේද බින්න කිරීමටද මෙලෙස කුල බේදය ගැන කතා කරමින් ලිපි දමන්නේ? මේ ගැන වහාම සොයා බලා ක්‍රියාමාර්ග ගත්තේ නැති නම් ඉදිරියේ ලොකු විනාශයක්. මේ ගැන රජටේ ඉහල නිලධාරීන්ට දැනුවත් කිරීම් කල නම් හොදයි.

    ReplyDelete
    Replies
    1. ඔබ පහල නිලධාරියෙක්ද? නොදන්න නිසා හැව්වේ

      Delete
    2. # AnonymousNovember 28, 2019 at 9:07 PM

      මම අමාත්‍යංශයක සේවය කරන තාක්ෂණික නිලධාරීයෙක්. මට වඩා ඉහල වගේම පහල තනතුරු හොබවන දහස් ගණනක් ඉන්නවා.

      Delete
  3. ස්තූතියි දැනුවත් කිරීම ගැන, සොයමින් සිටි පිළිතුරක්. ඔබේ සියලුම ලිපි පාහේ ඉතාම informative. හොඳ දැනුමක් ලබා ගන්න පුළුවන් තැනක්.

    ReplyDelete
    Replies
    1. දැනුමට යමක් එකතු කරන්න ලැබිච්ච එකට සතුටුයි...

      Delete
  4. මිනිස්සු, විශේෂයෙන් අපේ රටේ අය තමන් විතරක් වැජඹෙන්න, අනුන්ට කෙළවන්න ඕනේ වුණාම ජාති- කුලමල සේරම අදිනවා. තමන්ට වාසියක් වෙනවා නම් වාලධිය පශ්චාත් භාගයේ ගහගන්නවා.

    ReplyDelete
  5. මිථිල දන්නවද බුදුහාමුදුරුවො හාමුදුරුවන්ට මෙහෙම විනය නීති දාලා තියෙනවා.
    වැසිකිලි ගිහින් ඉන්නකොට එලියේ අය එක්ක කතාකරකර රෙන්න තහනම්.
    මැටි අනනවා වගේ බත් අනන්න තහනම්
    හිතෙන හිතෙන තැන්වල කෙල ගැසීම තහනම්.
    කටේ කෑම පුරවගෙන විරිත්තීම තහනම්.
    දොරකඩ ඉඳන් මිදුලට චූ කිරීම තහනම්.

    මේ පුරුදු අඩු කුලේ මිනිස්සුන්ගේ පුරුදු.
    බුදු හාමුදුරුවෝ කුල බේදයට විරුද්ධවුනාට අඩුකුලේ මිනිස්සුන්ගේ පුරුදු අන නෑ.
    ඒ වගේම ප්‍රධාන භික්ෂුන් දෙන්නා වුන සැරියුතු මුගලන් දෙන්නම බමුනෝ.

    බුදු හාමුදුරුවන්ට identity politic එකක් තිබුනේ නෑ

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...