පරසතු මල් එකිනෙක අමුණා
මල් දාමයක් පැළදුවත් ඔබ
රාමා කෙනෙකි
දර සෑයට මත ගිය සීතාට
නිවසින් සුර විමනට යාමට සැරසුනු මට
ලැබුනේ සිපිරිගෙයකි ඉන්නට
ඇත්තේ එක ඉල්ලීමකි මගෙන් ඔබට
යන්න අවසර නැවතත් මගේ නිවසට
පුංචි සන්දියේ වැටී
ඇඬූ සැටි මට සිහිවෙයි
සිනහවෙන් මා සනසා
පසුව හැඬූ පියා පතා
ආ හැටි මට දැන් සිහිවෙයි
රෝස මලේ කටු ඇත්තේ
වන බඹරුන් එලවන්නට නම්
ඇයි ඔබ එහි කටු සිඳිමින්
මල් පෙති වලට ඇලුම් කලේ
පරසතු මල් - දිව්‍යලෝකයේ ඇතැයි සැළකෙන මල් විශේෂයක්
ආදරයේ සළකුණක් ලෙස භාවිතා වන රාමා සීතා ආදර කතාවේ අවසානයට රාමා තම බිරිඳ වන සීතාව සැක කරයි. එසේ කරන්නේ තරමක කාලයක් ඇය රාවණාට යටත් ව සිටි නිසයි.
අවසානයේ සීතාට තම පති භක්තිය පෙන්වීමට ගින්දර දල්වන ලද දර සෑයක් මතින් යන ලෙස රාම කුමාරයා අණ කරයි.
පිංතූරය - මාග්‍රට් ලින්ඩ්සි [1726 - 1782 ]
මේ ආණ්ඩුව අපු දවසේ ඉදන් රටට අපලයි. වැස්ස නැහැ. වතුර නැහැ. මිනිස්සුන්ට කන්න හාල් එළවලු නැහැ. ඒ මදිවට රෝග බිය. විශාලා මහනුවර වගේ අපේ රට.
ReplyDeleteමට මතක් වුණේ පෙම්වතියකගේ ඉල්ලීම.
ReplyDeleteපුන්පෝදා සඳ ඔබ ගෙන ආවොත් මල් වට්ටියකට අරගන්නම්
ඔබ හැමදාමත් ඉල්ලන තරු මල් එයට නෙළා පිළිගන්වන්නම්
නටුවක් මොටද මට ලා සුළඟට වැනෙනා
ReplyDeleteකටුවක් වෙයන් මල් නටුවක් මුර කරනා