ඇන්තනි මේසය මත තිබූ පත්තරය තම කබාය තුලට දමාගත්තේ කිසිවෙකුත් එය දැකීමට පෙර ය. පත්තරයේ පිටු අතර තමන් ඝාතනය කල යුතු පුද්ගලයාගේ තොරතුරු සඳහන්ව තිබුණි.
“ඇන්තනි, ඔයාට හොඳටම විශ්වාස ද ඔයා සූදානම් කියලා?” ඔහුගේ මේසයේ ඔහුට පිටුපා සිටි ඇය ඇසීය. ඇගේ හඬ අවටින් ඇසෙන බිත්තර බැදෙන හඬටත් මිනිසුන්ගේ කතාබස් හඬටත් රූපවාහිනී හඬටත් වඩා අඩු සියුම් හඬක් විය. “අන්තිම වතාවේ සිද්ද්වෙච්ච දේ ඔයාගේ වරදක් නෙමේ.”
ඇය පැමිණීමට වරු දෙකකට පමණ පෙරාතුව ඇන්තනි පැමිණ අවන්හලේ ප්‍රධාන දොරට ඈතින් ම පිහිටි අසුනක් තෝරා ගත්තේ අවන්හලට පැමිණෙන සියලුම දෙනා ගැන හොඳින් ඇස් යොමා සිටීමට හැකි වන ලෙසටයි. අසුනක් තෝරා ගත් පසු ඔහු තම රිවෝල්වරය කබාය යට උකුලේ තබාගත්තා.
“ඔයා අපෙන් සෑහෙන්න කාලයක් ඈත් වෙලා හිටියා. ආපහු එන්න හිතුනේ ඇයි?” ඇය තම කෝපි කෝපයෙන් උගුරක් බොමින් ඇසුවා.
“මට සල්ලි උවමනා කරලා තියෙනවා. නැත්නම් මම ආපහු එන්නේ නැහැ කවදාවත්”
ඇන්තනි පවසන්නේ ඇත්තක් බව ඇයට වැටහී ගියා. අවසන් වතාවේ සිදුවුනු අනතුරෙන් පසු ඇන්තනී කුඩා කුඩා රැකියා කලින් කලට කරමින් සිටියේ තමන්ගේ පෙර රැකියාවේ මිතුරන්ගේ උදව් ද ප්‍රතික්ෂේප කරමින්. මේ මොහොත වනතෙක් ඔහු කාමර මාරු කරමින් රැකියා මාරු කරමින් ගතකලේ සැඟවුනු ජීවිතයක්.
දැන් සියල්ල වෙනස්.
ඇය ඇයගේ අවධානය ඇන්තනී කෙරෙන් වෙන් කලේ නැත. “ඇයි ඔයා අපෙන් ඈත් වෙලා හිටියේ ඇන්තනි? අපි ඔයාව නිතරමට හොඳින් බලාගත්තා නේ” ඇයගේ හඬෙහි හැඟීමක් තිබුනේ නැත.
ආයතනය කොතරම් ඔහුත් සමඟ කොතරම් සම්බන්ධ වීමට උත්සහ කලත් ඒ සියල්ල මග හැරියා. “ඔයාලා හොඳ මිනිස්සුන්ට කරදරයක් කරන්නේ නැහැ. ඒත් අන්තිම වුන දෙයින්.....” ඔහු වාක්‍ය අවසන් කලේ නැත. අහිංසක පාසල් දැරියගේ ලේ වලින් පුරුණු සිරුර ඔහුගේ මතකයට නැගුනා. ඔහුට තවදුරටත් කතා කිරීමට ශක්තියක් නැතිව ගියා. ඔහුගේ අත් උකුල මත වෙව්ලන්නට පටන් ගත්තා.
ඔහු තමන්ගේ පැත්තකින් තිබුනු රූපවාහිනී යන්ත්‍රය දෙස බැලුවේ ඔහුගේ අවධානය වෙනතකට යොමු කිරීමට සිතාගෙන. එහි පොඩි ළමුන්ගේ සංගීත වැඩසටහනක්. කොතරම් අහිංසක ජීවිත ද? ඔහුට සිතුනා. “දෙවියනේ ආපහු ඒක වෙන්න පටන් ගත්තා” ඔහු ඔහුටම කියාගත්තා. ඔහුට හුස්ම ගැනීමට අපහසු වෙනවා දැනෙනවාත් සමඟ උකුල මත තිබූ වෙව්ලන දෑතින් තම මුහුණ වසාගත්තේ ඔහුගේ මනසෙහි මැවෙන රූප නැති කර ගැනීමට සිතාගෙනයි. පසුගිය මාස කිහිපය තිස්සේ ඇන්තනීට මෙසේ සිදුවුනු වාර නිමක් තිබුනේ නැත. සැනසිල්ලේ නිදාගත් රැයක් තිබුනේ නැත. “හුස්ම ගන්න, ඇන්තනි. හුස්ම ගන්න” මේ ඇසෙන්නේ ඔහුගේ මනස තුලින් ද නැතිනම් තමන් ඉදිරියේ සිටින කාන්තාවගෙන් දැයි ඔහුට වැටහීමක් තිබුනේ නැත. ඔහු තම හිස මේසය මතට පහත් කලේ ආතතිය පහ වී යන බලාපොරොත්තුවෙනුයි.
එසැනින් ම කාන්තාව සේවකයෙක්ට කතා කර රූපවාහිනියේ වෙනත් යමක් දමන්නැයි කීවා. ඇය වහා ගොස් වතුර කෝප්පයක් රැගෙන ඇන්තනී වෙතට දුන්නා. ඔහු තම කබාය ඇතුලතින් බෙහෙත් පෙති කිහිපයක් රැගෙන එකවර ඒවා උගුරට දමාගෙන වතුර කෝප්පය එක හුස්මට බිව්වා. “සමාවෙන්න, දැන් ටික කාලයක් තිස්සේ මට මෙහෙම වෙනවා. මම බෙහෙත් අරගන්නවා. ඉක්මනට හොඳ වෙයි” ඇය ඔහුදෙස බලා හිස වැනුවා. තවමත් ඇයගේ අවධානය ඔහු වෙතයි.
පුවත්පත තුල පිටු අතර පින්තූරයක් නමක් සහ ලිපිනයක් හැර වෙනත් යමක් තිබුනේ නැත. ආයතනයේ නීති වලට අනුව ඊට වඩා යම් තොරතුරක් ඔවුන්ට දිය නොහැකියි. නමුත් ඇන්තනීට ඊට වඩා දෙයක් දැන ගැනීමට උවමනා වුනා. අවසන් වතාවේ සිදුවුනු අනතුරෙන් පසු ඔහුට තවත් කෙනෙකු ඝාතනය කිරීමට කිසිදු කැමැත්තක් තිබුනේ නැහැ. එදායින් පසු තමන් අතින් සිදුවුනු වැරැද්ද ගැන ආයතනයෙන් කිසිදු ලියමනක් ඔහුට ලැබුනේ නැත. ඒ වෙනුවට ඔහුට ලැබුනේ තවත් කොන්ත්‍රාත් කිහිපයක් ගැන විස්තර පමණි. ඒ ලියුම් සියල්ල තමන්ගේ පැරණි නිවසට ලැබුනු අතර බැලූ බැල්මට ඔහුට සෑම සතියකට අවම එක් ලියමනක් ඔවුන්ගෙන් පැමිණ තිබුනි. ඇන්තනී ඔවුන්ට තවදුරටත් වැඩ කිරීමට සිතා සිටිනවා නම් ඔහුට තවත් විස්තර අවශ්‍යයි.
“ඇයි?”
ඇය ඔහු දෙස බලා සියුම් සුසුමක් හෙළුවා. ඇය මොහොතකට ඇන්තනී වෙතින් අවධානය පිටතට යවා රූපවාහිනිය දෙස බලාගෙන සිටියා. තවත් ගායනා තරඟයක්. සුළු මොහොතකින් ඇය ඇන්තනි දෙස බලා “ඔයා දන්නවනේ අපේ ආයතනයේ, සදාචාරයේ නියෝජිතනගේ තියෙන නීති මාලාව. ඒකේ හැටියට අපිට ඔයාට මීට වඩා දෙයක් කියන්න බැහැ. නැමුත් ඔයා අපේ විශ්වාසය දිනාගෙන සෑහෙන කාලයක් වැඩ කරපු කෙනෙක් නිසා මම ඔයාට පොඩි විශේෂයක් කරන්නම්” කීය. ඇය සීතල වූ කෝපි කෝප්පයෙන් තවත් එක් උගුරක් බී නැවත් ඇන්තනි දෙස බැලුවා. “මේ මනුස්සයා මහ නරුමයෙක්. නරුමයෙන්ගෙත් නරුමයෙක්. මේ නරුමයා වැඩියෙන් ම කැමති ළමයි එක්ක ඉන්න.”
ඇන්තනි පත්තර පිටු අතර තිබූ පින්තූරය අධ්‍යනය කිරීමට පටන් ගත්තා. අහිංසක ඇස් තිබුනු මුහුණක් ඔහු දුටුවේ. මෙවන් අයෙක් ළමා අපචාරයේ යෙදෙයි කියා කවුරුවත් සිහිනෙකින්වත් සිතන්නේ නැහැ. ළමුන් වුනත් මේ පුද්ගලයාව විශ්වාස කරන්නේ මේ අහිංසක පාටින් පෙනෙන නිසා විය යුතු යැයි ඔහු සිතුවා. නීතියෙන් බේරී සිටින මෙවන් පුද්ගලයන්ට නිසි දඬුවම දීමයි සදාචාර නියෝජිතයෝ සිදු කරන්නේ.
පත්තර තුල තුබූ දෙවෙනි පින්තූරය දෙස ඔහු බැලුවා. එහි සිටියේ මවක්. ඇයටයි මේ ඝාතනය සිදු කිරීමට උවමනා වී තිබෙන්නේ. ඇන්තනී නැවතත් කබාය තුලට අත දමා තම රිවෝල්වරය පරීක්ෂා කරා. මේසයෙන් නැගිට ඔහු කිසිවක් නොකියා පාර දිගේ ඉදිරියට ඇදුනේ පත්තර පිටු අතර තිබූ ලිපිනය මුමුණමින්. වීදිය දිගේ ඔහු තරමක් දුර ඇවිද ගිය පසු නිවාස පේළියක් ඔහු දුටුවා. එහි දෙවන නිවසෙයි ඔහු සිටින්නේ. ඇන්තනි නිවස තුලට යාමට පෙර එහි ඉදිරිපස ඇති ළමුන්ගේ සෙල්ලම් පිට්ටනියක තිබූ බංකුවක් මත අසුන්ගෙන් වරුවක් පමණ නිවස දෙස බලා සිටියා.
‘මොන හයියකින් ද ළමා අපචාරකයෙක් මෙච්චර ළමයි ගැවසෙන තැනක ජීවත්වෙන්නේ’ ඇන්තනී තමන්ටම කියා ගත්තේ ඔහුගේ කේන්තිය වැඩි කරමින්. තව දුරටත් ඔහුට ඉවසා සිටිය නොහැකියි. ඔහු නිවස ඉදිරිපසටගොස් දොර අසල සිටගත්තා. ඔහුට ජනෙල් වීදුරු තුලින් රූපවාහිනියක එළියක් පෙනුනා. වීදියේ එතරම් පිරිසක් සිටියේ නැහැ. ඔහු පිටුපස හැරී බැලුවා. අයිස්ක්‍රීම් වෙළෙන්දෙක් අසල සිටි මවක් හා කුඩා දරුවෙක් දෙසට ඔහුගේ නෙත් යොමු වුනා. නැවත හැරීමක් නැහැ.
ඔහු සිතට ධෛර්යය ගෙන දොරට එක් වරක් තට්ටු කරා. කිසිවෙකුගෙන්වත් පිළිතුරක් නිවස ඇතුලතින් පැමිණියේ නැහැ. ඔහු නැවත තුන් වතාවක් දොරට තට්ටු කරා. ඔහුගේ අතෙහි ඇති සෑම මාංෂපේෂියකටම රුධිරය වහනය වනවා ඔහුට දැනුනා. පඩිපෙළක් බැස යමෙක් ඇතුලෙන් පැමිණෙන සද්දය ඔහුට ඇසුනා. “ටිකක් ඉන්න මම එනවා” ඒ පිරිමි කෙනෙක්. ඇන්තනී තම අතෙහි තිබූ රිවෝල්වරය තද කරගත්තා. වෙඩි තැබීමට පෙර මේ හරිම කෙනා දැයි දැනගත යුතුයි. කිසිවක් මේ වතාවේ වරදින්න බැහැ. ඔහු තමන්ටම කියා ගත්තා.
දොර නිවස තුලට විවෘත වුනා.
ඇන්තනීට කෑගසනවා හැර වෙන කරන්න දෙයක් තිබුනේ නැහැ. ඔහුගේ මුවින් වචන පිටුනේ නැහැ. මේ සිදුවන දෙය ඔහුට අදහාගත නොහැකියි. පිට්ටනියේ අයිස්ක්‍රීම් අතැතිව සිටි ළමයාගේ අතින් අයිස්ක්‍රීම් බිම වැටුනු අතර ඔහු මවගේ කකුල බදාගත්තා. වීදියේ බයිසිකල් පදිමින් සිටි අය වහා නිවස දෙස බැලුවා. ගත වූයේ මොහොතයි. නිවස සිට් පුද්ගලයාගේ ග්‍රහණයෙන් ගැලවීමට නොහැකිව සිටි ඇන්තනීව ඔහු නිවසට ඇදගෙන ගියා.
ඇන්තනීගේ උදරයෙන් ලේ වහනය වුවත් ඔහුට කල යුත්තේ කුමක්දැයි වැටහෙන්නේ නැහැ. සියල්ල සිදු වීමට ගත වූයේ මොහොතයි. ඔහුට නිවසේ දොර වසා අගුලු දමන සද්දයක් ඇසුනා. ඇන්තනී බිම දිගේ ඉදිරියට ඇදෙත්ම පුද්ගලයෙක් ඔහු දෙසට පැමිණෙනවා පෙනුනත් ඔහුට සියල්ල අපැහැහැදිලිවයි පෙනෙන්නේ.
ඇන්තනී බිම දිගේ ඇදි ඇදී පසුපසට යනවාත් සමඟ ඔහුගෙන් ප්‍රශ්නයක් ඇසුවා. “ඇයි?”
ඇන්තනීට තම ජීවිතයේ අවසන් වතාවට ඇසුනේ ඔහු කී දෙයයි. “අපි සදාචාර නියෝජිතයෝ”
කාලෙකින් කෙටි කතාවක් කියෙව්වේ. ඒ වගේම කාලෙකින් මිතිලව මුනගැහෙන්නේ.
ReplyDeleteසතුටුයි මල්ලී.
නිවාඩු වෙලාවක මගෙ අලුත් බ්ලිග් එක පැත්තෙ එන්න.
,,,කවි දුමී අයියා,,,
ජයවේවා !!!
කාලෙකින් ඔයාවත් දැක්කේ. කවි කියවලා යන්න එන්නම් ඒ පැත්තේ...
Deleteහුම්. කාලෙකින්!
ReplyDeleteඅන්ඩවල්ඩ් කතාවක්. ලාවට මටත් හිතුන ඇන්තනීකාරයට සැට් කරපු මරාලයක් කියල. ඔවත් එකයි, ඩ්‍රග් කේසුත් එකයි. මරණය කොයි වෙලේද කියන්න බැ නෙ
අන්ඩවර්ල්ඩ් කතාවක් මේ ලිව්වමද කොහෙද..
Deleteඅහා! බොහොම කාලෙකින්. ආයෙ ලියන එක ගැන සතුටුයි.
ReplyDelete++++++++++++😊👌
ආයේ ලියන්න ලැබීමත් සතුටුයි...
Deleteකලකට පස්සේ. මේක ස්වතන්ත්‍ර නිර්මාණයක්ද, පරිවර්තනයක්ද?
ReplyDeleteස්වතන්ත්‍ර නිර්මාණයක්...
Deleteමිතිල ශිෂ්‍යා මේ කතන්දර ලිය ලියා ඉන්නේ දැන් ඉගෙනීමේ තත්වය කොහොමද?
ReplyDeleteඉගෙනීම හොඳින් යනවා... මිනිස්සු ඉතින් මැරෙනකන්ම ඉගෙනගන්නවනේ. ඉගෙනීමේ සීමාවක් නැහැ නේ ද?
Deleteමිතිල මල්ලියා ආයේ ඇවිත්
ReplyDeleteපුංචි පහේ පොඩි කතාවකින්
ඇන්තනි අයියගේ වැඩ කදිමයි
කියලා දෙන්නේ මිතිල පුතයි
ස්තූතියි
Delete
ReplyDeleteහොද කථාවක්, ස්තූතියි... මයියා - https://maiyyagelokaya.blogspot.com/
ස්තූතියි
Deleteවෙනස් කතාවක් . කාලෙකින් මිතිලව දැක්කෙ . අධ්‍යාපන කටයුතු හින්ද කාර්ය බහුලව ඇති කියල හිතනවා.
ReplyDeleteලියන එක නතර වෙයි කියලා හිතුවේ නැහැ. ඒත් වුනා.
Deleteඅඩේ මෙන්න මූ ලියලා කියහංකෝ!
ReplyDeleteඒකනේ.... ආයෙ ලියන්න ගත්තා...
Deleteකාලෙකින් ඔයාව දැක්කෙ මිථිල..
ReplyDeleteහ්ම්... ආයෙ ලියන්න ලැබීම ගැන සතුටුයි.
DeleteWelcome back !
ReplyDeleteThanks Pra Jay...
Deleteසදාචාරාත්මක උභතෝකෝටිකයම කතාන්දරයකින් නැවත කරලියට බැසීම අගය කරමි. මෙම කතාන්දරය මට සිහි ගන්වන්නේ ආයතනගත වෙමින් පවතින සදාචාරාත්මක සහ ආගමික පොලිස්කරණයයි. ඔබේ කතාන්දරය සදාචාරය, නීතිය සහ එහි කාර්‍යභාරය නැවත විමසීමකට ලක් කල යුතු බව හගවන්නක් බව මට සිතේ.
ReplyDeleteස්තූතියි සහෝ අදහසට.
Deleteමීට වසර දෙසිය ගණනකට පෙර ඕලන්දය මහනුවර රජ මාලිගාවට පහර දී රැගෙන ගිය ගිනි අවි නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කෙරු අජිත් ධර්ම මහතාට අපගේ ස්තුතිය මේසේ දක්වා සිටිමු.
ReplyDeleteඔබතුමාට මෙම පුරාවස්තු ගෙන ඒමට අනුමැතිය ලබා දුන් සේනාධිනායක විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහ සාගල රත්නායක මැතිනියට අපගේ ගෞරවය.
++++++
ReplyDelete