බොහෝ කාලයක් ගතවී ගොස්.
මගේ සිහින අමතක වූ දා
සිට.
නමුත් සැනකින්,
මගේ ඉදිරිපිට,
සූර්යයා මෙන් දිලිසෙමින්,
දුටුවා මගේ සිහිනය.
නමුත් සිහිනයත් මා අතර
බාධකය,
නැග එයි හෙමිහිට,
හෙමිහිට,
අහස හමුවන තුරුම.
බාධකය,
සෙවනැල්ල,
මම මුවා වී සිටින.
මා ඉදිරිපිට නැත මගේ
හීනයේ ආලෝකය.
මා ඉදිරිපිට බාධකය පමණයි.
සෙවනැල්ල පමණයි.
මගේ අත්!
අහෝ මගේ අඳුරු අත්!
බාධයක බිඳ,
සොයාගත්තා මගේ හීනය!
උපකාර අවැසියි මට.
අඳුර බිඳින්නට.
සෙවනැල්ල බිඳින්නට.
දහසක් හිරු රැස් වලට,
දහසක් හීන වලට.
අදුර බිඳින්නට රැයක් දවාලු ලන්තෑරුම් නිවලා
ReplyDeleteතිමිර එතිර කඩ අරුණැලි බිඳහැර
හිරු තව දවසක් ගෙනවිල්ලා//
විචාරක දියණිය
හීනය හීනයක්වී
ReplyDeleteතියෙන තුරු තියේවී
මතකයේ නිදන්වී
හැබෑ වුනු හීන නම්
.....
මතකෙවත්....