Wednesday, April 22, 2020

අද අපි සිටිනෙමු තානායමේ ගිණි මැලය ළඟින්


අත පෑමට කිසිවෙක් නැත මේ වීදියේ
සොයති නැවතුමට තැනක් අද දිනයේ
වැහි වළාවෝ එති උන් පසුපසිනේ
එකෙකුට වුව රිසි තැනක් දෙනු දෙවියනේ


නැගෙන සුළගෙන් කඩා හැලෙන කොළ අතු
වැදී අසයි මතු උපදින කුමරුගෙ තතු


අවැසිය සෙවණක් ඔහුගේ පවුලට
සොයමින් සිටියා වැහි පොදෙන් ගැලවෙන්නට
දකිති කරුවලේ එකදු එළියක් ඈතට වන්නට
යුවළක් දිළිඳු පැමිණෙති තානායම් දොරකඩට


තානායම් කරු ගේ මුහුණ අඳුරු වළාවක් වීය
අහසත් ඊට නොදෙවෙනි වීය
වැහි පොද හී සර මෙන් වීය
අඳුරු වීදියේ යුවළ යන්නට වීය


එළියට සිටි හඳත් දැන් අපගෙන් වෙන්ව ගොසින්
කෙළි වියේ අපේ අද දුටු අයත් අපගෙන් වෙන්ව ගොසින්
ඇසුවානම් මදකට උන් අදහස පැහැදි සිතින්
අපි අද සිටිනෙමු තානායමේ ගිණි මැලය ළඟින්


තානායම් කරු ගේ සිත සැලුණේ නැත උන් දෙදෙන හට
ගස් වැල් සැලෙයි උන් අස්වසන ලෙස
උගනිව් උගනිව් උගනිව් කුමරුනි මගේ පුත
එයයි විසඳුම ගැලවෙන්නට මේ මහ ඝන අදුර පිට



1 comment:

  1. මේ කවියෙන් කියවෙන්නේ කපල් වලට රූම්ස් දෙන ගෙස්ට් එකකට කොරෝනා නිසා කෙල වෙලා තියෙන හැටි නේද? එන කපලුත් අයෙ හැරිලා යනවා බයේ. මොකද කාමරේ කලින් හිටිය උදවියට කොරෝනාද දන්නේ නෑනි.

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...