මිනිස්සු දුරාතීතයේ සිටම ලෝකයේ ආරම්භය සිදු වුනේ කොහොමද කියලා හොයන්න වෙහෙසුනා. තමන් දකින නිරීක්ෂණ වලට පැහැදිලි හේතුවක් හොයාගන්න බැරි තැන ඔවුන් අලංකාර කතාවක් ගෙතුවා. ශිෂ්ටාචාරගත ජනයාත් ලෝකයේ ආරම්භය ගැන විවිධ කතා ගෙතුවා. වර්තමානයේ දී බොහෝ විද්‍යාඥයෝ ලෝකයේ ආරම්භය විදිහට පිළිගන්නේ පිපිරුමකින් ලෝකය ආරම්භ වුනා කියලා. ‘මහා පිපිරුම් වාදය’ කියන්නේ ඒකට. මහා පිපිරුම් වාදය ගැන ඔබ අහලා තිබුනත් මේ සංකල්පය ඉදිරිපත් කල විද්‍යාඥයා ගැන අහලා තියෙනව ද? ඔහු කතෝලික පූජකයෙක්. අද කතාව ඔහු ගැන.
ජෝර්ජ් හෙන්රි ලෙමෙත් නමින් වූ මේ බෙල්ජියම් පූජකයා ගැන බොහෝ දෙනෙක් අසා නැත්තේ සුදුස්සාට සුදුසු තැන නොලැබීමේ තවත් දිගුවක් විදිහටයි. කුඩා ලෙමෙත් ඉපදෙන්නේ කතෝලික පවුලකට. මේ දරුවාට වයස අවුරුදු නමය වෙද්දී ආශාවක් ඇති වෙනවා පූජකයෙක් වෙන්න. ඒ විතරක් නෙමේ විද්‍යාඥයෙක් වීමේ ආශාවකුත් ඔහුට ඒ කාලයේ දීම ඇතිවෙනවා. මේ නිසා පූජකයෙක් ලෙස කටයුතු කරමින් හිටපු අවධියේ දීම ලෙමෙත් විද්‍යාව ඉගෙනීමේ කටයුතු කරනවා.
නමුත් දෙවන ලෝක යුද්ධ අවධියේ දී හිට්ලර් බෙල්ජියම ආක්‍රමණය කල නිසා ලෙමෙත්ට ඉගෙනීමේ කටයුතු අතරමග නතර කරන්න සිදු වෙනවා. මේ නිසා 1940 දී ලෙමෙත් බෙල්ජියම් හමුදාවට බැඳෙන්න සිදුවෙනවා. ඔහු හමුදාවෙන් ඉවත් වෙන්නේ යුධ වීර පදක්කමක් සහිතවයි. විශ්වය ආරම්භ වුනේ මොන විදිහකින් ද කියලා ලෙමෙත් හිතන්න ගන්නේ මේ කාලයේ දී. තමන් කතෝලික පූජකයෙක් වෙන නිසා තමන්ට උගන්වලා තියෙන ලෝකයේ ආරම්භ කතාව ගැන ජෝර්ජ් හිතන්න පටන් ගන්නවා.
‘දෙවියන්වහන්සේ එළිය වේවයි කීසේක; එවිට එළිය විය’.
බයිබලයේ උප්පත්ති පොතේ තමන් ඉගෙන ගත් මේ කතාවෙන් ලෙමෙත් සෑහීමකට පත් වුනේ නැහැ. තමන් රැකීමට බැඳුනු දෙයක අඩුවක් දකින්න පුලුවන් වෙන්නේ විරල මිනිස්සුන්ට විතරයි. මේ නිසා ලෙමෙත් දිගින් දිගටම ලෝකයේ ආරම්භය ගැන අධ්‍යනය කරන්න ගත්තා. මේ අතර එඩ්වින් හබල් නම් විද්‍යාඥයා තමන්ගේ දුරේක්ෂයෙන් හොයාගන්නවා අපි ඉන්න කිරි සයුර නම් මන්දාකිණියට අමතරව තවත් මන්දාකිණි විශාල ප්‍රමාණයක් තියෙනවා කියලා.
ඒ වගේම මේ මන්දාකිණි එක තැන ඉන්නේ නැතිව ගමන් කරනවා කියලත් හබල් කියනවා. තවත් විද්‍යාඥයෙක් වුනු වෙස්ටස් ස්ලයිෆර් හොයාගත්තා මේ මන්දාකිණි වලින් එකක් වන ඇන්ඩ්‍රොමීඩා චක්‍රාවාටය නිල් පැහැතියි කියලා. අනෙක් චක්‍රාවාට රතු පැහැතියි. ඒ වගේම ඔහු තවදුරටත් කිව්වා ඇන්ඩ්‍රොමීඩා චක්‍රාවාටය අපේ චක්‍රාවාටය දෙසට පැමිණෙනවා කියලා. ඔහු මේ නිගමනයට එලබුනේ හරි අපූරු ක්‍රමයකින්. යම් කිසි වස්තුවකින් ආලෝක තරංගයක් ළඟ ඉඳන් නම් එන්නේ ඒ ආලෝක තරංග ඇකිලිලා නිල් පැහැයක් ගන්නවා. දුර ඉඳන් නම් ආලෝක තරංගය එන්නේ ඒ තරංගය ඇදිලා රතු පැහැයක් ගන්නවා. ඇන්ඩ්‍රොමීඩා චක්‍රාවාටයේ පැහැය ක්‍රමක්‍රමයෙන් නිල් පැහැය ගන්න නිසා ඒ චක්‍රාවාටය එන්නේ අපේ දිහාවට කියලා ස්ලයිෆර් කිව්වා. අනෙක්වා රතු පැහැයක් ගන්නේ ඒ චක්‍රාවාට අපෙන් ඉවතට යන නිසා.
අපගේ කතා නායකයා වුනු ලෙමෙත් පූජකතුමා මේ නිරීක්ෂණ වලින් නිගමය කලේ වෙනත් දෙයක්. ඔහු කිව්වා චක්‍රාවාට ගමන් කරන්නේ නැහැ. නමුත් විශ්වය ප්‍රසාරණය වෙනවා කියලා. චක්‍රාවාට තියෙන තැන වෙනස් වෙනවා කියලා අපට හිතෙන්නේ විශ්වය ප්‍රසාරණය වෙන නිසා කියලයි ඔහු කිව්වේ.
ලෙමෙත් මෙම සංකල්පය ඉදිරිපත් කරාම ඒ කාලයේ ගොඩක් විද්‍යාඥයින් මේක විශ්වාස කලේ නැහැ. ඇල්බර්ට් අයින්ස්ටයින් පවා විශ්වය ප්‍රසාරණය වෙනවා කියලා විශ්වාස කලේ නැහැ. 1927 වසරේ දී ජෝර්ජ් ප්‍රංශ භාෂාවෙන් තමන්ගේ මෙම සොයාගැනීම් ගැන සඳහන් කරලා පර්යේෂණ පත්‍රිකාවක් එළිදැක්වුවා. නමුත් කවුරුත් ඒක ගණනකට ගත්තේ නැහැ. ප්‍රංශ භාෂාවෙන් ලිව්ව නිසා ගොඩ දෙනෙක් කියෙව්වෙත් නැහැ.
වසර දෙකකට පස්සේ එඩ්වින් හබල් පර්යේෂන පත්‍රිකාවක් නිකුත් කරනවා විශ්වයේ ප්‍රසාරණය සම්බන්ධව. මේ සොයාගැනීමට ලෝකයම කලබන්න හැකියාව ලැබෙනවා. අවසානයේ දී විශ්වයේ ප්රසාරණයට අදාල නියමය නම් කරන්නේ ‘හබල්ගේ නියමය’ කියලා.
හබල් තමන්ගේ පර්යේෂණ පත්‍රිකාව නිකුත් කරලා තවත් වසර දෙකකට පස්සේ ලෙමෙත් 1927 දී එළිදක්වපු තමන්ගේ පර්යේෂණ පත්‍රිකාව ඉංග්‍රීසියෙන් එළිදක්වනවා. විශ්වයේ ප්‍රසාරණ සංකල්පය තමන් මුලින් හොයාගත්තත් ඒකට ගෞරව හබල්ට ලැබුන එක ගැන ලෙමෙත් දුක් වුනේ නැහැ. නඩු දාන්න ගියෙත් නැහැ. තමන්ගේ සගයෙක්ට ලැබුනු ගෞරවය ගැන ඔහු අවංකව සතුටු වුනා.
ලෙමෙත් එතනින් නතර වෙන්නේ නැතුව තමන්ගේ පර්යේෂන කටයුතු දිගටම කරගෙන ගියා. විශ්වය ප්‍රසාරණය වෙනවා නම් විශ්වයට ආරම්භයක් තියෙන්න ඕන කියලා ලෙමෙත් කල්පනා කරා. විශ්වය පටන් ගත්තේ අංශුවක ගැබ් වී තිබුනු ශක්තියක් පුපුරා යාම නිසා කියලා ඔහු කිව්වා. ඔහු මේ සංකල්පය නම් කලේ ආදි කල්පික පරමාණුව නමින්. මේ සංකල්පයටයි පසු කාලයේ මහා පිපිරුම් වාදය කිව්වේ.
මේ ඉදිරිපත් කිරීමෙන් පස්සේ තමන්ගේ මේ සොයාගැනීම් ගැන බොහෝ තැන්වලදී ලෙමෙත් පූජකතුමා දේශනා කරන්න පටන් ගන්නවා. මේ දේශනා අහපු අයින්ස්ටයින් “විශ්වයේ මැවීම ගැන මම මෙතෙක් අහලා තියෙන ලස්සනම සහ වඩාත් සතුටුදායකම පැහැදිලි කිරීම මෙයයි” කියලා කිව්වා.
ලෙමෙත් 1954 වසරේ දී විශ්වයේ ප්‍රසාරණය සොයාගැනීම නිසාත් 1956 වසරේ දී විශ්වයේ ආරම්භ සංකල්පය ඉදිරිපත් කිරීම නිසාත් නොබෙල් ත්‍යාගයට නම් කරනු ලැබුවත් එය දෙවතාවෙම හිමි වුනේ නැහැ. ලෙමෙත් මියයන්නේ 1966 වසරේ වයස අවු. 71 දී ලියුකේමියා රෝගය වැලදීම නිසා.
හබල් නියමය 2018 වසරේ දී වෙනස් කරනවා හබල් - ලෙමෙත් නියමය කියලා. ලෙමෙත් සමඟ කරට කර වැඩ කල විද්‍යාඥයින්ගේ නම් තරම් ලෙමෙත්ගේ නම ඇහෙන්නේ නැති තරම්. ඔහු තමන්ගේ සොයාගැනීම් ගැන සෙව්වා මිස ප්‍රසිද්ධිය පස්සේ නොයෑම ඒකට හේතුවක් වෙන්න පුලුවන්.
ලෙමෙත් මහා පිපිරුම් වදය ඉදිරිපත් කරාම ඒ කාලයේ පාප්වහන්සේ ඒ සංකල්පය දෙවියන් හා සම්බන්ධ කරන්න උත්සහ ගත්තා. තමන් පූජකයෙක් වුනත් තමන්ගේ මේ විද්‍යාත්මක සොයාගැනීම් ආගමික සංකල්ප සමඟ පටලවන්න එපා කියලා ලෙමෙත් පූජක විද්‍යාඥයා පාප්වහන්සේට කිව්වා.
ලෙමෙත් පාප්වහන්සේට මහා පිපිරුම් වාදය විස්තර කරමින් |
කලින් අහල තිබ්බෙ නෑ. නියමයි.:)
ReplyDeleteස්තූතියි 👍
Deleteපල්ලියෙන් මෙයාට ලැබුන ප්‍රතිචාරය මොනවගේ එකක් ද දන්නෙ නෑ.
ReplyDeleteකතෝලික පල්ලියේ මැවීම ගැන දරන්නෙත් ඔය අදහසමයි කියන්න 1951 දී සාකච්ඡාවක් කැඳෙව්වා. හැමදේම හොඳින් වුනා එක තැනකදි හැර. පාප්වහන්සේ මේ මහා පිපිරුම් වාදයට දෙවියන්ව ඈඳන්න හැදුවා. එතනදි ලෙමෙත් පූජකතුමා ඒකට විරුද්ධ වුනා.
Deleteදෙන්නටම ස්තූතියි හිතේ කැකෑරිච්ච ප්‍රශ්ණයත්, නිසි පිළිතුරත් වෙනුවෙන්. ලෙමෙත් පූජක විද්යාඥතුමා නං සැබෑ සත්‍ය ගවේශකයෙක්. එහෙම අය කොහොම ස්වයිව් වුනාද මන්දා, පල්ලියි දෘඩ මැවීම් වාදය ඇතුලෙ.🤔
Deleteනම සඳහන් තැනක් ගැනවත් මතකෙ නැතී
ReplyDeleteනැණවත් කෙනෙකු ගැන ලිව්වට බොහොම තුතී!
මට ඔබ මෙන් කවි පද ඇමිණුමට බැරී
Deleteලියවිලි කියවා පැසසුවාට ඔබට තුතී...
ලියන්න ගත්තාම නිකම්ම ඇමිණෙනවා
Deleteබකුසුමොටත් කවි සබයට පැමිණෙනවා
ම්හු...දෝෂ සහිතයි.🤔
Deleteලියන්න ගත්තොත් නිකම්ම ඇමිණෙනවා
බකුසුමොටත් කවි සබයට පැමිණෙනවා
දැන් හරි.😊
ඕක හැමිණෙනවා වශයෙන් නිවැරැදි විය යුතුයි.. හැක්..
Delete"නිකම්ම හැමිණෙනවා"? ම්හූ...මිථිල වගේ නෝ-නොන්සන්ස් හාදයෙකුට, ඒක හරියන්නෙ නෑ.🤔
Delete"අයියෝ! පැමිණෙනවා. දීපං, ඕක ලමයෙකුට" වගේ අවස්ථාවකට නං ගැලපෙනවා.😂
+++++++++++++++++++++++++++
ReplyDeleteමදීනා පල්ලියේ සේවය කල නපුංසකයෝ ගැන ලිපියක් දාන්න.
ReplyDelete